ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, November 15, 2012

සොබා දහම සමඟ ජීවත් වීම : සොබා දහම අප නිවැරදි කරනු ඇත... පොතක් ගැන යමක්..

මම මේ මොහොතේ ඉන්නෙ කොතනද ? 

අපි........?

ලෝකය .....?

ඉන්න තැන හරිද ?

හෙට වඩා හොඳ කර ගන්න පුළුවන්ද ?

මේ කියන ප්‍රශ්ණ කන්දරාව හැම වෙලාවෙම හිතට වද දෙනවා.. සමහර විට ඡායාවක් වගේ ඇඳිලා අතුරුදහන් වෙලා යන උත්තරත් තියෙනවා..
ඇයි මේ ප්‍රශ්ණ වලට හරි හමන් උත්තරයක් හොයා ගන්න , ගොඩ නගා ගන්න මෙච්චර අපහසු ? 

අපි පිබිදිලා ඉන්න ඕනි විඥානික මට්ටමේ නෙවෙයිද ඉන්නෙ ?

ඔන්න ඔහොම ගැටළු රාශියකට මුහුණ දීලා ඉන්න අවස්ථාවක මට මුණ ගැහෙනවා..මගේ අතිශය කල්‍යාණ මිත්‍රයන් වන පොත් ගොන්නක තිබිලා මෙන්න මේ පොත..

2000 න් පස්සෙ 2006 දි කල දෙවන මුද්‍රණය තමයි මන් ළඟ තියෙන්නෙ.. සර්වකාලීන විදියට "සොබා දහම සමඟ ජීවත් වීම : ස්වභාවධර්මය අප නිවැරදි කරනු ඇත..." කියන නාමයෙන් සම්පත් ආරියසේන කර්තෘ විසින් ලියපු එදාටත් වඩා අදට සහ හෙටට අත්‍යාවශ්‍ය වන කරුණු රාශියක් තියෙන පොතක් තමයි මේ..

මේකෙ විශ්ලේෂනය කරලා තියෙන කරුණු සියල්ල ගැනම බොහොම ඉහලින් එකඟ වෙන පාඨකයෙක් විදියට මන් පොඩි හරි සටහනක් තියන එක මගේ යුතුකමක් වෙනවා..




මම අසම්පූර්ණ අදහසක් ලියනවාට වඩා පොතින් උපුටා ගත් යම් යම් තැන් කිහිපයක් ඔබ හමුවට ගෙන ඒමට මට අවසර දෙන්න..


අද මානව වර්ගයා තුල සාකච්ඡාවට ලක් වන ප්‍රධාන ප්‍රශ්ණ දෙකක් තිබේ.
1. ලෝකය ගමන් කරන්නේ කොයිබටද ?
2. ඒ මාර්ගය තුල මිනිස් වර්ගයාගේ අනාගතය කවරාකාර වනු ඇද්ද ? 
යනි ඒ ගැටළු දෙකයි.

(පිටුව 13)

සුපර් ස්ටාර් වැනි වෙළඳපොළ රැලි වලට ගසා ගෙන යන තාරුණ්‍යය සංස්කෘතික තාරුණ්‍යය අවුල් කොට දමයි. කොත්තු රොටියක්, සිගරැට්ටුවක්, ලිංගික සතුටක් ලැබිය හැකි ඕනෑම තැනක එය ජීවිතය යැයි තෘප්තිමත් කිරීමට පොළඹවාලන මේ ලෝක ප්‍රාග්ධනයේ ඒජන්තයින් ජාතියේ තරුණයින්ගේ දීප්තිමත් අනාගතය හා ලෝකය පිළිබඳ යහපත් දර්ශණය වෙනතකට යොමු කරයි
(පිටුව 24)


උදේට දත් කූට්ටම සමාගමකට දෙන අපි රාත්‍රී නින්ද මදුරු කොයිල් සමාගමකට බාර දෙයි.

(පිටුව 97)

පිරිමියාට වෛර කරන අයෙක් ලෙස කාන්තාව බලසතු කරනවා වෙනුවට කල යුත්තේ පිරිමියාගේ බලය අහෝසි වන ආකාරයට කාන්තාව ශක්තිමත් කිරීමයි.

(පිටුව 100)

මේ වගේ මගේ සිත් ගත්ත තැන් කීපයක්ම උපුටලා දක්වන්න පුළුවන් උනත්..
මේ පොත අරන් කියවන ඔබට තේරෙයි මේ පොත මොන තරම් ගැඹුරින් සහ පරිපූර්නව සොබා දහම සහ අපි කියන එක විග්‍රහ කරලා තියෙනවද කියල නම්..









පොතේ අවසානයේ සඳහන් කරලා තියෙන්නෙ මෙන්න මෙහෙමයි..

අපි නම් මේ පොත ගත්තෙ "කියවන නුවණ" පොත් සාප්පුවෙන්..
මේ පොතේ කර්තෘ තුමා සම්පත් ආරියසේන මහතාගේ දුරකථන විදියට සඳහන් කරලා තියෙන 0714115026 න් හරි ඊ මේල් mesfoundation@yahoo.com  හරි  පොත ගැන විවේචන , ඇගයීම් කරන්නත් පුළුවන්..

