ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, December 4, 2013

ස්ත්‍රී දූෂණයේ අරමුණ ලිංගික තෘප්තියමද ? අශ්වයෙක්ගෙ කටින්ම අහලා බලමු. A rape for a sexual pleasure ? from a horse' mouth

මට කෙනෙකුට බොහොම කලාතුරකින් ලැබෙන විදියෙ අවස්ථාවක් ලැබුනා පහුගිය දොහක. 

මම කැමතිම දෙයක් තමයි සමාජයේ හැම ස්ථරයකම ඉන්න අය ආශ්‍රය කරන එක. සමාජයේ ඉහලම තලයේ වගේම සමාජයේ පහලම තලයේ ඉන්න අය එක්ක පොඩි හරි කතාබහක යෙදිලා ඒ ගොල්ලන්ගෙ ජීවිත ඇතුලට පොඩ්ඩක් එබිලා බලන්න තියෙනවා නම් පුළුල් වෙන්නෙ මගේ දැක්ම නිසා මම ඒකට බොහොම ප්‍රියයි. 


පහු ගිය කාලෙ මම ලියපු කෙටි කතාවලින් මම උත්සහ කලෙත් සමාජයේ විවිධ තලවල ඉන්න අයගේ ජීවිත වල ඇති වෙන යම් යම් හලහැප්පීම් ඉස්මතු කරන්නයි. ඒ තුල පාඨකයා මේ කියන්නෙ මගේ පෞද්ගලික ජීවිතයද කියන එක ඇතුලෙ අතරමං උනු අවස්ථා වගේම මම හිතා මතාම එහෙම අතරමං කල අවස්ථාත් නැතුවාමත් නෙවෙයි. ඕක දැනුනු කීප දෙනෙක් මම පාඨකයො පර්යේෂනාගාර මීයෝ කරනවයි කියලා සුහද චෝදනාවකුත් ආවා තමයි...මෑත අතීතයේ මම ඒ වගේ කතා කීපයකම නාරටිය හිත ඇතුලෙ තියන් හිටියත් මොන මොන හේතුවක් නිසා හරි අදාල කතාව ගොතලා නිමකරන්න හමු උනේම නෑ. නමුත් මගේ පල නොගැන්වුනු එක සිහිනයක් උනේ දාම මිනීමරුවකුගේ කතාවක් හරි ස්ත්‍රී දූෂකයකුගේ කතාවක් හරි ලියන එකයි.ඔය දාම මිනීමරුවකුගෙ කතාවක් ලියනවා කිව්වහම මට වැලමරුවා කියලා මඩ ගහපු ඈයොත් හිටියා..පෙන්නතෑකි කනෙන් ...කනෙන් මේන් කියලා...
ප්‍රස්තුත කතාව තමයි, කාලෙකට ඉස්සර වෙලා ස්ත්‍රී දූෂණ නඩුවකට පැටලිලා පස්සෙ හිරෙන් ඒකට නියමිත හිර දඬුවම විඳලා ආපු අයියා කෙනෙක්ගේ ආශ්‍රය මට ලැබුනා. එයාගෙ අතීතය මට එච්චර වැඩක් නැති නිසා..ඒ සිද්ධිය දැනන් උන්නත් මම කවදාවත් ඒ ගැන කතා කලේම නෑ.  නමුත් පහුගිය දවසක අපි හවසක සෙට් උනා මදුවිතක් තොල ගාන්න..මම මගේ සීමාව ඇතුලෙ හෙමිහිට හෙමිහිට මදුවිත තොල ගාන අතරේ මිනිහා ළඟ ළඟම නැමුවා දෙක තුනක්ම..


මෙන්න අපි අතරේ වෙච්ච කතා බහ..


"මල්ලි මම උඹට හරි කැමතී මොකද උඹ කවදාවත් මගේ අතීතය හාරා අවුස්සලා අහන්නෙ නැති හින්දා.."


