ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, October 12, 2011

පැනපු කොටුවක්ද ඔය ප්‍රසිද්ධියේම එල්ලගෙන ඉන්නෙ? ( About QR codes)

පැනපු කොටුවක්ද ඔය ප්‍රසිද්ධියේම එල්ලගෙන ඉන්නෙ?


 කියල මගෙන් ඇහුවෙ මගේ හොඳම යාළුවෙක්. මේ ඊයේ පෙරේදා මගෙ බ්ලොග් එකේ අමුතුවෙන් දමලා තියෙන කොටුව සහ ඒ එක්ක මොනවද ඇනොනිමස් කතාවක් දමල තියෙන එක දැකලයි. ඒක කිව්
 ආර් කෝඩ් එකක් (QR Code -Quick Response Code)..අයිටී ෆීල්ඩ් එකේ අය නම් දන්නව වුණත් මේ ගැන..අද පොඩ්ඩක් කියන්න යන්නෙ මේ ගැන තමයි. හැබැයි මමත් කිව් ආර් කෝඩ් ගැන අහල කියවල තිබ්බත් ඒක ලංකාවෙ පාවිච්චි කරනව දැකල තිබුණෙ නැහැ..පහුගිය සති අන්තයේ තිබුණු ටෙක්නෝ ප්‍රදර්ශනයේ මොබිටෙල් ස්ටෝල් එකට යනකම්ම.
ඒ ගොල්ලො මේ තාක්ෂණය පාවිච්චි කරල තිබුණෙ මෑතදීම ඒ අය හඳුන්වා දෙන්න යන වර්චුවල් මාර්කටින් (Virtual Marketing) කියන සංකල්පයක් එක්කයි. ඒ කියන්නෙ අතත්‍ය අලෙවිකරණ උපක්‍රමයක් විදියට. සරලව කිව්වොත් දැන් තියෙනවට වඩා ලේසියෙන් බඩු ගන්න ක්‍රමයක් විදියට. දැන් අපි කරන්නෙ කඩේට ගියා බඩු තේරුවා සල්ලි දුන්න බඩු ටික ගෙදරට අරන් ආවා ඒකනෙ. මේ ක්‍රමයෙදි.. ජනාකීර්ණ ස්ථාන වල අපි කියමුකො බස් ස්ටෑන්ඩ් එක කියලා.. එතන තියෙනවා ඔය පිංතූරෙ තියෙනවා වගේ ඩිස්ප්ලේ බෝර්ඩ් එකක් ..






 ඔය කියන කෝඩ් එක තියෙනවා ඒ හැම භාණ්ඩයක් ළඟම.. අපිට අවශ්‍ය භාණ්ඩ තෝරලා, අපි ළඟ තියෙන ෆෝන් එකෙන්.. ආ ස්මාර්ට් ෆෝන් එකක් තියෙන්න ඕනි..ඇයි දෙවියනෙ දැන් කවුරු ළඟද නැත්තෙ ඔය  ඇන්ඩ්‍රොයිඩ් දුවන ෆෝන් එකක්.. දැන් ඒ ෆෝන්  අඩු ගණනට ගන්න තියෙන නිසා අපි උපකල්පනය කරමුකො එහෙම ෆෝන් හැමෝම ළඟ තියෙනවා කියල. නැත්නම් ඊළඟට ගන්න ෆෝන් එක රු15,000 ක රු.20,000 ක එකක් වෙනකොට ඒක ඔය ඇන්ඩ්‍රොයිඩ් වගෙ මෙහෙයුම් පද්ධතියක් තියෙන ෆෝන් එකක් වේවි අනිවා !  ඒ ෆෝන් එකේ කෝඩ් රීඩ් කරන්න තියෙන ඇප් එකෙන් තමන්ට අවශ්‍ය කරන බඩු ටික ස්කෑන් කරලා තෝරා ගෙන බඩු මල්ලට දමලා චෙකින් කරන්න තියෙන්නෙ.. අපි බස් එකේ හරි කෝච්චියෙ හරි ගෙදරට යනකොට බඩු මල්ල ගෙදරට ඩිලිවරි කරනවලු. බඩු වල මිල ෆෝන් බිලට එකතු වෙලා එනවලු. හරි දැන් ඔය ගොල්ලො ළඟ තියෙන ෆෝන් වල ඇප් ස්ටොර් එකට ගිහින් QR Reader  කියල ටයිප් කරල හොයා බලන්න තියෙන කෝඩ් රීඩ් කරන ඇප් එක.. එහෙම කරලා ඒක ඩවුන්ලෝඩ් කරල තියා ගන්න. ඉස්සරහදි ප්‍රයෝජනවත් වෙවි.


