ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, June 27, 2012

තහනම් ෆොටෝ ගැහිල්ල.. තහනම් නැත..


මගේ සිත්තර වලටත් තියෙන ඉල්ලුම වැඩි වෙන නිසා ඕන් අදත් ඇන්ඳා අද කතාවට සරිලන එකක්..






ඔයිට ඉස්සෙල්ලා දවසක මන් දැක්කා බත්තරමුල්ල හරහා යනකොට ඔය දියවන්නා හරියෙ හොඳ ලස්සනට හදලා බංකු හයි කරලා හවස් ජාමෙ ගත කරන්න කදිමට සකසලා තියෙනවා. ඔතන දකින කොටම මට මතක් උනේ කාලෙකට ඉස්සර ඔය හරියෙ ගොල්ෆ් ගහන්න පිට්ටනියක් හැදුවා..ඊට පස්සෙ පෙම් උයනක්දෝ මොකද්ද එකකුත් කරලියට ආවා.. දැන් හරි ගස්සලා තියෙන්නෙ ඒ පෙම් උයනමද මන්දා..පෙම්වතුන් පෙම්වතියන් නම් වැහි වැහැලා තරමෙ බංකු අත් පත් කරන් ඉන්නෙ ඔය හැම වෙලාවෙම ඉතින් මට මෙතන පහු කරන් යනකොට හිතුනා දවසක හවසක එන්ඩ ඕනි මෙතනට... පෙම් කෙලින්ඩ කියලද නෑ පිංවතුනි..ෆොටෝ ටිකක් ගන්ඩ කියලා.. අපි ඔහොම පෙම් කෙලිය කාලෙ ගියා නොවැ..කබාය ඉරිලා කවුරු දකින්නද මා දැන් මහලු වියේ ..කිය කියා ඉන්න අතරෙ ඉතින් දැන් හොඳ ෆොටෝ ගන්න තමයි මේ වගේ තැන්..ඉතින් මමත් කැමරාව සහ ට්‍රයිපොඩ් රාජයාත් එල්ල ගෙන ගියා ඔතනට.. බංකු නම් ගොඩාක්ම වගේ හිස් මොකද එතකොටත් එතන අව්ව නිසා..මන් දැන් අවට තියෙන දේවල් මට වැඩක් නැති ගානට..ෆොටෝ ටිකක් ගන්නවා..


"කොහෙද ඉන්නෙ ?"


කියලා මගෙන් අහන සද්දෙකට මමත් ඔළුව උස්සලා බැලුවා. හෆ්ෆට සිරි පොලීසියෙ මල්ලි කෙනෙක් Environment Pilice Unit.. කියලා කබායකුත් දමා ගෙන..මන් ඉන්නෙ කොහෙද කියලත් මට අමතක උනාද මන්දා.. 


"මන් ඉන්නෙ අහවල් තැන ..."


කියලා කීවා. 


"ෆොටෝ ගන්ඩ අවසර අරන්ද තියෙන්නෙ ?"


හුටාහ් මෙතන මේ පොදු ස්ථානයේ ෆොටෝ ගන්ඩ අවසර ගන්නත් ඕනිද කියලා හිතපු මන්..


"නෑ..මෙතන ෆොටෝ ගන්ඩ අවසර ගන්ඩ ඕනිද ?. මන් දන්නෙ නෑ..කාගෙන්ද අවසර ගන්ඩ ඕනි?"


මන් ඇහුවා,


"ඔව් නාගරික සංවර්ධන අධිකාරීයෙන්" 


ඒ එක්කම මට මතක් උනා ඔය හරියෙ මොකද්ද බෝඩ් එකක් ගහලා තිබ්බා නාගරික සංවර්ධන අධිකාරියේ අයිතිය ප්‍රකාශ කරල නම් නමුත් ඒ බෝඩ් එකේ ෆොටෝ ගැනීම තහනම් කරලා නම් තිබ්බෙ නෑ..


"මන් ඒ වගක් දන්නෙ නෑ. මන් විනෝදාංශයටයි ෆොටෝ ගන්නෙ..මන් හිතුවෙ ඔය පාර්ලිමේන්තුව අවට වගේ ගන්නවනම් තමයි අපිට අවසර ගන්ඩ ඕනි කියලයි. මොකද මන් ඊළඟ දවසෙ එන්න ඉන්නෙ ඒ හරියට..මන් හොයලා බලන්ඩ හිටියෙ ඒ හරියෙ ෆොටෝ ගන්නවනම් ආරක්ශක දෙපාර්තමේන්තුවෙන් අවසර ගන්න ඕනිද කියන එක. මේ හරිය පොදු තැනක් නිසා මන් හිතුවෙ අවසර ගන්ඩ ඕනි නෑ කියලයි"


මන් කියෝනවා..පොලිස් මල්ලි අහන් ඉන්නවා..


"මන් වැඩ කරන්නෙ අහවල් තැන මන් හොයලා බලන්නම්".


"අනික මෙච්චර ලස්සන තැනක් දැක්කහම අපරාදෙ ෆොටෝ ගන්ඩ අවසර ගන්ඩත් වෙලා තියෙන්නෙ.. බලන්ඩ අවුරුදු ගානකට ඉස්සෙල්ලට වඩා මෙතන පරිසරය කොය්තරම් ලස්සනද ?"
 මන් උවමනාවෙන්ම එයාගෙ පරිසර කබාය දිහා බලනවා පෙන්නුවා. 


"මන් දැන් ෆොටෝ ගන්ඩ එපාද ?"


මන් අන්තිම තුරුම්පුව ගැහුවා,


"නෑ ෆොටෝ ගන්ඩ ආයි ගන්න කොට අපිට කියලා ගන්ඩ "


බළලා මල්ලෙන් පැන්නා එලියට.. 


