ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, November 25, 2013

සයිබරයේ මෙගා බීච් පාටිය සහ අපි නම් එන්නෙ නෑ ව්‍යාපාරය..Cyber Mega Beach Party 2013

ෆොටෝ එක සිහින මලයගෙන්...

සයිබරය හරහා සමීප උනු දහසක් මිතුරු දම් ආයිමත් අළුත් කර ගන්න... හමු නොවෙච්ච දවස් ටිකේ සිද්ධ වෙච්ච දේවල් ගැන හෝරාවක් දෙකක් වදනක් දොඩන්න..වගේම සයිබරය හරහා විතරක් සමීප උනු තමන්ගේ බ්ලොග් එකේ ආදරණීය පාඨකයන වගේම තමන් ප්‍රිය කරන බ්ලොග් එක ලියන අය හමුවන්න ඔන්න ආයෙමත් සයිබරයේ ගෙට්ටුවක් තියන්නයි යන්නෙ..

http://cyberfestival.blogspot.com/2013/11/set.html

වැඩි විස්තර ගන්න යන්නකෝ මේ ලින්කුවෙන් අදාල බ්ලොග් අවකාශයේ මිතුරෝ අඩවියට..


මේ තියෙන්නෙ මූණු පොතේ ඔය ගැන තියෙන විස්තර..මම මේ ටික මෙතනට කොපි කරලා දැම්මේ අපේ සහෘදයක් කීප දෙනෙක්ම ඉන්නවනෙ මූණු පොතේ නැති..ඒ අයට දැන ගන්නයි..

ආදරණිය බ්ලොග් සහෘදයන් එකට එකතුවෙන තවත් දවසක් ඔන්න ආයෙමත් ඇවිත්.. කාලෙකට පස්සෙ ආයෙමත් ගෙට්ටුවක් පවත්වන්න සියලුම කටයුතු මේ වන විටත් ලහි ලහියේ සූදානම් වෙනවා.. මෙවර බ්ලොග් ගෙට්ටුව අනික් හැම පාරකටම වඩා ලොකු විශේෂත්වයක් තියනවා. ඒ තමයි මෙවර තියෙන්නෙ Beach Party එකක්.. බ්ලොග් කරුවන් අතර සහෝදරත්වය , එකමුතුකම වර්ධනය කරන්න , මිත්‍රත්වය අලුත් කරගන්න , නොදුටු මිතුරන් මුණ ගැහෙන්න මේ සාදය හරි අපූරු තෝතැන්නක් වනවාට කිසිම සැකයක් නෑ.. ඉතින් ලංකාව පුරා විසිරි ඉන්න බ්ලොග් අවකාශයේ මිතුරන් විතරක් නෙමෙයි ලොකය පුරාම බ්ලොග් අවකාශය වටා එකතුවෙලා සිටින ආදරණිය ශ්‍රී ලාංකීය මිතුරන් හැමෝම එදාට එකතුවෙනවා..

*දිනය - 2013.12.21 වෙනි සෙනසුරාදා
*ස්ථානය - ගල්කිස්ස ජෝ ජෝ'ස් ප්ලේස් ( Jo Jo's Place in Mount Lavinia )
*වෙලාව - උදෑසන 10.00 සිට හවස 4.00

*ජෝ ජෝ'ස් ප්ලේස් වෙත පිවිසිම සඳහා ගමන් මාර්ගය සිතියම සහිතව බලා ගැනීමට පහත සබැදිය(link) භාවිතා කරන්න
http://goo.gl/maps/MdRGp

වෙරල ක්‍රිඩා සහ විනෝදාත්මක අංග රැසක් සමඟින් විනෝද වෙන්න , සතුටු සමීචියෙ යෙදෙන්න එදාට බ්ලොග් ලියන , කියවන අපි හැමොම එකතුවෙන්න දැන්ම ඉදලම සූදානම් වෙමු..

*දුර බැහැර අපේ හිතවතුන්ට හවස 4ට නික්ම යා හැකි අතර එදින මුළු රාත්‍රිය පුරා අපිත් එක්ක රැදෙන්නට කැමති හිතවතුන්ට හිතවතියන්ට මුහදු සුලඟ විඳිමින් ගිනිමැලයක් අසබඩ රාත්‍රිය ගත කිරීමේ චමත්කාර අත්දැකීම ලබාගන්නත් පුළුවන්..

