ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, June 20, 2012

ඊයේ අඳුර ගත්ත බඩුව සහ සා පැටවුන්ගේ කතා වස්තුව


පහු ගිය පෝස්ට් එකේ තරඟෙන් අපේ සපතේරු උන්නැහේ ජයග්‍රාහකයා උන බව හැමෝම දන්නවනෙ. බඩු අඳුරා ගැනීමේ හැකියාව එතුමාට තව තවත් ලැබේවා කියලා පතන ගමන් තරඟෙට සහභාගි වූ සියල්ලටම මගේ හෘදයාංගම ස්තූතිය !


ඒ අතරෙ සාවද්‍ය බිය වැද්දීම් තර්ජන, ගර්ජන, සහිත දුරකතන ඇමතුම් දුන් සියල්ලටද මගේ ස්තූතිය !


ඒ ගැජට් එක මට තෑග්ගකට තමයි හම්බ උනේ..මමත් ඔහොම එකක් ජීවිතේටම දැක්කමයි. මන් එකපාරටම ඇහුවෙ මේක ලස්සනට කෝනර් ස්ටෑන්ඩ් එකේ තියන්න පුළුවන්නේ කියලයි. ඒත් පස්සෙ මම පුදුම උනේ ඒකෙන් ගන්න ප්‍රයෝජනය දැක්කහමයි. අපි උයන කොට හරි කෑම කෑවට පස්සෙ හරි අතේ රැඳෙන ඉඳුල් ගඳ යන්න අපි කරන්නෙ සබන හරි හෑන්ඩ් වොශ් හරි පාවිච්චි කරන එකනෙ.


එතකොට අතේ තියෙන ගඳ ගිහින් අපි පාවිච්චි කරන එකේ සුවඳ අතේ රැඳිලා තියෙනවා. නමුත් මේ හාර්ට් ශේප් එක තියෙන මෙටල් කැටේ අතේ දවටගෙන හොඳට අත් දෙක හේදුවහම මැජික් එකකින් වගේ අතේ තියෙන ඉඳුල් ගඳ, විශේශයෙන්ම පිලී ගඳ සුටුශ් ගාලා යනවා..
මේකට කියන්නෙ  alloy-metal hand deodorizer කියලයි. සබන් වලින් යවන්න බැරි තද පේන්ට් හරි කෙමිකල් ගඳවල් එහෙම මේකෙන් යන්නෙ සුටුශ් ගාලා..කවුරු හරි ඉස්සුවොත් නැත්නම් ඔය ට්‍රිප් යනකොට නැති උනොත් හරි නොවෙන්න මේක කවදාවත් ගෙවෙන්නෙ නෑ..ඒ නිසාම පරිස්සම් කර ගත්ත්තොත් ජීවිතේටම එකයි ඕනි වෙන්නෙත්..
තාම ලංකාවෙ මාකට් එකේ මට අහු උනේ නැති දෙයක් තමා මේ. නමුත් තියෙන්නෙ පුළුවන්..එහෙම තැනක් හමු උනොත් මන් කියන්නම්..


ඒ අවු අස්සෙ මේ වෙච්ච කතාවත් පොඩ්ඩක් කියවලා බලන්නකෝ..
හැබැයි මේ කතාව දැනට ජීවත්ව සිටින බ්ලොග් කරුවකුට හෝ බ්ලොග් කාරියකට සම්බන්ධ නොවන බවද හුදු මනඃකල්පිත කතාවක් බව සලකන්න. ඉතින් එහෙම එකක් අපිට මොටෝ කියන අයට කියන්න තියෙන්නෙ..ඔබලාටත් මෙසේ විය හැකි බැවින්..දැනුම්වත් වී සිටින්න කියායි..


