ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, June 25, 2012

සමහරක් පෙරහරක් බැලූ හැටි..


මන් සතියකට විතර ඉස්සෙල්ලා ඉඳන්ම මූනු පොතේ පොඩි ප්‍රචාරයක් දුන්නත් මේ පෙරහැර බැලුවෙ මන් විතරයි තට්ට තනියෙන්ම..
මේ ජීවිත කාලෙටම පෙරහැරවල් කොයිතරම්ම නම් බලලා ඇද්ද කියලා කම්මැලි කම පෙර දැරි කරගෙන ගෙදර ඉන්න මට නම් හිත දුන්නෙම නෑ. ඒ නිසාමත් කොහොමත් මගේ ප්‍රියතම රාත්‍රී ජායාරූපකරනය නිසාමත් මම සහ කැමරා රාජයා ඔය පෙරහැර බැලුවා..



කවුද මන්දා කතන්දරයක් හදලා තිබ්බා මන් හොඬේ වන වනා පෙරහැරේ යනවා දැක්කා කියලත්..ඒක අමූලික ඔරුවක් කියලා මන් මේ වෙලාවෙ වගකීමකින් ප්‍රකාශ කරන්ඩත් කැමතී..
ඒ අතරේ අපි කවුරුත් දන්න කියන පාල මාමා දුමී බබාට  සහ පැට්ටා  බබාට කිරි බොන්ඩ ඕනියි කියලා තිබිලා ඕන්න ඔය රාජකාරියත් එදාම දමා ගෙන තිබුනට මට ඔය කිරි බොන මංගල්‍යයට යන්ඩ බැරි උනා..ඒ ගැන දුකක් හිතුනත් මොනා කරන්නද ඉතින්..


ඒකටත් එක්ක අර මඩ කියන වචනෙ එක්කම කියවෙන කෙනා සහ හා පැටවුන් දෙදෙනෙක්ගෙ සාඩම්බර හිමිකාරී... මන් කවදක්කවත් බාබාලා කිරි බොනවා සහ බබාලට කිරි පොව්වනවා දැකලා නෑ කෝමත් ඔය වගේ ඒවා අනාගත්ත දවසකට..නෑ නෑ අනාගතයේ දවසකට හරි පොරෝජනයි කියලා එතෙන්ට ගියාය කියලනම් ආරංචියක් ආවා..


ඒ අතරේ මඩ ගහනවා කියලා තුන් හිතකවත් නැති සුපේශල , ශික්ෂකාමී මට තැන් කීපෙකම මඩ ගහලය..ඒ මඩ වල තිබ්බ ගල් කැට වලට මගේ හඳ වගේ  මූණ හීරිලාය කියන ආරංචියට මට දුරකතන ඇම්තුම් දීලා දුක සැප හොයපු අයට මගේ අවංක, ආදර, රාගනීශ්‍රිත (පොතක තිබිලා අහුලගත්ත වචනෙ තාම තේරුම නම් දන්නෙ නෑ. වචනෙ ලස්සන නිසා මෙතනට එබුවා ) ස්තූතිය..
































අපි දකින්නෙ පෙරහැරේ ලස්සන මේ අන්තය විතරක් උනාට..මේ ලස්සන පෙරහැරේ සංවිධානය කටයුතු වල ඉඳලා අවසන් වෙලා තවත් දවස් ගනනාවක්ම යන කම්ම ඇදිලා යන භාරදූර වැඩ ගොන්න පිටුපස්සෙ හිටිය බාල තරුණ මහලු මිනිසුන් රාශිය ආදරයෙන් සිහිපත් කරන ගමන්ම මන් මේ ෆොටෝ ටිකත් බෙදා ගන්නම්..




ආයි ඉතින් මේ වගේ පෙරහරක් බලන්න ඊළඟ අවුරුද්දෙ මේ කාලෙ වෙනකම්ම ඉන්න වෙනවා..

