ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, June 13, 2012

ඇට නැති කෙසෙල්...


අනේ මන්දා මේ දවස් වල සුපර් මාර්කට් යන බ්ලොග් කරුවන්ට සහ බ්ලොග් කාරියන්ට මොකද්දෝ අපලයක් තියෙන හැඩයි. අර පහු ගිය දවස් වල රංග මල්ලිට ඇබැද්දියක් උනා..ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නැහේ ආන් බුද්ධි මලයා ඒකට කාටුන් එකකුත් ඇදලා දමලා..මෙය උපමාවක් බැවින් මෙහි මිනිහා සහ ගොනා යන්න කිසිවකුට ආදේශ කිරීමෙන් වලකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.  මේකෙ ඉන්න ආදරණීය පාඨකයන්ගෙන් මොනා හරි කරවගන්න ඕනි නම් සුටුශ් ගාලා එපා කියන්නැහේ ඒකම කරනවා..විපරීත කාලෙන කජ්ජේන පුහුලන් කීවලු..


මමත් දැන් සුලු පරිමානයේ බ්ලොග් එකකට හිමිකම් කියන නිසාම ටිකක් ලොකුවට හිතන් ඉන්නවා බ්ලොග් කාරයෙක්ය කියලා..හැබැයි මගේ යාළුවා නම් කියන්නෙ තාම ඕක බොගක් මිසක් බ්ලොගක් නෙවීයි කියලයි..මගේ හැටියට මේ මදැයි..


ඉතින් මන් පහුගිය දවසක ගියා සුපර් මාර්කට් එකට..සාමාන්‍යයෙන් ළඟම තියෙන පොළෙන් තමා මන් එළවළු සහ පලතුරු ගන්නෙ. ඒත් මට නිවාඩු ඉරිදා දවසෙ පොළ තියෙන්නෙ දවල් 1 වෙනකන් විතරයි. එදා වෙන වැඩ වගයක් තිබිලා මට ඔය වෙලාව වෙනකම්ම පොලට යන්න බැරි උනා. ඒ නිසාම මට යන්න උනේ සුපර් මාර්කට් එකටමයි.පොලට යනවනම් මන්  සාමාන්‍යයෙන්  ලිස්ට් එකක් ලියන් යන්නෙ නැති උනත් සුපර් මාර්කට් යනකොට ලිස්ට් එකක් ලියා ගෙන යනවා. මොකද එතන තියෙන බඩු කන්දරාව දැක්කහම සහ වැඩ කරන ළමයි එක්ක පොඩ්ඩක් කතා බහ කොරන කොට ගන්න ආපු බඩු අමතක වෙන නිසා. 


මේ සුපර් මාකට් එකේ එලවලු සහ පලතුරු තියෙන්නෙ එකම ළඟ. කූල් එක ඕනි නැති පලතුරු වෙනම උඩට තට්ටු තට්ටු ගහපු රාක්ක වල දමලා තියෙනවා. මට ගන්න ඕනි උනා අඹ සහ ගස්ලබු. ඒවා තියෙන්නෙ මන් අර කීව රාක්ක වල මේ රාක්ක වල තියෙන පලතුරු වල නම් සහ මිල ගනන් ඒ රාක්කෙ ස්ටිකර් වල අලවලයි තියෙන්නෙ. ඒ රාක්කෙ පහලම තැනක තියෙන කෙසෙල් තියෙන කොටසේ  ස්ටිකර් එකක් ගහලා තියෙනවා ඇට නැත කියලා. මන් ඒත් කල්පනා කලා මොකද්ද මේ සීන් එක කියලා..මොකද කෙසෙල් වල කොහොමත් ඇට නැහැනෙ..එතන පලතුරු සහ එලවලු කිරන්න ඉන්නවා ඉතින් සුරූපී සහායිකාවක්..එතන එච්චර සෙනඟ නැති නිසාදෝ කොහෙද කම්මැලි කමේ ඈනුමකුත් ඇර ඇර..පව්..


"මේ  එක්ස්කියුස්,  මේ මිස් මේ පැපොල් වල ගාන ගහලා නෑ කීයද බලනවද ?"


අරින්න ගිය ඈනුම බාගෙට නවත්තලා මේ ළමයා මන් දිහාවට ආවා..


"පොඩ්ඩක් ඉන්න"


කියලා කවුන්ටරේට ගිහින් එතනින් ගනන් බලන් ඇවිත් මට ගාන කීවා.


"මේ මොනාද මේ කෙසෙල් ඇට නැති වර්ගයක්ද?"


මන් ටිකක් සීරියක් එකට ඇහුවා..


"ඔව් සර් අළුත් ජාතියක් වෙන්න ඇති...ම්ම්ම්ම් වෙන්න බෑ කොහොමත් කෙසෙල් වල ඇට නැහැනෙ"


මන් දැන් හිනාව බොහොම අමාරුවෙන් නවත්තා ගෙන ඉන්නවා.


"අර ගොල්ලො දන්නවද දන්නෙ නෑ"


අනේ පව් අර නිදිමතේ හිටපු ළමයා කවුන්ටරයට ගිහින් ආයිමත් ආවා..හැබැයි හිනා වෙවී..


"සර් ඔය අර ග්‍රේප්ස් සෙක්සන් එකේ තිබ්බ ස්ටිකර් වගයක්..ඒ සෙක්සන් එක ගිය සතියෙ පේන්ට් කරලා ඒවයේ අලුත් පේන්ට් එක උඩ ස්ටිකර් එක ඇලවෙන්නෙ නෑ"


මටත් බකස් ගාලා හිනා ගියා.


"ඒකයි ඔතන බාගෙට අලවලා තියෙන්නෙ..සර් මාව ජෝක් එකට ගන්න නේද ඇහුවෙ?"


"අනේ නෑ දරුවො මාත් හිතුවෙ මේ ඔය ගොල්ලො ළඟ අළුත් අළුත් පලතුරු ජාති තියෙන එකේ මොනා හරි අළුත් දෙයක් වෙන්න ඇති කියලයි"


මන් එතනම රාක්කෙ උඩ තිබ්බ හොඳට ඉදිච්ච පැපොල් ගෙඩියක් අරගෙන ඒකත් කිරවා ගෙන එතනින් පිටත් උනා.. ඔය සිද්ධිය නිසා වෙන්න ඇති අර දැරිවිත් මාව දිහා බලාගෙන මන් එතනින් යනකම්ම හිනා වෙවී හිටියා..ඔය සිද්ධියෙන් භාගෙට නිදිමතේ හිටිය මාත් ප්‍රබෝධ වෙච්චි..එහා පැත්තෙ ඉන්න මාළු සෙක්ශන් එකේ ඉන්න දෙන්නා එක්කමත් හිනා උනා. ඒ අය මන් නිතරම නොයනවා උනත්, මාව අඳුනනවා..කලාතුරකින් ගියත්..සාමාන්‍ය කස්ටමර්ස්ලා විදියට. පොඩ්ඩක් හිනා වෙච්ච මේ දෙන්නා ඊළඟ මොහොතේ හොඳටම හිනා උනා..මන් හැරිලා යද්දිත් බක ගාලා හිනා වෙනවා..ඊළඟ සෙක්සන් වල හිටි අයත් මාත් එක්ක හොඳටම හිනා උනා..මන් කල්පනා කලේ අර ළමයා ඔය චුට්ටට මන් අර ඇට නැති සීන් එක කියලා ඒ ලමයව මඩවපු එක කියලා ඒක දැන ගෙන හිනා වෙනවා වෙන්න ඇතියි කියලයි..


ඔය විනාඩියට ඒක අනිත් අයට කීව හැටි..මූණට හම්බ වෙච්ච කස්ටමර්ස්ලා දෙතුන් දෙනෙකුත් හොඳටම හිනා වෙනවා..යකෝ මන් මෙච්චර ෆේමස්ද අඳුනන්නෙනැති අය පවා හින් ආ වෙන්නෙ..? සිප් එක ඇරිලා වද්ද ?වෙන්න බෑ මන් ශර්ට් එක උඩුන් දමා ගෙන හිටියෙ ..සිප් එක ඇරුනත් පෙනෙන්න විදියක් නෑ ඒත්  හෙමිහිට සබන් සහ වොශින් පව්ඩර් තියෙන රාක්කෙ ළඟට ගිහින් ඒවා බලන විදියට ෆෝන් එක තියෙන අත හෙමිහිට යවලා සිප් එක හොඳට වැහිලා තියෙන බව සැක හැර දැන ගත්තා..


මාව දකින දකින අය මා එක්ක ද නැත්නම් මටද හිනා වෙන්නෙ කියලා හිතා ගන්න බැරි මොහොතක මන් අවශ්‍ය දේවල් ටික තෝරා ගෙන සල්ලි ගෙවන්න කවුන්ටරේට ආවා.. කවුන්ටරේ උන් දෙන්නා හොඳටම හිනා වෙනවා මන් දැකලා.. සුවර් ඒ නම් අර ඇට නැති කතන්දරේටම තමයි. මමත් හිනා වෙවීම සල්ලි ගෙවලා. තුන් රෝද රියකින් ගෙදරට සැපත් උනා..


මටත් හෙන ෆිට් සහ අමුතුම ප්‍රබෝධයක් හිතට දැනුනෙ..මොකද හරිම සතුටුදායක හෝරා කීපයක්නෙ ගෙවුනෙ..


මම මේ දවස්වල කන්නාඩිය ළඟින් යනකොට ළඟකදි ඉඳලා මට පොඩ්ඩක් අප්සට් විදියට ඉස්සරහට නෙරා එන බඩ දැන් අඩුවෙලාද කියලා බලන්න හැම වෙලාවෙම ටිකක් වෙලා නැවතිලා බලලා යන පුරුද්දක් ඇති වෙලා තිබ්බා.. 


මමත් සුපුරුදු විදියට නැවතිලා බැලුවා


හත් දෙයියනේ එතකොටයි දැක්කෙ..මොකද්ද








මම අර රාක්කෙ උඩ තට්ටුවෙ තිබ්බ පැපොල් ගෙඩිය ගන්න රාක්කෙට හේත්තු වෙලා අර ගන්න කොට රාක්කෙ පහල තට්ටුවක භාගෙට ඇලවිලා තිබ්බ අර ස්ටිකර් ටික මගේ ශර්ට් එකේ හරියටම පහල බට්න් දෙකක් විතර උඩින් ඇලවිලා තිබ්බා හරි අපූරුවට..


ඉතින් දකින හැමෝම හිනා වෙන එක පුදුමයක්යැ ?


ප.ලි - මෙම සිද්ධිය මට සිදුනොවූවත් කිසිවකු විශ්වාස නොකරන බැවින් එය එසේ නොලියා ඇත. 

82 comments:

  1. ඔන්න උඹ හැදාම අඩනවනේ අපේ එකේ එක වෙන්න කවුරුවත් නැහැ කියලා.. දැන් ඒක හරි...

    ReplyDelete
  2. මේක එහෙං පිටින්ම පොඩි ගැටයක්..
    මූට ඕන වෙලා තියෙනවා බුද්ධියට කියලා මේකගේ අර පොල්පොට් මූණයි බුරුසු රැවුලයි සහිත පිංතූරයක් අන්දව ගන්න... ඒකනේ මුලින්ම බුද්ධිට ගොනා ගොනා කියලා කේන්ති ගස්සවලා පටන් ගත්තේ...:D

    ඉතිං වෙනී අයියා අන්තිමට ගෙනාව ලබ්බෙවත් ඇට තිබුනැයි..?

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බන් බුද්ධිට ඕක කෙහෙල් ගහෙන් කඩුවෙන් කෙටුවා ගානට කීවත් වැඩක් උනේ නෑ මේ වෙනකන්..මොකද්ද අර ග්‍රැෆික් ටැබ්ලට් එකේද මොකේද එන පෑනෙ තුඩ ගෙවෙනවටත් පාඩුයි කියන්නෙ..මන් ඒක අතඇරලා දැම්මා..

      Delete
  3. යකෝ මං එකත් වෙලා..දෙකත් වෙලා ඔන්න එහෙනං තුනත් වෙලාම යන්න එකක්..:D

    ReplyDelete
  4. අඩේ බ්ලොග් එහෙකට තනියම කමෙන්ට් කරන එකත් හෙන ගති වැඩක්නේ..

    ReplyDelete
  5. ඒයි වෙනී අයියා..කෝ උඹවත් නැද්ද මාත් එක්ක කයියක් ගහන්න..?

    ReplyDelete
    Replies
    1. ඔහොම යන් ඔහොම යන් මාරයා මල්ලි.. යකඩෝ කවදාවත් නැතුව දමපු ගමන් කමෙන්ට් 7 දැකලා මන් උඩ ගිහින් බිමට වැටුනා.. :-D

      Delete
    2. අප්පට සිරි ... මාරයිය අද උදේ පෙත්ත අරන් නැතුවවත් ද?

      Delete
    3. නෑ මාරයා මල්ලිගෙ කම්පීතරේ කැඩිලලු...

      Delete
    4. අද මාරයා රෙකෝඩ් එකක් තිබ්බා.. බ්ලොගේ එක දෙක තුන හතර පහ සහ අනිතීමේ හය වෙනකම්ම තනියම කොමෙන්ට් කරලා.. මෙන්න වෙනි අය්යේ මේකාට මොකක් හරි දෙන එක හොඳයි..

      Delete
    5. බොලේ මෙන්න මාරයියා අද ඔක්කොම තෑගි අරන්.. අරහේ ප්‍රසන්න අයියහේ කේක් එකත් ඔක්කොම කල... :)

      Delete
    6. ක්සැන්ඩර් - ආයි හම්බ උනහම ඉතින් උම්මා 2-3ක් තමයි දුප්පත් මට දෙන්න තියෙන්නෙ..
      දීනෙශ් මාත් දැක්කා කේක් එක කාලා තිබ්බෙ ඉටිපන්දමත් එක්කමයි..

      Delete
  6. මේ දවස් වල බුද්ධි අයියටනං දෙයියංගෙ පිහිටෙන් හොඳ හොඳ චිත්‍ර අඳින්න පෝස්ට් සෙට් වෙන පාටයි. හිහ්.. කෝමද වෙනී මාමා පොලේ යයි කියල ‍චිත්‍රෙ එද්දි.. බුරුසු රැවුලකුත් එක්ක.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ මල්ලි බුද්ධි අඳින්නෙ එයාගෙ යාළුවන්ට විතරයිළුනෙ.. :-D (තවත් වෙනස් ට්‍රයි එකක්!)

      Delete
    2. අනේ බං බුද්ධියො ඔන්න ඔහේ ඇඳල දාහං බං. මොකෝ බුරුසුවක් අඳින එක ඔයහැටි අමරුය කියලය. තව ඕනෙ නං ඉටිකිරිස් ගෑණු ළමයෙක් ඇඳහං ඇට නැති ලබ්බක් අතේ තියාගෙන ඉන්න.

      Delete
    3. බුහ්හහ්හා..... මාරආතල් පොස්ට් එකේ වගේම කමෙන්ට් වලත් බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි බුද්ධි
      කියලා ලියවිලා තියෙන ‍කොට...

      එකම දේ කියවෙද්දි ඒක ඇත්ත වෙනවලුනේ...

      Delete
    4. නවම් මලයා මෙදා පාරනම් වැඩේ හරියන පාටයි..කෝමද මගේ ටිකිරි මොලේ...?

      Delete
    5. බුද්ධි මලයා අර 75න් 65 කම මතන තියෙන හැඩයි නේද ?

      Delete
    6. වෙනී අයියා කටකට!

      Delete
  7. හී... හී... මේක එක්කෝ අර සුරූපී ගෑනු ලමයා සමග ගත කල කාලය තුලවූ ප්‍රබෝධය නිසා හෝ බුද්ධි ලව්වා චිත්‍රයක් අන්දවා ගැනීම සඳහා කරන වෑයමක්සේ මමද දකිමි.

    ව්‍යාකරණ හරි නේද? :D

    ReplyDelete
    Replies
    1. ව්‍යාකරන නම් හරි ඇති..චික් දැකපු එක තමයි සවුත්තු.. (තැන්කූ තැන්කූ බුද්ධිට ඔහොම වටින් ගොඩින් කියලවත් බලමු හරියයිද කියලා නේද පොඩ්ඩි) :-D

      Delete
    2. ආයෙත් බුද්ධි..ඇඩෙනවා

      Delete
  8. Replies
    1. ඔව් මන් කෙසෙල් හරි ග්‍රේප්ස් හරි ගත්තෙත් නෑ..

      Delete
  9. මේ කෙසෙල් වල මොකෝ ඇට නැත්තෙ ? අර කලු පාටට සුටි සුටියට තියෙන්නෙ මොනවද ? ඒ ඇට තමයි.. හැබැයි කිලෝ එක 95/- ඒවනම් නෑ තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ සමහර සීනි කෙසෙල්වල තමයි තියෙන්නෙ එහෙම ඇට..

      Delete
  10. ඇත්තනේ ... මමත් අහන්න හැදුවෙ, කෙසෙල්වල ඇට තියනවනේ.

    ReplyDelete
    Replies
    1. ඒ ඇටි කෙහෙල් නේද ? ඒවා සුපර් මාකට්වල නෑ..

      Delete
  11. ඔන්න බලන්නකෝ වෙනි අයියේ ඒකෙත් හැටි....! දෙයියෝ බලලා වගේ ඇත්තම ඇත්ත ලේබල් එකක් ඇලවිච්ච හැටි නේද ?

    අර බඩ බලන වෙලේ පොඩ්ඩක් උගුරත් පාදලා කරලා බලහං අර කිඹුලගේ වගේ උඹේ වොයිස් එකත් වෙනස් වෙලාද කියලා......?

    ReplyDelete
    Replies
    1. කිඹුලයෙ කතාව දන්නෙ නෑ බන්..නැත්නම් මේ වෙලාවෙ මීටරේට එන්නෙ නෑ..වොයිස් එක නම් තාමත් ලාමක ටිං ටිං එකම තමයි මලේ..ආහ් වොයිස් එක ගැන කීවහම කතා සෙට් එකක්ම මතක් උනා..මගේ වොයිස් එක නිසා වෙච්ච..හිටින්කො ඒ ටිකත් ලියන්න..

      Delete
    2. ආහ්.. හරි හරි... වොයිස් එක ලාමක ටිං ටිං නම් බඩු හරි...! ලේබල් එක ඔහොම්මම තියෙන්න ඇරහං....!

      Delete
    3. ඒක විසික්කා කරා ඒ වෙලාවේම!

      Delete
  12. අනේ මන්දා බං මේ දවස්වල මේ බ්ලොග් ලියනවුන්ට මොන්වා වෙලාද කියලා.. අර සයිබර් යායෙ කා‍ටුන් එකක් ඇඳලා කියනවා ඔය සබ්ජෙක්ට් එක කිලෝව 95ය් කියලා. උඹ කියනවා උඹේ ඒ සබ්ජෙක්ට් එක හැලිලය කියලා. අනේ මන්දා.

    පහුගිය කතාවෙ වගේම මේකෙනුත් හෙලිවෙන්නෙ වෙනියගෙ රොයිටර් ගතිය තමයි. මගුලටයැ සුපර්මාකට් එකට යන එකා එතන ඉන්න ස්ටාෆ් එකට පැණි හලන්නෙ.

    උඹ ඔය පිබිදීම කියන වචනෙ පාවිච්චි කරන්න පොඩි කුමාරිහාමිගෙන් අවසර ගත්තද? නැත්නං දැම්මම ගනිං. නැත්නං ඔය ස්ටිකර් එකේ ගැහුව එක ඇත්තවෙන්න වැඩි වෙලාවක් යන එකක් නෑ.


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මක් කරන්නද වෙන දෙවල් වලට..
      මනුස්සකමට නොවැ හිනා වෙලා කතාබහ කලේ..
      මගේ පිබිදීමට මන් වෙනම පේටන්ට් ගන්නවා ! :-D

      Delete
  13. ඇටනම් නැති උනත් ගෙඩි ටික පරිස්සමට ඇතිනම් මදැයි.. ඔය ස්ටිකර් එක ඇලවෙන්න තරම් එතෙන්ට හේත්තුවෙලා මොනවයි කලේ ?.

    ReplyDelete
    Replies
    1. ඇයි සරත් අර රාක්කෙ උඩම තිබ්බ ගස්ලබ්බ ගන්ඩ ගියානෙ හේත්තු වෙලා...

      Delete
  14. මේ ලංකාවේ සුපර්මාකට් වල ෂෙල්ෆ් එජ් ලේබල් එක අලවනවද? එකනේ මේ වැඩ වෙන්නේ..
    (රහසින්)(මම හිටියනම් හිනාවෙන්නේ බිම පෙරලිලා)

    ReplyDelete
    Replies
    1. ඒකත් අලවන එකා බාගෙට නෙ අලවලා තියෙන්නෙ !

      Delete
  15. 1//එතන තියෙන බඩු කන්දරාව දැක්කහම....
    2. වැඩ කරන ළමයි එක්ක පොඩ්ඩක් කතා බහ කොරන කොට...//

    ගන්න ආපු බඩු අමතක වෙන්නෙ දෙවෙනි කාරනේ නිසා බව ස්ථීරවම තහවුරු වුනා.

    //"අනේ නෑ දරුවො.....//

    .......අම...මේ....ඉතින් ඉන්නවෑයින්නෙ......:P

    ReplyDelete
    Replies
    1. සිරාවටම සුමිත් ඔතෙන්ට ගියහම තියෙන බඩු ගොඩ දැකලා අවශ්‍ය ඒවයි අනවශ්‍ය ඒවයි සේරම උස්සගෙන එනවා..ඒකයි වෙන්නෙ..හැමදාම එතනටම යන නිසාදෝ මන්දා ඒ සෙට් එකම මාව දන්නවා..
      :-D

      Delete
  16. සිකේ විලි ලැජ්ජාවේ බැහැ ඇට නැත :D

    ReplyDelete
    Replies
    1. මලයටත් ඔච්චරම නම් ඉතින්..

      Delete
  17. අම්මපා මදැ උඹ අර දැරිවිව හිනස්සන්ට ගියා...දැන් ඉතින් උඹ උඹටම හිනාවෙයං හිකිස්...

    ReplyDelete
    Replies
    1. මට උනොත් වෙන්නෙ ඔය වගේ ඇබැද්දිමනෙ...

      Delete
  18. //අනේ නෑ දරුවො මාත් හිතුවෙ මේ ඔය ගොල්ලො ළඟ අළුත් ...//

    දැං ඔහොම ලිව්වම වෙනි අයිය ඒ ළමයට පැණි හැළුවෙ නෑ කියල අපි විස්වාස කරයි කියලද හිතන්නෙ ? අපි නොදන්න වෙනී.

    ඇට නැත්නං ඉතිං වෙඩි තිබ්බට බය වෙන්න දෙයක් නැ බං අයියෙ. අර ගෑණු ළමයි හිනා උනේ වෙඩිකන්න ආසාවෙන්ද දන්නෙත් නෑ. ආයෙම දවසක් ඒ පැත්තෙ ගියානං...

    ReplyDelete
    Replies
    1. හනේ නවම් කියන මුසාවාද ! මන් දුහිතෲ ප්‍රේමයෙන් මුසපත් වෙලා හිටියෙ..
      දෙවැනි කාරනය....හ්ම්ම්ම්ම්හ්ම්ම්ම් දැන් තමයි පොඩ්ඩක් පොඩ්ඩක් මීටර් වේගෙන එන්නෙ..!

      Delete
  19. ඉතින් ඕක ලැජ්ජ වෙන්න දෙයක්යැ වෙනි අයියේ ? ඇත්ත ඉස්ටිකර් එකනේ වැදිලා තියෙන්නේ වැරදිලා හරි ...

    ReplyDelete
    Replies
    1. හිකිස්..එහෙම නෙවෙයි රස ගුණ පිරි වගේ ස්ටිකර් එකක් තමයි ඇලවෙන්න තිබ්බෙ...

      Delete
    2. හෙහ් හෙහ් අන්න නියම රිප්ලයි කොමෙන්ට් එකක් කාලෙකට පස්සෙ දැක්ක. :D

      Delete
  20. දැන් ඔය “ගොනා“ අනිනවා කියලද කියන්නෙ වෙනීටත්?..!!!
    මෙච්චර උත්සාහයක් දරලත් බැරි වුනොත් වෙනී කියලා වැඩක් නෑ..
    මම එහෙම වුනා නම් ආයෙ යන්නෙත් නෑ කෙහෙල් කොටුව පැත්තෙ..!!

    හොඳ උත්සාහයක් කියලා තමයි කියන්න වෙන්නෙ..මාත් ට්‍රයි කොරලා බලන්නෝනැ..

    ReplyDelete
    Replies
    1. මෙදා සැරේ නම් වැඩේ සරි සරි වගෙයි රූ..

      Delete
  21. සවු වගේද දන්නේ නෑ නෙහ්...?

    ReplyDelete
    Replies
    1. හරිම පවු මන් නම් කියන්නෙ !

      Delete
  22. අනේ මන්දා අප්පා... හිකිස්... :-)))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හිනා වෙන්න එපා අප්පා මනුස්සෙක් අමාරුවෙ වැටුනහම !

      Delete
  23. ඇට නැති බේබි නාරං වගේ තමා නේ

    ReplyDelete
    Replies
    1. හනේ ඩිලාට උත්තරයක් ලියල නෑ.. මට ෆුල් අප්සට් දැන් මොකක් කරන්නද ?

      Delete
  24. *හැමදාම - මොකද මල්ලි කලබල.... එක නැති වෙයි කියලා බයද:P

    ReplyDelete
  25. මගේ නම මේ පෝස්ට් එක ඇතුලේ 75 පාරක් ලියවිලා. ඇඩෙනවා. ටැංකු වෙනී අයියා. ළඝධීම ඔබට හිමි තෑගි බවුසරය නිවසට පැමිණෙවි. ලිපිනය ලියු ලියුම් කරවරයක් සමඟ මොනරු කිහිපදෙනෙක් (තමන්ට හැකි අයුරින්) අමුණා එවන්න. අපෙන් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. මොනරු කොහේද බං අමුණන්නෙ. කූඩුවක් යවපං, ඇතුලට දාල එවයි. ඇයි සෙබඩ එපා ද? එකෙක් හරි ගනිං, නැත්නම් මොනරුන්ට පාළුයිනේ ...

      Delete
    2. දැන් ඉතින් මොනරු ඉන්න පැත්තක මලයෙකුට බටර් පාරක් ගෑවනම් කොහොම හරි ඔය කියන මොනරු 2-3න් දෙනෙක් මෙහෙට පංගාර්තු කර ගත්තැහැකි..වැඩේ කෙරුනා කියලා ලියා ගන්ඩකෝ බුද්ධි මලයා.. :-D
      DDT -මට මැරියන්ගෙනුත් කොසු පාරක් කන්න වෙන වැඩක්ද මන්දා

      Delete
  26. Replies
    1. නැට ඇත උනොත් නරකද ?

      Delete
  27. ඔක්කොම තේරුනා එත් මට මේක තේරුනේ නෑනේ "මෙම සිද්ධිය මට සිදුනොවූවත් කිසිවකු විශ්වාස නොකරන බැවින් එය එසේ නොලියා ඇත."

    ඇට නැති වුනාම රහයිද වෙනී අයියේ ?

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ ඕක පාලයියට හරි සේනයියට හරි උනා කියලා ලීවොත් අපේ මේ සෙට් එක පිලි ගන්නෙ නෑනෙ අප්පා..
      ඇට නැති ඒවා රසයි !

      Delete
  28. බුද්ධි අයියේ මෙන්නෝ... තව සුපර්මාකට් කතාවක්..... :)

    හොද වෙලාවට තුන් රියක නැගලා ගෙදර ආවේ.. කොහොමද බස් එකක වගේ ආවනම් එහෙම... :)

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ් මලයා බුද්ධි මලයාව පොළඹවන්න උද්ඝෝශන කරන්න වෙලා..
      හෆොයි හොඳ වෙලාවට බස් එකේ නාවෙ..!

      Delete
  29. ඒකත් අලුත් ජාතියක් වෙන්ටැති නේ.(ඇට නැති වෙනී අයියා)

    ReplyDelete
    Replies
    1. ස්ටිකර් එක ඇලවෙච්ච තැන තමයි නරක !

      Delete
  30. සුපර් මාකට් සාදයක්....
    මෙන්න ලිපි ලියන්න බොලොග් කාරයන් සුපර් මාකට් ව්ලට ගොඩවෙන්න

    ReplyDelete
    Replies
    1. සුපර් මාර්කට් වල වෙන්න පුළුවන් රසවත් සිද්ධි ගොඩයි !

      Delete
  31. //වැඩ කරන ළමයි එක්ක පොඩ්ඩක් කතා බහ කොරන කොට ගන්න ආපු බඩු අමතක වෙන නිසා. //

    බඩු විතරක් නෙමෙයි සන්තකේටම තියෙන දේවලුත් අමතක කරගෙන ඇවිල්ලනේ ඒ මදිවට ස්ටිකර් එකකුත් ගහගෙන...

    කියෝගෙන යද්දි මට හිතුනෙම අර කෙල්ල ෂේප් එකේ ස්ටිකර් එක වෙනි අයියට අලවන්න ඇති කියලා...

    ඒක නෙමේ වෙනි අයියේ මේ සැරේ සුපර් මාර්කට් යද්දි රැවුල කපාගෙන ගියේ බුද්ධි අයියා මොනා හරි කියලා සිත්තරයක් අඳියි කියලා හිතාගෙනද?? නැත්තම් රැවුල මාර්කැට් එකේ දාලා ආවද??

    සිත්තරේ මාර ලස්සනයි බට් රැවුල නැත..........

    ReplyDelete
  32. හික්ස්. ඇඬෙනවා දාලා.....

    ReplyDelete
  33. මං නං දැක්කේ මෙච්චරයි!

    1. ....ඔය සිද්ධියෙන් භාගෙට නිදිමතේ හිටිය මාත් ප්‍රබෝධ වෙච්චි.....

    2. ....මටත් හෙන ෆිට් සහ අමුතුම ප්‍රබෝධයක් හිතට දැනුනෙ....

    ReplyDelete
  34. ඇට නැති වුනාට කෙසෙල් ගෙඩිය තියෙනව නං ඒ මදෑ!

    ReplyDelete
    Replies
    1. වේගෙන යන ඇබැද්දි වල හැටියට ඒකත් තියේද සැකයි කතන්දර !

      Delete
  35. ඇට නැති කෙහෙල් වලට කැමති උදවිය ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ආ ... මේ ඉන්නෙ ඇට නැති කෙසෙල් ලෙලි ගහපු කට්ටිය, අත්දැකීමෙන් ම වෙන්ටැ.

      Delete
    2. අනේ මන්දා මන් නම් ඇට තියෙන කෙසෙල් වලට කැමති නෑ !

      Delete
  36. ඇට නැති "වෙනි" සොරි කෙසෙල්.

    ReplyDelete