ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, January 29, 2014

ජී පී එස් වලින් පාර හොයා ගෙන මළ ගෙවල් වල යන හැටි.. How to find funeral homes with GPS enabled smart phones..

අද උදේ පාන්දරම අපේ මාරයා තුමා A4GPS කියලා පෝස්ට් එකක් දාලා තිබ්බනෙ. ඒකෙ තියෙන්නෙ පට්ට පල් අමූලික බොරුවක්. ඉන්ඩකෝ මම වෙච්ච සිද්ධිය සහසුද්දෙන්ම කියන්ඩ හරියටම. එතකොට ඇත්තයි කුප්ප මුන්ගෙ හදපු කොටසයි මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්..
ඔය සිද්ධ වෙච්ච කතාව ඇතුළෙ යන තව කතන්දර ගොඩක් නිසාත් මේකෙන් කීප දෙනනෙක්ගෙම රෙදි සට පට ගාලා ගැලවෙන නිසාත් කාටවත් කම්මැලි වෙන එකක් නෑ මේ කථාවෙන්..


මොනවද මේ කථාවෙන් එළිවෙන කරුණු ? කාගෙ කරුණුද එළි වෙන්නෙ ?


1. මගේ
2. රණාගෙ
3. පියල් හෙවත් ඇල්කෙමියගෙ
4. හෙන් රි හෙවත් බ්ලොග් වෝකර්ගෙ
5. ඕනයගෙ


සහ අර මාර පෝස්ට් එකේ කමෙන්ට් කරපු කීපදෙනක්ගෙ


ඒ අය


1. අටමා
2.අභීත
3.etc...etc...


ඕක පටාන් ගන්නෙ අපේ ඇල්කෙමියා වන පියල් මල්ලිගෙ මවගේ අභාවයෙන්..


මව්තුමිය අභාවප්‍රාප්ත වෙන්න ඉස්සෙල්ලා දවසෙත් මම බුකියෙදි චැට් කරන කොට මල්ලිගෙ ඇහැව්වා මව්ගෙ සැප දුක්..එතකොටත් කිව්වෙ දැන් නම් හොඳයි කියලයි. ඒත් පහුවෙනිදා උදෙන්ම කෙමියගෙ බුකියෙ දාලා තිබ්බ එකෙන් මගේ ඇස් අදහා ගන්න බැරි උණා..මව් තුමී වියෝ වෙලා..ජීවිතේ හැටි ඔහොම තමයි කියලා සංවේග වෙන ගමන් කල්පනා කළේ සහභාගි වෙන්න පුළුවන්ද සහ කොහොමද කියලා.මාරයා තුමාට කතා කරලා බැලුවහම මොනාද වැල්වටාරම් ටිකක් කීවා. බයික් එක කැඩිලා..හදන්න තියෙනවා..තව කොහෙද යන්න තියෙනවා වගේ දේකුත් කිව්වා මතකයි.. අනික ඔය බයික් එකේ පිටිපස්සෙ යන්න !!!! මගේ බල්ලවත් යන්නෙ නෑ ඔය අට මගලෙ පිටිපස්සෙ..අර වැප්නි උපාසකතුමාගේ ගෙදර මළ ගෙදරක ගිහින් ඔය බයික් එකේ කිලෝමීටර භාගයක් ඇවිත් මගේ කොන්දෙ ඇට කීපයක්ම එහෙ මෙහෙ වෙලා තිබ්බත් එක්ක..!!!මම ඒත් කතා කරලා බැලුවෙ කොයිබින් හරි කාර් කට්ටක්වත් සෙට් කර ගනීදෝ..නම් මටත් ඒ පානෙන්ම එළිය බැලේදෝ කියලයි..හරි ගියේ නැති කොට...


දුටුවා කෙමියා මහතා තමුන්ගෙ බ්ලොග් එකේ එන පාර දමලා තිබ්බා..අප්පට් සිරි...බද්දේගමද කොහෙද ! ඔය අතරෙ අපේ හය හතර දමිත් මලයා මට කතා කොරා. කතා කොරලා කීවා අයියෙ වරෙන් අධි වේගෙ ගාල්ලට...ඇවිත් මට කතා කොරහන් මගේ වාහනෙන් එන්න පුළුවන් මල ගෙදර යන්න කියලා..ඒ චෑන්ස් එකත් හරි..මම හිතා ගත්තා එහෙම කරනවා කියලා.වැඩේ තිබ්බෙ මම එදා ඔෆිස් එකේ වැඩ හවස හත හමාර වෙනකන්. ඒත් මහරගමින් ගාල්ලට බස් තියෙන නිසා අවුලක් නෑනෙ..එහෙම යන්නයි හිතන් හිටියෙ..


ඔය අවු අස්සෙ අපේ රණා මැති තුමා කෝල් එකක් අරන් අහපි..අයියෙ කොහොමද යන්නෙ කියලා. මම කීවා හරි මම බස් එකේ යන්නයි ඉන්නෙ එහෙනම් අපි දෙන්නම එකට යමු කියලා. එදා රණා තුමාත් මොකද්ද ලිනක්ස් ද මොකද්ද කියලා බඩුවෙක් සෙට් කරගෙන ඒක එක්ක දවසම ගත කරනවා කියලා හවස තමයි එන්න වෙන්නෙ කිව්වා..බලහල්ලකො අපේ විසේ වැඩිම කාලෙවත් මහ දවල් ඔහොම බඩු එක්ක සෙට් වෙලා තියේද ? ඔය අළුත් පරම්පරාවෙ උන්ගෙ එක එක විකෘති ආශාවන් නොවැ කියලා හිත හදා ගෙන..මම ඕකත් සෙට් කරගෙන ඉන්නකොට මේන් අපේ දමිත් මලයා කතා කොරලා කීවා.. ආන් හෙන්රි අයියටත් යන්ඩ ඕනි කිව්වා මල ගෙදර පොඩියක් කතා කොරලා බලහන් කො කියලා.. එතකොටයි මම හෙන්රිට කතා කළේ..හෙන්රි කතා කරන ගමන්ම කීවා මට ඔෆ් වෙන්න පුළුවන් නම් රෑ හතහමාරට තමයිය කියලත්..කමක් නෑ එහෙනම් එහෙම කරමු කියලා ඉන්න අවු අස්සෙ..ආ කොයි වෙලාවෙද මන්දා ඕනයත් කතා කරලා තිබ්බා..ඌත් එන්නම් කීවා අපේ කට්ටියට..රණාව දැනුවත් කළා කෝල් එකක් අරගෙන..ආ කියන්ඩ එපාය මෙන්න දෙබස..


