ටර.... ටර.... ට...ර ටර....
යන ශබ්දය සමඟින්ම කෘතීම සබන් බෝල මැෂිමේ නාසය තුළින් විශාල සබන් බෝලයක් නිර්මාණය වන්නට විය..
ඔබ පිටකොටුවේ පදික වේදිකා වෙළඳුන්ගෙ නව කඩ සමූහය ඉදිරිපිටින් යන අයෙක් නම් මා කියන මෙම දර්ශනය අරුමයක් නොවන්නට පුළුවන..
සෙල්ලම් පිස්තෝලයක් වන් ප්ලාස්ටික් සබන් බෝල මැෂිමේ නාසය තුළින් විශාල වන සබන් බෝලය මතට හිරු එළිය වැටීමෙන් මැවෙන දේදුන්නෙ සප්ත වර්ණ මත අවට පරිසරයේ ප්‍රතිබිම්බය ඒ මත ඇඳෙද්දී.. මාගේ සිතද කුමක්දෝ ප්‍රීතියකින් පිනා යන්නට විය..
දත් හිරි වැටී කන අගුල් වැටෙන තරමේ ක්‍රීස්ස්ස්ස්ස් යන හඬ නගමින් මාගේ එක අතක වූ බෑගයේ යම් දෙයක් වේගයෙන් වදිනවාත් සමඟම සමඟම ඇඟිලි මත තද වේදනාවක් දැනී බෑගය මා අතින් අතහැරිණි..ඒ සමඟම යුවතියකගේ කෑ ගැසීමක් සවනට වැටුණි..කිසිවකු මා ඇදිද්දී ගිලිහුණු සමබරතාවය තවත් අයකු වත්තන් කර ගන්නවාත් සමඟම රැකුණි.
"කොහෙද !@@#$%^^ යන්නෙ උඩ බලාගෙන"
එක් පැත්තකින් ඇසුණ කඨෝර හඬසමගම මා ගත පණ නැති වී යනවා දැනිණි
----------------------------------------------------------------------------------
"ආත්තම්මා .. ආත්තම්මා... මේ "
"යනවා ළමයො මට වද නොදී.. මේ වී ටික තම්බා ගෙන වේලා ගන්න ඕනි හවස වැස්ස එන්න ඉස්සර "
"බලන්න ආත්තම්ම මට කුඹුර අයිනෙ හබරල ගාලෙ තිබිලා ලොකු සබන් බෝල ගොඩාක් හම්බ උණා මේන්"
"ළමයෝ මන් මොකද්ද කිව්වෙ දැන් ?
හත් දෙවියනේ මේ පවිකාර කොල්ල කරල තියෙන දේ ?"
ආත්තම්මා එක් අතක් කම්මුලට ගෙන තම්බමින් සිටි වී මුට්ටියෙන් මෑත් වෙමින් කී දෙය මගේ සිතට යම් කනස්සල්ලක් ගෙනාවේ.. මෙම වචන සමූහය සමඟින් එන්නේ යම්කිසි හොඳ දෙයක් නොවන බව අත්දැකීමෙන්ම දන්නා නිසාය. ආත්තම්ම මාගේ අතේ ඇති විශාල සබන් පෙණ කැටිය දෙස විමසිල්ලෙන් බලයි.
"පුතේ ඔය සබන් පෙණ නෙවෙයි ගෙඹි බිත්තර.. හොඳට බලන්න චූටි ගෙඹි පැටව් ඉන්නවා ඇතුළෙ"
ඈහ්
"යන්න යන්න ඔය ටික ගත්ත තැනින්ම තියන්න පුතේ, පව්.. දැන් ගෙඹි අම්මයි, ගෙඹි තාත්තයි හොඳටම කලබල වෙලා හොයනවා ඇති එයාලගෙ පැටව්.. දුවලා යන්න"
"ආත්තම්මෙ මේ සබන් පෙණ නෙවීද ?'
"නෑ නෑ පැටියො ඕක ගිහින් තියලා එන්න.. මන් හවහට මයෙ පුතාට ගෙඹි කතන්දරයක් කියලා දෙන්නම්.. හා යන්න'
මමද පෙණ කැටිය ගෙන නැවතත් කුඹුර අයිනේ වූ හබරල ගාල වෙත යන අතරතුරදී ඇසුණේ නිරන්තර ගෙඹි බක බකයකි.. ආ මෙයාලගෙ අම්මයි තාත්තයි වෙන්න ඇති..මීට පෙර නොදුටුවද විමසිල්ලෙන් බලන කල මා හට පෙනුණේ එම පෙණකැටියේ එක් එක් සබන් බෝලය තුළ ඉතා කුඩා කලු පාට ගුලිය බැගින් නළියන ආකාරයයි.. චෙහ් ඉස්සෙල්ල දැක්කෙ නැහැනෙ.. මන් හිතුවෙම සබන් බෝල ගුලියක් කියලමනෙ.. හබරල ගාල සමීපයේම වූ පහු ගිය සුළඟකට ඇද වැටුණ කුඹුක් කොටය උඩට ගොඩ වූ මා හාත් පස බැලුවේ මේක අතට ගත්තේ කොතනින්ද යන්න සෙවීමටයි..
ආ අන්න අතන ලොකු හබරල ගහේ අතු අතරෙ තමයි තිබ්බෙ.. හරි සතුටින් ඔද්දල් වූ සිතින් මා කුඹුක් කොටයේ සිට හබරලා ගාල වෙතට පනිනවාත් සමගම කිසිවකු මගේ කලිසමේ කකුලකින් අල්ලා ගති.. ප්‍රතිඵලය වූයේ, මා හබරල ගාල අසල වූ මඩ ගොඩමත ඇද වැටීමත් අතේ වූ පෙණ කැටිය විසිවී ගොස් හබරල ගසක් මත රැඳීමත්ය.. අයියෝ මා කුඹුක් අත්තෙන් පනින්නට පෙර කලිසමේ කකුල කුඹුක් කොටේ කුඩාඅත්තක පැටලී ඇත.. මඩ සහිත බිම ඇනුණ දණිස් දෙක තුවාල වී ලේ ගලයි. ටික වෙලාවක් අඬමින් සිටි මා.. නැගිට ගෙදර ගියේ, ආත්තම්ම විසින් මඩ සෝදා කෝපි දළු කීපයක් හොඳින් තලා තුවාලය මත තැබීමෙන් පසු මාගේ ඉකිගැසීම අවසන් විය. පාසැල ඇරී ආ චූටි අක්කා දුන් විස්කෝතු කීපය නිසාම කකුලේ වේදනාව සම්පූර්ණයෙන්ම නැතිවිය.ඒ කාලය මා පාසැලට ඇතුළත් කිරීමට වසරකට පෙර පමණ විය..
"ආත්තම්ම ආත්තම්ම කතාව.. ගෙඹි කතාව .."
මා නිදා සිටි පැදුර වෙත ආ අත්තම්මා මාගේ හිස ඇගේ උකුලට ගෙන අතගාන්නට විය.. චූටි අක්කාද පාඩම් කරමින් සිටි පොත පැත්තකට දමා අප දෙදෙනා අසලට වී ඉඳගත්තාය.
