ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, October 24, 2013

මගේ මල්ලී පිළිබඳ කෙටි රචනාවකි...

මගේ මල්ලියා කුඩා අවදියේ රෝස පාටට හුරුබුහුටියට සිටිය බව මතකය..නමුත් අද වන විට තත්වය නම් තැනින් තැන පල්ලම් ලෙස ඉතුරු වී තිබෙන රෝස පැහැයද අව පැහැ ගත් සුදු පැහයක් මෙන්ම කළු පුල්ලි රාශියකින් ගැවසී ගත් ඔහු එතරම් ආකර්ශනීය බවක් නොපෙන්වයි...කාර්‍යක්ෂමතාවය අතින්ද එන්න එන්නම දුර්වලය..


කුඩා කලදී කිසිම වැඩක් කිරීමට එතරම් උනන්දුවක් නොදැක්වූ ඔහු ඔන්න ඔහේ සිටිනවාට මෙන් වැනි වැනී සිටියා විනා ඉදිරියේදීවත් එතරම් කාර්යශූර අයකු වන කිසිම සළකුනක් නොදැක්වීය.. නමුත් දශකයකට කිට්ටුවන්නට කිට්ටුවන්නට ඔහු අමුතුම ආශ්වාදයකින් වෙලී ගොස් ඔහුගේ දිවියම වෙනත් පැත්තකට ගෙනයාමට තරමේ ප්‍රබල දෙදරීමකට ලක් වීය..


අළුත් අළුත් දෑ නොතනකන ජාතිය ලොව නොනගී යන්න තරයේම හිතට ගත් ඔහු නව නව අත්දැකීම් හමුවේ නැගී සිටියේ ඉන්ද්‍රකීලයක් මෙනි...මෙසේ නැගිටුනු විට ඔහු ආම්බාන් කිරීම හෝ මෙල්ල කිරීම කිසිවකුටත් කිසිවකින්වත් කල නොහැක්කක්ම වීය. එවිට නම් ඔහු කිසිලෙසකින් දුර දිග බලා කටයුතු නොකල කෙනෙක් වීය...


තත්වය දරුණු වන්නට වූයේ තවත් දශකයක් ගෙවී යාමත් සමඟය. එවිට නම් අපගේ වැඩිහිටියන් එකතුවී මල්ලීව පාලනය කිරීමට හැකි කුඩා කුටීරයක් සොයා එය ඔහු සන්තක කලේය.. 


තත්වය යම් කාලසීමාවකට පාලනය විය. ඔහු එම කාලය තුල එම කුටීරය තුලටම වී යම් රාමුවකට කොටුවී සිටි බවක් පෙනී යන්නට වීය..ඒද තවත් දශක දෙක හමාරක පමණ කාලයකට සීමා වීමත් එයින් පසු මල්ලී නැවතත් කුඩා කාලයේ මෙන් පාලනයේ සීමා බිඳ දමමින් වෙනත්, වෙනස්, විවිධ දෑ පසු පස්සේ යන්නට වීය..


"විවා පත් වෙන්න ඔන්න මෙන්න ළමයි ඉන්න මනුස්සෙක් කරන වැඩද මනුස්සයෝ කරන්නෙ ?"


"නාකි විසේ ගෙටත් උඩින් නැගලා තියෙන්නෙ"


"කොහොමද ළමයි පාරෙ බැහැල යන්නෙ ඕවා ආරංචි උනොත්?"


යනාදී වාක්‍යය , වාක්‍යාංශ, ඇනුම් බැනුම් හමුවේ මල්ලීට සිදු වූයේ නැවතත් අර ළමා කාලයේ මෙන් නිහඬ දිවියකට අනුගත වන්නටය.
නමුත් මල්ලිගේ ස්වර්ණමය යුගය වූ දශක තුනක් පමණ කාලයේ කරන කියන ලද දෑ සිහිවී ඒවා යළිත් රඟ දක්වන්නට ගොස් 


"බැරි වැඩ නොකරන් අබරෝ"


යනුවෙන් රොස් පරොස් වදන් අසා විස්සෝප වීම සුලබ කාරණයක් වීය..
ජීවිතය පුරා ජීවිතයක් මෙහෙය වූ මල්ලීට මෙවන් විපතක් වෙනු ඇතැයි කිසිදා නොපැතූවද...


මල්ලිලා සිටින සියල්ලන්ටම මුහුණ පෑමට සිදුවන සර්වකාලීන සර්වතෝභද්‍ර සත්‍යයකට මගේ මල්ලීද මුහුණ දී ඇතැයි සිතා සිත හදා ගැන්ම විනා අඬා දොඩා ලැබෙන සැනසීමක් නොවන බව නම් ඒකාන්තය..

53 comments:

  1. ඕක බ්ලොගේ ලියන්න ඕනෙද??? ඊයක් එව්වනම් ඉවරනේ... සතියෙන් සුවයි. අත්දුටුවයි..... සත්තයි....

    ReplyDelete
    Replies
    1. මම හිතුවා මේකට නම් වෙදනා අයියා සුවර් ඇන්ඩ් ශොට් කමෙන්ටුවක් දායිමයි කියලා !
      සීරියස් කතාවක් නෙවෙයි අප්පේ ! එහෙම කිව්වට එක්කෙනෙක් වත් ඒක විශ්වාස කරන එකක් නෑ..මේ මල්ලි ගැන කතාවක් කියලා !

      Delete
    2. ඇයි වෙද මහත්තයා ගාව බඩු පොට් එකක් තියෙනවද...... ඔව්වට වෙන බෙහත් දීලා බෑ.... දෙපිටින් යනවා...

      Delete
    3. වෙද මහත්තයා ළඟ බෙහෙත් පොට් එකක් තියෙනවා..ඔව්වට...

      Delete
  2. හිත හදා ගන්න. කපලා විසි කලත් ආයේ බට් කරන එකේ ඕකට කරන්න දෙයක් නෑ..

    ReplyDelete
  3. හිත හදා ගන්න. කපලා විසි කලත් ආයේ බට් කරන එකේ ඕකට කරන්න දෙයක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් බන් හිත හදා ගන්නවා මිසක් වෙන කොරන්ඩ දෙයක් නම් නෑ වගෙයි..බලමු මල්ලිට තව චෑන්ස් එකක් දෙකක් දීලා !

      Delete
  4. අපොයි දෙයියනේ........! දත් නැතිදා උක් දඬු ගිනි තපින්නද?

    ReplyDelete
    Replies
    1. අඩේ ගිනි තපින්න ගන්නත් පුළුවන්නෙ...ඉවාන් කිව්වහමයි මතක් උනේ බලමු බලමු !

      Delete
  5. මට මතක් උනේ "කියුබාවේ පිබිදීම"

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කොයිතරම් ප්‍රසිද්ධද ඒ කතාව ! කොම්පීතර නොතිබ්බ කාලෙ කොල වල ලියා ගෙන පොතේ පිට කවරෙ අස්සෙ දමා ගෙන හිටියෙ !

      Delete
  6. මල්ලිගේ රචනාවට ගොඩක් ලකුණු දෙන්නේ නෑ....නැත්තං ලියන්නා හැමදාම මැක්කාගේ රචනාව වගේ මල්ලිගේ රචනාව ලියයි.....

    ReplyDelete
    Replies
    1. තව් ඉතින් මලයා මලහම ඒ කතාව තමයි මයියා කියන්ඩ තියෙන්නෙ !

      Delete
  7. මල්ලි කපල විසි කරපන්
    හය හතර

    ReplyDelete
    Replies
    1. කපලා ගඟේ මුහුද දාන්ඩයි වෙන්නෙ ! නැත්නම් ඒකත් බට් කරලා ගොඩ දායි බන් !

      Delete
  8. මල්ලි බිම බලන කාලෙ ලගයිද ?

    ReplyDelete
    Replies
    1. ඕනි වෙලාවටත් වඩා ඔනෙනි නැති තැන්වල ඕනි නැති වෙලාවල් වලනෙ උඩ බලන්න යන්නෙ

      Delete
  9. මල්ලිට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :D :D :D

    ReplyDelete
    Replies
    1. නිවන් සැප ලැබේවා කියලයි කියන්න වෙන්නෙ බන් !

      Delete
  10. වෙනි අයියට මල්ලියෙක් ඉන්න බවක් අපි දැනන් උන්නෑනෙ. මල්ලි කෙනෙක් ගැන කලින් කියලම තිබුන්නෑ මම හිතන්නෙ..

    ReplyDelete
    Replies
    1. රටට ලෝකෙට හොරෙන් හදා වඩා ගත්තෙ සෙන්නා ! දැන් මොකේද ඉතින් දන් වලඳන්නෙ ????

      Delete
  11. හිනා වෙලා පණ ගියා බං,දැන් ඉතිං මල්ලිත් එක්ක මොනව කරන්නද හිතං ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් මල්ලිගෙන් සරුංගල් අරින්න තමයි වෙන්නේ හැලපයියේ

      Delete
    2. ඒක තමයි හැලප අයියෙ...බලමු වෙද මහත්තයා ගොඩ දාලා දෙඤ්ඤං කිව්වනෙ !..
      මොන සරුංගල්ද බන් ඉවාන් ?

