ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, June 6, 2012

බාගෙට කාපු වැල, 18+



"ඔය බලහන් ඔය ටොපික් එක දමපු ගමන්ම ටොපික් එක කියවන අය නොමඟ යනවා"


"ඒ ඇයි නොමඟ යන්නෙ ? ඉතින් මේකෙන් කියන්න හදන්නෙ ඒ වගේ කතාවක්නෙ.."


"උඹ බබා අනේ ෆල යන්ඩ ගහ ගනින් සූප්පුවක් කටේ"


"හරි ඉතින් උඹලා නොදන්න දෙයක් ගැන ඇහුවහම කියලා දෙන්නෙත් ඔහොම නම් ..ඔහොම යාළුවො 10ක් 15ක් කපා ගන්ඩ බැරියැ පොල්පිත්තකින්"


"කපා ගන්ඩ ඕනි එක මන් කියන්නෙ නෑ උඹට.. අඩෝ ඔය මඟුල් ටොපික් එක කියවපු ගමන්ම ඕනි කෙනෙකුට හිතෙන්නෙ මේ පෝස්ට් එක කුණුහරුප කතාවක්ය වගේම මේක බලන්න සුදුසු වයස 18 පැනපු අයට විතරයි කියලනෙ"


"ඈ එහෙමද ? මේක ඇත්තටම අපි 18 පැනපු කාලෙක වෙච්ච බාගෙයක් විතරක් කන්ඩ ලැබිච්ච වැලයක් ගැනනෙ කියන්නෙ.."


"උඹ ඕනි මඟුලක් ලියා ගනින්.. අපිට බෑ උඹ එක්ක තර්ක කරන්න..අර අපේ ලොකු අයිය කියන කතාව ඇත්ත තමයි"


"මොකද්ද ? මොකද්ද ? උඹලයෙ ලොකු අයියා මන් ගැන කියන නසරාණි කතාව ?"


"උඹ ගැන නෙවෙයි යකෝ..මන් ගැන, මොනා හරි කතා කරලා දිනන්න බැරි උනාම කියන්නෙ පණ්ඩිතයො දාහක් එක්ක කතා කරලා දිනන්න පුළුවන් ඒත් එක මෝඩයෙක් එක්ක කතා කරලා දිනන්න බෑයි කියලා..මන් යනවා යන්ඩ"


මන් කට ඇරගෙන බලන් ඉද්දිම මගේ අතීසාර මිත්‍රයා මාව තනි කරලා යන්ඩ ගියා..මොනවා කරන්නද ඉතින් හොඳට නරකට සේරටම ඉන්න යාළුවන්ගෙන් එකෙක් වෙච්චි..මොනා කීවත් මමත් ඉවසන් ඉන්නවා ඔන්න ඔහේ ඇඟෙ වදින එකක්යැ කියන වචන නම්..


ඉතින් ඔය වාදෙ ගියේ මන් මේ ලියන්න පෙරුම් පුරන අළුත් පෝස්ට් එකේ මාතෘකාව දැකලා තමයි..
-------------------------------------------------------------------------
මෙන්න එහෙනම් නිදාන කතාව...


අපි සා.පෙ කරලා ප්‍රථිපල එනකන් ගත කලේ මාර ජොලි කාලයක් තමයි..උදෙන්ම ගෙදරින් එලියට යනවා, ආයි එන්නෙ ආපහු රෑ ජාමෙ තමයි. අම්මලා තාත්තලා ඔහොම රස්තියෙ යන එක ගැන අවවාද දීලා දීලා ඇති වෙලයි තිබ්බෙ..ඒ නිසාම ඊට වඩා දෙයක් කීවෙම නෑ..


ඔය වගේ දවසක අපි හවස් ජාමෙ සෙල්ලම් කරලා ඉවරවෙලා හවස 5ට විතර ඇති..අපේ සෙට් එකටම බඩ ගිනී හොඳටම..ගෙවල් වල රෑට උයලා කන්නෙ රෑ 8ට අට හමාරට විතර නිසාත් ඒ වෙලාව වෙනකන් ඉවසන්න බැරි උන නිසාත් බඩ පුරව ගන්න ක්‍රමයක් කට්ටියම කතා වෙනවා දැන්..


