ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, November 7, 2012

බනිස් කෑ හැටි..


බනිස් කන හැටි නොදන්න කෙනෙක් මෙදියත ඉන්නවාදැයි සිතිය නොහැකිය..මන්ද යත් බනිස් කෑම වනාහි අප පොඩි කාලයේ සිටම කරනු ලබන්නකි..දශක හතරකට එහා සිට බනිස් කෑවා නම් ඉතින් තවත් ඊට එහා කතන්දර මක්කටද කියා කෙනෙකුට සිතෙන්නටහ් පුළුවන්ය.
මන් අද කියන්ඩ යන්නෙ අපි පොඩි කාලෙ බනිස් කෑ හැටිත් බනිස් සම්බන්ධ කතන්දර කිහිපයක්මය.

අද නා නා ප්‍රකාර බනිස් තිබුනත් අපි පොඩි කාලෙ තිබ්බෙ සීනි බනිස් විතරයි..කොලොම් පුරේ සහ අනිකුත් ලොකු ලොකු ටවුන් වල අය මෙහෙම කියනකොට නෑ අපි නම් ඒ කාලෙ තව තව බනිසුත් කෑවෙමු කියා කීවොත් මට නම් කියන්න වෙන්නේ...අපි හිටි හද්දා වන්නිකරේ තිබ්බ එකම එක බේකරියේ තිබ්බෙ මන් කියන සීනි බනිස් පමණක් ම බැවින් අද වන විට නා නා ප්‍රකාර බනිස් කා තිබුනද පොඩි කාලෙ නම් කෑවේ එම බනිස් විතරක්මය..

අපේ හෙන්රි ලොක්කත් එක සැරයක් අර හොරි බනිස් ගැන ලියාලා තිබ්බා !

බනිස් පුළුස්සා  දවසක් ඇතුලත නම් බනිස උඩ තිබෙන සීනි කැට වෙනම කෑ හැකි අතර දින ගාන වැඩි වනවිට එම සීනි දියවී බනිසේ උඩ කට්ටමටම දියරයක් මෙන් ඇලේ.. එමනිසා බනිසේ උඩ තිබෙන සීනිවලින් අපි අළුත් බනිස් මොනවාද යන්න හඳුනා ගැනීමට පුරුදු වූයෙමු.

අපේ නිවසේ සිට මීටර් පන්සීයක් පමණ දුරින් අපේ ගමේ බේකරිය තිබුනු අතර අප හදිසියකට හැර අනිත් සෑම වෙලාවෙම අපි පාන් සහ බනිස් මිල දී ගත්තේ මේ බේකරියෙනි. බේකරියේ වැඩ කිරීමට බේකරි හිමියාට අමතරව තවත් ගෝලයන් කීපදෙනෙක්ම සිටි අතර..එක් ගෝලයෙක් අප බනිස් මිලදී ගන්නා සෑම දිනකම මේ කෙසෙල් එපාද කියා සරම උස්සා පෙන්නීමට පුරුදුව සිටි අතර.. අපද සෑම දිනම උඹම කාපන් ඔය කෙහෙල කියා හූ කීමටද පුරුදුව සිටිමු. පසු දිනක මේ ගෝලයා තම කෙසෙල අපේ සෙට් එකේම සිටි සුදු මල්ලීගේ ඇඟේ ඇතිල්ලීමට උත්සාහ කිරීම නිසා සුදු මල්ලීගේ තාත්තාගෙන ගුටි කා බේකරියෙන් අස්වී ගිය බවක් මතකයේ තිබේ...

අපි ඉස්කෝලෙ හත ශ්‍රේණිය පමණ වන තෙක්ම අපිට කෑමට ඇදිහැස විස්කෝත්තු ලබා දුන් අතර පසුව එය නතර කර දැමිනි..පසුව අර කොළඹට කිරි අපිට කැකිරි කාලයේදී නැවතත් බනිසක් හා කිරි වීදුරුවක් පාසලෙන් ලබා දුනි.. එම බනිස් කෑමට හැක්කේ සමහර දින වල පමණි..සමහර දින වල ඒවා කෑමට නොහැකි නමුත් අප එකිනෙකාට ගසා ගැනීමට නම් කදිම භාණ්ඩයක් වීය..

ඒ කාලය අප උ.පෙල කරන නාහෙට නාහන කොල්ලො රංචුවක් වූමු..පාසලේ කුමක් හෝ මගෝඩි වැඩක් වී නම්..එයට සම්බන්ධ නොවූවද සියල්ලෝම මුලින්ම සැක මුසුව බැලුවේ අප දෙසයි. එසේ බැලීමට ඕනෑ තරම් සාධක තිබුනු අතර..ඒ පිළිබඳ අප නම් කන්ගාටු නොවූයෙමු.

උ.පෙල කලා හා වාණිජ පමණක් තිබුනු අතර අප කොල්ලන් 18ක්ද කෙල්ලන් විසි ගානක්ද පන්ති දෙකේම සිටියෝය..කෙල්ලන්ට රහසිගතව..අප දෛනිකවම බනිස් බෙදන වෙලාවටම ඔවුන් අතරින් හොඳම බනිස් හිමි කෙල්ල හා නරකම බනිස් හිමි කෙල්ල තෝරා සම්මාන දීම පුරුද්දක්ව පැවති බව මතකය..

"අද ඔයා තමයි නම්බර් වන් !"

"අද ඔයා ලාස්ට් අනේ!"

