ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, May 29, 2012

එන්න , හැකිනම් නිරුවතින්...

හා හා සුදු කොඩිය දැකපු ගමන්ම කලබල වෙන්නෙපා..කියවලා බලන්නකො...





















මෙතන නිරුවතින් එන්න කියන එකෙන් මන් අදහස් කලේ ඔය සංස්කෘතිය, සදාචාරය, හැදියාව වගේ එව්වයෙන් වැහිලා තියෙන සළු පට ගලවලා මේක දිහා බලන්න කියන එකයි..


ඉපදෙන හැම එකාටම උරුම එකම දෙය මරණය නම්..අපි ඕකට බය වෙන්න හරි කලබල වෙන්න හරි ඕනිද ? දුක් උනාට නම් කමක් නෑ..මක් වෙනවද ඒකට..


මීට කාලෙකට ඉස්සර අපෙ තිස්ස දමපු පෝස්ට් එකක් සහ ඒක දැකලා කට්ටියගෙන් අහ ගත්ත ලුනු ඇඹුල් කතා ටික තාම කනේ කීං ගානවා..
http://hadageepotha.blogspot.com/2010/03/blog-post_10.html




ඒ අස්සෙ මන් හිතුවෙ ඇත්තටම මන් කොයිවෙලාවක හරි මලොත් යළුවො නොයාළුවො සහ ලෝකයා මොනා කියයිද කියලා දැන ගන්ඩ තියේනම් කොහොමද කියලයි. ගුන වර්නනා කරන ඒවා එහෙම මලාට පස්සෙ කලාට මැරිච්ච මට ඇහෙන එකක්යැ..හැබැයි ඒ ටික දැම්ම කලොත් මන් දන්නවා සේරම ටික..ඉතින් ඒකනෙ වටින්නෙ..හා ළමයි එහෙනම් ඔය කඳුළු පිහි දමලා හිතට එන දේවල් සේරම ටික ඔන්න පහලින් කියලා යන්න..




ෆොටෝ ශොප් වලින් මැරෙන එකත් පණ යන වැඩක්ම තමයි..හොඳ වෙලාවට අපේ තිස්ස අයියා ෆොටෝ ශොප්වලින් මලේ කලින්ම..ඒකෙන් වැඩේ ටිකක් පහසු උනා..


මීට අවුරුදු ගනනාවකට උඩදි 1994 අවුරුද්දෙ..විශ්ව විද්‍යාල ජීවිතයෙ දෙවෙනි අවුරුද්ද..මට තිබ්බ පොත් කියවීමෙ පිස්සුව සනීප කර ගන්න කැම්පස් පුස්තකාලෙට අමතරව ගියා මහජන පුස්තකාලෙට. ඕක දැන ගත්ත අපේ සෙට් එක මට ගැහැව්වා මරන දැන්වීමක්..මතකයෙ හැටියට ඒකෙ තිබ්බෙ "කොට්ලර්"ගේ මාකටිං පොතක් උඩ මියගිය මගේ අවසන් කටයුතු මහජන පුස්තකාලෙ තියෙනවා කියලයි.

ඒක එක ලෙක්චර් එකකදි නෝටිස් එකක් විදියට හෝල් එක පුරාම ගියා..මතකයි..ඒක දැකපු මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නම් මල ගෙදරකදි වගේ හඬා වැලපිලා තුන් වෙනි අවුරුද්දෙදි අන්තිම අවුරුද්දෙ අයියා කෙනෙක් යාලු කර ගත්තෙ මාව දමලා ගිහින්..ඕන් ඔහොමයි උනෙ..




ඉතින් ඔය මැරෙන දවස , හැටි  කාටවත් කියන්න පුළුවනියැ..ඒක මාරයාට ඕනි දවසක් කර ගත්තාවෙ..


වැඩිය බර දමලා ගුණ කථන එහෙම කරන්න එපා ඕන්..මට ලැජ්ජාවෙ පණ යයි අප්පා...




96 comments:

  1. මැරෙන්න ඔච්චර ආසද බං ? මාරයාගෙයි උඹගෙ මොකක් නමුත් සීන් එකක් යනවා මට තවුව දාන්න නම් යන්න එපා මම වෙලාවක උඹව හම්බුවෙන්න ඇවිදින් ( රෙදි ඇඳන් ) මේ ගැන අගහන්නම් ..