ඔන්න ඉතින් එකමත් එක කාලෙක මගේ යාළුවො දෙන්නෙක් හිට්ටා අපි ඒ දෙන්නට සංක සහ සමීරා කියමුකො. දෙන්නම ඉතින් අයි ටී වැඩ්ඩො දෙන්නෙක්ම තමයි. ඔහොම මේ ජෝඩුව සතුටින් කල් ගත කරන් යනකොට..සමීරා කීවා එයාට හුරතලේට සතෙක් හදන්න ඕනි කියලා.. දෙන්නා සාකච්ජා වට කීපයකින් පස්සෙම තීරනය කලා හාවෙක් හදන්න..එකෙක් නෙවෙයි දෙන්නෙක්ම. ඉතින් හන්දියෙ කඩේකට ගිහින් අරන් ආවා කියමුකො හා පැටව් දෙන්නෙක්ම.. පුළුන් බෝල වගේ දෙන්නම..


අපිටත් කරදරේ අනේ උන්ව බලන්න එන්නයි කියලා. මමත් ඉතින් හා හා පුරා කියලා ඔය හාවො දෙන්නව බලන්න යන්න තීරනය කලා පහු ගිය ඉරිදා හවසක. උදේ මගේ එලවලු ගේන්න පොලේ යන දවස නිසා ..පොලේ ඉන්න අක්කට මන් ඔය හාවො දෙන්නගෙ කතාවත් කීවා. මගේ එලවලු ටික සහ එලවලු අක්කා වෙනම මට බෑග් එකක් හදලා දුන්නා. මන් දවල් ගෙදර ඇවිත් ඔය අපේ මිදුලෙන් තව අඩුපාඩුවට ටිකක් එක්තු කරන් ගියා හාවො බලන්න. 


ගිහින් හාවො දෙන්නවත් හුරතල් කරලා තේ තඩි තේ එකක් බීලා එහෙම ගෙදර ආවා. ඔය තඩි තේ එක වෙන්නෙ එයාලා අළුත් ගෙදරට ආවට තවම සේරම බඩු මුට්ටු අරන් නැහැ අපි ගියහම කිරි තේ දෙන්නෙ අර තඩි සුප් බොන කෝප්පෙකටම තමයි. හිතන්නකො රසට හදලා දෙන ඔය තේ එකක් බීවහම ආයි වේලක් කන්න ඕනි නෑ. ලීටර් බාගයක් විතර..


අනික තමයි සාමාන්යෙන් අයිටී වැඩ්ඩො උනහම අවට ලෝකෙ ගැන මෙලෝ තේරුමක් නැති අය වගේ තමයි බහුතරයක්ම ඉන්නෙ . ඒක සාධාරනයි මොකද අයිටී වලට කාලය යොදවනකොට අනිත්බාහිර දේවල් ගැන සොයන්න බලන්න වෙලාවක් තියේයැ?


ඒ ස්වාභාවික සංසිද්ධිය මේ දෙන්නටත් තිබ්බා කියමුකො.. හැබැයි අන්තර්ජාලය කියන්නෙ ඉතින් තමන්ට ඕනි සියළුම තොරතුරු සැනින් අත ළඟට ගෙනත් දෙන එක නිසාමදෝ කොහෙද .. මේ යාලුවන්ගෙ ගෙදර ගියහම අපිට රස කෑම වේලක් නම් කාල එන්න පුළුවන් උනා. මොකද දෙන්නටම කීවට මන් හිතන්නෙ සමීරාට රසට උයන්න පුළුවන්. මොකද මන් හිතන්නෙ අන්තර්ජාලයෙ දහසකුත් එකක් තියෙන ආහාර හදන හැටි පර්ෆෙක්ට්වටම උයන්න පුළුවන්.


පහු වෙනිදා හවසක මට කෝල් එකක් එනවා සංකගෙන්,


"අනේ අයියෙ ආයි එනකොට නම් මෙහෙම තැගි අරන් එන්න එපා බන්"


"මොන තෑගිද මල්ලියෙ?"


මන් ඇහුවෙ උඩ බිම නැතුව..


"ඇයි අර බෑග් එකක් පුරවලා ගෙනත් තිබ්බෙ..අපි දන්න යමකට තිබ්බෙ කැරට් විතරයි. කැරට් ටික හාවුන්ට දීලා අපි අනිත් අල ජාති ඊයෙ රෑට වෑංජන හැදුවා..මාර රහට ආවා"


"ඈහ්?"


මාව උඩ ගිහින් බිම වැටුනා.


""ඈ අයියෙ අර දිග වැල් වගේ තිබ්බ පලා ජාතිය මොනාද ? අපි ඊයෙ රෑට මැල්ලුම් හදලා කෑවා. අද උදේට ගොටුකොල හදනවා වගේ සම්බෝල හැදුවා .. ඒක නම් මාර රහයි. ඒත් සමීරා කීවා අයියගෙන් අහන්නම කියලා ඒ පලා ජාතියෙ නම්"


"මල්ලි මට අපේ බොස්ගෙන් කෝල් එකක් එනවා මන් පස්සෙ ගන්නම්"


මන් කෝල් එක කට් කලා. 


ඒ බෑග් එකේ තිබුනෙ එලවලු අක්කා දීපු කැරට්, බතල සහ මඤ්ඤොක්කා අල එක්ක මන් අපේ මිදුලෙන් ගලවා ගත්ත උඳුපියලි වැල් ටිකක්. 


එතකොටයි මට මතක් උනේ හාවො දමලා ඉන්න කූඩුව ළඟ තිබ්බ චීස්, බටර්  හිස් ටින් ටික..


හයියෝ හාවො !










මේ ඉන්නෙ මන් අරකෙන් ඇන්ඳ හාවො දෙන්නෙක්..ඔව් ඔව් ළමයි පොඩ්ඩක් තමන්ගේ පරිකල්පන විඥානය මෙහෙයවලා බලන්න එතකොට පෙනෙයි උන් දෙන්නා හාවො දෙන්නෙක්ම තමයි කියලා.. ඔය වචනෙ තේරුම මගේ යාළුවගේ තේරුම මගෙන් අහන්න එපා.. 

89 comments:

  1. අනේ අනේ උන් දෙන්නාට වුණු දෙයක් :D

    ReplyDelete
    Replies
    1. තව සතියකින් විතර ආයි ගිහින් බලන්න ඕනි හසිත උන් දෙන්නා තාම ජීවතුන් අතරද කියලා..

      Delete
  2. Replies
    1. මටත් එහෙමයි..
      චීස් බටර්, හැම් , බේකන්.. හාවො කවදා කාපුවද මේ වගේ කෑම..පව් !

      Delete
  3. කෝ වෙනී අයියෙ අර හාවො කාපු චීස් ටිං ටික ඇඳල නෑනෙ.

    හොඳ වෙලා‍වට අයිය තණකොළ අරං නොගියෙ.

    ReplyDelete
    Replies
    1. අර ඔන්ලයින් කෝස් එකේ තාම රවුන් අඳින්න ඉගෙන්නුවෙ නෑ ප්‍රසන්න..
      උඳුපියලි විතරයි ගෙනිච්චෙ...

      Delete
  4. ඊයේ මෙව්වා එක ගැන මං දැනං උන්නා. ඒත් කිව්වේ නැත්තේ තැගි ගන්න කොළඹ හතේ යන්න වෙන හන්දා :D

    දැන් මේ කතාවට බ්ලොග් කාරයෝ සම්බන්ධ නෑයි කිව්වා නේ? හ්ම්ම්ම් එහෙනං ඉතිං මෙතන මුකුත් කියලා වැඩක් නෑනේ එයාලා දකින්නැති නිසා :D

    හොඳ වෙලාවට ඔය පින්තූරේ ඉන්නේ හාවෝ දෙන්නෙක්ය කියලා කිව්වේ. නැත්ටං මං දැක්කේ පොඩි හිපෝ පැටව් දෙන්නෙක් වගේ! :D

    ReplyDelete
    Replies
    1. මන් හිතුවා පූසා නම් දන්නවා ඇති කියලා..
      ඒ ගොල්ලො දකින්න විදිහක් නෑ..ඒ නිසා ගැටළුවක් නෑ
      බිළාල දෘෂ්ඨිය ඔහොම තමයි..

