ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, August 12, 2011

කියවීම සහ කළිසම

මේ කතන්දරෙත් මම මුලින්ම දැම්මෙ අන්තිම පේලියෙ..http://tlr.thelastrow.net/
මේක මටම සිද්ධ වෙච්ච ඇබැද්දියක්…
ඒ කාලෙ.. ඒ කිව්වෙ 1980 ගනන් වල මුල කාලෙ 2 නැත්නම් 3නේ පංතියෙ..
ඉතින් ඒ කාලෙ අපිට ගෙදරින් මහල දෙනව කලිසම්.. නිල්පාට කලිසමයි සුදු කමිසයයි තමයි අඳින්න තියෙන නිළ  ඇඳුම.කළිසම් වල ඉස්සරහින් දැන් වගෙ සිප් හරි බොත්තම් හරි නැහැ. එහෙම කලිසම් තිබුනට එව්ව එච්චරම ජනප්‍රිය නැහැ. කලිසම ඉනට තද වෙන්න කලිසමටම පිටිපස්සෙන් ඉනට තියල මහනව ඉලාස්ටික් පටියක්.. මන් දන්නෙ නැහැ.. මේක කස්ටියට ඉමෑජින් කර ගන්න පුලුවන්ද කියල.
ඉතින් කතන්දරෙ.. මන් ඉන්නෙ පංතියෙ අන්තිම පේළියෙ දඟයො ටිකක් එක්ක.. අපිට කියවීම පීරියඩ් එකක් තියෙනව.. පිස්සු කියවීම නෙවෙයි දැන් වගෙ.. පොතේ තියන පාඩමක් බලාගෙන කියවන්න ඕනි පංතියටම ඇහෙන්න..ආ නැගිටල තමයි කියවන්න ඕනි.. එක දවසක මන් දැන් වීරය වගෙ පාඩම කියවනව.. මන් ලඟ හිටියෙ.. අසෝක කියල මහ නසරානියෙක්..දැන් නම් කොහේ ඉන්නවද කියල දන්නෙ නැහැ..
මන් කියවන අතරෙ.. මේ අසෝකය මගෙ කලිසමෙන් අල්ලල පහලට ඇද්ද.. ටීචර්ට නොපෙනෙන්න.. හුටාහ්.. කලිසම ටිකක් පරන නිසා ඒකෙ ඉලාස්ටික් පටිය මුල් කාලෙ තරම් තද නැහැ.. සුරුශ් ගාල කලිසම වැටුනෙ නැතැයි.. බිමටම.. මමත් සුටුශ් ගාලා පොත ඩෙස්ක් එක උඩ තියල ඉඳ ගත්ත පුටුව උඩින්…
මන් ඒකාලෙ පොඩි එකා.. එච්චර පොඩි කාලෙ අපි අන්ඩෙර්වෙයාර් අඳින්නේ නැහැ..
මන් දැන් පුටුව උඩ ඉඳ ගත්තට.. කලිසම තවම බිම.. යකඩ සූට් එක පිටින් මම පුටුව උඩ.. පස්සෙ පේළියෙ උන් බක ගාල හිනාවෙනව.. ටීචර් බැලුව මම මොකෝ කියවීම නවැත්තුවෙ කියල..දැන් පංතියම අනිත් පැත්ත හැරිල බලනව මන් දිහා..කොරන්න දෙයක් නැහැ.. අල්ල ගත්ත කලිසම අත් දෙකින්ම.. නැගිටල ආයිමත් ඇඳ ගත්ත.. මට මොලේ තිබ්බෙ නැහැ.. මේක වෙච්ච වෙලාවෙම ඕක කරන්න..
දැන් කතන්දරෙ ඔතනින් ඉවර නැහැ.. ටීචර්ට මල අසෝකය කරපු දෙයට.. ගෙන්නුව උප විදුහපතිතුමාව.. මුලු පංතිය ඉස්සරහම තියල දුන්න බුවාට හොඳ වේවැල් කසායක්.. ඉස්සර දැන් වගෙ නෙවෙයි.. අපිට හොඳට තලනව.. වැරදි වැඩ කලහම.. මාව කැඳෙව්ව උප විදුහල්පති තුමාගෙ කාර්යාලයට.. ඒකෙ තව ටීචර්ල ගොඩකුත් හිටිය..
ඇත්තටම ඒ සර් හරි කරුණවන්තයි.. මට කිව්ව
“පුතා ගෙදර ගිහින් අම්මට කියන්න මීට පස්සෙ කලිසම් මහනකොට ටිකක් තදට මහන්න කියල”
“දැන් බලන්න ඔයාගෙ කලිසම ටිකක් බුරුල්නෙ..”
කියල සර් පොඩ්ඩක් පහලට ඇද්ද ඒක මට ඔප්පු කරලම පෙන්නන්න..
හත් දෙයියනෙ.. ආයිමත් කලිසම බිම…
ටීචර්ල හිනා කනව…
ඊට පස්සෙ අවුරුදු ගණනක් යනකම් මට පංතියෙ උන් කොලොප්පම් කලා.. මං ඒ ජාතියෙ කලිසම් ඇන්දෙම නැහැ..බොත්තම් අල්ලපු කලිසම් තමයි ඇන්දෙ..

