ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, June 30, 2012

නිශාචර ජායාරූප...Night photography


ජායාරූප ගැනීම එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් ෆොටෝග්‍රැපි,  කරන එක මට නම් මගේ විනෝදාංශයක්ම විතරයි. මොකද ජායාරූපකරනය තමන්ගේ වෘත්තීය ජීවිතය වෙච්ච කොට්ඨාශයක් ඉන්න නිසාම මම ඇයි ෆොටෝ ගහන්නෙ කියන එකට මමම දීලා තියෙන පැහැදිලි උත්තරය ඒක තමයි. මේක විනෝදාංශයක් වීම නිසාම තාමත් මන් අරගෙන තියෙන්නෙ ෆොටෝ දෙතුන් සීයයි .වගේම ඒ ෆොටෝ අතරින් මගේ හිතට අල්ලපු සහ මූනු පොතේ දමපුවහම එන කමෙන්ට් වලින් වගේම මගේ මේ විනෝදාංශයට අත හිත දීපු කෙනාගෙ අදහස අනුව තියෙන්නෙ ෆොටෝ 3-4ක් විතරයි හොඳ ෆොටෝ කියන ගොන්නට දමන්න පුළුවන් ඒවා තියෙන්නෙ..


ඔව් ඒ ෆොටෝ 4-5න් මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..සමහර විට ඒ වෙලාවෙ ගන්නකොට තේරුනෙ නැහැ..මේ වෙලාවට මේ සෙටින්ංග්ස් තමයි හොඳම කියල නම්..ෆොටෝ ගත්තට පස්සෙයි දැක්කෙ හොඳයි කියලා..ඒ නිසා ඒ ෆොටෝ 3-4 අහඹුවට වැදිච්චා කියමුකො..


ෆොටෝ ගන්න අය එක එක කැමති අනු අංශත් තියෙනවනෙ ඔය එක්කම..


මාත් කල්පනා කලා දැන් මන් ගන්ඩ යන්නෙ මොනාද කියලා..මල්ද ? සමනලයොද ? ගස් කොලද ? මිනිස්සුන්ද ? අනේ මන්දා ? ඔහොම කල්පනා කර කර ඉන්න කොට මන් දවසක් දැක්කා ලස්සන රාත්‍රී දර්ශන ටිකක් තියෙන ෆොටෝ වගයක්..හ්ම්ම්ම් අහල පහල වනාන්තර නැති නිසා ගස් වැල් ගන්ඩ බෑ..මේ කොන්ක්‍රීට් වනන්තරේ එහෙන් මෙහෙන් දැන් නම් ගහක් කොලක් මලක් තියෙනවා උනාට ස්වාභාවික හෝර්ටන් තැන්න වගේ නෙවෙයිනෙ..ඒ උනාට රෑ වෙන එක කොහෙටත් පොදුයි..මොකෝ වෙන්නෙ රෑ ජාමෙ ෆොටෝ ගත්තොත්..
ඔහොම හිතපු මන් තීරණය කලා රාත්‍රී ජායාරූප ගන්නවයි කියලා..ඉතින් ඒක සාර්ථක උනාද ?


කෝකටත් තෛලය වගේ ගියා අන්තර්ජාලෙට..කියෙව්වා තිබ්බ ලිපි කීපයක්ම..හෆොයි හිතුවට වඩා දරුණුයි..මහා දිග හොම්බක් තිබ්බට කැමරා ලෙන්ස් එකේ f/4.5  පටන් ගන්නෙ ඉඳන්..සාමාන්‍යෙන් කියන්නෙ f/ 3.5 තමයි හොඳම රාත්‍රී ජායරූපවලට කියලයි..ඔය සේරම හරි යන්ඩ බෑ..ඕන් ඔහෙ තියෙන එකෙන්ම ගන්නවා කියලා හිතලා..මාත් වැඩේට බැස්සා..


ඔහොම බැහැලා ගත්ත ෆොටෝ ටිකක් තමා මේ තියෙන්නෙ..