      Delete
  5. long time ago a person
    who scrificed sleep,
    forgot his family,
    forgot his food were called
    "Saints"
    Now they are called
    "IT Professionals" :D

    මේ මමා අහපු කතාවක්

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක කීවෙ හසිත තමයි ලමායි මන් නම් නෙවෙයි...

      Delete
  6. වෙනි අයියා හාමස් කන්න හිතගෙනමයි එහෙ ගිහින් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හා මස් කෙසේ වෙතත් උන්ගෙ ඇට කටු ටික විතරක් ඉතුරු වෙයි මන් හිතන්නෙ..උන්ට හුරු පුරුදු කෑම නැති උනහම..ඉන්ඩ ආයි එහෙ ගියොත් මන් ෆොටෝ ටිකක් අරන් දමන්නම්..

      Delete
  7. ඔය කතාවේ ඉන්න අයව අපි දන්නේ නැහැලු ඔන්න ...

    ReplyDelete
    Replies
    1. හා හා මල්ලි දැන ගත්තත් ඉන්ඩලා නොකර සද්ද !

      Delete
  8. මන් නම් හිතන්නෙ ඔය ගෑනු ලමයගෙ නමේ අකුරු එහෙ මෙහෙ කලාම මම දන්න කෙනෙක් ඉන්නවද කොහෙද.

    වැඩිය මුකුත් කියන්න බෑ
    දැක්කොත් එහෙම..................:D

    ReplyDelete
    Replies
    1. ඈහ්..නම් දෙක නම් එහෙම රයිමිං වෙනවා නම් තමා..ඒත් මේක මනඃකල්පිත කතාවක්ය කියලා ඩිස්ක්ලේම් කරලා තියේ ඕන්...

      Delete
  9. අපොයි ඉතින් හාවො කනවද චීස්...එහෙම මිනිස්සුත් ඉන්නවද අප්පා...අයිටී කලාට අපි ඕව ඉගෙන ගන්නෙ පුංචි කාලෙනෙ..මම හිතන්නෙ මෙයාලා පුංචි කාලෙත් අයිටී ම කරන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නෙත් එහෙම තමා නැත්නම් මෙච්චර ෆේමස් වැඩ්ඩො වෙන්නත් බෑ නේද ?

      Delete
  10. ආසියාවේ ආශ්චර්ය්‍ය කියන්නේ ඒකනේ. හාවන්ට චීස් බටර් මිනිස්සුන්ට උඳුපියලි. නරකම නැහැ. හෙග්... හෙක්ක්ක්.....

    ReplyDelete
    Replies
    1. උඳුපියලිය මන් හිතන්නෙ ඖෂධීය ගුණය අතින් නම් මහ ඉහල නිසා අවුලක් නැති වෙයි නේද වෙද මහත්තයා..?

      Delete
  11. අර ලංකා හාවො ජෝඩුව බ්ලොග්වලට සම්බන්ධ නෑ කිව්ව එක හොඳට ගියා. මට නිකන් දෙන්නෙක් ගැන අදහසකුත් ආවා. පවු අෆ්ෆා, මොන විලිලැජ්ජාවක් ද මේ. ඇත්ත කියන්න වෙනී අයියා, ඔයා හොඳට ප්ලෑන් කරල නේද මේ වැඩේකරේ.

    ReplyDelete
    Replies
    1. අනේ මගෙ තුන්හිතකවත් එහෙම ප්ලෑන් එකක් තිබ්බෙ නෑ..හා ඔය හිතට එන ඒවා කියන්නෙ එහෙම නෑ ඕන්..

      Delete
  12. ඔය කථාවේ ඉන්න එක හාවෙක් සුදුම සුදුයි සහ අනිත් හාවා කළුම කළු නැහැද? :D

    ReplyDelete
    Replies
    1. හාවෝ දෙන්නා, වටෙ උඳුපියලිය ඔක්කොම කාලා නේද? එක පැලයක් වත් නෑ...සුදු පාට වෙලා

      Delete
    2. හ්ම්ම්ම්ම්ම්ම් මේවට උත්තර දීලා ...ජීවිත අවදානමක් ගන්නත් බෑ අෆ්ෆා...