"කාගෙ කිල්ලෝට වලද අයියෙ හුනු නැත්තෙ ? ඕවා වැඩක් නෑනෙ අපි දැන් ඉන්න කාලෙට"


"ඔව් ඒ උනාට මට කතා කරන්න ඕනි..මගේ හිතේ තියෙන වේදනාව ගැන"


"අයියෙ ඒකට අයියා නීතියෙන් දඬුවම් විඳලනෙ ඉන්නෙ. ආයි මොකටද හිතෙන් දඬුවම් විඳින්නෙ?"


"ඒත් මල්ලි..මට මට..."


"හරි අයියෙ අපි දැන් ගෙදර ගිහින් නිදා ගමු. හෙට උදේට ඔය ගැන කතා කරමුකො"


පහුවෙනිදා හොඳ සිහියෙන් ඉඳන් එයා කිව්ව කතාව සාරාංශ කලොත් ..


"මම අයියගෙන් ඇත්තටම ඔය සිද්ධිය ගැන මට දැන ගන්න තියෙන දේ ඒ විදියටම ඇහුවොත් අයියා මට කියනවද ?"


"ඔව් මල්ලි අහපන්. මම උඹට නොකියන දෙයක් තියෙනවද ?"


"මොකද්ද ඔය සිද්ධියෙ මුල ?"


"මම ඔය කාලෙ ඔය සිද්ධිය උන අළුතින් හදන ගෙදර වහල ගහන්නයි වඩු වැඩ ටිකයි  බාර අරන් තිබුනෙ. ඒ ගෙදර මහත්තයා නම් හරිම හොඳයි. මහත්තයා තමයි හැම වෙලාවෙම ඇවිත් වැඩ බලලා අපේ ගෙවීම් වගේ ඒවා කලේ. නෝනා ඔළුව උදුම්මා ගත්ත කෙනෙක්. අපිටයි ගෝලයින්ටයි කතා කලෙත් බල්ලන්ට බලලුන්ට කතා කරනවා වගේ.."


"ඉතින් ?"


"ඔය කාලෙ වහල ගහලා ඉවර වෙන්න කිට්ටු කාලයක්. අපි සේරම වගේ නෝනා එක්ක කේන්තියෙන් හිටියෙ මොකද අපි ප්ලෑනෙ තියෙන විදියට වැඩේ කලත් නෝනා කලේ හැම වෙලාවෙම ගෙදරට ඇවිත් හරියටම කරලා තියෙන වැඩේත් ඇද කුද හොයලා අපිට බැනලා යන එකම තමයි."


"මහත්තයට කීවෙ නැද්ද ?"


"කීවා එතකොට මහත්තයා කීවා ගනන් ගන්ඩ එපා මමනෙ ඔය ගොල්ලන්ව ගත්තෙ කියලා. මහත්තයත් නෝන්ජලයෙක් නෝනට බයයි.ඔය අවු අස්සෙ මහත්තයා පොඩි කාලෙකට රට ගියා. අපේ අවාසනාව කියන්නෙ සේරම වැඩ වලට අපිට උනේ නෝනගෙ රැස්පට් බලන්න"


"ඉතින් "


"ඔය කියන දවසෙ අපේ ගෝල බාලයො ටික ගෙවල් වලට ගිහින් වෙසක් පෝය හින්දා. මගේ නෝනත් ඔය වෙසක් සතියම අනුරාධපුරේ ගිහින් හින්දා මම වැඩ පොලේම නැවතිලා හිටියා."


"අයියගේ නරක වෙලාව !"


"කියන්නෙ නරකම වෙලාව. නෝනා ආවා ඉවර කරපු වැඩ බලන්න. මොකද වෙසක් එකට ගෝලයන්ගෙ ගනන් මිනුම් බේරන්න ඒ ගෑණි සල්ලි නොදීපු හින්දා මම ළඟ තිබුනු සල්ලි වලින් තමයි කොල්ලො ටිකට ගෙවල් වලට යන්න සල්ලි දුන්නෙත්."


"නෝනා ඇවිත් මොකද කිව්වෙ ?"


"වෙනදා වගේම අරකෙයි මේකෙයි ඇද කුද හොයන්න ගත්තා. මම කිව්වා මට සල්ලි ඕනි ගෝලයින්ගෙ පඩි නඩි බේරන්න කියලා"


"ඉතින් ?"


"මේ ගෑණි කියපි මෙහෙම හොරට වැඩ කරලා කොහොමද සල්ලි බේරන්නෙ ? කියලා. මම කීවා ප්ලෑනෙ හැටියටනෙ අපි කලේ කියලා."


"ඉතින් ?"


"මහත්තයා රවට්ට්න විදියට මාව රවට්ටන්න බෑ කියලා මට පිප්පුවා. මගේ ඔළුවට යක්ශයා ආරූඨ වෙලා හිටියෙ ඔය වෙනකොටත්..ඊට පස්සෙත් අපි නිදා ගන්ඩ හදා ගෙන හිටපු කාමරේට මෙහා කාමරේ අපි හදලා තිබ්බ ජනේල් වගයක් :ළඟ ඉඳන් ඒවයෙ ඇද කියන්න පටන ගත්තා..මට කේන්තිය ඉහවහා ගිහින් ළඟට පැනලා ගැහුවා කට හරහා දෙක තුනක්..ගෑණි එකපාරටම තුෂ්නිම්භූත වෙලා බලා ඉඳලා.. බල්ලා මොකද්ද තෝ කලේ කියලා ඇහුවා..මම කලේ තව දෙක තුනක් ගහලා ගැනිව ඇද ගෙන ගියා කාමරේ අස්සට. ගෑනිත් අතඇරියෙ නෑ..මාව හූරන්නයි පහුරු ගාන්නයි දඟලන්නයි පටන් ගත්තා. ගෑණි අත උස්සන උස්සන සැරේට මම කටට ගැහුවා.."


"දුක හිතුනෙ නැද්ද අයියට ?"


"මොන මාව කෙන්තියෙන් වියරු වැටිලා හිටියෙ. සේරම රෙදි ටික ඉරලා දාලා ගෑනිව සල්ලන් කලා. ගෑනි මැරුනයි කියලා හිතිච්ච හින්දා මම එතනින් පැන ගත්තා"


"අයියා ඒ නෝනව දූෂනය කලේ ලිංගික තෘප්තියක් ගන්නද ?"


"ඒ කිව්වෙ ආශාවටද ? නෑ මල්ලි මම ඊට දවස් දෙකකට ඉස්සෙල්ලා ගෙදර ගිහින් ඉඳලා ආවෙ. එහෙම ආශාවක් තිබුනෙ නෑ"


"එහෙනම් "


"මට ඕනි උනේ ඒ ගෑනිව සල්ලන් කරන්න එච්චරයි"


"මම අහන්නෙ අයියා එහෙම කරද්දි අයියා අයියගේ නෝනා එක්ක ඉන්න කොට වගේම සතුටක් ලැබුනද ?"


"මොන පිස්සුද මල්ලි වැඩේ බාගයක් යද්දිම මට එපා උනා"


"වැඩේ ඉවර වෙනකම්ම කලාද මම කිව්වෙ අයියගේ පැත්තෙන්"


"නෑ ඒ ගෑණි හති වැටිලා වැටිලා නිස්සද්ද වෙනකම්ම මම දැඟළුවා..ඊට පස්සෙයි මම නැගිටලා පැන ගත්තෙ. "


ඔය සිද්ධිය මට කීවට පස්සෙ ඒ අයියගේ හිතේ තිබ්බ ලොකු බරක් හෑල්ලු උනා වගේ දුටුවා. ඒත් අවුරුදු ගානක්ම හිරේ වැටිලා නීතියෙන් දඬුවම් ඔය සිද්ධිය මට කීවට පස්සෙ ඒ අයියගේ හිතේ තිබ්බ ලොකු බරක් හෑල්ලු උනා වගේ දුටුවා. ඒත් අවුරුදු ගානක්ම හිරේ වැටිලා නීතියෙන් දඬුවම් වින්ඳා උනත් ඔහු අදටත් හිතෙන් දඬුවම් විඳින කෙනෙක් කියලයි මට හිතෙන්නෙ. 


Deviances And Control : Theory Research and Social Policy by Craig B. Little කියන පොතේ තියෙනවා ස්ත්‍රී දූෂණය බොහොම පැහැදිලිව ලිංගික කාර්‍යයක් උනත් බොහොමයක් පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නෙ දූෂකයාගේ අරමුණ ලිංගික තෘප්තිය ලබා ගැනීම නොවෙයි කියලයි. බලය, ආධිපත්‍යය , හා ශාරීරික පීඩනය ඇති කිරීම තමයි ප්‍රධාන අරමුන වෙල තියෙනවා කියලා ඔප්පු වෙලා තියෙන්නෙ.


Rape is not primarily the aggressive expression of sexuality but rather the sexual expression of aggression  (Groth, 1983: 1352)


අපේ සමාජයෙත් දූෂණ වලට මූලික හේතුවක් වෙන්නෙ මේකමද ? මම අඳුනන අයියගේ කතාවෙ නම් සෘජුවම ඒක තමයි වෙලා තියෙන්නෙ. තව කරුණු කාරනා ගනනාවක් තිබෙනවා තමයි. මේ කාරනය විතරක් ගත්තොත් අද අධ්‍යාපනය තුලින්ම එන්න ඕනි කෙනෙක්ගේ කාන්තාව කෙරෙහි දක්වන සැහැසිකම් වල මූලාශ්‍රයන් බිඳෙන යම් වැඩ පිළිවෙලක්. ඒ කියන්නෙ අතේ පයේ හයියෙන් පිරිමි කම පෙන්වන්න යන ආකල්පයේ වෙනසක් විය යුතුයි.  අද වටාපිටාව බලන කොට නම් එහෙම ආකල්ප වඩා වර්ධනය වන පරිසරයක් මිසක් සැහැසිකම් වලට මූලශ්‍ර වන දේවල් අඩු කරන සුළු ප්‍රයත්නයක්වත් දකින්න අමාරුයි වගේ මට නම්. නමුත් මා නොදන්නා මා ඇස සහ හිත නොගැටෙන පරිසරයේ එවන්නක් සිදුවිය හැකියි. එසේ නම් සතුටුයි..


මට අමතක වෙලා තිබිලා එකපාරටම මතක් වෙච්ච කාරනයක් උනේ අර ඉන්දියාවෙ සමූහ දූෂණ නඩුවේ එක තැනකදි මනෝවෛද්‍යවරයෙක්ද කොහෙද  කියලා තිබ්බා මේ ගෑණු ළමයාට නොමැරී බේරෙන්න තිබුනා පොඩ්ඩක් මොලේ කල්පනා කලා නම් කියලා. දෙන්නටම සම්පූර්ණ සිද්ධියෙන්ම ගැලවෙන්න තිබුනා ඔයිට වඩා පොඩ්ඩක් කල්පනා කලා නම් කියලා. ඒ කියන්නෙ දූෂණය උනත් වඩා වැදගත් වෙන්නෙ තමන්ගෙ ජීවිතය බේරා ගැනීම නිසා..ඒ දෙය කර ගන්න පුළුවන් නම්...


මේක ඇතුලේ අපේ අයටත් ගන්න පාඩමක් තියෙනවා නේද කියලත් හිතුනා..


