ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, November 23, 2012

ගේ කුරුල්ලෙක් දැක්කද ? It's about Sparrows not gay !


මේ ලස්සන ෆොටෝ එක දුන්නෙ නම්
http://oklahomawildlifecontrol.com/tag/gentle/




"අම්මේ මෙන්නෝ කුරුළු කූඩුවට ගැරඬියෙක් එනෝ..."

"අම්මේ...අම්මේ....!"

කිහිප වාරයක්ම කෑ ගැසුවත් ගෙතුලින් කිසිම ප්‍රතිචාරයක් නොලද්දෙන්...

"අක්කේ....චූටි අක්කේ..."

"ලොකු අක්කේ...අක්කේ මෙන්නෝ...."

ගෙතුල පෙර සේම නිහඬය..මෙලෙස බෙරිහන් දෙන විටෙක වෙනදා මේ තිදෙනාගෙන් එක් අයකු හෝ දුව ගෙන එයි.

නමුත් අද ඔවුන් අත්‍යවශ්‍යම වෙලාවෙ..

ගැරඬියා වහලේ මුදුන් පරාලය දිගේ විත් කුරුළු කූඩුව අසලටම ඇදේ..අප්‍රසන්න කහපැහැ උගේ බඩවත ඉතා පිලිකුල් සහගතය..
එවිටයි මගේ සිහියට නැගුනේ අම්මාත් අක්කලා දෙන්නාත් අපගේ ඥාති අයියා කෙනෙකු විසින් පසු ගිය දිනක අපගේ වත්තේ ගැට ගසන ලද හඳයාට තණකොල කපන්නට යන බව කියා හෝරා කීපයකට පෙර නිවසින් බැහැරව ගිය බව.. මේ වෙලාවෙම මේ ජරා ගැරඬියා 
ආවනෙ...ශිහ්..

කුරුළු කූඩුව තුල කුරුළු පැටව්න් සිටියාද යන්න ගැන හාංකවිසියක් නොදත්තත්..ඔවුන් බේරා ගැනීමේ මහා කර්තව්‍යය මා හිස මත පැටවී ඇත..

මා හනික පිළි කන්න වෙත දිව ගියේ දර මඩුව තුලින් තරමක් දිග උණ බටයක් ඇද ගත්තේය.. සත්තුන්ගෙන් මා හට ඉතාම පිළිකුල් සතා වූයේ සර්පයන්ය..එය බියකටත් වඩා මහත් පිළිකුලකි..එය අදටත් එසේමය..
මේකෙන් අනිනවා ඌට එතකොට ඌ ආයිමත් ගෙයි මහා පරාලෙ දිගේ ආපු පාරෙම යන්නෙ නැතෑ..මා සිතමින් නිවෙස සාලය වෙත පැමිණ කුරුළු කූඩුව දෙස බැළුවෙමි...

ඊහ්...ගැරඬියා තම ඔළුව සහ කඳින් තරමක් කූඩුව ඇතුලට ඔබා ගෙනය.. පරණ මුට්ටියක් අඩියෙන් හිල් කරගෙන පරාල ඇණයක් බිත්තියේ ගසා එය මත මුට්ටිය රඳවා මේ කූඩුව සාදා දෙන ලද්දේ අයියා විසින් වසර ගනනාවකට පෙරය..මෙය වාසස්ථානය කර ගෙන සිටි ගේ කුරුල්ලන් ජෝඩුව අපගේ පවුලේ සාමාජිකයින් බවට පත් වී හමාරය.. මා තවත් ප්‍රමාද නොවිය යුතුයි..

මහත් පිළිකුලින් යුතුව වූවද, මා  සාලය මැදට ගොස් උණ බටය ගැරඬියා වෙත දික් කලෙමි..ඌට ගානක් වත් නැත..උණ බටය දිගත් මදි..තවත් ළඟට ගොස් අහක බලාගෙන වැරෙන් උණ බටයෙන් ඇන්නෙමි...මා අතට ඌගේ රබර් වැනි කඳ උණ බටයේ වදින ස්පර්ශය දැනුනේ ගෙන දුන්නේ මහත් අපුලකි..උඩ නොබලාම තවත් වරක් ඇන්නත් එවර යම් ගන දෙයක තදින් උණ ලීය වැදෙන බවත් යම් වැරැද්දක් වූ බවත් ක්ශණයකින් මට වැටහිනි..

උණ ලීය තදින් කුරුළු කූඩුව වූ මුට්ටියේ වැදී එය රඳවා තිබූ ඇණයෙන් ගැලවී මා අතවූ උණ බටය දෙගේ රූරා එමින් තිබුනේ තවමත් එයට ඔළුව දමා ගෙන සිටි ගැරඬියාද සමඟිනි. මුට්ටිය, ගැරඬියා සමඟ කෙසේ බිමට පතිත වූයේද යන්න මා දන්නේ නැත..ඊළඟ මොහොතේ ම සිටියේ මිදුල මැදය.. මුට්ටිය බිමට වැටී බිඳී සී සී කඩ යනවාත් තුශ්නිම්භූත වූ ගැරඬියා මදක් බල සිට සිමෙන්ති පොළව දිගේ කාමරය වෙත ඇදී යනවාත් මා දුටුවේ නෙත් කොනකිනි..

අම්මා සහ අක්කලා එනතෙක් මා මිදුලේ ගල් ගැසී සිටියා මතකය..

සිද්ධිය ඔවුන්ට කී මා ඔවුන් තිදෙනා පසු පසින්  බියෙන් ගැහෙමින් ගෙතුල පැමිණියෙමි.. මුට්ටියේ කෑලි සෑම තැනම විසිරී තිබුනි..පිදුරු පුළුන් ඈ ආදීයෙන් සාදා තිබූ කූඩුව එක තැනක වැටී තිබුනි.