ආපු දහසක් යෝජනා අතරින් හොඳම එක විදියට තෝරා ගත්තෙ රබර් වත්ත පාමුල කැලෑවෙ තිබ්බ වැල ගහේ වැල කමු කියන එකයි.. කඩෙන් හොරෙන් හුලන් විස්කෝතු කමු,..... ආරොං සිඤ්ඤො මාමගෙ පැලේ උයලා තියෙන ඒවා හොරෙන් කමු,..ගම පාමුල තිබ්බ සිරියා නැන්දලගෙ ගෙදර උයලා ඇති කියලා හිතෙන කෑම කමු,..... වගේ යෝජනා පස්සට කල් තැබුනා..


ඔය කියන කොස් ගහ අති විශේශ කොස් ගහක් තමයි. මොකද අවුරුද්ද පුරාම මේ කොස් ගහේ පොලොස්, මැල්ලුම් පොලොස්, කොස් සහ වැල වරදින්නේම නෑ. ඒ නිසාම ගමේ හැමෝම දන්නවා මේ කොස් ගහ. මේක තිබ්බෙ අක්කර ගනනාවක් වෙච්ච පාළු රබර් වත්තක මායිමේ තියෙන වත්තක. කොස් ගහ හොඳට අතු පතර විහිදිලා ගිය ගහක්. අහල පහල තියෙන නා නා ප්‍රකාර ගස් වලින් වැහිලා තියෙන නිසා මේ ගහ තියෙන හරිය දවාලකට උනත් හරිම පාළුයි. කළුවරයි..


"සුනිලො ගිහින් අරන් වරෙන් ලුනු ටිකක්"

අණ ලැබිච්ච සැනින් සුනිල් කලේ අතර මග තිබ්බ උන්ගෙ ගෙදර තිබුනු ලුනු පොල් කට්ටම උස්සන් ආපු එක..

"යකෝ ගෙදර අය රෑට මාලුවලට ලුනු දාන්නෙ කොහොමද?"

"ආයි පොල්කටු නෑ කියලද ගෙදර ? අළුත් එකක් හදා ගන්නැතැයි.."

සුනිල් එහෙම කීව නිසා ඊලඟ විනාඩියෙදි අපි සේරම කොස් ගහ උඩ.

අතු පතරෙ තිබ්බ ගෙඩි අතරින් හොඳම වැල ගෙඩිය අපිට හම්බ උනා..අපේ අජියගෙ හැම වෙලාවෙම ඉනේ තියන් ඉන්න පිහිය අරන් වැල ගෙඩිය ගහේ තියෙද්දිම හෙමිහිට කොස් කටුව කපලා අයින් කර ගත්තා..දැන් වැල මදුළු ටික හැන්දෑ ඉරු රැස් වැටිලා දිලිසෙනවා. කොස් අතු දෙබලෙක රඳවපු ලුනු පොල් කට්ට ..අපි එක එක වැල මදුල ගලවන් ලුනු පොල් කට්ටෙ ඔබා ගෙන කන්න පටන් ගත්තා.. වැල කන කොට කතා කරන්න එච්චර බැරි නිසා වෙන්න ඇති අපි බොහෝම නිහඬව, සාන්ත දාන්තව තමයි ඔය වැඩේ කලේ..





ඔය අතරෙ අජියා අපිට ඇඟිල්ලෙන් ඇන ඇන කොස් ගහ පාමුල පෙන්නුවා.. අප්පට සිරි සෝමෙ අක්කා පොඩි පහේ කෙක්කක් අරන් එනවා කොස් ගහ දිහාවට සුවර් එකටම ගැට පොලොස් කඩන්න තමයි. අපි කට්ටිය නිහඬ එකඟතාවයකට ආවෙ සෝමෙ අක්කා ගැට පොලොස් කඩා ගෙන ඉවර උනහම කොස් ඇට වලින් ගහලා හූ තියලා බය කරමු කියලයි.

මොකද සති කීපෙකින්ම ගමේ ගොඩේ තොවිලයක් කාරිය තිබ්බෙත් නෑ.. අපි දැනන් හිටියා හොල්මන් වලට බය වෙනවට වඩා මිනිස්සුන්ට බය උනහම ඒක අයින් කරවන්ඩ අමාරුයි කියලා..ඒ එක්කම හැමෝගෙම ඔළුවට ආවෙ ඊට මාස කීපෙකට ඉස්සර අරඹෙ තිබ්බ සොහොන් පොල ළඟදී බය වෙච්ච සොපි නැන්දා ගැන. ඔය බය වෙන්ඩ ඉස්සෙල්ලා සොපි නැන්දා කඩේ ගිහින් හැන්දෑවෙ හය හමාරට විතර ආපහු ගෙදර යන වෙලාව ඒ වෙලාවෙ සොපි නැන්දාගෙ ඇඟ ළඟින් හූ තියා ගෙන හෙලි කොට්ටෙන් දුවන් ගිය යක්කු දෙන්නා කවුද කියලා නැන්දට මතුරලා තොවිල් කරපු කට්ටඩි මාමාටත් වඩා අපි සෙට් එක දැනන් උන්නා..


අතු පතර විහිදිලා ගිය අත්තක හිටි නිසා සෝමෙ අක්කාට අපිව කොහොමත්ම පේන්නෙ නෑ. අපිත් දැන් කාපු වැල මදුළු වල කොස් ඇට 3-4 අතේ තියන් දත කට මැදන් ඉන්නවා හූ තියලා කෑ ගහන්න..අක්කා කඩා ගත්තා ගැට පොලොස් ගෙඩි දෙකක් මෙන්න තව එකකට කෙක්කෙන් අනිනවා..ඒ එක්කම අපේ ගෙවල් ළඟ හිටපු සුනිල් අයියා කොහෙන් ආවද මන්දා සෝමෙ අක්කව අල්ලා ගත්තා..සෝමෙ අක්කත් කෑ ගහන්නත් හදලා ආයිමත් සිරික්කිය දමලා මොන මොනවද කුටු කුටු ගෑවා..


කතා කරන්නෙ මොනාද කියලා අපිට ඇහුනෙ නැති තරම් ඈත උඩ කොස් අතු උඩ හිටි අපිට ඒ දෙන්නගෙන් අංග චලනයන් වලින් තේරුනා ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්නද නැද්ද කියලා..අපිත් දැන් ගල් ගැහිලා ඉන්නවා..සුනිල් අයියා තව ගැට පොලොස් ගෙඩියක් කඩලා දුන්නා..දෙන්න එක්කම දැන් හොරෙන් හොරෙන් ආවෙ හරියටම අපි ඉන්න කොස් අත්ත යට හරියටමයි..මොකද ඒ හරිය ටිකක් එලි පහලි වෙලා තිබ්බෙ..අපිටත් උනේ අර මොකාටද උනා වගේ වැඩක්..සුනිල් අයියා අපිව දැක්කට ගානක් නැති උනාට සෝමා අක්කා දැක්කොත් එයාට හොඳ නෑ මොකද සෝමා අක්කගෙ නංගිගෙ පුතා අපි එක්ක එතකොටත් ගහ උඩ නිසා..


දැන් පහල ජෝඩුව පෙම් කෙලිය පටන් ගන්න ඔන්න මෙන්න..අපිත් නොසොල්මනෙ ඉන්නවා..අජියට ඕවා එච්චර ගානක් ඇති දේවල් නෙවෙයි වගේ මෙන්න මූ වැල කන්ඩ පටන් ගත්තා..අපි පහල බලනවා එකිනෙකාගෙ මූන බලනවා..මන් ළඟ හිටි නිමලයා වැල මදුලක් ගලවා ගත්තා පහල සීන් එක බල බලාම වැල මදුල එබුවා ලුනු පොල් කට්ටෙ..හුටාහ් අහක බලාගෙන එබුව මුගේ අත වැදිච්ච ලුනු පොල් කට්ට රඳවලා තිබ්බ දෙබලෙන් පැන්නා අහකට..පහල අතු පතර වල හැපි හැපි මේක වැටුනේ පහල හිටි ජෝඩුවෙ ඇඟටමයි.


හිර කරගෙන හිටි හිනාවත් එක්කම අපි සේරටම බිම බැලුනා.. මුලින්ම ඇඟට වැටිච්ච ලුනු වතුර ටිකත් එක්කම ගැස්සිලා දෙපැත්තට උනු දෙන්නා ඉඳ ගෙන හිටි පැත්තකට දොග් ගාලා වැටිච්ච ලුනු පොල් කට්ට අතට ගත්ත සුනිල් අයියා ටුක් ගාලා උඩ බැලුවා..අපේ සෙට් එකේම කකුල් දැක්කා විතරයි අපි දුටුවෙ සුරුශ් ගාලා දුවපු සුනිල් අයියාවයි. එතකොටත් සෝමා අක්කා සහ ගැට පොලොස් ගෙඩි තුන අපේ දෑස් මානයෙන් අතුරුදහන් වෙලයි තිබුනෙ..



කවුරු පටන් ගත්තද මන්දා හු කියලා පටන් ගත්ත හූවයි හිනාවයි ඉවර උනේ විනාඩි 2-3කින් ගහ යටින් ඇහිච්ච අමු තිත්ත කුනු හරුප වරුසාවෙන්මයි.පස්සෙ කීවෙ අපි හූ තිය තියා හිනා වෙන අස්සෙම ආයි ආපහු ආපු සුනිල් අයීයා දමලා දිව්ව සරමත් ඇඳ ගෙන ගහ මුලට ආව කියලා..


"බැහැපියව් සේරම ගහ මුලට"


අඩි එකහමාරක් විතර දිග හැන්දෑ අව්වට දිලිසෙන උල් පිහියක් වන වනා දැන් සුනිල් අයියා අපි දිහාවෙ බලන් ඉන්නවා..



"එක @##$%$# ක් හරි මේ කතාව ලීක් කරලා තිබ්බොත් පෙති ගහනවා කොස් ගෙඩියක් වගේ..තේරුනා නේද තොපිට?"


ඔව් කියන්නැහේ අපිත් එකා දෙන්නා එතනින් හෙමිහිට මාරු උනා. ඒ උනාට ඔය කතාව ගමේ ප්‍රචාර වෙන්න වැඩි කාලයක් ගියේ නෑ.. එක දවසක් අජියාව අල්ලා ගෙන ඕක අපේ සෙට් එක ලීක් කරා කියලා සුනිල් ගහන්න ගියා කියලා අජියා කීවා,


"උඹලා වෙන කොහේ හරි ඉන්නවා දැකපු වෙන එකෙක් ඕක ලීක් කරන්න ඇති"


අජියා එහෙම කියලා ශේප් වෙලා තිබ්බා..


අපිට ඒ දවස් වල තිබ්බ හෙනම අප්සට් එක තමයි අච්චර ශෝක් වැල ගෙඩියක් හම්බ වෙලාත් අපිට කන්න පුළුවන් උනේ ඒකෙන් බාගයයිනෙ කියලයි..





නිමි..



73 comments:

  1. අපොයි වැල.... භාගයයි නේන්නම් කන්න වෙලා තියෙන්නෙ...:D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අපිට මෙච්චරම කේන්තිය ඔය ගැන...

      Delete
  2. "එක @##$%$# ක් හරි මේ කතාව ලීක් කරලා තිබ්බොත් පෙති ගහනවා කොස් ගෙඩියක් වගේ.."

    :D :D :D

    වෙනි අයියත් ඒ කාලේ නිකංම ඉඳලත් නෑ නේද?? ;)))

    ReplyDelete
    Replies
    1. ඔව්වා ඉතින් පොඩි කාලෙ ඉඳන්ම අද දක්වාම තියෙන දේවල්නෙ..

      Delete
  3. ඕං මමනං නොමග ගිහින් ආවේ..
    ශික්කේ තව ටිකක් ගහ උඩ ෂේප් එකේ හිටියනං වැලක් බලාගන්න තිබ්බා ලයිව්.... :-) :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොහෙද අෆ්ෆා අර අජියට ඔය අව් අස්සෙ වැල කන්නත් ඕනා උනානෙ...

      Delete
  4. වෙනී අයියලගෙ සෙට් එකට ඒ වගේ සීන් එකක් බලා‍ගන්නවත් ඉවසීමක් නෑනෙ. ඒ අස්සෙ වැල කන්න යන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය බූරුවා කලොත් ඔහොම වැඩක්මයි මල්ලියෙ..තව කතා තියෙනවා ඌ නිසාම චාටර් වෙච්ච !

      Delete
  5. ඒ කාලේ ගස් උඩ ඉඳල වැල බලන්න සිද්ධ වුනත් පස්සෙන් පහුවට වැල වල සීඝ්‍ර දියුණුවක් ඇති වුනා නේ...

    ඒ වගේම අර වගේ බාධා කරන්න හොඳද මන්දා :D :D

    අපේ එවුන් ටිකක් වැල කාමරයක් ඇතුලට රතිඥ්ඥා වැලක් දාලා තිබුනා. කැත වැඩේ කාමරේ හිටියේ අළුත බැඳපු ජෝඩුවක්‌..

    ReplyDelete
    Replies
    1. අපි නම් බාධා කලේ නෑ..අපි වැල කෑ එකටනෙ ඒ අය බාධා කලේ...

      Delete
  6. තව පොඩ්ඩෙන් මේ පොඩි කොල්ලෝ ටික නරක් වෙනවා :D

    ReplyDelete
    Replies
    1. ඔව් කියන්නෙ තව චුට්ටෙන්..හැබැයි එතකොටත් පොඩියක් වගේ නරක් වෙලා තිබ්බත් එක්ක..

      Delete
  7. අපරාදේ අමු ලයිවු වැලසීන් එක වැලේට තිබ්බ කෑදරකමට බලාගන්ඩ බැරි උනානේව...අරූගේ කටේ වැල මදුලක්ම ඔබන්ඩ එපැයි..වැලේ වැල් නැතුව කොල්ලොටික වල් වැදුන නේව..වැල් පොට.....වැ..හිග්..වැල...හිකිස් පට්ට සීන් එක වෙනී අයියේ...

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් මලයා, බලන්න එක නසරානියෙක් හිටියම හොඳටෝම ඇති සීන් ඒ අප්සට් යන්න..

      Delete
  8. අපරාදේ වැල භාගෙ.... ඒ ටිකත් කා ගන්න තිබුන නම් ගහ දිගේ ලෙස්සලා බහින්න තිබුනා....

    ReplyDelete
    Replies
    1. ඒකෙ දෙකක් නෑ මලයා..

      Delete
  9. ඊයේ බුකියේ දාල තිබ්බ මාකටින් පාරට අද ඇනෝ ඇවිල්ල කොමෙන්ටුවක් කොටන්න හිටියේ කොහෙද කෙලින්ම පාඨකයොන්ව නොමග යවලානේ සික් ...

    ReplyDelete
    Replies
    1. මන් නම් නෙවී..මාරය තමයි ඒම කලේ..

      Delete
  10. ලුණු පොල්කට්ට හලා නොගත්තනම් මුලු වැල ගෙඩියම කනවනෙ ..! ඒකෙන් වුනේ අපිටත් බාගයයි හම්බුනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අපිත් පස්සෙ ඌට බැන්නා ලුබු පොල් කට්ට දිහා බලාගෙන වරකා මදුල ඒකෙ එබුවා නම් වැඩේ ඉවරයි...

      Delete
  11. හි හී ....මෙවා ඇත්තටම වුන දේවල්ද අප්පා...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ආයි බොරුයැ ?

      Delete
  12. ඔය ලුණු ගේන අයිඩියා එක දුන්නෙ මොකා ද? ලුණු නැතිව වැල කෑවනම් ගෙඩියම කන්න තිබුණ. ෂික් ... අතට ගත්තු දේ කටේ දාගන්න පින නෑ මුන්ට.

    ReplyDelete
    Replies
    1. වැල රසම ලුනු එක්ක තමයි..නැත්නම් නියම රහ එන්නෙ නෑ..

      Delete
  13. මේ සීන් එක ලීක් කලේ කවුද කියලා මේ පෝස්ටුවෙන්ම ඔප්පු වෙනවා..!!
    කොහොමවුනත් මාතෘකාවට අනුකූලව ලිවීම ගැන නම් ස්තුතියි.. :D

    ReplyDelete
    Replies
    1. සිරාවටම ඒ දවස්වල ඕක ලීක් කලේ අජියම තමා.. අපි ඉතින් සාකි වශයෙන් ඒක තහවුරු කලා

      Delete
  14. නොදකිං මුන්නෙ තියන දාංගලේ. ගහක් උඩට වෙලාවත් අතක් පයක් එක විදියකට තියාගෙන ඉන්න බැරි හැටියක්

    ReplyDelete
    Replies
    1. ඔය ටිකම කියලා අපි අරෘට බැන්නා මල්ලි අපිටත් අප්සට් ඉතින්..

      Delete
  15. වරකාමද වැල වෙන්නේ? නැත්නම් වැල හැදෙන්නේ වෙනම කොස් ගස් වර්ගයකද? දන්නේ නැති හින්දයි අහන්නේ හොඳේ.:)

    ReplyDelete
    Replies
    1. වරක කාලයක් යනකොට වැල .... ආ... නෑ නෑ වරක හැදෙන්නෙ වරක ගස්වල වැල හැදෙන්නෙ වැල ගස්වල. ඉතාම කලාතුරකින් තියෙන්න පුළුවන් ඔය දෙකම එක ගහක. :)

      Delete
    2. අඩේ ... පොඩ්ඩිව දැනුවත් කොරන්න මගේ කට කහනව. ඒත් ඕනි නෑ අෆ්ෆා. :D

      Delete
    3. ආ ... රාජ් විනාඩි දෙකක් ඉස්සරවෙලා නේ. මම නම් පැහැදිලි කොරන්න හැදුවෙ ඔයා අර වැරදිල කියපු එක ගැන.

      Delete
    4. අවුරුදු 18 ඉදන් 40 විතර වෙනකන් තමයි පොඩ්ඩි වරකා... එතනින් එහාටනම් ගොඩාක් වෙලාවට වැල...

      Delete
    5. පොඩ්ඩිට උත්තරේ ලැබිල තියෙනවා හොඳටම..

      Delete
  16. නොද්දකින් විතරක්! එකෙකුටවත් හරියට වැල කන්න ලැබිල නෑනෙ. හොරාට වැලකන එකාට ලුණු දෙන්නෙ අහවල් එකකටද?

    ReplyDelete
    Replies
    1. ලුනු එක්ක කෑවම රහයි කියලනෙ පොතේ තියෙන්නෙ ඉතින් මක්කා කරන්නද ?

      Delete
  17. කැමරා පෝන් තිබ්බා නම් ඒ කාලේ~ නැද්ද වෙනියෝ!

    ReplyDelete
    Replies
    1. නෑ මල්ලියො ඒ කාලෙ 1988..

      Delete
  18. ඇයි අප්පා හැමදාම සීන් එක බාගෙට බලන්නේ ෆුල් ෂෝ එකක් බලන්න පිනක් ඇත්තෙම නැද්ද හයියෝ... ඉවසීම නම් අන්තිමයි තමා ඒකෙන් පාඩු වුනේ අනාගත පරපුර වන අපිට... දැන්වත් ඉවසන්න අයියේ

    ReplyDelete
    Replies
    1. අපි කොයිතරම් නම් බැන්නද ඌට පොල් කට්ට බිම දැම්මට..ටික කාලයක් නම් ඌව වාරනය කරලා තිබ්බා..

      Delete
  19. මුන් වැලි කෙළියෙ ඉදලම වැල කෙළි...ඒකත් බාගෙට...

    ReplyDelete
    Replies
    1. හික්ස්..අපි ඉතින් පුවක් ගහකට ගියත් බාගෙයක් යනකොට ඒකෙ දෙබලක්..

      Delete
  20. අපරාදේ වැල දෙකම... ඉතින් ඊට පස්සෙ සෝමෙ අක්කට රෙදි වැලක් ගලවගෙන බෙල්ලෙ වැලදාගන්න හිතෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඒක එච්චර දුර දිග ගියේ නෑ..

      Delete
  21. දැන් ඔය කන්න උනේ මොන වැල ගෙඩියෙන් භාගෙද වෙනි අයියේ.. ගහ උඩ එකද? ගහ පාමුල එකද? :)

    ReplyDelete
    Replies
    1. දෙකම මල්ලි දෙකම..

      Delete
  22. සජීවී ව නරඹන්න පුළුවන් වෙනවා කියන්නේ එක අතකට.......

    හයියෝ ගහපාමුල වැල ගෙඩි දෙකයි ගහ උඩ වැල ගෙඩියයි අපරාදේ

    ReplyDelete
  23. සික් ඒ වැළ ගෙඩිය.. බාගෙට කද්දීම බඩු බනිස් වෙලා.
    (වැල කාල කිව්වේ කාගෙහරි ලණුවක් කාලද?)

    ReplyDelete
  24. වැල ගෙඩියක්ම කන්න හැමෝටම පින නැහැ...
    ගොඩ දෙනෙකුට බාගේ තමයි....:(

    ReplyDelete
    Replies
    1. පින නෑ නේන්නම්..ඔව්වට බොහොම පින් කරලා තියෙන්නෙ ඕනිය කියලා ඒ කාලෙ ඉඳන්ම වැටහුනෙ ඔහොමයි,,

      Delete
  25. පින නෑ සජීවි විකාශයම බලා ගන්න

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ බොහෝම පින් කලා..ඒවා පල දුන්න පහු කාලෙ..ඒව පස්සෙ ලියන්නම් !

      Delete
  26. සික් අයියෝ වැල :(

    ReplyDelete
    Replies
    1. අපිටත් අප්සට් හොඳටෝම..

      Delete
  27. කෑවා කෑවා අපරාදෙනේ වෙනියෝ ලයිවි ශෝ එකක්නේ කාගෙන තියෙන්නේ ශික් විතරක් ....

    ReplyDelete
    Replies
    1. අපි මක් කරන්නද බන් අර නසරානියා නිසා නොවෙන්න...

      Delete
  28. අජිත් කියන නම තියෙන හැමෝම එකයි. කොරොත් කරන්නේ හොන්දම් අහරියේදී කඩාකප්පල් කාරී වැඩ?

    සුනිල් අයියා හරි සැරයි නේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. අජියලා කොහෙත් එකයි අප්පා..

      Delete
  29. වැල කිව්ව නිසා දුවන් ආවේ.... :)

    ReplyDelete
    Replies
    1. දුවන් ආවට පාඩු නැහැනෙ..

      Delete
  30. වැල බාගෙට කාලා විතරක් නම් මදැයි.........

    ReplyDelete
    Replies
    1. හික්ස්...ඒක නේන්නම් !

      Delete
  31. කමෙන්ටුවක් දමා ඔබගේ අදහස් පල කල සියළුම දෙනාට මගෙ හෘද්‍යාංගම ස්තූතියිඅ පල කරමි...

    ReplyDelete
    Replies
    1. අන්න හරි "පංච සික්ඛාපදං සමාදියාමි"

      Delete
    2. පට්ට බිසි බං ..හෙමිහිට එක එක සමාදන් වෙනවා !

      Delete
  32. කන්නයි බලන්නයි වෙලා තියෙන්නේ භාගෙට.. වෙන මොකවත් නෙවෙයි වැල ඈ...

    ReplyDelete
  33. Replies
    1. අයියෝ ලුනු පොල්ලකට්ට කියලයි අපි ඒ දවස්වල කීවෙ..

      Delete
  34. මේකනම් පට්ට පට පට වෙනියෝ...
    henryblogwalker the Dude

    ReplyDelete
  35. හෆොයි ලුනු පොල් කට්ට වැට්ටුවේ නැතුනම් සම්පූර්ණ වැල එකම බලන්න තිබ්බා නෑ මම කිව්වේ සම්පූර්ණ වැල ගෙඩියම කන්න තිබ්බා කියලයි . . ..

    ReplyDelete