60 comments:

  1. වෙනි අය්යටත් මඩගහල තිබ්බද.. අපිනම් දැක්කෙ නෑ.. මඩකට කියල දැක්කෙ අර වැල බපු අය්ය කෙනෙක් කොන්ද කෙලින් කරගන්න ගිය එකක්නේ... ඒ ඉතින් වෙනි අය්ය නෙවෙයි නේ

    පොටෝ ටික මරු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..ඉතින් ඔය ගොල්ලන්ටයි ගත්තෙ..

      Delete
  2. මඩ ගැන නම් නොදනිමි. හැබැයි ෆොටෝ කෑලි ටික නම් නියමයි. අර ලස්සන වචන ඔබ්බන හැටි තවත් කදිමයි. සුපෙෂල ශික්ෂාකාමී කිව්වේ අර.... අර... හා හිතා ගත්තෑකි. ඒ වගත් හොදයි.

    ReplyDelete
    Replies
    1. අනෙ අප්පොච්චියේ ඔය වචන වල තේරුම් නම් හොයන්ඩ එපා වෙද මහත්තයෝ..මොන මොන තේරුම් එයිද දන්නෙ නෑ..

      Delete
  3. ‘සමහරක්‘ කියල පටන්ගන්න කොට මම ඒත් හිතුව ප්‍රතිප්‍රහාර කියල.

    ඔය පෙරහරේ අපි දන්න කියන කෙනෙකුත් හොඬවැල වන වන ගියාය කියල ඔන්න කවුද කියල තිබුණ. අයිය දැක්කෙ නැත්ද, ඒ අලියා.

    ReplyDelete
    Replies
    1. දැක්කෙ නෑ එහෙම අලියෙක් නම්...

      Delete
  4. මමනං දැක්කා මඩ...

    පොටෝ ටික ලස්සනයි....

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ මගේ ශ්‍රී නාමය කෙලසුනා..

      Delete
  5. මේ රාගනිශ්‍රිත බ්ලොග්පෝස්ට් එකට මගේ රාගනිශ්‍රිත උපහාරය.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒ හෙන්රි, තාම ඒ වචනෙ තේරුම දන්නෙ නෑ අප්පා...

      Delete
    2. නොදන්න තරමට හොඳයි. උම තාම ලපටි වැඩියි ඒකෙ තේරුම දැනගන්න.
      henryblogwalker the Dude

      Delete
  6. පින්තූර ටික නම් අපූරුයි......

    ReplyDelete
  7. මඩ ? අපි දැක්කෙ නැහැනේ..

    මරු පොටෝ !

    ReplyDelete
    Replies
    1. එහෙනම් මඩ ගහපු අයගේ පරිශ්‍රමය වතුරේ...

      Delete
  8. අන්තිමටම පෙරහරක් බැලුවේ අවුරුදු 5 කලින්. එකත් කථින පෙරහරක්. අලි නෑ............

    ReplyDelete
    Replies
    1. අසර් එන්න පෙරහැර කාලෙයක් අල්ලලා...

      Delete
  9. පොටෝ ටිකෙන් පෙරහැර බැලුවා. බොහොමත්ම ස්තූතියි.....
    (ඔය පොටෝ අප්ලෝඩ් කරන්න කලින් තමන්ගෙ අයිතිය තහවුරු වෙන විදියට මොකක් හරි සයින් එකක් කෙටුවොත් හොදයි නේද ? පොටෝ එකක් කියන්නෙ කෘතියක් ඒකට කවුරුහරි අයිතිකාරයෙක් ඉන්න ඕන. සමීරයත් අද බස්සෙක්ගෙ පොටෝ එකක් දාලා, නිකන්ම සයින් එකක් නෑ. ඒ වගේ පොටෝ එකක් ගන්න කොච්චර අමාරුද)

    ....රාගනිශ්‍රිත.....කෙල්ල ගෙට ගන්....:P

    ReplyDelete
    Replies
    1. ඔව් සුමිත් ඊළඟ සෙට් එකෙදි එහෙම කරන්නම්..
      හා හා ඕන් ඔහෙ කෙල්ලට ඉන්න දෙන්න මිදුලෙම :-D

      Delete
  10. මඩ ???

    රාගනිශ්‍රිත -- වෙනි අයියා රාජයියගේ බෙහෙත් අධිමාත්‍රාවෙන් බීල වගේ.. ;)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් ඒ ප්‍රෙස්ක්‍රිප්ශන් ටික නම් තාම මන් ළඟ..

      Delete
  11. Replies
    1. ස්තූතියි මල්ලි..

      Delete
  12. ගිහාන් මහතාගේ අවන්හලට පැමිනියේනම් ඔබට මීටත් වඩා අලංකාර ෆොටෝ ගැනීමට ඉඩතිබුණි ...

    ReplyDelete
    Replies
    1. ඔව් රොබින් මට ඒක මිස් උනා..ඒත් ඊයෙ...

      Delete
  13. කාලෙකින් පෙරහැරක් බැලුවෙ නැහැ. ලස්සන පින්තූර ටික.

    ReplyDelete
    Replies
    1. මමත් ගියේ මේ ළඟම තිබ්බ නිසයි..නැත්නම් කම්මැලී යන්න.. ඔබට නම් ඉතින් වැඩ අධික නිසා වෙන්න ඇති...

      Delete
  14. අපි දැක්කනේ ඔය කියන බබාත් අද කිරි බීලා අත් වන වනා කතා කරපු විදිය,
    නවසීලන්තයේ සාරවත් තණ පිටි වල පිරිසිදු තණකොල කන කිරි එළදෙනුන්ගෙන් එසැනින් ලබාගත් පිවිතුරු ස්පෙශල් බෘව් කිරි, හයියෝ සල්ලි.

    ReplyDelete
    Replies
    1. හයියෝ සල්ලි, අත් දෙක අල්ල ගන්ඩ කෙනෙක් හිට්ට නිසා හොඳයි..

      Delete
  15. කොහෙද මේ පෙරහැර තිබුණේ ???

    ReplyDelete
    Replies
    1. කිරුලපන තිබ්බෙ

      Delete
  16. මඩ නම් අපි දැක්කේ නෑ.. පෙරහැරේ ලස්සන ෆොටො විතරයි බැළුවේ.. :) පෙරහැර ගැන පොඩ්ඩ්ක් කිවුවනම්නේ හොද..

    ReplyDelete
    Replies
    1. ඕ ඔව් මයි ෆොටෝ ටික දැම්ම නිසා..කතාව කියන්න බැරි උනා දිනේශ් මලය..

      Delete
  17. කොහෙදෑ මඩ තිබුනේ අපි දැක්කේ නෑ නේ

    ReplyDelete
    Replies
    1. අනේ හැමවෙලාවෙම මගේ නිර්දෝශී බව වෙනුවෙන් කතා කලේ ඩිලා මලයා විතරයි..

      Delete
  18. අර දාගෙන නටන්නේ වෙනීගේ වගේ ලස්සන මුණක්.. !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔන්න ලංකා අයියා විතරයි මන් හැන්ඩියා කියලා කීවෙ..

      Delete
  19. මරු... මේ පාර නුවර පෙරහැර බලන්න යන්න සෙට් වෙමුද....

    ReplyDelete
    Replies
    1. පුළුවන් නම් හොඳා..බලමු මල්ලියෙ..

      Delete
  20. මඩ ගැන අපි නොදනිමු. නමුත් ෆොටෝ ටික ලස්සනය.

    අර බෝතලෙන් වතුර බොන එක අලුත් නැටුමක් ද?

    ReplyDelete
    Replies
    1. ඒ හිකිස්...යකඩෝ අර නැටුම් බලකො මලයා..පව් මාර මහන්සි ඇති ඒ අයට..

      Delete
  21. අලි තැත්තෝ ගෝඩා................යි

    ReplyDelete
    Replies
    1. මේ සැරේ අලි ගාන අඩුයි..ඉස්සෙල්ලා සැරේ මීට වඩා හිටියා..