ප.ලි.පෙ.ව. 9.40
 ස්ත්‍රී දූෂණය කිසිම තර්කයක් නොමැතිව දරුණු ගනයේ අපරාධයකි. එයට නීතියෙන උපරිම දඬුවම් නියම වේ. නමුත් ස්ත්‍රී දූෂණවල අඩුවක් නොමැති නිසා එයට මූලික හේතු සොයා යාමේ අවශ්‍යතාවයක් පවතී. කාන්තාවන් පමණක් නොව මුළු මහත් සමාජයම හොඳ ඉදිරි දැක්මකින් මේ පිළිබඳව කටයුතු කල කාලයක් එළඹ ඇත. 

මෙම ලිපියෙන් එක් හේතුවක් සාකච්ඡා කෙරෙන අතර ඉදිරි ලිපියකින් අනිකුත් කරුණුද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

78 comments:

  1. දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වියයුතු වැදගත් කරුණක්. මේ සඳහා අදාළ වෘත්තිකයන් තව දුරටත් අදහස් දක්වනවානම් හොඳයි. එවිට අපිටත් පුළුවන් මීට වඩා පුළුල්ව අදහස් දක්වන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම වෘත්තිකයන් අදහස් දක්වාවි කියලා හිතනවා.. මම මෙතන කලේ මම අහපු සිද්ධියට මම කියවලා තියපු ඇමරිකාවෙ කරපු පර්යේෂණයක ප්‍රථිපලයක් ගලපා ගත්ත එක..ආසියාතික රටවල් ආශ්‍රයෙන් මේ වගේ පර්යේෂන කෙරිලා තියෙනවද කියලා නම් දන්නෙ නෑ. පොදුවේ අර ඉහත කී පොතේ බොහොමයක් කරුණු සාමාන්‍යෙන් ඕනිම රටකට පොදුවේ ගන්න පුළුවන් කරුනු කියලයි බැලූ බැල්මට පේනෙන්නෙ නම්..

      Delete
  2. ඕකට තමයි කියන්නෙ..
    If you can not prevent rape, try to enjoy it කියලා.... එතකොට අවම වශයෙන් ජීවිතේ හරි බේරෙනවා...

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න ගැලපෙන සාරාංශකරනයක් මේ කතාව ඇතුලෙ තියෙනවා. ඇල්කෙමියා. අර ඉන්ඩියක් සිද්ධියේදී කියලා තිබ්බෙ අපරාදෙ ඒ ළමයගෙ ජීවිතේ බේරා ගන්න නම් තිබුනා කියලා..මම දන්න සිද්ධියක් තියෙනව එක දූෂණ සිද්ධියකදි ඒ ළමයා බේරිලා තිබ්බෙ අනේ අයියෙ මට අද ඩේට් එක කියලා..බොරුවට.. මතකද අර ගමක පොඩි ලමයෙක්ව උස්සන් ගිහින් තිබ්බා. අනේ මාමෙ මොකද කරන්න හදන්නෙ කියලා අහන කොට ඒ ලමයව ආපහු ගෙදරට හෙනත් දමලා..ඔය වගේ සිදුවීම් ගොඩක් තියෙනවා..

      Delete
    2. ඔතන තියනවා මෙහෙම පැත්තකුත්, තමන්ට සිද්ධවෙන්න යන අතවරයට එරෙහිව සටන් කරනවා විනා, චාටුවෙන් එයින් ගැලවෙන්න හිතන මානසික තත්වයකට ඔතන ඉඩ තියනවද කියලා. ජීවිතය බේරාගැනීම කියන කාරණය වැදගත් බව හරි. නමුත් යම් කිසි විදිහකින් හරි (බොරුවට හරි ) මේක කැමැත්තක් දැක්වීම (හෝ විරෝධතාවක් නොදැක්වීම ) කියන එකේ පොඩි අවුලක් තියනවා නේද? මොකද නීතිය ක්‍රියාත්මක කරනකොට, මේක දූෂණයක් කියලා පෙන්වන්න ගියාම (බාලවයස්කාරියක් නොවේ නම්), ඒ ක්‍රියාවට ඇය කැමැත්තෙන් සහභාගි උණාද නැද්ද කියන දේට මේ ඇය දක්වන විරෝධය බලපානවා නේද?

