ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, November 7, 2013

බැල්ලිගේ පාඩම... Lesson for the entire life

මේ හැත්තෑව දශකයේ කෙළවරම බාගයයි..එම දශකය අවසන් වන්නට වසර දෙකක් තිබියදී මම පාසැල් යාම ආරම්භ කළෙමි...සමහර විට මෙම සිදුවීම් වැල වන්නට ඇත්තේ අසූව දශකයේ මුල වන්නටත් පුළුවන...
ගමේ සිටින බලු රංචුව මුළු ගමටම මහත් කරදරයක් වූයේ ඔවුන් කුස්සි වලට පැන එහි ඇති ආහාර දමා තිබූ වලංද පෙරළා ගෙන කන බැවිනි...දුටු දුටු තැන ගල්වලින් , පොලු වලින් ගසා එළවන තරමට ගම්මුන්ට බලු රැළඑපා වී තිබුණි. අපේ නිවසේ වූවද බල්ලෙක් පැමිණ යමක් කා දමා ගිය විටෙක අම්මා විස්සෝප වනවා මම බොහෝ විට අසා දැක තිබුණි. අප නිවසේ සුරතලා වූ ටොමියා විටින් විට තම යහළු බැල්ලන් සමඟ නිවෙසට ආවද අනිත් විටෙක කිසිම බල්ලෙකුට වත්තටවත් පැමිණීමට ඉඩ නොදුන්නේය..


එක් දිනක හවසක..


මා පිට්ටනියට ගොස් යහළුවන් සමඟ එල්ලේ ගසා හොඳ හැටි වෙහෙස වී ගෙදර පැමිණියෙමි. නිවසේ කිසිවකුත් නැත. අම්මා චූටි අක්කා සමඟ නාන්නට ළිඳට ගොස් තිබෙන්නට පුළුවන..තාත්තා තව ටිකකින් හේනෙ සිට හෝ කුඹුරේ සිට ආපසු නිවෙසට පැමිණේ..ලොකු අක්කා පංති ගොස් සිටියද අයියා නම් අනිවාර්යෙන්ම තවමත් කඩයක බංකුවක් මත හිඳ වල්පල් කියවමින් සිටිනු ඇත.. කුස්සියේ දොර අඩවල් වනාකාරයට ඇරී තිබෙනු දුටු මා එදෙසට ගියෙමි.. කොහේදෝ යන නාටු බල්ලෙකු උයා තිබූ ඇතිළියක වූ යමක් පෙරළාගෙන කයි. අම්මාගේ සියලු විස්සෝප, දෝස්මුර මසිතට නැගුණේ..හිසට යක්ෂාවේශයක් ගෙනෙමිනි.. අසල වූ ඉදල් මිට අතට ගත්තෙමි...එළියට දුවගොස් සැඟවීමට ඉඩ නොලැබෙන සේ දොර අවුරා ගෙන ඉදල් මිටෙන් අර බල්ලාගේ කොන්දට තුන හතරක් වැරෙන් දුනිමි..එළියට දිවීමට ඉඩක් නොලද්දේ ඈ කෑ ගසමින් කුස්සිය දෙවනත් කරන්නට වීය..කුස්සියේ දොර සැණෙකින් ඇරිණි..එතුළින් පැමිණියේ තාත්තායි..තවමත් ඔහු අත කුඹුරට ගෙනයන උදැල්ල වීය..සාමාන්‍යෙන් තාත්තා වැඩ කර මහන්සි වී ගෙදරට අඩිය තබන විට අප පුරුදු කර තිබුණේ..එක්කෝ මල් පහන් පූජා කිරීමටය..නැත්නම් පොතක පතක පාඩමක් කිරීමටය..මන්ද එලෙස ගෙදරට පැමිණෙන පියා ඉතා සුළු දෙයකට වුවත් මහත් සේ කුපිත වන බැවිනි..තවමත් මා අත ඉදල් මිට තිබේ. තාත්තා කුස්සියේ වූ කෙඳිරි ගාමින් වැතිර සිටින බැල්ල දෙස බැලුවේය. මා දෙස බලා බිම පෙරළා තිබුණු වෑංජන හට්ටිය දෙසද බැලුවේය..ඔහු සිදු වූ දෙය මනාව වටහා ගන්නට ඇත. එක් අතකින් කුස්සියේ දොර වැසුවේ බැල්ලට කිසිම ලෙසකින් එළියට බැසීමට නොහැකි වන අයුරිනි. තමා අත වූ උදැල්ල එක්වරම ඔසවා ගත් හේ..මා දෙස බැලීය..මම ඉවත බලා ගතිමි..





ඔහු මා අතවූ ඉදල් මිට මා අතින් ඩැහැගත්තේය. එක අතකින් උදැල්ලද ගෙන..ඔහු බැල්ල වෙත ලං වූයේ..අසරණ බැල්ල මරහඬ දුන්නේත් ඔහු තම අත වූ ඉදල් මිට තදින් අල්ලා ගනිමින් මා වෙතට හැරුණේත් එක් වරමය.. 


උදැල්ල පසෙක තැබූ ඔහු මගේ අත් බාහුවෙන් තරයේ අල්ලා ගත්තේය..ඔහු වෙතින් මා මදක් ඈත් කර ඉදල් මිට ගෙන බත්කෙණ්ඩිය, කකුල් හා කොන්ද අතරට පහර කීපයක් එල්ල කළේ තම අත සියලු වීරිය ගෙනය..කොන්ද සහ කකුල් දෙක වේදනාවෙන් ඉපිලෙද්දී..මා විස්මයෙක් හඬ නගා හැඬුවෙමි..

හඬන්නට හඬන්නට තවත් පහර කීපයක් එල්ල කර..ඔහු තම හඬ අවදි කළේය..


"රිදෙනවා නේද තොට ? රිදෙනවා නේද ?..කතා කරපිය.. රිදෙනවා නේද ?"


මා ඔව් කියමින් උඩ පනින තෙක් කුස්සියේ වහලේ ගසා තිබූ වේවැලක්ද ගෙන තැලූ ඔහු හති හලන්නට වීය..