රාත්‍රී  ජායාරූප  ඉතින් දවල්ට ගන්න ඇහැකියැ ..මේකෙ තියෙන වාසිය තමයි ඔෆිස් ඇරුනහම මට කෙලින්ම වැඩේට බහින්න පුළුවන්..හැබැයි ආරක්ශාව අතින් එච්චර හොඳ නැති හරියවල් වල නම් මේක කරන්න බෑ.ඒ නිසා මන් කරන්නෙ ජනාකීර්න නගර වලයි..එහෙම නැත්නම් අහලක පහලක පොලීසියෙන් ඉන්නව නම් බහිනවා ගේමට..නැත්නම් ඔහේ මගේ පාඩුවෙ යනවා.


පහු ගිය දවසක මන් ඔහොම රෑ 10ට විතර ඇති බැස්සා බඩු ටිකත් අරන් එලියට..දැන් ටවුන් එකේ ෆොටෝ 2-3ක් අරන්..හෙමින් හෙමින් ඉස්සරහට ගියා..හඳ පළුවෙන් එන එලියයි..විදුලි ආලෝකයෙන් එලිය උනු අවට පරිසරයේ රූස්ස ගොඩනැගිලි වල පාදාන්තයේ සිට කේශාන්තය දක්වාම බලමින් මන් යනවා මගේ ගමනෙ..හෙමිහිට නැවතී නැවතී..


තරමක් පාළු, අතඇරලා දමපු බිල්ඩින් එකක්.... සහ දැනටමත් අළුතින් හදන බිල්ඩිමක්..හරියටම ඔය මැද අතු පතර විහිදිලා ගිය මාර ගහක්..විදුලි එලිය බිඳක් නැති පාළු බිල්ඩිම හඳ එලියෙන් බබලනවා..අළුතින් හදන බිල්ඩිමේ විදුලි එලිය අර මාර ගහේ අතු අතරින් පෙරිලා ඇවිත් ලස්සනට රටා වලට හෙවනැලි ඇඳිලා..මගේ හිත එකපාරටම කීවෙ..ටොප් ෆොටෝ එකකට හොඳම තැන කියලයි..ඉස්සරහට ගීයා..ආපහු ආවා..බැලුවා කැමරා ඈන්ගල් කරන්න හොඳම තැන..මේ එලියට හරියන්න සෙට් කරන්න ඕනි සෙටින්ග්ස් ගැන හිතමින්ම..


"ස්ස්ස් ....ස්ස්ස්ස්..."


මගේ දැහැන බිඳුනා සැනකින්ම...


මාර ගහ යට පාළු අඳුරෙන් මෑත් උනේ ජායාවක්..එලියයි අඳුරයි අතරේ මාරුවෙන් මාරුවට පුළුල් තීර විදියට ඇහැ යොමු කරපු මට මේ පුංචි රුව දෙනෙතට හසු කර ගන්න මදක් අපහසු උනා..ඒ කාන්තා රුවක්.. මගේ හිත මට කිව්වා..


"අනේ එක්ස්කියුස් මී අයියෙ.. මගෙ පර්ස් එක මග වැටිලාද කොහෙද ..අතේ සල්ලි නෑ කීයක්වත් ගෙදර යන්න.. තියෙනව නම් මට රුපියල් 150 දෙන්න අයියෙ.ලොකු උදව්වයි.."


මිහිරි හඬකින් ඈ කීවා.. අනේ පව්.. මේ රෑ..කරදරේ වැටිච්ච ළමෙක්..මගේ බඩ පපුව දාලා ගියා.


"නංගි කොහෙද ඉන්නෙ"


"පිලියන්දල ඉන්නෙ අයියෙ..මන් අයියට මගේ ෆෝන් නම්බර් එක දෙන්නම් ..ණයට දුන්නා කියලා හිතා ගෙන දෙන්න අයියෙ.. මන් ආපහු ගෙනත් දෙන්නම්"


ගින්දරට අහු උන වෙඬරු පිඬක් වගේ මගේ හිත ආයිමත් උනු උනා..තාමත් උඩ බිම බලලා නිලංකාර වෙච්ච ඇස් හරී ගියේ නැති නිසාත්. මේ තරුණිය ඉන්නෙ ආලෝකයට පිටුපාලා නිසාත්.. මට ඈගෙ රුව හරියටම පෙනෙනෙ නෑ..


"රුපියල් 150 ඇතිද නංගි මෙතන ඉඳන් ත්‍රීවිල් එකක පිළියන්දලට යන්න?"


මන් මගේ පර්ස් එකේ තියෙන සීයෙ කොල හය හිතින් ගනිමින්ම ඇහුවා.. ඔන්න ඔහේ 200කම දීලා දාපන් කියලයි මගෙ හිත දැන් කියන්නෙ..


"ඇති අයියෙ වෙනදටත් බස් නැති උනහම මේ හරියෙන් මන් ත්‍රීවීල් එකේ යන්නෙ රුපියල් 150ටම තමයි.."


"ආ අංගි වැඩ කරන්නෙ මේ ළඟමද ? හැමදාම යන්නෙ මේ වෙලාවටද ?"


"ඔව් අයියෙ..නෑ අයියෙ..මන් වැඩ කරන්නෙ අර එහා ගාමන්ට් එකේ.. අද නයිට්  එක ඉවර උනේ මේ වෙලාවෙ. අයියත් ඉන්නෙ මේ ළඟමද?"


"ඔව් මන් ඉන්නෙ අර ටවුන් එකෙන් ටිකක් ඇතුලට  හැරිලා යන්න ඕනි"


මන් පර්ස් එක අදින ගමන්ම කීවා
"මන් ළඟ පනහෙ කොල නම් නෑ.. දෙසියක්ම දෙන්නම්..ඔයා පොලියත් එක්ක ආයි හම්බ උනහම දෙන්නකො"


මන් හිනා වෙවී කීවා..


"අයියෙ ත්‍රී වීල් එකක් එනවා වගේ..පොඩ්ඩක් ඉන්න මන් ඒක නවත්තනකන්.. තනියෙන්ම ඉඳන් ත්‍රී වීල් වලට නගිනවට වඩා අයියා එක්ක ඉඳන් නැග්ගහම ආරක්ශාවට හොඳයිනෙ අයියෙ"


මම පිටුපාලා ඉන්න පැත්තෙන් මට ඇහුනා ත්‍රීවීල් එකක් එන සද්දෙත් මන් ඒ පැත්තට ඔළුව හරවනවාත් එක්කම..නංගි මගේ ඇඟේ ගෑවී නොගෑවී මාව පහු කරන් අඩි 2-3ක් ඉස්සරහට යන කොටයි දැක්කෙ..ඈ සැබවින්ම සුරූපී තරුණියක්..මේ වෙලාවෙ ත්‍රීවීල් එකක තනියෙන් යනවා කියන්නෙ මෑගේ ..මට මගේ මනසේ මැවිලා පෙනුනෙ ටීවී එකේ , පත්තර වල තියෙන දහසකුත් එකක් අපරාධ..මට තාම පේනවා ත්‍රී වීල් එක ඈතින් එනවා..


"නංගි ඔයාට තනියෙන් ත්‍රීවීල් එකේ යන හොඳ නෑ වගෙයි. මන් ඔයාව ගෙදරට ගිහිල්ලා අරලවන්නම්..මට ආපහු එන්න බැරියැ"


"අනේ අයියා හරිම හොඳයි. නන්නාදුනන මට සල්ලිත් දුන්නා..මන් කොහොමද තව ඒ වගේ උදව් ඉල්ලන්නෙ අයියගෙන් කියලයි මන් එහෙම ඇහුවෙ නැත්තෙ"


ඈ මට තවත් ලංවෙමින් කීවා.. ත්‍රී වීල් එක අපිට වඩා අඩි 50ක් විතර ඈතින්..ඊට ඉස්සර වෙලා ආපු වෑන් එකක් පාර අයිනෙ නැවැත්තුවත් කවුරුවත් බැස්සෙ නෑ..


"අනේ අයියෙ එහෙනම් මාව ගේ ළඟට ගිනින් දමලා එන්න අයියෙ..මට ඇත්තටම බයයි..මේ වෙලාවෙ ත්‍රීවීල් එකට නගින්න තනියෙන්ම" 


ඈ මගේ අතින් අල්ලා ගත්තා..නහය කඩා ගෙන යන තරමෙ උනත් ඉමිහිරි සුවඳක් මගේ නාසය තුලට රිංගුවා...