      වෙනී කියන සිද්ධියමද දන්නේ නෑ, නමුත් මේ වගේ කාන්තාවක්, කීපදෙනෙක් විසින් පැහැරගෙන ගිහින් ඉන්නකොට, ඒ කාන්තාව එතනින් ටිකක් හරි හොඳ ගති තිබ්බ කෙනෙක්ව තෝරගෙන, ඔහුට විශේෂ කැමැත්තක් දක්වන බව පෙන්නලා, ඔහු ලවාම තමන්ගේ ගමට ගෙනත් ඇරලව ගන්නවා. නමුත් ඇය නීතිය ඉදිරියට ගියහම, මේක බලහත්කාරකමක් කියන කාරණය දැඩි ලෙස ප්‍රශ්න කෙරෙනවා, ඇය ක්‍රියාකරපු ආකාරය නිසා. ඊට පස්සෙ ගමේ රටේ වෙන වෙන කතා හැදෙනවා. අර සිද්ධියේදි, තීක්ෂණ බුද්ධියෙන් ක්‍රියා කරලා එයින් ගැලවුණ ඇ‍ය, අවසානයේ නීතිය සහ සමාජයේ හැසිරීම හමුවේ සියදිවි නසාගන්නවා.

      Delete
    3. අතවරයකට ලක් වුණ ගෑනු කෙනෙක්ගෙන් අහන්න If you can not prevent rape, try to enjoy it වගේ මානසිකත්වයක් එනවද කියලා? පිරිමි පිරිමි ඔය ගැන බණ කියල වැඩක් නෑනෙ. :)

      Delete
    4. " If you can not prevent rape, try to enjoy it "
      මෙන්න තවත් රන්ජිත් සිංහ කෙනෙක්...

      තමන්ගේ නෝනට හරි දුවෙකුට හරි මේ වගේ දෙයක් උණොත්, කවුරුත් විහිලුවටවත් මේ වගේ කතා කියන එකක් නෑ.

      Delete
    5. තිසර කියන තත්වය හරි දූෂණය වෙලා නීතිය ඉදිරියේදි ඔය කියන තත්වය එනවා තමයි. නීතියේ ක්‍රියාදාමයත් වෙනස් වෙන්න ඕනි සමාජීය වෙනස් වීම් එක්කම. ඒක වෙන්නෙත් නෑ. දූෂණයක් ඉදිරියේ සමාජීය හර පද්ධතියේම ආකල්පමය වෙනසක් වෙන්නත් ඕන. මොකද සමාජය සමාජීය විතැන්වීම දරා ගන්නෙත් ඒවට ප්‍රතිචාර දක්වන්නෙත් ඒවගේ සිද්ධීන්ට අනුබල දෙන විදියට මිසක් ඒවා යටපත් වෙන විදියට නොවන නිසා..ඔබ කියන සිද්ධියේදී ඒ කාන්තාව දූෂණය ඉදිරියේ ජීවිතය බේරා ගත්තත් සමාජය විසින් ඇයව මරා දමනවා.

      Delete
    6. ඇනෝ - ලංකාවෙ දූෂණ සිද්ධීන් බොහොමයක දූෂණයට ලක්වෙන අය මුලින්ම වෙන්නෙ පැනික් වෙන එක. එතකොට බුද්ධිය යටපත් වෙනවා. පිරිමි පිරිමි බන කියලා වැඩක් නෑ. ගෑණු ගෑනු බන කියා ගෙන නීතිය ක්‍රියාත්මක කර ගෙනත් අද මේ වෙනකොට වෙලා තියෙන තත්වය හොඳ එකක්ද ? යමක් වලක්වන්න ඕනි නම් ඒකට තියෙන හේතු හොයලා ඒ හේතු වලට තමයි ප්‍රතිකාර කරන්න ඕනි. දූෂණ වලට හේතු වන සාධක වලින් එකක් ගැන තමයි මෙතන කියන්නෙ