යනුවෙන් ඔවුන්ටම අපි කීවද ඔවුන් කිසි දිනක ඔවුන් එසේ ඇගයීමට ලක් වන්නේ කුමන නිර්නායක මතද යන්න නම් නොදැන සිටියෝය..

"මහ වල් උඹල නම්"

කියමින් ගස්සා ගෙන යාම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නම් නොතිබුනි..


මතකයේ හැටියට නම් එදා තරමක වැසි දිනයකි..දිවා විවේක කාලයෙන් පසු තිබුනේ ආර්ථික විද්‍යා විෂයයි. නමුත් එම විෂය උගන්වමින් සිටි ගුරුතුමිය ප්‍රසූත නිවාඩු ලබා ගෙන තුබූ බැවින් නව ගුරුවරයකු පැමිණෙන තුරු අපට එම කාල පරිච්ඡේදය තරම් හොඳ වෙනත් කාල පරිච්ඡේදයක් නම් නොවිනි..

එදා ලද බනිස්ද එකිනෙකාට ප්‍රහාර එල්ල කිරීමට හැර වෙනත් දෙයක් කිරීමට සුදුසු තත්වයක නොතිබිනි..පාසල් කාළපරිච්ඡේද අතරේ අපගේ ක්‍රීඩා භූමිය වුයේ විද්‍යාගාරය පසු පස තිබූ නිදහස් භූමියයි..එය එක් පසකින් විද්‍යාලයේ තාප්පයකින් කෙලවර වූ අඹ ගස් කීපයකින් සෙවන ලද ප්‍රදේශයකි..

අපද බනිස් රැගෙන එම පැත්තට ගියේ එක්කෝ අප අපටම ප්‍රහාර එල්ල කර ගැනීමට හෝ විද්‍යාල භූමියේ සහ පිටත සිටින බල්ලන්ට ඒවායින් දමා ගැසීමටයි. බල්ලන්ද බනිස නොවදින මානයට දුව ගොස් ආපසු විත් බනිස් රැගෙන කෑමට පුරුදුව සිටියෝය..නිවැරදිම එල්ලයකට ලකුණු 10ක්ද, ආසන්නයට වදින එල්ල වලට ලකුනු 6,4, 3 ලේද ගෙන දවසේ බනිස් වීරයා තේරීමේ තරඟය අප සැමටම මහත් විනෝදයක් ගෙන දුන්නේය.

එදින බනිස් ගල් මෙන් හයිය ඒවා වූ බැවින්දෝ කවුරුන් හෝ ...ඒ සමන්ත විය යුතුයි..මන්ද ඔහු මෙවන් අපූරු වෙනස් අළුත් අදහස් දීමේදී ප්‍රමුඛ ස්ථානයක් ගෙන සිටි නිසයි..

"අපි අද හොඳම බනිස තෝරමු බන් අපේ සෙට් එකේ.."

"නියමයි.."

සියල්ලෝම ඒකමතිකව යෝජනාව ස්ථීර කලෝය..

කුඩා සිලි සිලි බෑග වල ඔතා තිබූ බනිස් දෙකක් ඇඳ සිටි බැනියම අතරට රිංගවා අප ඉදිරියෙන් ලාලිත ගමනක් යා යුතුයි..අප දෙන ලකුණු අනුව ඉහලම ලකුණු ලබා ගන්නා තැනැත්තා අංක එක වනු ඇත..බඩ සහ කොන්ද රිදෙන තුරු හිනා වෙමින්..අප මේ ක්‍රීඩාව කලෙමු..පළමු වටයෙන් 10 දෙනෙක්ද..එයින් දෙවන වටයට 5 දෙනෙක්ද තෝරා ගතිමු..තරඟය එන්න එන්නම තියුණු ස්වරූපයක් ගත්තේ..ලාලිත්‍ය ගමනට අමතරව බඳ සොලවමින් කරන නැටුමක්ද අවසන් වටයට එකතු වීය..

අපේ පන්තියේම හැන්ඩියා වූයේ විජේය..ඔහු පැහැපත් සිරුරකට හිමිකම් කීවෙන් මුල් වටයේ සිටම වැඩි ලකුණු ලබා ගත්තේ ඔහුය..

ඔහුගේ වාරයේ ඔහු අප මැදට විත් සුරූපී රැඟුමක් පටන් ගෙන..මද වෙලාවකින්..එක් වරම එය නැවැත්වීය..

අපද වික්ශිප්ත වීමු..කුමක්දෝ නරකක් වීමට ඔන්න මෙන්න බව අප සියළු දෙනාගේම හිත් වලට දැනෙන්නට වීය..විජේ වහා කමිසයේ බොත්තම් ගැලවීමට ගත්තත්..

"ඔහොම හිටු"

ඒ අපේ විනය භාර සර්ගේ කටහඬයි..

විජේගේ අතකින් අල්ලා ගෙන ,

"සේරම වරෙව් මාත් එක්ක..එකෙක් පනින්න එපා මන් දැන් පැය භාගයක් තිස්සේ බලන් හිටියේ උඹලගෙ විගඩම "

මොහොතකට පෙර ලද සතුට දියාරු වන්නට වූයේ ක්ෂණයකිනි..
විනය සර් විජේගෙ අත් දෙකින් අල්ලා ගෙන මරන්න ගෙන යන හරකකු සේ ඇද ගෙන යයි. ඊට පිටි පස්සෙන් අපද එක එකා පේලියට ගමන් කරයි. විද්‍යාගාරය සහ විදුහල්පති කාමරය අතර සියළුම පන්ති වල ගුරුවරු සහ ළමයින් පැති බැම්ම උඩින් දෑස් ලොකු කර ගනිමින් අප දෙස බලා සිටී.  අප විජේ දෙස බැලීමු..බනිස් පෙනෙන්නට නොතිබීම අපගේ සිතට තරමක සහනයක් ගෙනාවත්..

විදුහල්පති කාමරය තුල බැලූ විට අපට එලොව පොල් පෙනුනේ..එතුල ගුරුවරියන් කීප දෙනෙක්ම වූ බැවිනි. 

මේ සියල්ලෝ ඉදිරියේ විනය සර් අපගේ ක්‍රියාව විස්තර කරනු ඇත..ගැලවී යාමට තවත් රෙදි කොහිද ???

"මන් කිව්වනෙ සර්ට මුන් රැල ගැන අපි ගුරු දෙගුරු සමිතියේදි කියමු කියලා කොහෙද සර් ඇහුවෙ නෑ"

"මොකද විනය සර් ? මොකද මේ සැරේ මුන් කරලා තියෙන්නෙ?"

"මිස්ලා යන්ඩ..මට මිස්ලා ඉස්සරහ මුන් කර වැඩේ කියන්න බෑ සර්"

නුරුස්නා මුහුණින් වූවද ටීචර්ලා කිචි කිචි ගාමීන් අප දෙස බලමින් එතනින් ඉවත් වීය..

"ගලවපන් කමිසේ"

විජේ කමිසයේ පහල බොත්තම් ගලවන විටම තඩස් හඬ නගමින් බනිස් දෙක බිමට් පතිත වීය..

අප සිනා නොවී බොහෝ අමාරුවෙන් මුහුණ සකසා ගෙන සිටියේ ලෝකයේම සිටින අහිංසකම අහිංසක ළමයින් අප බව විදුහල්පතිතුමාට පෙනෙන්නටය.

බනිස් ගෙඩි දෙක අතට ගත් විනය සර්..

"මේ මුන්ට කන්න දෙන ඒවා..මේකා මේ දෙක මෙහෙම තියා ගෙන.."

විනය සර් බනිස් දෙක තම පපුවට තබා පෙන්වමින්..

"මෙහෙක් මෙහෙක් කර කර ඇවිදිනවා."

විනය සර් ඇවිද පෙන්වන විට අප තද කර ගෙන සිටි සිනහව පිටට පැන්නේය,

"මුන් හිනා වෙවී ලකුණු දානවා..අර උඩ පන්තියේ ඉන්න උන් ටිකක් පඳුරු අස්සෙ ඉඳන් බල ඉන්නවා..මේ ලොකු උන් මෙහෙම කරන කොට අපි පොඩි ළමයින්වත් හදා ගන්නේ කොහොමද සර්"

විදුහල් පති තුමාද අපහසුවෙන් සිනහව වලක්වා ඉතා බැරෑරුම් මුහුණක් මවා ගනිමින්..

"ආ ඕකට සර් ඔයි තරම් කේන්ති ගන්න එපා..අපි දෙමු හොඳ දඬුවමක්"




අපට සිදු වූයේ බනිස් දෙකත් ළඟ තබා ගෙන විදුහල්පති කාමරය ඉදිරිපිට ඊළඟ කාල පරිඡ්චේදය වන තුරුම දන ගසා ගෙන ඉන්නටයි..
සිදු වූයේ කුමක්ද යන්න දැන ගැනීමට අප පංති දෙකේම කෙල්ලන්ට අවශ්‍ය වූවත් කිසිවකුත් කිසිවක් නොකී නමුත් පසු දින විනය සර් එක් ටීචර් කෙනෙකුට මුළු කතන්දරයම කීම නිසා එය පාසලටම රහසක් නම් නොවූයේය..


එක් හෝටලයකට ගොස් එක් වරක් පමණක් කල හැකිව තිබූ බනිස් කෑමක් අප කලෙමු..
ඒ නම් අප 10 දෙනකු පමණ ගොස් බනිස් හා ප්ලේන් ටී ඉල්ලීමත් බනිස් ගෙඩි හතරක් පමණක් කා තවත් බනිස් ගෙඩි 2-3ක පමණ යට පැත්තෙන් කා එය නොපෙනෙන සේ අනිත් පැත්තට හරවා තබා අඩුවෙන් මිල ගෙවීමයි..පසු කාලයක වේටර් වරු ඉතුරු වන කෑම පරික්ශා කිරීමට පුරුදු වූ නිසා එය දිගු කාලයක් කර ගෙන යාමට නොහැකි වීය..


එක බනිස් ගෙඩියක් 30 දෙනකුට කෑමට හැකිද කියා කිසිවෙක් ඇසූවොත් පිළිතුර වන්නේ බැහැ යන්නයි..
නමුත් කැම්පස් රැග් සීසන් එකේ එක් තේ වෙලාවක අප 30 දෙනෙකුට දුන් අභියෝගය වූයේ එක් බනිස් ගෙඩියක් අප තිස් දෙනාම විසින් කෑමයි..

කුඩා කැබල්ල බැගින් කෑ එම බනිස ජීවිත කාලය පුරාවටම මතකයේ රැඳෙනු ඇත.. නවක වදය පිළිබඳ බොහෝ අමිහිටි කතන්දර පට බැඳෙද්දී අප ලද ඉමිහිරි සිදුවීම් ගොන්නක් ඔබ වෙත ලබා දීමට ඉටා ගෙන සිටිමි...



මේ ආකාරයෙන් බලන කල බනිස් කෑමට ප්‍රිය නොවන කිසිවකු ඇතැයි සිතිය නොහැකිය.