      Delete
    3. කා ගෙන කා ගෙන ගිහින් බුද්ධි මල්ලියෙ..මේක ලේසි නෑ බන්..නිකන් හිතපු ගමන්ම ඔටෝ ඇඳෙන වගේ සොට්වෙයාර් එකක් නැද්ද මල්ලි ?

      Delete
  13. හොඳ වෙලාවට තණකොල ගෙනිච්චේ නැත්තේ . . හික්z

    ReplyDelete
    Replies
    1. දුකා ඒ ගෙනිච්චත් ප්‍රථිපලේ එමම වෙයි වගේ....උඳුපියලි ගෙනිච්ච එක නම් හොඳා තමා...

      Delete
  14. IT කාරයො ගැන කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ, හැබැයි වෙනියගෙ චිත්‍ර ඇඳීමේ කුසලතාවය නම් දවසින් දවස ඉම්පෲව් වෙන බව නොකියාම බෑ.

    පින්තූරේ ඇඳලා ඒකෙ ඉන්නෙ හාවො කියලා ලියලත් තියෙන එක හොඳම උපක්‍රමයක්.
    මෝඩ කමට උං
    ඌරොද
    හිපපොටේමස්ලද,
    පීලි පැනපු බුලට් ට්‍රේන් එකක්ද,
    කිවීලද,
    බල්ලොද,
    වාශ්ප දුම්රිය ඇංජිමක්ද,
    ගෝනියෙ තිබිලම පැලවෙච්ච අර්තාපල් ගෙඩිද,
    මලකඩ කාපු කර්ටන් හුක් එකක්ද,
    විසි කරලා දාපු පරණ හෙයා බෑන්ඩ් එකක්ද,
    හෝදන්න තියෙන කලු පාට ජොකෙක්ද,
    ඌරු මීයොද,
    ඒලියන්ස්ලද,
    මීහරකෙකුගෙ හිස්කබලක්ද වගේ ප්‍රශ්ණ අහන එවුං අකුරු දන්නෙ නෑ කියලා අපිට නිගමනය කරන්න පුලුවං කිසිම ගේමක් නැතුව.

    උඹ මොකෝ කියන්නෙ බුද්ධි? නැද්ද හා?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. නැද්ද හා?///

      තියෙනවා ඩූඩ් අයියා.... දන්න දා ඉදලා තියෙන ටික නං තාම හොඳින් තියෙනවා... හෙහ් හේ.......

      Delete
    2. හරි, බුද්ධි √ කියලා මාක් කරගත්තා. ඊලඟ...!

      henryblogwalker the Dude

      Delete
    3. ඈහ් මෙච්චර පැහැදිලීව , ලස්සනට, අහිංසකත්වය ප්‍රතිමුර්තිමත් වෙන්න මන් ඇඳපු හා පැටව් දෙන්න පේන්නෙ ඔහොමයි ඔහොමයි කියලා කියන්නෙ කවුද හෙන්රි සුදු අයියෙ ? බුද්ධි වගේ අපි නම් කියයි ඕවට උත්තර හිහ්...! :-D

      Delete
    4. දාහන් බුද්ධි මල්ලියෙ උඩ පැනලා පහක්ම ( හෙන්රි අයියට හොරෙන් !)

      Delete
  15. මට නිකන් අපේ වයිෆ් හාවෝ හදනවා කියලා කොහේදෝ කියව්වා වගේ මතකයි ;)

    ReplyDelete
    Replies
    1. ඒ ඔයාට මතක් වෙන්න ඇත්තෙ කියව්පු නව කතාවක කොටසක් වෙන්න ඇති අප්පේ..බ්ලොග් වල කොහෙවත් එහෙම ලියල තිබ්බෙ නෑ...

      Delete
    2. හික් හික් ... හාවො මල්ලෙන් එළියට පනින්න හදන්නෙ දැන්. ඔහොම ගියොත් නම් අයියා අනිත් පැත්ත හැරිල විකාගෙන මැරෙන්න තමා වෙන්නෙ ඕං.

      Delete
    3. මටත් තියෙන එක බයක් ඕක මයි.. යාන්තම් අභියව අල්ලලා ආන් බාන් කර ගත්තා..

