ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, June 21, 2012

නැගිල්ලේ අමාරුව..


ඔන්න නගින එක ගැන පොඩි අදහසක් දෙන්න මන් අරකෙන් පොඩි නිර්මානයක් කලා.. මේක පොඩි වංඥාවක් වගේ එකක්ම තමයි..ගූගල් දෙයියන්ගෙන් ගත්ත කටු සටහන් දෙකක් මන් පාට කලා..ඊට පස්සෙ ඒ දෙක එකට මික්ස් කලා.. ළඟදිම අරක ගැන විස්තරයක්ම දමන්නම්..

හොර බොරු මොකටද මේ තියෙන්නෙ ඔරිමජිනල් දෙක..





අළුත් දෑ නොතනන, නොතකන ජාතිය නොනඟී කියලා තියෙන කතාව සම්පූර්නයෙන්ම ඇත්ත. මොකද එච්චර නැග්ගෙ නැති ජාතියක් වෙච්ච අපි දිහාවෙම බැලුවොත් නවෝත්පාදන, නව නිර්මාණ වලට තියෙන අඩු උනන්දුව හොඳටම පේනවා. අතීතයේ යම් කාලයක මුළු ලෝකයටම දෙවෙනි නොවූ අපටම නෛසර්ගිකවූ තාක්ශනයක් තිබ්බ අපි අද ඉන්න තැන ගැන නම් හරිම කනගාටුයි. වෙනත් තැන් වලින් ගෙනාපු දේවල් ගෙඩි පිටින්ම පැල කරන්න ගිහින් තිබිච්ච හොඳ දේවලුත් නැති කරගෙන තමයි අපි ඉන්නෙ..ඔය අතරේ සුළුතරයක් වූ නවෝත්පාදන නැතිවාමත් නෙවෙයි. නමුත් බාහිර පරිසරයෙන් මේ නව නිර්මාණවල බිහිවීමට සහ පැවැත්මට කොයි තරම් පන්නරයක් දෙනවාද කියන එක නම් කතා කරන්න වෙන්නෙ නැවතත් කනගාටුවෙන්ම තමයි.


මේ වගේ ප්‍රවේශයක් ගත්තෙ මන් පහු ගිය ඉරිදාවක ගියා BMICH එකේ ඔය කර්මාන්ත පිළිබඳවූ INCO 2012 ප්‍රදර්ශනය බලන්න. ඔව් ඔව් අපේ රන් මාලු මලයට මේ කියන ඇබැද්දිය උනෙත් ඔතැනදීම ඔය දවසෙමයි. තමන්ගේ වෙන්ඩ ඇඹේනියට ගත්ත බෑග් එක ගෙදරට අහුවෙලා අර තමන් එක්ක ගිය අනිත් කෙනාව සහ එයාගෙ නංගිව පාවලා දීලා ගැලවුනාළු කියලයි ලෝකයා කියන්නෙ..අනේ මන් එහෙම නම් නෙවෙයි ඕම කතා කියන්නෙ......මටත් උදෙන්ම කෝල් කරා ප්‍රදර්ශනයට එනවද අහන්න. ඒත් මන් යන්ඩ හිටියෙ හවස නිසා..උදේ ගියේ නෑ.. මන් ගියා නම් එහෙම ඉතින් මේ ගොල්ලො ගත්ත තව තව දේවල් ගෙදරට අහු උනාම මාවත් අල්ලන්න ඉඩ තියේ.. මාව දන්නෙ නෑ කීවොත්..ඕන් මේ වගේ පෝස්ට් එකක් පෙන්නලා ඒක සහසුද්දෙන්ම විශ්වාස කරවන්නත් තිබ්බා..මගේ හොඳ වෙලාවට මන් උදේ  ගියේ නෑ..







ඉතින් ඕනිම ප්‍රදර්ශනයකට ගියහම මගේ ප්‍රධානම ප්‍රියතම අංගයන්ගෙන් එකක් තමයි ඔය නව නිර්මාණ බලන එක..මෙන්න මේ ප්‍රදර්ශනයෙ තිබ්බ නව නිර්මාන කීපයක්ම..





මේ වෑල්ඩින් කණ්නාඩිය හරිම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් එකක්.