81 comments:

  1. සීනි බනිස් කන්න කවුද අකමැති. හැබැයි අර ගැහැණු ළමයින්ගේ බනිස තේරීමේ වැඩේ නම් හරිම කූජිතයි. නමුත් ගොඩක් හිනහ වේවි බලන්න පුලුවන් පොස්ටුවක්.

    ReplyDelete
    Replies
    1. නාහෙට නාහන කොළු කාලෙ කරපු වැඩ නොවැ එව්වා.කුජීතයි නම් තමයි ඉතින් !

      Delete
  2. නියම බනිස් කෑම ටික ලියන්නා,
    අපිත් ඉස්සර මගේ කලින් ඉස්කෝලේ ඉදිද්දී, ඒ කියන්නේ සිස්සත්වෙට කලින් අපේ පන්තියේ කෙල්ලන්ගේ ලයිට් බැලීමට පුරුදුව සිටියා. අද රතු ලයිට්, කොළ ලයිට් කියා අපි කෙල්ලොන්ගේ ජන්ගි වල පාට කිව්වා. දැන්නම් මතක් වෙනකොට හෙන හිනා. කෙල්ලොත් මේක දැනගෙන හිටියා මිසක් ඊට එහා දෙයක් නම් උනේ නෑ. මේ කිව්වේ 3-4 පන්ති වල.

    කැම්පස් ඒකේ බනිස් කෑම ගැන මතක් වෙනකොට අපි බැච් එකම අසූවක් අනූවක් විතර එක ප්ලෙන්ටිය බීල තියන්වා. එක ටොපිය හැමෝම සුප්පු කරලත් තිය්නවා. ඒ අතීත්නම් ඉත සුන්දර අතීතයක්. ගෙදරදී අපිට වෙන්කරපු කෝප්පේ නැත්නම් තේ නොබීපු අපි ඔනී එකෙක්ගේ තේ එකක් අරගෙන බෙදාගෙන බොන්න පුළුවන් වුනා. කොහොමත් අපි ප්ලෙන්ටියක් ගත්තොත් පස් දෙනකුට වැඩි පිරිසක් ඒක බොනවා. ඒක නිසා කැම්පස් කාලේ බීපු තේ එකේ රහට ගහන්න නම් තාම තේ එකක් බොන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. ඔය ලයිට් කේස් එක නිසා අපේ ඉස්කෝලේ හෙන වලියක් ගියා... අපි 4 ඉන්නකොට ටික දවසකට අපේ පන්ති බාර සර් නැති හින්දා පන්තිය වෙන පන්ති දෙකකට වෙන් කරලා දැම්මා.. අපිව වැටුන පන්තියෙ කොල්ලන්ගේ වැඩේ කෙල්ලන්ගෙ ගවුම් උස්සලා දුවන එක... අපේ එවුන්ට ඕක ඇල්ලුවේ නෑ.. අපි ගෙදර ගිහින් ඕක කිව්වා..
      අම්මලා ටික අවේ නැද්ද ඊළඟ දවසේ ඉස්කෝලෙට... ප්‍රින්සිපලුයි ඒ පන්තියේ ටීචරුයි අහ ගත්තා එදා නං..... හි හි...
      අන්තිමට ඒ පන්තියේ හිටපු ළමයි ඔක්කොම වෙන පන්තිවලට මාරු කරලා දැම්මා...

      Delete
    2. ඔය ලයිට් බැලිල්ල කරේ වේන විදිහකට,
      ලැජ්ජ නැතිව කියන හැටි නේද

      පන්තියට එහා පැත්තේ අඩි තුනක් - හතරක් වුන බැම්මක් තිබ්බා. කෙල්ලොන්ගේ සෙල්ලමක් තිබ්බ මේ කණ්ඩිය උඩට නැගලා පනින. ඒ වෙලාවේ අපේ වල් කොල්ලෝ කරන්නේ බැම්ම පාමුල ගුලි ගැහිලා ඉදලා උඩ යන ගවුම් වලින් පෙනෙන ලයිට් බලන එක. හි හී

      Delete
    3. මගේ කතාවට වඩා හිනා ගියා මේ ගොල්ලන්ගේ අත්දැකීම් තියෙන කමෙන්ට් වලට නම්...

      Delete
  3. හි හි....

    ඇත්තටම අර වගේ වැඩක් කරන්න පුළුවන් තරම් හයිය බනිස් දුන්න නම්, ඒවා දැං තියෙන ගල් බනිස් වගේ ජාතියක් වෙන්න ඇති නේද වෙනී අන්කල්.... ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිරු ඒවා ගල් වගේ හයියයි සමහර දවස් වලට !

      Delete
  4. මමත් ඉස්කෝලෙ යන කාලේ බනිස් වලට හරි ආසයි.වෙනි අය්ය දැනගෙන හිටියෙ නැතිවට එකින් එකට බනිස් වෙනස් .

    ReplyDelete
    Replies
    1. එක දන්නෙ දැන් නොව !

