ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, June 16, 2012

"ඇනොනිමස් ආතල්" අරන් ඉවරද ?


ඇනොනිමස් ආතල් ඉවරද ?


http://anonymousaya.blogspot.com/

මොනවා උනත් ඕනිම දෙයක ප්‍රගමනය වෙනුවෙන් උර දෙන්නෙ විවේචනයන්ම තමයි. ඒ විවේචන විවේචකයා විසින් මොන අරමුනින් කලත් විවේචනයට ලක් වන්නා ඒකෙ තියෙන තමන්ට අදාල සත්‍ය කොටස්වලින් ගත යුත්ත අරගන්න දන්නවනම් ඒක හරිම ප්‍රයෝජනවත්. 


සමහර විට විවේචනය ඉතාමත් නිර්දය වෙන්නත් පුළුවන්. ඕනිම කියවන අයෙකුට යම් විවේචනයක තිබෙන විවේචන කරුණු සාවද්‍ය මඩවලින් වෙන් කර ගන්න පුළුවන්. 


පුද්ගලික මඩත් එක්කම උනත් යම් යම් වටිනා කියන ලිපි එකතුවක් පල වෙච්ච ඇනොනිමස් ආතල් බ්ලොගයට පහු ගිය දවසක ඉඳන් යන්න බෑ. ඒක අයින් කරගෙන කියන පණිවිඩය තමයි තිරයට එන්නේ. දැනට අපේ කතන්දර ශූරින්ගෙ බ්ලොගය තුලින් උනත් අර කක්කා සම්මානය දුන්න පෝස්ට් එකට යන්න පුළුවන් ගූගල් කෑශ් කොපියට විතරයි.


ඒකෙ පලවුනු සමහර ලිපි එක්ක මගේ පුදගලික මතය දැඩි ලෙසම ගැටුනා උනත් එවන් වූ බ්ලොග් තිබිය යුතුමයි කියන මතය මගේ හිත ඇතුලේ තිබුනා. 


පහුගිය දවස් ටිකේම තේ පැන් සාදයකටවත් යොමු වෙන්න නිවාඩු කාලයක් නොතිබිච්ච නිසාම මේ මාතෘකාව කා එක්කවත් කතා කරන්නවත් බැරි උනා. 




බ්ලොග් විවේචක බ්ලොග් කීපයක් දැනට තිබුනත් ඒවා කෙසේවත් ප්‍රමාණවත් නැති බවයි මගේ අදහස නම්. එවන් වෙලාවක ඇනෝනිමස් ආතල් බ්ලොගයත් අතුරුදහන් වීම මට නම් පුදගලික විස්සෝප වීමට කාරණාවක්ම තමයි. 
ඔබ නැතුව හරි පාළුයි අනේ..


We miss you so..






ග්‍රැෆික් ටැබ්ලට් එක අරගෙන ගොඩක් කල් උනත් මන් ඕන් අදනම් ඇන්ඳා මේ බ්ලොග් පෝස්ට් එකට හරියන සම්භාව්‍ය ගනයේ චිත්‍රයක් මන් අතින්ම.. හරි... හරි... ඉතින් හිනාව නවත්ත ගනියව්..


ඕනි පොඩි එකෙක් මුලින්ම බඩ ගාලා, දනගාලා, තමයි වැටි වැටී හරි ඇවිදින්නෙ...

74 comments:

  1. 1
    එල ඈ ග්‍රැෆික් ටැබ්ලට් එකක් ගත්තා කියලා කීවා..
    හික්.. සිරාවටම ඇනෝනිමස් ආතල් මොකද වුනේ..සුදු වෑන් ප්‍රහාරයක් ද?

    ReplyDelete
    Replies
    1. කලින් 1 දාල හිටියනං ඔය අවුල වෙන්නෑ.

      Delete
    2. මුකුත් දන්නෙ නෑ ..හිටි ගමන්ම අතුරුදහන්..
      ඒක අරන් ගොඩක් කල්..නිකන් තිබ්බට ච්ත්‍ර ඇඳෙන්නෙ නෑ කියලා තේරුනෙ ගත්තට පස්සෙ තමයි..අපිම අඳින්න ඕනි මහන්සි වෙලා ච්ක්...

      Delete
  2. ඇනෝ නෑ තමයි මාත් දැක්ක. කරන්න දේයක් නෑ. ඇනෝට එපාවෙලා ඇති. ඇනෝනිමස්ට අන්තිම ලිපිය ලිව්වෙ ටැබූ. ටැබූගෙ අපලයක්ද දන්නෑ.