.
"අර බල්ලටත් රිදෙන්න ඇත්තෙ ඔහොම තමයි..තේරුණාද ?.."


නැවතත් ඔහු වේවැල ඔසවා ගති.


"තේරුණාද ?"


පුපුරු ගසමින් වේදන ගෙන තැන් අත ගාමින් මම


"ඔව්..ඔව්"


කීවා මතකය...


"මොකෙකුට හරි හිරිහැර කරන්න ඉස්සර හිතපන් උන්ට දැනෙන වේදනාව මොකද්ද කියලා"


පවසමින් ඔහු ඉවතට ගියේත් අම්මා සහ චූටි අක්කා නිවෙසට පැමිණියේත් එකවිටමය. තාත්තාට දිස් තබමින් වූවද අම්මා මාගේ පිට පුරා තිබූ වැයිරම් වලට බෙහෙත් තෙල් ගැල්වූයේත් මට දොස් තබමිනි. 


මගෙන් ඉදල් පහර කෑ බැල්ලට චූටි අක්කා සහ ලොකු අක්කා සාත්තු කළේය. බැල්ලගේ ඇඟේ පෙර කාලයේ සිදු වූ තුවාලයක් මිස අළුත් තුවාල කිසිවක් නම් නොතිබුණි. පසුව ටොමීට අමතරව ඈද නිවසේ සාමාජිකයෙක් වූවාය.

කික්කී යන සුරතල් නාමයෙන් හැඳින්වූ ඈ මිය යන තුරුම අප නිවසේ සිටියද මා දුටු වහාම බියෙන් වලිගය දෙකකුල් අතරේ රුවා ගනිමින් වකුටු වනාකාරය මසිත කම්පනය කරවන්නක්ද වීය..එම සිදුවීම සිදු වී කාලයක් යනතුරු මසිතේ පියා පිළිබඳ නුරුස්නා හැඟීමක්ද මට වඩා කොහෙවත් යන බල්ලෙක් ලොකු උණා යන හැඟීමක්ද රජ කරන්නට වීය..නමුත් දැනුම් තේරුම් යන විට ඔහු එදින් මට උගැන්වූ පාඩම කුමක්ද යන්න අවබෝධ විණි.


සමාජය සංවේදීත්වයෙන් බැහැරව යමින් ඉතා දරුණු ලෙසින් එකෙක් තවකෙක් පීඩා කරන මරා දමන ප්‍රවෘත්ති බොහොමයකට ඇස, කන, සිත යොමුවන කාල වකවානුවක..මා එම ගොඩට නොවැටෙන්නේ මන්ද යන ප්‍රශ්නය මත මසිත නිරුත්තර වේ..


ඔවුන් එවන් කුරිරු අපරාධයන් කරන්නේ කුමන සිතුවිලි දරා ගනිමින්ද ? තමන් අතින් පහර කා වේදනාවෙන් ඉපිලෙන තමන් වැනිම අනෙකා ඇස් ගැටෙන විට ඔහු කෙසේ වියරුවෙන් සිටින්නේද ? ඒ මනෝභාවය නම් කෙසේ වත් සිතා ගත නොහැකිය..


පසුගිය වසර කීපය තුළම සිදුවූ මිනීමැරුම් පිළිබඳ ශ්‍රීලංකා පොලිස් වාර්තා මෙසේ දක්වයි.


වසර        සිදුවූ මිනීමැරුම් සංඛ්‍යාව


2005                     1388
2006                      3251
2007                      2089
2008                      1924
2009                      1096
2010                       756
2011                        767
2012                         675
2013 ජූලි 31 දක්වා    349


මෑත වසර වනවිට නම් සංඛ්‍යාත්මක අතින් මිනීමැරුම් අඩුවන උපනතියක් දැක්වූවද..මිණීමරුම්වල භයානකත්වය, කෲරත්වය අතින් නම් තත්වය භයංකර බව පොලිසිය පවසයි..


ඊයේ පෙරේදා අනුරාධපුරයම හෙල්ලූ එකම පවුලේ පස් දෙනකු මරා දමා තිබූ ආකාරයේ කෘරත්වය ඉතා බිහිසුණුය..වසර ගණනාවක සිටම පවුලේ හිතවතෙකුද වූ මිනීමරුවා බිලි ගත්තේ විටෙක තමන්ගේ ජීවිකාව ගෙනගිය ත්‍රී රෝද රථය පොලිසියෙන් අල්ලාගත් විට ඇප ලබා දීමට පවා ඉදිරිපත් වූ ගෙහිමි මිතුරා ඇතුළු ඔහුගේ පවුල සහ ඥාති න් ද සමඟය.
මත්වතුරෙන් සිහි විකල් කරගෙන කල අපරාධයක් ලෙස මෙය දැක්විය නොහැකි වන්නේ ඔහු කියන ආකාරයට මෙය සිදු කිරීමට ඔහු මත් පැන් අඩුවෙන් බී සැලසුම් කලබව ප්‍රකාශ කෙරෙන බැවිනි...මිනිසුන් මෙතරම් අමානුෂික වන්නේ කෙසේද ? මුදල් වලට ඇති තණ්හාව , ආශාව නිසා යැයි කිව හැකි වූවත්..පස් දෙනෙකු තමන්ගේ කැති පහරට ලක් කරන්නට නම් මොන තරම් දරුණු හිතක් ඔහුට තිබිය යුතුද ?


අප අදටද දොහොත් මුදුන් දී වන්දනා මාන කිරීමට තරමේ උතුම් කාර්යයකට උර දුන් අභීත හමුදා රණවිරුවන් පිරිසක් බිහි කල..හමුදාවෙන් පලා ආවෙකු යැයි කියැවේ..එවන් සිතක් දැරීමට ඔහු හමුදාවෙන් ලද පුහුණුවේ ඉවහල් වීද ?


මෙය විවාදාත්මක කරුණකි..සිත උණුවන්නේ මෙය සිංහල පවුලක ඝාතනයක් නිසා පමණක්ද යන්න ප්‍රශ්න නැගේ..එසේ නම් අතීතය පුරාම ඝාතනය වූ සියලු ම ජාතීන්ට අයත් වූවන්ටද මෙම වේදනාව පොදුය..විවාදාත්මක වූවත්..විවෘත මනසකින් බලන්නේ නම්..මිනිසා තව මිනිසකු වෙත හෙළන කෲරත්වය කෙලෙසකවත් සාධාරණීකරණය කල නොහැකිය..එය මගේ පුද්ගලික මතයයි..එය නිවැරදිම වන්නටත් උවමනා නැත..


අධ්‍යාපනය, සාහිත්‍යය මිනිසාගෙන් ඈත් වීම , ජරා දේශපාලනික පරිචය, විවෘත අර්ථිකය යනාදී බොහෝ සාධක මෙයට අඩු වැඩි වශයෙන් ඉවහල් වන බවක් කියැවේ.


මට තවකෙකුට කෲර වීමට නොහැක්කේ ඇයි ?


නිතැතින්ම මාගේ පියා මා කුඩා කාලයෙදී ඉගැන්වූ ඉහත කී සිද්ධිය මා මනසට නිතැතින්ම නැගේ...මගේ පවුලේ සියල්ලන්ම මට කියා දුන්නේ..තමන්ට විඳින්නට අපහසු තාඩනයක් පීඩනයක් තවකෙකුට ලබා නොදෙන ලෙසයි..විටෙක සිත් රිදවීම් සිදු වූවද මා හට කිසිලෙසකින්වත් කිසිවෙකුට හානියක් කල නොහැක්කේ ඒ නිසයි..


අදටද නිවෙසට පැමිණෙන කැරපොත්තන්ට මෝටීන් ප්‍රහාරයක් එල්ල කර..ටික වෙලාවක් යනතුරු ඒ පළාතටවත් නොපැමිණෙන්නේ මට කැරපොත්තා වේදනාවෙන් දඟලනාකාරය බලා සිටිය නොහැකි නිසාය..


කරදරකාරී මීයකුට වස තබා ඒ කා ඌ මියගිය විට..ඒ දකින මසිතට වේදනාවක් ගෙන එන්නේ..මා කුඩා කල සිටම ලද ආභාසය නිසාය..මා තුළින් අත්දකින ඒ සත්‍යය..බහුතරයකට අදාළ වන බවක් හැඟේ...මාධ්‍යය වලින් පුම්බා එළියට එන ක්‍රීර අපරාධ කීපය..හැරුණු කොට අන් සමාජයම...යම් මානුෂික තත්වයකින් සිටිනු පෙනේ..


නමුත් එක කිරි කළයක් නාස්ති වීම අවශ්‍ය වන්නේ එක ගොම බිඳුවකි.

ප.ලි. - මේ කාරණය සම්බන්ධයෙන්ම මගේ ප්‍රියතම , බොහොම ගරු කරන, නමුත් ඔහුගේ මතවාද සියල්ලම මගේ විචාරයට ලක් කර මිස පිළි නොගන්නා,  විවාදාත්මක කරුණු බොහොමයක් සහිත ලිපි රාශියක් පලවෙන අජිත් පැරකුම් හෙවත් පැරා මහතාගේ අඩවියේ තිබූ ලිපියක් 

http://www.w3lanka.com/2013/11/blog-post_7321.html?spref=fb

71 comments:

  1. කාළයට ඔබින බොහෝම වටිනා අදහසක් ඔබ පළකරේ. අපගේ හොඳ ගති කොතරම් නම් සමාජයෙන් නැතිවෙලා යනවද? මිනිහෙක් මරන එක දැන් චූටි කූඹියෙක් මරන ගානට වැටිලා. මේකට හේතුව තමයි මිනිස්සුන්ට හොඳ ප්‍රත්පත්‍තියක් ආගම දහමක් නැති එක. ආගම උනත් වැරදි විඳිහටනේ පාවිච්චි කරන්නේ.
    මම නම් හිතන්නේ සමාජය ගෙදරින් හදන්න පටන් ගන්න ඕනේ කියලා. පාසල,ආගමික ස්ථාන, පොලීසිය හා රට කරවන ඇත්තෝ එකට එකතු වෙලා මේ වැඩේ කරන්න ඕනේ.
    අපරාධ වලට මත්ද්‍රව්‍ය වගේම චිත්‍ර පටි හා වීඩියෝ ගේම්ස්නුත් වඟකියන්න ඕනේ.
    ඒ කොහොම උනත් වැටත් නියරත් ගොයම් කන තත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ. ඔබට ජය!!!

    ReplyDelete
    Replies
    1. වැටත් නියරත් ගොයම් කා නම්...මෙන්න මේක තමයි හොඳම ලඝු කිරීම මම දුටු..

      Delete
  2. ගෙදරට එන බල්ලන්ව එලවන්න ගල් ගැහුවත් උන්ට ඒවා වැදුනොත් ඊට පස්සෙ හිතට සැහෙන වෙලා යනකම් හරි නෑ. අපි ජීවත් වෙන පවුල් පසුබිම තමයි එකට බලපාන්න ඇත්තේ සමහර විට. කෙනෙක්ට තාඩන පීඩන කරන්න කලින් ඒවා තමන්ට උනොත් කොච්චර වේදනාවක්ද කියල හිතනවානම් මෙහෙම දේවල් වෙන්නෙ නෑ ඇත්තටම .
    අත්තානං උපමං කත්වා - නහනෙයිය න ඝාතයේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඇපල් ඒ හැඟීම තියෙනවා නම් නීතිය කොහොම වල් වැදුනත්..මිනිස්සු මීට වඩා වෙනස් විදියකට බලයි කියලයි මමත් හිතන්නෙ..