    ReplyDelete
    Replies
    1. බෑ බෑ මට ඕනි ස්වාභාවිකව මැරෙන්න මිසක් කවුරුහරි අතින් මැරෙන්න නෙවෙයි සඳරූ මල්ලි..

      Delete
  2. මල්ලවඩම් අනවශ්‍යයි මාරි බිස්කට් අවශයි කියල තමා කියන්න තියෙන්නේ,,,

    මෙහෙම නිරුවත වික්කොත්නම් මිනියට රෙදි ඉතුරුවෙයිද මන්දා.. ( ආරෝවකට හෙම නෙවෙයි කිව්වේ ඈ.. කට කහනවට හොඳේ )

    ReplyDelete
    Replies
    1. මාරි නෙවෙයි අර චොක්ලට් ක්‍රීම් බිස්කට්... :-D
      නිරුවතින් ඉපදී නිරුවතින්ම මිය යමු..

      Delete
  3. අනේ ඇත්තට වෙනී අයියේ උඹටත් හිතෙන ඒවා මේ මහ රෑට..

    ReplyDelete
    Replies
    1. දිනේශ් මලයා මගේ යාලුවෙක් කීවෙ..ආ පෝය ලඟයි නේද කියලා... :-DD

      Delete
  4. මට වෙන අය ගැන මොකුත් කියන්න බෑ. මා ගැන කියනවනම් මගේ මරණයේ අවසන් කටයුතුවලදී පාංශුකූල හෝ කිසිම ආගමික කටයුත්තක‍් නොකළ යුතුයි. කුමන හේතුවක් මතවත් පොලිතීන් සැරසිලි සපුරා තහනම්.හැකි ඉක්මනින් වල දැමීම හෝ පිළිස්සීම කළ යුතුයි.
    ගෙනාපු දෙයක් නැති නිසා ගෙනියන දේකුත් නෑ. ඉතිරිකරලා යන්නෙ ලබා ගත් දේයි.

    ReplyDelete
    Replies
    1. මගේ හීනයත් ඒකමයි..ඒත් අවට ඉන්න අය කොහොම කරයිද මන්දා.. :-D

      Delete
  5. තමුන්ගේ මරණය ගැන දැනගන්න ඕනෙයි කියලා පෝස්ට් එකක් දාපු වෙනි අයියා අද යන්නම ගිහිල්ලා..

    ReplyDelete
    Replies
    1. මොකක්ද හරි ඒ කතාව?

      Delete
    2. මන් හිතුවෙ එක ශෝක ප්‍රකාශයක් වත් තියේ කියලා..අනේ මන්දා මේකත් එහෙම එකක් නෙවෙයි වගෙයි...

      Delete
  6. අනේ අම්මපා.... මම මේ එත් කල්පනා කරේ අර පරණ පොස්ට් ඒකෙ කොමෙන්ට් වලට උත්තර දෙන්න වෙනදට වඩා පරක්කු වෙන්නේ මොකද කියල. අර මාරයා කියපු එක හරිද මන්දා.. අපි සයිබර් පර්යේෂණයක මීයෝ වෙමු..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඒක නම් පරක්කු උනේ ඉරිදා දවසම මන් ෆිල්ම් බලන්න වෙන් කරානෙ..
      මාරයා....ඊඊඊඊඊ...ඔය ඉන්නෙ පනාව දමා ගෙන..

      Delete
  7. @ක්සැන්ඩර් | Xander,

    "ඒ අස්සෙ මන් හිතුවෙ ඇත්තටම මන් කොයිවෙලාවක හරි මලොත් යළුවො නොයාළුවො සහ ලෝකයා මොනා කියයිද කියලා දැන ගන්ඩ තියේනම් කොහොමද කියලයි. ගුන වර්නනා කරන ඒවා එහෙම මලාට පස්සෙ කලාට මැරිච්ච මට ඇහෙන එකක්යැ..හැබැයි ඒ ටික දැම්ම කලොත් මන් දන්නවා සේරම ටික..ඉතින් ඒකනෙ වටින්නෙ..හා ළමයි එහෙනම් ඔය කඳුළු පිහි දමලා හිතට එන දේවල් සේරම ටික ඔන්න පහලින් කියලා යන්න..
    "

    ඔන්න ඕකයි කතාව

    ReplyDelete
    Replies
    1. හරී එක්ක බෑ අෆ්ෆා..සිරාවට කියවනවා... :-D

      Delete
    2. weni අය්යට නිවන්සුව පතලා පෝස්ට් එකක් දාන්නද?