"ඕ මන් දැක්කෙ නෑ ඉස්සෙල්ලා..මේ ලස්සන වලාකුලු ටික නිසයි මන් ටක් ගාලා ෆොටෝ ගන්ඩ හිතුවෙ" 


එයා ගියා..මන් මගේ ෆොටෝ ටික අරන් ආවා ගෙදර..


එන ගමන් සහ මේ වෙනකම්ම මට මතක් උනේ ලංකාව කියන්නෙ ලස්සනම රටක්..හැමදාම දකින කුකුලගෙ කරමලේ වගේ අපිට ඕකෙ ලස්සන පේන්නෙ නෑ. ඒත් පිටරට ඉඳලා මෙහෙ එන අය කියන කතා කියද්දි සහ ඒ අයගේ ඇහෙන් ඒ ලස්සන දකින්න උත්සාහ කරද්දි අපිට පේනව ඒ ලස්සන කොයිතරම්ද කියලා. ඒත් මේ ලස්සන අපිට ජායාරූප ගන්න තනම්ද ? මේක අපේ රට අපි ලාංකිකයො විදියට මේ ලස්සන ගැන ආඩම්බර වෙනවා. ඒ ආඩම්බරෙ හිඳෙන්නෙ මෙන්න මේ වගේ වෙලාවට තමයි. ත්‍රස්තවාදී කලබල තිබුනු කාලවලදි අධි ආරක්ශිත කලාප වල ෆොටෝ ගත්ත එක තහනම් උන එක හරියි කියමුකො. ඒත් දැන් ? 
සමහර විට තාම ආරක්ශක අංශ ඉන්නෙ සැකෙන්ද මන්දා ? එහෙනම් ඒ සැකේ ඉවත් කර ගන්ඩ දැන් හොඳටම කාලෙ ඇතිනෙ කියලත් තිබුනා..රටේ ලස්සන තැනක් දැක්කහම ෆොටෝ ගන්ඩ පොලීසියෙන් අවසර ගන්න ඕනිද කියන නීතිමය තත්වය හොයලා බලන්ඩ ඕනි..හැබැයි එතකොටත් තව ගෑණු ලමයි දෙන්නෙක් සාමාන්‍ය කැමරාවකින් ඒ අයගේ ෆොටෝ ගන්නවා මන් දැක්කා. ඒ අයත් අවසර අරන්ද එහෙම කලේ ? මන් ආවටත් පස්සෙයි ඒ අය ෆොටෝ ගත්තෙ . සමහර විට අර කට්ටිය කියනවා වගේ මගේ පොල් රැවුලයි ද්‍රවිඩ ජාතිකයකුගෙ තියෙන පෙනුමයි නිසා එහෙම උනාද කියන්න බෑ. ඒත් එහෙම නම් ඒක පට්ට අසාධාරනයි.  කොහොම උනත් එතන මාත් එක්ක කතා කල පොලිස් නිළධාරියා බොහොම ආචාරශීලීව කතා කල බව නම් නොකියාම බැහැ. ඒ නිසාම කීව කතාව එච්චරම සැරට මට දැනුනෙත් නෑ. ඒත් අවට ස්වභාව සෞන්දර්‍යය ජායාරූප ගත කරන්න පොලීසියේ අවසරය ඕනිද කියන ප්‍රශ්නය මගේ හිත ඇතුලෙ කැකෑරෙනවා තදටම...


ඉතින් ඔන්න එතෙන්ට ගිහින් ගත්ත ෆොටෝ 2-3කුත් ..











බලන්ඩකෝ..හවසක නිවාඩු පාඩුවෙ බංකුවක් උඩ ඉඳ ගෙන ඉන්ඩ කියාපු පොට් එක..


ප.ලි. 
මන් මේ ගැන ඇහුවා පොලීසියෙ ඉහල නිළධාරියකුගෙන් ඔහු කීවෙ ඒ ප්‍රදේශය ගැන ටිකක් ආරක්ශාව අතින් තදයි..ඒ නිසා ඔයා එතන හිටිය අයට පොඩ්ඩක් කතා කලා නම් ඒ අයට වැටහෙනවා ඔයා ෆොටෝ ගන්නෙ මොකටද කියලා. අරමුණ පැහැදිලීයි දෙගොල්ලන්ටම.. එතන අවසර ගන්නවා කියන අර්ථය නෙවෙයි තියෙන්නෙ..දෙගොල්ල අතර හදා ගන්නවා කියන එකයි..මගේ වැරැද්ද එහෙම නැත්නම් අතපසු වීම උනේ එතන..ඒක නොවුන නම් පෝස්ට් එකක් ලියන්න දෙයක් උනත් නැති වෙනවා..ඊළඟ සැරේ මන් දන්නවා කොහොමද පටන් ගන්න ඕනි කියලා..

95 comments:

  1. මමත් මේ ඊයෙ පෙරේද දවසක ඔතනින් ගියා. ගෑල්ලමයි දෙන්නෙක් බංකුවක් උඩට වෙලා කතා කර කර ඉන්නව. එතනටම වෙලා පොලිස් (කාර/අයි) යෙක් ඒ දිහා බලන් ඉන්නව. සමාර විට ඒ ගෑල්ලමයි දෙන්න ඇමති දුවලද දන්නෙත් නැහැ නෙ. මොනව උනත් ඒ හරිය දැං මාර ලස්සනයි. හොඳ පිරිසිඳුවට තියනව. ඒ ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. හෑ මම එකෙනෙ බොලේ.. හුරේ වෙනී මාමගෙ බ්ලොග් එකේ මම එක උනාමයි.. අද මාරය නෑ වගේ.. හැකිස්

      Delete
    2. සිහින මල්ලි දන්නෙ නෑ අවුරුදු 10-15කට එහා ඔය හරිය තිබුනු විදිය...ඒ අනුව මට ඊට වඩා සතුටුයි..