ට්‍රීං..ට්‍රීං...


මම - හලෝ රණා මල්ලි


රණා - හහ් හහ් හහ්..කියහහ් අයියෙහ්..


මම- මල්ලි අර වැඩේ හරි අපිට හෙන්‍රි අයියගේ වෑන් එකේ ගියහැකි..
රණා- හහ්...හහ්... හා


මම - මල්ලි එහෙනම් ඔය වැඩේ ඉවර කරන්න බලන්න හතහමාර වෙද්දි කොට්ඨාවට එන්න..


රණා - හහ්...හහ් හාඅ අයියෙහ්..


ඒ වැඩෙත් හරි ආයිමත් හෙන්‍රිට කතා කළා..පිරිස ගැන කීවා
කවුද බන් රණා කියන්නෙ ?


දැන් ඉතින් මම මොකද්ද කියන්නෙ කියහන්කො..රණා එක්ක සෙට් වෙලා තිබ්බත් කීප සැරයක්ම මම දන්නෙත් ඔය බුකියෙ යන එව්වා තමයි..


රණා කියන්නෙ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් බන්


මම වැඩේ ක්ලෝස් කළා..ගමන යන්න සේරම සූජානම් කරන කොටයි මතක් උණේ මේ ගෙදරට කවුරුවත් මීට ඉස්සෙල්ලා ගිහින් තිබ්බෙ නැති නිසා කවුරුවත් පාර දැන ගන්න විදියක් නෑ..


වැඩිය ඕනි නෑ ඔය පියල් කෙමියා තුමා ඉන්නෙ මම පදිංචි වෙලා ඉන්න ඒරිය එකේම උණත් මේ වෙනකන් ගෙදරට එන පාරවත් කියලා තිබ්බෙ නෑ..කීප සැරයක්ම ඇහුවහම කිව්වෙ..ගෙදර ඉන්න බල්ලො සැරයි..උන් බැඳලත් නෑහ්..ගෙදර කවුරුවත් නෑහ්..වගේ කතන්දරම තමයි..යකෝ මම මනුස්සකමටයි යන්න හිතුවෙ..නැතුව ගෙදර බල්ලොන්ට මඟුල් කපුකම් කතා කොරන්ඩයෑ..මමත් ආයි ආයි පාර අහන එක අතෑරලා නිකන් හිටියා..දැන් නම් මගේ බල්ලවත් යන්නෙ නෑ ඔය පැත්තෙ..


හවස හතහමාරට එළි බහින්ඩ හිටි මට චෑන්ස් එකක් හම්බ උණා හවස හයට යන්න..සේරමල්ලා දැනුවත් කරලා..ඇත්තටම හෙන්රිට මේ ගමන දවාළියෙන්ම ගිහින් ඉවර කරන ඕනි තරම් ඉඩ තිබුණත් මම නිසාම ගමන කල් දැම්ම බව නම් මතක් කොරන්නම ඕනි..ඔෆිස් එකෙන් පිටවෙලා රණා මුලින් කොට්ඨාවට එනවා කිව්වට මෙන්න කොළඹ කැම්පස් එකේ අර ලෝ ෆැකල්ටි ගාවා හොල්ට් එකට එන්නම් කිව්ව නිසා මම එතනට ගියා..පවු මල්ලි ඇදිලා ගිහින්..දවසම මහන්සි වෙන්නත් ඇතිනෙ..
එතනින් කොට්ඨාවට ගිහින් ඉන්නකොට දෙතුන් සැරයක් ඕනයා කිව්වා අපි පලවත්තෙ..අපි තලවතුගොඩ..කිය කියා..


මෙන්න ඔය අවු අස්සෙ කාපු බීපු කතාවක් ඇදගෙන රණා කියපි අබියගෙ ඔෆිස් එකේ සෙට් වෙච්ච දවසක අපි බඩු ගෙනිච්චෙ අන්න අර බාර් එකෙන් කියලා..


එහෙම කියලා මෙන්න මූ අබියට කෝල් ගන්නවා. මම කිව්වා
අනේ බන් ඌට කතා කරන්න එපා. දැන් ඌ ගෙදර හිටියොත් ඌයි උගේ පවුලයි එන්න ඕනියි කීවොත් වෑන් එකේ ඉඩ නැහැනෙ කියලා..
හොඳ වෙලාවට..


කෝල් එක ආන්සර් කළේ නෑ මීමුරේ වෙන්නැති කියලා ඉන්න කොට මෙන්න වෑන් එක අපිවත් පහු කොරගෙන ගිහින් ටවුන් එකේ නවත්තලාඅ..අපිත් ගිහින් ඕන් හරි බරි ගැහිලා ඉඳ ගත්තා..
මම මුලින්ම හිතුවා වගේම එකෙක් වත් පාරවල් දන්නෙ නෑ..
පියල් තුමා බ්ලොග් එකේ පාර ලියලා තිබ්බ විදියටම..මම කොළේක ලියා ගත්තා.. කොයිකටත් ඕනි වෙයිනෙ කියලා..ඔව් ඔව් A4 කොළේක තමයි..


රණයි, ඕනයයි මදිවට ඕන හාමිණෙයි අධිවේගෙට වෑන් එක දාපු වෙලාවෙ ඉඳන්ම මාව කන්ඩ හැදුවෙ නැද්ද ? එක එක මඩ කතා අරගෙන...එකක් ඉවර වෙනකොට තව එකක්..මාත් ඉතින් ඔන්න ඔහේ මට නෙවෙයි වගේ හිටියා..හිනා වෙවී සහ ඔව්වට පෝර දදා..


ඔය අවු අස්සෙ..මේ කතාව සම්බන්ධ වෙන්නෙ අටමට නිසයි මේ අතුරු කතාව කියන්නෙ.. අටමා රණාට කෝල් එකක් ගත්තා..හෝ ඕකෙ අනිත් පැත්ත උණා..මෙන්න රණා අටමා කිව්ව එකකට මෙන්න මෙහෙම කීවා..

