ඉතින් ඔහොම කපටි කම් වලින් රවටලා ආයතන වලින් නිවාඩු ගන්න අය අතරෙ අපේ ගම් පළාතට විවාහ වෙලා ආපු කපටිම කපටියෙක් එක සැරයක් තමන්ගෙ අම්මා මළා කියලා ගමෙන්ම සල්ලි එකතු කරගෙන තිබුණා මතකයි අපි පැටි අවධියෙදි. එහෙව් මිනිස්සුත් ඉන්න අපේ සමාජෙ කවුරු හරි "අනේ සර් මගේ ආච්චි බඳිනවා හෙට නිවඩු දෙන්න" කියලා ඉල්ලුවොත් ප්‍රතිචාරය කොහොම වෙයි කියලද හිතන්නෙ ?
අපෙ පියාගෙ නංගි ඒ කාලෙ බොහෝම අතීතයෙ විවාහ වෙලා තිබුණෙ අවුරුදු 13ක් වගේ වයසෙදි. ඒ කාලෙ අද වගේ නීති නොතිබෙන්න ඇති. විවාහය කියන්නෙ නීතියෙන් වෙන බැඳීමක් මත් නොවෙන කාලයක... ඔය වෙනකොට අපේ පියා බැඳලා නෑ..නංගියි මස්සිනායි එයාගෙ දරුවො පස් දෙනාවත් බලා කියා ගෙන ඉඳලා තියෙන්නෙ. පියාගෙ වයස අවුරුදු 35ක් විතර වෙනකොට නංගිගෙ බාලම දරුවාටත් වයස 15ක් විතර වෙන්න ඇති. ඊටත් පස්සෙ අපේ තාත්තා බැඳලා තියෙන්නෙ. එතකොට අපේ පවුලෙ බාලයා වෙච්ච මම සහ අපේ නැන්දගෙ ළමයි අතර වයස පරතරය සෑහෙන වැඩියි. බාලම ඥාති අයියා මට වඩා අවුරුදු 25ක් වැඩිමහල්. මම සීයා කෙනෙක් වුණේ මන් සා.පෙළ කරන කාලෙදිමයි. නැන්ඳගෙ පවුලෙ වැඩිමල්ම අයියාගෙ දුව - මම එයාගෙ බාප්පා- ගේ ළමයා හම්බ වුණේ මන් ස.පෙළ කරපු කාලෙ .මගේ චූටි අක්කා බඳින කොටම ඒ ඥාතිත්වයෙන් ආච්චි කෙනෙක් වෙලා ඉවරයි. බලන්නකො ඒකෙත් හැටි...
ඕන්න ඔය වගේ ඥාති සම්බන්ධයක් තියෙන කෙනෙක් තමයි මන් අර උඩින් කිව්ව විදියට
"අනේ සර් මගේ ආච්චි බඳිනවා ඒ වෙඩින් එකට යන්න නිවාඩු දෙන්න "
කියලා ඉල්ලලා තිබ්බෙ. ඇත්තම කිව්ව එකේ ප්‍රතිඵලය වුණේ නිවාඩු ගන්න බැරි වුණ එක තමයි. අපි මේ කතාව අහලා හොඳටම හිනා වුණාට... මට නම් ඇත්තටම මේ සිද්ධිය අමුතු දෙයක් වුණේ නැහැ..අපේ ඥාතින් නිසා.
--------------------------------------------------------------------------------
(02) - මහා පරිමාණ නෙවෙයි , සුළු පරිමාණ හොරු දෙන්නෙක් මෙන්න මෙහෙම කතා වෙනවා එක දවසක,
"මොකද බන් ඔය ඔළුව තුවාල කරගෙන බැන්ඩේජ් කර ගෙන ඉන්නෙ ? මාට්ටු වුනාවත්ද රොබරියක් ?"
"අර එහා ගමේ හැමදාම වගේ වහලා තියෙන ලොකු ගේ මතකද උඹට ? මන් ඊයෙ ඒක කඩන්න ගියා."
" යකෝ පාළු ගෙයක් උණත් ගෙට රිංගන්න ඉස්සර මුට්ටියක් දමල බලන්න එපාය."
"දැම්මා බන් මුට්ටියක්..දමපු ගමන්ම ඒක කුඩු කළා.."
"පාළු ගෙයක් නම්කවුද බන් ඒක කුඩු කළේ ?"
" ඒක බලන්න කියලා තමයි ඔළුව දැම්මෙ !"
----------------------------------------------------------------------------------
ඉතින් ඕන්න 2011 පුරාවටම මමත් එක්ක හිටි හැමෝටම මගේ හෘදයාංගම ස්තූතිය !
ආයි හම්බ වෙමු 2012 නව වසරෙදිම !
වෙනී අයියේ ඔළුව ගොඩක් තුවාලයිද?
ReplyDeleteසුභ නව වසරක් වේවා! :)
දැන් කෝ බොල දෙක....?
ReplyDelete@ පුසා - මම නෙවෙයි බන්z ඕක උනෙ හොරෙකුට !
ReplyDelete@අභීත - ඕන්න එඩිට් කලා.. අනේ මන්දා ඇහැට ඇඟිල්ලෙන් අනලම පෙන්නන්න ඕනි මල්ලිලාට !
ReplyDeleteඑකනෙමෙයි වෙනී අයියේ යමුද ගාලු ජනවාරි 7
ReplyDeletehttp://raj-rajmyblog.blogspot.com/2011/12/blog-post_29.html
මල්ලි, මන් එනවා රංග මල්ලිලා එක්ක ! අනිවා හම්බ වෙමු එදාට !
ReplyDeleteහරි සෝක්...මරු ආ...
ReplyDelete@අමිල - දෙකද ශෝක් කිව්වෙ මල්ලි ?
ReplyDeleteඑතකොට අර එදා අයියා දාපු ඔන් දියුටි නිවාඩුව....?????
ReplyDelete@ප්‍රසන්න - ශ් ශ් ශ්...... මල්ලි මල්ලි මල්ලි !!!!! කට කට කට....එදා කිව්වෙ ගෝල්ඩ් ෆිශ් එකෙක්ව බලන්න යනවා කියලා !
ReplyDeleteමොනවා උනත් ඔලුව අවුල් කරගන්න එපා වෙනි අයියෙ.. :D
ReplyDeleteසුභ නව වසරක් වේවා :))
@චම්මා - හරි හරි මල්ලි, නෝ ප්‍රොබ් ! නව වසරට සුභ පතන්න තව කල් තියෙන නිසා ..ඒත් ස්තූතියි සුභ පැතුමට මන් පරිස්සමින් අරන් තියන්නම් !
ReplyDeleteලස්සන මාතෘකා දමා
ReplyDeleteලස්සන කතා ලියූ
ලස්සන ....
සොරි වැරදුනා....
අපේ වෙනි අයියාට සුභ නව වසරක් වේවා....
@ ලකී - නිකං හිත හැදෙන්න හරි එහෙම කියන්න තිබ්බා ඈ !!!
ReplyDeleteමගේ පුංචි මාමා ඒ කියන්නෙ අපේ අම්මාගේ බාලම මල්ලි මගේ අක්කාට වඩා වැඩිමල් මාස කීපයකින්. (අම්මලාගේ පවුලේ ඔක්කෝම 13 දෙනෙක් ). ඒ මාමා බැන්දේ මමත් බැඳලා ටික කාලෙකට පස්සෙ. ඒ මාමට පලවෙනි දුව ලැබෙනකොට මගේ ලොකු දුවට අවුරුදු 6යි. ඉතින් මාමගේ දුව මගේ දුවගේ නැන්දා....!
ReplyDeleteමගේ දූ දවසක් අපෙන් අහනවා,
"ඇයි තාත්ති මට මොන්ටිසෝරි යන නැන්දා කෙනෙක් ඉන්නෙ....?" කියලා....
පැණි කෙසේ වෙතත් කිරි ඉතිරෙන නව වසරක් වේවා~
ReplyDeleteසුභ නව වසරක්..ගාලු ගියාම කිරි පැණි ටිකක් ගේන්නකො...
ReplyDelete@ දුමී - ඔව් මගේ වැඩිමල්ම ඥාති පුතා මට වඩා අවුරුදු 15ක් වැඩිමල්..කොහොමද වයසක කෙනෙක් මන් වගේ ( ලාබාල පෙනුමැති ) කෙනෙකුට බාප්පා කියන කොට !?
ReplyDelete@ සාබිත් - ස්තූතියි.. කල් තියා ලැබෙන සුභ පැතුම් මන් එකතු කරලා තියා ගන්නවා ජනවාරි පළමු වෙනිදට ගන්න !
ReplyDelete@ වින්චැට්කිරිල්ලී - ඔව් ඔව්...කිරි පැණි ගෙනෙනවා.. අනිවා !
ReplyDeleteඑහෙනම් ගලුගිහිල්ල විනෝදෙන් පරිස්සමින් එන්න.වැඩි වැඩ කරන්න එපා අපේ ගම හරිද.
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා..
උඩ කතාව කියවලා ඔලුව ටිකක් විතර තෝන්තු උනා. ඒක අමතක කරලා දෙවෙනි කතාව කියෙව්වා. දෙවෙනි කතාව නම් මරු.
ReplyDeleteඅපේ පවුලෙත් ඔයාකාර පැටලිලි ගොඩක් තියනව. මගෙ සමහර නැන්දල මාමල තාම ඉස්කෝලෙ යනව.
ReplyDeleteඑහෙනං . . . ලබන්නාවූ 2012 අවුරුද්ද . . . . සුභම සුභ අවුරුද්දක් වෙන්නය කියල පතනව
@ අසරණයා - ඇයි ගම නම් එන්නෙ නැද්ද ? ලංකාවෙ නෙවෙයිද බන්z ඉන්නෙ ?
ReplyDelete@ මධුරංග - ඒක ලියන්න ගිහින් මගෙත් ඔළුව කැරකෙන්න ගත්තා !
ReplyDelete@ඕනයා - හිකිස් ! බලන් යනකොට කොමන් ප්‍රොබ්ලම් එකක්නෙ .. ස්තූතියි.. මන් නම් සුභ පතනවා තව දවසකින් !
ReplyDeleteඅපි නම් ඉතින් කෝකටත් ටෙලි ග්‍රෑම් තමයි.... හෙහ් හෙහ්.. ගාලු එනවැයි...ගිය සැරේ නම් ආවා. මේ සැරේ කියන්න බැහැ තවම.
ReplyDeleteඋඹ තාම මුට්ටිය දානවා නේද වෙනී අයියෙ.... ඔය හම්බවෙලා තියෙන්නෙ පැණි බේරෙන්න....
ReplyDeleteගාළු යන්න සෙට්වෙමු එහෙනං...
@ සොසී - අපි ගාල්ලෙ එනවා..ඇයි සොසී එන්න සුවර් නැත්තෙ.. අයිස්ක්‍රීම් අරන් දෙන්න වෙයි කියල බයේද ?
ReplyDelete@ පැණි දොඩම් - යන් යන් මල්ලියෙ.. හොඳම ෆන් එකක් සමගින් හම්බ වෙන්න සහ කතා කරන්න පෙරුම් පුර පුරා හිටපු ගොඩක් ඉන්නව !
ReplyDeleteසුභ නව වසරක් වේවා අයියා..
ReplyDeleteකතා දෙකටම හිනා ගියා හිහි...
ඇලුමිනියම් වලඳක් දැම්මා නම් ඉවරයිනේ !
ReplyDeleteඅලුත් අවුරුද්ද ජයෙන් ජයම වෙනඩ කියලා පතනවා !!
නැ අය්යා ලංකාවේ නෙවෙයි නැත්නම් පැනල එන්නේ..
ReplyDeleteගිහින් එන්න පරිස්සමින්..
@ වර්ණා - ස්තූතියි වර්ණා
ReplyDelete@ හිස් අහස - සඳරූලාගෙ පැත්තෙ එහෙමද ? හිකිස්
ReplyDeleteස්තූතියි සුභ පැතුමට !
අවුරුද්ද ඉවර වෙන්ට කලින් ඔය දෙකත් කියාගත්තු එක හොඳයි.
ReplyDeleteඅර මුට්ටිය බිඳගත්ත එක්කෙනා ඔලුව දැම්මේ වලව්ව ඇතුලට නෙමේ වෙන්ට ඇතිනේද ....:D:D:D
තව ලස්සන කතා රැසක් ලියවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා.
මුලින් හිතුවේ කුණුහබ්බයක් කියලා...ජය ......
ReplyDeleteතවත් කතා ගොඩක් අපිට තෑගි දෙන්න පුළුවන් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...
ReplyDeleteසුබ නව වසරක් වේවා...!
ReplyDelete@ පොකූ - වලව්වට එහෙම කවුරුවත් මුට්ටියක් දැම්මොත් පොඩ්ඩක් බලන්න.. පැණි පාට හැන්ඩියෙක්වත් උනොත් එහෙම !
ReplyDeleteසුභ නව වසරක් වේවා අයියේ...
ReplyDeleteමතක් කරල බලන්න තව අමතක උන ඒවා තියනවද කියලා.
ReplyDeleteඔන්න වෙනී අයියට වාසනාවන්ත නව වසරක් පතනව
මං මටම සීය උනෙත් ඔයවගේ සීන්එකක් නිසා.
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා!
අන්තිම කතාව නම් සිරා.. මගේ යාලුවෙක් ඉන්නවා.. මිනිහටත් ඔය වගේ සිද්ධි ගොඩක් වෙලා..එයාගේ අම්මයි තාත්තයි එයාලගේ පවුල් වල බාල ම අය.. මගේ යාළුවා ඒ පවුලේ බාලයා.. ඉතින් හිතා ගන්න පුළුවන් නේ..
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා...
ReplyDelete