      Delete
    7. පොඩ්ඩි - මෙතන if you cant prevent කියන කොටස සහ නොමැරී ඉන්න ඕනි නම් කියන කොටස කියෙව්වෙ නැද්ද සහ තේරුනෙ නැද්ද ? දූෂණය වෙන්න තියෙන අවස්ථා අඩු කරන්න ඕනි..නමුත් වෙලාවක ඒ තත්වය වලක්වන්නම බැරි අවස්ථාවක ආවොත් ඔබ යෝජනා කරන්නෙ ජීවිතය පූජා කල යුතුයි කියලා නම්..අනේ මන්දා අද අපිට අහන්න වෙලා තියෙන බහුතරයක් දූෂණ වල අවසානයේ වින්දිතයා දරුණු විදියට මරලා දාන්නෙ ඇයි කියලා ඒක ඇතුලෙම තියෙනවා..

      Delete
    8. අනේ වෙනී...ගොඩක් වෙලාවට ගෑනු ලමයෙකුට මෙහෙම වෙලා ජීවත් වෙනවට වඩා එක අතකට මැරෙන එක හොඳයිනේද? සමාජයෙන් එන බැනුම්. කසාදයක් කරගන්ට ගියාම තියෙන ප්‍රශ්න. (විශේෂයෙන් ආසියාතික රටවල) ඒ වගේම හිතන්ට ඒඩ්ස් වගේ ලෙඩක් හැදුනොත්. ලමයෙක් ලැබෙන්ට ආවොත්. පිරිමින්ට ඔය මොන දෙයක්වත් නෑනේ.

      මේ වගේ මිනිස්සුන්ට තද දඬුවම් දෙනවානම් මේ වගේ දේවල් ආයෙම සිද්ධ වෙන එකක් නෑ.

      Delete
    9. මරන දඬුවම හැර තද දඬුවම් දෙනවා පොඩ්ඩි ඒත් වෙනස් වෙන්නෙ නෑ..එන්නම එන්නම වැඩි වෙන ප්‍රවනාතාවයක් තියෙන බවක් පේනවා.. මම කියන්නෙ ඔන්න ඔය ආකල්පමය තත්වය වෙනස් වෙන්න ඕනි. මට ඕනි නෑ මෙක සාධාරනීකරය කරන්න..ඕනි පිටුදකින්න..ඒකට මූලික වෙච්ච හේතු හොයා ගෙන.. දූෂනය වෙලා ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි කියන මානසිකත්වය නම්..දුරින්ම දුරස් කරන්න මුළු සමාජයම එජතු වෙන්න ඕනි...

      Delete
    10. This comment has been removed by a blog administrator.

      Delete
    11. තිසර මතුකරන නීතිමය කාරණාව ලංකාෙවදි අාවරණය ෙවනව. මරණෙයන් ෙබ්රීමට යටත් වූ අවස්ථාවක වුවත් දූෂණය ඔප්පු කිරීමට බාධාවක් නෑ දන්න තරමින්

      Delete
    12. මටත් නීතියේ ඔය අංශය ගැන එච්චර දැනුමක් නෑ රාජ්..ස්තූතියි අපිව දැනුවත් කලාට..