"වෙනියා තමයි උඹ එනවා නම් එන්නෙත් නෑ කියලා ගමන සෙට් කළේ "


කියලා ෂුවර් එකටම අටම අහන්න ඇති ඌව හළලා ගියේ කියලා..උන්ගෙ කතාව ඉවර වෙච්ච ගමන්ම මම රණාට කිව්වා අටමා ෂුවර් එකටම ඕක විශ්වාස කරයි බන්..ඔහොම කියන්ඩෙපා අටමා මාත් එක්ක ඔරොප්පු වෙයි කියලා..මුන් ඒකත් මාව බයිට් එකට ගන්නම හදාගෙන ඔහොම ඔහොම ගියා..ඔය අටමගේ සීන් එක මට නිනව්වක් නැතුව තිබ්බෙ..අද මාරයගෙ බ්ලොග් එකේ දාලා තිබ්බ කමෙන්ටුව හරහා තමයි ඒක කොයිතරම් දුරට අටමා විශ්වාස කරලද කියන එක මට තේරුණෙ. සාමාන්‍යෙන් මම ගොඩක් ළඟම බොක්කවල් වලට ඇර ටිකක් එහෙන් මෙහෙන් දන්න අයට එච්චර විහිළු කරන්න යන්නෙ නෑ මොකද අපි නොදන්න සීමාවක් පැන්නොත් එහෙම ඒ වෙනකන් තිබ්බ යාලුකමත් ඉවර නිසා. මේ කතාව ඉවර වෙන්න නම් ඉතින් රණා ම කියන්න ඕනි අටමට ඒක ඒ වෙලාවෙ කිව්වෙ ගොතපු කතාවක් කියලා..එහෙම කියයි කියලා හිතන්නත් අමාරුයි..ඒ නිසා ඕක ඔහොමම යන්න දෙනවා..ඇයි මම මනෙ ඔය සීන් එකේ අතින්ම අරගෙන තියා ගෙන තියෙන්නෙ..බ්ලොග් ලෝකයේ හෝ සයිබරයේ මගේ ළඟම විශ්වාසවන්ත මිතුරො ඉන්නෙ අතේ ඇඟිලි දහයේ ගානට නිසා..කවුරු හරි කාගෙ හරි විහිළුවකට මම ගැන වැරදි දෙයක් හිතා ඉන්නවා නම් ඒකට මට කරන්නත් දෙයක් නෑ එච්චරම..හැබැයි අර බොක්කවල් වලින් එකකට එහෙම නම් ඕක උණේ..රණාට කනේ ඇඟිල් ගහගන්න වෙන කුණුහරුප ටිකක් කියන්නෙ මම ඔය කිව්ව නෝබිනා කතාවට..එහෙම කියලා මම නොකරපු වැරැද්දකට සමාව ඉල්ලන්න මගේ දිව නොනැමෙන්නෙ නෑ.. අර දහය කවුද කියලා ඇහුවා ?! ඔය ඉන්නෙ එකෙක් මටම මඩ ගහ ගහා බ්ලොග් වලයි බුකියෙයි..ඔය එකෙක් තමයි..මෙහෙව් මාර පුත්තරයොනෙ එහෙව් මිත්‍රයො වෙලා ඉන්නෙ..
මම කොහොමත් කොහෙ ගියත් මගේ ෆෝන් එකේ තියෙන ජීපීඑස් වලින් වැඩ කරන ඇප් කීපයෙන් එකක් දෙකක් වත් ඕපන් අරලා අරගෙන පොඩි රෙකෝඩිං පාරක් දා ගන්නවා..ඒක කරන්නෙ පස්සෙ පහුවට ඒ වෙලාවල් වලදි අපි කොහෙද හිටියෙ කියන්න සහ පිටරට ඉන්න මගේ බාරිට ඕක යැව්වහම මම ගියේ කොහේද කියලත් ෂුවර් නෙ ඉතින්. මොන මඟුල කළත් විවාහ ජීවිතේත් බේරා ගන්න එපාය.


ඔය පහළ තියෙන්නෙ ඒ වෙලාවෙ එහෙම රෙකෝඩ් කර ගත්ත එව්වයෙ තාමත් මම ළඟ තියෙන ෆොටෝ ටිකක්.. ඒ ඒ වෙලාවෙ අපි හිටියෙ කොහෙද කියන එක මේකෙන් අදටත් බලා ගන්න පුළුවන්. මේ ඇප් එක ගූගල් එකෙන් ඕනිම කෙනෙකුට ගන්න පුළුවන් ඇප් එකේ නම My Track..මේකෙන් අපි යන තැන රෙකෝඩ් වෙනවා වගේම බලා ගන්න පුළුවන් අවට ප්‍රදේශය ගැනත් ටිකක්..






අර හදපු කතාවෙ විදියට මම ළඟ ජීපීඑස් ගජට් එකක් වෙනම තිබ්බෙ නෑ.ඒක කළේ ෆෝන් එකෙන්ම තමයි..බයිට් එකට කෑලි හොය හොයා හිටි තුන් දෙනාටම මේකත් හොඳ ටොපික් එකක් උණා..ඔහොම ඔහොම අධිවේගෙන් එළියට ආපු ගමන්ම පියල් මල්ලිගෙ විස්තරේට අනුව මම කීවා අධිවේගෙන් එළියට ඇවිත් තියෙන මුල්ම පාරෙන් වමට හැරෙන්න කියලා..ඒ මුල් පාර මහා විශාල එකක් ඕකෙන් ආයි යන්නෙ අධිවේගෙටම තමයි කියලා ඕනයා කී එක රනත් අනුමත කරලා ඉස්සරහටම ගියා. මමත් සැරින් සැරේ මගේ ඇප් එකෙන් පාරෙ ඉස්සරහ බැලුවා. පාර අයිනෙ හිටිය බයිසිකල් මල්ලි කෙනෙක්ගෙන් පාර ඇහුවහමයි කීවෙ අර පහු කරන් ආපු වමට හැරෙන පාර තමයි පාර කියලා..මෙච්චර වෙලා බයිට් වෙලා හිටි මම කී දේ ආයි අහයිද මුන් සෙට් එක..