"පුතේ එක කාලෙක රජ කුමාරයෙක් හිටියා..වැඩේ දාන්ගලෙමයි..කොච්චර හරි මඩේ නටනවා..කුරුල්ලො පස්සෙ පන්නනවා.. සමනලයො පස්සෙ දුවනව.. එක දවසක් ඔය කුමාරයා සබන් පෙණ කියලා හිතා ගෙන ගෙඹි පැටව් ඉන්න කූඩුවක් කැඩුවා."
මට හිකිස් ගා සිනා පහළ විය
"ඉතින් ගෙඹි අම්මයි තාත්තයි දෙන්න බොහෝම දුකෙන් තමන්ගෙ පැටව් ටික නැති වෙච්ච සෝකෙ කිව්ව ලෝකෙටම ලොක්කා වෙච්චා මහබඹාට..මහබඹා මොකද කළේ අර කුමාරයා කරපු වැරැද්දට ශාප කළා කුමාරයා ගෙඹි කුමාරයෙක් වෙන්න කියලා.. ඉතින් ඕන්න ඔහොම ගෙඹි කුමාරයා අර පැටව් නැති වෙච්ච ගෙඹි අම්මවයි, තාත්තවයි බලා ගෙන ඉන්න වුණා. "
'ඉතින් ආත්තම්මෙ ඒ ගෙඹි කුමාරයා කවදාවත් ඇත්ත කුමාරයෙක් වුණේ නැත්ද ?'
"මයේ පුතේ ඒ සාපෙ කරන වෙලාවෙ මහබඹා කිව්ව ලස්සනම ලස්සන රාජ කුමාරියක් ඇවිත් මේ ගෙඹි කුමාරයාට මෙන්න මෙහෙම උම්මා එකක් දුන්නොත් තමයි ඒ සාපෙන් ගැලවෙන්නෙ කියලා.. "
ආත්තම්මා උණුසුම් උම්මා වැලක් දෙමින් කියයි.
'ආත්තම්මෙ ලොකු අක්කා වගේ ලස්සන කුමාරියෙක් නේද ?'
චූටි අක්කා ගස්සා ගෙන නැවතත් පොත් මේසය දෙසට ඇදිණි. එදින රාත්‍රිය පුරාම මා දුටු සියලුම සිහිනවල සිටියේ එක එක ආකාරයේ ගෙම්බන්, ගෙඹි කුමාරයන් හා රාජ කුමාරියන් පමණි. පසු දින උදෑසනම අම්මා සමඟ ළිඳට ගිය මා දුව ගොස් බැලුවෙ හබරල ගාල දෙසයි..මා අතින් ගිලිහුණු ගෙඹි බිත්තර පෙණ කැටිය හබරල ගස උඩ වේලී ගොසිනි.. එම පෙණ කටි තුළ නළියමින් සිටි පැටවුන් සියල්ලම නිහඬව ඇත.. මාගේ සිත තුළ විශාල ශෝකයක්ද යම් අනියත බියක්ද මෝදු වන්නට විය. ඒ සමඟම ඇසුණේ ගෙම්බන් දෙදෙනකුගේ ශෝකාලාප හඬකි. බොහෝ කාලයක් යනතුරු මා එම හබරල ගාල දෙසට නොගියේ..යම් කිව නොහැකි හැඟීම් සමුදායකින් මා සිත වෙලා ගන්නට එම සිදුවීම බලකර සිටි නිසාය.
පැටිවියේ අප සියලු දෙනාම සබන් බෝල වලට මෙතරම් ආශා මන්දැයි කිව නොහැක. මා ඉතාමත් ආශා කළේ සුළඟක් සමඟ පාවී යන සබන් බෝල මත ඇඳෙන දේදුන්න දෙස බලා ඉන්නටයි. ෂාහ්.. සබන් බෝලයක් වගේ පා වෙලා පා වෙලා යන්න ඇත්නම්.. අම්මා රෙදි සේදීමට ළිඳට යන සෑම වාරයකම.. මා ද කොහෙන්හෝ හොයා ගන්නා පත්තර කොළයක් හෝ කොපි පොතක කොළයක් ගෙන ඈ පසු පස්සේ ඇදෙන්නෙ නිරායාසයෙනි. කොළය බටයක් ලෙස සකසා අම්මා සේදීම සඳහා සබන් ගා පසක තබන රෙදි වල ඇති සබන් පෙණ වලින් බටය පුරවා අති චමත්කාර සබන් බෝල ක්රීඇඩාව මට මහත් විනෝදයක් ගෙනදුනි.
ඉහත ගෙඹි සිද්ධිය සිදුවී මාස ගණනාවක් තිස්සේ මට මෙම සබන් ක්රීගඩාව නියැලෙන්නට නොහැකි වූයේ අම්මා අසනීපව සිටි බැවිනි. ඒ වනවිටසුවය ලබා නැවතත් සුපුරුදු ලෙස වැඩ කල නිසා.. එක් උදෑසනක රෙදි සේදීමට සූදානම වූයේ.. මමද පත්තර කොළ කීපයකින් කඩදාසි බට සාදා ගෙන ලෑස්ති වූයෙමි.
අම්මා එක රෙදි ගොඩක් සෝදා එයවේලෙන්නට දමන්නට අසල කුඹුරේ වූ තණ බිස්ස වෙතට ගිය අතර මා හිතේ හැටියට සබන් බෝල පුම්බමින් සිටියේය. කිසි විටෙකත් නොවූ තරම් විශාල සබන් බෝලයක් එක්වරම පිම්බුණු අතර එය හමා ආ සුළඟත් සමඟම සෙමින් සෙමින් ඉහළට නගින්නට විය.. ළිඳ ළඟ වූ ගල මතට නැග ගත් මා එහි චමත්කාරය විඳින්නට වූයේ..සුළු මොහොතකි..සෙමින් සෙමින් ඉහළට නැගෙන සබන් බෝලය දෙසට මා පාදයේ ඇඟිලි තුඩින් එසවෙද්දී.. එක් වරම ශරීරයේ සමබරතාවය ගිලිහුණේ..මා ඇද වැටුණේ ළිඳ තුළටයි.. ළිඳ එතරම් ගැඹුරක් නොවූවද මා පොව්වන තරම් වතුර තිබිණ.. ලින් අඩිය දෙසට එක් වරක් ඇදී ගිය මා උඩට පැමිණෙන විට අතට අසු වූයේ ළිඳේ පසෙක වූ විශාල කෙකටියා පඳුරයි.. එය බදා ගෙන ඔළුව වතුරෙන් උඩට තබා ගෙන මා කෑ ගසන්නට විය.. අම්මා දුවගෙන විත් මා ළිඳෙන් ගොඩ ගන්නට පෙර මා දුටුවේ කෙකටියා පඳුර අසල වූ මහනෙල් කොළයක් මත සිට මා දෙස විමසුම් බැල්මක් හෙළන ගෙම්බෙකි..
