ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, August 17, 2013

හස්ත කර්මාන්තවල අනාගතය...

මේ දවස් ටිකේම අනිත් බ්ලොග් කියවා කියවා කමෙන්ට් කර කර ඉන්න අතරේ ඉතින් ආයි බ්ලොග් පෝස්ට් ලියන්ඩ නම් වෙලාවක් හිටීයා කියලා කවුරු හරි දෝස්මුරේ දාන්ඩ නම් එනවා නෙවෙයි ඕන් !
මේ දවස් ටිකේ ශිල්ප 2013 හස්ත කර්මාන්ත ප්‍රදර්ශනේ තියෙනවා නොවැ BMICH එකේ.. 

ඔෆිස් යද්දි එද්දි කකුල පැටලිලා වැටුනත් වැටෙන්නෙ බී එම් අයි සී එච් එකට හින්දා ම මාත් (ව්‍යාකරන ඇනෝ එයිද සරමත් උස්සගෙන මට කෙලින්ඩ ! ) ගියා හැමදාම වගේ ඔය කෙරුවාව බලන්ඩ..

අනිත් සැරවල් වල ශිල්ප ප්‍රදර්ශනය එක්ක තව තව ඒවත් එක්කහු උනාට මෙදා සැරේ හස්ත කර්මාන්ත විතරයි .

ආ ගිය අවුරුද්දෙ මරු වැඩක් උනා ඕක බලන්ඩ ගිහින්..

සුපුරුදු විදියට මාත් ගියා කැමරා රාජයත් එල්ල ගෙන ඕකෙ ඔය  හස්ත කරුමාන්ත අංශෙ ෆොටෝ ගන්ඩ..
මායි යාළුවෙකුයි ගියෙ..

ඒක සංවිධානය කරන කාර්යාලය හරියෙ සාරි ඇඳ ගත්ත ගැටිස්සියො ටිකක් එක්ක ඇඹරි ඇඹරි හිටපු ටයි දා ගත්ත "මහත්තැන්" කෙනෙක් කුලප්පු වෙච්ච වෘෂභයා සේ මගෙන් ෆොටෝ ගන්ඩ අවසර ගත්ත ලියුමක් ඉල්ලපි..

"අවසර ලියුම් නෑ..මේක නිදහස් ප්‍රදර්ශනයක් නෙ මන් (ව්‍යාකරන ඇනෝ මෙන්නෝ... ) ෆොටෝ ගන්ඩද එපාද ?"

"ෆොටෝ ගන්ඩ ඕනි නම් අවසර ගන්ඩ ලියුමක් ලිඛිතව ඕනි"

ටයි ගැටෙන්  හිරවෙච්ච ශ්වාස නාලෙන් මේ මහත්තැන් මට කියපි..

"කවුද ඉන්නෙ මෙතන බළධාරියෙක් මට කථා කරන්න "

මාත් ඇත හැරියෙ නෑ..මොකද මමත් දන්න ඔය ආයතන වල ලොකු අය ඉන්නවා..ටිකක් විතර..සියළුම පොඩ්ඩො නොදන්නවා උනාට..

"මේ අපේ සර් කෝ කොහාටද ගියේ ?"

"මිනිස්ට්‍රියට ගියා "

ඒ මේ මහත්තැන්ගෙයි සහායකයකුගෙයි කතාව..

"මේකො ෆොටෝ ගන්ඩ අවසර ගන්ඩ මෙච්චර දඟලන්න ඕනි නෑ මචන්..ෆොටෝ ගන්ඩ එපානම් බලන්නත් ඕනි නෑ..අපි ෆොටෝ එකක් ගහලා කොහේ හරි  ප්‍රචාරය කලොත් මේව නිර්මාණය කරන දක්ෂයින්ටනෙ තැන..ලොක්කන්ට එපා නම් වරෙන් යන්න"

කියලා මම අර මහත්තැන්ටත් කියලම ආවා..
එන ගමන් බලන අයට ප්‍රතිචාර ලියන්ඩ තිබ්බ පොතෙත් ඒ වෙලාවෙ හිතට ආපු ආවේගෙ ලියලාම ආවා..