    ReplyDelete
  3. පින්තුරේ මරු ඈ .... සම්භාව්‍ය ගනයේ එකක් වෙන්ටැති

    ReplyDelete
    Replies
    1. සිකේ මොන්ටිසෝරි පොඩ්ඩොත් අඳිනවා මේ වගේ එව්වා.. මටම ලැජ්ජයි.. මොනා කරන්නද ඉතින් බැරි කමට..

      Delete
  4. සිරාවටම ඌ නෑ තමා...
    උස්සලද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. උස්සන්ඩත් ඇනෝ කවුද කියලා දැන ගත්තද මන්දා ?

      Delete
  5. ඇනෝනිමස් අතුරුදන්වීම හරි පාඩුවක් තමයි. විවේචනය කියන එක වෙන මොකකට නැතත් ලිවීමට නම් අවශ්‍යයි. ඒකෙන් රචකයො තමන්ගෙ වැරදි හදාගන්නව. කීප දෙනෙක්ම ඔය ප්‍රශ්නෙ ගැන ලියල තියනවත් මම දැක්කා. Beyond Frame නැතුව ගියා. ටැබූ ගැනනම් කවුරුත් කතා වෙනව නේ. ඇට මැස්සත් බ්ලොගෙත් අකුලගෙන ගිහින්. අනේ මන්ද මුන් ඔක්කොටම මක්ක වෙලාද කියල.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉන්නම ඕනි කොට්ටාසයක් තමයි ඒත්...

      Delete
  6. අර ෆෝගිස් ද ෆෝකිස්ද වෙස් මූණක් දැම්මනම් අංග සම්පූර්ණයි චිත්‍රය....

    ඇත්තටම ඒකට මොකෑ වුනේ??? ටැබූට උනා වගේද දන්නැ හැබැයි...

    ReplyDelete
    Replies
    1. ගයිඩෝ ෆෝකීස්

      Delete
    2. ඕ එච්චර ලොකුවා අඳින්න බෑ තවම !

      Delete
  7. ඇනෝ හරි කමක් නැහැ විවේචනය හරි විදියට කරනවානම්... ඕකා නිකන් පුද්ගල චරිත අල්ලාගෙන මඩ ගහන මානසික රෝගියෙක්..

    නම දන්නේ නැත්තේ, අනොනිමසයා ඔහේ වෙන්නත් පුළුවන් නිසා

    ReplyDelete
    Replies
    1. මම නම් නෙවෙයි. මම කවුද කියලා දැන් හැමෝම වගේ දන්නවා... ඒ ලියපු මඩ ලිපි ගැන නම් මට කියන්න තියෙන්නෙත් එච්චරයි.. ඒ අතරේ හොඳ ලිපිත් තිබ්බා..

      Delete
    2. විහිළුවක් හොඳේ. ..

      Delete
    3. විහිළුවක් උනාට ඇනෝ අර ලියලා තිබ්බ මඩ ලිපි ගැන නම් ඔබ දීලා තියෙන අර්ඨකතනය හරියටම හරි. කිසිම තර්කයක් නෑ...

      Delete
  8. ඇනෝනිමසයා නැතිවීම ලොකු පාඩුවක්. දැන් මේ බ්ලොග් අවකාසේ ගොන් ආතල් ගන්න උන්ව විවේචනය කරන්න එකෙක් නෑ. ඉතින් මේ වෙලාවේ ගොන් ආතල් ගන්න බ්ලොග් කරුවන්ට මාර ආතල් ඇති.

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ ඇති..මම එහෙම නොහිතුවත් ඔබේ අදහසට ගරු කරනවා..ඒ ඔබ හිතන විදිය නිසා..

      Delete
  9. අපරාදේ එහෙනම් ඇනෝ ගියේ
    ඒක නෙමේ‍ෙ මක්කෙයි අර ඇන්ද කිව්ව එකේ තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. සිකේ මට අඳින්න ඕනි උනේ නම් ඇ.ආතල් කැලේක වගේ එකක අතරමන් වෙලා ඉන්නවා..විලි ලැජ්ජා හතයි...