ඈ ත්‍රී වීලයට අත දැම්මා.. බ්‍රාස් ගාලා ඒක නැවැත්තුවෙ අපි හිටි තැනට අඩි දෙක තුනක් ඉස්සරහින්...


ඈ මගේ අත තවත් තද කරලා අල්ලා ගනිමින්ම මාත් එක්කම මාර ගහේ අඳුරු සෙවනැලි වලින් අර හදමින් තිබ්බ බිල්ඩිමේ එලිය වැටිච්ච ආලෝකමත් උනු ප්‍රදේශයට ආවා..


පාරෙන් එහා පැත්තෙ තිබ්බ වෑන් එකේ පැත්තක වීදුරුව ඇරෙනවා එක්කම යම් රතු පාට අඳුරු දීප්තිමත් ආලෝක තිතක් ඒ තුලින් මන් දැක්කෙ මගේ ඇහේ කොනකින්..මෙච්චර වෙලා හොඳ ප්‍රානවත්ව මගේ සිරුරේ සමබරතාවය රඳවා ගෙන හිටි කකුල් දෙකේ ප්‍රධානම පුරුක දනිස් දෙක පණ නැති උනේ ත්‍රී වීල් එකේ පිටි පස්සෙ අඳුරු සීට් එකේ ඉඳලා අපි හිටපු ඉස්සරහට බැහැපු දෙන්නා දැක්ක විගසමයි. ඒ එක්කම ත්‍රී වීල් එක ඔවර් ටේක් කරලා නවත්තපු ලොකු වාහනෙ දුටුවහම මන් රෑට කාපු කෑම පවා දිරවන එක නවත්තලා බඩ ඇතුලෙම කැරකෙන්න උනා..


"අනේ අයියේ.."


හොඳටම බියපත් උනු මුව පොව්වෙක් වාගේ ඈ මගේ අත තවත් තදින් අල්ලා ගෙන මාව තුරුල් කර ගත්තා අනිත් අතින්...


------------------------------------------------------------------
මතු සම්බන්ධයි...
ලියන්නා තව දුරටත් තම විනෝදාංශය කර ගෙන යයිද ?

74 comments:

  1. "....."අනේ අයියේ.."

    ඒ ගෑණු ළමයට හොඳට ඇස් එහෙම පේනවද දන්නේ නැහැ නේද ??

    ReplyDelete
    Replies
    1. යන්ඩලා ගෑණු ලමයින්ට තාම මගේ ලාබාල පෙනුම පේනවා අනේ...

      Delete
  2. Replies
    1. ස්තූතියි මකුළු..ඈ ලස්සනයි කීවෙ මාව අමාරුවෙ වැටෙන්ඩ යන හැටිද ?

      Delete
  3. මොකෑ වුනේ...

    ReplyDelete
    Replies
    1. සූට්ටක් ඉන්ඩ මාළු යාළු...ඉතුරු කොටස ළඟ ළඟම එනවා..

      Delete
  4. අනේ මන්දා...මේ ලියන්නා නං ගුටි කන්නම උපන් එකෙක්ද කොහෙද ?

    ඉල්ලගෙනමයි කන්නෙ

    ReplyDelete
  5. ආ කියන්න බැරි වුනා..අර පොටෝ ටික මගේ දැනීමෙ හැටියට ඉතා හොදයි..රාත්‍රී ඡායාරූපකරණය දිගටම කරගෙන යන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් ලකී මටම මයි වෙන්නෙ.. ස්තූතියි..

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අය්යේ,ෆොටෝටිකමල්7යි..අවංකවම

      Delete
    2. ස්තූතියි විමුක්ති !

      Delete
  7. අෆ්ෆා ... අයියත් කරගහගන්න මගුල්. ඉතිරි ටිකත් දාන්ඩකෝ ...

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ..ඉක්මනටම දමන්නම් !

      Delete
  8. මේකේ මොකක් හරි උගතෝකෝටික විහිළුවක් තමා අවසානෙට තියෙන්නේ ෂුවර් එකට.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් නිශාන් කොනක් අල්ලගෙන වගෙයි...

      Delete
  9. harima lassanai yalu!

    ReplyDelete
  10. පොටෝ ටික නම් හරිම කලාත්මකයි..
    ගොඩක් විචාරය කරන්න තරම් දැනුමක් නැති වුනාට මේ පොටෝ ටිකේ කලාත්මක ගතියක් තියනවා..

    හොරකමක් කරන්න අවසරද?

    ReplyDelete
    Replies
    1. මෙන්න අවංක, සාදාරණ හෙරක්.. අහලමයි හොරකම් කරන්නෙ.. කිරිහාමි වගේ..

      Delete
    2. හහ්..මට කිරිහාමි කියලා නං වානං හදන්න එපා සෙන්නා...ඔයා තව මොනවා හරි කිව්වොත් මම හොඳ වැඩක් කරනවා..!!
      වෙනීගෙ උත්තරේ බලලම මම ඔයාට සබ්බුව දෙන්නම්..!

      Delete
    3. ගන්ඩ ගන්ඩ රූ කමක් නෑ..ම්ම්ම්ම් මන් ගත්ත ෆොටෝ එකක්ය කියලා සඳහනක් කරා නම් හොඳටෝම ඇති..සෙන්නා..ජිකිස් :-D..සොරි රූ උත්තරේ පරක්කු උනාට..

      Delete
    4. බුදු අම්මේ !!!! අනේ වෙනි අයියේ මාව බේර ගනින්..

      Delete
    5. රූ, අනේ ඔන්න ඔහේ පළ වෙනි සැරේ නිසා..සමාව බාජනයකට දාලා දෙමු අපේ සෙන්නට.. නේද ? :-D

      Delete
    6. වෙනී කියන නිසාත් මට පින්තූරෙ හොරකම් කරන්න අවසර ලැබුන නිසාත් මම හොඳ මූඩ් එකක ඉන්න නිසාත් මම සෙන්නට මේ වතාවෙ යන්න අරිනවා..

      අපි බලාගම්මු..අපේ බ්ලොග්වලටත් එනවනෙ මෙයා..!!
      ආවෙ නැත්තං ඒත් බලා ගම්මු

      :D

      Delete
    7. හැක හැක.. ඔන්න දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ.. ඉත්තූතියි ආ...

      තිත් දෙකයි ඩී තියන හින්දා දන්නම් මූඩ් එක හොඳයි කියලා සුවර්ම තමා..

      බ්ලොග් වලට එන්ඩ ඉතින් ලියන්ඩ එපායැ..

      Delete
    8. @සෙන්නා,
      කිරි අම්මේ ආයෙත් මඩක් ගහලා නෙව..දැන්නම් නිකං ඉඳලා බෑ..ටිකක් ඉවසලා ඉන්නවලකෝ පෝස්ටුවක් දානකම්..

      @වෙනී,
      පින්තූරෙ හොරකම් කරන් මගේ කොම්පීතරේ වෝල් පේපර් එකට දැම්මා..ඔපිසියේ කට්ටියගෙන් මාර කොමෙන්ට්..
      කියලා වැඩක් නෑ ඔන්න..

      Delete
    9. ආ සතුටුයි රූ ඒ ගැන..

      Delete
  11. හුටා.... මල් විසිවෙන ගුටි කෙලි, තරු පනින ප්‍රේම ජවනිකා ඇතුලත් වෙනි ගේ රාත්‍රී ජයාරූප කෙලිය.

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර් ඉන්ඩකෝ ඊළඟ කොටස එනකම්...

      Delete
  12. ෆෝටෝ ටිකනම් මල් හතයි.. අර අන්තිම ටික හින්දි චිත්‍රපටියකත් තිබ්බා වගේ ලාවට මතකයි :-)

    ReplyDelete
    Replies
    1. සෙන්නා..මන් හින්දි චිත්තර පටි බලනවා නම් අඩුයි..හැබැයි..වෙන්ඩ පුළුවන්..

      Delete
  13. උඩම පොටෝ එකයි, යටම එකයි ලස්සනයි....අනිත් දෙකේ ආලෝකය වැඩියි.