      Delete
  12. උඹට ඕක හරියන එකක් නෙවෙයි. එක්කෝ තැපැල් නයින්ටියක ලැගිජ් එකක් අස්සේ යයි. එක්කෝ මේ වගේ මොකක් හරි මල දානයක් වෙයි. කපලා විසි කරහං බං.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ආයි බට් කරයිද දන්නෙ නෑ අපේ ඩොක්ස් ලා දැන් එහෙමනෙ !

      Delete
  13. අයියට පඩි කීයද? ඒත් ඉතිං ඒක මතමා මල්ලිගේ ලැජ්ජ නැත්ද, නැත්නම් ලැජ්ජ බිමින් තියන්න කැමතිද කියල හිතාගන්න බෑනේ..නේද?

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට මල්ලිට වෙච්ච දේට අයියද වග කියන්න ඕනෙ ???

      Delete
  14. Fortunately it is one of the few things still exempt from taxation.
    The reason is because it usually hanging around unemployed.
    The rest of the time it is either hard up, pissed off or in a hole.
    It also has two dependents and they are both nuts
    and its best friend is a c**t.

    ReplyDelete
  15. හැට පැන්නම හොට බිම ඇනෙනවාලු ඕක ලෝක ස්වභාවය

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා හිත හදා ගන්න බලමු මල්ලි !

      Delete
  16. කලබල වෙලා කපාගන්න එහෙම එපා වෙනී අයියේ.. නැත්නම් වෙනී අයියා දිනුක " පෑල දොරේ " පෝස්ට් එකෙන් කිවුව දේ කරන්න හදනවද මන්දා..

    ReplyDelete
    Replies
    1. ඒ පෝස්ට් එක මට මිස් වෙලා මල්ලි !

      Delete
  17. කෙටි රචනාවක් කියා කිව්වාට මේ මල්ලීගේ තරමට මේ රචනාව දිග වැඩියි නේද?

    ReplyDelete
    Replies
    1. ඒකත් ලෝකස්වභාවයනෙ කශූ...

      Delete
  18. කෝ මේ අපේ කාන්තා පාර්ශවේ? රාජ්ගේ බුරු ඇඳේ සීන් එකට නම් හොඳට ප්‍රතිචාර දක්වලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. මල්ලිලා නැති අය මොනවා කියලා කියන්නද ඉතින් ? නේ !

      Delete
  19. වෙනි අයියගෙ මල්ලිට නැවතත් වසන්ත කාලයක් ප්‍රාර්තනා කරනව

    ReplyDelete
    Replies
    1. මොන වසන්තයක්ද බන් මේ ඉඩෝරෙන් පස්සෙ ?!

      Delete
  20. උබ කැමරමන් නේද??? අපිටත් බලාගන්න එක්ක දාමුකෝ බලන්න මල්ලිගේ පොටෝ කැල්ලක්

    ReplyDelete
    Replies
    1. අපොයි කැමරාවට මූන දෙන්ඩ බැහැයි කියන්නෙ !

      Delete
  21. මල්ලි මලා ! භූමදාන කලා !

    ReplyDelete
    Replies
    1. භූමදාන කරනවද නැත්නම් කරෝල වලට වේලනවද කියලයි කල්පනා කලේ ?

      Delete
  22. මල්ලි හරි මල්ලි...

    ReplyDelete
    Replies
    1. ඔන්න මල්ලියෙක් ඉන්න අයියෙක් අත්දැකීමෙන් කියනවා වගෙයි !

      Delete
  23. කාර්යක්ෂමතාවය ඔච්චර වැදගත්නං බැරිද වෙනී අයිය කාගෙන්හරි එකක් අරගෙන බට් කොරගන්න.

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ ප්‍රසා එච්චර ඒක පස්සෙ පන්නන් යන්නෙ නෑ දැන් !

      Delete
  24. මේ එකුස උපන් මල්ලි ගැනද නැත්නම් තමන්ගෙ මල්ලි ගැනද..?
    බොහොම විසේකාර විදියට දගලපු මල්ලිල තමයි අපිලත්.
    මේ දැන් යස අගේට ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. හැම ඇනෝම කියන්නෙ කෙන්ජි නාකි මනමාලය කියලනේ..ඇත්ත නේන්නම් !

      Delete
  25. වෙනියගෙ මල්ලිට උත්සහයෙන් නැගී සිටීමට හැකියාව ම ලැබේවා...!

    TriBull

    ජය...!

    ReplyDelete