 එක අතකින් වෑල්ඩින් කන්නාඩිය අල්ල ගෙන අනිත් අතින් වෑල්ඩින් කරපු කාලෙ ඉවර වෙයි. මේක සාමාන්‍ය හෙල්මටයක් වගේ අඳින්න පුළුවන් වගේම වෑල්ඩින් කරන්න පටන් ගන්නකොටම ඒක සම්බන්ධවෙලා තියෙන පරිපථයකින් ක්‍රියාත්මක වෙලා අර කළු කන්නාඩියක් විදියට ඒකෙ දෑස් ආවරනය වෙනස් වෙනවා. ඒ කියන්නෙ වෑල්ඩින් නොකරන වෙලාවට සාමාන්‍ය කන්නාඩිය එන නිසාම සැරින් සැරේ  මේක ගලවන්න , දමන්න ඕනි වෙන්නෙ නෑ.. වෑල්ඩින් කරන මුළු කාලය පුරාවටම පැළඳ ගෙන ඉන්න පුළුවන්..






මේ පයිප්ප පද්ධතිය අතින් ක්‍රියාකරවන එකක්. සාමාන්‍ය විදුලියෙන් වැඩ කරන මෝටරයක් වෙනුවට ක්‍රමානුකූලව යොදපු වෑල්ව් පද්ධතියක් මඟින් අතින් වතුර පම්ප් කරන්න පුළුවන් මේ වගේ උඩක තියෙන ටැංකියකට..මේකත් හොඳ නිර්මානයක්..


මේක ස්වයංක්‍රීය පාපිස්සක් අපි පාපිස්සෙ කකුල් පිහින්න මහන්සි වෙන්න ඕනි නෑ. අපි පාපිස්ස උඩට ආවහම ඒකෙ යට තියෙන පාපිසි රෝල කැරකැවිලා කකුල් පිහ දමනවා. මේක සපත්තු සහ සෙරෙප්පු දමා ඉන්න කොට හොඳයි. කොහොමද නිරුවත් යටි පතුලක මෙහෙම උනොත් නම් කිති කැවිලා එහෙ මෙහෙ පැනලා බෙල්ල කඩා ගන්නවා..



මේක ස්වයංක්‍රීයව ගොයම් පැල හිටවන යන්ත්‍රයක්. මේ වගේ ඒවා අපේ වෙළඳපලේ තියෙනවා උනත් මේකෙ මොනා හරි විශේෂත්වයක් ඇති මයෙ හිතේ..සෙනඟ වැඩි නිසා මට අහ ගන්න බැරි උනා..

මෙතන ස්වයංක්‍රීයව බෙහෙත් පෙති නිකුත් කරන මැශින් එකක් තිබුනා..ඒක නිතර අමතක වෙන වයසක අය ඉන්න තැනකට හොඳයි. නියම වෙලාවට එලාම් එකක් වදිනව. ඒ වෙලාවට නියමිත බෙහෙත් පෙති ටික එලියට දෙනවා. ගත්තෙ නැත්තොත් දීලා තියෙන නම්බර් එකකට මෙසේජ් එකක් එවනවා..ඒක නම් මටත් ප්‍රයෝජනවත් වෙයි කාලෙකදි..



මේ බස් එක නම් මාර ප්‍රයෝජනවත් කරන්න පුළුවන් නම්.. ඒක විශාල බස් එකක් වගේ.. ඕනිම ට්‍රැෆික් ඒකක් තිබ්බට ඒකෙ තියෙන රෝද පාරෙ සාමාන්‍ය ලේන් වලින් පිටින් යන නිසා කිසිම බාධාවක් වෙන්නෙ නෑ.. අනික අනිත් වාහන වලට වඩා උස නිසා කිසිම ට්‍රැෆික් එකකට අහු නොවී යන්න පුළුවන්..



මේ මදුරු දැල ඇතුලෙ තියෙන ෆෑන් එකත් පට්ට.  සාමාන්‍යෙන් අපි මදුරු දැල දමන්න අකමැති රස්නෙ නිසයි. මේ ෆෑන් එක සහිත නෙට් එක ඇතුලෙ එහෙම රස්නෙයක් නැති බවයි විකුනන අය කීවෙ..



ගොඩක් තිබ්බ නව නිර්මාන අස්සෙ මට බලන්න උනු ටික ඔච්චරම තමයි..
ඉතින් අපිත් මේවා බලලා අපි රැඳිලා ඉන්න ක්ශේත්‍රයේ මොනා හරි අළුත් දෙයක් හදන්න හිතනවනම් අපිටත් නඟින්න පුළුවන්. නව නිර්මාණ විදියට ළමයි හදන්න විතරක් හිතා ඉන්න ඔබලාත් අදම හිතා ගන්න මොනා හරි නව නිර්මාණයක් කරන්නෙ..!

