ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, October 8, 2011

මගේ පුංචි රෝස මලේ ඕනිවට වඩා ඇහුවද ?

මෙම ජායාරූපය මා ගත්තේ මා දිනපතා යන බස් රථයේ වාඩිවී අසල වූ කවුළුවකිනි. මෙම ජායාරූපය නිසා වචන දහසක් පමන ඉතිරි කර ගත  හැක. 






මෙම ජායාරූපයේ සිටින කවුදැයි නොදන්නා පුද්ගලයා මෙන් මමද බස් රථයක් එනතුරු හෝ පැමිණ නවතා ඇති බස් රථය සෙනඟ පිරී ඇත්නම් ඊළඟ බස් රථය එනතුරු මෙම ස්ථානයේ මෙලෙසම  පොරොත්තුවෙන් සිටින්නට පුරුදු වී තිබිනි.


මෙම දිනයේත් එය එසේම සිදුවිය. මා එතනට පැමිනෙන විටත් බසයක් නවතා, අනික් බසය එනතෙක් ඇන්ජිම සැර දමමින් තිබුනි. කාර්‍යාලයට යාමට තවමත් කාලය තිබෙන නිසාත්, අසුනක වාඩිවී යාමේ අවශ්‍යතාවය නිසාත්, මම ඊ ළඟ බසය එනතෙක් මගෙ සුපුරුදු ස්ථානයට වී සිටියෙමි. 
බස් රථයේ ඔය මම ෆොටෝ එක ගත්ත සීට් එකේම ඉඳගෙන හිටිය සුන්දර යුවතියන් හතර දෙනෙක් මා දෙස ඉමහත් උනන්දුවෙන් බලා සිටි ආකාරය මා නෙත ගැටුනෙ ඉබේටමය..ඔවුන් ඉතාමත් උනන්දුවෙන් මා දෙස බලා සිටී. 


හ්ම්ම්ම්...


මමද නැවත වරක් ඔවුන් දෙස බැලුවේ සයිබර් අවකාශයේ ජායාරූපවලින් පමනක් වත් දැන හැඳින ගත් අයවත්දෝ යි යන සැකය මතය. මතකය පීරා බැලූවද මෙවන් මුහුනු කීපයක් කෙසේවත් මතකයට නගා ගත නොහැක.


ඕනි එකක් කියා මම ඔවුන් සමග සිනා සුනෙමි. එකියක් පමනක් සිනාසී මොනවාද කුටු කුටු ගා අනිත් තිදෙනා සමඟ සිනාසෙන්නට විය. සුවර් එකටම යාලුවන්ගෙ යාලුවො වෙන්න ඇති. නැත්නම් මන් දිහා බලන්නෙ මක්කටැයි කියා සිතමින් උන් මා ගැස්සී ගියේ ඔවුන් හතර දෙනා ක්ශනයකින් බස් රතයෙන් බැස මා දෙසට පිය මනින්නට වූ නිසාය.


ඈ ! මොන මගුලක්ද මේ ?! පහුගිය කාලෙ ගාපු ෆෙයාර්නස් ක්‍රීම් වැඩ කරලවද්ද නැත්නම් අර මගේ පුන්චි රෝස මලේ සින්දුව ඕනිවට වඩා බොක්කෙන්ම අහල ඔලුව නරක් කර ගෙනවද්ද .. මගේ සිතද සලිතය. කිචි බිචි ගාමින් සොඳුරු යුවතියන් දෙදෙනා මා අසලටම පැමිණෙයි.. සසල වූ සිතින් මා රැකෙම්වා මියෙම්වා කියා හිතට ධෛර්යය ගෙන බලා සිටිමි. මා ළඟටම පැමිනි එක යුවතියක් 


"අංකල් පොඩ්ඩක් එහාට වෙනවද ? අපිට ඔය පිටිපස්සෙ ශෝකේස් එකේ තියෙන ගිෆ්ට් එක බලා ගන්න"


"තෑන්ක්ස් අංකල්"


තත්පර දහයක් පහලවක් තුල ගොඩනැගී තිබු මාලිගා සියල්ලම බිම පතිත වී සුනු විසුනු වී යද්දී..
හෆොයි මට වෙච්ච දෙයක්.. මේ ලමයි ටික මන් දිහා නෙවෙයි බලල තියෙන්නෙ.. මට කවර් වෙලා තිබිච්ච ශෝකේස් එක දිහාව තමයි..මම හිතපු එව්ව මම විතරක් දැනන් උන්න එක කොච්චර වටිනවද..නැත්නම් ලැජ්ජාවෙ සන්තෝශෙ පන යනව ..
 ඒ එක්කම හොඳ වෙලාවට බස් එකක් ආවා.. මමත් ඉක්මනට නැගලා ගිහින් ඉඳ ගත්තා සුපුරුදු සීට් එකේ. ඉඳගෙන ඉඳන් වෙනදා වගේම එතන කහ ඉර පනින මිනිස්සු දිහා බලා හිටිය. මට ඉස්සරහ සීට් දෙකේ හිස් නිසා අර ගෑල්ලමයි සෙට් එක ඇවිත් ඉඳ ගත්තා. ආයිමත් කිචි බිචිය.. මම ඇහුන්කන් දුන්නා නෙවෙයි.. ඇහුනා.. 


"මොනවද බන් මම දැන් චත්තාගේ බර්ත්ඩේ එකට අරන් දෙන්නෙ?"


"ශර්ට් එකක් අරන් දීපන් බන්"


"වැඩක් නැහැ. මිනිහා මන් අරන් දෙන ශර්ට් වලට කැමති නැහැ."


"ඉතින් අර බලපු ස්ටැචූ එක අරන් දීපන්කො"


"ඒකත් වැඩක් නැහැ බන්"


"එහෙනම් අද්දන්න තිබිච්ච බස් එකෙන් බැස්සෙ ගම්මු කියලනෙ"


"ඒ හරියට දැක්කෙ නැහැනෙ..අර කවුද වයසක පොරක් එතන හිටගෙන හිටියනෙ..ඒ යකාට වැහිල තිබුනෙ"


"අපරාදෙ ඉස්සෙල්ල බස් එකේ ගියානම් වෙලාවට ක්ලාස් යන්න තිබුනා .දැන් බලහන් අදත් පරක්කුයි. නීතියක් දමන්න ඕනි බන් ගිෆ්ට් අයිතම් තියෙන සෝකේශ් ඉස්සරහ හිටගෙන ඉන්න තහනම් කරල"


මම ඉක්මනට දමාගෙන හිටපු සන්ග්ලාස් කූට්ටම ගලවල සාක්කුවෙ දමා ගත්තා.. වෙච්ච දේට මම තමයි එතන හිට ගෙන හිටියෙ කියල මේ සෙට් එකට මීටර් වුනොත් මට නෙලන්නත් ඉඩ තිබ්බ..


ඉන් පස්සෙ නම් මම ඔය කියන ශෝ කේස් එක ඉස්සරහ නෙවෙයි බස් එක එනකම් හිට ගෙන හිටියෙ.  මේකෙන් ගන්න තියෙන ආදර්ශය තමයි.. ඔය සුකුරුත්තන් තියෙන අල්මාරි ළඟ වල පයයි ගොඩ පයයි තියෙන අපි හිට ගෙන ඉන්න නාකයි ! ඕන්න කොල්ලන්ට නම් ඕක හොඳයි.. අඩු තරමින් ඔය සුකුරුත්තන් දිහා බලන කෙළි පොඩිත්තෙක්ගෙ ඇහැ ගැටුනොත් කාට කියන්නද !!!

79 comments:

  1. සැලියුට් දෙකක්...

    1. මිස්ට බීන් ලෙවෙල් එකේ එල හාස්‍යජනක ස්ටෝරියට...

    2. " මේ ලඟදි අපේ යාලුවෙකුට වුණා " නොකිය ඇත්තම දැම්මට...