    ....මතු සම්බන්ද හින්ද වෙනිය යහතින් බව විශ්වාසයි, ඒ මදෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සුමිත් මන් යහතින්.. ඔව් ඒ ෆොටෝ දෙක තමයි මගෙත් ෆේවරිට්ම..තාම ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා..

      Delete
  14. පෙරහැරේ තිබ්බා ගැහැව්වා ටිකට වඩා සෑහෙන්න දියුණුයි. මැද පිංතූරු දෙකට white balance බලපානව - ගස් රතු පාට වෙලා.

    මේක බලන්න

    ෆොටෝ ගන්න කොට ඔව්ව ඔක්කොම කරකර ඉන්න අමාරුයි. එකම ක්‍රමේ camera RAW format එකේ ටිකක් ove/under exposed පොටෝ අරං ඇවිත් photoshop පාරක් දාගන්න එකයි.බය නැතුව ASA වැඩි කරලා apature අඩු කරගන්ට. නැහ්නං depth of field එක තියා ගන්ට අමාරුයි.

    ඔහොම යං :)


    කතාව නං නියමයි. හැබැයි කුට්ටි කරල :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නරි මොටා..ඔබේ ලින්ක් එකට ගිහින් බලන්නම්..හැකි ඉක්මනින් ඔය රෝ ෆෝමැට එකට යනවා..සුවර්..ඔබේ උපදෙස් නම් හරිම අගෙයි..

      Delete
  15. වෙනී අයියට රෑ ගමන් එපා වෙන වැඩක් වෙලා වත්ද? මේක දැම්මා කියන්නේ ජීවිතේට අනතුරක් නෑ කියන එකනේ.. ඒ නිසා අවුලක් නෑ... :)

    ReplyDelete
    Replies
    1. ඔව් දීනේශ් මල්ලි, වැඩි මුකුත් උනේ නෑ...

      Delete
  16. Menna bada kata prenne kaloooooooo.. liyanna iyage post patta ahh...hoda place ekakata ewe wage liyamu liyamu...onna mamai mulma watawata ehamawath kiwe :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ ඔබට..

      Delete
  17. වෙනී අයිය ෆොටෝ ගහන්න කියල රෑට රෑට කොහේ රිංගනවද මන්ද?

    ෆොටෝ ටිකනං නියමයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ප්‍රසන්න ඒ නිදහසත් තියෙනවා..අහු උනොත් කියනවා මේ ෆොටෝ එකක් ගහන්ඩ ආවයි කියලා...

      Delete
  18. ඇද බෑවා හෙන කෙප්පයක්...
    ඉතුරු ටිකත් කියමුකෝ බලන්න... :) :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ ඔය කියන්නෙ ඉතින් ඔය ෆොටෝ ටික කෙප්පයක් කියලනෙ..ඕනි නම් ඔය ෆොටෝ ගත්ත තැන් පවා මන් දාන්නම් !

      Delete
  19. බොරු උනාට ඇත්ත වගෙ කීමට තමයි නිර්මාණාත්මක කුසලතාවය කියන්නෙ. වෙනී කියනෙ එකෙක්. ලියන්නා කියන්නෙ තව එකෙක්. එතකොට අර ත්‍රී වීල් එකෙන් බැස්ස එකා තමයි වෙනී...
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හිකිස් හෙන්රි හරියටම හරි..ස්තූතියි..

      Delete
  20. පින්තූර හුඟක් ලස්සනයි. කතාවත් ලස්සනයි. රෑ පානෙ ඇවිදිනකොට නිර්මාණාත්මක සිතුවිලි ගලා ගලා එනවා වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් එහෙම වෙන්න සහයට යන අය නිසා තමයි නලිනි..

      Delete
  21. ලබන සතියේ

    ඉදා කාපන්
    ඩිෂම් ඩග්
    උග්
    අම්මෝ නැ අයියේ නැ
    අපිව බෙරා ගන්ඩ කව්රැවත් නැද්ද
    අම්මො
    මරනවො
    දිඩීන්
    ඩක් ඩුක්

    ReplyDelete
    Replies
    1. සෑහෙන්ඩ සාර්ථක අනුමානයක් අටම්...

