ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, February 7, 2014

මී මරුවා

http://becomingdomestic.com/2008/05/01/how-to-kill-a-rat/

"අම්මේ ඒ ඒ ඒ හ්"

චූටි දුවගේ හඬ නාන කාමරයේ වතුර මලෙන් වැටෙන වතුර වල ශබ්දයද පරයා නැගේ. මසිතට කේන්තියක් මුසු වූවද එය ක්ෂණයකින් මැඩ පවත්වා ගනිමින් සාලය දෙසින් නැගෙන මවගේත් චූටි දුවගේත් දෙබසට ඇහුම් කන් දෙමින්ම තුවාය අතට ගතිමි.


"බලන්නකෝ අම්මි අදත් මගේ මේස් කූට්ටමෙන් එකක් මීයො කාලා . ඔය අලුතින්ම ගෙනා කූට්ටම අනේ ඒ ඒ"


"මොනා කරන්නද මන්දා මේ මී කරදරෙත් එක්ක නම්. තාත්තා මුකුත් කරන්නෙත් නෑනෙ මේකට. මගේ අලුත්ම සාරියකුත් කපලා තිබ්බා. ඇයි චූටි ඔයාගෙ පරණ කූට්ට්මක්වත් දමන් යන්නකෝ අදට"


"මොන පරණ ඒවද ඔයක අලුතින් ග්ත්තෙ සවුත්තු උණ පරණ ඒවා අයින් කරලනෙ."


"ඊයෙ දමපු එක අදත් දමන් යන්න බෑ."


"එහෙනම් පොඩි අයියගේ එකක් දමන් යන්න"


"ඊයා එයාගෙ එව්වා නම් එපා ගඳයි. "


"ලොකු පුතේ මේ නංගිට හරියන්න ..."


"බෑ බෑ මම නම් දෙන්නෙ නෑ මගේ මේස් කූට්ටම් පිරිමි ළමයි දාන ඒවා ගෑනු ළමයින්ට හරියන්නෙත් නෑ..ඊටත් වඩා නංගිට දුන්නහම ආයි එක සැරයයි විනාශ කරලා ගේන්නෙ..මම නම් දෙන්නෙ නෑ"


"මොකද අනේ මේ කරච්චලේ ?"


"බලන්න තාත්තෙ ආයිමත් මගේ මෙස් කුට්ටම.."


"මට පේනවා මට පේනවා"


"දැන් මොකද කරන්නෙ මේ වෙලාවට සපත්තු කඩ ඇරලයෑ..'


'එහෙනම් මම ගෙදර ඉන්නවා එහෙනම් මම ගෙදර ඉන්නවා..මාව ආච්චිලයෙ ගෙදරින් දාලා යන්න'


"නංගිව මේ දවස් වල ඉස්කෝලෙ යවන්න එපා අම්මෙ ක්‍රීඩා තරඟ හින්දා උගන්වන්නෙත් නෑ..මේ ගොල්ලො බොරුවට නට නටා ඉන්න එක විතරයි.."


"ඒයි එහෙනම් ඔයා වැඩට යන ගමන් චුට්ටිව අම්මලයෙ ගෙදරින් බස්සවලා යන්න හොඳේ.."


"හූ හූ නියමයි නියමයි.."


"චුට්ටි නටන්නෙ නැතුව ලෑස්ති වෙනවා තාත්තා එක්ක යන්න"


මේ වනවිට අප සන්තකයේ තිබූ ඇඳුම් රාශියක්ම කා දමා තිබූ මීයන් පිළිබඳව මා හට ඇත්තේ නොමද කේන්තියකි. එම කේන්තිය තිබුණද ඒ පිළිබඳව කල කිසි දෙයක් නැත. අසල නිවසේ සිටි සිල්වා දුන් මී කතුර දෙවෙනි දවසේම ආපසු ගෙනගොස් දී තිබුණේ මගේ බිරිඳමය..


"පව් අනේ බඩදරු මී අම්මා කෙනෙක් අහු වෙලා හිටියේ..ආයි නම් එපා ඕන්.."

"එපා තාත්තෙ පව් මී අම්මා.."


මීයන් කල විනාශය අමතක කර දමමින් බිරිඳත් දරු තිදෙනාත් මා මීමරුවකු කරමින් දොස් පැවරීම නිසා එම නාටකය අවසන් වූයේ මාස කීපයකට පෙරය. විටින් විට උග්‍ර වන මී කරදරය මෙවර නම් අවසන් කල යුතුවම ඇත. මා වඩාත් කම්පනය කළේ මා සතුව තිබූ මඟුල් සූට් කීපයක්ම තැනින් තැන කපා දමා තිබූ ආකාරය සිහි වීමෙනි. ඒ අතර වසර 18ක් පැරණි අපගේ විවාහයේ ඇඳුම්ද වීය.


කාර්යාලයේ සගයින්ගේ උවදෙස් ද මත සවස වන විට අසල වූ කඩයකින් මීයන්ට දමන වස පැකට් එකක් රැගෙන ආවෙමි. රෝස පැහැ කුඩා කැබලි වලින් සමන්විත එය කිසි ලෙසකින්වත් භයානක පෙනුමක් නොගෙනා බැවින් මම සතුටු සිතින් එය ගෙන කාඩ්බෝඩ් කැබලි මත නිවසේ කීප පලකම තැබූවෙමි.


"අනේ මෙව්වා නම් චෝක් අනේ.."


"අල්ලන්නෙපා චූටි යන්න යන්න ගිහින් අත සෝදා ගන්න.."


"මෙව්ව කාලා මීයො මොකද කරන්නෙ තාත්තෙ"


"උන් යන්න යයි දුව"


පසුදා කාඩ් බෝඩ් මත තිබූ රෝස පැහැකැබලි බොහොමයක් අතුරුදන්ව තිබුණි. නමුත් මීයන් එකෙකුවත් පෙනෙන්නට නැත.


උන් යන්න ඇති..යාන්තම් ඒ කරදරෙත් ඉවරයි..සිතට දැනුණේ මහත් සැනසිල්ලකි.එම සැනසිල්ල..


පසුදා සවස් වනවිට මා නිවෙසට පැමිණෙන විට නිවස එකම මල ගෙයක සිරියක් ගෙන තිබුණි.


බිරිඳ ඇඬූ කඳුළිනි..චූටි දුව දෑස් රතු කරගෙන සිටියාය.
දෙවෙනි සහ ලොකු පුතා මා දෙස ඉව අල්ලන්නේ මහත් පිළිකුලකින් මෙනි..


"ආන් ඔයාගෙ යාළුවන්ගෙ උපදෙස් වැඩ කරලා මම නම් යන්නෙ නෑ කුස්සිය පැත්තෙ.."


කාර්යාලයේ ඇඳුම් වලින් කොට කලිසමකට බැස ගත් මා මුළුතැන් ගෙය දෙසට ගියෙමි. එහි මුළු වල මීයක් කීපදෙනෙකුම මැරී වැටී සිටියෝය. නිවෙසම පිරික්සීමේදී.. නිදන කාමරයේ ඇඳ යට, අල්මාරිය අසල සහ ගබඩා කාමරයේ මුළු වල සිට මීයන් 14 දෙනෙකුගේ මළකුණු මට සොයා ගන්නට හැකි වීය.


මිනීමරුවෙකු දෙස බලනාකාරයෙන් නිවැසියෝ මා දෙස ඔරවා සිටී. සියලුම් මී කුණු ගෝනියකට දමා එය වත්තේ වල දැමූයෙමි. අසල කඩයකින් ගෙනා ඉඳිආප්ප කෑ නොකෑ අපි සියල්ලෝම නින්දට වැටුනෙමු. අත්‍යවශ්‍ය දෙයක් හැර කිසිවකුත් කිසිම සුහද සාමීචියක් නැත. මසිතද හොල්මන් කරන්නේ නා නා ප්‍රමාණයේ වූ මීයන්ගෙ මලකුණුයි. ඒ සියල්ලන්ටම වගකිව යුත්තේ මාය යන්න මසිත දොස් නඟයි. නිවැසියෝ එම සිතුවිල්ල තහවුරු කමින් සිටින්නෝය.


හෙට සෙනසුරාදානෙ ගෙදර හැමෝම ඉන්න දවස නිසා ඕක අමතක වෙලා යයි..සිතමින් මාද නිදි යහනට වූයෙමි. අනෙක් සිකුරාදාවන් වල මෙන් ඈද උණුසුමින් තොරව මා තුරුලට ආවද..දැඩි වෙහෙස හා මනස්තාපය නිසා මා ද හනික නිදි දෙව්දුව වැළඳ ගත්තෙමි.
පසුදා උදෑසන මදක් පසුවී වූවද මා ඇහැරෙන විට නිවෙස තුළ තවත් කාලගෝට්ටියකි..


චිහ්..තව මීයෝ මැරිලා ඇති..


මා මුළුතැන්ගෙය තුළට පිවිසෙන විට..එහි කුඩා මේසය වට කොට බිරිඳ හා දරු දෙදෙනා ඉතා සීරුවෙන් යමක් දෙස බලා සිටී. ලොකු පුතා තම අත වූ යමකින් කිසිවක් කරයි.ඔවුන්ගේ එම කාර්යයට කොතරම් අවධානයක් යොමු කළේද යත් මා ගේ පැමිණීමද සැලකිල්ලට භාජනය නොවීය..


මා ඔවුන් දෙදෙනාගෙ හිස් වලට උඩින් දෑස යොමු කළෙමි..
පත්තර කොළයක් උඩ රෝස පැහැති කුඩා මී පැටවුන් හතර දෙනකු ඉරටු කැබලි වන් කකුල් ගසමින් දඟලයි. විටින් විට දුබල කීක් හඬක් නැගේ. ලොකු පුතා කුඩා රෙදි පාංකඩයකින් සාදා ගත් කූරකින් අසල තැටියක වූ කිරි පොද පොද ගෙන මී පැටවුන්ගේ තොල ගාන්නට තැත් කරයි. මා දුටු ඔවුන් වහා ඉවත් වී මගේ අපරාධයේ ඊළඟ දසුන මා වෙත පෑවේ නිහඬවය.


"ඇඳුම් අල්මාරියෙ අයිනක කෑ ගහන සද්දෙට මමයි දැක්කෙ. මගේ හොඳම ටී ෂර්ට් එකක් කපලා ඒක කූඩුවක් වගේ හදලා පැටවු දාලා"


ඒ ලොකූගේ හඬයි..


"මුන් මැරෙන එකක් නෑ නේද තාත්තෙ"


"දන්නෙ නෑ පුතේ.."


මම ඉතිරිව තිබූ මී නාශක පැකට්ටුව ගෙන උදැල්ලද රැගෙන වත්ත පහළට ගියෙමි. වත්තේ කොනක එය වළ දා ආපසු හැරුණු මසිතේ වූයේ නැවත කිසිදා සතුටු විය නොහැකි යන්න තැවරුණු හැඟුම් සමුදායකි. මා පිළිබඳවම කේන්තියක් මසිතට නැගේ.


"කෝ දෙවෙනියා?"


"ඔන්න යාළුවෙකුගෙ ගෙදර ගියා"


මසිතට යක්ෂාරූටයක් ආවේශ වීය..


"නිවාඩු දවසක වත් ගෙදරක ඉන්න බැරිද ඊටත් වඩා මේ උදේ පාන්දරම මොකටද ඒ ළමයව යැව්වෙ අහල පහළ ගෙවල් වලට ..ඔයා ඔයා තමයි මේ ළමයි නරක් කරන්නෙ"


විස්මිත දෑසින් බිරිඳ යමක් තතනන්නට උත්සාහ දරන අතරේ..ඈගේ හිස හා දොර කවුළුව අතරින් මා දුටුවේ දෙවෙනි කඩිනම් ගමනින් නිවෙස වෙත එන ආකාරයයි.


හොඳවැයින් දෙකක් මයෙන් අද අහ ගන්නවා මේ ළමයා නම්..


මා කේන්තියෙන් ඇයව පසෙකට තල්ලු කරමින් දොර දෙසට ගියෙමි. 

මාගේ කෝපය අනුමාන කල දෙවෙනි වහා මිදුල මැද නැවතී ගති..
ඔහුගේ එක අතක..


මීයන් අල්ලා පණ පිටින්ම වෙන තැනකට විසි කල හැකි තරමක ලොකු කූඩුවකි... 

http://hongxinwiremesh.en.alibaba.com/product/464140620-209686149/rat_trap_box.html



63 comments:

  1. ape gedarath thiyenawa oya ekak. mama dennek allala duraka gihin damma,...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙත් මීයො සම්බන්ධයෙන් තියෙන හොඳම එක මේක තමයි..මරලා මරලා කොහේ ඉවර කරන්නද ? හැබැයි දැනටත් සර්පයො නම් මරන්නෙම නෑ..අල්ලලා ගිහින් දානවා..මොකො මල්ලි සිංහලට උනේ ?

      Delete
  2. hafoy miyo ekka puduma dukakne widala thiyenne......

    ReplyDelete
    Replies
    1. මීයො කියන්නෙ සංසාරෙ පරන ණය කාරයොද කොහෙද මැලේ...එච්චරටම වදයක්නෙ දෙන්නෙ..

      Delete
  3. ඔයින් එකක් අපේ ගෙදරටත් ගෙනාව බන්.මුලදි නම් මීයො දෙතුන් දෙනෙක් අහු වුනා.පස්සෙ ඕක දොර වැහෙන්නෙ නැති වෙන්න ඇතුලේ තියෙන අල කැඑල්ල ගලවන් යන්න උන් පුරුදු වුනා.
    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. ඔව් දුලා මමත් අහලා තියේ මීයො කොහොමත් හෙන කපටී..උන් දන්නවා ටික කාලෙකින් අළුත් අළුත් එව්වට හැඩ ගැහෙන්න..

      Delete
  4. වැඩේ හරියන්නෑ අයියෙ පූසියෙක් ගෙන්න මීයො අල්ලන්න :D

    ReplyDelete
    Replies
    1. අනේ අප්පේ මීයො එක්ක විදින වදේ මදැයි..දැනටමහ් ඉන්නවා ගෙදරම එකයි අල්ලපු ගෙවල්වල උන් දෙතුන් දෙනෙකුයි..

      Delete
  5. පූසෙක් ගෙනාව නම් හරි :D
    ඇඳුම් අල්මාරි, කබඩ් වලට මීයෝ යන්නේ සිදුරු වලින් නම්, ඒවා අලුත්වැඩියා කරන එකත් හොඳයි, අපේ හොස්ටල් එකේ එහෙම කරලා සාර්ථක ප්‍රතිපල ලැබුණ.

    ReplyDelete
    Replies
    1. පූසො ඊට වඩා වදයක් උනුත් අපිවම කන්නයි ඉන්නෙ මීයන්ව අල්ලන්නෙ නෑ අප්පා පොශ් පූසො..උන්..
      මීයො ගෙදරට එන පාරවල් කියලා කීයක් නම් වැහැව්වද ? හරි ගියේ නෑනෙ..

      Delete
  6. ඒකනේ exterminator ට ඕනෙ තරම් වේකන්සි තියෙන්නේ. We love to have someone to shovel our shit.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත බන්..දැන් මෙහෙත් ඇඩ් හරියට යනවා එක්ස්ටමිනේටර්ස්ලගෙ..

      Delete
  7. මීයෝ ....ආපෝ මතක් කරන්න එපා...මෙහෙටත් එනවා ලොකු බඩ සුදු මීයෝ ජාතියක්...ඉඳලා හිටලා එන හින්දා ඒරියා මැනේජර් පෝස්ට් එකක් ඇත්තෙ මං හිතන්නෙ...හැබැයි ආවට පස්සෙ ආයෙ යන්නෙ නම් නෑ....මගෙ බලුවෝ තුන්දෙනා ඌට වග කියනව...බඩු මුට්ටු අඩු කාමරෙකට කොටු කරල බලුවො ටික ඇතුලට දාන විතරයි තියෙන්නෙ.....මීයන්ට විතරක් නෙමෙයි ඕන සතෙක්ට නෝ චාන්ස්....

    ReplyDelete
    Replies
    1. සමහර බල්ලො වර්ගයක් විතරයි නේද මීයන්ව අල්ලන්නෙ ?

      Delete
    2. නෑ ...නෑ...වෙනි අයියා...ට්‍රිපලම Original Domestic බඩු....01 Dog , 02 Bitches ......පොඩි අවුලකට තියෙන්නෙ ලිහල ඉන්න වෙලාවට නාඳුනන මනුස්සයෙක්ට පාරෙවත් යන්න දෙන්නෙ නෑ.....වටකරගන්නව...සමහර මිනිස්සුන්ට බයට කෑගැහෙන්නෙත් නෑ...

      Delete
    3. අපොයි අපේ ගෙවල් වල ඉන්න බල්ලො පුරුදු වෙලා තියෙන්නෙ හොරෙක් ආවත් නැට්ට වනා ගෙන ගිහින් වෙල්කම් කරන්නනෙ අප්පා !

      Delete
  8. අපේ ගෙදරත් එකක් තියනව, ඕකට කියන්නෙ "ශිෂ්ඨ මී උගුල" (Humane Live Trap Cage).
    කෝකටත් කවුරු හරි හොඳ නමක් දැම්මොත් හොඳයි වගේ :-)

    ReplyDelete
    Replies
    1. ශිෂ්ඨ මී උගුල නමත් හොඳයි..

      Delete
  9. මී කරදර ඉතින් මෙහෙ නැහැනේ..

    ReplyDelete
    Replies
    1. ඔහෙ ඉන්න කරදරකාර සත්තු මොක්කුද මල්ලි මිනිස්සු ඇරුනහම ?

      Delete
  10. අර කෙබර චන්දනගේ මීයෝ සෙට් එක වෙනි අයියලා ගෙදර ඇවිත් වගේ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බන්..අහල බලන්න ඕනි..උනුත් හරියටම ඇත්ත කියයිද දන්නෙ නෑහ් !

      Delete
  11. අපොයි වෙනී අයිය ලේසිම ඔප්ෂන් එකට ගිහිල්ල නෑනෙ. ඕකට හොඳම ක්‍රමේ හොඳ පූසෙක් ගේන එක. එතකොට ඌ ගානට ගේම දීල ලොකේෂන් එකත් ක්ලීන් කරල තමයි නවතින්නෙ. අනික නිකං ඉන්න වෙලාවට ගෙදර මනුස්සයට, ළමයින්ට එහෙම ඌව හුරතල් කරන්නත් පුලුවංනෙ. (සමහරවිට වෙනී අයියට ඒක අවාසියක් වෙන්න පුළුවං) හැබැයි වැඩිය හුරතල් කරන්න ගියොත්නං ඌ මීයො අල්ලන එක පැත්තක දාල උං එක්ක සෙල්ලං කරන්න පටං ගනී.

    අනික් කාරනේ තමයි ඔය අයියලගෙ ගෙදර තියෙන ඔය ගැජමැටික්ස් ටික කාට හරි දීල දාන්න. මොකද ඕව ගොඩකරගෙන ඉන්න එක තමයි මීයෝ බෝවෙන්න ප්‍රධානම හේතුව. :D

    ReplyDelete
    Replies
    1. දැනට ඉන්න පූසො කරන්නෙ ඒකම තමයි ප්‍රසා..උ මීයො අල්ලන්නෙ නෑනෙ..අපි අල්ලලා දුන්නොත් නම් සෙල්ලම් කරයි..
      අපොයි ඒ ගැජට් වලට අත තියපු දවසට තමයි මී සංහතියම... එක්කො ඕනි නෑ..

      Delete
  12. මී මරුවා නොහොත් මියන්මාර් :D

    ReplyDelete
    Replies
    1. මියන්මාර්.. බුරුමෙ නේද ?

      Delete
    2. ඔව් ඔව් බුරුමෙ තමා...ඉස්කෝලෙ යනකාලෙ අපේ යාළුවො සෙට් එකේ මීයො මරපු එකෙක්ට කිව්වෙ මියන්මාර් කියල, ඒකයි මාත් වෙනී අයියට මියන්මාර් කිව්වෙ :D

      Delete
    3. ඒකත් මරු නම..

      Delete
  13. ඒ පාර තව ගැජට් එකක්.. :D

    ReplyDelete
    Replies
    1. මේක චෝයි ගැජට් එක !

      Delete
    2. නරකද ගැජට් රාලහාමි කියල නමක් දැම්මනම් :D

      Delete
  14. මීයො අල්ලන ක්‍රම සහ මීයගෙන් කෝටිපතියෙක් වෙන්න ඉගෙනගන්න බලන්න Mousehunt චිත්‍රපටිය.

    http://www.youtube.com/watch?v=qcNMWo7e4Fc

    ReplyDelete
    Replies
    1. මවුස් හන්ට් එක කොමඩියක් වගේම අන්තිමේ හොඳ කතාවක් කියලා දෙනවා..ඇත්තටම චීස් බෝල හැදුනෙ එහෙමද දන්නෙ නෑනේ ?

      Delete
    2. යකෝ මීයන්ගෙන් කෝටිපති වෙන හැටි දැනගන්න ඕක බලන්න ඕනේද? මොකක්ද බන් ජාතක පොතේ තියෙන කතාව.?

      මීයන්ගෙන් කෝටිපති වෙච්ච බ්ලුෆිල්ම් නළුවොත් ඉන්නවා.

      Delete
    3. අනේ අරූ අපේ මීයන්ගෙ වැඩත් බ්ලූ වලට ගත්තා නම් අපිත් මෙලහකට...

      Delete
  15. oka nam maru gajet eka . mini nomara miyo alluwaki

    ReplyDelete
    Replies
    1. අල්ලලා ගිහින් දාන්න තැනකුත් හොයා ගන්න ඕනි අප්පා..

      Delete
  16. බැළලියක් හැදුවා නම් වැඩේ කම්මුතුයි නොවැ...ඒ වගේ ජීව විද්‍යාත්මක විසදුමක් දෙන්න යාලුවෙක් හිටියෙම නැද්ද ?

    ReplyDelete
    Replies
    1. මොන අපිට ඉඳීයිද බන් එහෙව් යාලුවො ? අර පොඩි එකාට තිබ්බ මොලේ කාටවත් තිබ්බෙ නැති කොට...

      Delete
  17. ඔය කරුමක්කාර සත්තු ගැන නං දුක හිතෙන කතා ලියන්න එපා,තුරන් කරල දාන්නමයි ඕනෑ.අපේ ඔෆිස් එකෙත් බෝවෙලා හරිම කරදරයක් වෙලා හිටිය පස්සෙ නගර සභාවෙන් බේත් තිබ්බම වඳ වෙලා ගියා දැන් ආපහු බෝවෙලා.ප්‍රින්ටර් එකේ කොළ උඩ හිටන් ඇවිදලා පාරවල් පේනවා.

    ReplyDelete
    Replies
    1. හැලපෙ අයියා නම් හොඳටෝම වද විඳලා තියෙන හැඩයි මීයන්ගෙන්..බෝ උනොත් නම් ඉතින් මේ කතන්දර කැලේ..තමයි..අර කිව්ව වගේ...

      Delete
  18. මේකනම් හරිම කරදරයක් තමා. අපිටත් ඔය කරදරේ තිබුනා. මමත් උඹ වගේ මී කතුරක් තියලා මී මරැවෙක් උනා. කාලෙකට කරදරේ නැතිවුනා. ඊට පස්සේ නොමරා අල්ලන උඹේ පුතා ගෙනවා වගේ කූඩුවකින් අල්ලලා පාරේ පඳුරක් අස්සට දැම්මා. ඒත් අන්තිමට මීයෝ ගෙට එන ගුල හොයලා වහනකම් කරදරේ නැතිවුනේ නෑ.....

    ReplyDelete
    Replies
    1. මෙහෙ මීයො එන්නෙ බිත්තියයි වහලයි අතරෙ තියෙන් සිදුරෙන් සහ සිවිලිම උඩ උන්ගෙම රජ දහනක් තමයි ඉතින්..

      Delete
  19. පූසෙක්ව ඇති කලා නං හරි.. ! දැං මීයෝත් එක්ක පුදුම තරහකින් නෙව නේද ඉන්නේ :)

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලි පූසො ඉන්නෙත් අපිවම කන්න මිසක් ආයි මීයො අල්ලන්නයෑ ඔය කිව්වට..

      Delete
  20. සාමාන්‍ය සිද්ධියක් විදිහට ලියාගෙන ඇවිල්ල, අන්තිමට අන්තිමට නතර කරල තියන විදිහ නම් අගෙයි.

    ReplyDelete
    Replies
    1. සිද්ධිය පොඩියක් එහෙ මෙහෙ කලා චන්දන දන්නෙ නැද්ද ඉතින්..

      Delete
  21. හාපෝ මීයෝ නම් පුදුම කරදරයක් ගෙදර ඉන්නැද්දී...ඇඳුම් කෑවත් කමක් නෑ..අල්මාරියට රිංගුවාම අනිත් ඇඳුම් වලත් එන ගඳනේ ඉවසන්න බැරි..මෙහෙ නම් ඉතින් බේතකටවත් මීයෙක් හොයාගන්න නෑ...

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ උන් හුජ්ජ කරලා ජරා කරලා යන ගඳ..මතක් කරන කොටත් අප්පිරියයි..

      Delete
  22. මෙය මුදල් ගෙව ද නොගෙවා ද ප්‍රචාරය කලෙ

    ReplyDelete
    Replies
    1. හිකිස්..මුදල් හෙවයි කියලා බලන් ඉන්නෙ අර කම්පැනියෙ කවුරු හරි දැක්කොත්..

      Delete
  23. තරහ එන එකනම් සාදාරනයි...

    ReplyDelete
    Replies
    1. කොයි තරම් තරහ ආවත් මැරිච්ච එකෙක් දැක්කහමත් අප්සට් අප්පා...

      Delete
  24. ඔය මී පාසානං කෑවාම වතුර බොන්න ඕනලු මැරෙන්න. දවසක් ගමක එකෙක් මී පාසානං කාලා මැරෙන්න හිතාගන. ඒත් උදේ මූට ඇහැරිලා මේකා මැරිලා නැ. දැන් වස ලැජ්ජාවේ ලියුං එහෙමත් ලියල තියලනේ පාසානං කාල තියෙන්නේ. මේකා හිමිට ගහින් චු පාරක් දාන්න. මල කෙළියයි මේකගේ මීයා මැරිලා.

    ReplyDelete
    Replies
    1. අනේ අප්පේ නලියටත් වෙන වැඩ ඉතින්..කොහොමෙයි මීයව බෙහෙත් පෝලා ගොඩ දාගත්තැයි ?

      Delete
  25. දුටු තැන මරපන් වෙනියෝ.....ඕකුන්ගේ මුත්‍රා නිසා භයානක දේවල් සිද්ධ වෙනවා. ලෙප්ටෝස්පයිරෝසිස් කියලා අහලා ඇතිනේ. අනුකම්පාවේ ලිමිට්ස් තියාගනින් මචෝ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..ඕකම තමයි භූමිකම්පාවක් වෙන්නෙ.. කොහෙද ගෑනුන්ටයි ලමයින්ටයි කියලා තේරුම් කරන්න පුලුවනැයි ?

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. අනේ මේ අයියා හලී නරකයි. මීයෝ මරන්න හොඳ නෑ අයියේ. මම වගේ අහිංසක නංගිලා නම් මීයෝ මරණ අයියලාට කැමති නෑ අයියේ. අයියා එන්නකෝ මගේ බ්ලොගේටත්. මට මේ නරක බ්ලොග් ලියන අයියලා අක්කලා ඇනෝ ඇවිත් කරදර කරනවා අයියේ. අනේ අයියලා වගේ අය හරි ඇවිත් මට උදව් කරන්නකෝ. නැත්නම් මාත් මේ බ්ලොග් ලිවිල්ල අල්ලලා දානවා ඔන්න....!

    ReplyDelete
    Replies
    1. http://nihadathavaya.blogspot.com/ අමතක වුනානේ අයියේ ලින්ක් එක දාන්න.

      Delete
    2. අනේ ඉන්ඩ සුදු නංගෝ..අපි එනකොට අනිත් අයියලා ඇවිත් දුක නිවලා ගිහින් නොවැ..ඊළඟ සැරේ වත් එන්නම්කො එහෙනම්..නගා බය නැතුව දුක් උහුලන්ට පටන් ගන්ඩ එහෙනම් !

      Delete
  28. මීයන් බෝවෙන්නෙ අපේම වැරැද්දෙන්. මීයන්ට හැංගෙන්න තැනක් නැත්නම් මීයො ඉවරයි. කරන්න තියෙන්නෙ ගෙවල් වල ගොඩගහගෙන ඉන්න අයින් කරන්න ලෝභ ඒත් අයින් කලයුතු දේවල් විසිකරල දැමීම. මී කරදරය සදහටම ඉවරයි(මේක කැරපොත්තන්ටත් අදාලයි)

    ReplyDelete
  29. මීයෝ දැන ගන්න ඕනි ශිෂ්න මී උගුල් වලින් බේරිලා ඉන්න.

    මේ කියන විදියටම බැරිම තැන වස දීල මීයෝ මරලා, මී පැටවූ 3 දෙනෙක්ගේ භාරකාරත්වය මට පැවරුණා. සති තුනක් විතර අමාරුවෙන් හදා ගත්තත්, ජීවිතේට දැකපු නැති බළල් තඩියෙක් ඇවිත් උන්ව කාල ගියා.

    ReplyDelete