'ලොකු මාරකයක් තිබිලා පැන්නා ආයි එහෙම ඔහේ තනියට ඔය කොල්ලා එක්ක යනවා නෙවෙයි ළිඳට "
තාත්තා අම්මාට සැර දැම්මේය..
මේ සිද්ධියෙන් පසු අම්මා කිසි දිනක රෙදි සේදීමට යන විට මා ළිඳට ගෙන ගියේ නැත. නෑමට ළිඳට ගිය විටද මා ගන සෑමවිටම ඇහැ ගහගෙන සිටියේ ...මාද සබන් බෝල පිළිබඳ එතරම් උනන්දුවක් දැක්වූයේ නැති ගානය.
ආත්තම්මා තවත් කාලයක් අප සමඟ කාලය ගත කර ඇය අප හැර දමා ගියේ..පසු කලෙක පොත් පත් වලින් මා කියවූ සුරංගනා කතා තුළින් ඇය නිතර නිතර හමු වූවත් ඇයගේ කතාන්දර වල තිබූ වෙනස සහ ජීව ගුණය කිසිදා මා හට ලං නොවීය. ඒ අතරම විටින් විට ගෙම්බන් පිළිබඳ සිහින මා තුළ හොල්මං කරන්නට වූයේ.. එක් කාලයක් සෑමවිටම මා කණ්ණාඩිය ඉදිරියට වී මුහුණ දෙස වඩ වඩාත් විමසිල්ලෙන් බලන්නේ ගෙම්බකුගේ කිසියම් හෝ පොදු ලක්ෂණයක් මගේ මුණින් පිළිබිඹු වන්නෙද යන්න සෙවීමටය.. පසු කාලයක දැනුම මතින් මොළය වැඩෙද්දී මාගේ මේ බොළඳ ක්‍රියා ගැන මටම සිතුසේ සිනාසීමට හැකි විය.. ඒ සමඟම එම සිතුවිල්ල සදහටම මාගේ සිත තුළින් අතුරුදහන්ව ගියේය.
------------------------------------------------------------------------------
කාලය පියඹා ගොස්...
දැනට සති දෙකකට පමණ උඩදී යම් කාරණාවකට පිටකොටුවට ගොස් සිටියදී අහම්බෙන් ඇස ගැටුන මෙම සබන් බෝල පිස්තෝලය..මා සිතට අමුතු ආහ්ලාදජනක සිතුවිලි ගොන්නක් ගෙන එන්නට සමත් විය.. රු 100 ක් වැනි කුඩා මුදලක් නිසා මා මෙම පිස්තෝල දෙකක් සහ කුඩා ද්රාටවන කුප්පි දෙකක් මිලදී ගතිමි.ඉන්එකක් අසල ගෙදරක සිටින පැට්ටන්ට දීමට සිතා ගෙන සිටියෙමි.
පසු දින උදෑසන හොඳින් හිරු එළිය වැටුණ ඉරිදාවක් වූයේ.. එක් වරම මා ඇස ගැටුණේ මෙම උපකරනයයි.. සියලු වැඩ ඉවත දමා මා මිදුලට වූයේ පිස්තෝලයෙන් සබන් බෝල විදිමිනි... ගෙදර අයිතිකාර යුවළගේ සුරතල් බල්ලන් තිදෙනා ලැසී, බ්රවවුනි සහ කුකී නිතරම සිටින්නෙ මාගේ නිවස පිහිටි වත්ත විශාල බැවින් එහි සෙල්ලම් කරමිනි. සබන් පිස්තෝලයෙන් නික්මෙන ටට ටට ටට යන ශබ්දය ඔවුන්ට විශාල කුතුහලයක් එක් කළේ තිදෙනාම මා වටා එක් රැස් වූවාය.
සුළඟත් සමග නිදහසේ පියඹා යන සබන් බෝල සමඟ මටත් වඩා විනෝදවන්නට වූයේ මෑ තිදෙනාය. උඩ පනිමින් සබන් බෝල වලට හොම්බෙන් ඇන බිඳ දැමීම සඳහා තිදෙනා අතර තරඟයක් ඇති වීය. මාද වැඩි වැඩියෙන් අත ඉහළට කරමින් වඩාත් උඩට සබන් බෝල විදින්නට වූයේ..බල්ලන් තිදෙනාටම මිදුල පුරා සෙල්ලම් කිරීමට ඉඩ දෙමිනි. මේ නාඩගම මෙසේ සිදු වෙද්දී.. ඉදිරි ගේට්ටුවට තඩි බාන හඬක් ඇසීමත් සමඟම මා එක් අතක පිස්තෝලයද අනිත් අතේ කුඩා සබන් බෝල කුප්පියද ගෙන ඒ දෙසට හැරිණි. හොම්බෙන් ඇනීමට වූ සබන් බෝල ඉවර නිසා මා අසලට ආ බල්ලන් තිදෙනාගෙන් එකෙක් මගේ අතේවූ පිස්තෝලය වෙතට පැනීමත් සමඟම මා ගේට්ටුව දෙසට යාමට තැබූ පය තැබෙන්නට ගියේ අනිත් බල්ලාගේ පිට උඩය.. එය වළක්වා ලීමට මා එක පයක් උස්සා බල්ලා මග හැර ඉදිරියට තැබීමට උත්සාහ කළත් එම පයේම සරම පැටලී ගියේ..මාගේ ශරීරයේ සමබරතාවය නැති කරමිනි..පිස්තෝලය දෙසට කුරුමානම් අල්ලමින් සිටි බල්ලාගේ ඇඟ උඩට මා ඇද වැටුණේ ..වේදනාවට පත් ඈ මගේ කකුල සපා කෑවාය..අතේ වූ පිස්තෝලය සමගම බිමට තැබූ අත නිසා එය කුඩු පට්ටම් වී ගිය අතර..මේ කලබැගෑනිය අතරේ අනිත් බල්ලන් දෙදෙනා දුව ගියාය.. මා සපා කෑවද එම බැල්ල වරද තේරුම් ගත්තාක් මෙන් වලිගය වනමින් මාගේ කකුල ලෙවකන්නට වූවාය.. සැනෙකින් වට පිට බැලූ මා පැත්තක තිබූ සරම හනික ඇද ගෙන.. ගේට්ටුව දෙසට පියමැන ගේට්ටුව විවෘත කළේ විදුලි මනු කියවන්නාටය.. ඔහු ආපසු ගිය පසු මා දුටුවේ.. බල්ලා සැපූ තුවාලයට අමතරව දණිස්දෙකම ලෙලි ගැසී ඇති බවයි..එක් අතක් බිමට තැමීමේදී එයද මදක් සීරී ඇත.. අතින් ගිලිහුණු සබන් පෙණ කුප්පිය අසල ගසක් ළඟ පෙරළී විශාල පෙණ කැටියක් බවට පත් වී හමාරය..
එය සැබවින්ම.. අර මා කඩා දැමූ ගෙඹි කැදැල්ල හා සමාන වූයේ කෙසේද ? මගේ මතකය හරහා විදුලියක් ඇදී ගියේය..මොහොතක් එදෙස බලා සිටි මා ..
වෛද්‍යවරයකු ළඟට ගියේ සියලු තුවාල වලට බෙහෙත් දමා ගනිමිනි..එහෙම ගෙඹි ශාප තියෙන්නෙ කොහෙද ? මේ මතකය කොහෙද මෙච්චර කල් තිබුණෙ ? ළමා මතකයන් අපේ සිත් වලින් කිසිදා අමතක නොවේද යන්න සිතමින් .. මා නැවතත්.. මගේම බොළඳ සිතුවිලි වලට සිනහා වී සියල්ල අමතක කළේය. සති දෙකකට පසු මගේ සියලු තුවාල යාන්තම් සුව වී තිබියදී .. මේ දැන් මොහොතකට පෙර සිදු වූ සිද්ධිය !!!!
තවමත් මාගේ දෙකකුල් වෙව්ලයි..ගතට පණ නැත.. මා වාරු කර ගත් තැනැත්තා.. අසල වූ ලොතරැයි විකුණන වේදිකාව මත මා හිඳුවා ඇත..
"තව පොඩ්ඩෙන් බඩුම තමයි "
"අහක බලා ගෙනනෙ ආවෙ "
"මන් හොඳ වෙලාවට දැකලා කල් ඇතුව බ්‍රේක් ගැහුවෙ"
"මන් කෑ ගැහුවත් ඇහුණෙ නැති නිසායිඅතින් ඇදලා ගත්තෙ.. "
"නන්ගි අතින් ඇදලා ගත්ත නිසා තමයි බේරුණෙ. '
මට සියල්ලම ටිකින් ටික තේරුම් යන්නට පටන් ගත්තේය.. සබන් බෝලය දෙස බලමින් මා නොදැනුවත්වම මහාමාර්ගය මැදින් ගොස් ඇත.. එහෙනම් කෑ ගැහුවෙ මේ නන්ගි.. කෑ ගහලා අතින් ඇද ගත්තෙ නැත්නම්..
"මෙන්න අයියෙ අයියගෙ බෑග් එක"
මා කෘතඥපූර්වකව ඇයගේ මූණ දෙස බැලිමි.. නිල් නුවන් යුගලක් හිමි ඈ රාජ කුමාරියක් බඳුය.
"බොන්න අයියෙ වතුර ටිකක් "
ඇය තම බෑගයෙන් එළියට ගත් වතුර බෝතලය මා දෙසට දිගු කර ගෙන සිටී..
වටවී සිටි සෙනඟ අතරේ වූ සබන් බෝල පිස්තෝල විකුණන්නාගේ අතකවූ සබන් බෝල කුප්පියකින් විශාල සබන් පෙණ කැටි රාශියක් එළියට පැන ඇත.. හරියටම මා අතින් කැඩී ගිය ගෙඹි කැදැල්ලේ හැඩයටම !
"ගෙඹි සාපෙන් ගැලවෙන්න නම් මයෙ පුතේ රාජ කුමාරියෙක් මේන්න මෙහෙම උම්මා එකක් දෙන්න ඕනි.."
ඒ ආත්තම්මාගේ ආදරණීය කටහඬේ ප්‍රතිරාවයයි.
ප.ළි. සියලුම ශාප ලත් සුරංගනා කථාවල රාජ කුමරුන් සහ රාජ කුමාරියන් ඉනික්බිතිව විවාහ වීසතුටින් එකට කාලය ගත කළේය...
කතාවට තව කොටසක් නොමැති නමුත්.. නිමි නැත.
සුළඟත් සමග නිදහසේ පියඹා යන සබන් බෝල සමඟ මටත් වඩා විනෝදවන්නට වූයේ මෑ තිදෙනාය. උඩ පනිමින් සබන් බෝල වලට හොම්බෙන් ඇන බිඳ දැමීම සඳහා තිදෙනා අතර තරඟයක් ඇති වීය. මාද වැඩි වැඩියෙන් අත ඉහළට කරමින් වඩාත් උඩට සබන් බෝල විදින්නට වූයේ..බල්ලන් තිදෙනාටම මිදුල පුරා සෙල්ලම් කිරීමට ඉඩ දෙමිනි. මේ නාඩගම මෙසේ සිදු වෙද්දී.. ඉදිරි ගේට්ටුවට තඩි බාන හඬක් ඇසීමත් සමඟම මා එක් අතක පිස්තෝලයද අනිත් අතේ කුඩා සබන් බෝල කුප්පියද ගෙන ඒ දෙසට හැරිණි. හොම්බෙන් ඇනීමට වූ සබන් බෝල ඉවර නිසා මා අසලට ආ බල්ලන් තිදෙනාගෙන් එකෙක් මගේ අතේවූ පිස්තෝලය වෙතට පැනීමත් සමඟම මා ගේට්ටුව දෙසට යාමට තැබූ පය තැබෙන්නට ගියේ අනිත් බල්ලාගේ පිට උඩය.. එය වළක්වා ලීමට මා එක පයක් උස්සා බල්ලා මග හැර ඉදිරියට තැබීමට උත්සාහ කළත් එම පයේම සරම පැටලී ගියේ..මාගේ ශරීරයේ සමබරතාවය නැති කරමිනි..පිස්තෝලය දෙසට කුරුමානම් අල්ලමින් සිටි බල්ලාගේ ඇඟ උඩට මා ඇද වැටුණේ ..වේදනාවට පත් ඈ මගේ කකුල සපා කෑවාය..අතේ වූ පිස්තෝලය සමගම බිමට තැබූ අත නිසා එය කුඩු පට්ටම් වී ගිය අතර..මේ කලබැගෑනිය අතරේ අනිත් බල්ලන් දෙදෙනා දුව ගියාය.. මා සපා කෑවද එම බැල්ල වරද තේරුම් ගත්තාක් මෙන් වලිගය වනමින් මාගේ කකුල ලෙවකන්නට වූවාය.. සැනෙකින් වට පිට බැලූ මා පැත්තක තිබූ සරම හනික ඇද ගෙන.. ගේට්ටුව දෙසට පියමැන ගේට්ටුව විවෘත කළේ විදුලි මනු කියවන්නාටය.. ඔහු ආපසු ගිය පසු මා දුටුවේ.. බල්ලා සැපූ තුවාලයට අමතරව දණිස්දෙකම ලෙලි ගැසී ඇති බවයි..එක් අතක් බිමට තැමීමේදී එයද මදක් සීරී ඇත.. අතින් ගිලිහුණු සබන් පෙණ කුප්පිය අසල ගසක් ළඟ පෙරළී විශාල පෙණ කැටියක් බවට පත් වී හමාරය..
එය සැබවින්ම.. අර මා කඩා දැමූ ගෙඹි කැදැල්ල හා සමාන වූයේ කෙසේද ? මගේ මතකය හරහා විදුලියක් ඇදී ගියේය..මොහොතක් එදෙස බලා සිටි මා ..