      Delete
  16. එතකොට ඔය ඇඳල තියෙන්නෙ හාවො? :D මම මේ කල්පනා කරන්නෙ යාළුවො දෙන්නා වෙනිට මොනවා උයල දෙන්න ඇද්ද කියල.

    ReplyDelete
    Replies
    1. යන්ඩකො eye clinic එකකට..ඈහ් වැරදුනා වැරදුනා..ඒ කීව එක ඉල්ලා අස් කර ගත්තා. :-D
      අනේ..ඔව් ඒ දෙන්නා රසට රසට පලා වර්ග කීපයක්ම උයලා තිබුනා..ආයි නම් ඒවා කන කොට පොඩ්ඩක් කල්පනාවෙන් කන්ඩ ඕනි..

      Delete
  17. හාවො උන්ව කාලා. අයියෝ,

    ReplyDelete
    Replies
    1. කෙටියෙන්ම කතාව කියතොත් ආන්න ඒකම තමා වෙලා තිබ්බෙ !

      Delete
  18. දැන් බැලුවම හාවො උදුපියලිය කන්නෙ සාහිත්‍යයේ දි විතරම ද ?

    ReplyDelete
    Replies
    1. බලන්ඩකො සුමිත් මෙතන මතු කරේ නම් ජාතිකමය වශයෙන් වැදගත්ම ප්‍රශ්නයක් තමයි...!දැන් හොයපල්ලකො උත්තර..

      Delete
  19. අපොයි ...ගහල තියන මඩක්, දැන් ඉතින් අර අහවල් කැටෙවත් යවපන් ඇගපුරාම ගාගන්න ,

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව් කම්මල ඒ කැටේවත් ගිහින් දෙන්ඩෝනි හෙට අනිද්දටම...ඉස්සෙල්ල බලන්ඩ ඕනි මේ කතන්දරේ ආරංචි වෙලා එහෙම නැද්ද කියලා ?

      Delete
  20. අර ඩබල උඳුපියලිය කෑවා එතකොට? :D

    ReplyDelete
    Replies
    1. ඕන්න ඒ නිශාන් මල්ලිලා එන නිගමනයන් තමයි..මන් ඒක කොයියම්ම කොයි වෙලාවකවත් කියලා නෑ ඕන්...

      Delete
  21. කෙලිය නේද වෙනි අර අහිංසක හාවුන්ට කන්න තියෙන උඳුපියලිය වලටත්.. ඔන්න දැන් මේක කියවන ඔක්කොම උඳුපියලිය මැල්ලුම් සම්බෝල කන්න ගනීවි.. ඊට පස්සේ කොළ විකුණන අයියලා අක්කලා රටේ තියෙන ඔක්කොම උඳු පියලිය ගලවන් පොලට යාවි විකුන්නන්න කෙලවෙන්නේ අපේ වල් හාවුන්ටයි.. රට හාවුන්ට නම් ඉතින් චීස් බටර් දෙනවනේ .

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්නම කීවෙ හරිම රසයි කියලයි..මාත් හෙට උදේට සම්බලයක් හදලා බලන්න ඕනි කෝමද කියලා..

      Delete
  22. සංඛගෙන් ලගදිම පිලිතුරු ලිපියක් ලැබේ කියා සිතනවා :D

    ReplyDelete
    Replies
    1. නෑහ් ???? මන් හිතන්නෙ නෑ.. ගිම්හානි එහෙම අහස කළු කරගෙන එනවා වගේ තියේනම් ඕන් කල් ඇතුව කියන්ඩ..අපි හොඳ යාළුවොනෙ ඉතින්..

      Delete
  23. //ළමයි පොඩ්ඩක් තමන්ගේ පරිකල්පන විඥානය මෙහෙයවලා බලන්න එතකොට පෙනෙයි උන් දෙන්නා හාවො දෙන්නෙක්ම තමයි කියලා.. //

    පරිකල්පන මෙව්වා එක නොතිබෙන්න මට මැවිලා පේන්නේ පැබ්ලෝ පිකාසෝව.... මාර ගති ඈ.වම් පැත්තේ ඉන්න හාවාව මට පෙනුනේ ගෝණුස්සෙක් වගේ...