*ආහාර පාන සඳහා වන වියදම් , ස්ථානය සඳහා වන වියදම් සහ අනිකුත් වියදම් සලකා බලලා එක් අයකුගේ ප්‍රවේශ පත්‍රයක් සඳහා රු.350ක මීලක් නියමව තිබෙනවා ..

*වැඩි විස්තර දැනගැනිම සඳහා සංවිධායක මණ්ඩලයේ පහත සාමජිකයින් සම්බන්ද කරගන්න

නලීන් දිල් රුක්ෂ - 0777 210 068
දුලිප් සිකුරාජපති - 0777 043 804 / 0717 606 166
රසික නානායක්කාර - 0718 252 735
අසංක සෙනෙවිරත්න - 0779 060 830
මුදියා නොහොත් සමියා - 0714 108 681

මෙන්න මෙතනින් පැමිණීම තහවුරු කරන්න පුළුවන්.
https://docs.google.com/forms/d/1HRVk_3wzPw4GU0LIDtHAc8-a7F2YW4aiAG8uFe-RSfQ/viewform

වැඩි විස්තර සදහා බ්ලොග් අවකාශයේ මිතුරෝ බ්ලොග් අඩවියට පහත සබැදීය ඔස්සේ පිවිසෙන්න

http://cyberfestival.blogspot.com/2013/11/set.html

--------------------------------------------------------

ඔබගේ බ්ලොග් සඳහා විජට් -

<a href='http://cyberfestival.blogspot.com/2013/11/set.html' style='text-decoration:none'><div style="height:290px;width:233px;background:url('http://s22.postimg.org/4lj7oik75/wid.png');font-size:24px;font-family:Tahoma, Geneva, sans-serif;padding:70px 0 0 20px;">
<script language="JavaScript">
TargetDate = "12/21/2013 8:00 AM";
BackColor = "none";
ForeColor = "white";
CountActive = true;
CountStepper = -1;
LeadingZero = true;
DisplayFormat = " %%D%% &nbsp;&nbsp; %%H%% &nbsp;&nbsp; %%M%% &nbsp;&nbsp; %%S%% ";
FinishMessage = "ගෙවී අවසන් ය!";
</script>
<script language="JavaScript" src="http://scripts.hashemian.com/js/countdown.js"></script>
</div></a>



මම මූණු පොතේ මේ සැරේ ගෙනියන්නෙ නෙගටිවෙ ඇඩ්වටයිසින් පාරක්..අද අළුතෙන් ඉන්න පරම්පරාව කරන්නෙම මොනා හරි එපා කිව්වොත් ඒ දේම හින්දා..මම හිතුවා එහෙම වැඩක් කරන්න..

මොකද පහුගිය අවුරුද්දක ගාල්ලෙ තිබ්බ ගෙට්ටුවෙ ෆොටෝ ගොන්න අතරේ සැරි සරන කොට දුටුව සමහර ෆොටෝත් එක්ක මට ආපු අදහස් එක්ක "මඩ" ෆොටෝ ටිකක් හදන්න තමයි මට ඕනි උනේ..
තර්ජන ගර්ජන ගොඩක් ආවත් අපි නම් යන්නෙ නෑ ව්‍යාපාරය නැගලා යනවා..එහෙම ෆන් එකකුත් තියෙන්න එපාය ඉතින්...

හැබැයිමට  මෙදාපාර කැමරාව එලියට ගන්නවත් දෙයිද මන්දා සමහරු නම් ...

එහෙනම් ඉතින් එදාට අපි හමුවෙමු !





57 comments:

  1. අනේ වෙනි අයියේ දුක කියන්නේ මට එන්න වෙන්නේ නැති එකයි. ඇයි යකෝ මම ලංකාවේ ඉන්න කාලවලදී මේ ගේට්ටු නැත්තේ.

    ReplyDelete
    Replies
    1. anna hari.. enna epaa oya get walata...

      api nam yanne ne wyaapaaraya....

      Delete
    2. මම හිතන්නෙ දෙසැම්බරයෙ තිබ්බෙ රට ඉන්න ගොඩක් උදවිය ලංකාවට එනවනෙ දෙසැම්බරයෙ ඒ නිසා කියලයි..ඔබත් දෙසැම්බරයේ එන්න ඊළඟ සැරේවත්...

      Delete
  2. අනේ වෙනීයෝ... බැරිද ඔය කමරාව අස්සටම දාල තියා ගන්න.,...

    ReplyDelete
    Replies
    1. සලකා බලන්නම්කො ! ඒත් සුවර් එකටම හා කියන්න නම් බෑ...