      Delete
  22. නියම ෆොටො ටික වෙනි අයියා....ඔතැන නියම ෆොටො දෙක තුනක් තිබේ එවා තමන්ගේ කොරගන්නවනම් හොඳා...කොපි කාරයො වැහිවැහැල නේව

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඊළඟ සැරේ ඉඳන් සුවර්.. දැන් ඉතින් පරක්කුයි...

      Delete
  23. මඩවලට සැලෙන්න එපා වෙනී අයියේ . . .

    මඩ හෝදාගත්කල පාර්ලිමේන්තුවටත් නුසුදුසුයි කියලනේ කියන්නේ . .

    අහ් මම නම් ආයේ අලි ඉන්න පෙරහැරවල් බලන්නේ නෑ . .

    අනේ කැලෑවල ඉන්න ඕන අලි මාංචු දාලා වද දෙදී පෙරහැරේ අරන් යනවා බලන්න දුකයි අප්පා . . .

    ReplyDelete
    Replies
    1. එතකොට වැඩ ගන්න අලි ගැන කවර කතාද දුකා මලයා..

      Delete
    2. උන් ගැනත් දුකයි බන්

      Delete
  24. ෆොටෝ ටික ලස්සනයි. පොඩ්ඩිත් දැන් ෆොටෝ ගන්නවා. දැක්කද? :)

    ReplyDelete
    Replies
    1. කෝ කෝ මූනු පොතේද ? ඉන්න මන් බලන්නම්..

      Delete
  25. ආනේ කවුද මේ බෝ පැළයක් වගේ ඉන්න මනුස්සයට මඩ ගහන්නේ . පින්තුර ටික ලස්සනයි . පෙරහරක් බැලුවේ නැහැ ගෙදරින් ආවට පස්සේ

    ReplyDelete
    Replies
    1. ආන්න බලන්න බින්දි විතරයි මගේ හිත හැදෙන්න යමක් කීවෙ.. ආයි ලංකාවට එනකොට ඔය පෙරහැර , උත්සව තියෙන කාලයකදීම එන්න..

      Delete
  26. කතාව නං නියමයි :)

    අමනාප වෙන්න එපා, මෙහෙම කිව්වට. ෆොටෝ ගැනිල්ල නං තව දියුණු කරගන්න වෙනවා. night/low light photography කියන්නෙ වෙනම ලෝකයක්. මං දන්න විදිහට පොඩි උපදෙස් ටිකක් කියන්නම්.

    1. shutter speed එක 1/250 අඩු නං, සෙල්ෆ් ටයිමර් එක පාවිච්චි කරලා ස්විච් එක ඔබන කොට ඇති වන සෙලවීම අඩු කරගන්ට පුළුවනි.

    2. aperture එක settings තුනකට සෙට් කරලා burst mode එකේ එකවර පිංතූර තුනක් ගන්ට. HDR photography ගැන අසා ඇතයි සිතමි.

    3.හැකිනම් camera RAW mode එකේ පිංතූර ගන්ට, Photoshop වලදී බොහෝ අඩුපාඩුකං සාදා ගත හැක.

    All the best. Now go out and get some pictures for us :)

    ReplyDelete
    Replies
    1. වැදගත් උපදෙස් ටිකක්. 1/250 ශටර් ස්පීඩ් එක අඩු කරද්දී ට්‍රයිපොඩ් එකක් ඕනේ වෙනවා නේද?

      මගේ කැමරාවේ රෝ ෆයිල් ෆොටෝෂොප් වලට බ්‍රිජ් කල නොහැක. (D3100-Nikon) ෆොටෝෂොප් වලට අලුත් ම රෝ ෆෝමැට් ගෙන දැම්මත් ඒවාද වැඩ නොකරයි.

