"සර් මට හරියටම දහයට තමයි බස් එක තියෙන්නෙ..ඒක මිස් වුණොත් ඊ ළඟ බස් එකට යන්න බැරි වෙනවා සර් ඒකයි මගේ වැඩ ටික ඉක්මනට ඉවර කළේ"
"වැඩ ටික උඩින් පල්ලෙන් ගහලා දමන්න ඇති..කෝ දැන් හෙට ඕනි කරන රෙකෝර්ඩ් ටික. බලනවා ඒ ටික කරලා නෑ. "
"සර් ඔය අද ෆයිල් එක. හෙට ගන්න ඕනි ෆයිල් එකේ සේරම දමලා ඇති"
"තමුසෙලා ජොබ් එකට එනකොට නම් කලින් යන්න දඟලන කතන්දර නෑ..කියන වෙලාව එනකන් ඉන්නවා කියලයි එන්නෙ. සෙට් කර ගන්නවකො මේ අහල පහළ බෝඩිමක්. හොයා ගෙන තියෙන්නෙත් කොළඹ අන්තිම කෙළවරේ.."
බොහෝමයක් පුද්ගලික ආරක්ෂක සේවාවල රැකියා ජීවිතය මෙහෙම තමයි.. හොඳම ලොක්කෙක් ලබන්න නම් වාසනා කරලා තියෙන්න ඕනි.. පිළිතුරු දෙන්න ගිහින් මේ වාදය දිග්ගස්ස ගෙන මට අන්තිම බස් එක වරද්දා ගන්න බෑ..ඒ නිසාම නිහඬ බව අවස්ථානුකූලව උචිත යැයි මට වැටහී ගිය බැවින්..
....ලියන්නා පුතා ඔයා මොන අවස්ථාවට මුහුණ දුන්නත් ආයි ආවේගශීලී වෙන්න නම් බෑ..ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වුණොත් මුලින්ම හිතන්න ඒ අවස්ථාව කොයි තරම් වෙලාවක් දරා ගන්න වෙයිද කියලා ඔයාම අනුමාන කර ගන්න. ඊට පස්සෙ ඒ කාලයට හරි යන්න යම්කිසි ගානක ඉඳන් අවරෝහණ ක්‍රමයට හිතෙන් ගණන් කරන්න පටන් ගන්න. එතකොට ඔයාටම දැනෙයි ඔයාගෙ ආවේගශීලි බව අඩු වෙනවා.. ඊට වඩා මන් කියන්න ඕනි නැහැනෙ.අපි මෙච්චර දවස් ඔයාව දැනුවත් කරපු දේවල් මතකයේ තියා ගන්න...
ගුරු පියාණන් කෙනකුගේ බඳු එම වෛද්‍ය ඔවදන් එදින පටන් මාගේ ජීවිතාරක්ෂකයෙකු බවට පත්වූ ආකාරය නම් ඉතා පුදුමාකාරය.
50,49,48,47,46,45…….
"තමුසෙ හෙටවත් වෙලාවට එනවා.. දැන් දවස් කීයක් පරක්කු වෙලා ආවද?"
37,36,35,35,34,.......
"අන්තිම චාන්ස් එක තමයි මේක..මන් හෙඩ් ඔෆිස් එකට දන්වල යවනවා එතකොට ඉවරයිනෙ.."
20,19,18,17,....
"එකෙක් මෙහෙම කරනකොට මන් කොහොමද අනිත් අයව කන්ට්‍රෝල් කරන්නෙ?"
10,9,8,7,6,5,..
"හොඳයි සර් මන් එහෙනම් යනවා.. ගුඩ් නයිට් ! "
"හ්ම්..."
එක අතක ඇති දිගු කුඩයට වාරු වෙමින් මම හනි හනිකට බස් නැවතුම වෙත පිය නැගුවෙමි..මීට සති කීපයකට ප්‍රථම මගේ ප්‍රධානියාට අවශ්‍ය ආකාරයට මගේ හෘද්‍යසාක්ෂිය විකුණූයේ නම් මෙවන් අසාධාරණ වූ දෝෂාරෝපණ වලට ලක් නොවන්නට ඉඩ තිබිණි. මස් රාත්තලම ඉල්ලන සමාජයක නියම කොටසක් වූ වර්තමාන ප්‍රධානියාගෙන් මීට ප්‍රථම සිටි ප්‍රධානියාගෙන් මෙන් කිසිම අනුකම්පාවක් බලාපොරොත්තු වීම ඉදිරියේ පසුතැවිලි වීමට හේතුකාරක විය හැකි බැවින් එය ඉවත දමා බොහෝ කල්ය. මගේ වැරදි වලට බනින කොට නම් එය හදා ගන්න බැරියැ..මට අදාළ නොවන බැණුම් මා කනකට වත් නොගන්නේ එම හේතුව නිසාය.
අද දින නම් බසය වෙනදාට වඩා සෙනඟ පිරී ඇත. සහතිකවම මීට පෙර පැමිණිය යුතුව තිබූ බසය අවලංගු වන්නට ඇත. විනාඩි 45කට වඩා යා යුතු වූ දුෂ්කර ගමන.. සීට් එකක් අයිනට වුණා නම් එක් කකුලක් සීට් එකට හේත්තු කරගෙන ටිකක් හරි පහසුවෙන් ඉන්න පුළුවන් වෙයි යන සිතුවිල්ලත් සමඟ මා බසයට නැගුනෙමි. විනෝද චාරිකාවකට හෝ එවන් ගමනකට ගොස් ආපසු එන තරුණ පිරිසකින් බසය පිරී ගොස් තිබුණි. පාසල හැර ගිය සැනින්ම රැකියාවට යොමු වූවායැයි සිතිය හැකි තරුණ තරුණියන් පිරිසකි ඒ. නවීන පන්නයට නෑකම් කියමින් යාන්තමින් විලි වසා ගත් ඔවුන්, ඔවුන්ගේ ලෝක වල සිනා සලමින් බසය ඔවුන්ගේම කර ගනිමින් දඟලමින් පිස්සු කෙළිමින් සිටියෝය. බසයේ පසු පස දොරටුවෙන් නැගි මා බසය පුරා බැල්මක් හෙළුවේ මදක් හෝ පහසුවෙන් හිට ගෙන යා හැක්කේ කොතනද යන්න සෙවීමටය. බසයේ ඉදිරියේම අසුන ළඟ මද ඉඩක් පෙනෙන්නට තිබුණි. ඉතා සීරුවෙන් බසයේ අසුන් අතර දෙපේළියට සිටින සැමගේම නොරිස්සුම් බැල්මන් ඉවසා ගනිමින් මම හෙමිහිට මගේ ක්ෂේම භූමිය අසලට ඇදුනි. මට අවැසි තරමට එතැන ඉඩ තිබුණත්..ඒ ළඟම සිටි තරුණියන් රොත්ත මා දෙස බලන්නට වූයේ මහත් නොරිස්සුමකින් මෙනි .
"එක්ස්කියුස් මී මිස්.."
කොඳුරමින් මා මගේ ආරක්ෂිත ස්ථානයට පැමිණීමට හැකි විය. බසයේ උඩ ඇති රාක්කයට බෑගය දැමූ මා දිගු සුසුමක් හෙළමින්.. ඉදිරි අසුන හා බසයේ රියැදුරු අතර ඇති වැට මතට මගේ බර යාන්තමින් සැහැල්ලු කළේ දකුණු කකුලෙන් පැමිණෙන වේදනාව දරා ගනිමිනි. අත තිබූ කුඩය එම කකුලට ආධාරකයක් වන සේ තබා තරමක සැහැල්ලුවක් ගත් මා දෑස පියා ගත්තේ... මද හෝ සැනසීමක් ගැනීමටයි.
බසය පුරාම පැතිර යන කෙළිලොල් හිනා හඬ කියා පාන්නේ වගකීමක්, බරක් පතලක් නැති සොඳුරුම සොඳුරු තරුණ දිවියේ ප්‍රීතිමත් ස්වභාවයයි.. කෙළි කවට හිනා හඬ මා සිතට දැනෙන්නෙ දවස පුරාම වූ තෙහෙට්ටු ගතිය පලවා හරින ඖෂධයක් ශරීරය පුරා ගල්වන්නාක් මෙන් හැඟීමකි. වරින් වර නැගෙන පාදයේ වේදනාව මදින් මද දුරස් වේ.. බසය රළු පාර පුරා උඩ පනිමින් එහාට මෙහාට පැද්දෙමින් ඇදෙන්නේ කුඩා කොලු ගැටයෙකු මවගේ සුරතින් මිදී පාර පුරා දුවයන හිතුවක්කාර ගමන් විලාසය සිහිපත් කරමිනි. දෑසට දැනෙන කෙඩෙත්තු ස්වභාවය නිවා ගැනීමට මා දෙනෙත් වසා ගත්තේ..හෙටින් එළඹෙන සතිය පුරාවට මා අනිවාර්යෙන්ම කළයුතු කාර්යයන් සිහිපත් කර ගැනීමට උත්සාහ දරා ගනිමිනි. හෙට උදෑසනින්ම සේවා ස්ථානයට පැමිණිය යුතුව ඇත. මා සිත තුල කිසිම ක්‍රෝධයක් නැතත් මාගේ ප්‍රධානියා යම් විවේචනයක් ප්‍රධාන කාර්‍යාලයට දැන්වුවහොත් අලි මදිවට හරක් සේ තවත් ප්‍රශ්න රාශියකට මුහුණ පාන්නට වනු නියතය. වෙනත් රැකියාවක් සොයා ගැනීමට ඉඩක් ඇත්තේම නැත . දැනට තිබෙන වියදම් සහ ලැබෙන පඩිය තුලිත කරන්නට සිදු වන නිසාම දුර ප්‍රශ්නයක් වූවත් ඉතා අඩු මුදලක් ගෙවන මාගේ වර්තමාන කුලී නිවාසය අත හැර දැමිය නොහැක.. පඩි පත අතට ගත් වහාම කල යුතු කාරණා අතර මුල් කාරණය වන්නේ දැනට අපහසුවෙන් වූවත් පැළඳීමට වී තිබෙන කල් පැන ගිය කිට් එක...
"වට් අ ෆ... දැන් කී සැරයක් නම් කකුලෙ අත හැප්පුවද ? එක සැරයක් දෙකක් ඉවසුවා.. ඒ මදිවට කකුල හේත්තු කර ගන්නවා මගේ ඇඟේ.. බලන්න අයියෙ ?"
එක් වරම මා සිතුවිලි ලොවෙන් ඇද දැමූවේ දෙසවන් අසලින්ම ඇසුණු කෝප සහගත කට හඬකින් හා සියුමැලි අතකින් මා තල්ලු කර දමන වෑයමකින්ය. අනපේක්ෂිත සිද්ධිය නිසාම මා මගේ කකුලට වාරු කරගෙන තිබූ කුඩය මා අතින් ගිලිහී ගිය අතර ශරීරයේ සමබරතාවය රැක ගැනීමට එම අතින් බසයේ අසුන් ගරාදිය අල්ලා ගතිමි. ශරීරය සමබර වූයේ අසල වූ අනිත් තරුණියගේ නිතඹේ මගේ මුලු ශරීරයම ගැටීමත් සමඟය. ඇයද නොරිස්සුම් හඬින්
"මේ වනචරයො එක්ක බස් එකක වත් යන්න බෑ අප්පා.."
අවට සිටියවුන් නොසන්සුන් වනවාත් සමඟම.. ඔවුන් අතරේ සිටි තරුණයන් කිහිප දෙනා එම තරුණියන් අතරින් මා දෙසට එන්නට විය.
"මුන් බස් වල එක්ක යන්න වටින්නෙ නෑ.. ඇදලා එළියට දමමු මචන්.."
"කෙල්ලෙක් ජීවිතේට දැකලා නැති අසහනකාරයො.. බලහන් බීලාද කොහෙද ඉන්නෙත්.. "
"ඔව් ඔව් හරියට කෙළින් ඉන්නවත් බෑ"
මීට පෙර සිදු වූ අත්දැකීම් වලින් මා උගෙන සිටියේ මෙවන් අවස්ථාවලදි කටහඬ අවදි කර තත්වය උග්‍ර කර ගන්නවාට වඩා නිහඬව සිටීම නුවණට හුරු බවයි.මාස දෙකකට පමණ පෙර මා බීමතින් සිටිනවා යැයි සිතා මෙවැනිම තරුණයන් පිරිසක් මා බසයෙන් ඇද දැමූ විට මා හට සිදුවූ අකරතැබ්බය මා හට තවමත් මතක නිසාම..
999,998,997,996,995 .....
"ඩ්‍රයිවර් අයියෙ නවත්වන්න බස් එක ඉස්සරහා.. මූව එළියට දමන්න."
එක් අයකු මාගේ කමිසයේ කොලරයෙන් අල්ලා ගත් අතර..
"මල්ලි ඔයාලට වැරදීමක් වෙලා.."
වාක්‍යය අවසන් කරන්නට මා හට ඉඩ නොලැබුනි.
"කොහෙද යකෝ වරදින්නෙ ..කොහෙද? "
කලිසමේ බඳ පටිය තදින් අල්ලා ගත් කාය වර්ධන ශූරයකු බඳු තරුණයා.. මා දෙස විමසිලිමත්ව බලමින් රකුසු කර ගත් මුහුණින් යුතුව...
ඔහු මිටි කරගත් අත සහ තද කරගත් ඇඟිලි වලින් ඔහුගේ අත ගෙන ගියේ මාගේ යටි බඩ දෙසටයි...
එක්වරම.. දෑස් විශාල වී.. වඩාත් විමසුම් බැල්මක් මා වෙත යොමන්නට විය.
" තමුසෙලා බස් එක ඇතුළෙ වලි දමා ගන්නව නෙවෙයි..මන් අල්ලනවා බස් එක පොලීසියට ඉස්සරහ තියෙන.. "
ඒ බස් රියදුරුගේ රළු කටහඬයි.. මගේ යටිබඩ මිරිකූ තරුණයාගේ දෑස තවමත් විශාලය.. කමිස කොලරය අල්ලා ගෙන සිටි තරුණයාගේ අතින් මා මුදවාලූ ඔහු..
"අතෑරලා දමමු මචන්.."
සිහින් හඬින් මිතුරාට කීවේය.
"ඇයි ? ඇයි ? ඇදලා දමමු මචන් එළියට මූව.."
"කියන එක අහපන් බන්..මේක අත ඇරලා දමමු.."
"ඔය ළමයි දෙන්නා මෙතන ඉඳ ගන්න.."
අසල වූ අසුනේ සිටි දෙදෙනා පෙර කලබල කල තරුණියන් දෙදෙනාට එම අසුන පරිත්‍යාග කරමින් නැගී සිටියෝය.