      Delete
    3. weni අය්යට නිවන්සුව පතලා පෝස්ට් එකක් දාන්නද?

      Delete
    4. නිවන් යන්න නම් බැරි වෙයි හරී..තාම ඒ වෙනුවෙක් කිසිම දෙයක් කරලා නෑ..

      Delete
    5. කොහොමද වැරදිලාවත් වෙනී අයියා අද හෙට මැරුනොත්.. කට්ටිය කියයි මරණය ගැන ඉව වැටිලා මේ වගේ පෝස්ට් එකක් දැම්මා කියලා..

      Delete
    6. අෆ්ෆට සිරි එහෙම වෙයිද ??? බය කරන්ඩ එපෝ... :-D

      Delete
    7. යකඩෝ... කියල තිබ්බ හැටියෙන් හිතුවේ මං මේ මනුස්සයට මොකක්හරි වෙලා කියලමනේ.. හම්මේ.. බුකියේ කොළ ලයිට් එක දැක්කම තමයි ඩිංගක් සේප් උනේ.

      Delete
    8. හික්ස්..වෙලා තිබ්බා නේන්නම් මේ...

      Delete
  8. "පෙට්ටියෙ ඉද්දිත් කන්නාඩි දෙක දාල තියෙන්නෙ වෙනී අයියගෙ අවසන් කැමැත්තෙ තිබුනද එහෙම කරන්න කියල..?"

    ReplyDelete
    Replies
    1. ඔව් මට ළඟ පේන්නෙ නෑ..ඉතින් කොහොමද එන අයව අඳුරා ගන්නෙ..

      Delete
    2. ඕක මම මළගෙදර ඇවිත් කියන එක ඒකට වෙනී අයියට උත්තර දෙන්න බෑ... උඹ මැරිලනෙ අයියෙ... :)

      Delete
    3. කියහන් මල්ලියෙ ඒ ටික දැන ගෙන යන එක ලේසියිනෙ...

      Delete
  9. මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා….
    අපි හෙට මැරෙයිද කියල දෙන්නෙ නෑ…..
    ඔය ඉරිසියාව අතහැරපල්ලා….
    යන දාට මේව අරගෙන් යන්නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය සෙට් එක මාව බලන්න එනකොට වෑන් එකේදි කියන සින්දුවක් වෙන්නැති නේද සිහිනෙ.. :-D

      Delete
  10. උන්න ඇති කියලත් හි‍තෙනවනං..උන්නට ඇති වැඩකුත් නැත්තං...අකුසලයකට අහු නොවන විදියට මැරෙන්නත් ඇහැකිනං..මැරිලා පලයං බං..ආයේ වෙන මොනවා කියන්නද..?

    ReplyDelete
    Replies
    1. අෆොයි ඔයිතරම් කොන්දේසි එක්ක නිදහසේ මැරෙන්ඩ බෑ බෑ වගෙයි මලයා..

      Delete
    2. අනික බන් මට ඕනි මැරෙන්න නෙවෙයි මැරුනට පස්සෙ උඹලා කියන දේවල් අහ ගන්නයි.. :-DD

      Delete
    3. ආ ඒම කියන්න එපෑ. එහෙම උනානං මං මේම කියනවා...

      "අයියෝ අහෝ අම්මෝ අපෙ කලු අයියා...
      යන්නට ගියා අප දමලා කලු අයියා..
      ඉන්නා කල්ම අපහට වද දුන් අයියා..
      ආයෙත් නොයෙන්නට පල නිවනට අයියා.."

      Delete
    4. 100/100 අඩේ ඔහොම කයි ලියන්න මටත් උගන්නපියෝ...

      Delete
    5. පොඩ්ඩක් අන්දරේව කියොපං අයියා...

      Delete
    6. ශෝක ප්‍රකාශනේ ඕනේ.. එහෙනම් දෙන්නම් ඔබා මාමට වගේ කවියක්..

      බුරුසු රැවුල ඇත අද දිගු නින්දක වැටිලා
      කැමරා කොටේ දොර මුල්ලක අඩ තියලා
      බ්ලොග් මීයෝ හිඳී හඬමින් දෙන වට කරලා
      වෙනියෝ ගනු පොටෝ හනිකට දිවවිල්ලා

      අහෝ දුකකි ඇඩෙනවා මට පන යන්න
      නිවා ගන්න දුක ඔය බෝතලේ ගන්න
      කකා ඉන්න "මාරි " වත් ගෙන එන්න
      වෙනියා නැද්ද චොක්ලට් මට පවසන්න

      Delete
    7. මට මෙහෙම කයි ලියන්න බැරි එක ගැන ඉරිසියාවෙ පිපිරි පිපිරි තමා මැරෙන්ඩ වෙන්නෙ මට නම් .... :-D

      Delete
    8. එන්න අපේ කවි පිටුවට ඇවිත් හිතට එන විදියට ලියන්න..

      http://www.facebook.com/groups/sandhasa/permalink/388946484491327/?notif_t=like

      Delete
  11. //පාඨකයාව සයිබර් පර්යේශනාගාරයක මීයන් බවට පත් කරගත් අතිවිශිෂ්ඨ විද්‍යාඥ වෙනී මහතාට හිතේ දුකින් සමු දෙමි..
    ඒත් ඔහුගේ මතක හැමදාමත් අප අතර පවතිනු ඇත.//

    ඔන්න ඔහොමයි මම ලියන්නෙ..අර අන්තිම ටික කිව්වෙ හිත හැදෙන්න හොඳේ..මුරුංගා ගහේ නගින්න එපා..!!

    ReplyDelete
    Replies
    1. මන් හිතුවා කොටු රූල් පොතක පිටු භාගයක වත් කතාවක් ලියයි කියලයි රූ... :-D

      Delete
  12. ඉල්ලන් මැරෙනවා කියන්නෙ ඕවට තමා... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබෙවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකත් චෝයි අෆ්ෆා...

      Delete
  13. කොහොම උනත් කමක් නැහැ" බූරුවා" ගහන එකේ "‍තෝන්" ගන්නේ මම හරිද?

    ReplyDelete
    Replies
    1. ගන්න තෝන් වලින් බිස්කට් ටික වත් ගේන්ඩලා හොඳේ..

      Delete
  14. ම් ... ඒපාර නිරුවත් සීරීස් එකක්ම යනව වගේ.

    හැබෑට කෂ්ටිය වෙනීගෙ මළ ගෙදර නිරුවතින්ම ආවොත් මොකද වෙන්නෙ.මගේ හිතේ වෙනිය හෙමිහිට ඇහැක් ඇරල බලයි.

    ReplyDelete
    Replies
    1. සීරීස් එක ඉවරයි..ඇස් දෙකම ඇරලා බලනවා..

      Delete
  15. මං මීට කලින් මැරෙන්න ඉස්සෙල්ලා පාංසකූලේ දෙන මිනිස්සු නං දැකල තියෙනවා.. ඒත් මැරුණට පස්සේ කියන කථා දැන ගන්න උත්සාහ කරනව දැක්ක පළවෙනිය තමයි වෙනි අයිය..
    මට පේන විදිය‍ට (මුලින් කිව්ව විදිහට නිරුවතින් බැලුවොත්) මේකෙන් නං වෙනි අයිය බලාපොරොත්තු වෙන්නෙ වෙන දෙයක් වගේ.. කථා අස්සේ අතුරු කථාවක් වගේ දෙයක්???

    ReplyDelete
    Replies
    1. ඈ ඒක මටත් තාම හොයා ගන්ඩ බැරි උනා...

      Delete
  16. **මළගෙදර නයිට ගසමින් ( දෙවෙනි බෝතලේ අරිමින් ) පෙට්ටියෙන් එකයි යකෝ වෙනි අය්යා ආසාවේ බෑ මැරිලා ඉන්නවා දැක්කම (හොටු පිහිමින් ).
    **ගුණකථන අවස්තාව (කදුළු කමිසයේ වමතේ පිසිමින් ) අපේ වෙනි අය්යා අපෙන් අද දින නොපෙනී යනු ඇත.යන ලෝකෙක ඉදන් බ්ලොග් එකක් ලියන්න සාක්කුවට ඩොන්ගල් එකක් දමා, උඹට සමුදෙන්නම් ###%%^&& (කලන්තේ හැදී වැටී ඇත )

    ReplyDelete
    Replies
    1. යකඩෝ හිනා වෙලා මැරෙන්නම ගිය මේක කියවලා...

      Delete
    2. මුල් කෑල්ල පට්ට... :)

      Delete
  17. නයිට ගහනකොට සෙට් වෙන්න හොඳ බෝතල් ටිකක් කලින්ම ගෙනත් තියන්න වෙනී අයියෙ.
    මේකෙ නිරුවතින් කිවුවට ටයි කෝට් දාගෙනනෙ ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. හික්ස්..මොනාද දන්නෙ නෑ කට්ටිය බොඅන් ජාති..මන් හිතුවෙ එන කට්ටිය අරන් එනවා ඇති කියලයි...

      Delete
  18. අම්මපල්ල මම ආවොත් නං උඹ හිටවල පස්ගහනව.(ධාතුසේන රජතුමා වගේ) වලදාන්නෙ නෑ. :)

    ReplyDelete
    Replies
    1. මලාට පස්සෙද නැත්නම් පණ පිටින්මද රාජ් ??

      Delete
  19. "ටිකක් අහංකාර, පොඩ්ඩක් "මම"ත්වයට ලෝලි ඒත් හොඳ මනුස්සයෙක් වගේ" කියලා තමයි මට ලියන්න තියෙන්නෙ :))))

    ReplyDelete
    Replies
    1. හික්ස්..අහංකාර නගරෙනෙ ඉන්නෙ ඒකයි අනේ...

      Delete
  20. හ්ම්..... මොන වගේ දේවල්ද කියන්න ඕනෙ වෙනි අයියේ...

    ReplyDelete
    Replies
    1. ඔයා නම් මොනා හරි ඉංජිනියරින් ටර්ම්ස් ටිකක් දමලා කියයි..අපිට තේරෙන එකක් නෑ..

      Delete
    2. හ්ම්......... ඉංජිනියරින් දාලා නේද?? ටිකක් අමාරුයි වැඩේ....

      Delete
  21. අය්යෝ උදේත් කතා කලා . කව්ද හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියලා .

    ReplyDelete
    Replies
    1. හොඳටෝම මදි ගිම්හානි...තව ප්‍රැක්ටිස් කරන්න වෙයි..බලන් ඉන්න අයටත් ඇඬෙන විදියට වචන ටික ගලපන්න...

      Delete
  22. මේ වගේ දේවල් විහිලුවටවත් දකින්ට මම නම් කැමති නෑ වෙනියෝ...:(

    ReplyDelete
  23. කිසිම තර්කයක් නැත..මමත් එසේමය..නමුත් පොඩ්ඩියෙ මේක කවද හරි විහිළුවට නෙවෙයි ඇත්තටම වෙනවනෙ.. :-)

    ReplyDelete
  24. සිරාවටම වෙනි අයියේ මම කාලයක් තිස්සේ කල්පනා කරමින් උන්නු දෙයක් මේක... අපි හැමෝම දවසක මැරිලා යනවා ඒත් අපිට කාටවත් කියන්න බෑනේ මම මෙදාට යනවා කියලා... ඒ ඒ අයට කියන්න ඉතිරි වෙච්චි කී දාහක් තියෙයිද.... කාලෙකට කලින් පුංචි කුමාරිහාමිගේ බ්ලොග් එකෙත් මම කොමෙන්ට් එකක් දැම්මා මම මැරුණාම මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් පලවෙන්න හදලා තියන්න ඕනේ කියලා...

    එතකොට හැමෝටම බායි කියලා යන්න පුළුවන්නේ...

    වෙනි අයියා මැරුණොත් තටු නැති ෆෑන් එක මට... අර බොත්තම් නැති පෝං එකත් කවුරුවත් ඉල්ලුවේ නැත්තම් ඒකත් මට... කැමරාව ඉල්ලුවෙ නැති වුනොත් ඒකත් මට...

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් සහතික ඇත්ත..ඕන් සේරම දාලා යනවා..ඉක්මනටම දුවලා ඇවිත් ගත්ත කෙනාට තමයි එව්වා හමබ වෙන්නෙ..

      Delete
    2. ජිවිත කාලයටම මත හිටින්න ඉතුරුණු දෙයක් දෙන්න. වචනනම් පා වෙලා යනවා එත් දුන් බඩුවක් හැමදාම තියෙනවා.

      Delete
  25. මේ මාමෝ....පිස්සුඩ ඈ.....?????????? :O

    ReplyDelete
    Replies
    1. හඳ මෝරනවා..පෝය ළඟයි..... :-D

      Delete
  26. ජීවිතේට කතා කරලා නැති වෙනි අයිය මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක්වත් දාල නැති උනාට මට දැනෙන දුක දරාගන්න බෑ. කවද හරි හම්බෙන්න හිතන් හිටිය හිත හොඳ මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් දැන් අපිව දාල ගියා. ඉලන්දාරියා, ඔබා මාම දැන් වෙනි අයිය. මේක අදහගන්නවත් බෑ. ජීවත් වෙලා ඉන්න කාලේ ප්‍රර්ථනා කරපු විදිහටම උප්පත්තිය සිද්ධ වේවා.

    ReplyDelete
    Replies
    1. යාන්තම් ඇති..අව්‍යාජ සුබ පැතුමක් ! ස්තූතියි..ආන් මන් ගියා ඒ පැත්තෙ..නිවාඩු ලැබුන ගමන්ම ගිහින් ඉතුරු ටිකත් කියවන්නම්..

      Delete
  27. සයිබරයේ හිටපු බුරුසු රැවුලා අපි නොහිතපු විදියට අපිව දාල ගියා හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියල. අපරාදේ තරුණ ජිවිතයක්.(හිතන් හිටියේ එහෙමයි).

    අදින පස්සේ මම කොන්ඩෙයි රැවුලයි දෙකම වවනවා.

    වෙනි අයියේ ඔබ යලි අප අතරේම ඉපදේවා...!! අර තඩි කැමරාව වත් දීලා තිබුනනං නිවන් සුව පතනවා එත් එහෙම දෙයක්වත් නැතිව නිවන් පතන්න බෑ පාඩුයි වැඩේ...

    ReplyDelete
    Replies
    1. අසර්..අෆොයි ඒ කැමරාව නම් බෑ..මොකෝ අපායෙ (?) ෆොටෝ ටිකක් ගහන්න ඒක අරන් යන්නයි ඉන්නෙ... :-D

      Delete
  28. :o අවුලක් නැහැ මරණේ ගැන කලින් කියවන අය මැරෙන්න කල් යනවලු.මරණෙට බයේ ඒක මතක් කරන්නේවත් නැති එවුන් විගහට මැරෙනවලු.වෙනි අයියාට නම් මම නොදන්නවා උනාට දීර්ගායුෂ පතනවා මොකද මං කැමති නැහැ මං දන්න කිසිම කෙනෙක් ඉක්මනට මැරෙනවට

    ReplyDelete
    Replies
    1. මාත් ඔය කතාව නම් අහලා තියේ නිශාන් මලයා.. ස්තූතියි..

      Delete
  29. අපි මැරෙන දවසක් අපේ බ්ලොග් ලියන මාරයාද තිරනය කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. ආන්න පොයින්ට් එකට ආවා සෑම්.. ඔය මාරයා නේන්නම්... :-DD

      Delete
    2. මගෙ අප්පේ එහෙනම් පොරව ෂේප් එකේ තියාගන්න ඕනේ..

      :))

      Delete
    3. "පොරවක්" මුවහත් තියන් ඉමුද ?

      Delete
  30. අනිච්චං සංසාරේ !!!

    ReplyDelete
    Replies
    1. ටැලිග්‍රැමය :

      වෙනියා මලා. බූමදාන කලා. මල්වඩම් අනවශ්‍යයි.

      Delete
    2. යකඩෝ එතකොට මල් වඩම් ගේන්නෙ පොලීසියෙන්ද ? :-D

      Delete
    3. මල්වඩම් අනවශ්‍යයි. සීනි අවශ්‍යයි.

      Delete
  31. පහුවෙලා ආපු නිසා හොඳයි, කමෙන්ට් ටිකත් කියෙව්වම තමයි නියම ආතල් එක එන්නේ.:D

    යකෝ හරි කෙලියක් නේ, දැන් මල ගෙවල් වල යන්නේ රෙදි නැතුවද????

    මාර වැඩේ නේ වෙනී අයියේ, ශෝක මූඩ් එකක් ගන්න හැදුවා හැදුවා එන්නේ නෑ නේ...:P

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වල තියෙන ආතල්ම එක ඔය කමෙන්ට් හරහා වැඩෙන ප්‍රධාන කතාව වෙන්ඩ ඕනි..ඕන් ඔය ඉන්න මූඩ් එක හොඳා මල්ලියෙ.. :-D

      Delete
    2. අන්න සිරා කතාව :D

      Delete
  32. කොයි ලෝකේ ගියත් ලියන එකනම් අත අරින්න එපා, අනික් පුරුදු අත අරින්නේ නැතිනම් ....

    ReplyDelete
    Replies
    1. එක පුරුද්දක්වත් අත ඇරෙන එකක් නෑ මල්ලි..

      Delete
  33. අයියෙ රෑට රෑට.. සුදු කොඩි ගොක්කොල පේනවද?

    ReplyDelete
    Replies
    1. මාත් ඕම මරණ පොස්ටරයක් ගහලා.. මාර චාටර් එකක් කැවා ටීච කෙනෙක්ගෙන්.. ඒක ලියලා ඇති බ්ලොග් එක :-/

      Delete
    2. ඔව්..ඔව් මට මතකයි ඒ කතාව කියෙව්වා..ආයි කියවන්න ඕනි..

      Delete
  34. වැඩක් නෑ අයියේ ඉල්ලං මැරුණත් අර ඇත්තට මැරෙනවා වගේ ඇඟට දැනෙන්නේ නෑ.... ඒ නිසා මැරුනහම කියන්න හිතාගෙන ඉන්න ඒවා එන්නේ නෑ..... මොනවා උනත් " අනේ ඉතින් වෙනි අයියා මාකටිං පාරක් දීලා ලියන පට්ට කතාවක් කියවන්න ආයේ හම්බ වෙන්නේ නෑ" වගේ එකක් නම් කියවෙයි. කොහොමත් මැරුනහම අනිත් අය අඬන්නේ ඒ අයට වෙන පාඩු ගැන හිතලා මිසක් මැරුච්ච එකාට ආදරේට නෙවෙයිනේ.......

    ReplyDelete
  35. අපොයි ගොඩයා එහෙනම් කවුරුත් අඬන එකක් නෑ..සුවර්...

    ReplyDelete
  36. අයියෝ වෙනි අයියා මැරිලද ? මම මේ ලඟදි පොරගෙ බ්ලොග් එක අදුන ගත්තෙ මාරයගේ පෝස්ට් එකකින්.. එදා ඉඳන් මම ඒක කියෙව්වා. මාරයා අනතුරු අඟවලා තිබුනා වුනත් මීයෙක් වෙන්ඩ පුලුවන් කියලා.

    සයිබර් උලෙලට ගිහිල්ල වෙනි අයියව හම්බෙච්ච හැමෝම වගේ කියලා තිබුනා මිනිහා හරිම හොඳයි කියලා. වෙනි අයියේ මම නම් උඹ ගැන එච්චර දන්නේ නෑ, ඒත් හැමෝම කියන නිසා උඹ හොඳ එකෙක් වෙන්ඩ ඕනා. හොඳ මිනිස්සුන්ගේ ආයුශ ඇයි මේ තරම් කොට.

    නිවනින් නිවෙන තුරාවට ( මේකත් මම උඹෙන් කොපි කරගත්තේ ) අපි අතරම ඉපදේවා !! අවසන අජරාමර නිවන් සැපයම වේවා !!

    ~~~~~~

    වෙනි අයියේ ඔන්න උඹ ඉල්ලපු නිසා දැම්මා. මේක, හෙට අනිද්දා දිහාට ඇත්තටම දාන්ඩ වැඩ සෙට් කොරගන්නවා එහෙම නෙමේ හරිය.

    දීර්ගායුශ පතමි !!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඇයි බන්ස් සයිබර් උළෙලේ සැඟවුනු අමුත්තා මමනෙ..හික්ස්..
      අෆොයි එහෙම කර ගන්නෙ නම් නෑ...ඔය මොනා හරි ස්වාභාවිකම උනොත් ඇරෙන්න..එව්වා වෙනස් කරන්න ඇහැකියැ ?

      Delete
  37. වෙනි අයියේ උඹට මොකද මේ උනේ ...... ලංකාවට ආවම හම්බුවෙන්න හිටපු කට්ටියගෙන් එකෙක් උඹ අයියෝ මෙහෙම දකින්න හිතුවේ නැහැ බං ....:D
    අඩෝ මාරයා කනවා යකෝ තෝව ....:P

    ReplyDelete
  38. ශානු ඔය ඇඬුවා මදෑ බන්ස්..
    අර දෙවනියට කීව දේ..අඩේ ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීමට මගේ සම්පූර්ණ සහයෝගය දෙමි..මන් ගානෙ සෝස් දෙන්නම්.. :-D

    ReplyDelete