ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, December 30, 2011

2011 අවුරුද්දෙ දමන්න බැරි වෙච්ච දෙක

(01) - සාමාන්‍යයෙන් අපි ඔෆිස් වල ඉඳන් නිවඩු දමන කොට ඒකට හේතු ඉදිරිපත් කරන්න ඕනි. බහුතරයක් අය ඉල්ලන නිවාඩුවල තියෙන හේතු වලින් එකක් තමයි ආච්චි මළා ඒ නිසා නිවාඩු දෙන්න කියලා. ඒක හරි සාධාරණ හේතුවක් වුණත්..එහෙම කියලා දෙසැරයක් නිවාඩු ගන්න පුළුවන්. අම්මගෙ අම්මයි, තාත්තගෙ අම්මයි මිය ගියහම. සමහරු ඔය හේතුව කියලා නිවාඩු ගන්න වාර ගණන බැලුවහම හ්ම්ම්ම් අනේ මන්දා ඇත්තටම ආච්චිගෙ මල ගෙදර යන්නමද මෙහෙම නිවාඩු ඉල්ලන්නෙ කියන එක ගැන සැකයකුත් පහළ වෙන එක සාධාරණයි.


ඉතින් ඔහොම කපටි කම් වලින් රවටලා ආයතන වලින් නිවාඩු ගන්න අය අතරෙ අපේ ගම් පළාතට විවාහ වෙලා ආපු කපටිම කපටියෙක් එක සැරයක් තමන්ගෙ අම්මා මළා කියලා ගමෙන්ම සල්ලි එකතු කරගෙන තිබුණා මතකයි අපි පැටි අවධියෙදි. එහෙව් මිනිස්සුත් ඉන්න අපේ සමාජෙ කවුරු හරි "අනේ සර් මගේ ආච්චි බඳිනවා හෙට නිවඩු දෙන්න" කියලා ඉල්ලුවොත් ප්‍රතිචාරය කොහොම වෙයි කියලද හිතන්නෙ ?


අපෙ පියාගෙ නංගි ඒ කාලෙ බොහෝම අතීතයෙ විවාහ වෙලා තිබුණෙ අවුරුදු 13ක් වගේ වයසෙදි. ඒ කාලෙ අද වගේ නීති නොතිබෙන්න ඇති. විවාහය කියන්නෙ නීතියෙන් වෙන බැඳීමක් මත් නොවෙන කාලයක... ඔය වෙනකොට අපේ පියා බැඳලා නෑ..නංගියි මස්සිනායි එයාගෙ දරුවො පස් දෙනාවත් බලා කියා ගෙන ඉඳලා තියෙන්නෙ. පියාගෙ වයස අවුරුදු 35ක් විතර වෙනකොට නංගිගෙ බාලම දරුවාටත් වයස 15ක් විතර වෙන්න ඇති. ඊටත් පස්සෙ අපේ තාත්තා බැඳලා තියෙන්නෙ. එතකොට අපේ පවුලෙ බාලයා වෙච්ච මම සහ අපේ නැන්දගෙ ළමයි අතර වයස පරතරය සෑහෙන වැඩියි. බාලම ඥාති අයියා මට වඩා අවුරුදු 25ක් වැඩිමහල්. මම සීයා කෙනෙක් වුණේ මන් සා.පෙළ කරන කාලෙදිමයි. නැන්ඳගෙ පවුලෙ වැඩිමල්ම අයියාගෙ දුව - මම එයාගෙ බාප්පා- ගේ ළමයා හම්බ වුණේ මන් ස.පෙළ කරපු කාලෙ .මගේ චූටි අක්කා බඳින කොටම ඒ ඥාතිත්වයෙන් ආච්චි කෙනෙක් වෙලා ඉවරයි. බලන්නකො ඒකෙත් හැටි... 