      Delete
  3. මෙදාපාර කැමරාව විතරක් නෙමේ වෙනියවත් හොයාගන්න ලැබෙන එකක් නෑ.. :)

    ReplyDelete
    Replies
    1. ඇයි ඊට ඉස්සෙල්ලා දවසෙ රෑ මාව පැහැර ගෙන යන්නවත් ප්ලෑනක් තියේද අප්පා ???

      Delete
  4. ඉතාම වටිනා අවස්ථාවක් මඟ හැරෙන එක ගැන දුකයි. ලංකාවේ හිටියානම් සහතිකවම එනවා. ඊළඟ එකවත් අපි ලංකාවට එන කාළයක තිබුනොත් සහභාගි වෙනවාමයි. ගෙට්ටුව සාර්ථක වෙන්න කියලා සුභ පතනවා!!!

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙන් ගෙට්ටුව දෙසැම්බරයෙත් අවුරුදු සැනකෙලිය අප්‍රේල් 20 ගනන් වලත් තමයි තියෙන්නෙ..

      Delete
  5. කොහොමත් කැමරාව එලියට ගන්න හම්බ වෙන්නේ නම් නැති වරයි! ;)

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි නාඩියා ? බනිස් බදා ගෙන කාපුවා ලෝකයටම් පෙන්නලා කොයිතරම් ලොකු සේවයක් කලාද අපි අවුරුදු උත්සවේදි !

      Delete
  6. Replies
    1. වීයත් ඔය කාලෙ මෙහේ නැද්ද ?

      Delete
  7. අයිය එන්නෙ සැඟඋනු අමුත්ත විදියටද?

    ReplyDelete
    Replies
    1. එහෙමවත් එන්න වෙයි වගේ මල්ලි..

      Delete
    2. වෙනි අයියා සැගවුන අමුත්තාට හිටපු සැරේ දිනපු එකාගේ තෑග්ග දුන්නේ නැහැ කියලා නාකියා එදා ඉදන් අද වෙනකම් බ්ලොග් එක ලියලා නෑ ....

      Delete
  8. අලුත් ව්‍යාපාරයට සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. හිහ්..දැනටමත් සාර්ථකයි වගේ සෙන්නා..

      Delete
  9. උඹ යටින් ඉඳන් මේ දෙන සහයෝගයට බොහොම ස්තුතියි වෙනී. ප්‍රචාරණ කලාවේ නව මානයට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. මට ඉතින් එදා ඉඳන් පුරුදු දේනෙ නලියා..

      Delete
  10. බොලා කොහොමත් ගෙට්ටු දාන්නෙ අපි ලංකාවෙ නැති කාලෙක තමා

    ReplyDelete
    Replies
    1. අයියෙ එන්නකො දෙසැම්බර් හරි අප්‍රේල් හරි..මොකක් හරි සෙට් වෙනවා සුවර්..

      Delete
    2. දාපන් අගෝස්තුවෙ. ළමයි ඉන්න උන් එන්නෙ ඒ කාලෙට

      Delete
  11. හාහ් වෙනිගේ කැමරාව ..නරියාගේ කැලෑව වගේය හික් හික් හි

    ReplyDelete
    Replies
    1. හොඳ දෙයක් දුටුවොත් ඒ පැත්තට දික් වෙනවා නම් තමා ඉතින් !

      Delete
  12. අපිත් එනෝ.........

    ReplyDelete
    Replies
    1. එන්න එන්න ඔය ගොල්ලො නැතුව වැඩක් තියේයෑ !

      Delete
  13. දුක තමා වෙනි අයියේ ඊළඟ නිවාඩුව වෙනකන් :(

    ReplyDelete
    Replies
    1. ආහ් ඔව්නෙ මල්ලි ඒත් අප්‍රේල් කාලෙදිද ඊළඟ නිවාඩුව ? එහෙනම් අවුරුදු උත්සවේට සෙට් වෙන්න පුළුවන්නෙ..

      Delete
  14. අපි නම් එන්නේ නෑ :v

    ReplyDelete
    Replies
    1. මම වගේ කීවොත් ඒ කියන්නෙ එනවා කියන එකනෙ..

      Delete
  15. ආ වෙනී මාමේ....... හම්බෙමුකෝ මේ පාරත්... දෙන්නං මඩ පාර......... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හා හා කට කට ! කට ඉස්සර ගන්නෙ නෑ ඕන් !