"මේ වගේ උන්ට රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති එක තමයි ලොකුම අහේතුව..."
මා අසලම අනිත් අසුනේ සිටි මැදිවිය ඉක්මවූ ගැහැනුන් දෙදෙනා මහා හඬින්, මා දෙස පිළිකුලින් බලමින්, විශාල සාකච්ජාවකට මුල් ගල තැබූහ..
අර හැඩි දැඩි තරුණයා තවමත් මා දෙස විමසිල්ලෙන් බලා සිටී. නිහඬව සිටින ලෙස ඔහුට ඔළුවෙන් සන් කල මා..
800,799,798,797,796,795...
500,499,498,497...
ඉහත කී තරුණියන් දෙදෙනාගෙන් එක් අයෙක් බස් රථයෙන් බැසීමට නැගී සිටියාය.කකුල මෙන්ම යටි බඩ දෙසින්ද එන වේදනාව නිසාම මා එම අසුනේ ඉඳ ගැනීමට තැත් කරන විටම අර තරුණිය වහා තම අතවූ කුඩා බෑගය ඇයත් මාත් අතරවූ හිඩැස මත තැබූයේ.. නැවතත් හදිසියේ වත් ස්පර්ශවෙතැයි යන පිළිකුලින් යුතුවය..කෙසේ හෝ මා හට ලැබුණු කුඩා ඉඩ මත මා ඉඳ ගතිමි.
දකුණු කකුලේ දණහිස ළඟින් පැමිණෙන වේදනාව මුළු ගතම හිරි වට්ටා ගෙන යයි. .. කලිසම් කකුල රෝල් කර උඩට ගෙන දණහිසෙන් පහළ වූ ඇලුමිනියම් පාදය එය දණහිසට සම්බන්ධ කර තිබූ ගාන්චුවෙන් ගලවා පැත්තකට තැබු මා.. දුටුවේ දණහිසට පළඳවා තිබූ විශේෂ රෙදි ආවරණය මතට ලේ බිඳු උණා ඇති බවයි. මගේ ගමන් මල්ල තුල වූ විශේෂ බෑගයේ තිබූ අයිස් කැට කීපය කකුල මත තැබූ මා හට යම් සහනයක් දැනුණි..
ත්‍රස්තවාදීන් අටවා පුපුරා ගිය පිටකොටුවේ බෝම්බය නිසා පාදයක් අහිමි වූ මා හට අහිමි වූයේ පාදයක් පමණක් නොවේ.. ජීවිකාව කල රැකියාව සහ මාගේ ඉදිරි පරම්පරාවයි.පෙනහැල්ල ඇතුළු ශරීරයේ බොහෝ ස්ථාන වල රැඳී ඇති යකඩ කැබලි නිසා මා හට ආවේගශීලි වීම තහනම් කර තිබෙන්නේ..එහි ප්‍රථිපලයක් වන අධික රුධිර පීඩනය මාගේ ජීවිතයට අනතුරුදායක නිසාය. එවකට සිටි රැකියාවෙන් ලද වන්දි මුදල මස් රාත්තලම ඉල්ලන සමාජයේ මාගේ නැගණියන් දෙදෙනාගේ දෑවැද්ද සඳහා දුන් මා හට දැනට කරන රැකියාව මාගේ එකම ජීවිත රැකවරණයයි. සුළු මුදලක් වන ගෙවල් කුලිය හා කෑම වලට යන වියදම හැරුණ විට ඉතිරිය වියදම් වන්නේ බෙහෙත් වලට සහ යටි බඩ පෙදෙසට පැළඳිය යුතු විශේෂ උපකරණ සඳහාය. අසරණ යැයි සමාජයට පෙන්වීමට ඉඩ නොදෙන මගේ ආඩම්බර හිත ඉවතලා හෙට සිට මාගේ අත් වාරුව රැගෙන ආ යුතුය යන්න මගේ සිතට කා වැදුණි.
අහම්බෙන් මෙන් මා දෙස බැලූ යුවතිය ක්ෂණයකින් මා හා ඇය අතර හිර කර තැබූ බෑගය වහා අතට ගෙන මා දෙස බැලූයේ විස්මයකිනි.මා දෑස තද කර වසා ගතිමි.මේ සොඳුරු යොවුන් තරුණ තරුණියන් අත වරදක් නැත. ඔවුන් කාලයත් සමඟ මෝරන ජීවිතය තුල ක්ෂණික තීරණ වල අවලංගු බව පසක් කර ගනිමින් බොහෝ දේ උගෙන ගනිමින් සමාජය ජීවත් කරවනු නියතය.
599,598,597,596......
වේදනාව පරයමින් සිනහවක් මා හද තුලින් පිපෙන්නට පටන් ගති...
//රිදී පාට කල පා තුඩු පයට පෑගිලා…
ReplyDeleteනපුරු වී ඔයා මා සලලෙකුට සම කලා ...//
මට එක පාරම මතකෙට ආවේ අන්න ඒ සින්දුව ..
ලස්සන කතාව වෙනී අයියා
හ්ම් මටත් ඒ සින්දුව මතක් වුනා මල්ලි.හොද කතාවක්.