ඒ ගිය පාරෙම ඉස්සරහට ගිහින් හැරෙන්න කීවා ඒ මල්ලි..ඉස්සරහ තියෙන වංගු හතරමන් හන්දි සහ අනිත් පාරවල් මම කීවෙ හෙන්‍රිට මගේඇප් එකෙන් බල බලා..ඔව්..ඒත් සැරින් සැරේ සිග්නල් නැති නිසා ඒක අප්සට් උණා..ඔය අතරේ A4 කොළෙනුත් බලාගෙන..තමයි ඉස්සරහට ගියේ..හෙන් රිත් මම වගේම පාර කොළේක ලියා ගෙන ගිහින් තිබුණා..ඒ දෙකම ප්‍රයෝජන උණා..හෙන් රි ගෙන් එකෙන් පාර බලා ගෙන යද්දි මුන් මාව අනුභව කළා මගේ කොලේ මැප් එකත් එක්කම..
අම්මට සිරි ගජ නැන්දට රට කජු කියලා අර අති නවීන වෑන් රාජයා මහ පාළු කැලේක ඉස්සරහත් ලයිට් නෑ..පස්සෙත් ලයිට් නෑ..හිටියෙ නැද්ද ලයිටුත් නිවා ගෙන.. ගැහුවා ගැහුවා ගැහුවා මොන ස්ටාට් ! හෙන්‍රි කීවා බැට්‍රිය තමයි අවුල කියලා..ඉතින් ගෙඩි පිටින්ම කොල්ලො තුන් දෙනෙක් හිටි එකේ එකේ ඕන් තල්ලු කළා එකසිය ගානට..


කොහොමත් මීටර් 50ක් විතර තල්ලු කළා..මොන ! ස්ටාට් වෙන්නෙම නෑ..දවසම වැඩ කරලා මහන්සිත් එක්කම..මම පොඩ්ඩක් වාහනේට අත තියා ගෙන හිටියා..ඕනයා සහ රණා හති දා ගෙන තල්ලු..හෆොයි මාව වැටුණේ නැද්ද ජකාශ් ගාලා පාරෙ තිබුණු මඩ වතුර වළක..දුකේ බෑ කලිසම පුරා මඩ...ඒත් සතුටකට තිබ්බෙ ළඟම හිටි රණාගෙ ඇඟටත් මඩ වතුර ඉහිලා..!


කොහොමින් කොහොමින් හරි වෑන් එක ස්ටාට් උණා..


ආයිමත් අර බයිසිකල් මල්ලි හමු උණු නිසා පාර ගොඩ දාගෙන..පියල් මල්ලිටත් කතා කරලා...කොහොමින් කොහොමින් හරි මළ ගෙදරට සේන්දු උණා..


කාලා බීලා බීලා කිව්වට වතුර විතරයි බීවෙ.. ගෙදර මිදුලෙ තිබ්බ ලෝකල් ඇප්‍රිකට් ගහේම තිබ්බ ඉදිච්ච ගෙඩි ටිකත් සූරා ගෙන..ආපහු කොළඹට ආවා...


මෙන්න එහෙන ගෙනා ඇටේ දැන් පොඩි පැළයක් වෙලා..





යන එකනක් ඉතින් මාව තමයි කට ගැස්ම උණේ.. කමක් නෑ නැත්නම් කට්ටිය ම නිදා ගෙන ගියා නම් එහෙම හෙන්‍රි අයියත් සුක්කානම අතේ තියා ගෙනම නිදියන්න ඉඩ තිබුණා..එහෙනම් තව මළ ගෙවල් කීයක් කියලද ?


ඉතින් ඔන්න ඔහොම ඉවර වෙච්ච මළ ගෙදර ඔය ජීපීඑස් කතාව ආයිමත් ඇදිලා ආවෙ..ළඟදි වෙච්ච තවත් මළ ගෙදරකදි තමයි..ඔතනදි තමයි අපේ මාර තුමා හිටියෙ සහ..ඔය කතාව බ්ලොග් එක දානවා..නොදා ඉන්න ඕනි නම් කියල කප්පම් , අනිසි යෝජනා කළත් මම එව්වට එකඟ නොවිච්ච නිසා තමයි ඔය කතාව ඒකෙ පළ උණේ.. හැබැයි ඉතින් ඔය මල ගෙදර ගිහින් ආපහු එන වෙලාවක තමයි කිව්වෙ අනුන්ගෙ ජීපීඑස් ව්ලට හිනා උනාට මාරයා තුමාත් පහු ගිය කාලෙක කොහෙද ගිහින් ජීපී එස් වලින් පාර හොයන්න ගිහින් මේ යසට ඇහැට පෙන්ඩ තියෙන පාර පැත්තකට දාලා කොහෙද කැළෑවක රිංගුවයි කියලා....අනේ මන්දා ඔව්වා නම් ඉතින් රට්ටු කියන කතා නොවැ !


මොකක් අර උඩ ලියලා හිටි උන්ගෙ රෙදි ගැලෙව්වද ඇහුවා ? 


ආයි පිස්සුවක් ඇතෑ මම ඕක කොරන්න..ඕනි කෙනෙක් කොර ගන්න එකයි ඇත්තෙ !

80 comments:

  1. අහා කදිම මලගෙදරක් නොවැ... සික් අනික් දවසෙ ලොකු බස් සෙකක් අරගෙන මල ගෙදරක් වුනාම සයිබරේමෙ යන්න තියෙන්නෙ ඒකට..

    ReplyDelete
    Replies
    1. එහෙනම් අමිලයො එක මළ ගෙදරකටවත් යනවා බොරු මොකද ලාහට ගෙම්බො අහුලන්නැහේ ඕක කොරන කොට තුන් මාසෙ දානෙත් දීලා..

      Delete
  2. //අනික ඔය බයික් එකේ පිටිපස්සෙ යන්න !!!! මගේ බල්ලවත් යන්නෙ නෑ ඔය අට මගලෙ පිටිපස්සෙ.// ඒ කියන්නෙ අර නයින්ටියෙ වගේ ආයෙ දෙක ගියා නේද මාරයගෙ ලැගිජ් එක අස්සෙත්.

    යකෝ කොළඹ ඉඳල ගාල්ලට ගිහිල්ලත් බැටරිය චාජ් උනේ නෑ කියන්නෙ ඒකනං සුපිරිම වෑන් එකක් තමයි.

    ඔය එක එක ගැජට් වලට වැඩිය ඔය A4 ගැජට් එක 200% ක් ශුවර් එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. ---//අනික ඔය බයික් එකේ පිටිපස්සෙ යන්න !!!! මගේ බල්ලවත් යන්නෙ නෑ ඔය අට මගලෙ පිටිපස්සෙ.// ඒ කියන්නෙ අර නයින්ටියෙ වගේ ආයෙ දෙක ගියා නේද මාරයගෙ ලැගිජ් එක අස්සෙත්.---

      යකෝ හිනා ගිය පාර ඉස්මොල්ලෙටත් ආවා... :D

      Delete
    2. එහෙම මුකුත් හි‍ර උනේ නෑ..
      අපි යට්ට ඇදලා හිටියෙ..
      වෑන් එකේ තතු අයිතිකාර මාත්තයම කියයි..බැස්ටිය නෙවෙයිලු අවුල...