මේක ක්‍රියාත්මක වෙනකොට ඔන්න ඔහොමලු අක්කෙ පුල්මුඩෙ තත්වෙ !


මමත් ප්‍රදර්ශන කුටියෙදි මේක ට්‍රයි කරලා නොමිලේම ඩියෝඩරන්ට් එකක් දිනා ගත්ත. ටී එකක් බිව්ව.. ඒකෙ නම් ගාන බිලට එකතු වෙලා එයිද කියල සැකයක් තියේ.. ඉතින් ඔහොම පුබුදු වෙච්ච මල.. මමත් කාලෙකට ඉස්සෙල්ල කියවල තිබ්බ මේ තාක්ෂණෙ ගැන හොයල බලන්න ගූගල් එකෙන් කියවල බැලුව මේ ගැන. බටහිර රටවල නම් මේ ක්‍රමය බොහෝ දේවල් වලට පාවිච්චි කරනව කියලත් තියේ.. මේක 1994 දි ටොයෝටා සමාගමේ උප සමාගමක් වුණ ඩෙන්සො තමයි ඒ ගොල්ලන්ගෙ මෝටර් රථ නිෂ්පාදන ක්‍රියාවලියෙදි පාවිච්චිකරල තියෙන්නෙ. ජපන් වැඩක් තමයි. නමුත් ක්ෂණිකව කියවීමේ පහසුව සහ දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කර තැබීමේ පහසුව නිසා මෙය විශාල වශයෙන් ජනප්‍රිය වෙමින් පවතිනව කියලයිකියන්නෙ. 
ඕනිම කෙනෙකුට මේ කෝඩ් එකක් හදා ගත්තහැකි. ඔය පහල තියෙන වෙබ් සයිට් දෙකෙන්ම මේ වැඩේ කලහැකි. 


http://zxing.appspot.com/generator/
http://qrcode.kaywa.com/  


ඒ සයිට් එකකින් මන් හදා ගත්ත මගේ විස්තර තියෙන කෝඩ් එක තමයි ඔය උඩ දමල තියෙන්නෙ. හැබැයි මන් තවම දැක්කෙ නැහැ  මේ විදියට කවුරුවත්  කෝඩ් එක වෙබ් සයිට් එකක පාවිච්චි කරල තියෙනවා. හැබැයි බොහෝ තැන් වල විසිටින්ග් කාර්ඩ් වල මේක පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගෙම ටී ශර්ට් එකක වගෙ ප්‍රින්ට් කර ගන්නත් පුලුවන්. දැන් ඔය ටී ශර්ට් වල ගහ ගෙන ඉන්න එවායෙ හැටියට මේක ප්‍රයෝජනවත් වෙයි. එහෙම නිර්මානය කරන කෝඩ් එකකට මෙන්න මේ වගෙ විස්තර දමන්න පුලුවන්.


calandar event
contact information
email address
geo location 
email address
telephone number
sms 
text
url
wifi network details
බලමු මේ තාක්ශනය කොච්චර දුර යයිද කියල.. 


හැබැයි කෝඩ් එක හරහා එන්නෙ වෙබ් සයිට් එකක් නම් ඒ වෙබ් සයිට් එක හරහා වයිරස් හෝ යම් හානිකර අඩවි වලට   යාමේ අවදානම් තත්වයක් වීමට ඇති බවද සඳහන් වන නිසා එවන් අවස්ථා ගැන සැලකිලිමත් වීම නම් බෙහෙවින් වැදගත්ය. 



"හොඳයි, ඔය සේරම හරියි කියමුකො.. මොකටද QR කෝඩ් එකක් බ්ලොග් එකට? ඕක හැමෝටම කියවන්නත් බැහැ. අනික ඔය බ්ලොග් එක කියවන යාළුවො සේරම වගේ එෆ්බී එකෙත් යාළුවො නේද?එතකොට ලියන්නාගෙ විස්තර දන්නවනෙ ඔය කෝඩ් එක නැතුවට "


මගේ අතීසාර මිත්‍රයා ආයිමත් හඬ අවදි කලා. අර හෙලිබැල්ලෙන් මිදුලෙ වැලි සෙල්ලම් කර කර හිටපු කෙලි පොඩිත්ත කොල්ලගෙන් අහපු ප්‍රශ්නෙදි වගේම මටත් කට උත්තර නැති උනා. ඇඟිල්ල ගහගෙන කල්පනා කරපු මම,


ඒක තියෙන්නෙ ඉට්ටැයිල් එකටනෙ !