      Delete
  3. මචෝ ඔතන ළොකු ප්‍රශ්ණයක් තියෙනවා. මේ ගොඩාක් අපරාධ වලට සම්බන්ද හමුදාවේ උන්න උන්. හෙම නැත්නම් පැනලා ගිය උන්. ත්‍රස්තවාදින්ට එරෙහිව යුද්දෙකදි වෙන්නේ මොකක්ද කියලා උඹට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. ඔය අපේ උන්ම විකුනලා චැනල් ෆෝ වල පෙන්වන්නේ අපේ වැඩමනේ. නමුත් යුද්ධයකින් පස්සෙ ඔවුන්ගේ මනස් සිවිල් ජීවීතයට හැඩ ගස්සවන්න ඕන. මේ දේ අපේ හමුදාවේ වෙන්නේ නෑ.

    නමුත් එකම එක හොඳ හ්ඩ්යෙක් වෙනවා. ඒ තමයි අරටේ සංවර්ධන වැඩවලට, වගා කටයුතුවලට ඔවුන් යොදවා ගැනීම. මේක බොහෝම හොඳ ක්‍රියාවක්. ඔවුන් තව දුරටත් ලක් මාතාවට අවශ්‍ය පිරිසක්. විරුවන් පිරිසක් කියන හැඟීම ඔවුනට දෙන්න ඕන. හුදකලා වෙන්න දෙන්න නරකයි. ඒ වගේම ප්නරුත්තාපනය කරපු කොටි ගැන විපරමෙන් ඉන්නවා වගේම. හමුදාවෙන් පැනපු උන් ගැනත් සෝදිසියෙන් ඉන්න එක පොලීසිවල මෙන්ම ජනතාවගෙත් යුතු කමක්.

    ReplyDelete
    Replies
    1. මාතලං
      ඇයි විකුණලා කියන්නේ?
      මිනිහෙකුගේ හෘදසාක්ෂිය ඒ අපරාධ හෙලි කරනට යැයි ඔහුට බල කලා විය නොහැකිද?
      එදා 1989 දී කැමරා ෆෝන් තිබුනා නම් වධකාගාරවල සිදුවීම් එලියට එන්න තිබුනා නේද?

      Delete
    2. ඒ එන්නේ එහෙම හැඟිමකින් නෙමෙයි.. තනිකර මුදලකට විකිණීම පමණයි..
      අදටත් ඔවුන් ඒවා නරඹා සන්තෝශ වෙනවා..

      එකම පවුලේ පහක් කැති ගාලා දාන්නේ ඒ මානසිකත්වය..

      Delete
    3. \\ නමුත් යුද්ධයකින් පස්සෙ ඔවුන්ගේ මනස් සිවිල් ජීවීතයට හැඩ ගස්සවන්න ඕන. මේ දේ අපේ හමුදාවේ වෙන්නේ නෑ. \\
      \\හමුදාවෙන් පැනපු උන් ගැනත් සෝදිසියෙන් ඉන්න එක පොලීසිවල මෙන්ම ජනතාවගෙත් යුතු කමක්.\\
      මෙන්න මේ වටිනා කාරනය මම කීප තැනකම දුටුවා මාතලන්..මෙය විය යුතුයි කියන එක මමත් අදහනවා..
      කශූ..මෙහෙ ඒ ගත්ත අයම කිව්වලු ඒ වීඩියො දුන්නෙ මෙහෙ අයමයි..ලොකු ගානකට කියලා..ඒ වගේ කතාවක් මගෙත් ඇහැ ගැටුනා මාධ්‍යයක..

      Delete
  4. ඔන්න මම කියන්න ආපු දේ මාතලන් කියල,අපේ රටේ කොටි සාමාජිකයන් පුනරුත්ථාපනය කළාට හමුදාවෙ අය පුනරුත්ථාපනය කලේ නෑ,නමුත් ඔවුන් යුද මානසිකත්වයෙන් මුදවාගෙන සාමාන්‍ය සමාජයට ඔබින ආකාරයට හැඩ ගැස්විය යුතුයි.
    ඒ කාර්යය නොකළ එකේ විපාක අපි දැන් භුක්තිවිඳිනවා,මෙය හමුදා මානසිකත්වයක් ඇති අය කරපු පළමුවෙනි මිනීමැරුම නොවන්නා සේම අවසාන මිනීමැරුමද නොවෙයි.

    ReplyDelete
    Replies
    1. යුද මානසිකත්වයෙන් ඔවුන් පුනරුත්තාපනය කල යුතුයි..මෙය නම් කල යුතුයි හැලපෙ අයියා..රටේ සංවර්ධන වැඩ වලට ඔවුන්ව යොදවා ගත්ත පමණින් මෙය වෙනවාද යන්නත් සොයා බැලිය යුතුයි

      Delete
  5. තාත්තා කියාදුන්න පාඩම නම් අගෙයි.

    ඔය සංඛ්‍යාලේඛණ විශ්වාසකරන්න පුලුවන්ද මචං. ටිකක් අමාරුයි නේ?

    ReplyDelete
    Replies
    1. මේ අපරාධ කියන කැටගරියේ මිනී මැරුම් කියන සංඛ්‍යා..සමහර විට හරි යන්නත් පුළුවන්..මම ගත්තෙ පොලිසිය මාධ්‍යයට නිකුත් කරන වාර්තාවකින් හෙන්‍රි..

      Delete
  6. කොටින්ම කිව්වොත් සංවේදී කම උගන්වන්න ඕනෙ දෙමාපියෝ... !!

    ReplyDelete
    Replies
    1. සෑම්, මගේ තාත්තාගේත් මගේත් සංවේදී බව ගැන කතාවක් කියවා පාඨකයෙක් එය මෝඩ ආතල් එකක් ලෙසයි නම් කෙරුවේ.

      Delete
    2. ඔව් සංවේදීත්වය ඉගැන්විය යුත්තේ බොහොම පොඩි කාලෙදි ගෙදරින් මයි..