ෆොටෝ ගන්න තහනම් ඒ වා කොපි කරයි කියලා බය නම්..බලන්නකො මේ වගෙ නිර්මාණයක් කොපි කරලා කරන්නත් මොන තරම් දක්ශ කමක් තියෙන්ඩ ඕනිද කියලා..

මෙදා පාර නම් මම කැමරා රාජයා අරන් ගියේ නෑ..මේ ගත්ත ෆොටෝ ගත්තෙ මගේ ෆෝන් එකේ කැමරාවෙන්..මෙදා පාර නම් ලොකු කැමරාව ගෙනාවත් අවුලක් නොවන බව සුවර්..මොකද එතන ප්‍රදර්ශනයම භාරව හිටි ලොකු නෝනවත් හොඳටම දන්න කෙනෙක් නිසා..සහ සංවීධාන කටයුතුත් අනගි විදියටම කරලා තිබ්බා..

හෙටත් ඒ කියන්නෙ 18 වෙනිදත් තියෙන නිසා යන කෙනෙක් ඕන් යන්ඩලා..
..
..












නිර්මාණශීලිත්වයට සීමා මායිම් නෑ කියලා හිතුන කුටියක්..නිර්මාපකයා කියන්ඩ හදපු දේ හරියටම නොතේරුනත්..






අපේ අම්මා සර සර ගාලා පොල් කොළ වලින් පැදුරු වියපු කාලෙ මතක් උනා..ලාම්පු එලියට පූස් පැටව් විතරක් නෙවෙයි මහ පූසිත් එහෙට්ට මෙහෙට්ට යන පොල් කොලෙ එක්ක සෙල්ලම් කරන්න හරි මනාපයි..ඒක බලන් ඉන්න අපිත් හරි මනාපයි..









58 comments:

  1. යට ඉඳන් පස් වැනි පින්තුරේ තියන වෙස් මූන ගැන තව පැහැදිලි කිරීමක් ඕන වැනි...

    ReplyDelete
    Replies
    1. ඒක ලී කැටයමක් කියලා කියන්ඩ විතරයි මම දන්නෙත් මල්ලි..බලන් හිටියා සෑහෙන වෙලාවක්..ඒක නිර්මාපකයා ලොකු කතන්දරයක් ඇතුලේ තියලා තමයි ඒක නිර්මානය කරන්න ඇත්තෙ..

      Delete
    2. පංච නාරි වෙස් මුහුණ වගේ නමුත් එක් අයෙක් අඩුයි චුතුර් නාරි කියලා අලුත් මුහුණක් වෙන්න ඇති :-)

      Delete
  2. නියම පින්තූර ටිකක් වගේම නියම වැඩ ටිකක්.
    වෙනී අයියත් ඉතිං හස්ත කර්මාන්ත කිවුවොත්......

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා මල්ලි දවසම බලන් හිටියත් ඇති වෙන්නෙ නෑ..හිතන්න මේ වගේ සියුම් කැටයම් පිටි පස්සෙ හිටි මිනිස්සු..මට නම් අදහන්නත් බැරි තරම්..ලොකු ගෞරවයක් හිතේ ඇති වෙන්නෙ

      Delete
  3. ඕවා ෆොටෝ ගන්න දෙන්නැත්කෙ නිර්මාණකරුවෝ නෙවෙයි... ලොකු ලොකු ටයි කාරයො.. උන්ගෙ හයිකාරකම් පෙන්නන්න.. මේවා කොපි කරන්නත් නිකම්ම බෑ නේ.. කොච්චර මහන්සි වෙන්න ඕනෙද... කැටයම් නිර්මාණ ටික නං කියලා වැඩක් නෑ.. හැබැයි ඉතිං කඩවල් වල නං ඕවයේ ගනං වලට කිට්ටු කරන්න පුළුවන් සුද්දන්ටම විතරයි.... එහෙමයි කියලා අඩු ගනං වලට ඉල්ලන්නත් බෑ.. මොකද ඕව‌ට වෙන මහන්සිය අපිත් දන්නවනේ....