      Delete
  10. ඇත්ත.constructive critisism කියන එක මාරම වැදගත්.මං ඇනෝගෙ දැක්ක හොඳම සමබරම ලිපිය ඔබා ගැන ලියවිලා තිබුන එක..ඒ වගේ දෙයක් තිබුනම තමයි මනුස්සයෙක් දෙයක් ලියන්න කලින් දෙපාරක් හිතන්නේ!

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ලිපි කීපයක්ම තිබුනා සාබිත්..ඒවා අපි අගය කලයුතුයි..

      Delete
  11. ඇනෝ නැති එකනම් ඇත්තටම පාඩුවක් හිටියා නම් කාට කෙසේ වෙතත් අපිට ආතල් ටිකක් බලාගන්න තිබ්බා.

    චිත්‍රෙ නම් පංකාදු පහයි අයියේ.මොනවද එකේ අර අන්ධ මනුස්සෙක් මහා දවාලේ කැළේක හොයන්නේ?

    ReplyDelete
    Replies
    1. හිකිස්.. පාර හොයනවා ආපහු එන්න..අන්ධ නෙවෙයි..මූන අඳුනා ගන්න බැරි වෙන්න ඇස් දෙක බැඳ ගත්ත කෙනෙක්..

      Delete
  12. ඇනෝ ගැන කිසිවක් නොදනිමි.

    ඔය ටැබ්ලට් එක ගත්තෙ කොහෙන්ද ? කීයක් විතර වුනාද? වැඩි විස්තර සදහන් කළොත් අගෙයි.

    ReplyDelete
    Replies
    1. ඊළඟ පෝස්ට් එක ඒක ගැන සුමිත් මෙහෙන් මයි ගත්තෙ..

      Delete
  13. මාත් ඒ පැත්තේ දැන් යන්න බැලුවා.. මුකුත් නෑ.. සොයා ගන්නට නොහැක කියලා වැටෙනවා..

    ග්‍රෆික් එකත් එල හොදේ.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ.. බලමු ඊළඟ චිත්‍රය මීට වඩා හොඳට අඳින්න..

      Delete
    2. ආ වෙනි අයියේ.. මෙච්චර දවසක් දිනේශ් මලයා කියලා යස අගේට කතා කරලා අද මාව වර්ණ කලේ මොකෝ?

      Delete
    3. ග්‍රැෆික් ටැබ්ලට් එක බොල.. ග්‍රැෆික් ටැබ්ලට් එක..

      Delete
    4. සිකේ බලන්ඩකො වෙච්ච වැරැද්ද දිනේශ් මලයා..මන් ඔයාගේ බ්ලොග් එක කියවා කියවා ඉඳලනෙ කමෙන්ට් එක දැම්මෙ..කමක් නෑ..

      Delete
    5. එක මිසක්.. එහෙනම් කමක් නෑ..

      Delete
  14. අනේ මන්දා..කියවන්න බ්ලොග් එකක් නැතිව මේ දවස් වල හරි කම්මැලී..ටැබූ, ඇටමැස්සා වගේ හොද බ්ලොග් ඔක්කොම ගිහින්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් විවේචන බ්ලොග් විතරක් කියවන අයට එහෙම දැනෙනවා ඇති.. මන් නම් ඕනිම එකක් කියවන නිසා ඒ ප්‍රශ්නය නෑ

      Delete
  15. ඔය ගුගල් කේෂ් (Cache) එකේ තිබුණු ලිපි ටික මං සේව් කරගෙන ගුගල් ඩොකියුමන්ට් (Google Docs) විදියට දාලා ලින්ක් කලේ එහෙම නැති නං මං ගැන ලියවුණු ලිපි සහ ලැබුණු සම්මානය ගැණ විස්තර නැතිවෙලා යන හින්දයි.

    ගුගල් ඩොක්ස් වල HTML ෆයිල් දැම්මට ඒවා පේන්නේ Documents ලෙසිනුයි. ඒ ප්‍රශ්ණය විසඳා ගත යුතුයි.

    මං PDF කරලා දාන්න ගිතුවත් එක පෝස්ට් එකක් එතකොට over 1 MB වෙනවා.

    ReplyDelete
  16. Replies
    1. ඔව් කතන්දර බොහොම ස්තූතියි ඔබට ලින්ක් ටික දැම්මට..

      Delete
  17. ෂා දැන් බුද්ධි ගේ විදෙස් සිත්තරාගේ ලෝකල් වර්ෂන් එකේ කොපියක් මේ වෙනි අය්යා ළඟ තියෙන්නේ. මේ ඒක නෙවෙයි මොකද්ද ඔය ග්‍රැෆික් ටැබ්ලට් එක? මොක වුනත් පට්ට භාණ්ඩේ..

