ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, October 25, 2011

මෙහෙමත් යාළුවො...

පැල් කවි කියල තියෙන මේ කවි ගොන්න මට ඇහැ ගැටුනෙ "ගොවි ගෙදරින් දිසාපති මැදුරට " කියන අමර හේවාමද්දුම විසින් ලියන ලද පොතෙන්. මේ කවි ටික මට මීට ඉස්සෙල්ල හමු වෙලා තිබ්බෙම නැති නිසා නවමු බවක් හිතට ගෙනාවා.


පුතේ ඔය මිතුරො පසුපස එන           සැවොම
අතේ නුඹෙ තියෙන තුරු ඇත             සැලකීම
හිතේ උන්ගෙ අදහස ඉටු                     නූනාම
කෙතේ බැන්ද පඹයට මෙන්             සැලකීම


දෙන තුරා බොහොම හොඳ හැටි කරයි          කතා
මඟ හැරා දුවයි බැරිවුණු දාට                          ඉතා
රට පුරා පතුරවයි බොරු නුගුණ                     කතා
හෙන හුරා තමයි උන් දැන ගනින්                  පුතා


ළඟ සිටිනා තුරුම හොඳ මුහුණක්              බඳින
මඟ හැර යනකොටම මර උගුලක්              අදින
වග තතු සොයන බැරි පිරිසක් වෙන        මෙදින
මගෙ පුත ඉතින් වත් වෙසෙනුය එය       හැඳින


සමහර යාළුවො ගෙදරට එන්නේ මිතුරගෙ අතමිට             දැකලාලු
සමහර යාළුවො නිතරම එන්නේ බීගෙන සූදුවෙ              යන්නමලු
සමහර යාළුවො නිතරම එන්නේ හොරෙන් උගුල් ඇද     යන්නමලු
සමහර යාළුවො නිතරම එන්නේ ගෑනිගෙ ලස්සන             දැකලාලු


මේක වැඩිහිටියකු විසින් පොඩිහිටියකුට කියන ලද කවි කිහිපයක්.. අර්ථය යාළුවො ආශ්‍රය පරිස්සමින් කියලයි. බොහොමයක්ම
 යාළුවො කියන්නෙ ආශ්‍රයට හොඳ නැති අපිව අමාරුවෙ දමන්නම දඟලන ජාතියක්ය කියන එක තමයි මේ කවිය තුලින් අර්ථවත් වෙන්නෙ කියලයි මට හිතෙන්නෙ.



පුදුමයි එහෙම යාළුවො මගේ ජීවිතේට හම්බ නොවිච්ච එක !..


ඒ නිසාම මේ කවි පද වලින් මට නම් එහෙමට ප්‍රයෝජනයක් නැති වෙයි. ඒත් මම බැලුවෙ මේ සිද්ධිය 1950 ගණන් වල තිබුනු තත්වය මත පබැඳුනු එකක්.. එයම අදටත් වලංගුද? අතත්‍ය පරිසරයක් තුල හමුවන යහළු යෙහෙලියන් මෙසේමද? 


මගේ පුද්ගලික පිළිතුර නම් "නැත" යන්නයි.. 


මේ සිතුවිලි අතරේ ගැවසෙන මගේ සවනට වැටුනේ නදීක ජයවර්ධනගේ මෙ ගීතය...වර්ශන් කීපයක්ම තිබුනත් ගයිනි නදී එඩිට් කරපු මේක තමයි මගේ හිත ගත්තේ..


මිතුරනේ.


ප.ලි - කවුරුවත් මේ වීඩියෝ එක බලලා ඒක ගැන කමෙන්ට් එකක් නොදීපු එක නම් ... කනගාටුවට කරුණක් ! 

25 comments:

  1. මම හිතුවෙත් උඹ හිතන විදියටම තමා වෙනී . . . . හැබැයි මම වැරදියි කියල තේරුං ගන්නකොට . . . පෙරහැර ගිහිල්ල . . දිය කපලත් ඉවරයි

    ReplyDelete
  2. ඇත්ත වෙන්නත් පුලුවන්. හැමෝම මිනිස්සුනේ.:)

    ReplyDelete
  3. මටත් හිතෙන්නෙ ඇත්ත කියල ....

