ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, July 11, 2014

තුනක සතුට...එක හිතකින් උතුරලා යනකොට.. After three years..

තුන කියන්නෙ බොහොම සුන්දර දෙයක් වගේම බොහොම ප්‍රයෝජනවත් දෙයක් කියලා නොදන්න කෙනෙක් ඉන්නවද ඉතින් ?

ලෝකයේ මිනිස් පැවැත්මේ රහස රැඳිලා තියෙන්නෙ ඔය තුන තුල කියලා කවුද නොදන්නෙ ?


ඕන් මගේ බ්ලොගයටත් තුන පිරිලා අදට...


මේ පහුගිය දොහ නම් ටිකක විවේකයක් ලබන වෙලාවක් තමයි. බුකියෙ අය නම් දන්නවා හේතුව..කාර්යබහුල වීම අතරේම තවත් අළුත් වැඩකට අත ගහපු එක නිසා..ලියවිල්ල ටිකක් එහෙ මෙහෙ වෙනවා. හැබැයි ලියන්ඩ අත්දැකීම් අටෝ රාෂියක් එකතු කර ගෙන තමයි ආපහු මම එන්නෙ...


මොකද බ්ලොග් ලියවිල්ලෙන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන මේ කාල සීමාවෙ මම ඉන්නෙ බොහොම සුන්දර මනුස්සෙක් වෙච්ච ක්ෂේත්‍රයේම ප්‍රවීනයෙක් ළඟනෙ..මීට ඉස්සෙල්ලා පෝස්ට් එකෙන් ඒක දැනෙන්ඩ ඇතිනෙ...

අවුරුදු තුනක් ...පෝස්ට් තුන් සීයක්...


මිනිය නොහැකි තරමේ සතුටක් ගෙනදුන් කමෙන්ට් රාශියක් එක්ක හිතට ලං වෙච්ච හෘදයාත්මක හිත් ගොන්නක් එක්ක ලබපු සතුට..ලබන සතුට මුදල් කෝටි ප්‍රකෝටි ගානක් තිබුනත් ගන්න බැරි දෙයක් තමයි. එච්චර වටින සතුටක් ලං කලේ මේ වෙනකම් මාත් එක්ක හිටපු ඔබ සැම තමයි.

කශූ...කතන්දර ශූරින් ගේ මුල්ම කමෙන්ටුව එක්ක පටන් ගත්ත මම...
අවුරුදු ගානකට ඉස්සෙල්ලා මොනවද මන්දා හොයද්දි අහම්බෙන් මගේ තිරය මතට ආපු මාරයගේ හෝරාවෙ පන්සල් කතාවෙන් සිංහල බ්ලොග් වලට ආදරේ බැන්ද මම..අවසානයේ අද වෙන කොට "ලියන්නා " වෙලා..
බුදු සන්තෝ මට දැනෙන සතුටක් !


සිංහල බ්ලොග් නිසා අළුතින් ජීවිතේට කී දෙනෙක් නම් ලං උනාද ? ඒකත් ගිනිය නොහැකි තරමේ ගානක්..


ඒ සේරටම බොහොම ස්තූතියි කියලා අඩුවෙන් කියන්නෙ නම් නෑ මම..
ඒ වෙනුවට ඔබ සැමව බොහොම ගෞරවයෙන් , බොහොම ලෙංගතු කමෙන් හදවතින් වැළඳ ගන්නම් !


හමු උනාම සිප වැළඳ ගන්නම්...






බත්තරමුල්ලෙ දියත උයනේ සංගීත රාවයට වර්ණ වෙනස් කරමින් රඟන වතුර මලේ වර්ණාවලියෙන් මුසපත් වෙලා හිටි මා දිහා බොහොම ආදරෙන් සඳ කුමාරි තමන්ගෙ සළු වළාකුළු මෑත් කරලා බලන මොහොතේ....



මටත් නොදැනිම මගේ අතේ තිබුනු කැමරාව ක්‍රියාත්මක උනා..

මට හිතුනෙ මම නේද මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම මනුස්සයා කියලා...

ආපහු ගෙදරට එන්න බස් එකට දෙන්න සල්ලි පසුම්බියේ නොතිබුනත්..මගේ හදවත දෝර ගලා ගෙන යන සතුට නැති කරන්න ඒක හේතුවක් උනේ නෑ..


මම හෙමි හෙමිහිට ගෙදර බලා පියමං කලා සුපුරුදු සතුටින්..


හිතේ සතුටට සල්ලි වලින් කරන්න පුළුවන් බම්බුවක් නෑ කියලා මට ආයි ආයිත් තහවුරු උනා..




බ්ලොග් ලිවිල්ලෙන් ලැබුන, ලබන සතුටත් එමමයි..ඒක ලබන්න මම වාසනාවන්ත උනා..

51 comments:

  1. හැබෑට උඹ දැං සතුටු ෙවන්ෙන් බ්ෙලාග් ෙනාලිය ෙන් බං.. මටත් බැරිය තව අවුරුදු දහයකින් අැවිත් කියන්න දැං අවුරුදු ෙදාළහයි කියලා.. හැක්..

    ඒක ෙනෙමයි බං උඹට නං තුන මතක් උනා.. ඒ්ත් අර අවුරුද්දට ඒක ගාෙන් බිත්තර දාන ෙකාන්කිරිට් බාස්ට නං ෙම් පාර තුන අමතක ෙවලා. දැං මිනිහා අබ සරණ ෙවලාද මන්දා සද්දයක්වත් නෑ

    සුභ පැතුම් ෙවනී..

    උෙඹ් ඩයනා අාපසු ඒනතුරු.. ෙහාද genre කතාවක් දාන තුරු උඹ ලිව්වය කියල මම නං පිලිගන්ෙන් නැහැ..

    ReplyDelete
    Replies
    1. අවුරුදු තුනක් බ්ලොග් කියවලා ඊළඟ තුන තමා ලිව්වෙ ඉතින්...
      නොලියන්ඩ තියෙන හේතු රාශියක් දක්වනවට වඩා මෙහෙම කියන්නම්..පාරිසරික සාධක ගොඩක් බලපානවා ලියන්ඩ උත්තේජනයක් ලබා දෙන්න. මම හිටපු පරිසරය ඌණ උත්තේජක පරිසරයක්. ඒක සමබර කර ගත්තෙ ලියවිල්ල හරහා. මම දැන් ඉන්න පරිසරයම ජීවයෙන් පිරිලා...ඒවට සම්බන්ධ වෙලා ආපහු එනකොට ලියන්න වෙලාවක් නෑ..ලියන්න හුදකලාවක් නෑ..කොහෙන් හරි මේ තුලිතය බිඳ ගෙන ආයි ඒක එකින් එක සකස් කරන්න ඕනි. ඒ කාලය ආයිමත් මම අටින් ලියවෙයි..
      දේශකයට ස්තූතියි..

      Delete
  2. සංතෝෂයි සංතෝෂයි.. අප්පරමාන සංතෝෂයි...

    මේ ඒක නෙවෙයි අයියා.. තුන පිරෙනකොට සතුටු වෙද්දි අයියට දෙක නැති වීම ගැන දුකක් එහෙම නැද්ද..? :D

    ReplyDelete
    Replies
    1. මොකක්ද මාරේ මල්ලි උඹ ඒ කියපු කුප්ප කතාව? උඹ කියන්නේ මේ අපේ වෙනියා testically challenged බුවෙක් කියලද? (නෑ ඒ යෙදුම උඹට ඉංග්‍රීසි පංතියෙදි ඉගැන්නුවේ නෑ. ඩික්ෂනරි එකෙත් නෑ. :D)

      Delete
    2. චිකේයියා.. අපේ නැහැ ඔය කුණුහරප බාසාවෙන් වැඩ...

      මං මේ කිව්වේ තුන ලබද්දි දෙක ඉවර වෙනවා කියලනේ ‍හෙන්රි අයියා.. නැතිව මේ ඔය මූණු පොතේ කොල්ලෝ වෙනී අයියගේ දෙක නැති උන සීන් අනං මනං ලිව්වට ඒවා ගැන හිතලනං නෙවෙයි ඕං.. මං අහිංෂකයි... :D

      Delete
    3. දෙක විතරක් නෙවෙයි මාරයා මල්ලි, නැතිවෙන හැම දශමයම ගැන දුකයි...මක් කරන්නද ඒකට නම්..
      හෙන් රි අපොයි මේ මල්ලි එහෙම කතන්දර කියන්නෙ නෑ ..මඩ ගහන්නෙ නෑ මට..හා එහෙම කරපු තැනක් තියේ නම් පෙන්නන්ඩ ඔට්ටුයි බැරුවට...

      Delete
  3. වෙනි අයියගෙ තුනට සුභ පැතුම්. ඔය තුනෙන් කීයක්නම් අපතෙ ගිහින් ඇද්ද? තව වැඩ ගන්න තිබ්බ දෙකක් නිකම්ම වගේ අහක ගියේ නැත්තම්. ප්‍රීතියි වෙනි අය්ය ප්‍රීතියි.

    ReplyDelete
    Replies
    1. අපතේ ගියා නම් තමයි ඉතින්...මොනා කරන්නද ? ඉස්සරහදිවත් හොඳට වැඩක් ගන්න බලමු..නේද ?

      Delete
  4. මගේ සුබ පැතුම්!

    ෆොටෝ එක නියමයි. ඒත් ඇයි ඇදවෙලා? බිමට වැටෙන්න මොහොතකට කලින් ගත්තු එකක් වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කශූ..මගේ මුලම කමෙන්ටුකාරයා...
      ෆොටෝ එක හිතලම ඇල කලා..ලෙන්ස් එක වයිඩ් ඇන්ගල් නෙවෙයි නිසා හඳ අහුවෙන එකක් නෑ කියලා හිතලා..ඒත් සාමාන්‍ය විදියට ගත්තත් හොඳට එන්න තිබුනා..

      Delete
  5. සුබ පැතුම වෙනියෝ...:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩියෙ..ආයිමත් බ්ලොග් කියවීම පටන් ගන්ඩෝනි...

      Delete
  6. වෙනී මචං. ලැබුවාවූ තුනට තවත් තුන ලැබූවෙකුගෙන් සුභ පැතුම්. අපි පිට කසා ගම්මු. HeyDude බ්ලොගට සහ 'මට හිතෙන හැටි' බ්ලොගටත් අවුරුදු තුනයි.

    ReplyDelete
    Replies
    1. හැකි ඉක්මනින් අනිත් බ්ලොග් කියවීම පටන් ගන්න ඕනි හෙන් රි...

      Delete
  7. හුරේ තව අවුරුදු දෙකායි......ඊට පස්සේ මේකත් වහන්න කියතහැකි....!!!!

    ReplyDelete
    Replies
    1. කන්නා කොටින්ම කියතොත් දැනටමත් මේකෙ ලියවෙන්නෙ ඉඳලා හිටලා තමයි..

      Delete
  8. සුභ පැතුම් වෙනියො... හැබැයි නිකා ඉඳල හරියන්නෑ පෝස්ට් ඕනෙ ඈ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංචාරකයා, ලියන්ඩ ඕනි ලියන්ඩ දේවලුත් තියෙනවා...පොඩි විරාමයක් තමයි අරගෙන ඉන්නෙ...

      Delete
  9. සුබ පැතුම් වෙනී අයියා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්..බ්ලොග් එකක් කියවන්නත් බැරි උනා පහු ගිය දවස් වල නම්...

      Delete
  10. ලියන්නාගේ තුනට ජය වේවා !!!!!!!!

    ReplyDelete
  11. හදවතින්ම සුබ පැතුම් වෙනී.... යමු ඉදිරියටම. බ්ලොග් ලියැවිල්ල නිසා මට හමුවූ තවත් සහෘදයෙක් ඔබ...

    ReplyDelete
  12. වෙනීගේ තුනට වැඩි වැඩියෙන් ලැබේවා

    ReplyDelete
  13. සුබ පැතුම් .........

    ReplyDelete
  14. වෙනීගෙ තුනට සුබ පැතුම්.අවුරුදු ගතවුණාට පෝස්ට් නං වැටෙනවා බොහොම අඩුයිද මංදා.හතර වසරේදිවත් බලමුකෝ.

    ReplyDelete
  15. ඔන්න එහෙනම් අඟහරු වාසීන්ගේනුත් සුභ පැතුම්!! ජය වේවා එහෙනම් කරන කියන දේවල් වලටත්!

    ReplyDelete
  16. හෑ තුනෙයි අය්යෙ...ජය වේවා..!

    ReplyDelete
  17. තුන, තිහ දක්වා වර්ධනය වෙන්නට වාසනාව ලැබේවා! මගෙන් උණුසුම් සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. අප්පට උඩු වෙනිය කල්සන් ඇදල ඉවරයි.සරමෙන්ම ඉන්නවෙයි

      Delete
  18. /////හිතේ සතුටට සල්ලි වලින් කරන්න පුළුවන් බම්බුවක් නෑ කියලා මට ආයි ආයිත් තහවුරු උනා../////

    වෙනී.....මමත් ඔහොම හිතුවා. ඊට වඩා යතාර්තය වෙනස්. සල්ලි නැතුව මමයි, ගෑනියි, දුවයි අමුම අමු කට්ටක් කෑවා අපි දැන් ඉන්න රටෙත්. අපේ සුන්දරත්වය, අපේ නිර්ව්‍යාජ්තවය බල්ලාට යනවා, සල්ලි නැති වුනාම. සල්ලි නෙමේ මූලික සාධකය..හැබැයි වෙනියෝ සල්ලි නැති වුනාම බලපන්...ගෙදර ඉන්න බල්ලාත් යනවා.

    උඹට බොක්කේ සුබ පැතුම්!!!!!!

    ReplyDelete
  19. සුබ පැතුම් වෙනී අයියේ...

    ReplyDelete
  20. උණුසුම් සුබපැතුම්!

    ReplyDelete
  21. අවඅරුදු තුනට මගෙනු උණුසුමුසුභ පැතුම්...
    අඩුගානෙ ඔයා ගන්න පිංතූර ටිකක් වත් අපිට බලන්න දැම්ම නං හොද නැද්ද

    ReplyDelete
  22. සුබ පැතුම් !!

    ReplyDelete
  23. අපෙනුත් උනුසුම් සුභ පැතුම්.(එ වුනාට මොටොර් සයිකලෙ උඩ දුකෙන් ඉන්නවට වඩා බෙන්ස් එකක් ඇතුලෙ දුකෙන් ඉන්න එක හොදයිනෙ බන්)

    ReplyDelete
  24. උණුසුම් සුබ පැතුම් වෙනී අයියා…!!!!

    ReplyDelete
  25. වෙනී අයියේ, උඹේ තුන්වෙනි සැමරුමට මගෙන් උණුසුම් සුභ පැතුම්!! ඒ වගේම තවත් බොහෝ කාලයක් අපිත් සමඟ ඉන්න ලැබේවා!!! කියලත් ප්‍රාර්ථනා කරනවා.
    ජයවේවා!!!!

    ReplyDelete
  26. සුභපැතුම් වෙනී..!

    ReplyDelete
  27. ශුභ පැතුම් වෙනියෝ !!

    ReplyDelete
  28. අඩේ මේ මේ අර මූණු පොතේ උඹේ කොළඹ හතේ පොශ් කෑම ජාති නැතිව මෙන්න මේ බ්ලොග් එක අප්ඩේට් කරපන්.
    සුභක්.....

    ReplyDelete
  29. තුනට සුභ පැතුම් වෙනී මාමේ....ඉදලා හිටලා නැතුව නිතරම ලියපංකො...

    ReplyDelete
  30. වසර තුනක ප්‍රීතියට සුභපැතුම් වෙනියෝ... මං හිතන්නේ මේ අර ගෙදර යනගමන් ගත්තු ෆොටෝ එකක් වෙන්න ඇති..

    http://www.blogcdn.com/www.coolage.in/media/2013/09/untitled-2-1378185282.jpg

    ReplyDelete
  31. සුබපැතුම් වෙනී. පහුගිය අවුරුද්ද නං එච්චර හොඳ නෑ.

    ReplyDelete
  32. සුබපැතුම් වෙනී අයියා. ඉස්සර වගේ වැඩිය පේන්න නැත්තෙ මොකද දැන්.

    ReplyDelete
  33. සුබ පැතුම් වෙනි...!!!!!

    ReplyDelete
  34. සුබ පැතුම් වෙනී...

    ReplyDelete
  35. වෙනියගෙ තුන වේලෙනව දැන් කාලෙක ඉඳන්. ඔන්න ඔහේ අතේ ගහන පින්තූරයක්වත් දාල අප්ඩෙට් කරහන්.

    ReplyDelete
  36. කිව්වත් වගේ තියන පොටෝ කෑලි දාලා හරි කමක් නෑ හීනියට බ්ලොගේ ඇදං යන්න පුළුවන් නං හොඳායි..නැතත් ඉතිං හොඳාාාායි!!
    සුභ පැතුම් වෙනී...

    ReplyDelete
  37. වෙනි අයියගෙ පාෙලිෂ් වෙච්ච තුනට අපේ බොක්කෙ සුභපැතුම්

    ReplyDelete
  38. සුභ පැතුම් වෙනි අංකල් . දිගටම ලියන්න

    ReplyDelete