    අර බඩු අඳුරගන්න වැඩේ අපි දකින්නත් කලින් වහලා දාලානේ සැහ් ඕක මම දැක්කනම් ඩීවීඩි ටික උස්සන් යන්න කොයි ලෝකෙන් හරි උත්තරේ අරං එනවා... එහෙනම් ඉක්මනිං වෙනි අයියට කේක් කෑල්ලකුත් කන්ට තිබුනා...

    හාවට චීස් බටර් කැව්වනම් වෙනි අයියට මොනා කවන්න ඇත්ද???

    මමත් ඔය එලවළු පලතුරු අඳුරන්නෑනේ..... :O

    ReplyDelete
    Replies
    1. අයිසින් කේක් එකක් එක්ක එනවනම් ඉතින් පරණ ඩීවීඩී 10 විතර දෙන්න බැරියැ..මාත් එංගලන්තෙ හිටි පහු කාලෙ මේ ලංකාවෙ එලවලු පලතුරු අඳුනන්නෙ නෑ..ඕන්..

      Delete
  24. මට නං සිරාවටම හිතට ඇල්ලුවේ පින්තූරේ ඈ.... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..මට හරි දහිරියක් ඒක...

      Delete
  25. හාවො දෙන්නගෙන් එක්කෙනෙක් කලු මොකද.. ?

    ReplyDelete
    Replies
    1. දුඹුරු පාට කියලා හිතලා පික් කරලා තියෙන්නෙ කළු පාට තමයි...

      Delete
  26. අයියෝ හාවෝ තමයි මටත් කියන්න තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. උන් දෙන්න නම් අදද හෙටද දන්නෙ නෑ අප්පා..

      Delete
  27. වෙනිඅයියා මොරටුව පැත්තට එහේම නෙවෙයිනේ ගියේ හාවො බලන්ඩ

    ReplyDelete
    Replies
    1. මොරටු පැත්තට ගියා නම් කළු තඩි පූසෙක්වනෙ බලන්න වෙන්න මල්ලි...

      Delete
  28. හාවෝ චීස් බටර් කාපු හැටි.
    වෙනි අයියේ ඔය සමීරා & සංක කියනකොට මගේ කම්පනාවට එන්නෙම වෙන දෙන්නෙක්වනේ බොළ.

    ReplyDelete
    Replies
    1. හා හා මල්ලි ඕවා මන්ස්ගාත නෙන්නම්.. එහෙම රයිම් වෙන තව නම් කොයිතරම් ඇද්ද ?

      Delete
  29. ආරක්ශක හේතු මත අභීත ටිකක් හිනා වෙවී මෙහි දමන ලද කමෙන්ටුව ස්පෑම් කර ඇත..
    උන් දෙන්නා පල්ලා අභියො මේ කතාවට ඒ දෙන්නගෙ කිසිම සම්බන්ධයක් නෑ...සිකේ මාව මරයි යකෝ මඟදිවත් හම්බ උනොත් එහෙම ! :-D

    ReplyDelete
  30. අනේ අර අහිංසක හාවෝ දෙන්නා.. උන් යහතින් ඇතැයි සිතමි.. :)

    ReplyDelete
    Replies
    1. හෙමිහිට දවසක ගිහින් බලන්නම්.. තාම ඉන්නවද කියලා..

      Delete
  31. ආයේ තෝ මේ පැත්ත පළාතේ ආවොත් කඩනවා අඩු

    -සංක

    ReplyDelete
    Replies
    1. අනේ රණ්ඩු කරගන්න එපා මෙයා අපි එදා මෙයාට කන්න දුන්නෙත් කලින් දවසේ අර මාකොල කලු අයියා හාවන්ට කන්න ගෙනාව උඳු පියලිය මැල්ලුම කියලා දන්නේ නැහැනේ

      -රමීෂා

      Delete
    2. ඔන්න ඇනෝ නම වරද්දලා.. රමීශා නෙවෙයි ඕක සමීරා වෙන්න ඕනි.. :-D

      Delete
  32. හනේ හපොයි මෙහෙමත් මිනිස්සු. දුක හිතෙනවා අප්පා. හුදු මනඃකල්පිත කතාවක් නිසා අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. මනඃකල්පිතයි කීවට ඉතින්...අනේ මන්දා මල්ලි..ඕවා ඔහොම තමයි ඉතින්...

