ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, August 11, 2014

කාලයයි මේ.. From Hybenation..

නිදා හුන් ශිශිර නිද්‍රාවෙන් 

අවදි වන්නට කාලයයි මේ..


නෙතු මානයේ දැවටුනු 


සිහින දහසක ඡායාමාත්‍රයන්


ලුහුබඳින්නට කාලයයි මේ...


තණපත් මත රැඳුනු පිණිබිඳු


නිරුවත් දෙපා සිප ගත් කල


කය පුරා දෝරෙ ගලන


ප්‍රහර්ෂයකින් උමතු වන්නට කාලයයි මේ..


විටෙක සිඳී ගිය උමතු සිතුවිලි ගඟ


යලිත් සයිබර් අවකාශය පුරා


ගලා යවන්නට කාලයයි මේ...




Background Photo : http://www.goodfon.su/wallpaper/trava-rosa-kapli-makro-zelen.html


61 comments:

  1. ලොකු දෙයක්.. හැබැයි ඔහොම කියල ආයි බයිලා ගහනවා බොරු හරිය....

    ReplyDelete
    Replies
    1. ලිව්වෙ නෑ විතරක් නෙවෙයි කියෙව්වෙත් නෑ දේශකයා. පෝස්ට් ගොඩක් තියෙනවා කියවන්න..

      Delete
  2. හෙහ්.. කී පාරක්නම් ඔහොම කිව්වද දැන් ?

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක පබ්ලිෂ් වෙන ඩිංගට ආයෙ නින්ද ගිහිල්ලලු.

      Delete
    2. එහෙම නේන්නම්..හැබැයි අර ප්‍රසාගෙ එක තරම් නම් කොන්ක්‍රීට් නෑ ඕන්..කියෙව්වෙ නැති කාලෙනෙ යකඩෝ සේරම හොඳම කවි, කතන්දර, ලිපි ලියලා තියෙන්නෙ !

      Delete
  3. නින්දෙන් අවදි උන එකනං ලොකු දෙයක්.ආයෙම අනික් පැත්ත හැරිල නිදාගන්නෙ නැත්නං හරිම හොඳයි.

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ අයියෙ..ඔය ගොල්ලෙ ලියපුවා කෙල හලාගෙන කියවනවා මේ..

      Delete
  4. ඔවු ඔවු බාගෙට ලියල නවත්තපු ඒව ගොඩක් තියෙනව ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා ඔව්... හැමදාම මතක් කරනෝ...මාත් හැමදාම අමතක කරනෝ...

      Delete
  5. කුම්හකර්ණගේ කවියක්ද ?

    ReplyDelete
    Replies
    1. නැහැ අනේ මාස තුනක විතර පොඩි නින්දක් !

      Delete
  6. කොහෙද ඉතින් අමාරුවෙන් නැගිට්ටමත් මුන්දෑලා කියන කතා බලපල්ලකො

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න මැලේ රාළ විතරයි අප්පා මම ගැන සානුකම්පිත බැල්මක් හෙළුවෙ..

      Delete
  7. //යලිත් සයිබර් අවකාශය පුරා
    ගලා යවන්නට කාලයයි මේ...//

    කිව්වට විතරක් මදි ඈ...

    ReplyDelete
    Replies
    1. මදි මදි...මහ හැරිච්ච කාලෙ ලියලා තිබ්බ පෝස්ට් ටික කියවලා..එහෙම රැල් බුරුල් හැරලා පටන් ගන්න ඕනි...

      Delete
  8. ගලා යවන්නට කාලයයි මේ //

    ඉංගිරිසි බෙහෙතට කරන්ඩ බැරිඋනු දේ කැලෑ කොලේකින් කලහැකිය.
    ඔප්පු කරල පෙන්නහං වෙනි අයියා.

    ReplyDelete
    Replies
    1. මෙච්චර කල් ගිහිල්ලත් ඕවා මතක තියගෙන ඉන්නවා නොවැ !

      Delete
    2. ජම්මාන්තර මිත්‍රයො උනහම ඕව අමතක කොරල හරියනවද?
      ආයෙත් ලියන එක ගැනනම් අප්‍රමාන සන්තෝසයි.

      Delete
  9. ජ ය වේ වා !!!!

    ReplyDelete
  10. එක් මහ බැලුම පුම්බලා බලලා වාගේ!
    අනික් බැලුම් කොයි?

    ReplyDelete
    Replies

    1. බෑ කශූ අනිත්වා බලන්ඩ ගියොත් බබා හම්බ වෙයි වගේ අතරමඟදිම...එකක් බලලා පැන්නා වතුරට ආයිමත්...

      Delete
  11. මම හිතුවේ ස්ලිපින් බියුටි වගේ දිගටම නින්දේ කියලා.. කමක් නෑ එහෙනම් ඇහැරුනේ.. බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. ස්ලීපින් බියුටිගෙ නම් උගුරෙ හිර උනා කියන්නෙ ඇපල් කෑල්ලක්ද කොහෙදනෙ !
      මගේ නම් හිර උනේ කැමරාවක් බන්...

      Delete
    2. ඒයි දිනේෂ් උබත් ෆේරි ටේල්ස් බලනවා නෙහ් .. :D

      Delete
    3. වෙනී අයියා ඉතින් ඕක බෙල්ලේ එල්ලන් ඉන්න තරමට හිර නොවී තියෙයියැ..

      ඔමායා, ඇයි අපි බැළුවම හොද නැද්ද බං..

      Delete
    4. ආ ඇයි ඔමා අපිට බලන්ඩ හොඳ නැත්ද ඉතින් සුරංඟනා කතා ?

      Delete
    5. හි හි ඉස්සර මන් හැම මාසෙම අලුතෙන් එන ඩිස්නි DVD එක ගන්නවා අරන් දහ සැරයක් විතර බලනවා ,

      දිනෙශ්‍යගේ කතා කියවද්දී මට හිතුණා මන් වගේ එයත් එවුවට ලයික් එකෙක් කියලා ..

      මේ වෙනිවැල් අයියේ ඔයාව මන් අදුරගන්නෙත් ඔයාගේ බෙල්ලේ නිතර තියෙන ඔය උරචක්කර මාලේ හින්දා

      Delete
    6. අදටත් මම ඩීවීඩී ගන්ඩ යනකොට ෆෙයරි ටේල් ෆිල්ම් ටික සේරම එකතු කර ගන්නවා !

      Delete
  12. අනේ මගේ පැතුම තමා,

    "වෙනී පුතා නැලවෙන්නේ නැලවි නැලවි නිදියන්නේ බ්ලොග් එක අවරට යන්නේ සැම දෙවියනි රැකදෙන්නේ"

    කියන එක. ඒ නිසා නිදා ගං මහ්ත්තයො අයෙ ගිහින්.

    ReplyDelete
    Replies
    1. අපොයි ඇයි අර ???? හිටහන් හිටහන්...බොලාලා පහුගිය මාස තුනට ලියලා තියෙන පෝස්ට් ගොඩ කියවන්ඩත් එපායැ !

      Delete
  13. ඔයා කවුද? මොනවද කරන්නේ?

    ReplyDelete
  14. හුරතල් වැඩිද මන්දා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම් වඩා ගෙන හුරතල් කරන්ඩ හිතෙන්නෙ නැද්ද අටමෝ ?

      Delete
  15. හීන ගොඩකුත් දැක්කද? :D

    ReplyDelete
    Replies
    1. හීන ගොඩක වාටි වගේ දැක්කා..සේරම මමම පුරවා ගන්ඩෝනි...පොඩ්ඩියෙ..සේරටම ඉස්සර කියවන්ඩ ගොඩ ගැහිලා තියෙන බ්ලොග් පෝස්ට් ගොන්න..

      Delete
  16. නින්දෙන් ඇහැරිල....

    ReplyDelete
    Replies
    1. ඇහැරිලා ඉන්න එක කොයිතරම් අමාරුද කියලත් හිතෙනවා අප්පා...

      Delete
  17. ආ.... දැන් ඇහැරිලාද?

    ReplyDelete
    Replies
    1. ඔව් අයිලාස්..දැන් ඇහැරුනා විතරයි වගේ...ඉන්ඩකො අලු ගසා බසා දාල එන්ඩ..

      Delete
  18. ලස්සන පින්තූරේ !

    ReplyDelete
    Replies
    1. පහුගිය කාලෙ ෆොටෝශොප් ඉගෙන එකත් වටිනවා..

      Delete
  19. ආ මං හිතුවේ ලංකාවේ නෑ කියලනේ...

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි නලියා..මම කොහේ යන්ඩද ඉතින් මේක දමලා..බුකියෙ දාන ෆොටෝ පරණ ඒවා අනේ..ගනන් ගන්ඩෙපා...

      Delete
  20. පොඩි විවේකයක ගත්තා..ඒ කාලෙ වෙනත් ප්‍රයෝජනවත් වැඩකට යොදා ගත්තා...

    ReplyDelete
  21. කයිවාරු නැතුව ලියහංකො හොඳ කෙටිකතා ටිකක්. අර ඉස්සෙල්ල ලිව්ව වගේ.

    ReplyDelete
    Replies
    1. කෙටි කතා ලියන්ඩෝනි බන්...මූල බීජ නම් තියෙනෝ එකක් දෙකක්..චරිත් ටික ගොඩනගා ගන්ඩ ඉස්පාසුවක් තිබ්බෙ නෑ...

      Delete
  22. එහෙනම් වෙනියා අයියත් ආයේ වෙලේ වගේ :D කමෝන් කමෝන්

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඔයලත් ලියලා තිබ්බා ලිපි ගොඩක් ටයිටල් එක බලලා නිකන් හිටියා..දැ ඉතින් කියවන්න ඕනි..කීපයක්ම කියෙව්වා...

      Delete
  23. Replies
    1. බොහොම ස්තූතියි කෙන්ජියො...

      Delete
  24. අම්මපා කියහන් අයියේ

    ReplyDelete
    Replies
    1. අම්මපා කියන්ඩ වෙලාවක් නැතුව පරණ එව්වා කියවනවා බන් මේ දින ටිකේ..

      Delete
  25. කස කාරයෙක් නං ගියා... මේ පෙරහැර එනකං ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. පෙරහැර එනෝ තිසර..මම කියවපු නැති කාලෙ මේ කට්ටිය ලියලා තියෙන ලිපි ගොන්න කියවනවා අප්පා..එකක් වත් අහක දාන්ඩ බැරි තරමෙ රහයි...

      Delete
  26. තවත් අලුත් බොල්ග් එකක් වාගේ ....කට්ටිය මේ පැත්තටත් එන්ඩෝ ..
    " ලියන්නා නින්දෙන් නැගිට්යි "

    ReplyDelete
    Replies
    1. අලුත්මත් නෙවෙයි ඇනෝ..අළුතින් ලියන්ඩ හිතුවා...

      Delete
  27. මමත් වෙලාවක් හොයාගෙන කියවන්න ආවේ.... කෝ වෙනී අයියා දැන්නේ නැගිටලා තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. මාස තුනක නින්දකින් නැගිට්ටෙ බුද්ධි මලයා..

      Delete