    ReplyDelete
  2. හපොයි වෙනී අංකල් !!!!!!!!! වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා දෙයියනේ :D :D :D

    ReplyDelete
  3. වෙනියො,
    කොමෙන්ට් එකක් දැම්ම, ඒක අතුරුදහන් වෙනව, දෙතුන් පාර වැටිල නං, වැඩි හරිය මකල දාහන් හොඳ එකා වගේ.
    උඹ කොමෙන්ට් මොඩරේෂන් දැම්මද, ඕනයගේ කුණුහරප අහල ඇති වෙලා... හික්ස්....

    ReplyDelete
  4. Pls check this link

    http://onezerozerowords.blogspot.com/2011/03/blog-post_15.html

    ReplyDelete
  5. මේ ලිපිය පුරා ගලා ගිහින් තියෙන්නේ , තමන් වයස යෑම නිසා හට ගත්ත සන්තාපය. අයියෝ ගැහැණු වගේද පිරිමි. ඔය කජුකිරි කෙල්ලන් කියන දේවල් මේ කනෙන් අහල අනිත් කණෙන් පිට කරන්න.

    ඔය වයසට එයාල ආවම , වෙනීටත් වඩා එහා.....

    ReplyDelete
  6. අයියෝ අන්කල්.... :D :D

    ReplyDelete
  7. පවු වැඩේ අප්පා... අහිංසකයාගේ හීන බලාගෙන ඉද්දී බොඳ වෙලා ගිහිංනේ....

    ReplyDelete
  8. වෙනිය, මොන කෙල්ල කිව්වත් උඹ දන්නවනේ මචන් උඹ වැඩකාරයා කියලා... :D

    ReplyDelete
  9. හික්ස්!විලි ලැජ්ජාවේ සංතෝසෙ බෑ කිව්වලු!නෝන්ඩි ආහ්!

    ReplyDelete
  10. සුනිල් පෙරේර ගෙ සින්දුව මතක් උනේ!

    ReplyDelete
  11. අයියෝ සල්ලි..මක්කද මේ උනේ

    ReplyDelete
  12. @ සපතේරු උන්නැහේ . - ස්තූතියි පැමිණීමට සහ කමෙන්ටුවට..මට වෙච්ච දේවල් ඒ විදියටම ලියන එක තමයි මට පහසුම විදිය .

    ReplyDelete
  13. @ පිණි පලස -දුවේ ස්තූතියි ඔබේ ප්‍රාර්ථනාවට ! මමත් ඒ වෙලාවෙ හිතුවෙ එහෙමමයි ..

    ReplyDelete
  14. @ ඔබ්සවර් අයියෙ - නැහැ මම මොඩරේශන් දමල නැහැ. අයියට ඉස්සෙල්ලත් ඔය ප්‍රොබ් එක ආවනේද ? මන් හිතන්නෙ අයියගෙ පීසී එකේද දන්නෙ නැහැ ට්‍රබල් එක. ඕනයා මේ පැත්තෙ එන්නෙ නැහැ අයියෙ .. කුණුහබ්බයක් වත් ලියල යන්න !අයියගේ
    එක කමෙන්ට් එකයි වැටිලා තියෙන්නෙ..කවුරුහරි මේ ට්‍රබල් එක විසඳලා දෙන්නකෝ..

    ReplyDelete
  15. @ ඔබා අයියෙ - ඒ ලින්ක් එක කියෙව්ව. අපි දෙන්නම එකම බෝට්ටුවෙ තමයි.

    ReplyDelete
  16. @ සො.සී - මේ සිද්ධිය මම ඇත්තටම මතක තියා ගත්තෙ මේක ඇතුලෙ තියෙන හාස්‍යමය ගතිය නිසාමයි. මගේ අනිත් යාලුවො එක්ක කිව්වහම හොඳටම හිනා උනා.. ඒ නිසයි බෙදා ගන්න හිතුවෙ !

    ReplyDelete
  17. @ තාරක - හයියෝ සල්ලි තාරක !

    ReplyDelete
  18. වෙනියා..අරින්න එපා මට එහෙම ඔහොම කිව්වනං මං කොහොම හරි එතනින් එකෙකුට ටෝක් කරලා තමයි පස්ස බලන්නේ... (ටෝක් කලාට දා ගන්නවා කියලා කිව්වේ නැහැ හරිය..:D) හෙටම බැහැපං ගේමට..යකෝ මේක මුළු මහත් බ්ලොග් සමාජයේම පිපෙන කැකුළු වන් අපි වගේ හුරතල් ලපටි නාඹර කොලු පැටවුන්ට සිද්ධ වෙච්ච අපහාසයක්..ආයෙත් කියන්නේ අරින්න එපා වෙනියා..අරින්නනං එපා..