      Delete
  33. හාවෝ දෙන්නෙක් නොපෙනේ !!

    ReplyDelete
    Replies
    1. බලන්ඩ මල්ලි අර මොකද්ද එක විහිදලා..පරිකල්පන විඥානයද මොකද්ද එක..

      Delete
  34. නෑහ්...අපොයි නෑ...

    ReplyDelete
  35. ඉස් ඉස්සෙල්ලාම අමතක වෙන්න කලින් වෙනීගෙ සිත්තරේ අගය කරන්න ඕන..දිගටම අඳින්න වෙනී..හොඳ සිත්තරෙක්ගෙ ගති ලක්ෂණ පෙන්නුම් කරනවා...!!

    හාවො දෙන්නා ගැන නම් ආඩම්බරයි...අපිටත් කන්න බැරි චීස් බටර් උන්ට කන්න පුළුවන්නෙ.. අනේ වාසනාවන්...!!

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් අඳිනවා සිත්තර හැමදාම...
      නැතුව නැතුව..ඉතින් මේ හාවුන්ගෙ ඊළඟ පරම්පරාව කෙසේ ව්යිද කියලයි මන් කල්පනා කලේ..

      Delete
  36. අඩේ වෙනී අයියා..මට එකම එක දෙයක් කියහං.. ඔය සමීරා කෙල්ල පොල්තෙල් දාලා තියෙන්නේ ඇබ්සින්ත් බෝතලේකද කියලා... ඒක කිව්වනං ඇති හොඳටම...:D:D:D

    ReplyDelete
    Replies
    1. මාරයා මල්ලිගෙ මේ ප්‍රශ්ණෙට පිලිතුරු දීම කකුලේ මාපටඇඟිල්ලෙන් සිට ගෙන තරයේම ප්‍රතික්ශේප කරමි. මල්ලි වහාම මගේ නීතිඥයාට කතා කරන්න ඔය ගැන වැඩිය දැන ගන්න ඕනි නම්..

      Delete
  37. Replies
    1. උන් දැන් මැරිලත් ඇති ..කිසිම නිව්ස් එකක් නෑ..

      Delete
  38. අනේ අෆොයි හාවෝ

    ReplyDelete
    Replies
    1. හාවො කවද්ද චීස්, බටර් කෑවෙ..? හැබැයි දැන් නම් උන්ට හුරු වෙලා ඇති...

      Delete
  39. සමීරා වියපත් පෙම්වතා ගැන ලියලා තියෙන්නෙ වෙනිගෙ උඳුපියලිය කෑවට පස්සෙ වෙන්න ඇතිනේ !!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඇනෝ නම් දෙකක් පටලවා ගෙන වගෙයි..සමීරා මොනාවත් ලියන්නෙ නෑ..

      Delete
  40. මම මේ තාම කල්පනා කරන්නෙ වෙනි අය්යා‍ මේ කවුරු ගැනද ලියලා ති‍යෙන්නෙ කියලා...??????

    ReplyDelete
    Replies
    1. අනේ ඕක මනඃකල්පිත කතාවක්..හැබැයි නිකන් හරි ගත්ත හා පැටව් බලන්ඩවත් වරෙන් කියලා කීවනම්..ඔහොම කතන්දර ගෙතෙන්නෙ නෑ කියලා වගකීමෙන් කියතහැකි... :-D

      Delete
  41. අනේ මං ජීවිතේට දැකල නැහැ මෙචචර ලස්සන හාවො දෙන්නෙක් :-D

    ReplyDelete
  42. නැත්තෙමත් නෑ මං හිතන්නේ..

    ReplyDelete