      Delete
  2. ඇයි එහෙම අවසරයක් ගන්න ඕනා කියලා මටත් හිතාගන්න බෑ. යාපනේ යද්දී අර ස්විමිං පුල් එකටයන පාරේදී හමුදා නිලදාරියෙක් නම් මට කියුවා යන පාර ෆොටෝ ගහන්න එපා පුල් එක විතරක් ගන්න කියලා. එතැනදී නම් ආරක්ෂක හේතුන් මත කියන්න පුළුවන්. එත් මෙතැනදී?

    ReplyDelete
    Replies
    1. මෙතන වෙන්න ඇත්තෙ ඒ පොලිස් නිලධාරියාගෙ නොදැනුම වෙන්න ඇති.. මන් හොයලා බලන්නම්...

      Delete
  3. ඇත්තටම වෙනි අයියේ අර පොලිස් කොලුව ගේ කතාව ගැන හිතා බලන්ඩම ඔන...මොකද විදෙස් රටවල ඔය තහනම් ෆොටොගැහිල්ල දක්නට නෑ නේද...සුන්දර සොභා පරිසරය පිංතුර කැල්ලකට අරන් ඒ සුන්දරබව බොහො දෙනා අතරේ බෙදාගන්න කොට නිරායාසයෙන්ම ලක්මවටමනේ එකේන් හොඳ නාමය ලැබෙන්නේ .මම හිතන්නේ ඒ පිළිඹඳව මොවුන් දැනුවත් වෙලා නෑ හරියට නැත්නම් ඔක අස්සේත් ගැහිලක් ඇති...
    හැබැ ඔකේ ඇත්ත යුත්ත හොයල වැඩේ වැරදිනම් එකට විරොදය පාන්ට මාත් එනව උඹත් එක්ක

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ ඔතන වෙන්න ඇත්තෙ වෙන වැඩක්..වැරදි වැටහීමක් වෙන්න පුළුවන් මගේ පෙනුමත් එක්ක..

      Delete
  4. මටත් පේන්න බැරි දෙයක් තමයි ඔය ෆොටෝ ගන්න එක තහනං කරන එක. යකෝ ලංකාවෙ මිනිහෙකුට ලංකාවෙ තැනක් ෆොටෝ ගහන්න කාගෙන්වත් අවසර ගන්න ඕනද ?

    ReplyDelete
    Replies
    1. නොදැනුවත්කම නිසා වෙන්න ඇති..එහෙම කියන්න ඇත්තෙ..

      Delete
  5. මටත් ඔයවගේ කේස් එකක් උනා එකපාරක් දබුල්ල ඉබ්බන්කටුව වැව ලග ඉදන් ග්‍රවුන්ඩ් ඒකේ පොටෝ ගන්න ගිහින් එදවස්වල පිට්ටනියේ මැච් එකකුත් තිබුනා මම ලගට සිවිල් ආපු පොලිස් කාරයේක් මගේන් ගේම ඉල්ලුවා පස් මම අයිඩි එඉ ඉල්ලගෙන බලලා මැන්ට කිව්වා ඔයාට වඩා ලොකු වැඩකට මන් ඇවිත් ඉන්නේ කියලා 

    ReplyDelete
    Replies
    1. මෙයා නම් නිල ඇඳුමින්මයි හිටියෙ..නියම උත්තරේ දීපුවහම ඉවරයි..

      Delete
  6. යුද්දෙ ඉවරඋනාට තාමඒමානසිකත්වෙන් එකපාරට මිදෙන්න අමාරුඇති..

    ReplyDelete
    Replies
    1. ඔව් විමුක්ති කියන කතාව හරියටම හරි කියලයි මටත් හිතෙන්නෙ..

      Delete
  7. අපිත් ඔහොම හිටි හැටි මතකයි .. මට හොඳ හැටි මතකයි .. කියා කියා වෙනියා අර ජෝඩු වල ෆොටෝ ගහනවා. ඉතින් පොලිස් මල්ලි ඕකටයි සත්තමක් දාල තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ සරත් අයියෙ මන් මේ බෝපැලේ වගෙ ඉන්න මනුස්සයා ඔහොම කරයි කියල හිතනවද ? ඒ පැත්ත බැලුවෙවත් නෑ..

      Delete
  8. ඇත්තම කිව්වනම් ඉතින් ඔතන හිටපු ගෑණු ලමයෙකුට කැමරාව මානන්න ගිහිල්ල නේද..පොලෝසියෙන් ආවෙ.............?

    ReplyDelete
    Replies
    1. බලන්න මන් කවර් කරපු Camera angle හතරම තියෙනවා ඔය ෆොටෝ හතරෙ.. මිනිස්සුන්ව ගත්තෙ නෑ..

      Delete
  9. මම ඔබට පොඩි ඔත්තුවක් දෙන්නම්. ඔබ දන්නවනේ ඔතන තියන ආමි ච්ක් පොයිට් එක. දැන් එතැන පාලමක් හදනවා. අන්න ඒ පාලම ගාවින් යටට යන්න පොඩි පාරක් තියනවා. වැව අයිනෙම. ඔබ එන්න දිනක එතැනට ඒ පාරෙන් ගියහම වැටෙන්නේ කෙලින්ම කොටු බැම්ම පාර හරහා කෝට්ටේ පාරට. ඒ පාර දිගටම එන්න ආ ආ අර ජපන් පන්සල තියන්නේ අන්න ඒ පාර. දිගටම එනකොට බලන්න පරිසරය. මේක ලංකාවද? ලංකාව නම් මේ ඉන්නෙ කොළඹද කියලා හිතෙනවා. තව තැනක් තියනවා. දැන් පාර්ලිමේන්තු පාර දිගේම එනකොට බත්තරමුල්ල පැත්තට හැරෙන වංගුව බලන්න. කාටත් පේන්නෙ නැති වෙන්න පොඩි බෝඩ් එකක් ගහලා ඇති කොන්තගම්තොට කියලා. අන්න එතැන බලන්න. ලස්සන ෆොටෝ ටිකක් ගහන්න පුලුවන්. ඔතැන තමයි හම්බන්තොටට කලින් අපේ වරායක් ගොඩබිම තිබුනු එක් තැනක්. තව තැන් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අහලක පහලක් හිටියා නම් වඳිනවා වෙද මහත්තයට දීපු ඔත්තු වලට..ඇත්තටම බොහොම ස්තූතියි..ඉන්න ඉඩ හසරක් ලැබුනු ගමන්ම මන් යනවා එතනට..හොයා ගන්ඩ බැරි උනොත් මන් කෝල් එකක් දෙන්නම්කො..ඊයෙ නුගේගොඩ පාගොඩ පාරෙන් බස් එකේ එනකොට ඔබතුමාව මතක් උනා..කිඹුහුමක් එහෙම ගියා නම් ඒ මන් මතක් කරපු පාරට තමයි..ඕන්..

      Delete
  10. බලවතුන්ගේ බවලතුන්ව ෆොටෝ ගහන්න ගිහින් වගේ ..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ රාමා ඔය තියෙන්නෙ ගත්ත ෆොටෝ ටික..

      Delete
  11. පොලිස් පොර තමන්ගෙ රැස්පොට්ටෙක පෙනුනුවාද දන්නෙත් නෑ....
    කොහොම වුනත් තව කාලයක් යයි ඔවා හරියන්න.

    අද නම් පොටෝ ටිකේ අයිතිය සනාත කරලා තියෙනවා,ඒක හොද දෙයක්

    ReplyDelete
    Replies
    1. නැහැ සුමිත් මේ දැන් මට චාන්ස් එකක් ආවා පොලිසියෙ ලොක්කෙක්ගෙන් ඒ ගැන අහන්න..මගෙත් වැරැද්ද..මට පොඩ්ඩක් කියන්න තිබ්බා එතන හිටිය පොලිස් නිලධාරියාට..මගේ ෆොටෝ ගැනීමේ අරමුණ මොකද්ද කියන එක..ඒක නොකී එකෙන් වෙච්ච දෙයක් මේ..

      Delete
  12. මමත් ඔය හරිය දැකපු වෙලාවෙ හිතුනෙ හවස්යාමෙකනම් ඉන්න කියාපු තැන කියලා...

    මෙච්චර ලස්සන අපේ දේවල් අපිට අයිතියක් නැති හැටි.පොටෝ එකක් ගත්ත කියල පර්සරය විනාස වෙනවනම් කමක්නෑ එහෙම නීතියක් දැම්මට..

    ReplyDelete
    Replies
    1. මෙතන උනේ මගෙත් වැරැද්ද පොඩ්ඩක් මට ඒ අයව දැනුවත් කරන්න උනා නම්.. මොකද ඒ හරිය ගැන පොඩ්ඩක් කන්සර්න් ඉන්නෙ පොලීස් නිළධාරීන් පවා..මන් ෆොටෝ ගන්ඩ ඉස්සර කතා කලා නම් ඒ අයට වැටහෙන්න තිබුනා මගේ අදහස..

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ඒ අයත් අවසර අරන්ද එහෙම කලේ ? මන් ආවටත් පස්සෙයි ඒ අය ෆොටෝ ගත්තෙ . සමහර විට අර කට්ටිය කියනවා වගේ මගේ පොල් රැවුලයි ද්‍රවිඩ ජාතිකයකුගෙ තියෙන පෙනුමයි නිසා එහෙම උනාද කියන්න බෑ. ඒත් එහෙම නම් ඒක පට්ට අසාධාරනයි. //

    දවස් ගාණක් නොකා නොබී කතා කරන්න පුලුවන් මාතෘකාවක්

    ReplyDelete
    Replies
    1. බුද්ධි මල්ලි පොඩි අතපසු වීමයි වෙලා තියෙන්නෙ මන් අතින්..

      Delete
  15. යකාගෙ නීති! උංට ගිය රටනේ!

    ReplyDelete
    Replies
    1. මටත් මුලින් එහෙමයි හිතුනෙ දැන් දන්නවා රාජ් කොතනද අඩු පාඩුව උනේ කියලා..

      Delete
  16. පරිසරය පින්තූර ගන්නට නොදෙන්නෙ මොකද කියලනම් හිතා ගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ආරක්ශිත ප්‍රදේශ සීමාවක අපිත් පොඩ්ඩක් එතන තියෙන බාධක එක්ක අපේ සීමාවන් එහෙ මෙහෙ කර ගත යුතුමයි කියන පාඩම ඉගෙන ගන්ඩ ලැබුනා..ජායාරූප ගැනීම සහ පරිසරය සාධක ..

      Delete
  17. ලංකාවේ ලස්සන තැන් ගොඩයි. පින්තූරු ටිකත් ලස්සනයි. අර උඩින් තියන සිත්තරෙත් ලස්සනයි. :)

    ReplyDelete
    Replies
    1. පොඩී තමයි ඔන්න මුලින්ම චිත්තරේ දැක්කෙ.. ස්තූතියි..

      Delete
  18. උඹට වැරදිලා උඹ හිතාගෙන ඉන්නේ මේක උඹලෑ අපේ රට කියලද?

    බොරු හීන . .

    අපි කතිරේ ගහලා අපේ තිබුනු අයිතිය වෙන උන්ට පවරලා ඉවරයි . . .

    දැන් මේක උන්ගේ . .

    උන්ට විතරයි මේකේ ඕන ඕන විදිහට ආතල් ගන්න පුලුවන් . .

    අපිට බෑ . .

    දැන් වත් ඒක තේරුම් ගනින් මෝඩ අයියේ . . :D

    අපි දැන් උන් කියන විදිහට xx ඇඟිල්ල ගහගෙන සද්දේ වහගෙන ඉමු . . .

    ඊලඟ සැරේදි ආයේ කතිරේ ගහලා උන්ට හරි අනිත් උන්ට හරි දෙමු . . .

    දීලා අයේ මෙහෙම ඉමු . .

    එච්චරයි . .

    ReplyDelete
    Replies
    1. මෝඩ මල්ලියෙ :-D ඔහොම කොරහෙත් කිඹුල්ලු දැක දැක දකින හැම දේටම දේශපාලන අර්ථකතන දිදී කොහොම ජීවත් වෙනවද කියලා මට නම් තේරෙන්නෙ නෑ..ඔය පාට කන්නාඩි ගලවලා දමලා මන් ගොඩක් කල්..ඔය ගිණි ගන්න කුණු ගොඩවල් ඔළුවෙන් අයින් කරලා ගොඩක් කල්..දේවල් සිද්ධ වෙනවා..ඒවට ඒ ඒ කන්ටෙක්ස්ට් එකෙන්ම තමයි අර්ථකතන දෙන්නෙ..මම එකඟ නොඋනට ඔබට ඔය මතය දරන්න ඇති අයිතියට ගරු කරනවා බන් එච්චරයි..අපි දෙන්නා දකින්නෙ දෙවිදිහකට..මන් උඹ දකින විදියට හැඩගැහෙන්න ඕනි නෑ මට ඕනි නැත්නම්.. and vice versa..

      Delete
    2. මේ කතාවනං සිරා වෙනී අයියේ... මටත් ඔය ටික මූට කියාගන්න බැරි උනානේ මෙච්චර කල්.....! මූට ඔය වගේ මොනවහරි කියපු ගමන් මූ ගිහිල්ලා පෝස්ට් එකක් දානවා.....! හික් හික් හික්.....

      Delete
    3. වෙනීගේ උත්තරේට ++++++++++++++++++


      කොහොම උනත් ඔය පැත්තෙ කරල තියෙන ඔය වෙනසට නම් මගෙන් ආණ්ඩුවට ලකුනු ටිකක්.
      එකම වැරැද්ද ආර පාලිමන්ට් ග්‍රවුන්ඩ් එකේ කොල්ලො කුරුට්ටන්ට ක්‍රිකට් ගහන්න නොදෙන එක තමා.

      Delete
    4. මොකක්?
      දුකා ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      :D

      Delete
  19. අයියගෙ චිත්‍ර ඇඳීමේ හැකියාව දවසින් දවස බලාන ඉද්දි දියුණු වෙනව. අර පොලිස් මෑන් මොකක්ද දික්කරන් ඉන්නෙ. ඊතල ටිකක් ගහල ඒ ඒ දේවල් නම් කරානම් හොඳයි නේ ද?

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඒවා තම තමන්ගෙ පරිකල්පන ශක්තියෙන් තේරුම් ගන්න වෙයි .. ස්තූතියි ඇගයීමට...

      Delete
  20. වහින්න එනවා වගේ අව්ව කිව්වට..

    ReplyDelete
    Replies
    1. අව්ව තිබ්බෙ මන් කැමරාව අටවන් තිබ්බ බංකු හරියට නංගි..

      Delete
  21. අර කිව්වත් වගේ යන්ඩ ආස හිතෙන පොට් එකක් !!!
    කපල් එහෙම ඉන්නවා කියන්නේ බංකු එහෙම ෆ්‍රී නෑ කියන එකනේ !!! ඒ නිසා උදේ වෙලාවක තමා යන්ඩ වෙන්නේ !

    ReplyDelete
    Replies
    1. එතන බංකු ගොඩක් තියෙනවා මල්ලි.. ඒ නිසා හිස් ඒවා තියෙනවා ඕනි වෙලාවක යන්ඩ..

      Delete
  22. ෆොටෝ ගැහිල්ල ගැන පරිසර පොලිසියට ඇති රුදාව මොකද්ද? ෆොටෝ ගැහිල්ලෙන් පරිසරය කාබාසීනියා වෙනවාද? ලඟ තිබුනේ X-ray කැමරා එකක්ද??? :-)

    ReplyDelete
    Replies
    1. වැරැද්ද හරි ගස්සා ගත්තා ඔතන එක්ක මගේ වැඩේ කර ගන්න ඕනි තැනක්..ගැටෙන්න නම් ඕනි මගේ අරමුණ ඒකටත් හොඳ පොයින්ට් එකක්..

      Delete
  23. මේ හරියනම් හරිම ලස්සනයි තමා . මාත් මේ පැත්තෙන් යනකොට පරිසරය හොදට රසවිදිනවා .

    ReplyDelete
    Replies
    1. මාත් ගොඩක් කාලෙකට ඉස්සර ඔය පැත්තෙන් ගියා .ඒත් දැන් නම් ඒ පැත්තට අමුත්තෙක්ම වෙලා...

      Delete
  24. ඉස්සර මමත් මගේ ගම හාමිනේ එක්ක ඔය විදිහට විහාර මහා දේවි පාක් එකේ, දෙහිවල බීච් එකේ පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එක හරියේ වගේ නිදහස් තැන් වල ඉඳගෙන අල්ලාප සල්ලාපයේ යෙදිලා හිටියා...