ඒ ළඟම තිබ්බ පොලිස් අපරාධ අංශයෙන් ඉදිරිපත් කරලා තිබ්බ අපරාධ ස්ථානයක කොහොමද ඒ ගොල්ලො ඒ අපරාධය අනාවරනය කර ගන්න කරන ක්‍රම සහ විධි පිළිබඳ ප්‍රදර්ශන කුටිය හැමෝගෙම ආකර්ශනය ඇද ගත් තැනක් උනා. බලන්නකො ඒකෙ ෆොටෝ ටිකක්.






මේ ක්‍රම සහ විධි රාශිය හොඳටම අධ්‍යයනය කරපුවහම කෙනෙකුට හැබෑවටම නව නිර්මාණශීලීත්වයෙන් යුතුව තමන්ගේ කරන්න ඉන්න යම් කටයුත්තක් කරන්න ලොකු ඉඩ හසරක් ලබා දෙනවා නේද කියලා හිතමින් මන් ඉතින් ගෙදර ආවා..ගෙදර කීවටම ගෙදරටම නෙවෙයි..

54 comments:

  1. නියම ප්‍රදර්ශනයක් වගෙයි.
    දැන්නං වෙනී අයියට අහුවෙන්නෙ නැතිව අපරාධ කරන්න පුලුවං ඇති. :D

    ReplyDelete
    Replies
    1. අඩේ මං එක වෙලානෙ. :D :D

      Delete
    2. හොයන සූක්ශම විදිය දැක්කහම මට නම් බයත් හිතුනා..මල්ලි එක නේන්නම් මල්ලි..

      Delete
  2. ඒ කියන්නෙ මම 2 ද?

    ReplyDelete
    Replies
    1. ෂික් ... පොලිස්කාරයො වැඩක් කරොත් ඔහොම්මමයි. නියම තාත්වික විදියට තියෙන්න ඇත්තටම කෙල්ලෙක් අර ඇඳේ තියන්න තිබ්බ, අර විදියටම කකුල් දෙක එළියෙ දාගෙන. එහෙම උනානම් වෙනී අයිය මෙතන නව නිර්මාණ ගැන කෙකර ගගා ඉන්නෙ නෑ. මුළු හවස්වරුවෙම ඔය කුටියෙන් එහාට එයා යන්නෙත් නෑ. අපරාධ පරීක්‍ෂණය ගැන සම්පූර්ණ විස්තරයක් දෙනව අපිට, ඡායාරූප සහිතව.

      Delete
    2. අනෙ අප්පේ අපිට කොහෙද එච්චර වාසනාවක්..මටත් එකපාරටම ආවෙ ඔය අදහසමයි..මන් කීවත් එක්ක මෙතන ලයිව් මොඩල් එකක් තිබ්බනම් කියලා මුලින් රවලා බලලා පස්සෙ තේරිලා හිනා ගියා..

      Delete
  3. මේක හරියන් නේ නෑ.පේට්න් එකක් නැති වුනාට මාත් තරග වලට දාලා දිනපු නව නිපයුම් කිහිපයකම හිමි කාරයෙක්.මගෙ නව නිපවුම් ටිකත් පෝට්‍ටුවකින් එලියට දාන්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නව නිපැයුම් කරන ඒවා ප්‍රචාරය කරන්නෙ නැති එකත් අපරාධයක් තමයි..

      Delete
  4. හොදයිනෙ... මට යන්න බැරි වුනා. අපේ දුවට පාසැලෙන් ටිකට් එකක් දීලත් තිබුනා. නමුත් කරුමෙක මහත යන්න නම් බැරි වුනා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඔව් ඒක අපිටත් වඩා පාසල් යන දූලා පුතාලට හරියට වටිනවා..මේ සති අන්තයේ Future Minds තියෙනවා බලන්න එන්න..

      Delete
  5. අපරාදේ යන්න බැරිවුනානේ. ගියා නම් හොඳ වැඩ කෑලි ටිකක් බලාගන්න තිබුණා

    ReplyDelete
    Replies
    1. ඔව් මෙතන 1%ක් වත් නෑ.. ගොඩක් හොඳයි ඒක..

      Delete
  6. වෙනී අයිය පොලිසියෙ අංක 1 ලඟ ගොඩාක් වෙලා ඉන්නව දැක්ක කියල කෙනෙක් කිව්ව.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිටියා රාජ්..මොකද කතා සෙට් එකකටම ඕනි කරන අපරාධා පරීක්ශන ක්‍රම ටික අහන් තේරුම් ගත්තා..

      Delete
  7. පට්ට අයිටම් ටිකක් තිබිලනේ නියමයි.අර පොලිස් මෙව්වා කුටියේ බෝනික්කෙක් බාගෙට ඇරගෙන නිදි නේද? :P

    ReplyDelete
    Replies
    1. එතකොට මම හතද? යේ......
      :)

      Delete
    2. ඔව් නිශාන් ඒ බෝනික්කෙන් නොවුනා නම් තවත් සෙනඟ යයි එතනට...

      Delete
  8. මරුම අයිටම් එක තමයි කකුලු පිහදෑවෙන එක...යකෝ කකුල් දෙක හොලවන්න අමාරු එවුං ඉන්නවයැ...

    ReplyDelete
    Replies
    1. ඔව් අමිල ඒක නම් පට්ටම පට්ට තමයි..කිති කැවිලා බෙල්ල කඩා ගන්නත් වෙනවා..

      Delete
  9. ඔන්න වෙනීගෙ පිහිටෙන් අපිත් ප්‍රදර්ශනේ බැලුවා..

    ReplyDelete
    Replies
    1. රූ තව 99%කම මිසින්..එතනට ගිහින් බැලුවා වගේ කොහෙද ?

      Delete
  10. අයියා එන්න තිබුනේ උදේ... එහෙම නම් තව ලස්සන පොටෝ ටිකක් ගන්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. ලියන්න මහත්තයො 9ට පස්සෙ මක්කයි?

      Delete
    2. හවස තමා හොඳම මල්ලි..
      අනේ මන්දා මේ ඇනෝත් පට්ට ආතල් එකක් අරන් තියේ..තරහ වෙන්න එපා අර උඩ අංක ටික නම් මන් මැකුවා..

      Delete
  11. ඔය වැල්ඩින් කරන කන්නාඩියනම නව නිපැයුමක් නෙමෙනේ ? ඔක 2006දී "ජර්මන් ටෙක් " ඒකෙදී අපි දැක්කනේ ...

    ReplyDelete
    Replies
    1. තව මොනා හරි එකතු කරලා ඇති රොබින් ඒ කට...

      Delete
  12. ඔය සොයන්ක්රියව බෙහෙත් පෙති දෙන ගැජට් එක හැදුවේ අපේ සින්නෙක් නේ.hnde හැටියට ආඩම්බරයි ඕන්

    ReplyDelete
    Replies
    1. ශා ඇත්තද..අනේ ඒකෙ ෆොටෝ එකක් ගත්තා..ඒක වදින කොටම කැමරාව ඉස්සරහින් කවුද ගිහින්..ගෙදරදි තමයි දැක්කෙ ඒ ෆොටෝ එක අප්සට් කියලා..

      Delete
  13. මේ සැරේ චිත්‍රය පට්ටය... මුලින් තියෙන ලේයර් එකේ ඔපෑසිටි වැඩි කරානම් පට්ට පට පටය....


    අර උස බස් එක නම් ප්‍රශ්න ගොඩක්ය... ඔව්වා වංගු හරවද්දි කොහොම කරයිද කියලා තමා කංපනා කරේ... හැරී පෝටර් එකේ වගේ බස් එකක් හැදුවනම් හරි(වෙනි අයියේ ට්‍රයි කරලා බලන්නකෝ)

    ඔක්කොමත් හරි අපරාධ පරීක්ෂනේ තමා පොටෝ වැඩිම... බෝනික්කා ඉඳලා මෙහෙම නම් කොහොමෙයි ඇත්ත කෙල්ලක් හිටියනම්????

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ බස් එක එච්චරම ප්‍රායෝගික නෑ,, ඒ කන්සෙප්ට් එක මෙහෙ පාරවල් වලට හරියන්න හදන්න පුළුවන්නම්...
      :-D

      Delete
  14. කූඩැල්ලෙක් ගස් බඩගානව වගේනෙ හෙහ් හෙහ්.....