වෛද්‍යවරයකු ළඟට ගියේ සියලු තුවාල වලට බෙහෙත් දමා ගනිමිනි..එහෙම ගෙඹි ශාප තියෙන්නෙ කොහෙද ? මේ මතකය කොහෙද මෙච්චර කල් තිබුණෙ ? ළමා මතකයන් අපේ සිත් වලින් කිසිදා අමතක නොවේද යන්න සිතමින් .. මා නැවතත්.. මගේම බොළඳ සිතුවිලි වලට සිනහා වී සියල්ල අමතක කළේය. සති දෙකකට පසු මගේ සියලු තුවාල යාන්තම් සුව වී තිබියදී .. මේ දැන් මොහොතකට පෙර සිදු වූ සිද්ධිය !!!!
තවමත් මාගේ දෙකකුල් වෙව්ලයි..ගතට පණ නැත.. මා වාරු කර ගත් තැනැත්තා.. අසල වූ ලොතරැයි විකුණන වේදිකාව මත මා හිඳුවා ඇත..
"තව පොඩ්ඩෙන් බඩුම තමයි "
"අහක බලා ගෙනනෙ ආවෙ "
"මන් හොඳ වෙලාවට දැකලා කල් ඇතුව බ්‍රේක් ගැහුවෙ"
"මන් කෑ ගැහුවත් ඇහුණෙ නැති නිසායිඅතින් ඇදලා ගත්තෙ.. "
"නන්ගි අතින් ඇදලා ගත්ත නිසා තමයි බේරුණෙ. '
මට සියල්ලම ටිකින් ටික තේරුම් යන්නට පටන් ගත්තේය.. සබන් බෝලය දෙස බලමින් මා නොදැනුවත්වම මහාමාර්ගය මැදින් ගොස් ඇත.. එහෙනම් කෑ ගැහුවෙ මේ නන්ගි.. කෑ ගහලා අතින් ඇද ගත්තෙ නැත්නම්..
"මෙන්න අයියෙ අයියගෙ බෑග් එක"
මා කෘතඥපූර්වකව ඇයගේ මූණ දෙස බැලිමි.. නිල් නුවන් යුගලක් හිමි ඈ රාජ කුමාරියක් බඳුය.
"බොන්න අයියෙ වතුර ටිකක් "
ඇය තම බෑගයෙන් එළියට ගත් වතුර බෝතලය මා දෙසට දිගු කර ගෙන සිටී..
වටවී සිටි සෙනඟ අතරේ වූ සබන් බෝල පිස්තෝල විකුණන්නාගේ අතකවූ සබන් බෝල කුප්පියකින් විශාල සබන් පෙණ කැටි රාශියක් එළියට පැන ඇත.. හරියටම මා අතින් කැඩී ගිය ගෙඹි කැදැල්ලේ හැඩයටම !
"ගෙඹි සාපෙන් ගැලවෙන්න නම් මයෙ පුතේ රාජ කුමාරියෙක් මේන්න මෙහෙම උම්මා එකක් දෙන්න ඕනි.."
ඒ ආත්තම්මාගේ ආදරණීය කටහඬේ ප්‍රතිරාවයයි.
ප.ළි. සියලුම ශාප ලත් සුරංගනා කථාවල රාජ කුමරුන් සහ රාජ කුමාරියන් ඉනික්බිතිව විවාහ වීසතුටින් එකට කාලය ගත කළේය...
කතාවට තව කොටසක් නොමැති නමුත්.. නිමි නැත.
කතාවෙහි අක්ෂර වින්‍යාසය නැවත පිරික්සා ඇත. (at15.45 on 23/11/2011)
හයියෝ ඉතින් වතුර විතරයැයි? උම්ම එක හම්බුණේ නැතෙයි?
ReplyDeleteසබන්බෝල පිස්තෝලෙ නම් ෆට්ට.... හැබැයි මම පොඩිකාලෙ නම් කළේ සබන් දිය කරගෙන ගස්ලබු පිත්තක් අරන් බෝල හදය යවපු එක.
අපිත් ඒ කාලේ සබන් බොල යවනවා ගස් ලබු පිත්තකින් ...
ReplyDelete…ආ වෙනී අය්ය ගෙම්ඹෙක් වගේ උන එකේ රහස අදයි දැනගත්තෙ ..
අපරාදේ ඉතින් ඒ ගෙඹි කුමාරයා රාජ කුමාරයෙක් උනේම නැද්ද? ඇයි දන්නේ නෑ දැන් කාලේ කෙල්ලෝ කැමතිම ගෙම්ඹන්ට. ටිකක් හොයලා බලන්ට වටිනවා...:D
ReplyDeleteපොඩි කාලෙ ඇලේ මාළු අල්ලන්න දුන්න ට්‍රයි එක මතක් වුනා.
ReplyDeleteපෝස්ට් එක නම් එන්ජෝයි කළා, ඒ වුනාට ලියන්නව සිංහල උගන්නන්න ආයෙමත් හෝඩියෙ ඉඳල ඉස්කෝලෙ යවන්න ඕනෙ කියලත් තේරුං ගත්ත.
'මා හිතේ හැටියට සබන් බෝල පුම්බමින් සිටියේය'
'මා නැවතත්.. මගේම බොළඳ සිතුවිලි වලට සිනහා වී සියල්ල අමතක කලේය'
'රාජ කුමරුන් සහ රාජ කුමාරියන් ඉනික්බිතිව විවාහ වී සතුටින් එකට කාලය ගත කලේය'
ෂහ් නියම කතාව.අතීතය-වර්තමානය නියමෙට ගලපල තියනවා. මට මතක් උනේ බුද්ධ දර්ශනයේ තියන "කර්මය". ඔයිට ටිකක් විතර සමාන කෙටිකතාවක් තියනවා, මඩවල එස් රත්නායක මහත්තයගෙ කූඹි කතාව. කියවල තියනවද?
ReplyDeleteඑළ කථාවක්නේ ....
ReplyDeleteඔන්න ඔහොමලු අපේ අයියට රාජකුමාරිව සෙට් උනේ...අප්පේ වෙලාවට අර සරම එහෙ මෙහෙ වෙච්චි වෙලෙ බවල තේක් පෙන අහක උන්නැත්තේ..නැත්තං කතාව ඔයිට වෙනස් වෙන්ඩ තිබ්බ නෙව...අයිය ලස්සනට ලියල තියෙනව නියමයි
ReplyDelete"නන්ගි අතින් ඇදලා ගත්ත නිසා තමයි බේරුනෙ. '
ReplyDeleteකතාවට තව කොටසක් නොමැති නමුත්.. නිමි නැත.
මේ කොටස නම් පොඩි කොස්සක් ඉතිරි කරල තියෙනවා
උබටත් වෙන්නෙ හරි සෝක් වැඩෙනි බන් අයියේ.... කලින් පාරක් කැරපොත්තෙක් රිංගල නංගි කෙනෙක් හම්බුනා.. ඈ... මේ පාර සබන් බෝල නංගියෙක්... සාපෙ නාක නෑ...
@ පැණි දොඩම්: ඔය ප.ලි. ලියල තියෙන්නෙ. "සියළුම සාප ලත් සුරංගනා කතාවල රාජ කුමරුන් සහ රාජ කුමාරියන් ඉනික්බිතිව විවාහ වී සතුටින් එකට කාලය ගත කලේය..." කියල.ඉතින් උම්ම විතරක් නම් මදැයි.
ReplyDeleteමොනව උනත් හැබැයි අර බල්ලො තුන්දෙනාත් එක්ක සරම කඩාගෙන වැටිච්ච සිද්දිය නම් නියමෙට ලියල තියනව
ඔය මීටර් වෙලා තියෙන්නේ තව එකෙක්ටත්.. මමත් එත් බැලුව අර කැරපොත්ත සීන් එක වගේම මේකෙත් යුවතිය අන්තිම වෙනකන් ඉඳි කියල.. අයෙත් අහල. නරක නෑ සාපෙ..
ReplyDeleteඅප්පා....ෂෝක් කතාව....අම්ම රෙශි හෝදන්න ගත්තම සබන් වලින් බෝල යවන එක මාත් කලා චූටි කාලේ...ඒ ගස් ලබු පිත්තෙන්....
ReplyDelete40 පැනලත් වෙනියා තාම සබන් බෝල පුම්බනවා :-D
ReplyDeleteලියන්නා . . . අපූරුම අපූරු ලියමන් මඟින් අපව උස්සා පොලොවේ ගසනු ලබයි . . .
ReplyDeleteමැක්සා මචං . . .
කියන්න වචන නෑ . .
උපරිමයි . .
මේ පෝස්ට් එකත් ඇහැට කඳුලක් ගෙනාවා . . .
ඒ සබන් බෝල වලට ආසා කරන මම ඇතුලේ හැංගිලා ඉන්න පොඩි එකා ද . . .
හැම පොඩි සිදුවීමක්ම සුන්දර විදිහට දකින්න හුරු වුනු හැමදාම මා එක්ක ජීවත් උනු එකාද . .
මොකාද මන්දා . .
මොකා හරි . . .
ලිපිය මැක්සා . .
"ප.ලි. සියළුම සාප ලත් සුරංගනා කතාවල රාජ කුමරුන් සහ රාජ කුමාරියන් ඉනික්බිතිව විවාහ වී සතුටින් එකට කාලය ගත කලේය...
ReplyDelete"
ඒ කියන්නේ දැන් හවුලේ බෝල පුම්බනවා කියන එකනේ.. මං හරිනේ?
ඒ වෙලාවේ නැතුවට ගෙම්බට උම්මා එක හම්බවෙන්න ඇතිනේ...
ReplyDeleteකරුමෙට මේ සාපෙ නම් ගෙඹි ආත්මෙන් නිදහස් වෙන එකක් නෑ...තාමත් ගෙම්බා වගේ..
බක බක...
වෙනියෝ, අර දුකා කිව්වා වගේම මැක්සා කතාවක්. හරිම අපූරුවට ලියලා තියෙනවා...!
ReplyDeleteඑතකොට අර අතින් ඇදපු කුමාරිකාවගෙන් උම්මා එකක් ලැබිලා අර ගෙඹි සාපෙ ඉවරවෙන්න ඇති නේද ?
නැත්නම් ඒ උම්මා එක හැමදාම ලැබෙන නිසා ගෙඹි සාපෙ ගැන මතක් කරන්න කාලයක් නැතිවාවත්ද ?
අනේ අම්මපා මූ වගේ එකෙක්...දැන් ඉතිං සබන් බොලෙයි ගෙම්බයි පිට දාලා කොහොමහරි උඹට උම්මා ගන්න කුමාරියෙක් හොයන කතාව නේද මේ කිව්වේ..?
ReplyDeleteලිවීමනං උපරිමයි...
නියමෙට ලියලා තියෙනවා.
ReplyDeleteව්‍යාකරණ වැරදි ටික නිවරදි කරලා පත්තරේකට දාන්න.
ඔන්න අපි දන්නේ නැහැ ලියන්න කිව්වම ගෙම්බෙක් මතක් වෙන්න ගත්තොත් . ලස්සන කතාව .
ReplyDeleteසබන් බෝල වලට අපිත් ආසයි .
අයියාට වෙන්නෙම මාරම දේවල්නේ.... ඉස්සර නාන්න ගියාම කරන්නෙම සබන් බෝල යනව එක. ඉතිං නාන්න යනවා පැය දෙකක් විතර...!
ReplyDeleteඅනාගතයත් අතීතයත් අතර ලස්සනට සියුම්ව පාලම දාල තියනවා...මගෙත් පොඩි කාලේ මතක් උනා!
ReplyDeleteමරුනෙ උම්මා එකක් ඉල්ල ගත්තෙ නැද්ද ඉතිං.එහෙම වුනානම් සාපෙ චක බලාස්නෙ.
ReplyDeleteයමක් අරගන්න නම් තව යමක් දෙන්නම වෙනවා . පාර මැදදිම උම්මා එකක් දුන්නා නම් තිබ්බා .. එහෙනම් අද ලියන්නා අයියා කොහේ කොහේ ඉඳීවිද ?
ReplyDeleteඑල කිරි කතාව
වෙනීට කුඩා කල සිටම සබන් බෝල වලින් අපල පවතින බැව් , වෙනී ළාබාල සන්දියේ දී වේලා පත් කඩේ බැලීමට ගිය වෙලේ කීවා ආතම්මාගේ මතකයේ රැඳී පවතී.
ReplyDeleteවෙනී මේ සාපයෙන් ගැලවීමට නම් ,
එක්කෝ
ගෙම්ඹියෙක් වෙනීට තොත්තුවක් දිය යුතුය.
නැතිනම්
ගෙම්ඹියෙක්ට වෙනී තොත්තුවක් දිය යුතුය.
මේ අවස්ථා දෙකෙන් එකක් වත් සංතෘප්තනොවන බැව් ආතම්මා දන්නේ , පිරිමින් කිසිදාක කුමාරියන් මිසක ගෙම්ඹියන් නොසොයනා බැව් අත්දැකීමෙන් දන්නා බැවිනි.
ආතම්මාට වෙනී ගෙනී දුකය. මක් කරන්න ද.
මේ සියල්ල දෙස පාර අයිනේ සිට බලා සිටි ගෙම්ඹිය . . . සුසුමක් හෙලා නැවතත් කුණු ගඳ ගහන කාණුවට පැන්නී. කුමාරිය එන තෙක් බලා සිටින ගෙඹිකුමාරයා අසලට කිට්ටු විය.
හෙහ් හෙහ් ..............
මීට
ආතම්මා.........
@ පැණි දොඩම් - ඔව් ඕ ගස්ලබු පිත්තත් හරි යනවා වැඩේට.. විභාගයක් අතළඟ නේද ? සුභ පැතුම් ඒකට !
ReplyDelete@ ගිම්හානි - ඕන්න දැන් දන්නවනෙ හේතුව..දැන් හොයපල්ලකො ගෙම්බෙකුට කැමති වෙන රාජකුමාරියෙක් !
@පොකු - තාම වර්තමානයෙනෙ කතාව තියෙන්නෙ..කෝ රාජ කුමාරියො ගෙම්බො දිහා බලන්නෙත් නැහැ.. කැමති නම් ඇති..
උම්මා එකක් ලැබෙන්න ඇති නේ...? එහෙම නොවුනානම් ඒ නිල් දෙනුවන් යුගලක් තියෙන රාජකුමාරිව පොඩි ලගපාත කූල්ස්පොට් එකකට එක්කගෙන ගිහිල්ලා මුල ඉඳන්ම කතාව කියලා සාපේ අයින්කරලා දෙන්න කිව්වනම්, අනිවා හෙල්ප් කරාවි.. :)
ReplyDeleteලස්සන කතාව... සිරාවටම...
@ ඔබ්සර්වර් අයියා - බොහෝම ස්තූතියි වැරදි ටික පෙන්නලා දුන්නට.. ඊළඟ සැරේ හරි ගස්ස ගන්නම්..! ආයි ඉස්කෝලෙ යන්න තියේනම් කොච්චර චෝක්ද ?
ReplyDelete@ රාජ් - ස්තූතියි.. මන් කියවල තියෙනවා ඒ කතාව ගොඩක් ඉස්සර..මේ කතාව ලියද්දි ඒ ආභාශය එක්කම මෑතදීම වාගෙ කියවන බ්ලොග් වල ලිවීමේ රටාවේ අභාශය අනිවාර්යෙන්ම මේකෙ තියෙනවා..
@ ඔබ නොදුටු ලොවක් - ඔබගේ බ්ලොග් එක මම අදයි දැක්කෙ.. ඕන්න ආයි නම් මිස් වෙනවට දමා ගත්තා කියවන ලැයිස්තුවට..
ReplyDelete@Raj හප්පේ ඒක මන් බොහෝම පරිස්සමට ලිව්වෙ.. කොහෙද ඒකත් ඇහ ගැටුනනෙ!
@ පිපම - ඔව් ඔව්.. සාපෙ නරකම නෑ වගේ.. සේරම නරක අස්සෙ අන්තිමේ හොඳ දෙයක්මයි වෙන්නෙ !
ReplyDelete@ Enemy ඔව් ඔව් ඒ සිද්ධියෙන් පස්සෙ තවමත් මන් ඒ බැල්ලන්ගෙ මූණ බලන්නෙ නෑ.. මොන වස ලැජ්ජාවක්ද උනේ..
@ක්සැන්ඩර් - ඔව් ඔය සීන් කොහෙ හන්ගන්නද අපේ සෙට් එකෙන් !
@දිල් - හෆ්ෆා ඒ මතකය නම් ආවර්ජනය කරත හැකි නොකා නොබී..
ReplyDelete@ ම - හුහ් මම 40 පැනලා කොරන වැඩ බොලා දනී නම් එහෙම..
@ දුකා - ස්තූතියි .. අපි හැමෝටම තියෙන්නෙ එකම වගේ අත්දැකීම් අතීතයක් එක්ක බැඳිච්ච.. ඉතින් ඒ හරහා අපි ආයිමත් ළඟා කර ගන්න බැරි ඒ අතීතය මතක් වෙනකොට කඳුලක් ඇහැට නැගෙන්නෙ නිරායාශයෙන්මයි..ඒක මටත් හරිම පොදුයි..
@ නාකියා - ඕන්න අදත් උදේ බාත් රූම් එකේ සබන් ගොඩේ ලිස්සලා වැටෙන්න ගියා..
ReplyDelete@ ගලයා - ඔව් ඔව් නැත්ද ගෙම්බන්ට කැමති රාජ කුමාරියෙක් එහෙම
@ දුමී - ඒ සාපෙ තියෙන් එක හොඳායි.. මොකද රාජ කුමාරියො ඉන්න පුළුවන් අද හම්බ වෙච්ච කෙනාට වඩා හොඳ ...ම්ම්ම් හෙට හම්බ් වුනොත් එහෙම !
@ මාරෙ - ෂ්...ෂ්... කට කට ! උඹලගෙ බ්ලොග්නෙ කියෙව්වෙ මුලින්ම..ඉතින් එව්වයෙන් ලියන්න ඉගෙන ගැන.. ටික ටික රහට ලියන්න ඉගෙන ගන්නවා තවම! බ්ලමු ඊළඟ එකවත් ... තව ගොඩාක් කියවන්න ඕනි අප්පා..ආයි ලියන්න ඉස්සර..
ReplyDelete@ කතන්දර - ස්තූතියි අදහසට..ම්ම්ම් ව්‍යාකරණ වැරදි ගොඩාක් තියෙනවා..හරි ගස්ස ගන්න ඕනි..පත්තරේකට දමන්න ?! තව 10-15ක් ලියනකොට හොඳ එකක් ලියවුනොත් දමන්නම් නේද ?
@බින්දි - ගෙම්බෙක් දැක්කහම මාව මතක් වෙනවා නම් සෑහෙන්න හොඳයි.. එතකොට සූ එකකට ගියහම එහෙමත් මාව මතක් වෙයි
ReplyDelete@ ගෝල්ඩ් ෆිශ් - ඇත්තටම ඉස්සර අපි නාන්න යනවා කිව්වට නොකරන්නෙ නාන එක විතරයි.. අනිත් සේරම ෆන් ගන්නෙ නාන්න ගිහින්
@සාබිත් - ස්තූතියි.. මගේ උත්සාහය චූට්ටක් සාර්ථකයි වගේ එහෙනම් !
@ නිසූපා- බලෙන් ඉල්ලගත්තට හරි යන්නෙ නැතිලු.. කුමාරි කැමැත්තෙන්ම දෙන්න ඕනිලු !
ReplyDelete@ හිස් අහස - හෆ්ෆා සඳරූ මලේ එහෙනම් මෙලහකට දිව්‍ය ලෝකෙ
@සොසී - ආත්තම්ම උකුලට අරන් ඔළුව අත ගගා තමයි මට ඔහොම උපදෙස් දෙන්නෙ
@බීට්ල් - කැමත්තෙන්ම දෙන්න ඕනලු..ඉල්ලල ගත්ත එව්වයෙ හැටියට සාපෙ තියෙන්න විදියක් නෑ මේ වෙනකොට !
හරිම අපූරුයි වෙනියො....
ReplyDeleteඋඹ ගෙම්බෙක් නෙවෙයිනෙ බන්..කුමාරයෙක්නෙ..ඒ නිසා උඹ පුලුවන්නම් ගෙම්බියක් හොයාගන කුමාරිකාවක් කරගන්න බලපන්..හික්ස්
අත්තම්මා කියලා දීලා තියෙන කතාව ඉයමයි.
ReplyDeleteමාත් දැකලා තියෙනවා ඔය විදිහේ සබන් බෝල තුවක්කු විකුනන මනුස්සයාව.
අදමයි අයියගේ බ්ලොග් අඩවියට එන්නේ. දිගටම එන්නම්. :)
@ ලකී - ස්තූතියි..කමෙන්ට් එකට..එතකොට සාපෙ ?