      Delete
  7. සංඛ්‍යාලේඛණ ගැන නම් මටත් හිතුනේ හෙන්රි අයියා කියපු දේම තමයි.. කොහොම වුනත් කියලා දුන්න පාඩම නම් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. අර සමාජගත වෙච්ච Lies , Damn Lies, Statistics කතාවෙ ප්‍රථිපලය නිසා සංඛ්‍යාලේඛණ ගැන එහෙම හිතෙන එක සාධාරනයි..

      Delete
  8. බොහොම හොද කථාවක් වෙනී අයියා. මමත් ඔබ වගේම පොඩි කාලෙ සත්තුන්ට සෑහෙන්න වද දුන්නා...ගැහුවා...ඒත් මට තේරුම් යන අවධියෙදි මම සත්තුන්ට ඉතාම ආදරය කරන්න පටන් ගත්තා. අද මම දැඩි ලෙස සත්තුන්ට ආදරය කරන කෙනෙක්...අපේ ගෙදර අයට වගේම...පාරෙ අනාථ වෙලා හිටිය අයටත් මගේ කරුණාව යොමු උනා...මම අද පෙරහැර බලන්න යන්නෙත් නෑ...ලස්සන රෙදි වලින් වහලා අලි ඇත්තුන්ට දෙන වද හිංසා දකින්න බැරි හින්දා...

    ඔයාගෙ තාත්තා දීලා තියෙන දඩුවම ඉතාම නිවැරදියි. මම උනත් ඔය වැඩේ කරාවි...ඒ වේදනාව වින්දාම තමයි සතාටත් එහෙම දැනෙනවා කියලා හොදට අවබෝධ වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ජීවිත කාලෙටම මතක හිටින පාඩමක් උනෙත් ඒ නිසානෙ සිරා මලයා..

      Delete
  9. දවසක් ඔන්න අපේ අම්ම මාත් එක්ක කේන්ති ගිහින්, ( උදේ ඉඳන් නාන්න කිව්වට ඇහුවෙ නැති හින්ද...) මෝල් ගහත් උස්සන් ආව... අපේ බලුසන්, කොට දිග බීගල් කෙනෙක්.. මූ මැද්දට පැන්න.. එදා අම්මට තිබ්බ කේන්තියට මට ගැහුවනං මං මලා තමයි... ( ඊට පස්සේ අම්මට ප්‍රෙෂර් වැඩි වෙලා ලොකු අවුලක් උනා..) බල්ල තමයි මාව බේරගත්තෙ.. බිංගො ඉන්නකං මගේ ඔලුවෙ ඕක තිබ්බ.. අදටත් මට සතෙක්ට පාරක් ගහන්න අත උස්සන්න හිතෙන්නෙ නැත්තෙ ඒ වෙලාවට බිංගො මතක් වෙන හින්ද...

    මිනිස්සු මැස්සො වගේ මැරෙනවා දැකලා දැකලා දැං අපිට ඒක එච්චර ගානක් නැති වෙල මං හිතන්නෙ... ජීවිතේට අමානුෂික මරණයක් නොදැකපු කෙනෙක්ට ඒක දැනෙන විදිය ගැන මාර ලස්සන විස්තරයක් මේ දවස්වල මං කටපාඩං කරන The Host පොතේ තියෙනව...

    ReplyDelete
    Replies
    1. ඔව්..මිනිස්සු මරන එක මැරෙන එක බොහොම බහුලව පෙන්වපු අයත් ඒකට වග කියන්න ඕනි.. ඕ ඒ පොත මම කියවලා නැහැ..

      Delete
  10. වෙනී අයියා දැන් හරි විහිළු කාරයෙක් වෙලානේ... :D

    //අදටද නිවෙසට පැමිණෙන කැරපොත්තන්ට මෝටීන් ප්‍රහාරයක් එල්ල කර..ටික වෙලාවක් යනතුරු ඒ පළාතටවත් නොපැමිණෙන්නේ මට කැරපොත්තා වේදනාවෙන් දඟලනාකාරය බලා සිටිය නොහැකි නිසාය..

    කරදරකාරී මීයකුට වස තබා ඒ කා ඌ මියගිය විට..ඒ දකින මසිතට වේදනාවක් ගෙන එන්නේ..මා කුඩා කල සිටම ලද ආභාසය නිසාය..//


    ReplyDelete
    Replies
    1. ඇත්තම තත්වෙ ඒකයි විහිලුවක් වගේ උනත්..කොහොමද බන් කැරපොත්තන්ගෙන් මීයන්ගෙන් ගැලවෙන්නෙ...උන් නො එන්න කරන්න පුළුවන් සියල්ලම කරලත් උන් එනවා නම්...ඉතින්...

      Delete
    2. ලොක්කා සාධාරණත්වයනං සාධාරණත්වය.. අර මොකක්ද කියන මානුෂිකත්වයනං අන්න ඒක... ඒකේ අච්චර දුට පමණයි මෙච්චර දුරට පමණයි කේස් නැහැ...

      දැන් උඹ කවුද මීයන්ට කැරපොත්තන්ටත් අයිති ලෝකය තනි සම්බුක්තියට ලියාගන්න..? උඹ ඉන්නෙත් කුලියට.. (මාත් එහෙමයි) අඩුම ගානේ ඉන්න තැනේ අයිතියවත් හරියකට නැහැ...(අනික ඉතිං ඔහොම ඔප්පු තිරප්පු හදාගෙන ඉන්නේ මිනිස්සු විතරනේ..) එහෙම තියාගෙන උඹ කවුද මීයන්ට කැරපොත්තන්ට එන්න තහනං කරන්න... දීහං උත්තර.. මෙව්වා සෙල්ලං වැඩ නෙවෙයි...

      Delete
    3. හරි බන්...හැම මනුස්සයම ඔහොම තමයි..මැරුනදාට ඔය සින්නක්කර ලියාගෙන තියෙන ඉඩ කඩම් අරගෙන යනවද නෑනෙ..ආදාහනාගාරෙන් ගේන අළු ටික දාන්න අඟල් 5ක 6ක ඉඩක් ඇති ඕනිවටත් වැඩිය !
      හරි දැන් ගමු කැරපොතු, මී ප්‍රශ්නෙ..කැරපොත්තො මීයො උන්ගෙ වාසස්ථාන වල ඕනි මඟුලක් නටා ගත්තට මට කමක් නෑ..මම උන්ව හොයා ගෙන ගිහින් මෝටීන් ගහන්නයි මී නාෂක තියන්නයි යන්නෙ නෑහ් ! හැබැයි දුප්පත් මම හම්බ කරගෙන තියෙන දේවල් කන්ඩ මගේ රෙද්ද අස්සෙ රිංගන්ඩ ආවොත් නම් ඉතින් මුලින්ම කරන්නෙ එන්න තියෙන මඟ හරස් කරනවා..ඒ කොරලත් එනවා නම්..දෙන්න ඕනි බැටේ දේන්වා..ඒත් ඉතින් දුකයි තමා ලොක්කා..කසියා කාලක් ගහලා දුක නිවා ගන්නවා ! ඕන් ඔහොමයි සංසාරෙ දිග පළල !

      Delete
    4. ඉතිං උන් උනේග වාසස්ථානේ තමා ඒ ඉන්නේ.. උඹත් ඒක අස්සෙම රිංගන්න ගියාට උන් මක්කා කොරන්නද..? අනික ඉතිං උඹ ඔය දේවල් පරිස්සං කරං හිටියා කියලා අරගෙන යනවද.. නෑනේ...ආදාහනාගාරෙන් ගේන අළු ටික දාන්න අඟල් 5ක 6ක ඉඩක් ඇති ඕනිවටත් වැඩිය !

      ගේමනං ගේම ලොක්කා...

      Delete
    5. පාවිච්චි කරන්න තියෙන ඒවා පරිස්සම් කරන්නෙ වල පල්ලට යනකම් තමයි බන් !. පරිනාමයෙ මිනිසාට අයිති තැන මම ඉන්නෙ..උන්ට අයිති තැන උන් හිටියට කමක් නෑ..උන්ට අයිති තැන මගේ රෙද්ද අස්සෙ නෙවෙයි කියලා කවුරුහරි උන්ට කියලා දෙන්ඩ වෙයි වගේ !
      දුක තමයි රංජනී මොනවා කරන්නද ?

      Delete

    6. itnishantha

      එතකොට අර බල්ලාට මොකද කියන්නේ වෙනි අයියා. උත් උගේ දෙයක් කරගෙන දෙන දෙයක් කාලා වලන් අස්සේ හොම්බ දාන්නේ නැතිව හිටියනම් නේ.
      එහෙනම් තාත්තා ගහන්නෙත් නැ ඔයා කතාව ලියන්නෙත් නැ අපි බලන්නෙත් නැ. අනිච්චේ සංසාරේ .....
      දැන් එතකොට තාත්තද, ඔයාද ,බල්ලද, අපිද වැරදි ?

      itnishantha

      Delete
    7. ඇනෝ...හැම දේකම කවුද වැරදි කියලා හොයන්න ඕනිත් නෑ..ඒකෙන් ගන්න යමක් තියේ නම් ගන්න..නැත්නම් අතහැරලා දාන්න..

      Delete
    8. මෙන්න අදත් වලියක් වලියක් සුන්දර වලියක්

      Delete
    9. ඇනෝ.. එළ ප්‍රශ්නයක්නේ අහලා තියෙන්නේ... සුපිරි පිරි පිරි... :D
      ඇත්තනේ... බල්ලා හට්ටියක් අස්සේ රිංගුව හින්දා ගැහුවනං.. අද මේ යෝධයා සත්තු මරන මැරිල්ලට තාත්තා මේකව මරනවා... හැබැයි අහක බලාගෙන... :D

      Delete
    10. අපිම පාන් පත්තුකරනකල් බලං ඉන්නේ නලින් අයියා නිකං ඉන්නවට තෙල් ටිකක් වක්කරන්නකෝ.. :D

      Delete
    11. නලිනුත් ඇවිත් ඉතින් පෝර දාලා යනෝ ඕන් ඔහොම ඈ ?!
      අනේ ඇනෝගෙ සුපිරි ප්‍රශ්නෙ !
      ඒ කාලෙ ඔය හොඳ නරක තේරුනායෑ..? අද උනත් ඔය මීයෙක්, කැරපොත්තෙක් මරන්නෙ එලවලා එලවලා දැම්මට පස්සෙත් ආයිමත් රෙද්ද අස්සෙ රිංගන්න එනවා නම් නෙ !

      Delete
  11. කැරපොත්තො නම් මටත් පේන්න බෑ

    ReplyDelete
    Replies
    1. එන හැම තැනම වහලත් උන් කොහෙන් එනවාද මන්දා ඩිලා...

      Delete
  12. මම නම් එච්චර සත්ව කරුණාවක් තියන කෙනෙක් නෙමෙයි. සතුන්ට ආදරය නොකලත්, හිංසා නොකරවත් ඉන්න උත්සාහ කරනවා. හැබැ‍යි මීයන්ට, කැරපොත්තන්ට, මදුරුවන්ට ඒක අදාල වෙන්නේ නෑ...

    හැබැ‍යි තව කෙනෙකුට අපි දක්වන කෲරත්වයෙන් ඔවුන්ට දැනෙන වේදනාවට සංවේදීව එයින් වැලකීමත්, තව කෙනෙකුට කෲරත්වය දක්වන්න අපිට අයිතියක් නැති බව තේරුම්ගෙන එයින් වැලකීමේත් වෙනසක් තියනවා කියලා මට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. තව එකෙකුට හිංසා කරන්න අපිට අයිතියක් නැතිය කියන අදහස එන්නෙ සංවේදීකමෙන්ද නැත්නම් නීතියෙන්ද කියන එක අතරෙ වෙනස වෙන්න ඕනි තිසර කියන්නෙ..නීතිය නම් ඉතින් හිල් කූඩයක්නෙ..