      Delete
  22. මේක විහිලුවට ලියපු එකක් මිසක් ඇත්තක් නෙවේ නේද බං ?

    ෂුවර් එකට මෝහිනි වෙන්න ඇති !

    ReplyDelete
    Replies
    1. සෑම් ඉනඩකෝ ඊළඟ කොටස එනකම්..මේක නිර්මාණයක්..ෆොටෝ ටික එක්ක කතාවක් දමන්න ඕනියි කියලා හිතුවා..

      Delete
  23. අහුවුනා නේද 1/64 කට...

    ReplyDelete
    Replies
    1. හැට පැනලා පැනලා හොම්බෙන් ගියත් ඒ දවසටත් අපි අහු වෙයි අප්පා.. අපි පව් !

      Delete
  24. මොකක්ද බොලේ මේ වෙන්න යන්නේ :O

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මෙදා සැරේ වත් කයිද ?

      Delete
  25. ඔය කැමරාවෙන් ඔය කියන උන්දැගේ පොටෝවක් කාරිය ගහගන්න බරයි වුනාද අප්පා අපටත් බලාගන්න

    ReplyDelete
    Replies
    1. කොහෙද කැමරාව එලියට ගන්නවත් බැරි උනා...

      Delete
  26. බ්ලොග් ලියන අය, විශේෂයෙන් ඡායාරූප ගන්න අය ජනමාධ්‍ය වේදීන් හැටියට නම් කරන්න පුළුවන් වගේම, ඒ නිසාම ගුටි කන්නත් සුදානම් වෙන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. ඔව් රාමා මන් ඉතින් නිදහස් මාධ්‍යවේදියෙක්ද මන්දා ? එක්කො ඕනි නෑ..ගුටි කන්ඩ බෑ අප්පා..ඕන් ඔහෙ බ්ලොග් එක ලියන් ඉන්නවා..විනෝදාංශෙට ෆොටෝ ගන්නවා..

      Delete
  27. වලාකුල්වලින් පින්තූර ටික තවත් ලස්සණ වෙලා.

    කතාව කියවලා ඇඟේ මයිල් ඉස්මයිල් උනා.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ..ඒත් ඊළඟ කොටස වෙලාව තිබ්බොත් බලන්ඩකො..

      Delete
  28. තවත් පැහැදිලි කෑමක්.. වගේ...

    පින්තූරටික මරු ඈ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ වගෙයි..

      Delete
  29. වෙනී අයියේ ඔය ත්‍රී වීලර් එකට නැගපු ප්ලේස් එක මට හරියටම කියපන්.....!

    ReplyDelete
    Replies
    1. අනේ හැබෑටම මේ දුමීටත් ඕනි නැති දෙයක් නෑනෙ..එව්වා රහස් කියන්නෙ නෑ එහෙම..

      Delete
  30. අනේ වෙනී අයියේ ඔය රෑ පොටෝ වැඩේ නවත්තන එක හොදා,,ඉතුරු වෙලා තියන දත් ටිකත් නැති කරගෙන,අර හොම්බ දිග කැමරාවත් නැති කර ගන්න වැඩක් ඔය බොලා පටන් අරගෙන තියෙන්නේ.මම මේක බුකියේ රෑ පොටෝ දකිනකොටත් කියන්න හිතන් උන්නු එකක්

    ReplyDelete
    Replies
    1. ඩිලා ඔය කතාව නම් සහතික ඇත්ත..උපදෙස උපරිමයෙන් පිළි පදින්නම් ..ස්තූතියි..

      Delete
  31. අනේ අදනේ මම මේක දැක්කේ අයියෝ.... මම ආසම ජාතියේ කතාවක් කුතුහලයි ඉතිරිලා යනවා... දැන් ඊළඟ කොටසට පනිමි..

    ReplyDelete
  32. රෑ පානේ පාරේ යන්න හොඳ නෑ කියල ගෙදර එක්ක යන්නනේ තිබ්බේ.

    ReplyDelete
  33. ඉල්ලන් කනෝ වගේ :v

    ReplyDelete