      Delete
  3. //හවස හතහමාරට එළි බහින්ඩ හිටි මට //

    හතරාමාරට බැරුව ගියොත් එතකොට 4.45 වෙනකොටම පහ වෙනවද?

    ReplyDelete
    Replies
    1. එලි බහිනවා කියන්නෙ රෙන්ඩ යන එකම නෙවෙයි බන්..

      Delete
  4. අඩෝ අය්යෙ...මේ දාල තියෙන්නෙ යක්ක‍ටුව,කහදූව,කුරුඳුගහ ඒරියා එකද...?
    ඇත්තටම කොහෙද මල ගෙදර..???
    මගේ ඒරියා එක කුරුඳුගහ හැතැක්ම බං...!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා වීයා බලහන් පොඩ්ඩක් ඇල්කෙමියගෙ බ්ලොග් එක..
      අපොයි උඹ ඉන්නවා දන්නවා නම්...



      පැත්ත පලාතෙන් යන්නෙ නෑ..ගාලු පාරෙ යනවා..

      Delete
  5. රණා ඒක කියුවේ විහිලුවට කියලා දන්නවා බං . අනික මමත් මාරයගේ පෝස්ට් එකේදි ඒක කියුවේ විහිලුවට ,

    උඹ ඒක සිරාවට ගත්තේ ඇයි ,

    උඹ කියුවා හරි තමා බොක්කේ ෆිට් යාළුවන්ට ඇරෙන්ඩ අනිත් උන්ට විහිලු කරන්ඩ හොද නැ , කියලා මං අද ඉගන ගත්තා

    ReplyDelete
    Replies
    1. අටම් මම වෙන කමෙන්ට් දාන්න ඉස්සෙල්ලා මෙතනට යමක් කියලා ඉන්නම ඕනේ. උඹ මේ කමෙන්ට් එක දාපු එකෙන් මගේ හිත සෑහෙන සැහැල්ලු වුනා. මේ විහිළුව ඇස් රතුවෙන එකක් වෙයි කියලයි මම බයවුනේ. GPS ආතල් එක නෙවෙයි, මේ උඹ එනවා නම් වෙනියා එන්නේ නෑ කියලා කරපු විහිළුව.
      මට පේන්නේ වෙනියත් ඒක සිරා අරන් වගේ. දැන් ඒක හරිනේ. මමත් නැවත ඉගෙන්qඅ ගත්තා විහිළු කරනවා නම් පරිස්සමෙන් කරන්න.
      ඔන්න එහෙන ඒ වැඩේ ෂේප් ඈ. උඹට ඉස්තුතියි මේ කමෙන්ට් එකට.

      Delete
    2. ෂෙහ්... වලියක් ගහගන්නවා බලා ගන්න තිබුන චෑන්ස් එක... :D :D :D

      Delete
    3. අටම්පහුරJanuary 29, 2014 at 2:00 AMඅනේ සාදු මගේ සාපයකට අහුවෙච්ච එකෙක්ට මෙච්චර කාලයකට හොදක්වෙලා නැඔය ගැජට්කාරයට කෙලවෙලා තියෙන්නේ මම කරපු සාපයේ බල මහිමයෙන් . ඔය ගමන ගිහිල්ලා තියනවා මාරයෝ අර '' බිල් මාමට කෙලවන ගමං රනිල් ලොක්කට කෙලවන එකත් '' අර '' එපයියා '' වාගේම තමා , පොරත් මට හිතවත් එකා , මම කෙවගන්ඩ යනකොට උනත් මාව ගලවගන්ඩ වචනයක් හරි කියැපු උන් තමා ඔය දෙන්නා .ඉතින් ඔය ගමන සංවිදානය කොරපු '' ගැජට් මුත්තට '' කියුවලු අර '' '' බිල් මාමට කෙලවන ගමං රනිල් ලොක්කටත් කෙලවන බුවා '' '' උඹ අර අටමට කතා කලේ නැද්ද ''කියලා , එතකොට පොර කියුවලු '' එය හාල් කැලි වලට කතා කරන්ඩ එපා , මම නං මේ ගමන යන්නේ නැ ඔය යකා එනවනං '' කියලා . ඉතින් කට්ටිය මාව හලලා ඔය ගමන ගියාලු . තව දේවල් වෙලා තියනවා ම‍ාව දාලා ගියාට , දඩුවම විදිහට , එව්වා මෙතන කියන්න ඕන නැ . ඔය '' කොට කුම්බලාවගේ '' වාහනේ ගැනනං කියන්න දේවල් එමටයි . එව්වා මම නොකියා ඉන්නේ මොනවා උනත් වැඩිහිටියෙක් නේද කියලා . ඒ කොහොම උනත් '' ඔය කොට කුම්බලාවා '' බේරිලා ඉන්නේ කරදිය වළල්ලෙන් පිට ඉන්න හන්දා , ඕකටත් කෙලවෙලා යන්ඩ පොල් ඩෙියක් ගහලා පලු දෙක මහ මුහුදට විසික් කරන්න හිතෙනවා , එහෙම නොකරන්නේ '' ඔය කොට ජිවිතය '' හොද එකා හන්දා.ඒ අනාට වෙලාවකට මට පට්ට තරහයි////// ඇයි යකෝකලින් දවසේ මාව හම්බෙන්ඩ ඇවිල්ලත් පොර මට කියුවේ නැනේ එහේ යන වගක් . ''' ඒ කොහොම උනත් අර නාකියට කෙලවලා මේක දැම්මට මං පට්ට ලයාක් ''Reply

      Delete
    4. ඔය උඩ තියෙන අටමා මාරයගෙ බ්ලොග් එකේ මට කරපු විහිලුව. අටම උඹ රනා කලේ විහිලුවක් බව දැන දැන ඔහොම මට කෙලවෙච්ච එකට සතුටුයි රනා සහ ඕනයා තමයි එල කිව නම්...ඔව් මචන් මට උඹෙ විහිලු සහ ද්වේෂ සහගත කියමන් අතර වෙනස තේරෙන්නෙ නෑ..කාටද වන් ජීවිතේ කෙලවෙන්නෙ නැත්තෙ එත් මම ඉක්මනින් ගොඩ එනවා. පවු උඹ එදාට දුක් වෙයි...:-D

      Delete
    5. ඔය ඉතින් උඹ තාම තරහින්නේ ඉන්නේ

      Delete
    6. @ මාරයා,
      තාම මේක නිවිල නෑ බං. අවුලවල ගනිං.