මමත් හිතා ඉන්නෙ තව පාරක් කියවලම ඔහුට කතා කරන්නයි..
ඒ තරමටම මාව දැනුවත් කල පොත උනා මේක


16 comments:

  1. ම්....සිත් ඇදගන්නා සුළුයි....ස්තුතී වෙනි අයියා දැනුවත් කලාට

    ReplyDelete
  2. හොදා. හොදා. දැන්නං මේ ටිකේ විස්තර හොයන්න කියවන්නම වෙනවා. මේ වෙනි අයියේ ඔයා ගාව තියෙනවද අර තට්ට හාමුදුරුවෝ.. ඒ කියන්නේ ඒ දවස් වල පාඨළි චම්පික රණවක කියන මනුස්සයා ලියපු සාපේක්ෂතාවාදය කියල පොඩි පොතක්. මම හැම තැනම හෙව්ව මගේ එක නැති උනාට පස්සේ ඒත් හොයාගන්න බැරි උනා.

    ReplyDelete
  3. වෙනී අයිය අදත් පොතක් දාල කොහෙමහරි ෂේප් උනා නේද ?

    ReplyDelete
  4. මේ පොත කතෘ ප්‍රකාශනයක් ද? ප්‍රකාශකයෙක් ගැන ස‍ඳහනක් නෑ වගේ, එතකොට පෙතක් හොයා ගන්න ටිකක් අමාරුයි.

    අනික අයියා ළඟ තියෙන මුද්‍රණයෙ මිල කීයක් විතර වෙනව ද? අද පොත්වල ගණන්වල හැටියට මොන තරම් වටින පොතක් වුනත් පොතේ මිළ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න වෙනවනේ. දැනුවත් කිරීමට ස්තූතියි.

    ReplyDelete
  5. පොතේ කවරෙ නම් හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ඔන්න කිවුවා. අර දත් ගලවන්න ගිහින් වේදනාව අස්සේ දොස්තර නෝනාගෙ බණ්ඩිය ගැන ලෝබ හිතුවා වගෙ කතාවක්..

      Delete
    2. සිරා පොත් කවර ඩිසයින් කරන කෙනෙක් නෙ... හි හි..

      ඇත්තටම පොතක කවරය කියන්නේ පොත කෙනෙක්ගේ ඇහැට ලක්වෙන පළවෙනි අවස්ථාවෙම බැඳීමක් ඇති කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ... එහෙම නොවුනොත් පොත අවධානයට ලක්වෙනවා අඩුයි...

      මේ පොතේ කවරය නම් ඇත්තටම අතට අරන් බලන්න හිතෙන විදියට කරලා තියෙනවා...

      Delete
    3. නෑ සරත් අයියා මේ පොතේ තියෙන ලියවිල්ල මට බර වැඩියි... බොහොම අමාරුවෙන් ජීරණය කරගන්න ඕනෙ ලියවිල්ලක් කියවන්න මගේ කැමැත්තක් නෑ... අපි ප්‍ර‍බුද්ධ නොවේ මැයි..

      Delete
    4. Sira malli hondhatama sure dha oyaa kiyewwe mae polygamous kiyalaa.? Aayimath balanna..meaka sarala bhashaawakin liyapu ekak

      Delete
  6. ඉදිරි අනාගතයේ දේශපාලන , සාමාජීය, මානව ප්‍රශ්නය වන්නේ පරිසර හා බැදුනු ගැටලුයි...දැනටමත් අන්තර්ජාතික දේශපාලනයේ යටි අරුත් පාරසරෛක ප්‍රශ්නයයි.ලංකාවේ අයට ' ගොලීය උණුසුම' පොඩි කාලයේ විද්‍යා පොතේ තිබ්බ පාඩමක් උනාට සංවර්ධිත රටවල ලෝකල් දේශපාලනය පරිසර ප්‍රශ්ණය හා බද්ධ වී හමාරයි...

    @දේශකයා

    පාඨලී මහත්තයා 'සාපේක්ශතවාදය' කියලා නම් පොතක් ලියලා නෑ...මම දන්න විදිහට..ඒත් 'සාපේක්ශා' කියලා එකක් නම් ලියලා තියෙනවා. ඒ පොත පාඨලී මහත්තයගේ නිල වෙබ් අඩවියෙන් භාගත කර ගන්න පුලුවන් කියලා මතකයක් තියෙනවා.....

    ReplyDelete
  7. උපුටල තියෙන අදහස් දිහා බැලුවම් පොතේ ගතයුතු දේවල් ගොඩක් ඇති බව මටත් හිතෙනවා. නොකියවූ එහෙත් කියවිය් යුතු පොත් රාශියකට මේකත් එකතුකරගමු..

    ReplyDelete
  8. කියවලාම බලන්න ඕන

    ReplyDelete
  9. ශා විස්තරේ දැක්කම කියවන්න හිතුනා.. බලන්න ඕනි එක

    ReplyDelete
  10. ස්තුති වෙනි අයියා..

    ReplyDelete
  11. කියවන්න හිතෙන පොතක්

    ReplyDelete
  12. උපුටා ගැනීම් ටික නම් හොඳයි. නමුත් පොහේ අනිත් තැන් වලත් එකඟවෙන්න පුලුවන් දේවල් තියෙනවද කියලා හිතලාම බලන්න ඕනෙ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete