ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, December 24, 2013

සයිබරයේ මහා වෙරළ හමුව 2013 - Cyber mega beach party 2013

21 වෙනි සෙනසුරාදා වෙන කවරදාටත් කලින් ආවා වගේ දැනුනෙ අපි සේරම ඇඟිලි ගැන ගැන බලන් හිටි නිසා වෙන්න ඇති...

මාස හය හතකට හරි යන්නම හිතා 
හිටිය හෝරා කීපයක කැමරාවෙ සටහන් වෙච්ච නිසල දසුන් කීපයක් මම ඔබ වෙත ගෙනෙන්නම්..
දහසකුත් එකක් තව ඡායාරූප තියෙනවා..ඒවයින් එදා පැමිණි අය කවුද කියලා එක එක්කෙනා හඳුන්වලා දීපු ඡායාරූප ගොන්න සුවිශේෂීයි..පසුව ආ අය එතන නොහිටියත් ඒ වෙලාවෙ හිටි අයගේ ඒ ටික ඊළඟ පෝස්ට් එකට දාන්නම් !එතකන් මේ ටික ඔබ බුකියෙදි නම් බලන්නත් ඇති..මේ බුකියෙ නැති සහෘදයන් වෙතයි..






















































මමත් හවස 4 වෙනකොට එතැනින් පිටත් උන නිසා රෑ ගත්ත ෆන් එකේ ෆොටෝ නම් නැහැ..ඒත් දවල් තිස්සෙ ගත්ත ෆන් එක නම් ඉතින් සයිබරයේ සිහින අළුත් අවුරුද්ද එනකම් ඇති වගෙයි..


මේ ඉන්නෙ මෙන්න මෙයා..මෙයා ලියන්නෙ මේක තමයි කියලා හඳුන්වා දීමක් මෙතනින් කරන්නෙ නෑ..
හේතු තමයි
කෙනෙක් අන්වර්ථ නාමයෙන් ඉන්නෙ යම් හේතුවක් නිසා නම් ඒ හේතුව දිගටම රැකෙන්න ඕනි
සේරමල්ලාගෙ නම් මට මතක නෑ... :-D

දවසක් එයි ආවෙ නැති අයටත් එන්න පුළුවන් වෙන..අන්න එදාට සැබවින්ම හමු වෙලා අඳුනා ගම්මු නේද ?

51 comments:

  1. කෝ වෙනී කට්ටියව අඳුන්වල දීල නෑනෙ

    ReplyDelete
  2. කෝ බං අදුන්වා දීම?

    ReplyDelete
    Replies
    1. අපේ මාතලන් ලොක්කට සුභ උපන් දිනයක් වේවා .....

      Delete
    2. එහෙම නම් කමක් නැහැ.
      ඔබ උදේ ලියල තිබුනේ අදුන්නලා දෙන කතාවක්.ඒකයි මම ඇහැව්වෙ.
      අදුන්වල දෙනවා කියල ලියල තිබුනම හිතුව අතපසු වීමක් කියල.

      Delete
    3. නැහැ කෙන්ජි එදා හමුවෙදි කට්ටිය බල්ලො, පූසො නරි විදියට ගෲප් වලට බෙදිලා ඊළඟට කලේ එකිනෙකා කවුද කින්ද මන්ද කියලා ඇවිත් හිටි අයට හඳුන්වා දීමක්. ආන්න ඒ වෙලාවෙ එක එක්කෙනාගෙ ෆොටෝ ගත්ත ඒවා ඊළඟට දාන්නම් කියලයි මම කීවෙ..

      Delete
  3. කෝ අපේ මාතලන් ලොක්ක?

    ReplyDelete
    Replies
    1. වෙනියා යනකොට තමයි මාතලන් ගොඩබැස්සේ

      Delete
    2. ඔව් මාතලන් මට හමු උනේ නැහැ. මට යෙදිලා තිබ්බ හදිසි වැඩ කීපයක් නිසා යන්නම සිද්ධ උනා..කොහොමත් මාතලන් තමන්ගෙ ෆොටෝ දානවට වැඩි කැමැත්තක් නැහැ. ඒ නිසා මම ළඟ තිබුනත් නොදමා ඉන්නත් තිබුනා කෙන්ජි.

      Delete
  4. නම් ටික නෑ වෙනී...:)

    ReplyDelete
  5. සයිබර් පාටි එක තියමුයි කියලා අප හෙළි කළ දවසේ සිටම ලියන්නා හෙවත් වෙනි මේ සයිබරය හරහාම අපට ලබාදුන් ලෙංගතු සහයෝගය හද පිරි තුටින් පිරිනමනවා මේ අවස්ථාවේදී...බොහොම ස්තුතිය් වෙනී

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතින් පට්ට් ෆන් එකක් ගත්තා නේ නලින්

      Delete
  6. අපිනං එන්නෙ නෑ ව්‍යාපාරයෙ බොසා නේද මේ ගිහිල්ල තියෙන්නෙ.
    මේ ගමන එන්න උනේ නැති උනත් අවුරුදු උත්සවේදිවත් හමුවෙන්න බලමු.

    (පුදුමයි වෙනී අයිය එතන ගිනි තිබ්බෙ නැති එක. සමහරවිට මුහුද අයිනෙ නිසා ගිනි තිබ්බ එකත් නිමෙන්න ඇති.)

    ReplyDelete
    Replies
    1. අපරාදේ උඹත් එක්ක අර එකදිගට වචන දහයක් කතාකරන්න ප්‍රැක්ටිස්වෙලා ආවේ

      Delete
    2. සුදීකගෙ මැජික් අරිෂ්ටෙ පාවිච්චි කළාම ඒ තර‍ෙඟෙන් කෂ්ටිය පරදිනව.