26 comments:

  1. ඔය වගේම සීන් එකක් වුණා අපේ එකෙකුටත්. එතකොට අපි 10පන්තියෙ. ෆුලු ටයිඩ් කලිසම් ගහන්නෙ. දන්නවකෙ අර සම්බෝල කොටනව කියන සෙල්ලම. බෝල පාරෙන් බේරෙන්න එකපාරටම පාත්වෙච්ච මුගෙ කලිසම අඩියක් විතර පැළුණා. අපිට නම් ෆට්ට ෆන්. පස්සෙ ඉතින් වට කරගෙන ටේලර් ෂොප් එකකකට අරන් ගියා.

    ReplyDelete
  2. පොඩි එකා කාලෙ හින්ද අවුලක් නෑ... ඕක වෙනී අය්ය උ/පෙ කරන කාලෙ වුනානම් කෝමද?....

    අපි උ/පෙ කරන දවස් වල අලුත්ම ෆැෂන් එකක් තිබුනනෙ කලිසම කඩන් හැලෙන්න අඳින්න... ඔහොම ඇඳන් ආපු එකෙක්ගෙ කලිසම ගැලෙව්වනෙ මාත් එක්ක හිටපු එකෙක් ගම්පහ බස්ටෑන්ඩ් එක මැද්දෙ... ක්ලාස් ඇරුණ වෙලාවට ඉන්න කෙල්ලො තොගේ හිතාගන්න පුළුවන්නෙ...

    ReplyDelete
  3. @ mahima - ඔව් බලන්නකෝ මටම මයි වෙන්නෙ..මේ ඔයා ලියන බ්ලොග් එක මට හොයා ගන්න බැරි උනා. ලින්ක් එක දමන්නකො

    ReplyDelete
  4. @ නුවන් - මොකද්ද ඒ සම්බෝල කොටනව කියන සෙල්ලම..සිරාවටම දන්නෙ නැහැනෙ. ඔය සිද්ධිය ලියන්නකො ඔයාගෙ බ්ලොග් එකේ..

    ReplyDelete
  5. මාර වැඩ නේ වෙලා තියෙන්නේ.

    ReplyDelete
  6. @ සාතන් - මේ කමෙන්ට් එක කියවන්න ඉස්සර මන් ඔයාගෙ බ්ලොග් එක කියවල හිටිය..හික් හික් හී...උ.පෙල කාලෙ ඔයිට වඩා එල එකක් උනා මන් ලියන්නම්කො

    ReplyDelete
  7. අපි පොඩි කාලේ ජොක්කු ගහන්නේ නෑනේ. ඒකයි අවුල.
    දැන් නං එහෙම නෑ, හෝඩියේ කොල්ලොත් ජොක්කඛ ගහනවා නේද?