      Delete
    7. අම්මෝ මෙ විහිළුව දෙන්නම දැන් තේරුම් ගත්ත එක හොදයි.....හැබැයි අටමගේ විහිලුව සැර වැඩියි වගේ... ඒත් ඒක උගේ හැටි..කමක් නෑ දැන් කොහු ඉවරනේ.

      Delete
    8. වෙනියත් බිව්වම වලි නෙව. ඕවා මොනාද මෙයා අටමත් බිව්වම වලි. හැබැයි බිව්වම හොදම වලිකාරයා ඉතිං අහිංසක සුපේක්ෂශිල කේන්ති කෙන්ජිම තමා..

      Delete
    9. පූෂ් පූශ කෝ ගහපුයව් මේක අවිලෙන්න හුලං . . .

      Delete
    10. අටමා දැන් තරහා නිවිලා ආයි මොනා හරි කියහන්කො ඇවිස්සෙන්න..
      ඔය ඇවිත් ඉන්නෙ මාර සේනාවම ! :-)

      Delete
    11. වෙනියා් ගනිං ඔය පොල්ලක් මුන්ට දෙරිගහලා දාන්ඩ , අපේ සරම ඉස්සෙනකං බලාග ඉන්නේ මුං

      Delete
    12. අටමට තමා කෙල වෙන්න ඕනෙ. මට ලියපු පෝස්ට් වලට...

      Delete
    13. හපෝ සාමකාමී වෙයල්ලා මචංලා.. සාමකාමී වෙයල්ලා.. මේ වගේ පොඩි පොඩි දේවල්වලටත් මරාගන්නවද දැනුං තේරුං තියෙන වැඩිහිටියෝ වෙච්චි කොට...

      කොහොම උනත් මංනං කැමති නැහැ කට්ටිය වලි දාගන්නවට.. මං විතරක් නෙවෙයි ඔය ප්‍රසන්නල එහෙම උනත් එහෙමයි.. අපි කැමතියි මේක සාමකාමී තැනක් වෙනවට... නැත්තං ඉතිං ඔය වෙනී අයියා අටමව දාලා යන්න කිව්වා කියන එක ඇත්තම කතාවක් කියන එක උනත් අපි ඔප්පු කරවලා පෙන්නනවා... ඒත් අපි කැමති නැහැ මචං උඹලා මරාගන්නවට.. ඕ යේෂ්...

      වෙනී අයියට උනත් කියන්න තියෙන්නේ ඕවට ඔය හැටි කේන්ති ගන්න එපා කියලා.. මොකද අටමා ඔහොම හිටියට වස් කවි කියනවා.. පොල් ගහනවා වගේ වැඩ කරනවා කියලා මං කියන්නේ නැහැ.. ඌ එහෙම කරන්නේ නැහැ වෙනී අයියා...

      @ප්‍රසා... වරෙං වරෙං උඹත් මොනවා හරි දන්න කියන ටිකක් කියලා මේක සාමකාමී කරහං මේ මං කරනවා වගේ...

      Delete
    14. අපොයි අපිනං සදා සාමකාමී පුරවැසියොනෙ. ඒක මේ බ්ලොග් ලෝකෙ වගේම ඔය බුකියෙ ඉන්න ගොඩක් ඈයොත් දන්නව.
      ඔය ලෝකය මොනව කිව්වත් වෙනිය අටමත් එක්ක යන්න බෑ වගේ කතාවක් බොරුවට කියන්නෙ නෑ කියල අපි දන්නවනෙ නැද්ද?
      අනික ඕක දැනගත්ත ගමං අටම මාරයගෙ බ්ලොගේ අරවගේ කොමෙන්ට් එකක් දැම්මෙ ඒ වෙලාවෙ හිතේ වෙනි අයිය ගැන ඇතිවෙච්ච සද්භාවයෙන් කියලත් තෙරෙන්නෙ නැද්ද.

      අනේ අපිනං කැමති නෑ ‍මොනවත් අවුලවන්න.

      Delete
    15. අන්න ඒකනේ.. නැත්තං මේවා ඇවිලිලා ගිහිං මුං දෙන්නා නිකමටවත් පිහියෙන් ඇණ ගත්තා.. අපි නෙවෙයිද වග කියන්න ඕන.. මොකද දෙන්නම කුකුල් කේන්ති කාරයෝ... අපි මෙහෙම සමාදාන කොලොත් තමා මේවා දුර දිග නොයා නවතින්නේ.. නැත්තං අර අටමා ඌට වෙනී අයියා කල අෂාධාරණේට මොනවා කලත් මොකද..? හා මං අහන්නේ...

      Delete
    16. අම්මපා මේ අටමට තිබ්බ මොලේ මට පහල උනේ නැති හැටි..කොහොමද අටමා සරම උස්සලා පොළු කෑලි දෙක තුනක් අතට ගත්ත ගමන් අවුළුවන්ඩ ආපු අය වෙච්ච සරෙන්ඩර් පාර !

      Delete
  6. අරින්ඩ එපා වෙනි අයියෙ

    ReplyDelete
    Replies
    1. තෝ තමයි මැද්දට වෙලා කො‍ටවන්නේ

      Delete
    2. මේක කිරිමිනල් කේස් එකක් දමිතයො..
      බලහන්කෝ එහෙනම්..:-)

      Delete
    3. බලහන්කො මෙ අහින්සක මට අටම කියන දෙවල්

      Delete
    4. සතුටු වෙයන් බන් අටමගෙන් ඔය ගානින් වත් බේරිච්ච එක ගැන...

      Delete
  7. ///නොදා ඉන්න ඕනි නම් කියල කප්පම් , අනිසි යෝජනා කළත්// මාරයිය ලිංගික අල්ලස් ඉල්ලුවද අයියෙ? චික් මාරයියට ලැජ්ජ නෑනෙ :D

    ඒ කොහොම උනත් මේ කතාවෙන් ඔප්පු වෙච්ච තව දෙයක් තමා වෙනී අයිය වයිෆ්ට බයයි, යන එන තැන්ගැන පවා සාක්කි එක්කම කියනව කියන එක :P

    ReplyDelete
    Replies
    1. නැතුව... නැතුව..
      ඒත් මම මගේ පිරිසිදු බව රැක ගත්තා මල්ලි..
      බැන්ද දවසට බොටත් තේරෙයි...

      Delete
    2. @weni
      බාරි පිටරට නිසා වෙන්නැති තාම පිරිසිදු බව රැකගෙන ඉන්නේ :p

      Delete
    3. කවුද බාරිද ???