      Delete
    3. මම හිතන්නෙ මැජික් අරිශ්ටෙ නෙමෙයි අනිත් අරිශ්ටෙ වෙන්නෝනැ. ඒක බිවුවාමනම් උඹ එකදිගට කතාකරනවා. අපි දැක්කනේ මහරගම තුන්වෙනි තට්ටුවෙදි ...

      Delete
    4. නැතුව ...නැතුව...

      Delete
  7. වෙලාවට උබ 4ට ගියේ වෙනි අයියේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඊට පස්සෙ හොඳ හොඳ නාඩගම් නටලා තියෙන හැඩයි..

      Delete
  8. සිරාවටම වෙනී...

    ReplyDelete
  9. මම ඒත් බැලුවා හැන්දෑවේ ටික කවර් වෙලා නැත්තේ ඇයි කියලා. අපි ගිය වෙලාවමනේ වෙනී අයියාත් ගිහින් තියෙනෙන්

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මම හෙන්‍රිලාත් එක්ක ගියා..

      Delete
  10. ඒ මම හිතුවේ මෙයා ඇති කියලා හවස පාටි එකට

    ReplyDelete
    Replies
    1. නෑ මට තිබුනු වැඩක් නිසා හිටියෙ නෑ..

      Delete

  11. //මේ ඉන්නෙ මෙන්න මෙයා..මෙයා ලියන්නෙ මේක තමයි කියලා හඳුන්වා දීමක් මෙතනින් කරන්නෙ නෑ..
    හේතු තමයි
    කෙනෙක් අන්වර්ථ නාමයෙන් ඉන්නෙ යම් හේතුවක් නිසා නම් ඒ හේතුව දිගටම රැකෙන්න ඕනි//

    බදාගෙන උම්මා!!!! :*

    ReplyDelete
  12. කෝ වෙනි අයියා ඉන්න ෆොටෝ

    ReplyDelete
    Replies
    1. බෑ ඒක දැම්මොත් මම කවුද කියලා හැමෝම දැන ගන්නවනෙ බන්...

      Delete
  13. මාරම ආතල් එකක් අරගෙන තියෙන පාටයි..ඉතුරු ෆොටෝ ටිකත් ඉක්මනටම ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..එඩිට් කලවහාම දාන්නම් !

      Delete
  14. වෙනී මම ඔය පොටෝ දෙක තුනක් උස්සල පොඩි මඩක් ගහන්නද? අල්ලපු වත්තෙ තිබ්බ පාටියට එන්න බැරි උන එකේ දුක නැති වෙන්න කියලවත්!

    ReplyDelete
    Replies
    1. හා ඉන්දික කමක් නෑ..ඒ අය මඩ අඳුරන අයනම් කමක් නෑ..

      Delete
  15. අමතක නොවන මතක සටහන් වලින් පිරිනු දවසක් ...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ උඹ අර කෙල්ලො ගන මගේ කනට කොඳුර කොඳුරා කීව කතා ටික ලීවා නම් එහෙම මෙතන...

      Delete
  16. දුන්න සහයෝගයට ස්තුතියි වෙනී අයියේ. මං වැඩිපුරම කැමති මගේ පින්තූර තියෙන්නෙ දෙකයි. එකක් මමයි කැමරාවයි ලියන සමීර රුක්ෂාන් ගත්ත එකක්. මගෙ ගූගල් ප්‍රොෆයිල් පික්චර් එක. අනික ඔයා එදා ගත්ත අර මාව මූදට දාන එක. ස්තුතියි නැවතත්. ජය...!

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඒ ෆොටෝ එක නම් නියමෙටම වැදිලා තියෙනවා..

      Delete
  17. හරිම ආසයි වෙනි...හොඳ ෆොටෝස් ටිකක්. ඩූඩ්, ඉවාන්, අටම්,නලීන් කවුද කියලා හඳුනගත්තා. මම හිටියානම් මම වෙන්න ඕන කොන්ඩේ තනිකරම සුදු එකම එකා.

    ReplyDelete
    Replies
    1. බලමුකො ඉතින් අරූත් කවදා හරි සෙට් වෙයිනෙ !

      Delete
  18. මාත් එහෙන් මෙහෙන් ෆොටෝවල ඉන්නව නේද, ස්තූතියි වෙනී මාමේ :)
    ඔයා එක්ක කතාකරන්න කියල හිටියත් බැරි උනානෙ, කොයි වෙලෙත් කැමරාව ඇහැට අල්ලන්නෙ හිටියෙ, ඒ වෙලාවට ඩිස්ටර්බ් කරන්නත් හොද නෑනෙ :D
    අවුරුදු උත්සවේදිවත් සෙට් වෙමුකෝ :)

    ReplyDelete
  19. අපි දන්නැද්ද ලියන්නට තියෙන වැඩ රාජකාරි.

    ReplyDelete
  20. ෂා ..නියමයිනේ ..මන් නම් ආසම අර කට්ටිය ඉගිලෙන්න හදන පොටෝ එකට . ඇත්තටම හරි තත්පරේට ඔහොම පොටෝ එකක් ගන්න හරි අමාරුයි නේ

    ReplyDelete
  21. වෙනී මාමා මේ ඡායාරූප වල නැද්ද මහාචාර්ය මාතලන් එහෙම...අරුන්ගෙ ඇස් බැදලා මොනවද උන්ට කලේ...

    ReplyDelete
  22. අච්චර දුර ඈත ඉඳගෙන ෆොටෝ ගහන්නම ආපු ඒක කොච්චර දෙයක්ද ඉතිං.. ;)

    ReplyDelete
  23. පොටෝ ටිකට නං ඉස්තූතියි වෙනි අයියා...

    ReplyDelete