Deleteමේ වගේ කතා දුලබ නැහැ
ReplyDeleteඇත්තටම දුක හිතුනා මේක කියෙව්වට පස්සේ...
මෙන්න කතා.
ReplyDeleteනියමයි වෙනියෝ, මේ දීල තියෙන්නේ ඇට්ටි හැලෙන්න.
ලියල තියෙන හැටිත් උපරිමයි,
[ඇත්තම කියහන්, දෙකක් නවාගෙන නේද ලිව්වෙ?]
@ හිස් අහස - මටත් හිතුනේ ඕකමයි මචන්.
ReplyDelete"විඳින වේදනා මදි මට නගයි චොදනා
උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා"
ඇත්ත වෙනී..... අද කාලේ ඔහොම මිනිස්සු ඉන්නවද කියලා සමාජයට අමතකයි... හමුදා සොල්දාදුවෝ කියලා ජාතියක් ඉන්නවද කියලත් අමතකයි...
ReplyDeleteඔවුන් වෙනුවෙන් ඇස් අරින්න ආයෙත් කාලය ඇවිත්.....
නියමයි අයියේතතත දැනෙන්නහම ලියලා තියෙනවා...
ReplyDeleteවෙනි අයියේ පණ පිහිටවල ලියල තියෙනව...හිතා ගන්ඩ බැරිඋනා එක හුස්මට කියෙව්වා..ඇත්තටම අද රටේ මේවා සිද්ද වෙනව...කදුලක් ඉනුව බං ..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteලඟදී සිට වෙනී අය්යගේ ලිවිමේ රටාවෙ වෙනසක් දකිනවා . ගොඩාක් දියුනු වෙලා වගේ . ලස්සනයි ඈත්තටම . සුභ පතනවා .
ReplyDeleteසඳරුව කිව්ව සින්දුවමයි මටත් මතක් උනේ... ලියන්නගේ ලියවිල්ල උපරිමයි....
ReplyDeleteලෙසටම ලියලා තියනවා වෙනියා.
ReplyDeleteපොඩි අවුලකට තියෙන්නේ අර සීට් එකේ හිටිය කෙල්ල බෑග් එක අරගෙන බලපු බැල්මට ගනං කර කර හිටපු තැනත් අමතක වුණ එක තමයි.
ඔයා අද ලස්සනට ලියල තියනව කතාව.අර ගනන් කිරීම තමා මරු අය්යා.:)
ReplyDeleteසිරාවට රාජ් අයියා කිව්වා වගේ පණ පිහිටවල ලියලා තියෙනවා අයියේ
ReplyDeleteහිත සසල කල කතාවක්....
ReplyDeleteලස්සනයි ලියන්නෝ. ලස්සනට ලියලා.
හ්ම්.මැනවින් ලියා තිබේ. කතා නායකයා ආපස්සට ඉලක්කම් ගනන් කිරීම කතාවට රසයක්ම ගෙනදේ.මාතෘකාවට ජැකා හරි අසහනකාරයා කියලහරි දැම්මනං හොදය.
ReplyDelete//ඔවුන් කාලයත් සමඟ මෝරන ජීවිතය තුල ක්ෂණික තීරණ වල අවලංගු බව පසක් කර ගනිමින් බොහෝ දේ උගෙන ගනිමින් සමාජය ජීවත් කරවනු නියතය.//
මෙය කතාව අවසානයේ උච්චස්ථානයකට පාඨකයා රැගෙනයාමට සමත්ය.
//රිදී පාට කල පා තුඩු පයට පෑගිලා…
ReplyDeleteනපුරු වී ඔයා මා සලලෙකුට සම කලා ...//
මේ සින්දුව මතක් උනේ මේක කියවලා ඉවර උන ගමන්ම අයියා :(
ලස්සනට බොහොම පරෙස්සමට වචන ඇමිණු කතාවක්.ඔබට ජය!
ReplyDeleteමමත් ආවේගශීලී වුනාම ආපස්සට ඉලක්කම් ගනිනවා.ඇත්තටම සැහැල්ලුවක් දැනෙන සාර්ථක ක්‍රමයක්.
මගෙ ඇස් දෙකට කදුලුත් ආවා..
ReplyDeleteසුපිරි ලියවීමක් වෙනි.....
ReplyDeleteඔය අද තත්වෙ
හිතහන්කෝ හෙට ඔය යුද්දෙන් පීඩාවට පත් නොවුනු පරපුර ගැන..............................
මරු... වෙන කියන්න දෙයක් නෑ. රසයි...
ReplyDeleteඅනුකම්පාවක් මොකට ද ලෝකයෙන්, අනුකම්පාව තරම් හිත රිදවන තවත් දෙයක් සමහරුන්ට නම් නැහැ.
ReplyDeleteඇඩෙනවා......