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු..මේක බලන අතරෙ මට හිරු ඩිසයින් මතක් උනා..මූනු පොතෙන් ඔබ ඒ නිර්මාන අපිත් එක්ක බෙදා හදා ගන්න නිසාම...හිතා ගන්න බැරි තරමෙ මහන්සියක් වෙන්නෙ මේ නිර්මාණ වලට..හිතා ගන්න පුළුවන්..එහෙම බලද්දි, ඒවට තියන වටිනාකම සාධාරනයි..මම දුටුවා ගොඩක් ඒවා ලක්සල වෙන කරලා තිබුනා..එතකොට සතුටක් දැනුනා..

      Delete
  4. ෂික් මදැයි උඩදාගෙන ආවා.. ;)

    ඇත්තටම අපේ රටේ දක්ෂයෝ ඉන්නව බං. තැනක් දෙන්නෙ නැතිවට...

    ReplyDelete
    Replies
    1. ඔව් සෑමා මේ අයට තැනක් දෙනවා නම් අපේ දේවල් කොයි තරම් දුර අරන් යයිද කියලා අපිට හිතන්නවත් බෑ...

      Delete
  5. හොඳයි දැන් ෆොටෝ ගහගෙන ආවාකියලා අපිට මේවා හදන්ඩ පුලුවන්ද බං වෙනි අයියේ. මෝඩ රිලව් . උන් පොරවල් කියලා පෙන්නන්ඩනේ ඔය.

    ෆොටෝ ගැහුවා කියල කරන කර්මාන්තෙ හස්ත
    අරකෙදී වගෙ ගෙවෙනවාද රේඛාවන් හස්ත
    ටයි පොලු දාගත්ත අමන රිලව් වටේ වත්ත
    එලවගන්න බැරිනම් පෙති ගහමු අරං කැත්ත

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි හිතන්න මේ ෆොටෝ එකක් බලා ගෙන මේ වගේ නිර්මානයක් කලා කියලා..ඒත් ඒක කරන්නත් කොයි තරම් නම් ලොකු හැකියාවක් තියෙන්න ඕනිද ? බොලාගෙ කවිත් එන්න එන්නම දියුණු වෙනවා !

      Delete
  6. මේ අවුරුද්දේ ගිය අවුරුද්දට වඩා පිලිවෙලක් ඇතුව වැඩේ කරලා තිබුන බව නම් ඇත්ත. පුදුම හැකියාවන් තියෙන කලාකරුවො ඉන්නේ. සමහර නිර්මාණ කලේ කොහොමද කියලා හිතාගන්න බෑ. ඊයෙත් ගියා. හෙටත් යන්න කියලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මටත් හෙට උදේ එක්සෑම් සුපර්විශන් වගයක් තියෙනවා..වෙලාව තිබ්බොත් එනවා..මම දුටුවා මල්ලි ගිහින් තිබ්බ බව මූණු පොතෙන්

      Delete
  7. මොනවගෙන්ද බං අර ප්‍රදර්ශන කුටිය පුරවලා තියෙන්නේ...? පත්තර වලින්ද?

    ReplyDelete
    Replies
    1. ගුලි කරපු පත්තර පිටු තමයි..කොයි තරම් බලන් හිටියත් තේරුනෙ නෑ..

      Delete
    2. මෙන්න ඒකෙ තිබුන පණිවිඩය. මම සිංහලට හැරෙව්වා.
      “ඔබගේ ගුරුවරුන්ට හෝ ජනමාධ්‍ය වලට ඔවුන්ගේ චින්තනයන් තුලින් ඔබගේ නිර්මාණශීලී බව වැනසීමට ඉඩ නොදෙන්න. ඔබේ නිර්මාණාත්මක බවේ සාර්ථක බව තීරණය වන්නේ ඔබේ චින්තනය සහ කැපවීම මත පමණි. නිර්මාණාත්මක බව මුදල් ගෙවා ඉගෙනගත නොහැක”

      Delete
  8. අර ලී කැටයම් ටික නම් මරු අයියෙ, අන්තිමට දාලා තියෙන ඇතා නම් පට්ට.

    ReplyDelete
    Replies
    1. ඒ ඇත්තු දෙන්නම නියම අලි සයිස් එක ...මට නම් හිතා ගන්න බෑ කොහොමද කලේ කියලා..ඔයිතරම් ලොකුවට වගේම ඒකෙ තියෙන සියුම් කැටයම් !

      Delete
  9. මේ සෙට් එකෙන් සියුම් කැටයම් කරුවෙකුගෙ දක්ෂ වැඩක්කියන්න පුළුවන් අර නැට්ටුවගෙ පිළිමෙ විතරයි. අනෙක්වනම් බාල බඩු. අර ගමන් මගේ මගියා කියාපු වෙමූණත් අමුතු නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ඉන්දික මේ ෆොටෝ වල තියෙන ලොකුම දුර්වලතාවය තමයි..සැබෑ නිර්මාණයෙන් 2% කවත් තියෙන නිර්මාණමය ගති ලක්ෂන පෙන්නන්නෙ නැති කම..ඔබ සැබැවින්ම මේ ටික දුටුවා නම් සමහර විට ඔබේ අදහස වෙනස් වෙන්නත් තිබුනා

      Delete
  10. ලී කැටයම් මරු.
    කොච්චර සංයමයක් උවමනාද..?
    හිතාගන්න බැරි මිලක් ඇති නේද අය්යෙ..!

    ReplyDelete
    Replies
    1. මිල නම් අපි වගේ අයට ලං කරන්න බෑ මල්ලි..නමුත් හෝටල් වලින් සහ විදේශිකයන්ගෙන් ඉල්ලුමක් තියෙයි..මම දුටුවා විදේශිකයන් කීප දෙනෙකුම බොහොම උනන්දුවෙන් නරඹනවා..

      Delete
    2. අර ලොකු අලියා රුපියල් ලක්ෂ 70ක්.

      Delete
  11. හස්ත කරුමාන්තෙට රාජ්‍ය අනුග්‍රහය... =D
    අර පත්තර නිර්මානෙනං මට තේරුනෙත් නෑ ඉතිං..
    ඒ උනාට බලලා ආවා...

    ReplyDelete
    Replies
    1. අපේ ප්‍රදීප් මල්ලි පරිවර්තනය කරපු අදහස නම් මටත් ආවා..ඒත් අර ගෑණු කෙනෙක් අඹලා තිබ්බ සංකල්පය තමයි තේරුනෙ නැත්තෙ..

      Delete
  12. උන් නම් රියල් වැඩ්ඩො. වෙනි අයියගෙ මූන නම් ලස්සනටම කරල තිබ්බ. (අර යට ඉඳල 7 වෙනි එක )

    ReplyDelete
    Replies
    1. මූණු පොතෙත් ඕකම දාලා මම අහ ගත්තා හොඳ කතන්දර ටිකක් මල්ලි..

      Delete
  13. මේවට "හස්ත කර්මාන්ත" කියන එක හරින අසාධාරනයි.... මොකද අත් දෙක විතරක් හිබුන පලියට මේවා කරන්න බැරි නිසා...

    ReplyDelete
    Replies
    1. හස්ත කර්මාන්ත කිව්වට තව කෙනෙකුට නැති අද්විතීය නිර්මාණ ශක්තියක් ඔළුවෙ තියෙන හොඳ ශික්ෂණයක් තියෙන කෙනෙකුට හැර කරන්න බෑ..

      Delete
  14. දවස ගානේම හස්ත කර්මාන්තය ප්‍රගුණ කලත් මට නම් මේවගේ ඉහල නිර්මානශිලි හැකියාවක් කවදාවත් ලැබෙන එකක් නෑ...:)

    ReplyDelete
    Replies
    1. ඔය වගේ කළාත්මක හැකියාවන් පෙන්නන්න කරුණු තුනක් අවශ්‍යයිලු. 01. ප්‍රතිභා 02. ව්‍යුත්පත්ති 03. සතත අභ්‍යාස (තේරුම නං අහන්න එපා ඕං)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. නාරාවිල පැට්රික්ට අනුව
      ප්‍රතිභා යනු අපූර්ව වස්තු නිර්මාණාත්මක ප්‍රඥා හෙවත් වටහා ගැනීමේ ශක්තිය යැයි කියනු ලැබේ. ව්‍යුත්පත්ති යනු ප්‍රකාශන ශක්තියයි. සත්තාභ්‍යාසය යනු ප්‍රතිභා හා ව්‍යුක්පත්ති දෙකෙහි ශක්තිය නිරන්තරයෙන් ප්‍රායෝගිකත්වයට පත් කිරීමේ ශක්තිය හෙවත් ප්‍රාගුණ්‍ය යි.

      http://www.lakehouse.lk/budusarana/2008/09/28/tmp.asp?ID=fea01

      Delete
    4. මයියා ප්‍රදීප් මල්ලියි නිකමා.. යි නිසා මමත් නොදන්න කරුණක් දැන ගත්තා..

      Delete
  15. කොයි තරං ආස්වාදජනක උනත් හැමදාමත් හස්තකර්මාතවලම යෙදිලා පුලුවන්ද මලේ ... මැසිමක් ගන්න බලමුකෝ ...

    ReplyDelete
    Replies
    1. මුට මැසිමක් ගන්න බැහැ, මතක නැතිද මුගේ දෙක තුනම නැතිවුනා කියලා මේකා කියලා තිබුනේ.

      Delete
    2. උඹ කියන්නේ බොබින් එක ගැනද අයිලාස්?

      වෙනී. උඹ කවදත් උඹ දැකපු දෙයක් අපිටත් පෙන්නපු උපැස් යුවලක්. උඹට ස්තුතියි. සමහර ඒවා නම් මාරයි, බං.

      Delete
    3. ගාමිණි අයියෙ සහ අයිලාස්..මැසින් ගත්ත අයට අප්සට් යයි කියලා නොකියා ඉන්ඩත් හිතූනා..ඒත්..
      ඔය මැශින් වල ගහන ඒවා සේරම එක වගෙයි.එකම නිර්මාණය තමයි එළියට එන්නෙ..ඒ උනාට හස්ත කර්මාන්තයකින් එන ප්‍රතිපලේට යොදා ගන්න පුළුවන් නිර්මාණාත්මක අවකාශය අනන්තයි..අප්‍රමාණයි..
      එහෙව් එකේ අපි නම් ගනී මැසින් හුහ් !
      ඔව් හෙන් රි එක් පෝලිම ප්‍රදර්ශන පේලියක් තියෙනවා ඉස්සරහදිත්..ආන් ඉන්ෆොටෙල් එකත් තියෙනවා ලබන මාසෙදිද කොහෙද !හික්ස් බොබින් එකද නැති උනේ ?

      Delete
  16. කඩදාසි පුරෝලා හදලා තියෙන්නේ ප්‍රතිචක්‍රීකරණය කල හැකි දෙවලිනුත් නිර්මාණයක් කරන්න පුළුවන් බවද?, සුපිරි දේවලින් තොරව (ලී වගේ දේවල්) සරලව නිර්මාණයක් කල හැකි බවද?

    ---
    අපේ පොඩි බාප්පා වඩු වැඩ කරන්නේ. එයාගෙ පොඩි පුතා හදපු නිර්මාණ වලින් තමයි ගේ පුරෝලා තියෙන්නේ. ඒවත් ඔය වගේම ලස්සනට හදලා තියෙනවා. එයාගෙ වයස 12යි. එච්චර පොඩි එකෙක් එහෙම හැදුවයි කියල හිතාගන්නත් බෑ. ඒත් අවාසනාවට එයා සර්පයෙක් දෂ්ඨ කරලා අපෙන් වෙන්වුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම කනගාටුයි මිත්‍රයා

      Delete
    2. ශෙහ් හිටියා නම් හොඳ නිර්මානකරුවෙක් වෙයිනෙ..හරිම කනගාටුයි අකමා..

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. මෙතනින් එහාට මේ නිර්මාණවලට මාකට් එක හදන්නේ ලක්සල හරහාද ?

    ReplyDelete
    Replies
    1. ලක්සල බොහොමයක් නිර්මාණ එයාලාගෙ ප්‍රදර්ශනාගාර වල ප්‍රදර්ශනය කරන්න වෙන් කරගෙන තිබුනා.

      Delete
    2. බොහොමයක් ඒවා ලක්සල වෙන්කරගෙන තිබුනා..ඒ අය ප්‍රදර්ශනය කරලා විකුනලාඅ දෙනවත් ඇති..

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. සමා වෙන්න ලියන මහත්තය. Blogga පාවිච්චි කලාට.
    මෙන්න මේකත් බලල කමෙන්ටුවක් දාන්න.

    http://www.youtube.com/watch?v=beVRB3mFld4

    මේකෙ ලී කෑල්ලක් ඇනයක් පලාතක නෑ. කාඩ්බෝඩ්, රිජිෆෝම්, කඩදාසි සහ ඹටෝ ඉන්සුලේෂන් ටේප් විතරයි. දවස් හතේ පිරිත් පින්කමෙන් පස්සෙ සම්පූර්ණෙන්ම අයින් කරනව.

    ReplyDelete
    Replies
    1. ෂා..අති දක්ෂ නිර්මාණයක්නේ.

      Delete
    2. සමාව ඉල්ලන්න ඕනි නෑ කොහෙත්ම..නිර්මාණාත්මක දෙයක් අපිට ඇහැ ගැටෙන්න සැලැස්සුවට..ඔබට බොහොමත්ම ස්තූතියි.. මේ වගේ දේවල් තව තියෙනවා නම් මෙතන දමන්න..

      Delete
  22. මේවගේ නිර්මාණ කල හැකි තවත් දක්ෂ අය කොච්චර නම් හැංගිලා ඇද්ද කියන එකත් හිතට ආවා පින්තූරු බලද්දි.

    අලියෝ ටිකට ඇස් ඇදිලා ගියා.:)

    ReplyDelete
    Replies
    1. අන්තිමට තියෙන්නෙ පොඩ්ඩිගෙයි අහවලගේ මඟුල් ඉරියවුවනෙව !

      Delete
    2. ඔව් පොඩ්ඩි අලි ඇත්තු තමයි ගොඩක්ම හිටියෙ..
      අපේ සරත් අයියා කියන්නෙ ඇත්තද අප්පා ?

      Delete
  23. වෙනී අයියා ඔත්තුවට ස්තුතියි අලියයි ගොව්වයි නම් නියමයි අර යන්ත්‍රයෙන් වියන්නේ දුම්බර කළාල නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දුම්බර කළාල..එයා ලෝබ නැතුව කියලත් දෙනවා එන හැමෝටම..

      Delete
  24. මට මතක් වුනේ පොඩි කාලෙ අම්මත් එක්ක ලක්සැලට ගිය හැටි..

    ඇත්තටම ඉස්සර පැදුරු වියනකොට බළල්ලු ඒවත් එක්ක කොච්චර සෙල්ලම් කරණවද ? දැන් පැදුරුත් නෑ, බළල්ලුත් නෑ...

    ReplyDelete
  25. පුදුම හිතෙනවා. බලන්න බැරි වීම ගැන දුකයි.

    ReplyDelete
  26. ලංකාවේ හස්ත කර්මාන්ත වලට ඉස්සරහට යන්න උදව්වක් දෙන්නේ නැහැනේ කව්රුවත්. තව කාලයක් ගිහින් ඕව නැතිම වෙලා ගියාම කට්ටියට තේරෙයි ඕවයේ අගේ.

    ReplyDelete