      Delete
  5. සුන්දරම සුන්දර බනිස් කතා මටත් තියෙනවා. ස්කෝලෙ බනිස් කෑව කතා එ අතරම් මතක නැති උනත් පොඩි කාලේ උණුවෙන් බනිස් කන්න මාත් හරි ආසයි. මතක විදියට කිඹුලා බනිස් ඒ කාලෙත් තිබ්බා වෙනී. මාත් ඩොටේ හිටියේ හැබැයි.
    ඒ වුනාට ඉතින් අපේ අම්මලා අපිට ගුල්ලෝ ඉන්නවා කියලා පෑන් කෑම වැඩිය කන්න දුන්නේ නෑනේ. පස්සෙ කාලෙක ඒ පුරුද්දටම පාන් හා සම්බන්ද කෑම කන එකත් අතෑරුනා. දැන් ඉඳලා හිටලා කොළඹ ආවම ප්ලේන් බනිස් එකක් කන්න මම හරි ආසයි. ඒක නිකම් පොඩි එකෙක්ගේ ආසාව වගේ. ඒ විතරක් නෙමෙයි නොකෑවත් කිඹුලා බනිසෙකුත් අරන් යනවමයි.
    මට හම්බ වුන හොඳම බන්ස් තියෙන්නේ පැල්මඩුල්ල පහු කරලා යද්දි අම්බලන්වත්ත හරි කොහේ හරි තියෙන බේකරියක. ඒ කාලේ කොළඹ ඇඹිලිපිටිය ඒ සී බස් හිටන් නතර කරලා මම බනිස් අරන් එනවා ඒකේ රස කොයි තරම්ද කියනවා නම්....

    ReplyDelete
    Replies
    1. පැල්මඩුල්ලෙන් එහාට ඇඹිලිපිටිය පාරේ බස් නවත්තන කඩයක් මන් දන්න කාලෙක නම් තිබුනේ නෑ. බූරු බබාගෙත් වයස පුත්තලම්.. එක්කෝ ඕනි නෑ.

      Delete
    2. ඔය කියන්නෙ අම්බලන්වත්තෙ මුස්ලිම් බේකරිය වෙන්න ඇති.

      Delete
    3. ඔව් රහටම බනිස් හදන පදම එක එක තැන එක එක විදියට ! රංගි කියන්නෙ අපේ ප්‍රසා කීව තැන වෙන්න ඇති...

      Delete
    4. Ow. antimata ethanin buns keve 2004 venna one. Ita passe kavadawath eka hoyaganna beri una. Man rathnapure indanma driver ta kivath apita eka hamba une ne kawadawath.

      Prasan den e bakery eka nedda? muslim aya thamai hitiye.

      methana bus nathara karana thenak nemei. Eth man venuvenma bus eka natara karan hitiya. Math bus eke okkomalata buns aran dunna. E minissu benne ne. Anika ada wage nemeine oya kalawala miniskam thibuna minissu gawa.

      Delete
    5. ඒ බේකරිය තාම තියෙනව. දැං පාර හදල වෙනස් වෙලා හිංද හොයාගන්න බැරි වෙන්න ඇති.

      Delete
  6. නවක වදයෙ තියෙන ඒ අමිහිරි ගතිය තමයි පස්සෙ කාලෙක හරිම මිහිරි මතකයක් වෙන්නෙ...ඔහේ මෙලෝ රහක් නැති පතෝල ජීවිතේ ට නවකවදය කතාන්දර රාශියක් එකතු කලා මටනම්....

    ReplyDelete
    Replies
    1. අන්තිමේ අමිල උගන්නපු දේවල් මෙලෝ සසරක් මතකෙ නෑ..ඒත් අර හය මාසෙ නම් පට්ට විදියට මතකයි..

      Delete
  7. ඉස්කෝලෙ කාලෙ රසවත් මතක අවදි උනා..!

    අර බනිස් ගෙඩියෙ මැදකාල තියන එක අපිත් කලා....හපොයි එකපාරක් ගුටිනොකා යන්තම් බේරුනේ..!

    ReplyDelete
    Replies
    1. ඔව් අපිත් එහෙම කීප වතාවක්ම බේරුනා..

      Delete
  8. කාලයක් හිනා වෙන්න පුළුවන් කතා සෙට් එක... :-)

    ReplyDelete
    Replies
    1. ඔව් අපි පරණ සෙට් එක එකතු උනහම ඔව්වා කිය කියා තාමත් හිනා වෙනවා .

      Delete
  9. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ...

    ReplyDelete
  10. බනිස් දැක්කත් හිනා යයි දැන් ඉතින් :):)
    නියම කතා ටික.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒ උනාට ඕන් බනිස් දිහා බලන් ඉඳලා හිනා වෙලා ලෝකයාඅ එක එක කයි කතන්දර හැදුවට මන් එහෙම දන්නෙ නෑ !

      Delete
  11. බනිස් කතා ගොඩා ...යි.

    පොලිස්කාරයොන්ට ‘පුක් බනිස්‘ ගෙනිහින් දෙනව කියලනම් මම අහල තියෙනව. :)

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවක් නම් මන් අහලා නෑ..ඇහැව්වමයි !

      Delete
    2. ෂා ... ෂා.... ඒක කුණුහරුපයක් නෙවි අනේ. අර හන්දිවල එහෙම ඉන්න පොලිස් මාමල ඔය සුළු සුළු වැරදිවලට අහුවෙන අයට කියල තේ කඩයකින් බනිස් ගෙඩියක් තේකක් ගෙන්නගෙන බිව්වළු ඉස්සර. (ඇත්තද නම් දන්නෑ) ඉතිං අතේ වියදමින් පොලිස් කාරයොන්ට බනිස් කවන්න වෙන තරහට ඕව ගේන ඈයො මගදි කොහොම හරි ටී බනිස්ගෙඩිය පස්ස පැත්තෙ අතුල්ලලු අර උන්දලට කන්න ගෙනිහින් දෙන්නෙ. පහු කාලෙනම් පොලිස් මාමල එහෙම කෑම ගෙන්න ගන්නෙ නැතුව කෙලින්ම කඩේට බිල ගෙවන් යන්න කියලම කියනවළු.