ReplyDeleteසිරා කතාව වෙනී අයියා. එකෙන්ම සුපිරි ලියවිල්ලක්. වදින්න තියන හොඳම තැනට වදිනවා. ජයවේවාz :)
ReplyDeleteසුපිරි
ReplyDelete*******
ReplyDeleteඅපේ සමාජෙට අද අමතක පැත්තක් තමා ඔය. මිනිස්සු විමසිලිමත් හා ඉවසිලිමත් වෙන්න ඕනේ.
ReplyDeleteඋපරිමයි වෙනී අයියේ.සුපිරියට ලියලා තියෙනවා
ReplyDeleteදුක හිතුනා ගොඩාක්.. අවසානය මෙහෙම වෙයි කියලා මම හිතුවේ නැහැ :(((
ReplyDeleteහුඟක් සන්වේදි කතාවක් .ඇත්තටම ඇහැට කඳුලක් අවා කියවලා ඉවරවෙනකොට..
ReplyDeleteමේක සිරා කේස් එකක් නෙමෙයිනෙ ?...
ReplyDeleteමොනව කියන්නද බං . . මැක්සා කියනව ඇරෙන්න
ReplyDeleteනියම කතාව අයියේ.. කියන්න වචන නෑ.. හරි අපුරුවට ලියලා තියෙනවා..
ReplyDeleteමේක ඇත්තම කතාවක් ලෂ්මන් හිල්මි කියන සින්දුවට පාදක වුනු සිදුවීමක් මං අහල තියෙන විදියට
ReplyDeleteමේවා ඇත්තටම සිදු නොවෙනවාම නෙවෙයි!
ReplyDeleteඇත්තටම වටිනා කතාවක්, සමාජය හුඟක් වෙලාවට කතා කරන්නෙ ආබාධිත සොල්දාදුවො ගැන විතරයි. එත් බොම්බ වලින් මියගිය ආබාධිත උනු දහස් ගනනක් සමාන්්‍ය මිනිස්සු අපි අතර ඉන්නවා.
ReplyDeleteසමහර වෙලාවල් එනව බං මිලියන ගණනෙන් කවුන්ට් ඩවුන් එක පටන් ගන්න වෙන..
ReplyDeleteඇත්තටම සංවේදී කතාවක්.. මුල සිට අවසානය දක්වා අපුරුවට කතාව ගලා ගෙන ගියා..අවසන් කොටස කියවන කොට මටත් 'හිස් අහස' කමෙන්ටි කරලා තියෙන සිංදුව මතක් වුණා...
ReplyDeleteසංවේදී කතාවක්..සමහර වෙලාවට අපි ඉක්මන් වෙලා ගන්න තීරන වලින් ගොඩක් පසුතැවෙන්න වෙනවා..
ReplyDeleteකතාව මැදදි තිබ්බ කේන්තිය තරහාව කතාව අග හරියේ වෙනකොට අනුකම්පාව දයාවක් බවට පෙරලුනා. මිනිස්සු හොයන්නේ බලන්නේ නැතුව තතීරණවලට එලබෙන්න ගියහම ඔහොම වෙනවා. :)
ReplyDeleteඅති විශිෂ්ඨයි වෙනි අයියා!!!!
ReplyDeleteමොකෝ බංස් ආයෙමත් පබ්ලිස් කරල?
ReplyDeleteඇත්තම තමයි. යුද්ධයක් තිබ්බ රටක පරම්පරා දෙකක් තුනක් යනකම් ඒ කල්ලි වලින් මිදෙන්න බැහැ. ලස්සනට ලියල . මේ වගේ ඇත්තම සිද්ධියක් ලඟදි කියෙව්වා.. අතපය හොඳට තියෙන ජැක්සන්ලා හින්දා අහිංසක මිනිහෙක්ටවත් නිදහසක් නැහැ
ReplyDeleteආබාධිතයො ගැන අපේ රටේ උන්ට තීන්නෙ අබාධිත හැඟීමක්!
ReplyDeleteකතාවනං සුපිරි.
අපේ උන් තරම් අබාධිත අහිංසකයින්ව කොන් කරන රටක් මම නම් ලෝකෙ කොහෙවත් දැකල නැහැ.....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@ හිස් අහස - සඳරු මල්ලි, කතාව ලියන කොට මගේ ඔලුවෙ තිබුනු කතන්දර අස්සෙ මේ සින්දුව තිබ්බා.. කතාව පබ්ලිස් කරලා සුළු මොහොතකින් ඔබට ඒ සින්දුව මතකයට ආවා නම්..ඒ බව කීව එකට ස්තූතියි..
ReplyDelete@ලොකු පුතා - සහතිකවම ඔව්, දුලබ නැහැ..මේ මගේ දෝංකාරය..ස්තූතියි
@ ඔබ්සර්වර් අයියා - ඔව් ඔව් ඉස්සෙල්ලා ඒවයෙ අඩු පාඩු පෙන්නලා දුන්න නිසාම ඒවා හදා ගන්න කරපු උත්සාහය තමයි මේ.. ( නෑ අයියෙ !)