    ReplyDelete
  19. @ ප්‍රසන්න - හීන ටික බිමට වැටුනෙ "දොහ්" ගාලා කකුල් දෙක පාමුල !

    ReplyDelete
  20. @ අභීත - ඒ වචන ටික නම් හිතට ලොකු හයියක් !

    ReplyDelete
  21. @ සබිත් - හොඳ වෙලාවට මන් හිතුව එව්ව ඒ ළමයින්ට ඇහුනෙ නැත්තෙ !

    ReplyDelete
  22. @ ඉන්දික - ලින්ක් එක හොයාගෙන දමමු !

    ReplyDelete
  23. @ චම්මා - ඕන්න ඔහොමයි උනේ ..මටමමයි වෙන්නෙ !

    ReplyDelete
  24. @ මාරෙ - හරි මචෝ මන් හෙට ඉඳන්ම ආයිමත් ගිහින් හිටගෙන ඉන්නෙ ඔය ශෝ කේස් එක ඉස්සරහමයි !ඇත්ත ! බ්ලොග් පිපෙන කැකුළු වලට ජය වේවා !

    ReplyDelete
  25. අය්යෝ වෙනී අන්කල්ටත් වෙන දේවල් . හික්ස්..

    ReplyDelete
  26. අදයි මේ පැත්තෙ ආවෙ...

    අපි කවුරුත් වයසට යනවනෙ කවදහරි....

    ReplyDelete
  27. දැන් හැදෙන එව්වො නම් කිසි කමකට නෑ.... නේද වෙනී අංකල්.. ;)

    මොනා වුනත් ඇඬෙන සීන් එක.... හැබෑට වෙනී අයිය ඒ තරමටම වයසයිද?...

    ReplyDelete
  28. @ගිම්හානි - ඔව් දුවේ ඒකනෙ බලන්නකෝ මටම මෙව්ව වෙන හැටි !

    ReplyDelete
  29. @ හරි - ස්තූතියි හරි ආවට සහ කමෙන්ට් එකට.. ඔයාගෙ බ්ලොග් එකේ තියෙනව වගේ රොබොට්ටො ගොඩක් මන් දැක්ක අද 08/11 ටෙක්නෝ එක්ශිබිශන් එකේ !

    ReplyDelete
  30. @සාතන් - අනිවා ඇත්ත.. මට එච්චර වයස නැහැ..තාම අවුරුදු 20 යි. 2න් වැඩි කරල ගන්න..ඕනිම නම්

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. //ඕන්න කොල්ලන්ට නම් ඕක හොඳයි.. අඩු තරමින් ඔය සුකුරුත්තන් දිහා බලන කෙළි පොඩිත්තෙක්ගෙ ඇහැ ගැටුනොත් කාට කියන්නද !!!//

    මට මැවිලපේනව "නාකි ඔබා" ඇඩිලේඩ් හංදියෙ ෆැන්සි කඩේක වීදුරු ශෝකේස් එකක් ඉස්සරහ ප්ලේ බෝයි මැගසින් එකක් බලනව . . . .
    (ඕය යකා කොහොමත් සොමි කාරය නෙ)

    ReplyDelete
  33. ඔය කිව්වට කෙල්ලො ටික නෙලන්න ඇති ගමකට....

    ReplyDelete
  34. @ඕනයා - බොලා මේ පැත්තෙ එන්නෙ නැහැ කියල මන් මේ ඔබා අයියා එක්ක දෝස්මුරයක් දැම්ම විතරයි !.

    ReplyDelete
  35. @පිසාචයා - මාව අඳුරා ගත්තෙ නැහැ..හොඳ වෙලාවට !

    ReplyDelete
  36. "මගේ පුංචි රෝස මලේ ඕනිවට වඩා ඇහුවද ?"