      Delete
  16. බලමු මගේ ඩයරිය බලන්න කියල සෙකට්‍රිට කියන්න වෙනවා..කියන්න බැහැ නේ..අපේ කම්පැනිය සමාර කාලවල හිටපු ගමන් අපිට ස්කොල් දෙනවා යුරෝපියන් කන්ට්‍රිස් වලට.. එහෙම එකක් නොවැටේවා කියලා පාර්ථනා කරං ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. උඹ නාවත් කමක් නෑ සෙකට්ටිරි කෙල්ල එවපන් මල්ලියෙ !

      Delete
  17. අනේ උඹට එහෙම හිතෙනවනම් කොයි තරං දෙයක්ද ?

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙම ඕකෙ අනිත් පැත්තනෙ බන් !

      Delete
  18. වෙනියෝ.......ජායාරූප සහිතව විස්තරාත්මක පෝස්ට් එකක් දායි කියලා බලාපොරොත්තු වෙනවා.........

    ReplyDelete
    Replies
    1. එකක් නෙවී දෙක තුනක්ම දානවා අරූ..

      Delete
  19. මෙහෙම දේවල් තිබුන කියලනම් දන්නව.එතකොට අපි සයිබර් එකට ඇවිත් නැහැ.තාමත් ආදුනිකයි..එන්න තමයි හිතාගෙන ඉන්නෙ..

    ReplyDelete
    Replies
    1. එන්න එන්න මෙතන ආධුනික, ප්‍රවීන කතන්දර නෑ අප්පා...සේරම එකයි..

      Delete
  20. අයි බන් අපිට එන්න වෙන්නෙ නෑ කියල ව්‍යාපාරයක් නැත්ද අපිට එකතු වෙන්න. . .

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මඟියා අප්‍රේල් වල සෙට් වෙමු අවුරුදු උත්සවේදිම එහෙනම්..

      Delete
  21. වෙනි අයියා ආවාට කමක් නෑ.. කැමරාව දාලා එන්න.. අඩුම තරමෙ.. වෙනි අයියා එක්ක කැමරා ෆෝන් එකක් වත් ඇතුළට ගන්න දෙන්නෙපා කියලා මම වගකිව යුත්තන්ට කියනවා.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු වගකිවයුත්තෝ කවුද කියලා ! :-D

      Delete
  22. තෝ වරකො.... තියෙනවා ඇරියස් ගොඩාරියක්.... එදාට තමයි අර අවුරුදු උස්සවේ දෙවනි කොටස රඟපාන්නෙ....

    ReplyDelete
    Replies
    1. මේ බෝපැලයක් සේ ඉන්න අහිංසක මට ගහනවා එහෙම නෙවෙයි ඕන්..ආනන්තරීය පාපකර්මයක් වෙන්නෙ !

      Delete
  23. වෙනී අයිය ඉන්න තැන කැමරාව නැත්තං ඒක පරිප්පු නැති හෝටලය වගේ. උඹ වගේ ආදරණීයයන් තමයි බ්ලොග් ලෝකය සුන්දර කරන්නේ. ස්තුතියි අයියේ පසුබිමින් ඉඳගෙන දක්වන සහයෝගයට.

    ReplyDelete
    Replies
    1. මඩ ෆොටෝ කන උන් නම් කියන්නෙ ඕකෙ අනිත් පැත්ත තමයි !

      Delete
  24. මම මේකට කොමෙන්ටුවක් දාන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ එන්න වෙන්නෙ නැත කියන එකනෙ ..

      Delete
  25. වෙනියා සට පට ගාල රිප්ලයි ගහනව අනික් පොස්ට් එක දාන්න

    ReplyDelete
    Replies
    1. නෑ බන් මේක තමයි තියෙන්නෙ ඉතින් කාලයක්ම !

      Delete
  26. මමත් හරි ආසවෙන් ඉන්නෙ ඔතෙන්ට සෙට් වෙන්න.පරන ආතල් බැලුවනෙ මඩ හරහා.වෙනියත් දෙන්ව නියම පබ්ලිසිටියක් නෙද.එල මචො

    ReplyDelete
  27. ගාල්ලෙන් බැරි නම් ගම්පහින් අරන් මඩ ගහපං ලොකු මාමෙ...කොහෙ තිබ්බත් බ්ලොග් ලියන උන්ගෙ සුහදතාව වර්ධනය තමයි අපේක්ෂාව...බෝතලේ කඩද්දි අපිවත් මතක් කොරහල්ලා...

    ReplyDelete
  28. පුළුවන් කාලෙක එනවා ඕවටත්.ඒත් දැන්ම බෑ.තවම ඉගෙනගන්න අය නෙව අපි.

    ReplyDelete