      Delete
  13. හොද ලිපියක්.
    මම නම් සතුන්ට හිංසා කරන්නෙ නැහැ.
    ඔය මස් ටිකක් කඩෙන් ගෙනත් කනවා ඇරෙන්න.
    හැබැයි මී /මදුරු /මැසි /කැරපොතු කස්ටියට දෙය්යියන්ගේ පිහිටයි.

    ReplyDelete
    Replies
    1. බහුතරයක් එහෙමයි කෙන්ජි...බොහොම සුළුතරයක් නිසා..ගොම බින්ඳුවක් කරන හානියෙ තරම !

      Delete
  14. හා ඇවිත් බලන්නම් !

    ReplyDelete
  15. මම නම් සතුන්ට හිංසා කරන්න කැමති නෑ. එත් එතනින් එහාට ඒ ගැන හිතලා නෑ

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි කියලා හිතුවොත් ඉවාන්ට හැංගිලා තියෙන ලස්සන කාරනයක් හොයා ගන්න පුළුවන් වෙවී කියලා හිතෙනවා...

      Delete
  16. සංවේදීකම උගන්නන්න ඕනි අපේ අම්මා තාත්තා... සිරාවටම බල්ලෙකුට මම මතක ඇති කාලෙකින් ගැහුවේ ගහන්න අතට ගලක් ගත්තත් මතක් වෙන්නේ.. ගෙදර ඉන්න බල්ලව.. අනික ඔය කර්පොතු මි ප්‍රශ්න වලට පුසෙක් ඇති කරානං ඉවරනේ.. අපේ ගෙදරනං ඉන්නවා :D

    අර ආමි කතාවන් ඇත්ත ගොඩක් වෙලාවට යුධ හමුධා පුහුණුවේදී මනස සකස් කරන්නේ රට වෙනුවෙන් මරන්න නෙවෙයි ඉස්සරහට එන හැම එකාම මරන්න.. කෘරත්වය.. උපරිමයෙන් උගන්නනවා.. ඒ වගේම යුද්දෙකින් පස්සේ යුද්දේ හිටපු සෙබලාගේ මානසික තත්වේ හරි අමුතු තැනක තියෙන්නේ..

    ඒවත් හදන්න ඕනි.. නම් පතල සුපිරි පාතාල නායකයෝ සේරම වගේ.. ආරමි එකෙන් පැනපු ය.. ඒ ගොලොන්ට ලැබෙන අවි ආයුධ පුහුණුවයි.. මනසට ලැබෙන කෘරත්වය ගැන පුහුණුවයි නිසා එයාල එහෙම වෙනවා.. කියල තමයි මමනං හිතන්නේ :D

    ReplyDelete
    Replies
    1. යුද්ධෙ ඉවරයි එහෙනම් ඒ මානසිකත්වය රිවර්ස් කරන්න ඕනිනෙ..
      ඔව් පූසො ඇති කරන්න නම් පුළුවන්..ඒ අයව බලා ගන්න වෙලාවක් නෑ මල්ලි..ඒකයි..

      Delete
  17. සංඛ්‍යා ලේඛණ වලට වඩා ඇත්ත තත්තවය වෙනස්..

    ReplyDelete
    Replies
    1. සංඛ්‍යා ලේඛණ ගැන පොදුවේ හැමෝම සැක කරනවා..ඒක සාධාරනයි..එක අතකින්..ඕවා පාවිච්චි කරලා අපිව අන්ඳන්න හදන විදියට !

      Delete
  18. දැනුම් තේරුම් ආවම තමා තේරෙන්නෙ කුඩා කාලයේ ඇයි දෙමාපියන් ඒ වගේ දඬුවම් කලේ කියල . ජීවිත කාලයටම අමතක නොවන පාඩමක් ඔයාගෙ පියා කියල දීල තියෙන්නෙ .

    ReplyDelete
    Replies
    1. ආයි අහලා ගිම්..ජීවිත කාලෙටම එකයි දුන්නෙ ඒ වගේ එව්වයෙන්..දෙන්නම උගත් අය නෙවෙයි..ඒත් අදටත් මට වඩා බුද්ධිමත් අතින් පරතෙරටම ගිය අය !

      Delete
  19. ගොඩක් කල්පනාකරල සංවේදීව ලියල තියෙනව..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..රජ වීදිය..හිතට ආපු එක එහෙමම ලීවා..

      Delete
  20. වෙනී.....දැන් දවස් දෙකකට ඉස්සෙල්ලා අවුරුදු හතරක දුවෙක්ව ගෙදර ඉන්න බල්ලා හපලා එතනම මැරුවා. අම්මාට සිද්ධවුනා බල්ලාට පිහියකින් ඇනලා ඌව මරලා අර ළමයාව රිලීස් කරගන්න උගේ කටින්. එතකොටත් ළමයා මැරිලා. අනේ මන්දා...සිදුවීමක් හැටියට ලිව්වේ.

    ReplyDelete
    Replies
    1. itnishantha

      ඒ උනාට එහෙම කරපු එක වැරදියි අපි හැම වෙලාවේම සතුරාටත් අසල් වැසියාටත් ප්‍රේම කරන්න ඕන වම් කම්මුලට ගැහුවම දකුණත් හරවන්න ඕන. සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා භාවනා කරන්න ඕන. බල්ලා ළමයා මරාගෙන කෑවත් අපි මොකුත් කරන්න නරකයි. එක තමා හැදියාව සංවේදී බව මේවා අපේ දෙමුපියෝ මේවා තව තව වර්දනය කරලා අපේ දරුවන්ට දෙන්න ඕන. තමන්ගේ බෙල්ල කපන්න ආවත් සුවපත් වෙත්වා කියන්න ඕන.
      අර සිරා වගේ උපරිම සංවේදී වෙලා පෙරහර වත් නොබලා ඉන්න ඕන.