    පෝස්ට් එක කියෙව්වාම මැරෙන්න හිනා . .

    සිද්දි දාමය නිකම් ෆිල්ම් එකක් බලනවා ව්ගේ මැවිලා පෙනුනා . . .

    ඔක්කෝටම හපන් බස් එකේ ඉස්සර සීට් එකේ ඉඳගෙන කියපු ජාති ටික . .

    අම්මපා මම නම් පනිනවා ජනේලෙන් .. හික්ස්

    ReplyDelete
  37. හැක හැක.. පවු අප්පා වෙනී මාම.එහෙනම් තනිකඩ අපිවත් ඔය තියරිය අනුගමනය කරලා බලන්නම්.ඔය යුනිටි ප්ලාස එකේ පලවෙනි තට්ටුවේ තියනවා ඔය වගේ සුකුරුත්තම් තියන මරු කඩයක්.ඒකෙ සෝ කේස් එකේ මරු මරු ඒව දාල තියනවා.දැක්කම ආසාවේ බෑ...

    ReplyDelete
  38. @දුකා - ස්තූතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දැම්මට. ඒ සෙට් එක මාව අඳුරා ගත්ත නම් මාව ඇදලා දමයි ජනේලෙන් එලියට අනිවා !

    ReplyDelete
  39. @ සිහින - ඔව් ඔව් ඒත් ඔය එක්ශිබිශන් ගියහම එහෙම වට කර ගෙන ඉන්න ගෑනු දරුවො ටික දැක්කහම එහෙම ශෝ කේස් ළඟ ඉන්න ඕනි නැහැ කියලයි මට නම් හිතෙන්නෙ !

    ReplyDelete
  40. පව් අප්පා...මට නම් දුකේ බෑ...:D:D:D

    ReplyDelete
  41. @පො.කු. - දුකේ බෑ කියල D.D.D මෙහෙම හිනා වෙන ළමෙක් දැක්කමයි !

    ReplyDelete
  42. මෙවට ඇඬෙනව ඕයි.
    මීටපස්සෙ ගෑල්ලමයි ඔහොම බැලුවොත් බලන්න zipper එක දාලද කියලා
    සන්ග්ලාස් එක ගැලෙව්වෙ ඇඬුනෙ නෑ කියලා පෙන්නන්නද?
    එහෙනම් ෆෙයානස් ක්‍රීමුත් ගාල තියෙනව ඈ?

    ReplyDelete
  43. " මගේ පුන්ච් රෝස මලේ ඕනවට වඩා ඇහුවද? " ඒකනම් නියම කියමන... සැලෙන්න එපා අයියේ.... මිනිස්සුන්ට ඕවද වෙන්නේ.....

    ReplyDelete
  44. මම නම් මේ පැත්තට පළවෙනි පාර ආවේ...මාරයා අයියගෙ අඩවියෙන් පාර අහගෙන...

    ඕවා ඔහොම තමයි ඉතින්..හැම්බැයි මම මේ කතාවෙන් තවත් දෙයක් දකිනවා..ඒ තමා ආදරය..එහෙමත් නැත්තම් බැඳීම ගැන සිතිවිලි හිතේ උපදින්න වයසක් බලපාන්නෙ නෑ කියන එක....එහෙම නේද...

    ReplyDelete
  45. @ඩූඩ් - කෑමක් උනත් ඩෙකරේට් කරහමනෙ ලස්සන ! ෆෙයාර්නස් ක්‍රීම් වලට වියදම් කරපුව ! හයියෝ සල්ලි !!!!

    ReplyDelete
  46. @දිනේශ් - ඔව් මල්ලි ඔව්වද වෙන්නෙ..සැලෙන්න නරකයි ! බලමු ඊළඟ දවසෙ වෙන්නෙ මොකද කියල ? බස් එකෙන්මනෙ ඔෆිස් යන්නෙ ..

    ReplyDelete
  47. @දිල් - ස්තූතියි ආවට සහ කමෙන්ට් එකට.. අපි තාම බ්ලොග් ලෝකෙට අළුත් අයනෙ...මාරයා වගෙ ප්‍රවීන අයගේ සපෝර්ට් එක නිසා තමයි නැවත නැවත ලියන්න හිතෙන්නෙ.. ඔයාලා වගේ බ්ලොග් ලෝකෙ ලොකු අයත් ඇවිත් කමෙන්ට් කරලා දෙන දිරියට බොහෝම ස්තූතියි !
    ආදරය සර්වකාලීනයි ! කෝ ඒකට වයස්, ආගම්, ජාති, වර්ණ භේද ?

    ReplyDelete
  48. http://www.liyathabara.com/

    ඔයා තාම මැරි කරල නෑ නේද ඩියර්?මේ සයිට් එක ට්‍රයි කරල බලන්නකො පොඩ්ඩක්.(මට ඔයා ගැන දුක හිතුනා:/)

    ReplyDelete
  49. @දිල්:
    වෙනියගෙ හිතේ පහල උන ඔය සිතුවිල්ලට ඔයාල කියන්නෙ ආදරය කියලද . . . ???? අර ඉන්ටවිවු බෝඩ් එකේ හිටපු ඇසූ-පිරූ තැන් ඇති උත්තමය ඒක හඳුන්වන්නෙ "කුපාඩිකම" කියල . . . . (ඕං අපිනං නෑ ඕවට)

    ReplyDelete
  50. @මල්සරා - ස්තූතියි ආවට සහ කමෙන්ට් එකට..මේ කතා එච්චරම සිරාවට ගන්න එපා..අර සයිට් එක මැරේජ් ප්‍රොපෝසල් සයිට් එකක් නේද? මන් භාගයක් ලෝඩ් වෙන කොට කැන්සල් කලා. මන් හිතුවෙ මල්සරාගෙ බ්ලොග් එක කියලයි. එහෙම උනා නම් කියවනව !

    ReplyDelete
  51. @ ඕනයා - දැන් අපි කිව්වෙ කාටද ? බොලා සහ ඔබා අයියා හැර වෙන කවුද ?

    ReplyDelete
  52. හික් හික් වෙනී අංකල් හිතන දේවල් හැබෑට.

    ReplyDelete
  53. @ නදී - ඔව් ඔව් දැන් නම් මටත් හිනා මට හිතෙන දේවල් මතක් වෙනකොට..!

    ReplyDelete
  54. @Weni

    ඔන්න ඕවා තමා දිරවන්නෙ නැත්තේ...මේ අයියෙ මම හරි පුංචි බ්ලොග් කාරියෙක්...මාරයියලා වගෙ නෙමේ..ඒ නිසා ඔය වගෙ කතා නොකියා උන්නොත් හොඳා...

    ReplyDelete
  55. @ඕනයා

    කපනවා කියලා බෙල්ල මුළින්ම කපන්න එපා ඉතින්...චූටිත්තක් විතරක් ඇති... වෙනි අයියලාට කට්ටිය වැටුනොත් නරකද ?

    ReplyDelete
  56. කීවත් වගේ විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ නොවෑ..........

    ReplyDelete
  57. ආදුර්සමත් කතාවක්....

    ReplyDelete
  58. @දිල් - සමාවෙන්න , නමුත් ඔබ 2010 ෆෙබරවාරි සිට ඔබගේ බ්ලොග් එක ලියනව "අතීතයෙන් අහුලන මතකයන්" අවුරුදු එක හමාරකටත් වඩා වැඩි. මට තාම මාස තුනයි. ඒ නිසයි එහෙම කිව්වෙ.

    ReplyDelete
  59. @දිල් - ඕනයා ! අනේ මන් නොදන්න ඕනයා ! රටින් පිටුවහල් කලෙත් මෙහෙ තියා ගන්න බැරි නිසානෙ !

    ReplyDelete
  60. @ ගොඩයා - ස්තූතියි කමෙන්ට් එකට.. ඕන්න ඔහොමයි අපිට වෙන්නෙ.. පුවක් ගහෙ නැග්ගොත් ඒකෙත් තියෙන්නෙ දෙල් තමයි !

    ReplyDelete
  61. @විදානරාල - ස්තූතියි කමෙන්ට් එකට ! ආදර්ශය පිලි අරන් ගොඩ ගියොත් කාට කියන්නද ?

    ReplyDelete
  62. කවුද කියන්නෙ කෙල්ලො middle aged පොරවල්වලට කැමති නෑ කියලා. ගනන් ගන්න එපා අයියා.
    ඒ මං හිතන් හිටියෙ දහ අටේ කොල්ලෙක් කියලා.
    ඇත්තටම කීයද..?

    ReplyDelete
  63. අනේ! වෙනී අයියෙ මටත් දවසක ඔහොම වේවි නේද? දින දින වයසට යයි. අද අද එයි මරු පින් කර ගන්නේ!

    ReplyDelete
  64. This comment has been removed by the author.

    ReplyDelete
  65. niyamai.ada tamaikanawata set une.niyamai brother.ude pandara kiyawanna maru.

    ReplyDelete
  66. @ දමියා - මනුස්සයෙක් විදියට ලබන්න පුලුවන් ලොකුම සතුටක් තමයි තව මනුස්සයෙක් කැමති වෙන එක..ඒකට වයස් භේදයක් නැහැ. ඒ කැමති වෙන්නෙ ආදරය කියන එක්තරා ආකාරයක් ආත්මාර්ථකාමී හැඟීමක් වෙන්නම ඕනි නැහැ. 18 යි තමයි දෙකක් එකතු කරල 2න් වැඩි කරන්න !

    ReplyDelete
  67. @ විසිතුරු - ඔව් ඔව් ! අනිවා ඩෙෆා ! අප්පමාදෝ අමත පදං කිව්වලු

    ReplyDelete
  68. @ අයේශ්මන්ත - ස්තූතියි , පැමිණීමට සහ කමෙන්ට් එකට !Laughter is the Best medicine තමයි තීම් එක ඒ නිසා කියවල හිනා වෙනව නම් මට ඒක සතුටක් !

    ReplyDelete
  69. oyata 40years kiyala mata nam hitune na blog eka kiyawaddi :)

    ReplyDelete
  70. @නිශා - නමුත් ඒක තමයි ඇත්ත..නිර්මාණයක් කරන කොට සහ විඳින කොට නිර්මාණකරුගෙ වයස එච්චර ප්‍රශ්ණයක් නෙවෙයි නේද?

    ReplyDelete
  71. ෆලෝවර්සල වෙන්න තැනක් නැතෙයි මේකේ....

    ReplyDelete
  72. තියෙනවා සො.සි. ආයිමත් පේජ් එක රිලෝඩ් කරල බලන්න. සමහර වෙලාවට මටත් ෆලෝවර්ස්ලා සහ පේජ් වීව්ස් පෙනෙන්නෙ නැහැ..

    ReplyDelete
  73. හහ්....!!!! වලපයයි ගොඩපයයි තියාගෙන පොඩි කෙල්ලන්ව දාගන්න නේ කල්පනාව?

    ඕකට හේතුව වෙනි ඔබා සයිබර් අශ්‍රය තමා :P

    ReplyDelete
  74. @ අවංක පැට්ට - දමා ගැනීම කෙසේ වෙතත්..මන් හිතුවෙ ළඟට ඇවිත් "ආ මේ අයියා නේද ලියන්න කියන්නෙ" කියල අහයි කියලයි..අපොයි. සයිබර් ආශ්‍රය නේන්නම් !

    ReplyDelete
  75. මහ නැහැදිච්ච කෙල්ලො ටිකක්. නැත්තන් අපේ වෙනි අයියට මාමා කියාවිද? ශික් මගේ හිත බිඳුන.

    ReplyDelete
  76. අප්පේ වෙලා තියෙන හදියක්....

    ReplyDelete
  77. @ කසුන් - ඔව් කසුන් මට එච්චර වයස පෙනෙනවයැ ?

    ReplyDelete
  78. @නිසුපා - ඔයින් ගියා මදැයි කියල හිත හදා ගත්ත නගෝ

    ReplyDelete
  79. ටික ටික මං ටික ටික වයසට යනවා.... අනේ හපොයි ඇඩෙනව ඇස් දෙකටම....

    ReplyDelete