    ඒ කාලේ අපිට තිබිච්ච ලොකුම කරදරේ තමයි "පීප්ප කාරයෝ...." නිදහසේ ඉඳගෙන උම්මා එකක්වත් දීගන්න බෑ මේ රිලව් ගස් ගල් අස්සෙ හැංගිලා ඉඳන් හොරෙන් බලනවා....

    එදා, අද කියලා වෙනසක් නෑ වගෙයි අසරණ පෙම්වතුන් ඉන්න තැන් වලට සොභා දහමේ අසිරිය විඳින මුවාවෙන් පිහිටෙන් දැනුත් පීප්ප කාරයෝ රිංගනවා වගේ....!

    මට හපොයි කියලා හිතෙන්නෙ දැන් ඉන්න පීප්ප කාරයෝ ලඟ 750mm සූම් කරන්න පුළුවං කැමරාත් තියෙනකොට අනේ අර අසරණ පෙම්වතුන්ට අබ සරණයි....

    ReplyDelete
    Replies
    1. අනේ යන්ඩලා දුමී.. ඔය පෙම් කෙලින ඒවා කැමරා කරන්න නෙවෙයි මන් ගියේ..ඔය තියෙන්නෙ ගත්ත ෆොටෝ ටික..චෙහ් බෝ පැලයක් වගේ ඉන්න මට කියන කතා..ඇහැක් ඇරලා බැලුවෙ නෑ කපල් දිහා නම්..පීප්ප කාරයො..පට්ට වචනයක්නෙ ඒක..දුමී ඉතින් එහෙම පෙම් කෙලිය හැටි ලියන්ඩකො පෝස්ට් එකක..

      Delete
    2. පිස්සු කෙලින්න එපා වෙනී අයියේ.... උඹ මෙතන දාපු නැති ෆොටෝසුත් දලා උඹම ලියපන් එහෙම පෝස්ට් එකක් "වයි" පරම්පරාවෙ පෙම් කෙලිය කියලා....!

      Delete
  25. //පෙම්වතුන් පෙම්වතියන් නම් වැහි වැහැලා තරමෙ බංකු අත් පත් කරන් ඉන්නෙ ඔය හැම වෙලාවෙම ඉතින් මට මෙතන පහු කරන් යනකොට හිතුනා දවසක හවසක එන්ඩ ඕනි මෙතනට... පෙම් කෙලින්ඩ කියලද නෑ පිංවතුනි..ෆොටෝ ටිකක් ගන්ඩ කියලා..//

    මෙන්න මේ ටික කියවද්දි මට හිතුනේ වෙනි අයියට හිතෙන්න ඇත්තේ පෙම් කෙලින ඈයොන්ගේ පොටෝ ටිකක් ගන්න කියලා.... තව ටික දුරක් කියවද්දි හිතුනා ආ දැන් හරි පෙම් කෙලින් උන්ගේ පොටෝ ගහන්න ගිහිං වෙනී අයියට වට කරගෙන නෙලයි කියලා...

    වෙනී අයියේ තව දුරටත් ඔයාගෙ පෙනුම ගැන කණගාටු වෙන්න ඕනේ නෑනේ.කවුරු හරි නිකන් අමුතුවට කතා කරන්න ආවොත් හොදට හිනා වෙලා කියන්න

    PLEASE CHECK MY BLOG කියලා.ආයේ ලොවෙත් නෑ ඊළඟ පාර හම්බුනාම හොඳට හිනා වෙයි මුකුත් කියන එකක් නෑ....

    චිත්‍ර ඇඳීමේ හැකියාව දිනෙන් දිනම දියුණු වෙනවා සන්තෝසයි සන්තෝසියි... පොලිස් අංකල් තුවක්කුවක් දික් කලාද ඈ සිරාවටම

    ReplyDelete
    Replies
    1. හික්ස්..බ්ලොග් ලියන කතාව් කීවොත් පොලිස් කූඩුවෙන්ම නවතින්න වෙයිද මන්දා ? පොලිස් මල්ලි තුවක්කුවක් නම් දික් කරේ නෑ..මං හිතලා හිතලා ඇන්ඳා..

      Delete
    2. ඔවුවොවු අර පොලීසියට ගම්පෙරලිය ගැන කියපු එකෙක්ට වෙච්ච සන්තෑසිය මතකයිනෙ.. උන්ට බ්ලොග් කිව්වොත්.. අම්මට සිරි මොකක් හරි නසරානි වැඩක් තමයි කියලා අල්ලලා කූඩුවෙ දානවා දෙකක් නෑ.. එකම හොඳේ එළියට ආපු ගමන් එළ පෝස්ට් එකක් දාගන්ඩ පුලුවන්...

      Delete
  26. කිවුවත් වගේ ඔය පාටට තමා කේස් එක,,ඔය තහනම් ඕනම තැනක පිටරට සුද්දන්ට කිසිම තහනමක් නෑ,,

    ReplyDelete
    Replies
    1. ඒ කරදර කාලෙ කොටුවෙ අඩියක් අඩියක් ගානෙ ෆොටෝ ගහන්ඩ එපා කියලා බෝඩ් තියෙද්දිත් වයිෆ් හිනාවක් දමලා ආමි කාරයින්ට ෆොටෝ ගැහුවා..ඩිලා මල්ලි කියන එක හරි..ෆොරිනර්ස් ලා ලවක් දෙවක් නැතුව ෆොටෝ ගහනවා කවුරුවත් මොනාවත් කියන්නෙ නෑ...

      Delete
  27. ෂඃ ලස්සන පින්තුර ටික යාළුවා..ආය නම් අහලම ෆොටෝ ගන්න හ්ම්ම්..:)

    ReplyDelete
    Replies
    1. ඔව් ඊළඟ දවසෙ මන් මුලින්ම කරන්නෙ ඒක තමයි...