එය සෙමින් අතට ගත් ලොකු අක්කා විශාල ඉකියක් සමඟම අඬන්නට වූවාය.. සිමෙන්ති පොළව මත කෑලි විසිරී ගිය බිත්තර කටු කීපයකි..

"අනේ බිත්තර හතරක්ම තිබිලා"

"ගැරඬියෙක් ආවද නැත්නම් මෙතන මන්කි නැටුවද දන්නෙ නෑ..උණ ලී අරගෙන"

චූටි අක්කා කී දෙය මට හරියට ඇසුනේ දෙවරක්ම කී විටය..
ඒ කාලෙ රූපවාහිනියේ ජනප්‍රිය ටෙලි නාටක මාලාවක් වූ "මංකි" නාට්‍යයේ මෙන් ලී රැගෙන ඔළුව වටා කරකවමින් මංකි වීම චුටි අක්කාට මහාම මහා කරදරයක් වී තිබුනි.

බිඳී ගිය බිත්තර හතර මෙන්ම මාගේ හදවතද කෑලි කෑලි වලට බිඳී ගොස් තුබුනේ මේ මාගේ ආදරණීය චූචු හා චූචි යනුවෙන් මා විසින්ම නම් තබා තිබූ ගේ කුරුළු ජෝඩුවගේ බිත්තර නිසාය..විශාල දුකකින් හදවත පිපිරෙන්නට එද්දී...

"ආයි දෙකක් නෑ මංකි නටන්න ඇති මෙතන සාලෙ උණලීය කූඩුවෙ වැදිලා බිඳුනහම මෙතන බොරුවට ගැරඬියෙක් අල්ලනවා"

සැක සහිත ඇස් යුවල තුනකට මැදි වූ මා..

"මන් නටපු මංකියෙක් නෑ..බලන්න ගැරඬියා රිංගුවේ කාමරේ ඇතුලට"

මා නිවැරදි කිරීමට සාක්කි සැපයීමට ගැරඬියා කාමරය තුල නොසිටියේය..එනිසාම අයියාගෙන් ටොක්කක්ද තාත්තාගෙන් බැනුම්ද ඇසීමට සිදු වූයේ මටයි..

එම ඇනුම් බැනුම් වලින් මාගේ සිත බිඳක් වත් රිදුනේ නම් නැත..මන්ද යත් එම බැනුම් සඳහා මා වරදක් නොකල බැවිනි..නමුත් ඊටත් වඩා මා සිත් තැවුලට පත් වූයේ මා නිසි ලෙස නොබලා ගැරඬියා යැයි සිතා කුරුළු කූඩුවට ප්‍රහාරයක් එල්ල කල කාරනය පිළිබඳවයි..පසු දින පවා කුරුළු කූඩුව තුබූ තැන පියාසලමින් කෑ කොස්සන් ගසන ගේ කුරුල්ලන් ජෝඩුව දෙස බැලීමටවත් මා හට ශක්තියක් නොතිබිනි. 

එදිනම මා පාසැල් ගොස් ආපසු එනවිට අසල වූ කඩයෙන් ලක්ෂපාන බැටරි හිස් පෙට්ටි කීපයක් රැගෙන විත් එහි පියන පාප්ප ගා අලවා එක් පැත්තකින් තරමක් ලොකු සිදුරක් කපා අක්කා පසෙකට කර තිබූ පරණ කුරුළු කූඩුවේ වූ දෑ එයට දමා පහල ගෙදර ගාමිණීගේ උදව්ද ඇතිව නැවතත් අර මුට්ටි කූඩුව තුබූ තැන  මෙම පෙට්ටි කූඩුව සවි කලෙමි. 
ගෙනා අනිත් බැට්‍රි පෙට්ටි කීපයද එලෙසම සකසා පිදුරු සහ පුළුන් පුරවා නිවසේ තැන් තැන් වල සවි කලෙමි..

"මෙහා දැන් අපිට මේ ගේ කුරුල්ලන්ටම දීලා වෙන තැනකට යන්න වෙයි වගේ"

සැමගේ සිනාවට මා ලක් වූවද පසු කාලීනව මා සැකසූ සියළු කූඩු වල ගේ කුරුල්ලන් ජෝඩු පදිංචි වී පැටව් දමා ඉගීලෙන විට මා විසින් මා කල ඉහත වරදට මාම සමාව දී සිත නිදහස් කර ගත්තෙමි..

ඒ දශක තුනකට එහා අතීතයයි..මෙම අතීතය මා හට ආවර්ජනය වූයේ ඇයි ?

බ්‍රිතාන්‍ය http://www.rspb.org.uk/  හි විද්‍යාඥයකු විසින් 1966 මිලියන 210ක් වෙච්ච කුරුළු ගහනය අද වෙනකොට මිලියන 166 දක්වා අඩුවෙලා තියෙනවා කියලා අධ්‍යයනයකින් සොයන් තියෙනවා කියන වාර්තාව මගේ ඇහැ ගැටුනා..

ඒ අතරිනුත් ගේ කුරුල්ලන්ගෙ ගහනය 2000 ඉඳන් යම් වැඩිවීමක් දකින්න පුළුවන් උනත්..තාමත් 1966 ට වඩා මිලියන 20 තරම් අඩුවෙන් තමයි ගේ කුරුල්ලොත් ඉන්නෙ කියලයි සඳහන් වෙන්නෙ. 