    ඇනොනිමසයා ආතල් එක අරන් ඉවරවෙලා ගොඩක් කල්. අන්තිම වතාවේ පොර මුණු පොතේ ස්ටේටස් එකක් දානකොටත් සයිට් එක වහලා.

    ReplyDelete
    Replies
    1. බැම්බූ ටැබ්ලට් එකක්..
      මන් ඉඳලා හිටලා තමයි යන්නෙ..ඒකට එතකටයි දැක්කෙ..

      Delete
  18. 1 නෙමේ.. :-(

    සිත්තරේ මරු... ඉස්සරහට තව දියුණු වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉස්සරහට තව දියුනු කරගන්ඩ හිතන් ඉන්නවා

      Delete
  19. බලාංසෙ ටීචර් ලගට ගියා නම් ගොඩ.

    ReplyDelete
    Replies
    1. ඉන්ඩලකො ටිකක් මන් ස්ව අධ්‍යයන මාර්ගගත පාඨමාලාවක් කරනවා..ඊට පස්සෙ බලමුකො...

      Delete
  20. ඇනොනිමස් ආතල් නෑ නේන්නං. මාත් මේ දැන් ගිහින් බැලුවා. සමහර විට තව දවසකින් දෙකකින් හරියන්නත් ඉඩ තියෙනවා. අන්තිම පෝස්ට් එකේ මම ගැනත් තිබ්බා. අපරාදේ ඒ පෝස්ට් එක මට පෞද්ගලිකව වටිනවා.

    ඇයි බ්ලොග් මෙහෙම අතුරුදහන් වෙන්නෙ?

    වෙනියා ග්‍රැ‍ෆික් ටබ්ලට් එකෙන් ඇන්ද පලවෙනි චිත්‍රයම 18+ එකක් උන හැටි! අර අසභ්‍ය කොටස් පවා බිම ගෑවෙන්න ඇඳලනෙ!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හිකිස්...හරි හරි සුදු අයියෙ..ඕම තමයි මේම මේම පොඩි මිස්ටේක් වෙනවා.. ඒ කෑල්ල මකන්ඩ බැරි වෙලා..

      Delete
  21. ඈ බං ඇනෝනිමස්ලට කකුල් තුනක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. කකුල් තුන ? හිකිස්.. ඒ මකන්ඩ බැරි වෙච්ච කෑල්ලක්...

      Delete
  22. ඔවු දැං වෙනී අයිය තේ පැන් සාද දාන්නෙ නෑනෙ. තනියෙම කො. 7 වලින් තේ බොනව මිසක්.

    කොහොම උනත් අර ටැබ්ලට් වැඩේනං මරු ඈ.

    ReplyDelete
    Replies
    1. නෑ ප්‍රසන්න මල්ලි, ඒ ඔෆිස් එකේ මේ දවස් වල් වැඩ වැඩී..

      Delete
  23. ඇනෝ නැති වෙච්ච එකනම් දුකට කාරණයක් තමයි....

    ඒ වගේද ග්‍රැෆික් ටැබ්ලට් නයා....

    ReplyDelete
    Replies
    1. ඒ නයා මඟ එනවා අභියා..

      Delete
  24. මට අන්තිම ලිපිය බලන්න බැරි උනා..

    ReplyDelete
  25. ඇනෝ අන්තිම ලිපිය ලියලා තිබුනේ ටැබූ කියලා බොහෝ දුරට හිතන්න පුළුවන්.ඇනෝ ජනප්‍රිය වුනේ ඇත්තටම විවිධ අය ලිපි ලියපු නිසාමයි.ඇනෝ මුල් ලිපි 10 කාලීන අවශ්‍යතාවන් සපුරාලමින් වැදගත් අයුරින් ලියැවුනත් පසු කාලීනව එය කැළෑ පත්තරයක් වගේ මඩ වගුරක් බවට පත්වුනා.මොනාවුනත් ඇනෝ ඇඩ්මින් තරුණ දක්‍ෂ කෙනෙක් යැයි අනුමාන කරන්න පුළුවන්.
    ඔයවගේ සයිට් වහන්න මූලික හේතු වන්නේ ලේඛකයාගේ අත්වැරදීමකින් හෝ වෙනත් හේතුවකින් අනන්‍යතාව හෙළි වීම සිදුවේ යැයි හැගී ගිය අවස්ථාවලදී.මමනම් කියන්නේ ඇනෝ වගේ අය ඉන්න ඕන කියලා.