    ReplyDelete
  8. හරි වැඩ තමයි වෙන්නේ. දැන් කාලේ තරුණ අයත් කලිසම ඔන්න මෙන්න හැලෙන්න වගේ ඇඳගෙන යන්නේ...

    ReplyDelete
  9. මේ කතාව දැක්කම මටත් කතාවක් මතක් වුනා.
    අපි ලෙවල් කරන කාලෙ වෙසක් එකකට තොරණක් ගහන්න සෙට් වුනා. වැඩ කර කර ඉදලා රෑ 7ට විතර ටවුමට ගියා කොල්ලො 10ක් විතර කාලා එන්න කියලා. එකෙක් සරමක් ඇදලා හිටියේ. තව එකෙක් මූ කාලා අත හොදන්න යන්න නැගිටින කොටම සරම කැඩුවා. ඒ වෙලාවෙදි හෝටලේ හිටපු 25ක් විතර හිනා වෙන්න ගත්තා අපේ සෙට් එකත් එක්කම.ඒත් අරූ නෙවෙයි ගානකටවත් ගත්තෙ.ජොකා පිටින්ම ගිහින් අත හෝදන් ඇවිත් අපූරුවට ටේබල් එක ගාවම හිටගෙන හිටියා.ඌ නෙවෙයි සරම ඇද ගත්තෙ.බැනියමක් විතරයි උඩට. යටට ජොකාවත් තිබ්බ නිසා හොදට ගියා.. කොහොමද සොමිය..
    අන්තිමේටම හෝටලේ හිටපු ඔක්කොගෙන්ම වගේ බැනුනුත් අහගෙන කඩපු එකාටම අරූට සරම අන්දන්න වුනා.. ඉස්සල්ලා සිද්ධියටත් වඩා අපි ඒකට හිනා වුනා..

    පෝස්ටුව නිසාවෙන් සොදූරු අතීතෙට ආපහු යන්න හම්බුනා.. තැන්කූ..

    ReplyDelete
  10. @ කකා.- ඔව් මට මතක විදියට අපි පහේ නැත්නම් හයේ පන්තියෙදි තමයි ජොක්කු ගහන්න පටන් ගත්තෙ..ඒත් ඉහල පන්ති වල අයියල අපිට විහිලු කරන නිසා "මොකෝ ගොනා කානුවෙ?" කියල අහල

    ReplyDelete
  11. @ අනිත් කොන - ඔව් ඒක නම් "අලුත් ඉත්තැයිල් එකනෙ" මම නම් බයේ ඉන්නෙ එහෙම ඇඳල යන අයගෙ කලිසම දැන් වැටෙයි දැන් වැටෙයි කියල.

    ReplyDelete
  12. @ නාකියා- නියම පොරක්නෙ, අපි නම් මොකා හරි එහෙම කලොත් ඕක ඇඳ ගන්නනෙ ට්‍රයි එක ටුක් ගාල.

    ReplyDelete
  13. පන්තියෙ ගැලවිච්ච එකට වඩා හොඳ පිනා ගලෝපු එක...

    ReplyDelete
  14. හික් හික් . . . . අපි කෝට්ටෙ ආනන්ද බාලිකාව ලඟ වලට සෙට් වෙලා හිටපු දවසක ඉස්කෝලෙ ඇරිල ගේට්‍ටුවෙං කෙල්ලො එලියට එන්න පටංගන්නකොටම එකෙක් ගැලෙවුව අපිත් එක්ක හිටි "සුදූ" නොහොත් ලේනගෙ කලිසම. මූ කලිසම ඇල්ලුවෙවත් නෑ . . . අත්දෙක උඩට උස්සගෙන අපේ සෙට් එකේම එවුංගෙ නං ටිකයි උං ට්‍රයි කරන කෙල්ලංගෙ නං ටිකයි ඒ කෙල්ලංගෙ පංතියයි මහ සද්දෙට කියන්න පටං ගත්ත . . . . අන්තිමට ගලවපු එකාම කලිසම අන්දවල සමාව ගත්ත . . . . .