කෑදරකමින් ඉඩම් අල්ලා ගැනීම නිසා කෑම අඩු වීම සහ ලගින්න කූඩු සාදා ගැනීමට නොහැකි වීම වගේම පාර වල් වල වාහන වැඩිවීම කියනා සාධක ගේ කුරුළු ගහනය අඩු වීමට හේතු විදියට සොයන් තියෙන්නෙ.. ඒ කීවෙ බ්‍රිතාන්‍යයෙනෙ..

අපේ ගමේ ගෙවල් වල උනත් ඒ දවස් වල අඩුම තරමේ එක ගේ කුරුළු කූඩුවක් හරි තිබ්බා..ඒත් අද නම් එහෙම නෑ.. උන් කරදරයක් විදියට  සලකලා ගේ කුරුළු කූඩුවක් හදන්න කවුරුවත් පෙළඹෙන්නෙ නෑ.. ඒ නිසාම අධ්‍යයනයක් නොකලත් ඇහැට පේන්නෙ තියෙන තත්වෙ අනුව කීව හැකි ලංකාවෙත් ඉස්සර තරම් ගේ කුරුල්ලො දැන් නෑ කියලා..

මේ ගැන මන් පහු ගිය දවස් කීපෙම මගේ යාළුවො කීප දෙනෙක් එක්කම කතා කලත් එක්ක.. ඒ ගොල්ලන්ගෙන් එක අයෙක්..

"අපෝ ඕනි තරම් ඉන්නවා මචන් අර උඹ ගිය වෙලාවක අර බස් ස්ටෑන්ඩ් එකට පලයන් ගිහින් ටිකක් වෙලා බලන් හිටහන්.."

ඒක ඇහුවහම මටත් සතුටුයි..ඊයේ හැන්දෑ කරේ මන් ටවුමට ගියේ ඔය පේමන්ට් එකට ඇවිත් තියෙන අළුත් ගැජට් බැජට මොනාද කියලා බලන්නයි..හරි හමන් එකක් නොතිබිච්ච නිසාම මන් පොඩ්ඩක් ගියා බස් ස්ටෑන්ඩ් එකට.. වෙනදා වගේම සෙනඟ පිරිලා..එහාට මෙහාට දුවන් නා නා ප්‍රකාර මිනිස්සු !

මාත් පොඩ්ඩක් ඉඩ තියෙන බංකුවක ඉඳගෙන පොඩ්ඩක් වට පිට බැළුවෙ මේ යකා කීව ගේ කුරුල්ලො කොයි කියලයි..කපුටො කීප දෙනෙක් නම් එහෙ මෙහෙ පියාඹා පියාඹා හිටියා.. 

මන් දිහා හොඳින් බැලූ තරමක කඩවසම් තරුණයෙක් මාත් එක්ක හිනා උනා..මතකයේ රැඳිච්ච මුහුණක් නොවුනත් මමත් පොඩ්ඩක් හිනා උනේ  ඉතින් ඕකට වියදම යනවයෑ කියල හිතලයි.. ටික වෙලාවකින් මන් ළඟ හිටි කෙනා නැගිටලා ගියා විතරයි අර කී තරුණයා මන් ළඟට ඇවිත් ඉඳ ගත්තෙ සිනා වෙමින්..මන් ආයිමත් වට පිට බැලුවෙ.. කෝ යකෝ ගේ කුරුල්ලො ? සිතමින්..

"අයියා කවුරු හරි එනකන්ද ඉන්නෙ ?"

තරුණයා තම හඬ අවදි කලා.. 

"ආ ඔව් ඔව්.."

මාත් බොරුවක් කීවා.. අර තරුණයා තමන්ගෙ අතේ තිබ්බ පත්තරය දිගෑර ගෙන බලන්න ගත්තෙ.. මිනිහගෙ එක අතක් මගෙ කකුල උඩ..
පොඩි ඉඩක මාත් එච්චර කතා කරන්න කැමැත්තක් නොදක්වපු නිසා තමයි මිනිහා පත්තරේ දිගෑර ගත්තෙ කියලා මන් හිතුවත්...

ටික වෙලාවකින් මට තේරුනා මොකටද එන්න හදන්නෙ කියලා.. මේ ගෙන්දගම් පොළවේ අවුරුදු 22ක් ගත කරපු මට යමක් තේරෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ..

මට එක් වරම කේන්තියක් හිතට ආවත්.. 
හ්ම්ම්ම්ම් මේක මේ තරුණයාගේ වරදක් නෙවෙයි..මේත් තවත් එක ජීවන රටාවක් තමයි..මන් අකමැති උන පලියට ඒක වැරැද්දක්ය...පිටු දැකිය යුතුය..තලා හෙලා කතා කල යුතුය..කියන හැඟීමක් මගේ හිතේ ඇති උනේ නෑ..ඇති වෙන්නෙත් නෑ..බොහෝමයක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විදියට මට නම් පිළිකුලක් ඇති උනෙත් නෑ. නමුත් මේක වැඩිදුර යන්න ඉස්සර මන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා මිනිහගෙ කනට කරලා කීවා..

"මල්ලි වෙන කෙනෙක් බලන්න මන් නම් මේකට කැමති නෑ.."

කියලා...

මිනිහත් ඒක බොහොම හොඳට තේරුම් අරන් තව ටිකක් ඉඳ ගෙන ඉඳලා එතන හිටි අනිත් අයට වෙනසක් නොතේරෙන්න නැගිටලා ගියා..

එක එක අයගේ විවිධ රුචි අරුචි කම් ඉවසා දරා ගෙන ජීවත් වෙන එක තමා අද සමාජයේ තියෙන හොඳම දේ කියලයි මගේ පුද්ගලික අදහස නම්.. හැබැයි මේ වගේ වෙනස් රුචියක් තියෙන අය මෙහෙම හිනාවෙලා කාටත් නොදැනෙන්න අරෙහෙ මෙහෙ අත ගාන්න, මිරිකන්න , පහුරු ගාන්න එන්නෙ නැතුව... හිනා වෙලා කතා කරලම අහනව නම් මන් මෙහෙමයි ඔයාත් එහෙමද කියලවත්... මට මුලින් ආපු ක්ශණික කේන්තියවත් එන එකක් නම් නෑ කියලයි මට හිතුනේ.. එහෙම උනා නම් මටත් කෙලින්ම කියන්න තිබ්බා මගේ රුචිය ගැන..

මන් තව ටික වෙලාවක් හිටියත් දැකපු ගේ කුරුල්ලෙක් නම් නෑ..
මන් මේ සිද්ධියත් එක්කම මට අර බස් නැවතුමේදි ගේ කුරුල්ලො බලන්න යෝජනා කරපු යාළුවට කීවම,

"ඉතින් මන් බොරුයෑ කීවෙ උඹ ලඟ ඉඳගෙන තියෙන්නෙ ගේ කුරුල්ලෙක් තමා"

"!!@#$%$%^^ ^*&@#$#@$$%%& $##%#@@"

හොඳ වෙලාවට මන් කීව එව්වා ඇහුනෙ මගේ යාළුවට විතරයි..

මට තාමත් දුක අපේ ළමා කාලේදි අපිටම ලං වෙලා හිටි මේ ගේ කුරුල්ලො අද දකින්න අඩු එක තමයි..

ඔය ගොල්ලොත් ඒක එහෙමම දකිනවද ?



ප.ලි. 
මේ පෝස්ට් එකෙන් පස්සෙ මන් සතියකට හමාරකට ආයි මුකුත් නොලියා ඉන්නයි ඉන්නෙ. මොකද අච්චාරුවක් උනහම ඒක හදලා ටික කාලයක් පදම් වෙන්න වහලා තියන සිරිතක් තියෙනවනෙ..එතකොට තමයි ඒකෙ තියෙන ඒවා හොඳට විනාකිරි වලින් තැම්බිලා රසට එන්නෙ..ආන් ඒ වගේ...

මන් බ්ලොග් කියවන සති 2ක් තමයි ඉස්සරහට යෙදිලා තියෙන්නෙ ඕන් !


66 comments:

  1. එක් ගේ කුරුළු පිරිසක් අඩු වෙන කොට වෙන ගේ කුරුළු පිරිසක් වැඩිවෙලා තියෙනවා. ඇත්ත ඉස්සර දකපු තරම් කුරුළ්ළෝ දැන් දකින්න නම් නෑ. ඒත් අපේ ගේ ගාව නම් වෙන්දටත් වඩා කුරුල්ලෝ ඉන්නවා. හේතුව උනේ මගේ කතාවල තියෙන වෙල. ඉඩම් නඩු නිසා කෑලෑවක් උන එක. කුරුල්ලො, මුගටි, ඉත්තෑවෝ පිරිලා, කොළඹ ඉඳලා කිලෝ මීටර් අටයි. හිතන්නවත් පුළුවන්ද....?

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන් එහෙම වෙච්ච කැලෑ රොදවල් තමා දැන් සත්තුන්ට ඉන්න තියෙන්නෙ.. කොළඹ උනත් දැන් හැදෙන ක්‍රමේට..මන් කීවෙ තලවතුගොඩ දියවන්නා ප්‍රදේශය සෑහෙන්න හොඳයි කුරුල්ලො සහ සතුන්ට..නමුත් පොදුවේ සත්ව ගහනය අඩුවෙනවා !

      Delete
  2. ඔන්න අයියේ ඉතිං එක්තරා කෙනෙක් හිටියළු... පොර මොන විදියකින් හරි වැල මරුවෙක් උනා කියමුකෝ.. මෑන්ගේ මරන්නේ වැල සයිස් වෙච්ච ගෑණුන්ව තමාළු... ඇත්තටම මේකට හේතුව හොයං යද්දී තමා මෑන්ගේ ගෑණුන්ට ඇති අකමැත්ත හොයගන්න පුළුවන් උනේ... (ඕවා හොයාගත්තේ කවුද කොහොමද කියලා මගෙන් අහන්න එපා දැන් හරිය..හිතන්නකෝ පෞද්ගලික රහස් පරීක්‍ෂකයෙක් විසින් කියලා.. )

    හරි ඉතිං මේ ගේ කුරුල්ලා..නැහැ වැරදුනා.. මේ වැල මරුවා ගෑණුන්ට මේ තරං අකමැති මෑන් පිරිමින්ට හුගක් කැමති නිසා කියලත් ඔන්න අර පරීක්ෂකයම හොයා ගත්තා... මේ අපේ වැල මරුවා තමන්ට කවුරු හරි පිරිමියෙක් අල්ල ගන්න ඕන උනාම එක එක උපක්‍රම භාවිතා කරනවා.. මෑන් හරි නිර්මාණශීලී පොර...

    එක උපක්‍රමයක් තමා හවස් අතේ පත්තරයක් අරං බස්ටෑන්ඩ් එක පැත්තේ ගිහින් එතන ඉන්න කාට හරි හේත්තුව දාලා කොල්ලෙක් සයිස් කරගන්න බලන එක... ඒක බොහෝ දුරට මෑන්ට හරියනවා කියලයි හොයා ගන්න පුළුවන් උනේ.. ඒත් එහෙම නොවෙන වෙලාවට මොකද කරන්නේ.. මෑන් උත්සහය අතාරිනවද.. නැහැ අයියේ.. එතකොට මෙහෙමයි වැඩේ...

    ඔය තමන් කරන දේ..ඒ කියන්නේ කොල්ලෙක් සයිස් කරගන්න යන දේ වෙන එකෙක් තමන්ට කරන්න ආවා කියලා ප්‍රසිද්ධියේ කියනවා.. අපි හිතමුකෝ මෑන් බ්ලොග් එකක් ලියන කෙනෙක් කියලා ඕනනං...

    ඉතිං එහෙම ලිව්වම ඔය ඔය සබ්ජෙක්ට් එකට කැමති අය මෑන්ට හොරෙන් මැසේජ් යවනවා... ඇත්තද අයියා.. ඔයා ඇත්තටම එහෙම කෙනෙක් නෙවෙයිද කියලා..? අන්න ඒ වෙලාවට මෑන් පිළිගන්නවා තමුන් එහෙම කෙනෙක් තමා කියලා.. එහෙම කියලා අර කතා කල කෙනාව සෙට් කරගන්නවා... ඔන්න ඔය වගේ දේවල් අර පරීක්ෂකයා විසින් හොයා ගන්ට යෙදුනා... ඒත් දැන්ම ඒවා ප්‍රසිද්ධියේ දාලා නැහැ..සමහර විට ඉස්සරහට ලියයි...

    හා ඔන්න අයියේ මාත් කතාවක් කිව්වා.. එහෙනං අපි ගෙහුන් එඤ්ඤං ඈ... :D

    ReplyDelete
    Replies
    1. මොනාද මල්ලි බොලාට වැඩක් භාර දුන්නහම හරියට කරන්නේම නෑ නොව ?! තරා වෙන්නෙපා චෙක් එක ලීවෙ පොරොන්දු උන ගානට වඩා අඩුවෙන්..මන් ලියලා දීපු රචනෙම මෙතන මල්ලිගෙ නමින් දැම්මට කෝ අර අන්තිමට මන් දීපු ෆෝන් නම්බරේ??? 071.... ඒක දාලා නෑ..කාට හරි මෙසේජ් එකක් එවන්න ඕනි උනහම මොන ලබ්බටද එවන්නෙ ??? අනේ මන්දා මේ වැඩේට වෙන කා හරි හොයා ගන්ඩෝනි...

      Delete
    2. නෑ DDT මල්ලි වැඩේ හරියට කෙරිලා නෑ මේ සැරේත්...

      Delete
    3. අඩුවෙන් ගෙව්වොත් වැඩේ හිල්...

      Delete
    4. @ සෙන්නා එහෙම බැලුවොත් පුනිල වලට මොකද කියන්නේ?

      මාරයා මේ මොකද්ද ඒ ගමන කියන්නේ?? බ්ලොග්?? හෑ... කෝ මේ CTK සෙට් එක... ඩයනෝ මෙන්නෝ..

      Delete
    5. ඕන් සෙන්නා දෙන්න උත්තර !
      ඩයනා සහ CTK ටීම් එක මාස තුනකට ලයිසම කැන්සල් හින්දා..එන එකක් නෑ දැම්මම !

      Delete
    6. මම හිතන්නෙ පුනීලෙත් ඉස්සෙල්ලම ගත්තු එකා අඩුවෙන් වෙන්ඩැති ගෙවලා ගන්ඩැත්තෙ.. :-) ඒක හින්දා හිලක් හදලා දෙන්ඩ ඇති..

      Delete
  3. දැන් වෙනී අයියා හිතන් ඉන්නෙ අපි ඔය කතාව විශිවාස කරයි කියලද? හරි .. හරි..... බස් ස්ටෑන්ඩ් එකේදි බ්ලොග් ලියන කවුරු හරි වෙනී අයියාව දැක්කනේ අර කොල්ලත් එක්ක. දැන් මෙයා ගේ කුරුල්ලෙක් ගැන කියල වැඩේ වහන්න හදනව. අපි නොදන්න ගේ කුරුල්ලො. හෙහ් හෙහ් හෙහ් ....

    ඔන්න මාරය නම් ගේමට එන්ටර් වෙල.

    ReplyDelete
    Replies
    1. කවුරුවත් නෙවෙයි මල්ලි එතන හිටි සේරමල්ලා දැක්කා නොවැ.. හෙහ් හෙහ් හෙහ්...

      Delete
  4. අයියා ඉතිං පොඩි කාලේ බලපු ගේ කුරුල්ලො දැං මක්කටෙයි බලන්නේ නේද??? හැක්...ඇත්ත කිහපිය පොඩි හරි අතවරයක් උනා නෙවද???

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලෙ දුටු සත්තු ජාති ගොඩක්ම අද දකින්න් පුළුවන් හරිම අඩුවෙන් තමා..
      පිස්සුද එච්චර දුර දිග යන්න දුන්නෙ නෑ..

      Delete
  5. වෙනී අයිය ගේ කුරුල්ලො බලන්න ගිහිල්ල අතවරයකට ලක්වෙලා වගෙයි.

    පියාඹන ගේ කුරුල්ලොනං දැං ඇත්තටම අඩුයි තමයි.
    https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash3/181571_196195773740802_5407003_n.jpg

    ReplyDelete
    Replies
    1. අතවරේකට ලක් වුනේ නෑ..එන පොට හොඳ නැති නිසා මන් ජාමෙ බේරා ගත්තා..
      ඔව් මල්ලි ඒ පැත්තෙත් ගේ කුරුල්ලො අඩු නම් මගේ නිරීක්ශනය හරි තමයි..