      Delete
  28. haa..ithin photo gahanna yannako sinharaaje ta ;)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හොඳම තැන් ඒවා තමයි..මේ ජොබ් එක කරන් තියෙන පොඩියක් නිවාඩු පාඩුවෙ ගන්න පුළුවන් ෆොටෝ තමයි මේ ගන්නෙ..අහල පහල තියෙන තැන්...

      Delete
  29. ඇත්තටම ලස්සනයි දැන්.. මාත් වැඩ කට යන ගමන් දැක්කා.. නිවි හැනහිල්ලේ යන්න ඕව තනියට තව මොකෙක් එක්කගෙන..

    ReplyDelete
    Replies
    1. ඔව් තව කෙනෙක් එක්ක යන්න..කොන්ක්‍රීට් වනන්තරෙන් මොහොතකට මිදෙන්න පුළුවන්..

      Delete
  30. පුදුමයි ඇවිදින්න යන්න දෙන එක... අපේ රටේ තියෙන්නේ පුදුම නීති තමයි. ෆොටෝ ගත්තම මොකක් වෙනවටද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඒක නීතියක්ම නෙවෙයි..පොඩ්ඩක් mutual understand එකෙන් විසඳගන්න ඕනි සිටුවේශන් එකක්..හැබැයි ඔබේ කතාව හරියටම හරි..

      Delete
  31. පින්තුරටික ලස්සනයි. කාලයක් රට ඉඳල ලංකාවට අවාම අපිටා එපා වෙච්ච ගම් පළාතත් ලස්සනට පේනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත..

      Delete
  32. ෆොටෝ ටික දකිනකොට එතන ඉන්න හිතෙනවා අප්පා. තනියම නෙමෙයි හැබැයි. මායියත් එක්කම. අර ෆොටෝ ගහනකොට අවසාර ගන්න ඕනෙද කියන එක ගැන නම් හිතන්නම වෙනවා

    ReplyDelete
    Replies
    1. ඉතින් මායියා එක්ක ඇවිත් ඉඳලා යන්ඩ වරුවක් හමාරක්ම..ඔය ට්යිම් එකේ මන් දැක්කොත් ගන්නවා ෆොටෝ එකක්..

      Delete
  33. පින්තූර ටික දැක්කම නම් යන්නම හිතෙනවා බලන්න.

    ReplyDelete
    Replies
    1. නිශාන් යන්නකො සති අන්තෙක නිවාඩුවක..

      Delete
  34. පරිසරේ සුන්දරත්වේ විදින්නත් අවසර ඕන.. කාට කියන්නද ඉදින්.. එතන ලවු කරන්නත් අවසර ඕනද අයියේ... :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මල්ලි ලව් කරන අය නම් ඔන්න ඔහේ ලව් කර කර හිටියා..මන් අහන්ඩ ගියේ නම් නෑ..

      Delete
  35. හම සුදුනම් අවසර ඕනෙත් නෑ මොන අහවල් එකක්වත් ඕනෙ නෑ අපේ රටේ ෆෝටෝ ගන්න. වෙනියා ඔය කියලා තියෙන mutual understanding අහවල් එකත් ඕනෙ නෑ. ඒවා ඔක්කොම ඕනෙ වෙන්නෙ මේ අපිට. ඒ ගැන කතා කරොත් අප්‍රසන්න කමෙන්ට් එකක් ලියවෙන නිසා නවතිනවා.

    අපි අර ලස්සන චිත්‍රය ගැන කතා කරමු.

    වෙනීගෙ චිත්‍ර ගැන හිතන්න දේවල් තියෙනවා, සීමාවල් නෑ, වැටකො‍ටු නෑ. මම මුලින්ම හිතුවෙ මේක තණකොල වලින් වැහිච්ච කලුගල් කන්දක තියෙන ගුහාවක ඉඳන් මිනිහෙක් අහසෙ පාවෙන උකුස්සෙකුගෙ පින්තූර ගන්න අතරේ තට්ට හිසක් ඇති වෙලෙන්දෙක් පොප්සිකල් එකක් විකුනන්න හදනවා කියලා කියලා.
    පස්සෙ කතාව කිව්වම තමයි වැඩේ තේරුනේ. :)

    මගෙ මෝඩකමට එක ප්‍රශ්ණයක් අහන්නම්. එදා හාවො දෙන්නා වටේ තණකොල මැරිලා තිබ්බෙ උන් දෙන්න කාලයි කියමුකො. මුන් දෙන්න වටේ තණකොල මැරිලා තියෙන්නෙ අහවල් දෙයක් වෙලාද?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔය හමේ ප්‍රශ්නෙ මේ මම ඉන්න රටෙත් තියනවා... සුදු හමට ඕන දෙයක්.. වෙන එකක් තියා උන්ට ප්‍රසිද්දියේ සිප වැළදගන්ඩත් පුලුවන්.. එක බල්ලෙක් මුකුත් කියන්නෑ...

      ඩ්‍රයිවින් ලයිසන් එක එන පරක්කුවෙන්.. අයියෝ අපිව රස්තියාදු කරන තරමක්..

      ඔක්කොම නීති අපිට තමා.. මරාගන මැරෙන්ඩ හිතෙනවා..

      Delete
    2. හෙන්රි ගෙ විචක්ශන ඇහැට අහු වෙච්ච සීමාව චිත්‍රයෙ...හයියෝ...ඔය පොලොස් මාමා වෙඩි තියන්ඩයි යන්නෙ අවසර නොගෙන ෆොටෝ ගහනවට...

      Delete
  36. අනේ මංදා... එහෙම පොදු තැන් වලටත් අවසර ගන්ඩ ඕනද කියලා මටත් ප්‍රශ්ණයක්..

    ෆොටෝ ටිකත් එළ, සිත්තරෙත් එළ...