ප.ලි. - 

ගිනි කුරුල්ලා said...

ස්මාර්ට් ෆෝන් වල විතරමත් නෙවෙයි. ජාවා තියෙන ගොඩක් ෆෝන්ස් වලට QR රීඩර්ස් හදලා තියෙනවා.. ඒත් ස්මාර්ට් ෆෝන් එකකින් කෝඩ් එක රීඩ් කරන්න ලේසියි...

47 comments:

  1. මමත් දැම්ම ඉට්ටැයිල් එකට එකක් මගේ බ්ලොග් එකේ.. :)

    ReplyDelete
  2. මමත් දාගන්නවා එකක්.

    අර ඩියොඩ්‍රන්ට් එකක් දිනපු එකනම් ලොකුම ​ලොකු දෙයක් අයියේ....! නැත්තං ප්‍රදර්ශනේට එන අය හැරිලා යන තත්වයක් තිබුනා කියලා තමා ගිය අය කිව්වේ...

    ReplyDelete
  3. අනිවා ඕක ලංකාවේ ඉස්සරහට ජනප්‍රිය වෙයි..තාම මොබිටෙල් විතරයි නේද කරන්නේ..?

    ReplyDelete
  4. පලයං බං ලෙඩ බෝ කරන්නේ නැතිව...

    ReplyDelete
  5. මොන කොටුවක්ද මේ?... අපි අහුවෙයි ඕවට ;)

    ReplyDelete
  6. වැඩේ නම් හොඳයි. නමුත් අපේ එවුන්ගෙ තියෙන අකාර්යක්ෂමතාවයත් එක්ක ඔය වැඩේ කරන්නෙ කොහොමද කියන එක ප්‍රෂ්නයක්. දැන් බලන්න ලංකාවෙ ගෑස් සිලින්ඩර් එකක් ගන්න තමන්ගෙ වාහනෙන් හරි ත්‍රී වීලර් එකක් හයර් කරගෙනෙ තමන්ම යන්න එපැයි හුඟක් පලාත්වල. හුඟක් රටවල ඕක නොමිලෙ ගෙදරට ගෙනත් දෙනව.
    ඔය එක පොඩි උදාහරණයක් විතරයි.
    henryblogwalker the dude

    ReplyDelete
  7. මචං රුපියල් 5000කට ගත්ත මගෙ ඇල්කටෙල් ඩුවෙල් සිම් ෆෝන් එකට බැරිවෙයි නේද ඔය කියල ඇප්ලිකේශන් එක ඩවුන් කරගන්න ????

    ප.ලි.
    //ට්‍රයි කරලා නොමිලේම ඩියෝඩරන්ට් එකක් දිනා ගත්ත//
    දිනා ගත්ත නෙමෙයි . . . ඇත්ත කියපං . . . උඹට නිකං දුන්න නේද . . . ටක් ගාල ගාගන්න කියල ???

    ReplyDelete
  8. ඉට්ටැයිල් එකට.... හක් හක්.

    මමත් ඕක භාගෙන උබගෙ විස්තර ටික හොයා ගන්න ඕනි ඔය කොට්ටෙන්... අනේ කම්මැලියි ඒත්.. ඔය මූනු පොතේ ඉන්නෙ විස්තර හොයා ගන්න...

    ReplyDelete
  9. @ඉඳුනිල් - ට්‍රයි කරලා බැලුවට වරදක් නැහැ..මන් ඒක රීඩ් කරල ෆෝන් එකට සේව් කර ගත්තා

    ReplyDelete
  10. @ ප්‍රසන්න- ප්‍රසන්නගෙ ගැජට් ගොඩාක් එව්ව මමත් ට්‍රයි කරනව..මේ ගැන තව ඉගෙන ගන්න ඕනි.. ඉස්සරහට එන දෙයක් නම් ප්‍රයෝජනවත් වෙයි

    ReplyDelete
  11. @චම්මා - මොබිටෙල් ලගෙත් අනාගත ප්‍රොජෙක්ට් එකක් තමයි !

    ReplyDelete
  12. @ මාරයා - ඇයි මල්ලියෙ ඔහොම කියන්නෙ.. බොලාලානෙ ඉතින් මේ ගැජමටික් පාවිච්චි කරන පරම්පරාව !

    ReplyDelete
  13. @ සාතන් - මොනාද බන්z.. අහු වෙයකො..

    ReplyDelete
  14. @ ඩූඩ් - ඒක නම් ඇත්ත, හැබැයි දැනටත් අපේ කිරුලපන ඒරියා එකේ නම් ෆෝන් කෝල් එකකින් ගෙන්න ගන්න පුලුවන් ගෑස් .. රු.75ක් වැඩී..නොමිලෙ නැහැ..

    ReplyDelete
  15. @ ඕනයා - එතකොට උඹ හන්ග ගෙන පාවිච්චි කරනවයි කියන ලක්ශෙකට කිට්ටු නොකියා ෆෝන් එක ??? අපිටනෙ මේ බොරු කියන්න හදන්නෙ ..හුහ් !

    ReplyDelete
  16. @ පිස්සා පලා මල්ල - ඒ උනාට එෆ්බී එකේ තියෙන විස්තර වලට වඩා එව්ව මේකෙ තියෙනවා

    ReplyDelete
  17. මාත් අහන්නමයි උන්නේ. දැන් හරි. ඒත් කීවත් වගේ කියවන අපිටම ඇයි ඔයැයි මේ කොට්ටක් දාලා...

    ReplyDelete
  18. තාස්සනේ තාස්සනේ . . .බලන්ට ඉතිං දියුනුව නේද . . . .

    ReplyDelete
  19. ඔය කොටුව ටී ෂර්ට් එකක ගහගෙන, යමං කොටුවක් පනින්න. ඇඳුන් දාල දුවන්න වුනොත් කොටුව අයිතිකාරයට කොටුව පැන්න එකාව ස්කෑන් කොරල හොයා ගන්න ඇහැකි ලේසියෙන්

    ReplyDelete
  20. හොඳ වෙලාවට නේද ඒ කාලේ QR Code තිබ්බේ නැත්තේ නේද ඔබා මාමේ... :D

    ReplyDelete
  21. තෑන්ක්ස් ලින්ක් දෙකට...!
    පළවෙනි එක හොඳයි වගේ දෙවෙනි එකට වඩා...

    ReplyDelete
  22. හපොයි දෙය්යනේ...මේ අපේ ලියන්නද?...:D

    ReplyDelete
  23. @ සොසී - ඉතින් එෆ්බී එකේ ඉන්න නිසා ඔය කොටුවෙ දමල තියෙන විස්තර දන්නවා !

    ReplyDelete
  24. හලි ඉට්ටැයිල්නෙ මෙයාගෙ. :)

    ReplyDelete
  25. @ දුකා - ඔව් ඔව්..වැඩ ලේසි කරල දෙන්න දියුණු වන තාක්ශනය

    ReplyDelete
  26. @ ඔබ්සර්වර් - ආ ඔය තියෙන්නෙ තවත් නිර්මානශීලි අදහසක් ! ඔය වගේ තවත් තියෙනවද අයියෙ ?

    ReplyDelete
  27. @ තාරක - ඒ කාලෙ තිබ්බ කෝඩ් ගැන ඔබා අයියගෙන්ම තමයි දැන අහ ගන්න වෙන්නෙ ! ඔව් ඒ පළමුවෙනි ලින්ක් එක වැඩිය හොඳයි.. මන් පාවිච්චි කලෙත් ඒකමයි!

    ReplyDelete
  28. @ පොකු - ඈ !!!??? අහු උනාවත්ද එෆ්බී එකෙන් ?

    ReplyDelete
  29. @ නලිනි චන්දිමා - තාමත් වෙන දෙන්න උත්තරයක් හිතා ගන්න බැහැ.

    ReplyDelete
  30. අලූත් තාක්ශණයෙන් කරන දේවල් තමයි ඉතින්....

    ReplyDelete
  31. හොඳ ඉට්ටැයිල් එක!

    QR Code ගැන හොඳ විස්තරයක්...

    ReplyDelete
  32. මාත් ගොඩවැදුනා මහත්තයෝ මේ පැත්තට ඉතිං නමෝ විත්තියෙන්ම...
    රසවත් බ්ලොග් එකක් නෙව... මගේ රෝලටත් එකතු කරගනිමි...

    ඊයේ පෙරේදා දවසක හාදයෙකුගෙන් මේක ගැන ඇහුවා විතරයි මමත්...
    හරියට තේරුනේ දැන් තමයි... :-)

    ReplyDelete
  33. @ දිනේශ් - ඔව් ඔව්, සමහර වෙලාවට අපි ෆෝන් පාවිච්චි කරනවා .. ඒකෙ තියෙන පහසුකම් වලින් 20%ක් වත් ප්‍රයෝජනයට ගන්නෙ නැහැ කියන එකයි මගෙ අදහස නම්..

    ReplyDelete
  34. @ගීතක - මේක සරල විස්තරයක් විතරයි. ගූගල් කරහම එන විස්තර ගොඩාක් ටෙක්නිකල් නිසා මට ඒවා පරිවර්තනය කරන්න බැහැ.

    ReplyDelete
  35. @ තිස්ස - ස්තූතියි ඔබේ පැමිණීමට සහ කමෙන්ටුවට.. හෆොයි මටද මහත්තයා කිව්වෙ.. ඕනයා මලෙයා දැක්කොත් මේ කතාව මන් වසල ඉවරයි..ගොනා, බූරුවා, මීහරකා.. ඔය මොක කිව්වත් කමක් නැහැ.. ඒත්.. හිකීස්!!!

    ReplyDelete
  36. මචං මමත් ආවා.... අපුරැ කොට්ට... මරැ ලිපිය වෙනී...මෙච්චර කල් එන්න බැරිඋනාට සොරිවෙයන් මචං...ජය වේවා !!!

    ReplyDelete
  37. @ බස්සා - ස්තූතියි, පැමිණීමට, ඒත් මන් මේ පටන් ගත්තා විතරයි. මුලින්ම ආපු අය කියන ගොන්නෙ තමයි බස්සත් ඉන්නෙ !

    ReplyDelete
  38. ඉට්ටැයිල් කතාව මතක්වෙලා ආපහු පැය ගාණක් හිනා වෙන්න පුළුවන්.

    ReplyDelete
  39. වෙනි අයියා මේකට ඔයා අර වීදුරුවෙ මකුල් දැල් බැඳෙන ලෙවල් එකට බොන තැන්, ඔයාගේ ජැක් යූස් කරන බස් රූට් තව එතකොට ගැහැනු නාන (ඔයා බක්ක බලන ) තැන් එහෙම එන්ටර් කොරලද තියෙන්නෙ?

    ReplyDelete
  40. @ පැණි දොඩම් - හිකීස්.. ඒ කතාව ආයිමත් කියවන්න හෙව්වා... හම්බ උනේ නැහැ අප්පා.. ඇ.පේලියෙද තිබ්බෙ?

    ReplyDelete
  41. @ අවංකෙ - බොලා මගෙන් ෆෝන් කෝල් එකක් දීලා අහන්න ඕනි එකනෙ ඔය අහල තියෙන්නෙ ප්‍රසිද්ධියෙ.. හෆොයි මගේ ශ්‍රී නාමය !!!

    ReplyDelete
  42. මේක දියුණු වෙනවනම් සැහෙන්න හොඳයි කියලා මට හිතෙන්නේ. මේ පාර ලංකාවේ ටුවිටර් පාවිච්චි කරන අයගේ ගෙට් එකේදි ආපු අයට තමන්ගේ ටුවිටර් ගිනුමේ විස්තර දාලා QR කෝඩ් එක ගහපු ටීශර්ට් එකක් නොමිලේ ලබා දුන්නා.

    පුලුවන්නම් මේ බ්ලොග් එකේ තියෙන කොටුව ස්කෑන් කරලා බලන්න වෙනිවැල් ගැටයගේ සියළු විස්තර තියෙනවා දාලා :-D

    ReplyDelete
  43. හොඳයි හොඳයි.. ලංකාව කොහොමත් ඔයවගේ සුකුමල වැඩවලදී ඉස්සරහින් ඉන්නවනේ.. හොඳ උත්සහයක් වගේම සාර්ථක දැනුවත් කිරීමක්..

    ReplyDelete
  44. @ මගේ මරනය- ඔව් බලමු මේක කොච්චර ජනප්‍රිය වෙයිද කියල..ම්ම්ම් විසිටින්ග් කර්ඩ් එකට දමල බලන්න ඕනි !

    ReplyDelete
  45. @ක්සැන්ඩර් - ඔව් ඒත් මේ QR code නම් තවම පාවිච්චි කරන්නෙ නැහැ. හැබැයි ස්මාර්ට් ෆෝන් නම් පාවිච්චි කරනව බොහෝ දෙනෙක්

    ReplyDelete
  46. ස්මාර්ට් ෆෝන් වල විතරමත් නෙවෙයි. ජාවා තියෙන ගොඩක් ෆෝන්ස් වලට QR රීඩර්ස් හදලා තියෙනවා.. ඒත් ස්මාර්ට් ෆෝන් එකකින් කෝඩ් එක රීඩ් කරන්න ලේසියි...

    ReplyDelete
  47. @ ගිණි කුරුල්ලා - ස්තූතියි ඔබට. ඕන්න මම ඔබගේ කමෙන්ටුව තියන්න සිදුසුම තැන තිබ්බා..!

    ReplyDelete