      Delete
  6. ගේ කුරුල්ලොයි කොණ්ඩ කුරුල්ලොයිහෙන වාතයක් වෙලා හිටියා අ‌ෙප් ගෙදර... අර බිත්තිවල තියෙන ලැම්ප් ෂේඩ් වල කූඩු හදලා ටික දවසකින් කඩං වැටෙනවා බිත්තරත් එක්ක... ලෑම්ප් ෂෙඩ් එකත් ඉවරයි.. බැරි තැන තාත්තා එහෙම තඩං වැටෙන්න තරම් බර නැති වෙන ජාතියක එකක් ගෙනල්ලා හයි කලා.. දැං නං ඔය ඉන්නේ කට්ටියම... ගේ පුරාම බෙටි හල හල.. අපේ වලව්වේ හාමුට ඉතිං කුරුල්ලෙක් අල්ලන්නත් කම්මැලි නැති වෙන්න එපැයි... එයාගෙන් නම් කරදරයක් නෑ... පූසොන්ගෙන් තමයි බේර ගන්න බැරි...

    දං බය නැතුව ගේ කුරුල්ලා වගේ වචනයක් වත් පාවිච්චි කරන්න බැ මේ ඩබල් මීනින්ග් කතා හින්දා.... ෂික් විතරක්....

    ReplyDelete
    Replies
    1. ඔව් බෙටි දාන හින්දා වාතයක් උනත්..අනේ මන්දා මට නම් හරිම ආසයි කුරුල්ලො ගේ ඇතුලෙ ඉන්නවනම්..මේ දවස් වල කොණ්ඩ කුරුළු ජෝඩුවක් මගෙ සාලෙ හැමතැනම කූඩුවක් හදන්නද මන්දා කැරකෙනවා..
      ආ ඔව් ඔව් මේ ඩබල් මීනිං වචන නිසා පවු ගේ කුරුල්ලො නම්..එතකොට අර ඇමරිකාවෙ ප්‍රසිද්ධ ධාවකයා ටයිසන් ගේ ?!

      Delete
  7. Replies
    1. ස්තූතියි ලින්ක් එකට.. බිත්තර මන් ඇහින්ම දැකලා තියෙන්නෙ එකම එක සැරයයි..ඔය බැට්‍රි පෙට්ටි කූඩුවක් කැඩෙන්න වගේ තිබ්බ වෙලාවක අපි කූඩුවම බිත්තර එක්ක අළුත් පෙට්ටියකට මාරු කලා..අනේ කුරුළු ජෝඩුව අපි කූඩුව ආයි එතන හයි කරන කම් අඬපු ඇඬිල්ලක්..

      Delete
  8. මේ දවස්වල අහන්න දකින්න ලැබෙන ඒවායේ හැටියට ගේ කුරුළු ගහණය වැඩිවෙලා කියල තමයි මටත් හිතෙන්නේ.
    ගේ කුරුල්ලංගෙන් වෙනී අයියට කරදරයක් කොහොමවෙතත් අනිත්පැත්ත වෙයිද කියන එක තමා අන්ෂුවර්... ලොල්.

    ReplyDelete
    Replies
    1. අනේ අපි නම් ඕවට නෑ ඕන්..

      Delete
  9. කුරුල්ලන්ට මේ කල අපහාසයට එරෙහිව කුරුලු උසාවියේ නඩුවක් පවරමි.. කුරුල්ලන් වන අප මනුස්සයින් කරන මෙවැනි නසරානි වැඩ නොකරන බව වෙනියා කුරුලු මිතුරෙක් හැටියට නොදන්නා එක ගැන අපිට දුකය.. මීට ගේ කුරුල්ලා.

    ReplyDelete
    Replies
    1. සිවුපා අලින් (දෙපා අලි ගැන නොකියමි) නම් නසරානි වැඩ කරන බව දැකල තියෙනවා. :D

      Delete
    2. අර කුරුළු කූඩු මුට්ටිය කැඩුවටද සරත් අයියෙ නඩු දාන්නෙ ? අපොයි එහෙනම් මන් වසලා හමාරයි..
      ඔව් රාමා ඒම සත්තු ඉන්නවා..ඒ අයට තමන්ට හරි පාට්නර් හම්බ නොඋනහම එහෙමළු..

      Delete
  10. වෙනී අයියට ගේ කුරුළු ප්‍රහාරයක්

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න තිබ්බා..ඊට ඉස්සෙල්ලා මන් බේරුනා...

      Delete
  11. මෙතන කතා කීයක්ද ?

    අපිටත් තාම කුරුල්ලන්ගෙන් නම් හිඟයක් නෑ..ඒත් ගේ කුරුලු කූඩුවක් නම් කවදාවත් හදලා තිබුන්නෑ.. සීයලෑ ගෙදර එකක් තිබුනා වගේ මතකයි ඒත් ඒකෙත් කුරුල්ලො හිටියෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් කුඹුරු වල පළිබෝධ සහ කෘමිනාශක භාවිතය එක්ක ගොව් ගම වල උනත් ඉස්සර හිටි කුරුළු ගහනය අඩු වෙලා කියලයි කියන්නෙ සෙන්නා..ගේ කුරුල්ලො කාලයකට තමන්ගෙ කූඩුව අතෑරලා ගිහින් ආයි ආයි ආපහු එනවා ..

      Delete
  12. මල මංගල්ලයයි.. පිල්ලෝ නම් ඉන්නවා වැඩි හරියක් ගේ කුරුල්ලෝ..

