ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, October 11, 2011

වැඩේ ගැස්සිලා මාස 3යි. පරක්කුයි ඇබෝට් කරන්න...





දැනට මාස තුනකට උඩදි. අද වගේම දවසක්.එදා දවසම වැහි බිරම් වෙලා තිබ්බෙ.. අහස දම් පාටවෙලා.. සැරි සැරේ මුළු ඇඟම හිරිගඩු පිපෙන හීතලක් එක්ක එන සුළඟ..ජීවිතේත් ටිකක් මලානික වෙලා..කම්මැලිකමෙන් පිරිලා තියෙන මොහොතක මට හිති හිතී තිබ්බෙ මොනවම හරි අළුත් දෙයක් පටන් ගන්න ඕනි කියලමයි.. කරන්න ඕනි දේ ගැන කාලයක් තිස්සෙම සිහින මව මවා තිබුනත්.. ඒ හැම සොඳුරු හීනෙම හිටිය මගේ වස්තු බීජය.. කවදා මා අත පත් වෙයිද කියලයි මම පෙරුම් පුර පුරා හිටියෙ. පෙරුම් පිරුවට ඒක ලඟා කර ගන්න ගත්ත උත්සාහයන් නම් මුකුත් තිබුනෙ නැහැ.

මුළු දවසම මහා කෙඩෙත්තු ගතියකින් ගෙවිලා යද්දි..හවස් ජාමේ යාළුවෙක් එක්ක සෙට් වෙලා පොඩියට වගේ තේ එකක් පානය කලා.. ඒකෙන් නම් හිත ගත දෙකම උණුසුම් වුනා.. හිත දොඩමලු වෙන්න පටන් ගත්තෙ මුළු දවසෙම තිබ්බ පාළු ගතිය කොහේදෝ ගිහින් වගේ..ඔව් මේකෙ දෙකෙන් එකක් අද නම් ඉවර කරනවාමයි. කියන සිතුවිල්ල හිතේ පැලපදියම් උනා..ඉවසුවා ඇති.. කී සැරයක් නම් මේ ජීවිත කාලෙදි මම මේක කරන්න උත්සාහ කලාද? යම් දුරකට ගියත් ..ආයිමත් ඉතුරු උනෙ පසුතැවිල්ල සහ විරහ වේදනාව විතරයි. යම් දීර්ග කාලීන බැඳීමක් සහිත ජීවිතයකට යා යුතුමයි. මෙච්චර කල් එහෙම එකක් කර ගන්න බැරි උනේ ඇයි ? හා හා පුරා කියල පටන් ගන්නව.. මහා හීන ගොඩාක් එක්ක ජීවත් වෙනව.. ඊට පස්සෙ යථාර්තය දකින කොට.. කෝ අර මුලින් තිබුනු උනන්දුව, ආශාව සහ බලාපොරොත්තු ? එව්ව දිය වෙලා යනව ටිකෙන් ටික.. 


නැහැ මොනව හරි කරලා මේක මගේම කර ගන්න ඕනි.. එතකොට කාලයක් ගිහින් අත හරින්න ඕනි නැහැනෙ.. අද රෑ තමයි මේකට හොඳම රෑ..


එහෙම කියල හිතලා මම ගියා මගේ පුන්චි කාමරේට..ගිහින් කොල ටිකක් අරගෙන ප්ලෑන් කලා මොනවද ලියන්නෙ ? කින්ද මන්ද කියලා.. හරියටම අදට මාස තුනකට ඉස්සෙල්ල.. අද වගේ දවසක..මම මගේ බ්ලොග් එක පටන් ගත්තා..


අදට මාස තුනයි.. තවමත් බ්ලොග් ලෝකෙට මම සහ මගේ බ්ලොග් එක දනගාන වයසෙ පොඩි එකෙක්.. ෆලෝවර්ස්ල අනූ හයක්   ඉන්නව. හිට්ස්  දහසය දහස් එකසිය ගනනක්  තියෙනව.. ඒ එක්කම මට ලං වෙච්ච මිතුරො ගනන සහ ඔවුන්ගෙ වටිනාකම් මිල කල නොහැකියි. මුලින් හිතුනෙ මගෙ බ්ලොග් එක අවුරුද්දක් විතර යනකොට මේ තත්වෙට එයි කියලයි. ඒත්.. අද තියෙන තත්වෙ බැලුවහම මට හරිම සතුටක් දැනෙනව..අහින්සක පුංචි සතුටක්..ඒ සතුට වැඩිවෙන හැම හිට් එකකින්ම සහ එකතුවෙන හැම කමෙන්ට් එකකින්ම.. දෙගුන තෙගුන වෙනවා ! බ්ලොග් එක ලියන කොට හිට්ස් සහ කමෙන්ට් බලා ගෙන නෙවෙයි ලියන්න ඕනි.. සහතික ඇත්ත..ඒත් ..
මූනු පොත හරහා, අන්තිම පේළිය හරහා, බ්ලොග් හරහා, බස් රේඩියෝ එක හරහා සහ බස් හරහා එකට සෙට් වෙන සහෘදයන් පිරිස.. 


