කාල වකවානුව 1994 මුල් මාස කීපය..අවුරුදු 17 කට ඉස්සර කියන්නෙ...කාලය ගෙවී ගිය ඉක්මන..
කැම්පස් එකේ අපිට දුර එච්චර නැති නිසා හොස්ටල් ලැබුනෙ නැහැ..ඒත් හොස්ටල් වල තිබුනු සියලුම පහසුකම් වින්ඳ.. නෑම, කෑම, ටීවී බැලීම, ආදී සියල්ලම..ඒ උනාට අපි නැවතිල හිටියෙ කැම්පස් එකේ ඉඳලා පයින් යන දුරක.. ජී.එච්.පෙරේරා මාවතෙ.. ඒ පළමු වසර අවසානයට මාස තුනකට ඉස්සෙල්ල තමයි මම බෝඩිමකට සෙට් උනෙ. මොකද අපෙ ඥාති අයියලගෙ ගෙදරක ඉඳන් තමයි මම කැම්පස් ආවෙ..ඒ බෝඩිම අයිති ගොඩාක් වයස ඇන්ටි කෙනෙකුට..එක පුතෙක් හිටියා..එයා වෙන කොහෙ හරි හිටියෙ..මාසෙකට සැරයක් එනවා..ඇන්ටි බලන්න.. මන් හිතන්නෙ සල්ලි අරන් යන්න.. ඒ ඇන්ටි උයා පිහා ගෙන කෑවා.. ගෙදර ඉස්සරහ කාමර 2ක් තිබුනා.. එක කාමරයක 3න් දෙනකුත් ගෙදර ඇතුලෙ කාමරෙ 2කුත් හිටිය.. මම හිටියෙ ලසන්ත එක්ක ඇතුලෙ කාමරෙ.. අපි බෝඩිමට ආවෙ රෑට නිදියන්න විතරයි.. උදේම කැම්පස් ආවහම.. කෑම නෑම දේශන වලට යාම.. එකී මෙකී නොකී සියල්ලම කලේ කැම්පස් එකේමයි.. බෑග් එකෙ අමතර ඇඳුම්, ටූත් පේස්ට් සහ බ්‍රශ් තිබුනා..හවස දේශන ඉවර උනහම අපි ඕපන් කැන්ටිමේ හරි , වලේ හරි, නැත්නම් ජිම් එකේ හරි සෙට් එක එක්කම පාඩම් කරනව..රෑ 12 විතර වෙනකම්..ඊට පස්සෙ යනව බෝඩිමට.. මේ බෝඩිමට යන පාරෙම තිබුනා පොදු ලිඳක්..,ඒකෙන් ඇඟ පත හෝද ගෙන රූම් එකට ගිය ගමන්ම ඇඳට වැටෙනව.. උදේ වෙනකම් නිදි..මගේ තිබුනු පුරුද්දක් තමයි.. නිදියන්න ගියහම.. සමාන්‍යයෙන් කරනව වගේ .. ඇඳ උඩ ඉඳගෙන කොට්ටෙට ඔලුව තියල නිදියනව නෙවෙයි..ඇඳට රෝලින් ජම්ප් එකක් දමනව..එහෙමම නිදියනව..මගෙ රූමා හැමදාම බනිනව..
"යකෝ උඹ දවසක ඔය ඇඳ කඩනව.. මෙහෙනුත් යන්න වෙනව "
කියල එදත් වෙනද වගේම .. රූම් එකට ආවා.. බැස්ස සරමට.. උදේම හදල තිබුනු ඇඳ .. තියෙනව කිරි ටොයිස් එකට..එතකොටත් රූමා ඇඳේ..
" ගුඩ් නයිට් මචෝ"
මන් නිව්ව ලයිට් එක.. මගේ සුපුරුදු ජම්ප් එක ඇඳට... හුටා කෝ ඇඳ??? මාව මෙට්ටෙ අතයි.. කකුලයි ගෑවෙනවත් එක්කම... මට දැනුනෙ..මෙට්ටෙ ගිලා බහිනව මාත් එක්කම.. දඩ බඩස් ගාලා සද්දයක් ආවා.. ඒ එක්කම කාමරෙ ලයිට් එක පත්තු කලා කවුරුහරි..මන් ඉන්නව දැන්.. අර පිදුරු වලකට වැටිච්ච හරක වගේ.. ඇඳේ රාමුවෙ හිරවෙලා.. මෙට්ටෙත් එක්කම..මගෙ රූමයි.. ඉස්සරහ කාමරෙ හිටිය රූමො 3 න් දෙනයි..හිනා කනව එතන. මේක මුන්ගෙ ප්ලෑන් එකක්.. මුන් කවුරුහරි දවල් ඇවිත්.. මගෙ ඇඳේ ලෑලි ටික අයින් කරල.. එක ලෑල්ලක් තියෙද්දි.. මෙට්ටෙ හරි ගස්සල.තියල කිසිම වෙනසක් නොපෙනෙන්න. ඉස්සරහ රූමො තුන් දෙනා මම ලයිට් එක නිවනකම් බලා ඉඳල තියෙන්නෙ.. ලයිට් එක දමන්න... මොකද සීන් එක හොඳට බලා ගන්න..අන්තිමේ උන්ගෙ උදව්වෙන්ම මන් ඇඳෙන් ගොඩට ආවා.. කට්ටියගෙ හිනාවට ඇන්ටිත් ඇහැරිලා..
"මොකද ලමයිනෙ මේ කච බචේ? මහ රෑ තිස්සෙත්"
මගෙ රූම කියනව
"නෑ ඇන්ටි මේ ලියන්නා ඇඳ කඩා ගෙන වැටිල"
"ඔය කොස් ලී දමපු ඇඳත් කැඩුවද ? මොකද ලමයි කලේ ඕන උඩ පිනුම් ගැහුවද?"
මගේ යාලුවො රැල පහු වෙනිද.. කතාව බැච් එකේම ප්‍රචාරය කලා..ඇඳ ඇත්තටම කැඩිලා තිබ්බෙ නැති නිසා බෝඩිමෙන් යන්න උනේ නම් නැහැ
photo courtsy from http://www.clipartmonsterclub.com
කොන්ද කඩාගන්නෙ නැතුව ඔහෙම ඉන්න එක ලොකු දෙයක්.. :)
ReplyDeleteඔව් සාතන් මුන් එක්ක ඉඳල මන් කඩා නොගත්තෙ නම් කොන්ද විතරයි.. කඩා ගත්ත එව්ව තව ලිපියකින් කියන්නම්
ReplyDelete... හා හා උඹලත් හිතන දේ වල් !!!! වචනයක් වරදින්න බැහැ මෙතන..
හෙහෙ මරු කතාව.අපේ බොඩිමෙත් ඇදවල් වල ලෑලි හරියකට නෑ.ඉතින් එකෙක් රෑට ඇදේ එහෙට මෙහෙට පෙරලෙද්දි අර ලෑලි කඩන් වැටෙනව.හැමදාම එක ලෑල්ලක් හරි වැටෙනවමයි.වැඩේ කියන්නෙ ලෑලි වැටුන ඇදේ නිදියන එකා හොදට නිදි අනිත් උන්ට ඇහැරෙනව :)
ReplyDeleteඅයියේ මමත් ඔක කරල තියනව බොඩිමෙදි.අවුල උනේ ඇදේ අයිතිකරය අවෙ නිදා ගන්න නෙව්යි බත් එකත් බෙදාගෙන නේ. ඌ ඇද කඩාගෙන වැටිලා බත් එක කබරේ පුරාම ඉහිරිල මල මගුලක් උනා එදා නම්
ReplyDeleteඔයින් ගියා ඇති! හැබෑටම දැන් ඔය පුරුද්ද නැති වුණාද?
ReplyDeleteඔව් නදී.. බෝඩිං වල ඇඳවල් වල කොලිටිය කොහෙත් එකයි වගෙ
ReplyDelete@ mahima- වෙන්න පුලුවන් අන්තිම භයානක දේනෙ වෙලා තියෙන්නෙ.. කොහොමද යාලුවව ශේප් කර ගත්තෙ?
@විසිතුරු - ඒ පුරුද්ද එදායින් පස්සෙ නැහැ..අදටත් නිදා ගන්න ඉස්සර ඇඳ කඩා වැටෙන්නෙ නැහැ කියල සුවර් එකටම චෙක් කරනව..
ඇති යන්තම් මොකක් හරි පාඩමක් ඉගෙන ගත්තා....:D
ReplyDeleteමට මැවිල පේනව . . . . . වෙනී පැනි හඳේ ගිය දවස . . . . .
ReplyDeleteඅවුලක් උනේ නෑ උට විහිලු තේරෙන එකෙක් හින්දා
ReplyDeleteහොඳ වැඩේ ! බෝඩිම් ජීවිතේ ඔහොම ලෑලි අඩු ඇඳවල් නිසා ඇඳ කඩන් වැටිලා කොන්ද අමාරුව හැදුනු දවස් එමටයි. ක්වාටස් කියලා නෑ ඒ සන්තෑසියමයි. හැබැයි දැන්නම් කිව්ව ගමන් හදලා දෙන්න පිරිස් ඉන්නවා. ඉස්පිරිතාලෙනේ !
ReplyDelete@ පොඩ්ඩි - අප්පේ අපෙ යාලු මිත්‍රයෝ උගන්නපු ඔය වාගෙ පාඩම් නම්.. ලියන්න පුලුවන් මාගලක් වගෙ.. රසවත්ම එව්ව ලියන්නම්කො..ඔයාගෙ බ්ලොග් එක ඇහැ ගැටුනා..ලැබෙන මුල් නිදහස් වෙලාවෙම කියවන්න ඕනි..
ReplyDelete@ ඕනෙ.. හා හා ඇති ඇති.. ඔයිට වැඩිය ඔය ගැන මවලා බලන්න එපා..
@ මට හොඳ වැඩේ කිව්ව නිසා ආයිමත් ඇඳෙන් වැටිලා කොන්ද කඩා ගත්තොත්.. මන් ඔය ඉස්පිරිතාලෙටම තමයි එන්නෙ බෙහෙත් ගන්න
ඇයි ඉක්මනට ඉවර උනාද ???
ReplyDeleteඅයියා පේරෙ නේද...කොහොමද කැම්පස් ජීවිතේ එහේ..උපරිමයි නේද.......?
ReplyDeleteහික් ඔයාට බැච් එකේ අලුත් නමක් එහෙම වැටුනේ නැද්ද ඒ කතාවෙන් පස්සේ?
ReplyDeleteමටත් ඔහොම වැඩක් උනා හලෝ. මාව නම් ඇත්තටම ඇඳ කඩාගෙන වැටුන. මොකද කිව්වොත් මායි යාලුවෝ දෙන්නෙකුයි (ඒ දෙන්න අපේ ගෙදර ඇවිත් එදා) එක ඇඳේ නිදාගන්න ගිහින්. යාලුවෝ දෙන්න ඇඳේ. මම එක යාළුවෙක්ව බයිට් කරන්න සින්දුවක් කිය කියා නට නට හිනා වෙන කොට, හිනාව වැඩි වෙලා මාව ඇඳට වැටුනා. දඩාන් ගාල ඇඳේ පොලු කඩාගෙන මෙට්ටේ ගිලා බැහැල අපි 3 දෙනාට නැගිට ගන්නත් බැරි උනා. හැබැයි අපිට එතකොට තවත් හිනා!
හොඳ වෙලාවට ඇඳෙන් වැටිලා කරදරයක් නොවුනේ...
ReplyDeleteමටත් ඉස්සර ඔය ඇඳේ කරදරයක් වෙලා තියෙනවා. එදායින් පස්සේ අදටත් මම හොඳ නිරීක්ශනයක් දාල මිසක් ඇඳක නිදා ගන්න නම් යන්නේ නෑ.
@ ඕනයා - නැහැ.. මට ලැජ්ජයි උඹ මොනව මවා ගනීද කියල.. ඒකයි එහෙම කිව්වෙ
ReplyDelete@පිසා- මම ජපුරෙ..ඇප්ලිකේශන් එක පුරවද්දි.. අන්තිම දවස් වෙනකම්ම හිතින් දුක් වින්ද.. මන් කරන කෝස් එක පේර නැති එක ගැන..
@ අමා- මට එතකොටත් බැච් එකේ කාඩ් එකක් රෙජිස්ටර් වෙලා තිබ්බෙ..හොඳ වෙලාවට
@ බුරු- ඔව් ඔව්.. මමත් එසේමයි..
කීවත් වගේ බෝඩිම් ඔක්කොගෙම එහෙමද කොහෙද?මාත් කාලයක් ලෑලිකඩා වැටෙන ඇඳක හෙන අමාරුවෙන් නිදාගත්ත.පස්සෙ තවත් යාලුවෙක් තමා කියලා දුන්නෙ වැඩේ ගොඩ දාගන්න හැටි.හොද නයිලෝන් ලනුවක් අරන් ඇදේ හරස් ලී දෙකේ හොදට ගැට ගහල මැදින් පොඩි ලී කෑල්ලක් දාල කරකවන්නෝනි.එතකොට ඒක ලං වෙලා ලෑලි වැටෙන එක නවතිනවා.
ReplyDeleteජී එච් පෙරේරා මාවතේ තමයි මමත් බෝඩින් උනේ කැම්පස් ගිය ගමන්.. සාකේත පහු කරලා යන්න ඕනද ? මට යන්තම් මතකයි වගේ,,..
ReplyDelete@සිතුවම් - මගෙ සීන් එකනම් මගෙ යාලුවො ප්ලෑන් කරපු එකක්නෙ..නැත්නම් ඒ ඇඳ හොඳ එකක්.
ReplyDelete@ සරත් - අර ජී.එච්. පෙරේරා මාවතේ යනකොට පොදු ලිඳක් තිබුනෙ..එතනින් දකුනු අත පැත්තට පොඩි අඩි පාරක් උඩට යන්න ඕනි..
ඔයින් ගියා මදෑ කොන්ද කඩා ගන්නෙ නැතුව .......
ReplyDeletemaru athal! :D :D
ReplyDelete