    ReplyDelete
  4. අපි ආශ්‍රය කරන්නෙ කවුද කියලා දැනගෙන ආශ්‍රය කරන්න ඕනි.............

    ReplyDelete
  5. යාළුවො වර්ග ගැන, බිරින්දන් වර්ග ගැන, බුදු බණේ ලස්සනට විග්‍රහ කරලා තියෙනව නේද?

    ReplyDelete
  6. කාල බලන්න බෑ නේ බන් අයියේ.. පරිස්සමට ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ගෙඩි තියරියෙන් ආශ්‍රය කරන්න ඕනි....

    ReplyDelete
  7. එහෙම ඉතින් අවිශ්වාසයෙන්නම් කවදාවත් මනුස්සයෙක් ආශ්‍රය කරල ඉන්න බැරිවෙයි.

    ReplyDelete
  8. අවුරුදු 36ක මගේ ජීවිතේ මම මිනිස්සුන්ව මනින මිනුම් හැම එකක්ම මේ කවි වල තියෙනවා. ඒ කියන්නෙ මේ කවි අද කාලෙට වඩා අදාලයි.....!

    ReplyDelete
  9. ඔහොම යංකෝ වෙනී... මට කියන්න තියෙන්නෙත් ඒනයගේ වචන ටිකම තමා...:D:D:D

    ReplyDelete
  10. ඒනය නෙවෙයි ඕනයා හරිද..? ඌ වගේමයි උගේ නමත්...අපිට ලියවෙන්නෙත් වැරදියට

    ReplyDelete
  11. මටත් කවදාවත් හිතෙන්නේ ම නැති තරම් යාලුවෝ කියන උන් ඉන්නේ අපිට කෙලවන්න ම කියන එක නම් . . .

    මොකද යාලුවා කියන එකාව අපේ හිතට දැනෙනවා . . .

    ඒත් ඉස්සර මාගේ යාලුවෝ සෙට් එකක එකෙක් දෙන්නෙක් මාව හොඳින් කඩේ යැව්වා . .

    ඒත් මම ඒ බව දැන දැන කඩේ ගියා . .

    උන් හැදෙන්නේ නෑම කියලා තේරුනාම පස්සේ කාලෙක උන් ඔක්කෝම අතඇරලා දැම්මා . .

    ඔය කිව්ව ජාතියේ යාලුවෝ වගේ පෙනී හිටින්න හදන එව්වොත් ඕන තරම් සමාජයේ ඉන්නවා . . .

    අපිට ලොකු හැකියාවක් තියෙන්නේ ඕන නියම යාලුවෝ කවුද කෙලවන්න හිතාගෙන යාලුකමින් එන එකා කවුද කියලා තේරුම් ගන්න . . .

    එහෙම නති වුන්ට ඉතිං සොරි තමා . . .

    ඒක නෙමේ ඕනයා යාලුවෝ ගැන පන ඇරගෙන කතා කරපු උඹ ලඟකදී ඉඳන් දාන්නේ රොන් ටෝක් . .

    මොකෝ උනේ . . . බඩු බනිස්ද?

    ReplyDelete
  12. ඇත්ත වෙන්නත් පුළුවන්...මිනිස්සුන්ව වැඩිය විශ්වාස කරන්න බෑ..ඕවා ඉතින් කට කහනවට කියපුවා වෙන්නත් බෑනෙ

    ReplyDelete
  13. මට තමයි වැඩිම යහළුවන් සිටියේ, අඩුම යහළුවන් සිටින්නේත් මටයි.

    ReplyDelete
  14. අයියේ ඒ කවි ටික මං හිතන්නේ නම් හැමදාටම ඇත්ත වෙයි....

