ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, August 26, 2013

ෆොටෝ විතරයි..පෙර සැකසුම් ආහාර හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය


ෆොටෝ විතරයි..පෙර සැකසුම් ආහාර හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය

සෙනසුරාදා හවස් ජාමෙ ගතකරපු සහ සාම්පල් සහ ඒ වෙලාවෙ හදලා දීපු කෑම බීම ජාති කාලා බඩ පුරවා ගත්ත ප්‍රදර්ශනය..
අපේ යාළු මිත්‍රයෝ කිහිප දෙනෙක්ම හිගින් තිබුනා කියලා උනත් හමු උනේ නම් අපේ අමිල මලයා විතරයි..එළවළු පලතුරු අහුරලා තියෙන ස්ටෝල් එකක බෙල් පෙපර් ගෙඩි දෙකක් ෆොටෝ ගන්ඩ ගිහින් ඒ දෙකට දෙන වදය  දැකලායි මම පොඩ්ඩක් නැවතිලා බැලුවෙ..බිම දිගා වෙලා ඉඳලා කැමරාවත් උස්සගෙන නැගිට්ට වෙලාවෙ මාව දැකලා කථා කරා..
අනිත් අය නම් ගිහින් මට කතා කලා..සමහරුන් ගිය බව දුටුවෙ මූණු පොතේ බෙදා හදා ගතපු ෆොටෝ වලින් තමයි..































ෆොටෝ විතරයි..පෙර සැකසුම් ආහාර හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය

36 comments:

  1. ලස්සන පිංතූර ටික.

    ReplyDelete
    Replies
    1. ගෞරවය යන්නෙ ප්‍රදර්ශනය සංවිධානය කරපු අයට..රාජ්

      Delete
  2. බිම දිගා වෙලා ගත්ත ඒවා ඇඩල්ස් ඔන්ලි ඒවද අයියේ@@@

    ReplyDelete
    Replies
    1. අමිල මල්ලි ඒවෙලාවෙ නම් ගත්තෙ එළවලු වල ෆොටෝ

      Delete
  3. මමත් සෙනසුරාදා සවස ඔතනින් ගියා, තනියම යන්න කම්මැලි නිසා ප්‍රදර්ශනේ බලන්න ගියේ නැහැ. උඹ යනවා කියලා කිවනම මමත් එනවා.

    ReplyDelete
    Replies
    1. කොහොමද දෙන්න එක්ක බිම දිගා වෙලා පොටො ගගහ හිටියනං හෙම.. මැවිල පේනවා. උඹ නොගිය එක නං හොදා. අයියේ..

      Delete
    2. ඒ මොකද මලේ, වෙනියා බිම දිගාවෙලා ෆොටෝ ගැහුවද?

      Delete
    3. ඔය කියල තියෙන්නේ බිම දිගා වෙලා නැගිටින කොටයි අමිලව දැක්කේ කියලා...

      Delete
    4. මල්ලියේ මේකා ඒ බිම දිගා වෙලා තියෙන්නේ ෆොටෝ ගන්න නෙවේ, එදා මේකට වැඩි වෙලා.

      Delete
    5. අයිලාස් ආවනම් නියමයිනෙ..මම නෙවෙයි බිම දිගා වෙලා ෆොටො ගත්තෙ ඒ අමිල ලමයානෙ..

      Delete
  4. ඒක ඇවිල්ලා වෙනි අයියේ කලාකාමී ඡායාරූපයක්. බිම දිගා වෙලා අමුතුම කෝණෙකින් ගත්තේ. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..ඒ මම ටක් ගාලා බැලුවෙ අහල පහල කොටට කොටේ ඇඳන් ඉන්න ඈයො කවුරුවත් ඉන්නවද කියලයි..

      Delete
  5. මොකක්ද බොල වෙනී අයියේ මේ තියෙනා ෆොටෝ
    කෙල්ලෙක්වත් කොටට ඇඳලා නෑනේ ඉතින් මොටෝ
    ඔන්න අපේ නලින් අයියා ගැහුවා නියම ෆොටෝ
    බල්ලෝ නෙවෙයි හිටියෙම බොල කෙල්ලෝ නටෝ නටෝ

    මේක බලන්න යන්න නම් බැරිවුනා, එත් අනිවා වෙනී අයියාගේ කැමරාව ඒ පැත්තේ කැරකෙන් අනිසා බය නැතුව ඉන්න පුළුවන් ෂුවර් එකටම මේකෙන් බලන්න පුළුවන් නේ.

    ReplyDelete
    Replies
    1. කවි පෝස්ටුවක්ම දාන්ඩකො මල්ලි..කමෙන්ට් වලත දාන්ඩ ඉතින්..අපේ මාතලන් රාජ් එහෙමත් ටොප් එකට ඒක කරලා තිබ්බෙ...

      Delete
  6. පිංතුර ටික හරි වටිනව.සමහර පිංතුර ෆෝගස් අවුට්.අර කෑම කවන්නෙ කුමාර් ධර්මසේන කියල හිතුන.
    අර EGB කොන්ඩ වහල්ල ඉස්සරහට දාගෙන කෑම/බීම දෙන තැන්වල නම් හරිම කැතයි.
    මෙදා සැරේ ටිකට්ටුවට හරියන්න බඩ ගෙඩිය පුරෝගත්තෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් කෙන්ජි ෆොටෝ ටික එඩිට් කලේම නෑ..ඒ විදියටම දැම්මා..මේ දවස් වල පොඩ්ඩක් බිසි සහ ලැපාත් නිතරම ලෙඩ වෙනවා..

      Delete
  7. වෙනී අයියා අමාරුවෙන් අඹ ඉල්ලපු පාටක් පේන්ට තියේ :-)

    ReplyDelete
    Replies
    1. එතන නම් බොහොම ආකර්ශනීයයි...ටිකක් වෙලා බලා ගෙන හිටියා

      Delete
  8. පින්තූර තව ටිකක් ක්ලෝස් වුනානම් ගොඩක් ලස්සනයි.ඔක්කොම වගේ තියෙන්නෙ දුර පින්තූරනෙ වෙනී.

    ReplyDelete
    Replies
    1. එඩිට් කලේ නෑ අයියෙ..ඒකයි

      Delete
  9. එතකොට කෝ කාපුවා, දැකල හරි බඩ පුරව ගන්න.

    ReplyDelete
    Replies
    1. අත් දෙකේම කෑම පුරවගෙන ෆොටෝ ගන්ඩ බෑ මල්ලි..

      Delete
  10. පින්තූර ටික ලස්සනයි.:)

    ReplyDelete
    Replies
    1. පින්තූරවලට හිටි අය නෙ ලස්සන පොඩ්ඩියෙ

      Delete
  11. මොකද බං පින්තූරත් පොඩි කරලා අකුරුත් පොඩි කරලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් ෆොටෝ එඩිට් කරන්න වෙලාව තිබ්බෙ නෑ හෙන්‍රි

      Delete
  12. නිකං බොරු කියන්න එපා වෙනී අයිය. කෝ කෑම ගිලපු ෆොටෝ.

    ReplyDelete
    Replies
    1. තනියමනෙ ගියේ මල්ලි..පැත්තකට වෙලා කාලා බීලා වෙලාව තියෙන තියෙන වෙලාවට විතරක් ෆොටෝ ගත්තා..

      Delete
  13. වෙනි අයියා අරන් තියෙන්නේ කෑම වල ෆොටෝ වලට වඩා කෑම බෙදන්න හිටපු ගෑලු ළමයිනේ ඒවානේ :D :D

    ReplyDelete
    Replies
    1. ලස්සන දේවල් දිහාවට කැමරාව හැරෙන්නෙ මටත් නොදැනීම මල්ලි

      Delete
  14. කාපුව දැම්මෙ නැති එක තමයි අවුල

    ReplyDelete
    Replies
    1. සෙනඟ පොර කකා කෑවෙ..මාත් ඉතින් ඒ තැන් වල ටිකක් බිසි උනා..

      Delete
  15. තනියම කනවාට වඩා මේ වගේ බෙදා හදාගෙන කන එක කොයිතරම් දෙයක්ද ? ඒ කීවේ මේ වගේ පිංතූර වලින් හරි අපට මේ අවස්ථාව බලන්න ලබා දුන්නාට බොහොම ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. ඉස්සරහ සති අන්ත වල දිගටම ප්‍රදර්ශන තියෙනවා.. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එනවනෙ ලබන 14 වෙනිදා ඉඳන්..

      Delete
  16. වෙනීට බොහොම ස්තූතියි.රටඉඳි ගහක්ද එක ෆොටෝ එකක තියෙන්නේ?

    ReplyDelete
  17. යන්න බැරිවෙච්චි එකේ පොටෝ ටිකවත් ඇති අප්පා..තැන්කූ වෙනී..

    ReplyDelete