      Delete
  12. අය්යෝ ඉස්කෝලේ දීපු බනිස් නම් කියල වැඩක් නැහැ . විනය භාර සර් සතුටු වෙන්න එපාය ළමයි එහෙමවත් වැඩක් ගත් එකට .

    කිඹුලා බනිස් තිබුනේ නැද්ද . අපේ පැත්තේ නම් කිඹුලා , සිනි , සහ ගල් බනිස් තිබුන . උදේට ගොඩක් වෙලාවට බනිස් එකක් වගේ තමයි කන්නේ . සමහර දාට යන ගමන් අරගෙන යන්නේ . කන්න වෙලාවක් නැති වුනොත් උගන්නන අතරේ හොරාට ටික ටික කනවා .

    මෙහෙ තියෙන ප්‍රංශ බේකරි වල වත් නැහැ ඒ වගේ සිනි දාපු අපේ බනිස් වගේ එකක් .

    බලාගෙන ගියහම බනිස් මතකත් සැහෙන්න . ස්තුතියි ලියන්නා

    ReplyDelete
    Replies
    1. 80 මුල කාලෙ ගමේ බේකරියෙ තිබ්බෙ සීනි බනිස්..කිඹුලා නම් තිබ්බා...පස්සෙන් පහු බේකරිය මොඩ් වෙලා අනිත් කෑම ජාතිත් හැදුවා..

      Delete
  13. හිනා කකා බලපු දෙවෙනි පෝස්ට් එක පස්ටයි ඈ

    ReplyDelete
    Replies
    1. හිනා වෙලා තර වෙලා අපිට එහෙම කියනවා නෙවෙයි ඕන් !

      Delete
  14. වැරදිලාවත් ඉස්කොලෙන් බෙදුවෙ කිඹුල බනිස් නම් වෙනීලගෙ තරගය වෙන විදියකට ගැල්ලමයින්ට කරන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. එහෙනං විනය සර්ට ප්‍රින්සිපල් ඉස්සරහ රඟපාල පෙන්නන්න ආයෙ අමුතුවෙන් බනිස් ඕන වෙනකක් නෑ.

      Delete
    2. සිකේ බොලාත් හිතලා තියෙන දුර !

      Delete
    3. එතනට ගැලපෙන්නේ විනය මිස් කෙනෙක්.

      Delete
  15. වෙනී අයියගේ බනිස් කතා.....

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ එව්වා.. දැන් එව්වා නම් මෙහෙම ලියන්න බෑ නෙ !

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. ලංකාවට ඇවිත් කන සීනි බනිස් හා රෝස් පාන් තරම් රස බනිස් හා පාන් මේ ලෝකේ වෙන කොහෙවත් නෑ .

    හම්මෝ අර බනිස්වලට දීලා තියන කරදර ගොඩ දැක්කාම, දැන් කාලේ ලමයි හොඳයි කියලා හිතෙනවා.:)

    දැන් ඉතින් වෙනී ඔය බනිස් රැඟුම කලාද, ලකුනු කීයක් හම්බ උනාද, ලැබුනී කීවෙනි තැනද වගේ වැදගත් කිසිම දෙයක් කියලා නෑනේ.

    බනිස් ගැන මෙච්චර දේවල් මේ කියෙව්වමයි. හී හී...

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ බනිස් රෝස්පාන්වලට එවුවට පිටි දෑතින් අනන මිනිස්සුන්ගෙ දාඩිය එකතුවෙනවා පොඩී !! ඒකයි රස

      Delete
    2. ඉස්සර අපේ පැත්තෙ බේකරියක පිටි අනන්න වතුර ගෙනල්ලා තිබුනෙ කක්කුස්සි ගෙනියන බාල්දියෙ... අන්තිමට බේකරිය සීල් කලා මදිවට මුදලාලිගෙ ඉදන් පහළට සැට් එක ගමේ උන්ගෙන් බඩ කට පුරා සප්පායම් වුනා.

      Delete
    3. අපි කළුයි නෙ අප්පා..පොඩ්ඩි ඒ නිසා මට ගොඩක් අඩු ලකුණු තමයි ලැබුනේ.. පලවෙනි වටෙන්ම අවුට් !
      සහතික ඇත්ත සරත් අයියෙ ලුනු දාන්නෙ නෑනෙ..
      අදටත් ගොඩක් තැන් වල එහෙම වෙනව ඇති සිරා මල්ලි

      Delete
  18. ඔය බනිස් වලින් ගහ ගැනිල්ල අපේ කාලෙත් තිබුනා. ඒ කාලෙ බනිස් වෙනුවට සමහර දවස්වලට දුන්නා ගුන්ඩු පාන් කියල ජාතියක්..ඊටත් පස්සෙ කාලයක් රෝස්පාන් දුන්නා. බිස්කට් වලට මාරුවීම මුලදී ආසාවෙන් බාරගත්තත් පස්සෙ පස්සේ ඔය බිස්කට් එක්තරා ආයතනයකින් හැදුවෙ පාන්පිටි වැඩිය දාලයි.. කොහොම හරි ඔවුවා හැදිල්ලෙන් ගොඩක් මිනිස්සු පෝසත් උන එක නම් ඇත්ත.. මම නම් තාමත් සීනි බනිස් වලට ආසයි.. එතකොට කිඹුලන්ට. ලංකාවට නිවාඩුවට ගියාම පොඩි උන් එක්ක තර‍ඟෙට කන්නේ. ඥානකතා ඔක්කොටම වඩා ආශික්.. පාන් කඩේ ලඟින් ගියොත් වරදින්නේ නෑ.. මොකද බොලේ අද බනිස් ජ්කත ගොඩක් ? අරෙහෙ බූරු බබත් ලියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් නා නා ප්‍රකාර කෑම ජාති නොතිබිච්ච ඒ කාලෙ තිබ්බ 1-2ක් වෙච්ච කෑම තාමත් රහයි..අද තියෙන කෑම ජාති අනේ මන්දා !