ReplyDelete@මධුරංග - ස්තූතියි ඔබටත්..ඔව් ඒ මනුස්සයා හැමදාම ඉන්නවා.. ආත්තම්මා එකම කතාව එයාගෙම වර්ශන් දහයක් පහලවක් හදා ගෙන කියනව..
නියම කතාව වෙනී . . . ගෙදර ඇවිල්ල සබංබෝල පිස්තෝලෙං සබං බෝල සෙල්ලම් කරපු සීන් එක කියවද්දි ඉස්කෝලෙ සිංහල පොතක තිබුන "ළමා මහල්ලා" කියන කතාව මතක් උනා . . . . අපි කොච්චර වයසට ගියත් අපි හැමෝම ඇතුලෙ පොඩි එකෙක් ඉන්නව . . . .ඌ තමා අපිව හැමදාම සතුටින් තියාගන්නෙ . . . ඉඩක් ලැබෙන විදියට ඒ පොඩි එකාට ඕනෙ දේ දෙන එක වරදක් නෙමේ . . . .
ReplyDeleteසයිබර් අවකාශය ඇතුලෙ මම කියවපු හොඳම නිර්මානය . . . ඒ නිසාම මම අර සාපෙ ගැනයි, කුමාරිකාවො ගැනයි, සරම කඩාගෙන බිම වැටිල දනිස් දෙකට අමතරව තුවාල වෙච්චි අවයව ගැනයි කතා නොකර ඉන්නං . . .
කතාව පත්තරේකට දාන්න බෑ බෑ වගේ කියල හිතෙනව නං . . . ඒක උඹේ කැමැත්ත . . . මම නං කියන්නෙ අඩුම ගානෙ වියමනට දාපං කියල . . . . . . .http://www.facebook.com/groups/138672572900986/
එළය.. සුපිරිය.. ෆට්ටය..
ReplyDeleteඑල කිරි කතාව.. මටත් මතක් උනා පොඩි දවස් වල ගස්ලබු පිත්තෙන් සබන් බෝල යවපු හැටි..
ReplyDelete@ ඕනයා - ඔව් ඔව් ඒ අර රෝද පෙරලන්න ආසාවෙන් හිටි මහල්ල වැස්සෙ රෝදයක් හොයා ගෙන ඇවිත් පෙරලලා අසනීප වෙලා මැරුනු කතාව නේද ? මට ඒක මතක් උනා.. ඕන්න උපදෙස පිලි ගත්තා
ReplyDelete@ විසිතුරු - ස්තූතිය ඇගයීමට
@දිනේශ් - අපි ගස්ලබු බටෙන් හැදුවෙ නලා..
කියන්න අලුගුත්තේරු කතා අනන්තවත් තිබුනත් අපූරු පරිකල්පන ශක්තියක් මොනවට විදහාපාමින් යව්වනයේ සොඳුරු ඉසව්වක මතකයන් සමතික්‍රමණය කරමින් ඒ හා සබැඳි සුරංගනා කථාවක් හා සමපාතනය වූ හැඟුම් සමුදායක විචිත්‍රවත් සටහනට මෙන්න තවත් සබං පෙණ පොකුරක්ම. :)
ReplyDeleteගෙඹි සබං පෙන මටනම් හරිම අප්‍රසන්නයි. ඉස්සර නාන ලිඳේ ඇතුලෙ බිත්ති කණ්ඩියෙ වැවිච්ච පනා අතුවල වැහි කාලෙට ගෙඹි බිත්තර පොකුරු පිරිල. ආයෙ ඒව නැතිවෙලා ලිඳ ඉහිනකං මං නෙවෙයි නාන්නෙ. ගන්දස්සාරෙ උහුලගන්න බැරි උනාම තාත්ත බොන ලිඳෙන් වතුර ඇදල දෙනව නාපිය කියල
@ අවංක පැට්ටා - හෆොයි බල්ං ඉතින් මේ කතාවෙන්ම බොලා දැක්ක එක ! පිළිතුර, එතකොටත් පිස්තොලේ කුඩු පට්ටම් වෙලා තිබ්බෙ..
ReplyDelete@ නවම් - ස්තූතියි.. ඔව් පස්සෙ දැනුම් තේරුම් වෙන කොට මටත් අප්‍රසන්නයි එව්වා !
This comment has been removed by the author.
ReplyDeleteවෙනි අයියේ කතාව නම් උපරිමයි.... සාපෙන් ගැලවෙන්න පොටක් පෑදෙයිද ???
ReplyDeleteඋම්මා එකකට ආපු දුරක් .. ඒත් ආත්තම්මගෙ කතන්දර වල ජීවිතයට එකතු කරගන්න හැංගිලා තියනදෙ කෙතරම්ද කියලා හිතෙන්නෙ අපි නොහිතනා වෙලාවල එවාට උත්තර ලැබෙනකොට......
ReplyDelete@ ගොඩයා - අනේ මන්දා කවදා මේ සාපෙන් ගැලවෙන්න ලැබෙයිද කියල නම් !
ReplyDelete@ ලොකු ජෝන් - ඔව් ඔව්.. ඒත් අද කාලෙ ලමයින්ට එහෙම චාන්ස් එකක් නෑ.. ආත්තම්මලත් රෑ තිස්සෙම කරන්නෙ ටීවී එක ඉස්සරහ කාලෙ ගත කරන එක තමයි..
www.cinelanka.net
ReplyDeleteමදැයි සබන බෝල පිම්බුවා. බැල්ලි බයවෙන්න ඇත්තෙ උගෙ ඇගට වැටුන කියන එකනම් පිලිගන්න බෑ ඒ මොකද සරම නැති නිසා යමක් දැකල බය උනා විය හැකිය. උඹ නිකමටවත් අපේ පැත්තෙ එහෙම එන්න එපා අපේ ලිඳේ ගෙම්බො ඉන්නව.
ReplyDeleteමාරම ගති කතාව වෙනී අයියේ! සිරාවටකර කකා අයියා කිව්වා වගේ මේක පත්තරේකට දාන්න!
ReplyDelete@ රන්ජිත් - මන් උගෙ කොන්ද උඩට වැටිච්ච පාරට ඌට එහෙම දෙයක්නම් පෙනෙන්න නෑ මන් හිතන්නෙ.. අර ලිඳේ ඉන්න ගෙම්බො ටික අල්ලලා උඹ උම්ම දීලා බලහන් අයියෙ.. හදිස්සියේ රාජ කුමාරියෙක් වත් මතු උනොත්..
ReplyDelete@පූසා - ඔව් මල්ලි වැරදි හරි ගස්සලා දමන්න ඕනි..
සරම කෑඩෙද්දී මොකවත් ඇඳල හිටියේ නැතෙයි. ලස්සනට ලියල තියෙනවා ජයවේව!!
ReplyDeleteමරු කතාව...........
ReplyDeleteදැන් එතකොට අන්තිමට කුමරිකාව උම්මා එකක්ක් ඩුන්නඩ ... ? සහොට තඉබුන ගෙඹි සාපයෙන් මිදෙන්න ........