      Delete
  8. අයියට විහිළුවක් වත් තේරෙන්නේ නෑනේ .... අම්මපා

    ReplyDelete
    Replies
    1. මම විහිලු නොදන්නවා නම් එදා හයි වේඑකෙම මුන් 3 දෙනාගෙ බෙල්ල මිරිකල වෑන් එකෙන් පැනලා. කෙමියගෙ ගෙදරදි ඌවත් මරල එතන තව මල ගෙයක් කරලා. ගිය කට්ටිය දන්නවා මම කොහොමද බැට් කලේ කියලා...ඩිෆෙන්සිවෙ ශොට්ස් තමයි..ශීරෝ බට් නොටවුට්

      Delete
  9. එතකොට ඒ වෙනි අයියද? අප්පට සිරි

    ReplyDelete
    Replies
    1. අනේ බබා වර උකුලට අරන් සූප්පුවක් කටේ ගහලා කිරි පොවන්න !
      :-)

      Delete
  10. ගනන් ගන්ට් එපා වෙනී අයියේ.. ඕව විහිලු.. ආදරේට කරන දේවල්... ඊලග බ්ලොග් ගෙට්ටුවෙදි දෙන්න තුන්දෙනාටම දෙන්නන්කො එකට නටන්න... එතකොට හරිනේ...


    ReplyDelete
    Replies
    1. ඒ වෙනකන් මරා ගන්ඩ කේස් එකක් තියෙන්නත් එපාය

      Delete
  11. වරකෝ අවුලවන්න ! :-D

    ReplyDelete
  12. මේ ගමන යන වග දන්නවනං මාත් එනවා අනිවා....

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න උදේ හවස නිතර කතා කරන අඩි දහයක් පැන්නම ළගට යන්න හැකි නලියටත් මේක නොකිව්ව නං අටම කව්ද? හැක් හැක්..

      Delete
    2. එහෙම සැලසුම් කරලා නෙවෙයි නලියො ගියේ හෙන්‍රිත් දා ගෙන තිබ්බ වැඩ එහෙ මෙහෙ කරලා තමා සෙට් උනේ මයෙ හිතේ..

      Delete
  13. දැන් පේනවානෙ මළ ගෙදර ගියේ පාටියකට යනවා වගේ කියලා. හපෝයි..

    ReplyDelete
    Replies
    1. ෆියුනරල් පාර්ටිනේ දැන් තියෙන්නේ

      Delete
    2. ෆියුනරල් උනත් දැන් ගන්නෙ කාටවත් සෙකන්ඩ් නොවෙන්න..මේක පියල් මල්ලිගෙ මව්ගෙ මල ගෙයට නෙවෙයි කීවෙ..පොදුවෙ බැලුවහම...

      Delete
  14. අගේ ජීවිතේටම එකම එකපාරයි GPS බලන් ගියේ එදා මම දන්නා පාරම වරදුව වැරදීමක් කිලෝමීටර් 60 ගානක් කෑව මගේ එයින් එදා මම ඔය ගැජට් එක පාවිච්චි කොලේ නැහැ මොනවා වුනත් වෙනි අයියට මාරයා දැම්ම නම නම් පංකාදුයි ගැජට් අයියා. කරෝල වාඩි මොන්ටි සෝරි කිව්වේ හෙන්රි අයියටද? හයියෝ සංසාරේ.......

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඇක්‍යුරසි අතින් ඉස්තරන් මල්ලි..
      හැබැයි ලග විකල්ප පාරවල් තියෙනවා නම් තමයි..

      Delete
  15. //වැප්නි උපාසකතුමාගේ ගෙදර මළ ගෙදරක ගිහින් ඔය බයික් එකේ කිලෝමීටර භාගයක් ඇවිත් මගේ කොන්දෙ ඇට කීපයක්ම එහෙ මෙහෙ වෙලා තිබ්බත් එක්ක..!!!//

    එතකොට ඇල්ලෙන් වට දෙකක් අයිං කොලේ මොකේ ගිහිල්ලද ??

    ReplyDelete
    Replies
    1. අයින් කලේ නෑ බන් ආයි හම්බ උනහම අතටම දෙන්නම් චෙක් කොරන්ඩ...

      Delete
  16. ඇත්කඳුර ට යන පාරෙ තමා බන් අපේ ගෙවල් තියෙන්නේ.
    අභීත කිවුවට මළ ගෙදරක් ගැන මට එච්චර නිච්චියක් තිබ්බෙ නෑ කාගෙද කොහෙද කියල.
    දැන් ඉතිං ඉස්සර වගේ බ්ලොග් බලන්නෑනේ. වලිය සමථයකට පත්කරන්න ලියපු නිසයි මේකවත් බලන්න ආවෙ

    ReplyDelete
    Replies
    1. උඹලත් ඉතින් අපි ගිහිල්ලා ආවට පස්සෙ ඔව්වා කියහන්..
      ආයි ඉතින් වැස්සකටවත් ඔය පාර පැත්ත පලාතෙ යන්නෙ අපි නම් නෙවෙයි.. හොඳ වෙලාවට එදාත් මහ රෑ ගියේ..හදිසියෙවත් කඩ මන්ඩියක හරි මූකලාන හරි ඉඳලා මූනට මුන ගැහුනා නම් එහෙම කාට කියන්නද ඉතින් !!

      Delete
  17. මොනවද අයියණ්ඩි මුන් මේ කියන්නෙ.. බොරු වෙන්නැති නේද ඕවා.. :D :D

    ReplyDelete
    Replies
    1. ඕන් මම දාලා තියෙන්නෙ ඔය කතාවෙ ඇත්තම ඇත්ත වර්ශන් එක..

      Delete
  18. My Track වලට ලින්ක් දැම්මනං හොදයි නේද වෙනි

    ReplyDelete
    Replies
    1. වෙනී අයිය ඇවිත් ස්ථිර කරයි නෙව හරි නම් ... :)

      https://play.google.com/store/apps/details?id=com.google.android.maps.mytracks

      Delete
    2. හරි මල්ලි ඕක තමයි ඇප් එක..එලම තමයි..

      Delete
  19. පෙට්රෝල් මදියෝ ......... මාරයා මෙහෙ වරෝ..............