      Delete
    2. ස්තූතියි නරි මොටා..
      අර මොකටද අමනාප වෙන්නෙ. ඇත්තටම මන් ෆොටෝග්‍රැපි වල දශමයක්වත් දන්නෙ නෑ. ඒ නිසාම ඔබගේ උපදෙස් ටික බොහොම වටිනවා. ඔය ටෙක්නික් අහලා සහ ප්‍රැක්ටිස් කරලා තියෙනවා නමුත් මේ වෙලාවෙදි මන් එකක්වත් පාවිච්චි කරලා නෑ මොකද ඒ ෆොටෝ ගන්න තියෙන අඩු අත්දැකීම් සහ දැනුම එක්ක මට මීටර් උනේ නෑ..මේ වෙලාවෙ වෙනස් කරන්න ඕනි මේ ටෙක්නික් එකටයි කියලා..ඔහේ පොයින්ට් ඇන්ඩ් ශූට් තමයි තවම..හෙමිහිට එකින් එක හදා ගන්න ඕනි..ආයිමත් ස්තූතිය් ඔබේ උපදෙස් වලට ..

      Delete
    3. ඔව් ට්‍රයිපොඩ් එක තමා හොඳම දේ. හැබැයි ඉතිං ඕක හැමතැනම අටවගන්න බෑ නොවැ ගොරිල්ලා පොඩ් එක ඊට වඩා ටිකක් ප්‍රායෝගිකයි ඔයාගෙ, ලියන්න සෑර්ගෙ වගෙ "හොම්බ" ලොකු කැමරා තියනව නං ASA එක වැඩි කරලා ශටර් ස්පීඩ් එක වැඩි කරගන්ට පුළුවනි. camera noise ටිකක් වැඩි වෙනවා, එත් එච්චර අවුලක් නෑ. Noise Ninja වගේ සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්නත් පුළුවනි.

      Delete
  27. පින්තුර වලින් බල්බ් ඒකෙ තබා අරගෙන ඇති පොටෝ ටික මරුය. ට්‍රයිපොඩ් එකක් නැති කම නිසා මටනම් ඔය කෙලි කරන්නට බැරිය.

    ඊළඟට අර ගිනි පන්දමට පිබින්නාගේ පින්තුරය නියමය..

    එකම අඩුව අර මොකද්ද පෑඩ් එකෙන් අඳිනා පින්තුර රාජයෙක් නැති වීමය. අඩුමගානේ මා දුටු පෙරහැර කියලා එකක්කත් අඳින්න තිබ්බේය.

    මඩ ගැන නම් කියන්න ඇත්තේ ;-) පමණි.

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර් මේ ෆොටෝ ගත්තෙ ට්‍රයිපොඩ් එක නැතුව.. අතේ තියන්.. ට්‍රයි පොඩ් කලානම් ඔය හෙල්වෙච්චි ඒවා හරි යන්නත් තිබ්බා.. අපොයි ඊළඟ එකට වත් අඳින්න ඕනි..

      Delete
    2. ක්සැන්ඩරයාගේ කී බෝඩ් එකට මසුරන් දැමිය යුතුය. උඹට අඩුම ගානෙ කකුල් පහේ අලියෙක්වත් අඳින්න තිබ්බනෙ!
      අර ට්‍රයිපොඩ් කතාව හරිය. මටත් නයි ෆොටෝග්‍ර‍ෆි එපා වෙලා තිබ්බේ ගහන එක ෆෝටෝ එකක්වත් හරියට එන්නේ නැති නිසාය. ඒත් දවසක් මඩකලපු යද්දී රෑ කශ්ටිය තේ බොන්න නතර කරපු වේලේ චූටි පුතාත් මාත් නිකමට ට්‍රයිපොඩ් එක අටවා ගැසූ ෆෝටෝස් නම් එලකිරිය.
      henryblogwalker the Dude

      Delete
  28. අඩේ මේ කහවත්තේ පෙරහැර නේද..
    මමත් බැලුවනෙ අයිනක ඉදන්...

    ReplyDelete