    ReplyDelete
  26. වැඩිය කියවල නැහැ. ඒත් මඩ ගහන බ්ලොග් එකක් කියල දන්නවා. හොදක් කියෙවුවා දවසක් බඩා මාමගේ බ්ලොග් ඒක ගැන.

    ReplyDelete
    Replies
    1. ඒ මඩ අස්සෙ හොඳ ලිපිත් තිබුනා අසර්..ඒ බ්ලොග් එක පටන් ගත්ත අරමුන දිගටම තියන් ගියේ නෑ කියලයි මට හිතෙන්නෙ..

      Delete
  27. මම නම් කැමතිම අර චිත්‍රෙට. දැන් මෙහෙම නම් පස්සේ කොහොමට හිටීවිද? :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ පොඩ්ඩි, ..මන් හිතා ගත්තා දවසින් දවස හොඳ චිත්තර අඳින්න පුරුදු වෙනවයි කියලා...

      Delete
  28. මම දෙපාරක්ම හිනාව කපා ගත්තා ! ඒත් හිනාව නවතින පාටක් නෑනේ.
    සිත්තරේ ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. ඔව් මධුරංග ඒ චිත්තරේ එච්චරටම ස්වාභාවිකව ඇඳිලා තියෙනවා නේද..ලෝකයා මොන තරම් කයි කතන්දර කීවත් ?

      Delete
  29. ඇනෝනිමස් ආතල් බ්ලොග් එක ගැන ලියවෙච්ච සිරාම සිරා විශ්ලේශනයක් තමයි ඔබ ලියලා තියෙන්නෙ ඇනෝ..මටවත් මෙච්චර හරියටම වචන ටික ගොනු කර ගන්න බැරි උනා. බොහොම ස්තූතියි මගේ මුළු පෝස්ට් එකෙන්ම නගපු ප්‍රශ්නයට ඔබ පරිපූර්න උත්තරයක් දීල තියෙනවා

    ReplyDelete
  30. සිත්තර ලෝකෙ දිගු ගමනක් යන්නට...ග්‍රැපික් තුඩු බොහෝ ගණනක් මිලදී ගන්නට (නාස්ති කරන්න)හැකියාව ලැබේවා..
    මගෙන් සුභ පැතුම් වෙනී..

    ReplyDelete
    Replies
    1. තුඩු ගැන ලෝබකමේම තමයි මෙච්චර කාලයක් අඳින්න නාස්ති කලේ නැත්තෙ.. දැන් නම් ඒත් ඔන්න ඔහේ අඳිනවා..

      Delete
  31. ඇනෝනිමස් ආතල් ඕන නෑ බන් . . කෙනෙක්ට බනින්න හරි කමක් නෑ කියන්න තියෙන දෙයක් කෙලින් කියන්න ඕන කෙනෙක්ට පුලුවන් වෙන්න ඕන . . . එහෙම කිරීමේ අර්ථය ඒ ලියන එකා ගේ මතය විවේචනය කිරීමේ පරමාර්ථය නම් . . ඇනෝ වලින් බොහෝ විට වෙන්නේ මතය කෙසේ වෙතත් ලියන්නෙක්ගේ පුද්ගලිකත්වයට එලව එලවා පහර ගැසීම නිසා එහෙම ඒවා නැති එක වඩා හොඳයි කියලා මට හිතෙනවා . .

    ReplyDelete
    Replies
    1. ඔව් එක පැත්තකින් දුකාගෙ කතාවත් ඇත්ත.
      ඒ උනාට අද බහුතරයක් හොයන්නෙ විවේචනය මොකද්ද කියන එක නෙවෙයි විවේචකයා කවුද කියලයි. ප්‍රායෝගිකව වෙන්නෙ Shooting the messenger නිසා ඇනොනිමස් හරි විවේචන එන්න ඕනි අනිවාර්‍යෙන්ම..හේතු තියෙන්න පුළුවන් ඇයි ඇනොනිමස් වෙන්නෙ කියන එකට.