    සැහ් අපරාදෙ මං දන්නෙ නෑ නෙ ඔයි ප්‍රදර්ශණේ ගැන. දන්නවනං මයෙත් තියනව ගැජට් එකක් නව නිර්මාණ කරන්න.

    ReplyDelete
    Replies
    1. මම ඒකෙන් කරපු නිර්මාණයක් නම් දැක්කා. :)

      Delete
    2. හෙන් රි මන් හිතන්නෙ මාත් දැක්කා වගෙයි..එදා සයිබර් එකේදි...

      Delete
  15. චිත්‍රෙ එල කිරි කියලා කියන්න හැදුවා විතරයි.. කොහෙද.. කොපියක් නේ. අවුලක් නෑ දවස තුහ හතරට සෑහෙන දියුණු වෙලා නේ.

    බස් එක ගැන කියනවා නම් ගැමියා කිව්වා වගේ වංගු ගන්නේ කොහොමද? අනික අපේ ඩ්‍රයිවර්ලා එක්ක බැරිවෙයි. උඩින්ම යන්න බලයි. පාර හරහට ලයිට් වයර් එකක් ඇදලා තිබ්බොත් තමා බඩු බනිස් වෙන්නේ

    ඔය නෙට් එකේ ෆෑන් සීන් එක නම් මමත් හදලා තියේ. ලොකු ලැප්ටොප් කුලින් ෆෑන් එකක් නෙට් එකේ උඩ එල්ලලා ෆෑන් එකේ වයර් දෙක පීසී එකේ යු එස් බී එකට අටෝලා තමයි ඒක වැඩ කරේ. (රෑට ඩවුන්ලෝඩ් කරන හින්දා බඩු වැඩ ලෙසටම.

    ReplyDelete
    Replies
    1. ඔව් ක්සැන්ඩර් ඒ කන්සෙප්ට් අපිටම හරි යන්න හරි ගස්සා ගත්තොත් කරන්නත් පුළුවන්...

      Delete
  16. අළුත් කෑලි ටික නම් එල ආ

    ReplyDelete
    Replies
    1. ඔව් කල්ප..ඒවා ප්‍රොමෝට් කරන්න ඕනි අනිවා..එතකොට අනිත් අයත් උනන්දු වෙනවනෙ..

      Delete
  17. අයියා අළුත් දේ හොයාගෙන යනවා නේ.. නියමයි නියමයි..

    අර උඩ චිත්‍රේ දැක්කම් මතක් උනේ මම ඉස්කෝලේ ඇදපු එකක්.. අපේ උන් විහිළු කලා පොල් ගහකට හූනෙක් නගිනව කියලා... :)

    ReplyDelete
    Replies
    1. මන් ඒ ඇඳපු එකක් පාට කලා විතරයි..

      Delete
  18. අර බස් එකේ කතන්දරේ නං තේරුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ බස් එක යන්නෙ පාරෙ තියෙන අනිත් වාහන වලට උඩින්..දෙපැත්තෙ තියෙන්නෙ උඩ මඟීන් යන කොටස සම්බන්ධ කරන පැතලි දෙකක් රෝද වලට සම්බන්ධෙ වෙච්ච..

      Delete
  19. වයසට යද්දි තමා ඔහොම පෝස්ට් දාන්නේ.. නැගිල්ලේ අමාරුව ගැන එහෙම :)

    ReplyDelete
    Replies
    1. ඕවට හිනා වෙන්නෙ එහෙම නෑ ඕන්..ඉක්මනට වයස යයි...

      Delete
  20. අර අන්තිම ෆෝටෝස් වල මොනව හරි අඩුයි අඩුයි වාගෙ කියලා හිතෙන්නෙ නැද්ද? උඩ එල්ලලා ගහනවා වගෙ?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි අපරාධ කාරයා අල්ලා ගත්තට පස්සෙ ඉතුරු ටික ප්‍රදර්ශනය කරලා තිබ්බෙ නෑ..

      Delete
  21. අර බස් එක ඒ හැටි සාර්ථක නැහැ නේ.මොකද පාරේ අයිනේ නවත්වල තියෙන වාහන වලට මොකද වෙන්නේ. හයිවේ එකේනං යන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  22. හ්ම්ම් යාළු ,ප්‍රදර්ශනය ගැන ඇහුවා විතරයි.පින්තුර දැක්කෙ නැහැ.ස්තුතියි අවස්ථාවක් දුන්නට පින්තුර ටිකත් දකින්න!! :)

    ReplyDelete