ඕන්න ඔය වගේ ඥාති සම්බන්ධයක් තියෙන කෙනෙක් තමයි මන් අර උඩින් කිව්ව විදියට 


"අනේ සර් මගේ ආච්චි බඳිනවා ඒ වෙඩින් එකට යන්න නිවාඩු දෙන්න " 


කියලා ඉල්ලලා තිබ්බෙ. ඇත්තම කිව්ව එකේ ප්‍රතිඵලය වුණේ නිවාඩු ගන්න බැරි වුණ එක තමයි. අපි මේ කතාව අහලා හොඳටම හිනා වුණාට... මට නම් ඇත්තටම මේ සිද්ධිය අමුතු දෙයක් වුණේ නැහැ..අපේ ඥාතින් නිසා. 
--------------------------------------------------------------------------------


(02) - මහා පරිමාණ නෙවෙයි , සුළු පරිමාණ හොරු දෙන්නෙක් මෙන්න මෙහෙම කතා වෙනවා එක දවසක,


 "මොකද බන් ඔය ඔළුව තුවාල කරගෙන බැන්ඩේජ් කර ගෙන ඉන්නෙ ? මාට්ටු වුනාවත්ද රොබරියක් ?"


 "අර එහා ගමේ හැමදාම වගේ වහලා තියෙන ලොකු ගේ මතකද උඹට ? මන් ඊයෙ ඒක කඩන්න ගියා."


" යකෝ පාළු ගෙයක් උණත් ගෙට රිංගන්න ඉස්සර මුට්ටියක් දමල බලන්න එපාය."


 "දැම්මා බන් මුට්ටියක්..දමපු ගමන්ම  ඒක කුඩු කළා.."


 "පාළු ගෙයක් නම්කවුද බන් ඒක කුඩු කළේ ?"


" ඒක බලන්න කියලා තමයි ඔළුව දැම්මෙ !"
----------------------------------------------------------------------------------
ඉතින් ඕන්න 2011 පුරාවටම මමත් එක්ක හිටි හැමෝටම මගේ හෘදයාංගම ස්තූතිය !

ආයි හම්බ වෙමු 2012 නව වසරෙදිම !

45 comments:

  1. වෙනී අයියේ ඔළුව ගොඩක් තුවාලයිද?

    සුභ නව වසරක් වේවා! :)

    ReplyDelete
  2. දැන් කෝ බොල දෙක....?

    ReplyDelete
  3. @ පුසා - මම නෙවෙයි බන්z ඕක උනෙ හොරෙකුට !

    ReplyDelete
  4. @අභීත - ඕන්න එඩිට් කලා.. අනේ මන්දා ඇහැට ඇඟිල්ලෙන් අනලම පෙන්නන්න ඕනි මල්ලිලාට !

    ReplyDelete
  5. එකනෙමෙයි වෙනී අයියේ යමුද ගාලු ජනවාරි 7
    http://raj-rajmyblog.blogspot.com/2011/12/blog-post_29.html

    ReplyDelete
  6. මල්ලි, මන් එනවා රංග මල්ලිලා එක්ක ! අනිවා හම්බ වෙමු එදාට !

    ReplyDelete
  7. හරි සෝක්...මරු ආ...

    ReplyDelete
  8. @අමිල - දෙකද ශෝක් කිව්වෙ මල්ලි ?

    ReplyDelete
  9. එතකොට අර එදා අයියා දාපු ඔන් දියුටි නිවාඩුව....?????

    ReplyDelete
  10. @ප්‍රසන්න - ශ් ශ් ශ්...... මල්ලි මල්ලි මල්ලි !!!!! කට කට කට....එදා කිව්වෙ ගෝල්ඩ් ෆිශ් එකෙක්ව බලන්න යනවා කියලා !

    ReplyDelete
  11. මොනවා උනත් ඔලුව අවුල් කරගන්න එපා වෙනි අයියෙ.. :D
    සුභ නව වසරක් වේවා :))

    ReplyDelete
  12. @චම්මා - හරි හරි මල්ලි, නෝ ප්‍රොබ් ! නව වසරට සුභ පතන්න තව කල් තියෙන නිසා ..ඒත් ස්තූතියි සුභ පැතුමට මන් පරිස්සමින් අරන් තියන්නම් !

    ReplyDelete
  13. ලස්සන මාතෘකා දමා
    ලස්සන කතා ලියූ
    ලස්සන ....
    සොරි වැරදුනා....
    අපේ වෙනි අයියාට සුභ නව වසරක් වේවා....

    ReplyDelete
  14. @ ලකී - නිකං හිත හැදෙන්න හරි එහෙම කියන්න තිබ්බා ඈ !!!

    ReplyDelete
  15. මගේ පුංචි මාමා ඒ කියන්නෙ අපේ අම්මාගේ බාලම මල්ලි මගේ අක්කාට වඩා වැඩිමල් මාස කීපයකින්. (අම්මලාගේ පවුලේ ඔක්කෝම 13 දෙනෙක් ). ඒ මාමා බැන්දේ මමත් බැඳලා ටික කාලෙකට පස්සෙ. ඒ මාමට පලවෙනි දුව ලැබෙනකොට මගේ ලොකු දුවට අවුරුදු 6යි. ඉතින් මාමගේ දුව මගේ දුවගේ නැන්දා....!

    මගේ දූ දවසක් අපෙන් අහනවා,

    "ඇයි තාත්ති මට මොන්ටිසෝරි යන නැන්දා කෙනෙක් ඉන්නෙ....?" කියලා....

    ReplyDelete
  16. පැණි කෙසේ වෙතත් කිරි ඉතිරෙන නව වසරක් වේවා~

    ReplyDelete
  17. සුභ නව වසරක්..ගාලු ගියාම කිරි පැණි ටිකක් ගේන්නකො...

    ReplyDelete
  18. @ දුමී - ඔව් මගේ වැඩිමල්ම ඥාති පුතා මට වඩා අවුරුදු 15ක් වැඩිමල්..කොහොමද වයසක කෙනෙක් මන් වගේ ( ලාබාල පෙනුමැති ) කෙනෙකුට බාප්පා කියන කොට !?

    ReplyDelete
  19. @ සාබිත් - ස්තූතියි.. කල් තියා ලැබෙන සුභ පැතුම් මන් එකතු කරලා තියා ගන්නවා ජනවාරි පළමු වෙනිදට ගන්න !

    ReplyDelete
  20. @ වින්චැට්කිරිල්ලී - ඔව් ඔව්...කිරි පැණි ගෙනෙනවා.. අනිවා !

    ReplyDelete
  21. එහෙනම් ගලුගිහිල්ල විනෝදෙන් පරිස්සමින් එන්න.වැඩි වැඩ කරන්න එපා අපේ ගම හරිද.

    සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  22. උඩ කතාව කියවලා ඔලුව ටිකක් විතර තෝන්තු උනා. ඒක අමතක කරලා දෙවෙනි කතාව කියෙව්වා. දෙවෙනි කතාව නම් මරු.

    ReplyDelete
  23. අපේ පවුලෙත් ඔයාකාර පැටලිලි ගොඩක් තියනව. මගෙ සමහර නැන්දල මාමල තාම ඉස්කෝලෙ යනව.

    එහෙනං . . . ලබන්නාවූ 2012 අවුරුද්ද . . . . සුභම සුභ අවුරුද්දක් වෙන්නය කියල පතනව

    ReplyDelete
  24. @ අසරණයා - ඇයි ගම නම් එන්නෙ නැද්ද ? ලංකාවෙ නෙවෙයිද බන්z ඉන්නෙ ?

    ReplyDelete
  25. @ මධුරංග - ඒක ලියන්න ගිහින් මගෙත් ඔළුව කැරකෙන්න ගත්තා !

    ReplyDelete
  26. @ඕනයා - හිකිස් ! බලන් යනකොට කොමන් ප්‍රොබ්ලම් එකක්නෙ .. ස්තූතියි.. මන් නම් සුභ පතනවා තව දවසකින් !

    ReplyDelete
  27. අපි නම් ඉතින් කෝකටත් ටෙලි ග්රෑම් තමයි.... හෙහ් හෙහ්.. ගාලු එනවැයි...ගිය සැරේ නම් ආවා. මේ සැරේ කියන්න බැහැ තවම.

    ReplyDelete
  28. උඹ තාම මුට්ටිය දානවා නේද වෙනී අයියෙ.... ඔය හම්බවෙලා තියෙන්නෙ පැණි බේරෙන්න....
    ගාළු යන්න සෙට්වෙමු එහෙනං...

    ReplyDelete
  29. @ සොසී - අපි ගාල්ලෙ එනවා..ඇයි සොසී එන්න සුවර් නැත්තෙ.. අයිස්ක්‍රීම් අරන් දෙන්න වෙයි කියල බයේද ?

    ReplyDelete
  30. @ පැණි දොඩම් - යන් යන් මල්ලියෙ.. හොඳම ෆන් එකක් සමගින් හම්බ වෙන්න සහ කතා කරන්න පෙරුම් පුර පුරා හිටපු ගොඩක් ඉන්නව !

    ReplyDelete
  31. සුභ නව වසරක් වේවා අයියා..
    කතා දෙකටම හිනා ගියා හිහි...

    ReplyDelete
  32. ඇලුමිනියම් වලඳක් දැම්මා නම් ඉවරයිනේ !

    අලුත් අවුරුද්ද ජයෙන් ජයම වෙනඩ කියලා පතනවා !!

    ReplyDelete
  33. නැ අය්යා ලංකාවේ නෙවෙයි නැත්නම් පැනල එන්නේ..
    ගිහින් එන්න පරිස්සමින්..

    ReplyDelete
  34. @ වර්ණා - ස්තූතියි වර්ණා

    ReplyDelete
  35. @ හිස් අහස - සඳරූලාගෙ පැත්තෙ එහෙමද ? හිකිස්
    ස්තූතියි සුභ පැතුමට !

    ReplyDelete
  36. අවුරුද්ද ඉවර වෙන්ට කලින් ඔය දෙකත් කියාගත්තු එක හොඳයි.

    අර මුට්ටිය බිඳගත්ත එක්කෙනා ඔලුව දැම්මේ වලව්ව ඇතුලට නෙමේ වෙන්ට ඇතිනේද ....:D:D:D

    තව ලස්සන කතා රැසක් ලියවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  37. මුලින් හිතුවේ කුණුහබ්බයක් කියලා...ජය ......

    ReplyDelete
  38. තවත් කතා ගොඩක් අපිට තෑගි දෙන්න පුළුවන් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  39. සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
  40. @ පොකූ - වලව්වට එහෙම කවුරුවත් මුට්ටියක් දැම්මොත් පොඩ්ඩක් බලන්න.. පැණි පාට හැන්ඩියෙක්වත් උනොත් එහෙම !

    ReplyDelete
  41. සුභ නව වසරක් වේවා අයියේ...

    ReplyDelete
  42. මතක් කරල බලන්න තව අමතක උන ඒවා තියනවද කියලා.

    ඔන්න වෙනී අයියට වාසනාවන්ත නව වසරක් පතනව

    ReplyDelete
  43. මං මටම සීය උනෙත් ඔයවගේ සීන්එකක් නිසා.
    සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  44. අන්තිම කතාව නම් සිරා.. මගේ යාලුවෙක් ඉන්නවා.. මිනිහටත් ඔය වගේ සිද්ධි ගොඩක් වෙලා..එයාගේ අම්මයි තාත්තයි එයාලගේ පවුල් වල බාල ම අය.. මගේ යාළුවා ඒ පවුලේ බාලයා.. ඉතින් හිතා ගන්න පුළුවන් නේ..

    ReplyDelete
  45. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete