ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, February 13, 2014

ඉබ්බා කවදා වතුරට දායිද ? Another naked revelation about a blogger.

http://learngoodenglish.com/uncategorized/the-foolish-fox/



අපි පුංචි කාලෙ අහල තියෙන කතාව තමයි මේ..

ඔන්න ඉබ්බෙක් ගමනක් යමින් හිටියා. ඔය අතරේ ඌ නරියෙක් අටවලා තිබ්බ උගුලකට අහු උණා. නරියත් සතුටින් අහුවෙච්ච ඉබ්බව කන්ඩ ඉස්සෙල්ලා බයිට් කරන්න පටන් ගත්තා..


"මම උඹව ගින්නට දාලා BBQ දාලා කන්නයි යන්නෙ"


ඉබ්බා නෙවෙයි කන පාරකට ගත්තෙ..


"මගේ කටුව හයියයි.. ඔළුව ඇතුළට දාගත්තහම ඕනි තරම් ලැව් ගිනි වලින් මම බේරිලා තියෙනවා මේ කැලේ"


නරියත් සෙකන්ඩ් වෙන්න කැමති නෑ.


"උඹව හම ගහලා කන්නෙ"


ඉබ්බා නෙවෙයි ගාණකට ගත්තෙ..


"ඔයිට වැඩිය උනුත් ආව කන්න ආවා කොටි වලස්සු එහෙමත්..අන්තිමේ මගේ කට්ට හපන්න ගිහින් දතුත් නැති කරගෙන තමයි ආපහු ගියේ"


"එහෙමද උඹව වතුරෙ ගිල්ලලා මරලා කන්නෙ එහෙනම්"


මෙදා පාර නම් ඉබ්බා ගැස්සිලා හිටියා..මූණෙන් බය බේරෙන්න ගත්තා..


"අනේ...අනේ...අනේ.."



නරියට මාර හැපී


"මොකෝ"


"අනේ රාළහාමි මාව වතුරෙ නම් ගිල්ලවන්න එපා..ගං වතුරක් ආව්ත් මම ගහක් කොළක් උඩට ගිහින් බේරිලා තමයි ඉන්නෙ"


නරියත් සතුටින් ඉබ්බව මරන් කන්න වතුරෙ ගිල්ලවන්න පහළ තියෙන ගඟට ගිහින් ඒකට දමලා මැරෙනකන් බලා හිටියලු..


ඉබ්බා හූ තිය තියා ගඟේ එහා ඉවුරට පීනා ගෙන ගිහින් පණ බේරා ගත්තලු..


දැන් කතන්දර සූරිනුත් තමුන්ට අහවල් සින්ඩ්‍රොම් එක නෑයි ඔප්පු කොරන්ඩෙයි කියලා ආන් බ්ලොග් එකත් අතෑරලා දාලා සතියක්ද කොහෙද වනවැදිලද කොහෙදලු නේ.. අනේ මන්දා මේ මනුස්සයටත් තියෙන පිස්සුවක් අම්මපා..දවස ගානෙ ලියන්න දේවල් තියා ගෙන නොලියා ඉන්ඩ දඟලනවා..අපි ලියන්ඩ දේවල් හොයන්ඩ දඟලනවා..ලංකාවෙ හිටියා නම් ඉතින් ඔය තට්ට ගෙඩිය උඩින් ඉස කුඩිච්චියක් වත් දාන්න තිබ්බා..ආයි පරණ තත්වෙටම එන්නයි කියලා..එහෙව් එකේ අපිවත් මේ වගේ පෝස්ට් එකක් ලියලා පුරුදු වෙන්න එපාය..ඉස්සරහදි..


අම්මපා මේ හැලපෙ බ්ලොග් ලෝකෙට බෝ කරා ලෙඩක් ආයි අපිටත් බෝ වෙලා..කියන්ඩ යන කතාව පැත්තක..පඳුරු තැලිල්ල තමයි ජයටම යන්නෙ..ඔය අවු අස්සෙ අල්ලන්ඩ යන හාවා හා කෑල්ලක් සෙට් කරගෙන තමන්ගෙ ඊළඟ පරම්පරාවත් බෝ කරලා අපි පඳුරු තළලා හාවා අල්ලන්ඩ එනකොට..අහු වෙයකො හැලපෙයා දවසක හැබැහින්ම..තලන්නෙ පඳුරක් අස්සට දා ගෙන..


ඉතින් මොකද්ද මම කියන්ඩ ගියේ.. ඕපදූපයක්ම තමයි..එක අතකින් මේක එක කුමන්ත්‍රණයක හෙළිදරව්වක් කිව්වත් හරි..


අපේ කතා නායකයා වැඩේ කියන්නෙ මට මෙයා කවුද කියලා එක වචනයක වත් ඉඟියක් දෙන්න බෑ. එක වචනයක් නෙවෙයි එක ඉස්පිල්ලක්, කොමාවක් හරි විස්මයාදී ලකුණක් වැටුනොත් මෙයා කවුද කියලා කියලා හැමෝටම අහු වෙනවා. ඒ නිසා මේ ලියපු එකත් මම කීප සැරයක්ම කියවලා කියවලා සංස්කරණය කරලා තමයි පල කරන්නෙ. මහ ලොකු හූනු බිජ්ජක් නෙවෙයි තමයි ඒත්..


මෙයා බ්ලොග් ලියන කෙනෙක්..ඔතන "බ්ලොග් ලියන කෙනෙක්" කියන වචන ටිකට ඉස්සරහින් එක විශේෂණ පදයක් දමන්න ඕනි..දාපු ගමන් බඩු මාට්ටු..


එහෙනම් බලන්නකෝ ඔය පහළ තියෙන ස්ක්‍රීන් ෂොට් එහෙම නැත්නම් තිර කැපිල්ල...




ඔයකෙ තියෙන්නෙ මට සාක්ෂි එක්ක දෙන්න පුළුවන් විස්තරේ..මේකම ඔය ලෙසටම උණා ඔයිට ඉස්සෙල්ලත්..පොඩ්ඩක් හිටු බලන්න හෑන්ග් අවුට් එක පැත්තෙ..නෑ ඒකෙ තිබ්බ පණිවිඩ මකලා දාලානෙ..කොහොමත් ෆෝන් එකේ තියෙන එව්වා වැඩි කල් තියා ගන්නෙ නෑ..හැම එකාගෙම අතින් අත යන බඩුවක් වගේනෙ ෆෝන් එක..ඔය අට මගලේ තියෙන එව්වා වෙන කවුරුවත් දැකලා කියලා අනාවරණය කළොත් එහෙම ඉතින් ආයි රෙද්දක් පෙරෙද්දක් ඇඳලා එළියට යනවා නම් බොරු..


ඉතින් ඔයකෙ විදියට අහවලා තනන්නෙ මට මඩ පෝස්ට් එකක් ලියලා දාන්නනෙ..


මමත් ඕක දුටු සැණින් උණේ නම් තොල කට වේලිලා..පපුවෙ ගැස්ම වැඩිවෙලා..හිතා ගන්න බැරි වෙච්ච සීන් එකක්..ඇයි මල හත්වලාමෙ අර සීන් එකක් වත් කොහෙන් හරි ලීක් වෙලා ඒකවත්දෝ මේ යකා දාන්න යන්නෙ කියලා බයයි නොවැ..පොඩ්ඩකින් මොළේට හොඳ ඔක්සිජන් පාරක් ගිය ගමන් පොඩ්ඩක් මොළේ පෑදුනා..මම ක්ෂණිකව දුන්නෙ උත්තරේ තමයි..අවුලක් නෑ මචන් දාහන්.. කියන එක..
මෙන්න ඊයෙ රෑ ආපු පණිවිඩේ..




පේනවනෙ වෙලාවත් එක්කම..

පණිවිඩේ එමමයි..මොකාටද මේ යකා මහත්තයා එන්න ලෑස්ති වෙන්නෙ කියලා මම දැනන් හිටි නිසා..මුහුදට හත් ගව්වත් තමයි අමුඩෙ ගහන් හිටියේ සූදානම් සරීරෙන්..


හරි මචො අවුලක් නෑ කියලා දුන්නා..


මම දන්නවනෙ...සැකයක් නෑ..මඩ පෝස්ට් එකක් ඇති..කාලයක් එකට..ඔහෝ..තව පොඩ්ඩෙන් කඩුල්ල පයිනවා..


මඩ පෝස්ට් එකක් ඇති සමහර විට..හැබැයි බලන් ඉන්නෙ,


"අනේ මචෝ දාන්න එපා..මොනවා තියෙනවද දන්නෙත් නෑ.. පේනවනෙ මේ දවස් වල මට බුකියෙ තියෙන අඩන් තේට්ටම්..ගෑනු ළමයෙක් එහෙම නම් මෙලහකට ළමයිත් හම්බ වෙලා..ඒ හින්දා දාන්න නම් එපා මචන්"


කියලා මම කන් කෙඳිරි ගායි කියලා වෙන්න ඇති හෝ එහෙම කියන කම් තමයි මේ යකා මහත්තයා ළතැවෙන්නෙ..


පව් දෙයියනේ..අර එළුවගෙ දෙක වැටෙනකන් බලන් ගිය එකා සේ..මේකත්..


මම කියන්නෙම හරි මචෝ අවුලක් නෑ දාපන්
කියලමයි.


අනේ ඉතින් කවදා ඉබ්බාව වතුරට දායිද...දාන්නමයි කියද්දිත්...


ඈ ???!!!

21 comments:

  1. ඔච්චර කියන එකේ ඕක දාන්නමනෙ තියෙන්නෙ. ඊට පස්සෙ ඉතිං වෙන දේ බලාගන්න බැරියැයි.

    ReplyDelete
    Replies
    1. අන්න හරි මමත් කියන්නෙ ඒකම තමයි ප්‍රසා, ඒත් අහවලා මේක දැක්කද දන්නෙ නෑනෙ..

      Delete
  2. ඔන්න චැලෙන්ජ් එක.කවුද බාර ගන්නේ

    ReplyDelete
    Replies
    1. බලමු බලමු චැලෙන්ජ් එක කවුරු බාර ගනීද කියලා..

      Delete
  3. ඔච්චර තටම තටමා අවසර ගන්න දෙයක්යැ බං ගහන එකනෙ තියෙන්නෙ අර ලබ්බ පොලේ ගැහුවා වගේ,ඔය පෝස්ටුව නං දාන එකක් නෙවෙයි වගේ බං.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ හැලප අයියෙ බලකෝ අර කතන්දරටයි අහිංසක හැලපයටයිත් කෙලලා තියෙන්නෙ මේ පෝස්ට් එකෙන්ම අවසර අරගෙනයෑ??:-)

      Delete
  4. අනේ මන්ද මොනවද කියල තෙරුමක් නැතුවා

    ReplyDelete
  5. ඔච්චර කියනවනම් දාන්නෝ :D

    ReplyDelete
  6. මඩක් ගහන්න කලින් අවසර ගන්න එකයි මේ බ්ලොග් ලෝකේ ඉන්නේ මම හිතන්නේ... අර රංගයාගේ පෝස්ට් වල එහෙම ඒ කාලේ තිබ්බේ.. මම ලියපු ටැබුයි, කතන්දරයි, ඇනොනිමසුයි එක්කෙනෙක්ද කියන එකෙත් ඔය ගැන රංගයා කමෙන්ට් එකක් දාලා තිබ්බා.. උඹත් කියලා තියෙන්නේ ඌ ගැන වෙන්න ඇති මගේ හිතේ...

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නෙ මේ රංගයා කියලද ? ඌ නම් දැන් බ්ලොග් ලියන්නෙත් නෑ නේද ? මෙතන කක්කා කරපු ඇනෝට කියන්නෙ උඹලා වගේ උන් තමයි බන් දෙකට දෙවාලෙට නැති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොන්නයො කියන්නෙ.උඹලා වගේ උන්ට දෙන්න ඕනි ශොට් එක දුන්නා ඔන්න.

      Delete
  7. ඒ මම නෙවෙයි කියලා නම් මම දන්නවා. ඉතුරු ටික නම් අඤ්ඤකොරොස්!

    ReplyDelete
  8. බලන බලන තැන මඩ :D

    ReplyDelete
  9. හරිම 'බය නැති' පොරක් වෙන්න ඇති. මූණටම කියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බලපන් වෙනී උඹ කරලා තියන දේ, ඌ ගහන්නෙ නැතුව ඉඳලා පල්වෙච්ච මඩ ටික අරගෙන ඌවම නාවලා :D

      මේකෙන් ඉගෙන ගන්න තියන පාඩම තමයි, තියන මඩක් ගහන්නේ නැතුව හුරතල් වෙවී ඉන්න ගියොත් කවදා හරි අර නොගහපු මඩ ටික නාන්න වෙන්නේ තමන්ටමයි කියන එක....

      Delete
  10. මේ මොහොතේ දකුණ බැලූ කල පාරක් පෙනෙන්නට තිබේ. බලමු ගොහින් :D

    ReplyDelete
  11. දැන් ඌ දකිනවනේ මේක .වෙනි අයියාගේ අදහස උට තේරෙනවනේ.

    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
  12. මාත් කියන්නේ දාලා බලන්නයි තියෙන්නේ... ජය!!

    ReplyDelete
  13. අවසර අරගෙන මඩ ගැහීමේ කලාව.. ඒකත් නරකම නෑනේ..

    ReplyDelete
  14. අනේ වෙනී අයියට මඩ ගහන අයියේ ඕකනම් දාන්න එපා රත්තරනේ....... පව්නේ අපේ වෙනී අයියා....

    ReplyDelete
  15. අම්මපා හොඳ වැඩක් කවුරු කරන්න ගියත්

    ReplyDelete
  16. මඩ ගොඩට බලෙන්ම ඇදල දාලද මන්ද...හි හි

    ReplyDelete