    ReplyDelete
    Replies
    1. පිල්ලෝ කීවෙ මල්ලි ?

      Delete
    2. පිල්ලො කියන්නෙ බල්ලො කන ජාතියක් වෙනි අයියා...

      Delete
    3. හැක්.. හැක්.. පිලිපිනෝ වෙනියෝ

      Delete
  13. චුටි මහත්තයගේ සීයගේ මහ ගෙවල් සිහියට එනවා ‍මේ කතාව කියවද්දි. ඒ කාලේ ගේකුරුලු කූඩුව හා ගේ කුරුල්ලෝ ගෙදරක ඉන්න බල්ලෝ පුසෝ වගේ සාමාන්‍ය දේයක් නේද වෙනී භයියා.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි සමහර ගෙවල් වල පූසො හදන්නෙ නෑ ගේ කුරුල්ලො ඉන්න නිසා..බල්ලො නම් ඉතින් කුරුල්ලො අල්ලන්නෙ නෑනෙ...

      Delete
  14. කුරුළු ගේ කුරුල්ලන්ගේ ගහනය අඩු වෙලා කියල කොතනදී හරි කියෙව්වා. අනිත් ගේ කුරුල්ලොත් වැඩි වෙලා ඇති.අතුරු ගේ කුරුලු කතන්දරයට ටිකක් සමාන සිද්ධියක් තියෙනවා. සලකා බලමු ලියන්න..

    මම සූටිම කාලේ ඔය වගේම ගැරඬියෙකුට ගහන්න ගිහින් ඌ දරණු ගහගෙන හිටපු නිසා බය නැතිව දිගටම පහර දුන්නා. ඉවසලා ඉවසලා බැරිම තැන ඌ කටත් බලියගෙන මගේ ඇඟට පැන්නනේ.. :-), යන්තම් අහකට පැන ගත්තේ..

    ReplyDelete
    Replies
    1. සර්පයො අපි අතින් වැරදිලා හරි හිරිහැරයක් නුනොත් එයාලත් අපිව කන්න එන්නෙ නෑ නේද ?

      Delete
  15. ගේකුරුල්ලො ඉස්සර අපේ ගෙදරත් හිටිය සෑහෙන්න. දැං නං ඇත්තේම නැති තරම්. මොකද මං දන්නෙ නෑ.

    ගේ කුරුල්ලො නං හැම තැනම වගේ ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි අපේ ගෙදරත් ඒ කාලෙ තරම් නෑ..ඒත් කඩේ හාල් කන්න එන ගේ කුරුළු ජෝඩුවක් නම් ඉන්නවා දැක්කා..

      Delete
  16. සුන්දර අතීතයක්..ඔය සරුපයින්ට මමත් හරිම භයයි...ඒ වගේම පිළිකුල් සහගතයි...අපේ කිරිඅම්ම වත් වතාවක් ගැරඩියෙක් කෑවා..

    බස් එකේදි වෙනී අයියට කොලුවාගෙන අතවරයක් හෙම වුනේ නෑ නේද... ඔයා කනට කරලා කිව්වට මට ඔහොම දෙයක් උනා නම් කන රත් කරලා කියන්නෙ... වෙනී අයියා වගේ අහිංසක කොල්ලෙක්ටවත් පාඩුවෙ යන්න බැරි රටක් නොවැ මේක... ගල් කාරයො වැහි වැහැලා...

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ තිබ්බ ( මිථ්‍යා ? ) කතාවක් තමයි ගැරඬියෙක් කෑවොත් වෙන සර්පයින් කන්නෙ නෑ කියලා..ගැරඬි එච්චරම පහත් කුලේ කියලයි කියන්නෙ..අනේ මන්දා ඇත්ත ? ඒත් ලස්සනයි ඒ කතාවත්..
      අනේ අහිංසක මන්...මල්ලිට ඉතරයි ඒක තේරුනෙ..

      Delete
  17. සාමාන්‍ය පෙළට පාඩම් කරන කාලෙ නම් ජනේලේ එහා පැත්තෙ හිටිය ගේ කුරුළු ජෝඩුව හරිම ඇණයක් වෙලා හිටියා මතකයි..
    ඒත් පැටව් එළියට ඇවිත් පියාඹලා යන දවස ආවහම ගොඩක් දුක හිතුනා..

    සාහිත්‍ය පොතේ කවි පන්තියක් තිබුනා මේ දොරට වැඩුම ගැන..වෙනීට මතකද?
    “උදාසනම කිම ඉර අද
    කුරුළු ගෙදර මඟුලක් වෙද“

    ReplyDelete
    Replies
    1. රූ මේ කවි පෙල අපේ සාහිත්‍ය පොතේ තිබ්බෙ නෑ.. නමුත් කොහේ හරි කියවලා තියෙනවා.. කැම්පස් ඉන්න කාලෙත් ඔය ඕලෙවල් ළමයින්ට ටියුශන් දුන්නනෙ..ඒ කාලෙ වගේ වෙන්න ඇති කියවන්න ඇත්තෙ.

      Delete
  18. ගේ කුරුල්ලෙක් !!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්

      Delete
  19. අර සිරා කීව වගේ ලංකාවේ ඉද්දී ගේ කුරුල්ලෝ දෙතුන් දෙනෙක්ගේ කන රත්කරල තියෙනවා මොකෝ පෞද්ගලිකවම මට අප්‍රසන්නම සබ්ජක්ට් එකක් එක.
    පොඩි කාලේ ආච්චිලාගේ ගෙදර තිබ්බ ගේකුරුළු කුඩු දෙක තුනක්.