ඉතින් මන් ලෑස්ති නැහැ..මේ පෝස්ට් එකෙන් මාත් එක්ක හිටි හැමෝටම ස්තූතියි කියන්න නම්.. නැහැ.. මම හොයනවා ඔය ස්තූතියි කියන අකුරු හතරට වඩා දිගම දිග වචනයක් ඒ කෘතඥතාවය පල කරන්න.අපිට අපේ හිත ඇතුලෙ තියෙන දේවල් වචන වලට පෙරලන්න භාෂාව ප්‍රමාණවත් මදි කියන එකයි මගේ හැඟීම..ආන්න ඒ වගේ කෘතඥපූර්වක හැඟීමක් තමයි මගේ හිත ඇතුලෙ තියෙන්නෙ මේ මොහොතේ..මගෙ බ්ලොග් එකට ආපු , කියවපු, කමෙන්ට් කරපු හැමෝම එක්ක වගේ..
මුලින් පටන් ගන්නකොට හිතුවෙ නම් මේක මහා දිග කාලයක් ලියන්නෙ නැහැ..එච්චර ලියන්න දේවල් ඇත්තෙත් නැහැ කියන හැඟීම තමයි. නමුත් මේ වෙනකොට හිතා ගන්න බැරි තරම් දිග කාලයක් ලියන්න ඕනි සහ ලියන්න එකතු වෙන කරුණු කාරණා ගොන්න පෙනෙන කොට මටම මහා විශ්මයක් දැනෙනවා!


මේක වෙන්න ඇති පොතක්, පතක්, ලිපියක්, පද්‍ය නිර්මානයක් හෝ මොන යම් දෙයක් හෝ ඉදිරිපත් කරන කෙනෙකුට දැනෙන සතුට .. 
ඒ සතුට එහෙමම තියා ගෙන මම මේ සැරසෙන්නෙ මේ ලිපිය ඔබ හැමෝටම උපහාරයක් වෙන විදියට විවෘත කර තබලා ඊළඟ ලිපිය ලියන්න සූදානම් වෙන්න !


ජීවයක් පිළිසිඳ ගැනුනා ඕන්න ඔය වගේ..මම ඒක දැන් රැක ගන්නවා... මොහොතින් මොහොත, දවසින් දවස, අවුරුද්දෙන් අවුරුද්ද.. 

34 comments:

  1. සුබ පැතුම් තව තවත් ලියන්න දහිරිය ලැබේවා.

    මම් හිතුවේ වෙනී අංකල්ට බබෙක් හම්බවෙන්න කියල හික් හික්.

    ReplyDelete
  2. ලියන්නා හෙවත් වෙනී, ඔබට සුභ පැතුම්!!

    ReplyDelete
  3. මොනාද බොල මේ දාන මාතෘකා. මන් ආවේ උඹ බඩ වෙලාද බලන්න. කොහොම උනත් ඔහොම යන් දිගටම :-D

    ReplyDelete
  4. මමත් හිතුවේ කාටහරි බබෙක් හම්බවෙන්ට යනවා කියලයි...:D

    ලිවීමට අවංක සුබ පැතුම්.

    ReplyDelete
  5. මරණෙ කියනව වගෙ මොනවද මේ දාන මාතෘකා, මාත් පැනගෙන ආවෙ X රේටඩ් කතාවක් කියවන්න, නවම්මාවතත් ඔය විදියට ටික දවසකට ඉස්සර පාඨකයො රැවැට්ටුව.

    මගේ සුභ පැතුම්.....!!!!

    ReplyDelete
  6. හෑබෑවටම මාත් ධිතුවේ බබෙක් හම්බෙන්න යනවයි කියලා :D

    ReplyDelete
  7. කමක් නෑ,ඔය බබාව හොඳින් හදා වඩා ගන්නකෝ :D

    ReplyDelete
  8. දැන් ඉතින් මොන ඇබෝට් ද වෙනී.... ඔය බබා ලැබුනම , තව බබෙක් හදනව ඇරෙන්න හෙහ් හෙහ්...

    බ්ලොග් එකක් ලිවීම කියන්නෙ ඇත්තටම.... ඇත්තටම ..අනේ මන්දා.

    මාත් ලියනව... දැන් අවුරුදු දෙකක් විතර ඇති... අවුරුදු දෙක ද මාස තුන ද නෙමෙයි තියෙන ප්‍රශ්ණෙ... තමන් බ්ලොග් එක තුල අතරමං වෙන එකයි ප්‍රශ්ණෙ.

    ඒකත් අනේ මන්දා ........