    පොලීසිය චුට්ටක් හරි හැදිලනම් හොඳයි..

    ReplyDelete
    Replies
    1. පොලිසිය දැන් එන්න එන්නම හොඳ වෙනවා මයෙ හිතේ...

      Delete
  37. අද චිත්‍රෙ ලස්සනයි. හරියට ෆොටෝ ගන්න එකාගේ ඔළුවට වෙඩි තියන්න හදනවා වගේ. ලස්සන කොක්කු (මට පේන විදිය ඈ..) ටික.

    පින්තුරැ ටිකත් මල් හතයි ඈ... ඒ වුනාට පොටෝ ගන්න ආයේ අහන්න කියන එක තමා අල්ලන්නේ නැත්තේ. කොහේද යුද්දේ ඉවර වුනාට කබායේ සැර වෙනස් නෑ නේ .

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර් ච්ත්‍රය හරියටම තේරුම් ගත්ත එක ගැන මට සතුටුයි..

      Delete
  38. මෙතන පෙම් කරන්න විතරක් නෙමේ බෝට්ටු පදින්නත් පුලුවන්. ඒ වගේමයි එළිමහන් රංග පීඨෙකුත් තියෙනවා නොවැ :)

    ReplyDelete
    Replies
    1. ආ ඔන්න ඔය ඉන්නෙ පලපුරුදු කාරයෙක්...

      Delete
  39. කියවලා ගියා කියලා විතරක් කිව්වම ඇතිනේ. ඔය ෆොටෝ කතා නම් ඉහේ කෙස් ගානට මට වෙන දේවල්. ඒ වෙලාවට ඉතින් හමේ පාට එලියට අරන් සේෆ් මූඩ් එකෙන් එන්න දැන් මාත් පුරුදු වෙලා. හික්ස්

    ReplyDelete
    Replies
    1. ඔව් mutual undestand කියලා හිත හදාගෙන ඉන්නයි මාත් කල්පනා කලේ..

      Delete
  40. දවසක් මට හිතවත් කාන්තාවක් කතාකලා මහන මෙෂින් කිහිපයක් මීලදි ගන්න කලින් බලන්න යන්න.

    ඒ කාන්තාවයි,එයාගේ පුතා ( දින කාහිපයකට කලින් යුරෝපිය රටක සිට පැමීණි සුද්දෙකූගේ පෙනුම සහිත) , මමයි ,තවත් තරෑණ ගැහැණු ළමයෙක් සහ චීන ජාතික කාන්තාවක් ( ලංකාවේ බොහොකලක් ජීවත්වු) සමග තවත් මැදි වයසේ පිරිමී කෙනෙකූත්.

    අපිව නවත්තපු පොලිස් මහත්තයෙක් අයිඩින්ටි කාඩ් බලලා,කොහෙද යන්නේ කියලා ප්‍රශ්න ඇහුවා.

    වාහන එලවපු අර සුද්දා වගේ කොල්ලගේ සහ චීන ජාතික කාන්තාවගේ මොකවත් බැලුවේ නැ.අඩුම තරමින් ලයිසන් ඒකවත්

    කොල්ලා කියනවා අම්මට !!අම්මා දැක්කද ඔයාලගේ පෙනුම හරි නැ, ඔයාලව හොරැවගේ පේනවා පොලිසියට!!

    එතකොට මෙහෙම කියුවා අර චීන ජාතික කාන්තාව (අමු සීංහලෙන්)

    නැ පුතා එයා අපි දෙන්නගෙන් මොකූත් ඇහුවේ නැත්තේ අපි දෙන්නා සීංහල කතා කරන්න දන්නැ කියලා හිතලා. මගෙන් කවදාවත් එයාලා මොකූත් අහලා නැ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ සිද්ධිය නිසා වෙන්නත් පුලුවන් තමයි..බය ඇති කඩු පහරක් වත් වදීදෝ කියලා..

      Delete
  41. මේ වැඩේ මටත් වුණා නිදහස් චතුරස්‍රය ෆොටෝ ගන්න ගිහින්. (මමත් බ්ලොග් එකේ ලිවුවා ඒ ගැන) එදාත් පොඩි සය්බර් ශොට් කැමරා වලින් , කැමරා ෆෝන් වලින් ෆොටෝ ගත්තු අය හිටියා ඕන තරම්. ඒත් එයාලට පෙනුනෙ මගෙ කැමරාව විතරයි. මට හිතෙන්නෙ DSLR කැමරා දැක්කම බය වෙනවද කොහෙද පත්තරෙන් ඇවිත් කියල

    ReplyDelete
    Replies
    1. ඔව් සිදූ එහෙම බයකුත් එනවා ඇති..

      Delete
  42. මට නම් හොඳටම පුරුදු තැනක්.ඒත් ඔය ෆොටෝ කෙලිය නන් මටත් හිතා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ..පොලීසිය එක්ක සාමෙන් ඉඳන් කර ගන්න ඕනි වැඩක් තමා..

      Delete
  43. මටනම් මේ සිද්ධිය ගැන වෙනස් කෝණයකින් බලන්නම හිතෙන්නේ නෑ. මේ පොලිස් නිළධාරියා ආචාරශීලීව කථා කළ නිසා මට හිතෙන්නෙම මේ ඉල්ලීම එච්චරම අසාධාරණ නෑ. අනිත් එක එය ෆොටෝ ගන්න එපා කිව්වෙත් නෑනේ.

    ReplyDelete
    Replies
    1. ලිපියේ ප.ලි. එකෙන් මන් අදහස් කලෙත් ඒකම තමා...

      Delete
  44. උඹ කොහෙ ගිහින්දෝ????????????
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඉන්නවා හෙන්රි පට්ට බිසි වෙන්ඩ උනා නොවැ..

      Delete