    ReplyDelete
    Replies
    1. මන් නම් බොහොම හොඳින් කියනවා..එහෙම කියලත් තේරෙන්නෙ නැත්නම් නැගිටලා යනවා..ඒත් බේරෙන්න බැරි නම් ඉතින් කන රත් කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ..හැබැයි මේ වෙනකම් එච්චර දුර දිග ගිහින් නෑ..
      ඒ කාලෙ නම් හැම ගෙදරකම වගේ ගේ කුරුළු කූඩු 2-3ක් වත් තිබ්බා..

      Delete
  20. හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලද මන්ද ? ලගට ආපු ගේ කුරුල්ලා බ්ලොග් ලියන එකෙක්ද ? ( තුෂ්නිම්බුතව )

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අඳුරන්නේම නැති ඩයල් එකක් මල්ලි..

      Delete
  21. පව් බං අහිංසක කුරුල්ලන්ට නිගාවක් gay කුරුල්ලො කිව්වාම :))

    ReplyDelete
  22. එහෙනම් සෑමා අපි උන්ට gay කුරුල්ලො නොකියා ගේ කුරුල්ලො කියලම කියමු නේ ?

    ReplyDelete
  23. වෙනි අයියත් ගේ කුරුල්ලෝ ඈති කරනවැයි...

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ගමේ ගෙදර තිබ්බා ඔය කී කූඩු..දැන් නම් නෑ මල්ලි..

      Delete
  24. අපි පොඩි කාලෙ ගෙදර කාඩ්බෝඩ් පෙට්ටි, වළං එහෙම සවි කරල තිබුණා ගේ කුරුල්ලන්ට. ඒ කාලෙ නුවර හාල් කඩ වීදියෙ එහෙම පිරිලා හිටියා ගේ කුරුල්ලො.
    ඒත් දැන්නම් ගේ කුරුල්ලො දකින්නෙ හරිම කලාතුරකින්. චීනෙ වගෙ ගේ කුරුල්ලන්ව සමූල ඝාතනය කරන වැඩ සටහනක් මෙහෙ තිබුණෙත් නැති හින්ද, මොකක් හරි පාරිසරික හේතුවක් හින්දා උන් වඳ වේගෙන යනවා වෙන්නට ඕන.

    ReplyDelete
    Replies
    1. චීනේ කුරුල්ලො ඝාතනය ගැන හොයලා කියවන්න ඕනි..මෙහෙ නම් මේ පාරිසරික හේතු නිසා වෙන්න ඕනි අර බ්‍රිතාන්‍යයෙ උනා වගේ..

      Delete
  25. අපේ ගෙවල් පැත්තෙත් තාම ඉන්නවා ගේ කුරුල්ලෝ එකෙක් දෙන්නෙක්.ටවුමට ගියාම නම් ඇවිදින උනුත් ඉන්නවා.බැලුවම දෙජාතියෙන්ම ඉන්නවා තාම.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි එකෙක් දෙන්නෙක් තමයි ඉන්නෙ හැම තැනම වගේ !

      Delete
  26. මෙහේ ගේ කුරුල්ලෝ වැඩි පාරවල් වල... :)

    ReplyDelete
    Replies
    1. මෙහෙත් එහෙම වැඩි වේගෙන වැඩි වේගෙන යනවා මල්ලි..

      Delete
  27. ගේ කුරුල්ලෝ හුඟක් හිටියේ ගෙවල් වලම වී කොටපු කාලේ ලු. දැන් නම් වැඩිය ඉන්නේ ටවුන් වල තමයි. අපේ ගෙදරටත් ඉඳ හිට එකෙක් දෙන්නෙක් එනවා. ඉන්නේ නෑ යනවා.
    කැලෑ ගේ කුරුල්ලෝ නම් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි අපි වී කොටන කොට අනිවාර්යෙන්ම උන්ට වී අහුරක් විසි කරනවාම තමයි. ඒක මට අමතක උනා

      Delete
  28. හදවතට හොඳින් දැනුන ලිපියක්. බොහොම සිත් ගන්නා ලෙස ලියැවි තිබෙනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්..ඔබ තරම්ම ලියන්න නම් තාම බෑ..

      Delete
  29. අර ගේ කුරුල්ලට මහා අමුතු රුචිකත්වයක්නේ තියෙන්නේ. කළු, කැත, බොල්ලෑ,බුරුසු.. එක්කෝ ඕන්නෑ. කියනකොටත් ඕක්කා වගේ...

    හැබෑටම වෙනී අයියේ, මන් අහලා තියෙනවා ගේ කුරුල්ලෝ ඉඳලා යන්න ගියාම ඒ ගෙදර අසුභ දෙයක් (මරණයක් වගේ) වෙනවා කියලා. ඒ වගේම එක මාත් අත් විඳලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අකමා සත්තකින්ම මන් ඔය කතාව කියපු කීප දෙනෙකුටම අකමා කීවා වගේම කිව්වා.. යකෝ මාත් එක්ක එන්න ඇස් පෙනීම නොහොම අඩු එකෙක් වෙන්න ඕනිනෙ කියලා..උන් කීවෙත් වේලි වේලි හිටි එකෙක් වෙන්නැති කියලයි..
      ඔව් ගේ කුරුල්ලො ඉඳලා ගියහම එහෙමයි කියලා අපේ අම්මලත් කතා වෙනවා මතකයි..

      Delete
  30. Hеllο thеre! I ѕіmplу wіѕh to give you
    a big thumbѕ up for the exсеllent information you've got here on this post. I'll be coming baсκ
    to your site for morе ѕοon.

    mу ωebsіtе payday loans

    ReplyDelete