    ReplyDelete
  9. සැක්.. මූ අපිට හොලෙන් තේ බොන්න ගීහින්.. හොද වැඩේ තොට අපිට හොරෙන් තේ බොන්න ගියාට.. දැන් ඉතින් දිගටම ලියමු..

    ජයවේවා!! වැඩි වැඩියෙන් තේ බොන්න ලැබේවා.. :-D

    ReplyDelete
  10. ඕකට ඔය ස්තූතියි වගේ මෙලෝ තේරුමක් නැති වචන පාවිච්චි කරන්න එපා බං... ඔය යන කට්ටියට අඩ ගහලා තේ එකක් බොන්න දියං...

    ReplyDelete
  11. මාත් හිතුවෙ බැක් ෆයර් එකක් වත්ද කියලා.
    henryblogwalker the Dude

    ReplyDelete
  12. මාත් හිතුවෙ බැක් ෆයර් එකක් වත්ද කියලා.
    henryblogwalker the Dude

    ReplyDelete
  13. එල එල . . නියමයි . . . මරේ කිව්ව වගේ මාතෘකාව දැක්කාම හිතුනේ වෙන දෙයක් . . හික්ස් . .

    ජය වේවා . .

    මාස තුනක් නෙමේ එක දිගටම ලියමු . . .

    ReplyDelete
  14. මේක යකාගෙ මාතෘකා දැමිල්ලක්නෙ වෙනී අයිය... ඔබා මාම කිව්ව වගේ එක්ස් රේටඩ් එකක් කියල හිතන් මමත් ආවෙ...

    මොනා වුනත් සුභ පැතුම් අයිය !...

    ReplyDelete
  15. මමත් හිතුවෙම කොටුවක්වත් පැනලද කියලා.. එදාත් වෙනී උඹ අර ගෑණිගේ සීන් එක මාත් එක්ක කියපු හින්දා මම හිතුවේ ඒකිගේ මිනිහටවත් උඹ අහුවෙලාද කියලා...

    මේකනම් ඉතින් ප්‍රශ්නයක් නෑනේ මචන්.. සුභ පැතුම් වෙනී අයියේ....

    ReplyDelete
  16. හිකිස්‌..බලන්න ඉතින් මේ මාතෘකාවක් කරන දෙයක්...සුභ පැතුම් වෙනි අයියේ :)

    ReplyDelete
  17. මාතෘකාවෙන් අපි නොමග යැව්වා... ඒකට කමක් නෑ...

    සුභ පැතුම් වෙනී අයියේ.. දිගටම ලියන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  18. මම අදමයි ආවෙ මීට කලින් ඇස නොගැටීම පුදුමයක්, මගෙන් සුබ පැතුම්!

    ReplyDelete
  19. බොහොම හොඳයි..ළමයා හොඳට හැදෙන ජාතිවල කෑම කන්න.. සුබ පැතුම් වේගයෙන්ම ඉදිරියට යන්න..

    ReplyDelete
  20. සුබ පැතුම් වෙනී! ජය!

    ReplyDelete
  21. තව තවත් අපිට ආතල් ලැබෙන අලකංචිම උඹට සිදුවේවා . . . .

    ReplyDelete
  22. ස්තුතියි නම් නැතත් කමක් නෑ.. හික් හික්... සුබ පැතුම් අයියේ

    ReplyDelete
  23. කවුද ලොක්ක "පියා"?
    හොඳ ළමේක් හැදේවා අර බබි ආච්චිගෙ එකා වගේ නැතුව!

    ReplyDelete
  24. සුභ පැතුම් සහෝ. ලිවීමේ සතුට, ලිවුව දෙයක් කවුරුන් හරි කියවනකොට එන සතුට හුඟක් වටිනවා තමා. දිගටම ලියන්න.
    ජය!

    ReplyDelete
  25. සුබපැතුම් හද පතුලෙන්ම ...

    ReplyDelete
  26. දරුවා ලැබෙයි එහෙනං තව මාස හයකින්!

    ReplyDelete
  27. සුබ පැතුම්...
    QR code එකත් නියමයි..! හැබැයි තියෙන විස්තරනම් වැඩියි වගේ...

    ReplyDelete
  28. බබා හම්බෙයි තව මාස හතකින් විතර.දැන් ඉතිං ගොඩක් පරිස්සං වෙන්න උවමනා කාලේ....
    හිකිස්.
    සුභ පැතුම් හොදේ....

    ReplyDelete
  29. සුභ පැතුම් වෙනී අයියේ....

    ReplyDelete
  30. සුභ පැතුම් අයියේ...ඔහොම යන් ඔහොම යන්...

    ReplyDelete
  31. සුභ පතපු, අවවාද දුන්න, ආව හැමෝටම මගේ ආචාරය !

    ReplyDelete
  32. වෙනි අයියා සුබ පැතුම් ඔයාට...

    ReplyDelete