    ReplyDelete
  15. YES AND NO.
    FURTHER DETAILS ON REQUEST.
    henryblogwalker aka dude

    ReplyDelete
  16. යාලුවෝ ගැන කිව්වට, මේ කියන්නේ හරියටම යාළුකම පෙන්නගෙන එන එක එක උන් ගැන. කතාව හරි. සීයට සීයක්ම. අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ එක එකාව වෙන් කරලා අඳුරගන්න. නැත්තන් ඉතින් කෙලිය තාප්පෙට තමයි.

    ReplyDelete
  17. ඔය දෙවිදියේම අය ඉන්න පුළුවන්. හැබැයි මට නම් සමස්තයක් විදියට ගත්තොත් නම් ඕක ගැලපෙන්නේ නෑ අයියේ. පොඩි කාලේ ඉඳලම මම ලඟින් ආශ්‍රය කරපු කවුරුවත් ඔහොම නෑ. හැබැයි මම ලඟින් ආශ්‍රය කරන්නේ බොහොම ටික දෙනයි, උන්ව පරෙස්සමින් තෝරාගෙන තමයි ලඟට ගන්නේ. ඒ නිසා වෙන්න ඇති එහෙම නොවුනේ.

    ReplyDelete
  18. මටත් කීප විටකම ඔව වගේ මිතුරෝ හමු උනා.. වේදනාත්මක මතකයකට පස්සේ ඔවුන් යන්න ගිහින්..

    ReplyDelete
  19. එක එක විදියේ යාලුවො ඉන්නව.පොඩ්ඩක් ඉතින් පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඔනේ.අතේ දුරින්.යාලුවො නිසා කියල මේ වෙනකම් එහෙම ලොකු ප්‍රශ්ණ ඇතිවෙලා නෑ මටනම්.

    ReplyDelete
  20. දෙවියෝත්... යක්ෂයාත් අපේ ඇතුලේ ජීවත් වෙනවා කියලා මං විශ්වාස කරනවා.. ඒ අතරින් දෙවියෝ මතු කරගන්න අයට අපි හොඳ මිනිස්සු කියනවා.. යක්ෂයා මතු කරගන්න අයට අපි නරකයි කියනවා..

    ReplyDelete
  21. හැමෝටම ස්තූතියි.. කමෙන්ට් කරපු සහ බලපු..

    ReplyDelete
  22. නමින් දන්න, කතා බහ කරල තියෙන හැමෝවම "යාළුවො" කියන ලේබලය යටතෙ වර්ග කරන්න ගිහාම, ඔය වගෙ තමා. යාළුවො කියන්නෙ දහස් ගණනින් අප වටා ඉන්න අය නොව, ඉතාම සුළු සංඛ්‍යාවක්. කවිවල කියවෙන තරම් නරක අය සංඛ්‍යාව අඩු ඇති; නමුත් ප්‍රයෝජනයක් ඇතිවිට/ ප්‍රයෝජනයක් ගත හැකියයි හිතෙනවිට කිට්ටු වී, ප්‍රයෝජනයක් නැතිවෙනකොට අත හරින, අනික් පැත්තට උදව්වක් කරන්නට සිදුවූ විට මග හරින අය තමා වැඩි.

    ReplyDelete
  23. යාලුවෝ ගැන නම් මට තියන අත්දැකිම් මිල කලොත් ඉතින් සැහෙන කාලෙකට වෙන මොකවත් ඕනේම නැ.. ඒ හින්දාම ගොඩාක් අතේ දුරින් යාලුකම් හොදායි

    ReplyDelete
  24. අර ඔබ්සර්වර් අයිය, මේව වුනේ මට නෙමේයි... කියල නෝටිස් ගහගෙන ලිව්වත් වෙන්ඩ ඇත්තෙ එයාටමයි කියල අපිට හිතෙනව වගේ ..:D .... මට හිතින්නෙ ලියන්නා කොච්චර නෑ කිව්වත් හිත පොඩ්ඩක් හෙල්ලිච්ච වෙලාවක ලියපු එකක් වගේ....

    ReplyDelete
  25. මේක ඇත්ත වෙන අවස්ථාත් නැත්තේ නොවේ .....

    ReplyDelete