මා දුටු ලියන්නා සිතුවමට ඇඳ එවූ සියල්ලන්ටම මාගේ හද පිරි සතුට පිරි නමන අතර.. තවමත් මෙම ඇබෑර්තුව විවෘතව ඇති බව මා හද පිරි ප්‍රීතියෙන් යුතුව මෙයින් ප්‍රකාශ කර සිටිමි..
La flaneur විසින් එවනු ලැබු මෙම චිත්‍රය.. මා තවමත් ඇය\ඔහු කවුදැයි නොදනී.. මා යැවූ මේලයටද තවම පිළිතුරක් නැත..නමුත් චිත්‍රය නම් කදිමය..
\\i
I just saw my little piece of art in your post today. Thanks for publishing it
Nope, am not any of your friends. But a huge fan of your blog. I love your writing (and your art too
මීට වඩා සතුටක් තවත් කොයින්ද ?
මේ අපේ රාමා විසින් අඳින අද සහ නිර්මානය කරන ලද සිත්තර දෙකයි...මේ ෆොටෝ එක නම් ගත්තෙ චින්තක එදා BMICH එකේ Hitel Show 2012 දී..රාමත් අපේ අම්මගේ මල ගෙදර ආපු නිසා රැවුල ඇඳලා තියේ..
මෙය සමීර අළුත්ගෙදර මලයා විසින් එවන ලදී..මන් හෙළුවැල්ලෙන් අර ඉස්සෙල්ලා කොප්පෙ ගහපූ එකද මන්දා ඇඳලා තියෙන්නෙ.. කොටු කොටු ටිකක් දමනවද කියලා හිතලත් පස්සෙ ඒක නෙවෙයිම කියලා සහතික උන නිසා චිත්‍රෙ එහෙම්මම තියෙන්නෙ ඇරියා..
මේ අපේ මාධව ජයරත්න මලයා විසින් එවනු ලද්දකි..ඔහු බයිසිකලයේ සිට මා ඈතින් දැක ඇති අයුරු මනාවට සිතුවමට නගා ඇත..
අපේ කල්හාර මල්ලිගේ දු විසින් අඳින ලද්දකි. පොඩ්ඩි මාව දැක්කෙ සයිබර් උලෙලෙදි තමා පලමුවෙනි සැරේට..
මේ අපේ රාමා විසින් අඳින අද සහ නිර්මානය කරන ලද සිත්තර දෙකයි...මේ ෆොටෝ එක නම් ගත්තෙ චින්තක එදා BMICH එකේ Hitel Show 2012 දී..රාමත් අපේ අම්මගේ මල ගෙදර ආපු නිසා රැවුල ඇඳලා තියේ..
මෙය සමීර අළුත්ගෙදර මලයා විසින් එවන ලදී..මන් හෙළුවැල්ලෙන් අර ඉස්සෙල්ලා කොප්පෙ ගහපූ එකද මන්දා ඇඳලා තියෙන්නෙ.. කොටු කොටු ටිකක් දමනවද කියලා හිතලත් පස්සෙ ඒක නෙවෙයිම කියලා සහතික උන නිසා චිත්‍රෙ එහෙම්මම තියෙන්නෙ ඇරියා..
මේ වඩා පහසුව සඳහා බොහෝ කොටස් නම් කොට චිත්‍රය ඇන්ඳේ අපේ සිහින මලයායි..මගේ යාළුවොයි මායි මේකට හිනා වෙච්ච තරමක්..
මෙම චිත්‍රය ක්සැන්ඩර් එවා තිබුනි..හැබැයි ක්සැන්ඩර්ට සිත්තරේ එව්වට පස්සෙ තමයි රැවුල මතක් වෙලා තිබ්බෙ.. ඕන් කකුල කඩන් හරි සයිබර් ෆෙස්ටිවල් එකට ආවනම් මතක හිටී රැවුල..
මෙම චිත්‍රය ඇනොනිමස් චිත්රයකි..මට හිතෙන්නෙ මේ පෑන්ටීස් වැලක් යට හෙ**ද මන්දා ඉන්නෙ ???
මා වෙත ලද සිය දහස් ගනනාවක් අතරින් මෙම චිත්‍ර පමණක් තෝරා පබ්ලිස් කර ඇති බව කරුණාවෙන් සලකන්න.
මීට අමතරව ඔබ නොදුටු ලොවක් සහ නවම් මාවත සිත්තර එවා ඇති බවට පැවසූවත් ඒවා මා වෙත නොලද බැව් ඇඬූ කඳුලින් දහ අතේ දිවුරමින් ප්‍රකාශ කර සිටිමි.
ප.ලි
"අඩෝ බොරු කියන්ඩෙපා සිය දහස් ගනනක්...ඔච්චරමයිනෙ ආවෙ ඒ මදිවට අර ඇනෝ..
"කට කට කට.. කෑ නොගහ හිටු ..ඒක මමයි උඹයි විතරයිනෙ දන්නෙ. මේක බලන්ඩ එන අය දන්නෙ නෑනෙ"