    ReplyDelete
  15. @ ඕනයා - අපිට එච්චර ගටක් තිබ්බෙ නැතුවා ඒ කාලෙ..
    @ පන්සල් හංදිය - ආවට ස්තූතියි, බ්ලොග් ලියන්න ඉස්සර මන් ඔයාගෙ බ්ලොග් එක කියෙව්ව..මොකෝ ජූලි 25 නැවතිලා..

    ReplyDelete
  16. @Weni,
    මේ දවස්වල ටිකක් කරදරයි සහෝ ඒකයි ......

    ReplyDelete
  17. සෙට් එක පුටුවේ කොහේ හරි ඈනුනනම් එහෙම....

    ReplyDelete
  18. @ප්‍රසන්න - ඒ කාලෙ චූටි එව්වනෙ..

    ReplyDelete
  19. කීප දවසකින් මේ පැත්තෙ එන්න බැරි වුනා, අද මිස් වෙච්ච පෝස්ට් ටිකත් කියෙව්ව.

    ReplyDelete
  20. අපි ස්කෝලෙ යන කාලෙත් ඕකමනොවැ නිල ඇඳුම.අපෝ මටත් පෙන්නන බැරි ඇදුමක්.ඔය ඉලාස්ටික් කලිසමෙන් ගැලවෙනකම් මම පුදුම ආසාවකින් හිටියෙ.
    හැබැයි ඕකෙන් ගැලවිලා සිප් එක එහෙම දාල ඇඳපු කාලෙ අරක අහූවුනාමනම් හිතෙනව යකෝ ඉලාස්ටික් එක කොච්චර සැපද කියලා.

    ReplyDelete
  21. දවස් කීපයකට සැරයක් උනත් ආපු එක වටිනව ඔබ්සර්වර් අයියෙ..
    @ සිතුවම් - අපි මුලින්ම ඇන්දෙ බොත්තම් අල්ලපු කලිසම් සිප් එක වෙනුවට.. සිප් එක දමපු කලිසම් අඳිනකොට ජොක්ස් අඳින නිසා අවුලක් නැහැ..

    ReplyDelete
  22. ආහ අන්න ඒ බොත්තම් සීන් එක මට අහුවුනේ නෑ නොවැ

    ReplyDelete
  23. niyamai bn! school kaale ohoma wada anantha wenawa! : D

    ReplyDelete
  24. වෙනියො ඒකනම් පට්ට කතාව. අපි දෙන්නාම බඩවල් අල්ලගෙන හිනාව්ලා චූටිපුතාටත් කිව්ව. ස්තුතියි ලේ පිරිසිදු වෙන කතාවල් වලට.කමෙන්‍ටුත් මරු විශේෂයෙන්ම අර නාකියාගෙයි ඕනයාගෙයි කතාවල්.
    මමත් නාලන්දෙ ඉගෙන ගන්න කාලෙ අපිටත් තිබ්බා බෲස් ලී උණක්. (දැනුත් නැත්තෙ නෑ) ඉතිං අපි ෆ්ලයිං කික් ප්‍රැක්ටිස් කරන්න ගිහින් එකපාර මගෙයි අනිත් බුවෙකුගෙයි දෙන්නගෙම කලිසම් (අර ටයිට් කලිසන්නෙ) පැලුනනෙ අඟල් හයකට වැඩිවෙන්න. ඉස්කෝලේ තාප්පෙ අයිනෙම ගේක හිටිය හේමක බුවා අපිව ගෙදර එක්ක ගියා. පස්සෙ අපි ටවල් පටලගෙන බලා ඉන්නව අද වාගෙ මතකයි හේමකයගෙ අක්ක කලිසම් මහලා දෙනකල්.
    henryblogwalker aka Dude

    ReplyDelete