@ Goldan Dragon ස්තූතියි සොයුර , ඒත් ලියන්නාට හෙට උදේම ඔෆිස් යන්න වෙනවා බොස්ගෙන් බැනුම් අහන්නෙ නැති වෙන්න.. අර සින්දුවෙ හැමෝම එයාව රැක ගන්න පෙරට එනවා..වෙනස එතනයි
@අභීත -ස්තූතියි .. ඔව්, මෙතන නම් සෙබලෙක් නොවන අයෙක් තමයි විඳින්නෙ ..
ReplyDelete@ප්‍රසන්න - ස්තූතියි , දෙන දිරියට
@රාජ් - සහෘදයෙක් කියන්නෙ ඒකයි..මන් ලියන කොට මගෙ ඇහැට ඉනුව කඳුල ඒක..
@ ගිම්හානි - ලියන්න පටන් ගත්ත කාලෙ ඉඳන්ම ඇවිත් කමෙන්ට් කරලා දිරි දීපු ඔයාලා නෙ ඒකට වග කියන්න ඕනි.. මන් දන්නෙ නෑ ඕන්..
@ පිපම - ස්තූතියි.. ඇයි මන් මුල ඉඳලම කියෙව්වෙ ඔය ගොල්ලන්ගෙ බ්ලොග්නෙ..ඒවායින් ගත්ත ආදර්ශය තමයි මේ..
@ නචියා - හික් හික් හී.. බලන්න වෙන වැඩ.
ReplyDelete@නදී - ස්තූතියි .. ඒක එක ටෙක්නික් එකක්
@චම්මා - ස්තූතියි.. පණ පිහිටවා ලිවීම.. ඒක අළුත් වාක්‍යාංශයක් වගේ මට නම්..
@ පොකූ - මට පොඩි ආඩම්බරයක් දැනෙනවා..
@ රාජ් - ස්තූතියි.. මන් මේ කතා සෙට් එක මුද්‍රණය කරන කොට ඔබ යෝජනා කරන නම තම්යි දමන්නෙ..ඒක ගොඩාක් ගැලපෙනව.
@ශානු - ස්තූතියි නංගි, ඒ සින්දුවත් ගොඩාක් පිටුවහල් වුනා මේ කතාව නිර්මාණය කරන කොට..
@ වසිලිස්සා - ස්තූතියි ඔබේ ඇගයීමට... ඒක ප්‍රසිද්ධ ක්‍රමෝපායක් කේන්තිය නිවා ගන්න.
ReplyDelete@නිසුපා - මේ නිර්මාණයට පාදක වෙච්ච ප්‍රවෘත්තිය , කතාව සහ සින්දුව මාව ඇඬෙව්වා නිසැකවම.. ආන්න ඒ කඳුල තමයි මන් ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කලේ..
@නිශ් - හිතා ගන්න බෑ කොහෙත්ම.. පොඩි අදහසක් තියෙනවා..හිත කම්පනය කරවනවා ඒක
@ මාතලන් - ස්තූතියි ඔබට ඇගයීමට
ReplyDelete@ සොසී - අනිවාර්‍යෙන්ම ඔබ හා එකඟයි. අනුකම්පාව හා භූමිකම්පාව අතර ඉතා සුළු දුරක් තියෙන්නෙ..
@ ජේඩී - ඔබට දෙවරක්ම ස්තූති කලයුතුයි.. මොකද ඔබ මීට පෙර ලියූ කමෙන්ට් එකකට මට පිළිතුරු ලිවීමේදී ඔබව මග හැරී ගොස් තිබුනා සොයුර.. ඇගයීම ඉමහත් දිරි ගැන්වීමක්.
@ විසිතුරු - ස්තූතියි හැමදාම කියවන එකට
@මාරයා - කල ඉහලම ඇගයීමට ස්තූතියි මල්ලි..
@ක්සැන්ඩර් - විමසිලිමත් ඉවසිලිමත් බව... අගෙයි ඒ වචන කීපයේ අදහසට
ReplyDelete@රාජීත් - ස්තූතියි ඇගයීමටත්
@වර්ණා - මට දැනුන දුකේ කම්පනයයි මම ලිව්වෙ.. සතුටුයි ඔබට ඒක දැනුනානම්..
@මගේ විජිතය - ස්තූතියි ඇගයීමට
@සාතන් - මේක හදවතේ ඇති වූ කම්පනයක් මත කල නිර්මාණයක්
@ ඕනයා - ස්තූතියි මල්ලි ඇගයීමට
ReplyDelete@දිනේශ් - ස්තූතියි ඔබටත්..
@ අසරණයා - ඔව් මේ සිද්ධිය ඇත්ත කතාවක්.. මන් ටිකක් වෙනස් කලා..
@ සාබිත් - ඔව් ඒකෙ කම්පනය තමයි මේක..
@ ඇනොනිමස් - ඔබ නියම නමින් ආවා නම් මට හරි සතුටුයි..මොකද සිද්ධිය හරියටම අරගෙන තියෙනවා..මන් අනුමාන කරනවා ඔබ කවුද කියලා..මගේ අනුමානය හරි කියලා හිතනවා "සර්"
@ පැණි දොඩම් - ඔව් මල්ලි.. සහතික ඇත්ත
ReplyDelete@චතුමිතු - ස්තූතියි ඔබට, පැමිණීමට සහ කමෙන්ට් කිරීමට
@රූ - ඔව් ඒ වගේ ක්ෂණික තීරන ගන්නවා කියලා තේරුම් ගන්න එකම ඇති..ස්තූතියි ඔබේ ඇගයීමට
@මධුරංග - අනිවාර්යයෙන්ම ඒක ඇත්ත..
@චන්දික - ස්තූතියි ඔබට.. සහ ඔබේ ඇගයීමට
@ඔබ්සර්වර් අයියා.. මොකද්ද අවුලක් තියෙනවා..මන් නම් ආයි පබ්ලිස් කලේ නැහැ..සමහර බ්ලොග් මටත් පෙනෙනවා එහෙම නෑ
@ බින්දි - ඔව් මේ කතාවෙ ඒ පැත්ත ගන ඔබේ අදහසට මමත් එකඟයි..ඒ නිසායි මන් සිද්ධිය අගදි තරුණියන් ගැන වෛරයක් නොහිතන තැනට ආවෙ
ReplyDelete@ ඉන්දික සහ
@වින්චැට් කිරිල්ලී -වර්තමානයේ තත්වය වෙනස් වෙමින් පවතිනවා නේද..ආබාධිත කියන Disability වචනෙ පාවිච්චි වෙන්නෙ නෑ කියන්නෙ Differently Able. සහ පාර්ලිමේන්තු සම්මත නීතියක් තියෙනවා රාජ්‍ය ආයතනවල ගොඩනැගිලි නිර්මාණයේදී Differently Able අයට අනිවාර්යයෙන්ම පහසුකම් තිබිය යුතු මයි.
ඇත්තටම දෙයක් කරන්න කලින් අපේ තරුණ පරපුර දෙපාරක් හිතනවා නං මේ වගේ දේවල් වෙන එකක් නැහැ ........
ReplyDeleteඇත්තටම දුක හිතුනා .......
පටිටයි ......
මේක මම කියවල තියනව මේ විදිහට නෙවෙයි පත්තරේකින්. ලියල තියන විදිහ අපූරුයි.
ReplyDeleteසුපිරි ලියවිල්ලක් වෙනී අයියෙ. මැද හරියට යනකොට අවසානය මොන වගේද කියල හිතුනත් සංවේදීව ලියවෙලා තිඋඅන නිසා එක පේලියක්වත් පනින්න හිතුනෙ නෑ.
ReplyDeleteඇත්තටම වෙනී අයිය හිතනවද ඒ ගෑණුළමය වැරදියි කියල ?
@ පංසල් හන්දිය- වැඩිපුර දුර දිග හිතන්නෙ නැති තරුණ පරපුර බහුතරයක් ඉන්නෙ..ඒ අතරෙ ඉන්නවා වැඩිහිටියන්ටත් එහා හිතන කට්ටියක්..
ReplyDelete@රංජිත් - ඔව් ඔය සේරම කියවලා ඇති වෙච්ච කම්පනය තමයි මන් ටිකක් වෙන්ස විදියට වැමෑරුවෙ !
@ අවංක පැට්ටා - ස්තූතියි ඇගයීමට
@නවම් - ඒ ළමයා වැරදී කියලා මන් නම් හිතන්නෙ නෑ.. මොකද හිරවෙලා බස් වල යන මගේම සොයුරියන්ට විඳින්න වෙන වද වේදනා මන් අහලා තියෙනවා..නිහඬව සිටිය යුතු නෑ ඒ වෙලාවලදි.නමුත් අවලම් අත පත ගෑමක් සහ අහම්බෙන් අත වැදීමක් අතර වෙනස හඳුනා ගත යුතුයි , අසාධාරණයට හඬ නගන්නට පෙර.
ලියන්නා සහ වෙනියා යනු දෙදෙනෙක්ය කියලා කිව්වනෙ. මේ කතාව ලියලා තියෙන්නෙ ඔය දෙන්නගෙන් කවුරු වුනත් නියමෙට ලියලා තියෙනවා.
ReplyDeletehenryblogwalker the Dude
සැබවින්ම සසල වීමි :'(
ReplyDeleteලිවීම ඉතාම සුපිරි
මේ වගේ කතාවකට සම්භන්ද සින්දුවක් මතකෙට ආව. ලක්ෂ්මන් හිල්මි කියන්නෙ.
ReplyDeleteරිදී පාට කල පා තුඩු පයට පෑගිලා..
නපුරු වී ඔයා මා සළෙලෙකුට සම කලා..
සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා..
යකඩ පය මගෙ නුඹ ලඟ හඬා වැළපෙනා..
Niyamai..... Mepetthatath avilla yanna puluwan welawaka...
ReplyDeletewww.shanzone.blogspot.com
MENNA NIYAMA KATHANDARA. KATHANDARA LIYANA WITA ME WAGE KATHANDARA LIYANNA EPAYE.-----UNCLE-----
ReplyDeleteela
ReplyDelete