    ReplyDelete
    Replies
    1. පිස්සුද මැලයෝ.. මං කැමති නැහැ ඔය වලිවට පැස්ටෝල් ගහන්න.. නැත්තං ඉතිං තව කිව්ව කතා කොච්චර තියේද..? ඕවා කිව්වොත් අටමා වෙනී අයියගේ පොල් රැවුල උගුල්ලවයි... හරි නැහැනේ මචං එහෙම කරවන එක.. අපි මුං දෙන්නව සමාදාන කරවමු... :D

      Delete
    2. අම්මපල්ලා මුන් වගේ යාලුවො ඉනකන් අපි කොහෙද ඉතින් මේ සංසාරෙන් එගොඩ වෙන්නෙ..දෙපැත්තට ඇද ඇද ඉඳී කාලයක් යනකම්ම..

      Delete
  20. අපි මේ ආවේ කඩු පයිට් ඔක්කොම බලන්න. සුපියල් පා කැවා.

    ReplyDelete
    Replies
    1. හා හා එහෙමයි කියලා ෂෝ එකේ අවසානේ වෙනකල් නැගිටලා එහෙම යනවා නෙවෙයි.. කවුද දන්නේ අවසානෙදී මොනවා වෙයිද කියලා... දිගටම රැඳී ඉන්න අප සමග.. මේ ඔබගේ ප්‍රියතම වලි නාලිකාවයි.. :D

      Delete
    2. මටත් සැකයි මුන් ආයි අටමගේ ඔළුවට මොන විෂබීජ දැම්මද දන්නෙ නෑ.. කොයි වෙලාවෙ පත්තු වෙයිද මන්දා !
      ෆේස් බුක් එකේ මම අටමට චැට් එකකට හායි කියලත් මූ අඩුතරමෙන් හිනා මූනක් වත් දැම්මෙ නෑ..චෙහ්..

      Delete
  21. අපි මේවට මුකුත්ම් කියන්න යන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. හම්මේ ඒකත් ලොකු සහනයක් !

      Delete
  22. මදි මදි හොඳටෝම මදි . . . යකෝ මරාගන්නවා කියන්නේ ඔහොමද?

    ReplyDelete
    Replies
    1. හිටහන් දුකා තාම චිත්තර පටියෙ නාමාවලිය විතරයි දැම්මෙ..ප්‍රධාන චරිතෙ රනා තාම එලි බැස්සෙ නෑහ්...

      Delete
  23. මේක තමයි මම දැකපු හොඳම සහ සංවේදීම ආත්ම කථනය...ආයේ දෙකක් නෑ ....ඉකිගැහෙන්න වගේ..

    ReplyDelete
    Replies
    1. හයියෙන් අඬන්න මල්ලි..අඬලා දුක පහ කර ගන්න කබල්ලෑ අලේ !

      Delete
  24. මගේ මවගේ මළගෙදර දෙදෙනෙකු විසින්ම තමන්ගේ හිට් වැඩිකරගැනීමට පාවිච්චි කිරීම පිළිබඳ මාගේ බලවත් විරෝධය.... තොපි දෙන්නට පාරෙ ඉන්න බල්ලො පනින්න ඕන...
    මම මහින්ද මාමාට කියලා බ්ලොග් තහනං කරවනවා හරිය !
    ආ... ඒක රණාට කියලා කරව ගන්න පුළුවන් වේවි....
    මීලඟට මාරයාගේ පැහැදිලි කිරීම බලාපොරොත්තු වන්න....
    වෙනි අයියා ඇටේ පැල කරලා තියෙන්නෙ අනාගතයෙදි තව ඇට ලබා ගන්න වෙන්ටෑ ?

    ReplyDelete
    Replies
    1. මොනවද බං පියල් අයියා.. අපිත් ජීවත් වෙන්නේ මේක ලියලා හම්බ වෙන හිට්ස් ටික තම්බං කාලා වැඩි ටික විකුණලා සුපියල් කරගෙන බොහෝම අමාරුවෙන් නේද..? ඉතිං අපිට ඔහොම කියන එක හරිද..?

      තෝ හොඳා තව.. අර බොලැයි හීනි නගා මට ආන්න ගරු නම්බු නාමත් එක්කම දෙසා වදාරලා තියේ.. :D

      Delete
    2. ආ අමතක උනා.. බ්ලොග් වැහිල්ල රණා නෙවෙයි අපේ නලින් අයියම කරවලා දෙයි ඔහොම යද්දී.. ආන්න දැනටමත් දසක ගානක පත්තරයක් වහන්න ට්‍රයි එකක් දෙනවා.. :D

      Delete
    3. වෙනී අයියගෙ ඇට නෑ කියල ලෝකය කියන කතාවලින් බේරෙන්න ඇට පැලෙන් ඇට අරන් වැඩියත් එක්ක සාක්කුවෙ දාගෙන යන්නලු හිතං ඉන්නෙ.

      Delete
    4. ඕක වෙන්න ඉස්සෙල්ලත් පාරෙ බල්ලො පැන්නා බන්..යාන්තම් ටිකිරි මාරි දීලා ශේප් කර ගත්තා....
      මම කියන්න ඕනි දේත් මාරයම කියලා තියෙන්නෙ..
      ඔව් ඔව් රනා කෙසේ වෙතත් නලියා ඒක කරලා දෙයි..
      ඔව් බන් ඇට වලට දැනටමත් ඉල්ලුම තියෙනවා..තාම පැලේ කොළ පහයි තියෙන්නෙත්..
      මාත් දුටුවා ඒ හීන් නගා බොහොම කාලෝචිත කතාවක් එතන කියලා තිබ්බේ..
      ඕනයගෙ පස්සෙ ප්‍රසාටත් චෙක් කොරන්ඩ දෙන්නම්කො..

      Delete
    5. අනික හීන් නගාට කියහන් අපිවත් ඔය නම ඔහොම ප්‍රොෆයිල් එකෙන් ගිහින් කියන්නෙ නෑහ් කියලා..ඇනෝ යන්න දන්නෙ නැති දැරිවියෙක් වගෙයි..

      Delete
  25. කියන්නේ ගෙදරට පාර සොයාදෙන යන්තරේට කියන ඉංග්‍රීසි නමද?

    ReplyDelete
    Replies
    1. GPS කියන්නේ ගෙදරට පාර සොයාදෙන යන්තරේට කියන ඉංග්‍රීසි නමද?

      Delete
    2. මාරයගෙන් තමයි අහන්න වෙන්නෙ අරූ.. උගෙ කතන්දරනෙ මේ..
      මගේ උත්තරේ අම්මපා අරූ බොලත් මේ බබා වෙන්න හදන හැටියක් අම්මපා :-)

      Delete