      මම මේ කල්පනා කරේ වාසනාවට පැන්ජියා මහද්විපේ කොටස් වෙලා තැන් තැන් වලට පා උනේ.

      itnishantha

      Delete
    2. අරූ ඔබ කියන දේ ඇත්ත උනත් ගෙදරක හදන බල්ලෙක් එහෙම එක පාරටම වියරු වැටිලා ළමයෙක්ව කෑවා කියලා මම ඇහුවමයි මේ..ඒ බල්ලා සාමාන්‍යෙන්ම දරුණු ගනයේ එකෙක් විය යුතුයි..සහ එහෙම එකෙක් නම් ළමයෙක්ව ඒ බල්ලට අහුවෙන්න දමලා ගිය අම්මා ???!

      Delete
    3. ඇනෝ..
      ඔබ මේ කියන දේම නම් ඔබ අදහන්නෙත්...ඊළඟ කෲර මිනීමැරුමට ඔබට මහා දුරක් යන්න ඕනි වෙන්නෙ නෑ කියලයි මට නම් හිතෙන්නෙ..ඔය ආකල්පය තමයි මූලික අඩිය !

      Delete
    4. වෙනී උඹ දන්නවානේ මෙහේ බල්ලෝ කූඩු කරලා හදන්නේ නැහැ. බැඳලා හදන්නෙත් නැහැ. උන් ගෙදර අනිත් අය වගේම ගේ ඇතුලෙම ඉන්නේ. මේ බල්ලා ගෙදරට ගෙනත් මාස 3යි. මූව මීට කලින් අයිතිකාරයා හරියට හදලා නැතිව කෙයාර්හෝම් එකක ඉඳලා. පුනරුථ්තාපනය වෙලා නැහැලු හරියට. අම්මාගේ රෙද්දේ ඉන්වෙස්ටිගේශන්..කවුන්ස්ලින්ග් ඒවා මේවා යනවා. බීබීසී ගහලා බලපන්. මට දුක ළමයා ගැන.

      Delete
    5. වෙච්ච සිද්ධියට හේතුව හොයන්නෙ නැතුව දුක් වෙලා වැඩක් තියේයැ අරූ..
      මම පෙන්නුවෙ නම් හඳ ඒත් ඔබ තාමත් බලන් ඉන්නෙ ඇඟිල්ල දිහා නේද ???

      Delete
    6. නැහැ...නැහැ ...වෙනීගේ කතාව පැහැදිලියි...මම මේ අදාල සිද්ධිය විතරයි විග්‍රහ කරේ. ඒකයි මුලින්ම මම මේක සිද්ධියක් ලෙස පමනයි. ලියන්නේ කිව්වේ,

      Delete
  21. එදා ඉගෙන ගත්තු පාඩම හරි අපූරුයි වෙනී...මම නම් කතාව කියවගෙන යනකොටම හිතුවා තාත්තගෙන් හොඳට ගුටි කන්ටයි යන්නේ කියලා. අනික බඩගින්නේ හිටපු සතෙකුට ඔයා ගහලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි ඒ මම අවුරුදු හතක් විතර කාලෙනෙ..එහෙමට දුර දිග හිතන වයස නෙවෙයි පෙන්වලා දේනකම්ම..

      Delete
  22. මමනං පොඩි කාලෙ ඉඳලම සත්තුන්ට හිරිහැර කරන්නෙ නෑ. කැරපොත්තො, කූඹි උනත් අන්තිම අවස්ථාව වෙනකල්ම ඉවසල තමයි මොකක්හරි කරන්නෙ. කැ‍රපොත්තන්ට මීයන්ට වග කියන්න පූසො ඉන්න නිසා ඒ ප්‍රශ්නෙ බොහෝ දුරට විසඳෙනව.

    දෙමව්පියො පොඩිකාලෙ ළමයින්ට මොකකට හරි දඬුවමක් කරනකොට ඒ අවස්ථාවෙ ඒ අය ගැන වෛරයක් ඇතිඋනාට, පස්සෙ තමයි තේරෙන්නෙ ඒකෙ හරි වැරැද්ද.

    ReplyDelete
    Replies
    1. අපේ ඉන්න පූසො අපි හදන දෙයක් කන්ඩමයිනෙ ඉන්නෙ ප්‍රසා මල්ලි..උන් නිකම් ඩෙසර්ට් එකකටවත් මීයෙක්, කැරපොත්තෙක් කන්නෙ නෑ.. මාත් වැඩේ දෙන්නෙ බැරිම තැන තමයි..

      Delete
  23. මේ වගේ මිනිසුන්ගේ හිතේ සංවේදී තැන් නිර්වින්දනය කරන්නේ ආර්ථිකයද? සමකාලීන සමාජයද? නැත්නම් මිනිසුන්ගේ බුද්ධිය මොට වෙලාද?

    වැදගත් සංවාදයක් ඉස්මතු කරන්න වෑයම් කලාට ස්තුතියි වෙනී..

    ReplyDelete
    Replies
    1. සංවේදීත්වය නිර්වින්දනය කරන්න හේතුවෙච්ච කාරණා රැසක් තියෙන හැඩයි රූ..

      Delete
  24. සතෙකුහෙ උනත් වේදනාව දකින්න පුලුවන් වෙනීගෙ තාත්තා උතුම් මනුස්සයෙක්,, ඒ පාඩම වෙනීට කවදාවත් අමතක වෙන එකක් නෑ. ඒ වගෙම වෙනීගෙ දරුවොත් ඒ විදිහට හැදේවි; මම බල්ලෙකුට අර විදිහට අතින් ගහල තියෙනවා. ඒ තාත්තාව හපන්න පනිනකොට..

    ReplyDelete
    Replies
    1. නැහැ ජීවිතේටම අමතක උනේ නෑ..සරත් අයියෙ..

      Delete
  25. වෙනියෝ උඹේ පියතුමාට මගේ උපහාරය. අද කාලයේ මේ වගේ දරුවන්ට පාඩම් කියා නොදීම තමයි කරුමේ.

    ReplyDelete
  26. මේ ගැන බුදු දහමේ කොච්චර හොදට පැහැදිලි කරල තියනවද... මිනිස්සු ධර්මයෙන් ඈත්වීමේ ප්‍රතිඵල නේද දැන් අපි අත්විදින්නෙ..

    ReplyDelete