      Delete
  19. බොලේ කොලු කාරයො ඉස්සරත් ඉදලා නොවැ,

    මමත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් දුන්න බිස්කැට් කාලා තියෙනවා... අපි ඉස්සර පොඩි පොඩි උපක්‍ර‍ම දාලා අනිත් උන්ගෙ බිස්කට් ටිකත් එකතුකරගෙන කනවා...උන්ට අපි කලේ වංචාවක් බැව් වැටහෙන්නෙ බිස්කට් බොක්කට බැස්සට පස්සෙ...

    කෙල්ලන්ගෙ නියම බනිසෙ තෝරපු විදිහ කියලා නෑ නොවැ...

    ReplyDelete
    Replies
    1. ඒ බිස්කට් රහයි මට නම් ! බිස්කට් 7 ගානෙ දුන්නා එක්කෙනෙකුට..අපි ඒ කාලෙ බිස්කට් වලින් සීට්ටු දානවා !

      Delete
  20. නියම බනිස් කතාවනෙ වෙනී අයිය.
    මම පොඩ් කාලෙ ප්‍රියතම කෑම තමයි ක්‍රීම් බනිස්. බනිස් ගෙඩි දෙකක් මැද්දට ක්‍රීම් දාල හදන එක.

    අපිනං බනිස් හොරෙං කෑවෙ දහම්පාසල් විභාගෙට ගිහිල්ල පැල්මඩුල්ලෙ හෝටල් වලිං.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. දහම් පාසල් විභාගෙට ඇවිත්ද හොරෙන් කෑවෙ ? හෆොයි !

      Delete
  21. උඹට පුදුමාකාර බනිස් මතකයක්නෙ තියෙන්නෙ. ඇත්තටම බං සීනි බනිස් වලට අමතරව ටී බනිස් තිබ්බා නේද? එතකොට ඩබල් බනිස් කියලා තිබ්බා පොලිහ්තීන් කවරෙක සීල් කරලා., තව ජාතියක් මැද්දට ක්‍රීම් ගාලා බනිස් දෙක එකට තියලා ටිෂූ එකක ඔතලා තිබ්බා. තව කහ බනිස් තිබ්බා එකට ඇලිච්ච උස වර්ෂන් එකක්. ඇයි යකෝ ගල්බනිස්. මේ කොළඹ හතේ නෙවෙයි බං මම කියන්නෙ

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ගමේ පොඩි බේකරි වල තිබ්බෙ ඔව්වා විතරයි හෙන් රි.. අනේ මන්දා සිත්තරයක් ඇන්ඳෙ බොලාටමයි..ඒක බලලවත් නැද්ද මන්දා ???

      Delete
    2. හනේ මචං ඉස්සෙලම දැක්කෙ චිත්‍රෙ තමයි. ඉස්සෙල්ලම මතක් වුනේ හිරු කුමරිය කොන්ඩෙ කඩා දාගෙන බිකිනියක් ගහගෙන අව්ව තපිද්දි හැක‍රැල්ලෙක් මාච් කරනව වගේ.
      මම ඒක ලියන්න හදනකොට දීපා කිව්වා අනේ ඔයා හැම තිස්සෙම වෙනියගෙ චිත්‍ර වලට එක එක ඒවා කියලා ඒකා තරහ වෙයිද දන්නෙ නෑ කියලා. ඒකයි මොකුත් නොකිව්වෙ. මේ නම් උඹ ඉල්ලල ටිං කිරි ගා ගත්තෙ.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. නෑ බන් ඔය බනිස් ගෙඩි දෙකත් ඉස්සරහ තියාගෙන අව්වෙ අපි සෙට් එක දන ගහ ගෙන ඉන්නවා...පේන්නෙ නැද්ද බනිස් දෙකට කූඹි රැලක් එනවා..බල්ලො දෙන්නෙක් කුරුමානම් අල්ලනවා !

      Delete
    4. මචං ඔය පින්තූරෙ අප්ලෝඩ් කරනකොට ඇඩ් කැප්ෂන් කියලා එන්නෙ ඕකටයි. D
      අම්මපා එතකොට අර හිරු කුමරිය බිකිණියක් ගහගෙන අව්ව තපිනවා නෙවෙයිද?
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    5. හිරු කුමරිය අව්ව තපිනවා !!! දවසේ කතාව.. හැහ් හැහ්

      Delete
    6. ඒ උස ගස් පේලියක් අතරින් ඉර කුමාරි බලලා හිනා වෙනවා.. අනිත් පැත්තෙ තියෙන්නෙ ඉස්කෝලෙ බිල්ඩිම බන් !

      Delete
  22. කැම්පස් රැග් එකේදි බනිසක් විතරක් නෙමේ ටොපියක් උනත් තිහකට විතර කතෑකි. හික්ස් :)
    බනිස් වලින් කරපු වැඩ සෙට් එක නම් පට්ට !

    ReplyDelete
    Replies
    1. ඔව් එක බත් එක කී දෙනෙක් නම් කනවද ?

      Delete
  23. හි හි.. හොදම බනිස තමයි නියම...
    අපි නම් බනිස් ගෙඩියේ යට ටික කාල හොරෙන් එන්න හදල ගුටිත් කෑව.. තාමත් සීනි බනිස් වලටයි කිබුල බනිස් වලටයි ගොඩක් ආසයි.. ගෙදර හිටියොත් චූන් පාන් වෑන් එකෙන් බනිස් කනවමයි..

    ජය..

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් නම් චූන් පාන් වෑන් එකෙන් ගෙදරටම ගෙනත් දෙනවා නොවැ !

      Delete
  24. බනිස් කතා ටික නම් මරු.අර හොඳම බනිස් තොරණ සෙල්ලම නම් සුපිරි. ;)

    ReplyDelete
    Replies
    1. එව්වා බොහොම රහසිගතව කල වැඩ තමයි !

      Delete
  25. පාසල් කාලේ මේ වගේ මතක නම් හරිම සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.. සුන්දරම සුන්දරයි ..

      Delete
  26. දැන් නම් ඉතින් ජෑම් බනිස් නුති තියනවනේ... අපේ ස්කෝලේ ඉතින් කොල්ලෝ විතරයිනේ..

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙනම් ඉතින් බනිස් තෝරන්න වෙන්නෙ නම් නෑ !

      Delete
  27. බනිස් මතක......

    ඔඅය් කොළබට කිරි අලකලන්චිය ආපු කාලෙ අපි පොඩි උන්..

    ඔන්න ඉස්සෙල්ලම බනිස් ගෙඩියයි, කිරි තේඑකයි ආවා..

    ඊට පස්සෙ ඇට දෙන්න ගත්තා

    ඊට පස්සෙ සළාක කූපන් වගයක් ආවා.

    අන්තිමට සල්ලි ගෙවන්න ගත්තා...

    මට මතකයි අපි ඉස්කෝලෙ ගිහින් පඩි ගත්තා ඒ වගේ..

    අන්තිමට මුකුත් නැතුව ගියා...

    ReplyDelete
    Replies
    1. ආ ඔව් බනිස් වලින් පස්සෙ අනිත් අලකලංචි එන කොට අපි කැම්පස් එකේ..

      Delete
  28. අපි ඉස්සර බනිස් වලින් ගහගන්නවා දැකලා, ඉස්කෝලේ ලග අච්චාරු විකුනන ආච්චි කිව්වා බනිස් ගෙනල්ලා දුන්නොත්, ඒ වෙනුවට අච්චාරු දෙනවා කියලා. ඔහොම තමයි අපි ඒ දවස් වල අච්චාරු කෑවේ

    ReplyDelete
    Replies
    1. ගහ ගන්නවට වඩා ප්‍රයෝජනයක් ආච්චි ගන්න ඇති..

      Delete
  29. කාලෙකින් මෙහෙට ආවේ. ඒ එද්දී බනිස් කෝස් එක තියනවා.. :) :) අපේ බල්ලා නම් බනිස් 20 කා රෙකෝඩ් එකක් තියා රෑ එළිවෙනකම්ම වමනේ කරමින් සිටියා මතකයක් තියේ. ඒත් අපිට ඔය ගල්බනිස් යුගය ආවේ නැත.

    ReplyDelete
    Replies
    1. කවුරු හරි කියන්න ඇති බල්ලට මේ තමා ලෝකෙ අන්තිම බනිස් ටික කියලා ! වෙන කවුද ඉතින් ඔය වගේ වැඩක් කලොත් ඉතින් ?!

      Delete
  30. අපූරු මතකයක්. මේකෙන් මම අර ෆැන්ටසි කියන එකට ගියානේ. මම පොඩි කාලේ බේකරියට ගියාම එතන වෙන සිද්දි ටික ඔක්කොම බලල තමයි එන්නේ. ආසම දේ තමයි අර පැතලි කිතුල් පොල්ල දාල පාන් තැටි එලියට ගන්න එක. මමත් ගෙදර ඇවිත් හැදුව මැටි වලින් බේකරියක්. කරුමෙට ඒ කාලේ පිටි හොයා ගන්න බැරි වුනා. මගෙත් මේ වගේ කතා දෙකක් තියෙනවා පුළුවන් අය කියවන්න මෙන්න ලින්ක්

    http://awidda-paya.blogspot.com/2012/01/blog-post_23.html

    http://awidda-paya.blogspot.com/2012/06/blog-post_08.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදික ඔබේ ලින්ක් වලට මන් ගිහින් බලන්නම්..

      Delete
  31. දැන් නම් අයිමත් බනිස් කන්න පුරුදු වෙන හිතෙනවා . :D

    ReplyDelete
    Replies
    1. අපි නම් තාමත් බනිස් කනවා..

      Delete
  32. වෙනි මාමේ පරණ කතා ගැන තව ටිකක් ලියන්න එල කතාව , ඒ කලේ රැග් කොහොමද කියල දැනගන්නත් කැමතියි අපි

    ReplyDelete
  33. හොද බනිස් ටිකක්. බූරු බබා බනිස් කාපු හින්දා තමා හොයාගත්තේ. බනිස් කෑම නං අමතක කරන්න බැරි දෙයක් තමා සහෝදරයා.. අර විනය සර්ට බොලා ලකුණු කීයක් දුන්නද පස්සේ??

    ReplyDelete