      Delete
  32. අර ඇස්දෙක වහල තියෙන්නෙ අපි අඳුරගනී කියල වෙන්ඩැ. හෙහ් හරිම තාත්විකයිනෙව අර රට හාව ඊටත් එහා අර වම් පැත්තෙ මුල්ලෙ ඉන්න පරණ කොකා.

    ReplyDelete
    Replies
    1. ඇස් දෙක වැහුවෙ ඇනොනිමස් කියලා පෙන්නන්න.. ආන්න බලන්න මට සතුටුයි..උන්ව හරියටම අඳුරාගත්තට..

      Delete
  33. "ඇනොනිමස් ආතල් " නැද්ද ඇත්තටම ? අපි දන්නෙත් නැහැ ...

    ReplyDelete
  34. නියම චිත්‍රේ...... :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිසුපා ඔබගෙ ඇගයීමට..ඒක මට මහත් වූ දිරියක් !

      Delete
  35. හාවයි, කොකයි, කඳු පන්තියයි, ගසුයි අතරට ප්‍රස්නාර්ථයක් වැටුන සිත්තරේ හන්දා ඇනෝ බ්ලොග් එක නැතිව බුර බුරා හඩා වැටෙන වෙනී අයියගේ හදවතේ තියෙන දුක මොනවට මෙහි සිතුවම් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.

    නමුත් ඇනෝනිමසයාගේ මැදින් කකුලක් ඇන්දේ කිනම් අරමුණකින්දයි මට තාමත් අබිරහසක්.

    ඊලග පෝස්ටුවේන් වැඩි දුර තොරතුරු කියනවා කියලා තියෙන හින්දා මම බලාගෙන ඉන්නට තීරණය කලා. ගත්තෙ බැම්බුවක් නං, ඒකට තුඩවල් හතරපහක් නොමිලේ ලැබී ඇති බවත් සිත්තර අඳින මුද්‍රකාංග කිහිපයක්ම නොමිලේ ලැබී ඇති බවත් සිතිය හැකියි.

    බ්ලොග් පෝස්ට් එකකට සිත්තරයක් දැමීම පුරුද්දක් විදිහට කරගෙන යාමට ඉඩ හසර ලැ‍බේවායි ද පතමි!

    ප/ලි-

    මේ අවස්ථාවේ දී මට ග්‍රැෆික් ටැබ්ලට් එක දුන්නු පොරවත් මතක් උනා. ඒ කාලේ මම දිගින්දිගටම පොරට ස්තුති කරනවා දැකලා "දැන් ඔය තෑන්ක්ස් කිරිල්ල අල්ලලා දාන්ඩ" කියලා මට ‍මේල් එකක් එවලා තිබුනා. ඒ උනාට අපි සැලුන්නෑ ඒවට!!!!

    ReplyDelete
    Replies
    1. මට හරිම දුකයි ඒ ගැන .. හිකිස්..
      බුද්ධි මලයා මේ පෙන් එකේ පිටිපස්සෙ කහ පාට එකක් තියෙන්නෙ ඒක මකනෙ කියන ටියුටෝරියල් එක බැලුවෙ ඔය ක ඇන්දට පස්සෙ..ඉතින් ඇනෝට කකුල් තුනයි..
      ඒ සීඩී එකේ තිබ්බෙ මොනාද කියලා බලන්න ඕනි..එක සොෆ්ට්වෙයාර් එකක් නම් දැම්මා..යකඩෝ ඒකෙ පොඩි පෙට්ටියක තුඩු ටිකක් තිබ්බා තමයි..කෙඔහෙද ඒ ටික දැම්මෙ ? මන් හිතුවෙ ඒ තුඩ ජීවිතේටම එකයි කියලයි..
      ඔව් මලයා ඕවට සැලෙන්න එපා..

      Delete
  36. මාර චිත්‍රයක්.. ඔන්න මොඩර්න් ආර්ට් කියන්නේ මොකක්ද කියල දන්නේ නැත්නම් බලන්න. ඔන්න ඉතින් නොදන්නා අය කියයි මේක පොඩි එකාගේ චිත්රයක් වගේ කියල.. ඕකනේ කියන්නේ .. උසස් දෙයක් අගේ කරන්නත් දැනුම තියෙන්න ඕන කියල..

    ReplyDelete
  37. චිත්‍රෙ නම් මරු ඈ :D

    මම ඇනෝ ගැන නම් දන්නෙ නෑ.ලඟදියි බ්ලොග් ලියන්න පටන් ගත්තෙ..
    :(

    ReplyDelete