      Delete
    13. If you can not prevent rape, try to enjoy it! කියන ප්‍රසිද්ද කියමන එක්ක මෙතනදි අපිට එකඟ වෙනවද නැද්ද කියන ප්‍රශ්නෙට වඩා ඒක කරන්න පුලුවන් බැරිද කියන ප්‍රශ්නෙ මෙතනදි මතුවෙනවා..
      මොකද දූෂනයට ලක්වෙච්ච කෙනෙක්ව අරං බැලුවොත් ඊට පස්සෙ ඔහු/ඇය මුහුන දෙන මනෝ කායික ව්‍යාකූලතාවයන් අපි rape trauma syndrome කියලා වෛද්‍ය විද්‍යාත්මකව හදුන්වනවා. ඒක ආයි කොටස් දෙකකට වර්ග වෙනවා.. Accute phase සහ Outward Adjustment Stage කියලා. මෙතනදි නැවත හැඩගැසීමේ ක්‍රියාවලිය සඳහා ඇගේ මානසික හැඩ ගැසීම වඩා වැදගත්. ඇය තමන් මෙතනට පත් වීම වලක්වා ගැනීම සදහා තමන්ගේ උපරිමය කලේ නැහැ කියලා ඇයට ඇගේ යටි සිත කියන්න ගත්තොත් එතනින් එහාට Recovery එක සෑහෙන්න අමාරුයි, මේ සිතුවිල්ල තුලින් විශාදයට ගිහින් සියදිවි නසා ගන්න තැනට පවා යන එක සුලභයි.
      මේ ලින්ක් එක තුල ඒ rape trauma syndrome ගැන විතර තියෙනවා. ඒක පොඩ්ඩක් කියවන්න.. එතකොට තේරෙයි මේ කියමන theoretical but not practical කියලා!

      http://www.martinfrost.ws/htmlfiles/mar2009/rape-trauma-syndrom.html

      Delete
  3. මමත් ගොඩක් අත් දැකලා තියන දෙයක් තමයි අපරාධයක අපි කවුරුත් දකින්නේ නැති පැත්තක් තියනවා කියන එක. මමත් එක සැරයක් ඔහොම ඉන්ටව් එකක් තිබ්බා තමන්ගේ අයියාගේ ගෑනු මනුස්සයා මරලා හිරේ ගිහිං! ඔන්න මම බ්ලොග් එකේ ලියලා තිබ්බා කතාව..

    ReplyDelete
    Replies
    1. බහුතරයක් නොදකින පැත්ත ඇතුලෙ යම් සිද්ධියක සම්පූර්ණ හේතුව තියෙන්නත් පුළුවන්. අපරාධයක් දූෂණයක් කියන්නෙ වැරැද්දක්ම තමයි. ඒක සාධාරනීයකරනය කරන්නෙ නෙවෙයි ඊළඟ එක වලක්වන්න නම් ඒ හේතුව එලියට ගන්නම වෙනවා නාඩියා..බොහෝම වෙලාවක නොවෙන්නෙත් ඒකමයි

      Delete
  4. පිරිමි ගැහැනුන්ට වඩා ශක්තිමත් හන්දා එයාලගේ ආධිපාත්‍ය පෙන්නන එක හැටියක් තමා ඔය. ඒ වගේ වැඩක් නොකර කටට ගහලා නිකං හිටියා නම් ඉවරයිනේ. එක්කෝ මහත්තයට කියන්ට තිබුණේ නැද්ද නෝනාව ඒ පැත්තේ එවන්ට එපා කියලා?

    මුලික දේ තරහායාම . ඒක පාලනය කරගන්ට බැරි උණාම අනෙක් දේවල් පාලනය කරගන්ටත් බැරිව ඇති.

    ReplyDelete
    Replies
    1. බහුතරයක් නොදකින පැත්ත ඇතුලෙ යම් සිද්ධියක සම්පූර්ණ හේතුව තියෙන්නත් පුළුවන්. අපරාධයක් දූෂණයක් කියන්නෙ වැරැද්දක්ම තමයි. ඒක සාධාරනීයකරනය කරන්නෙ නෙවෙයි ඊළඟ එක වලක්වන්න නම් ඒ හේතුව එලියට ගන්නම වෙනවා නාඩියා..බොහෝම වෙලාවක නොවෙන්නෙත් ඒකමයි

      Delete
    2. මම නාඩියා නෙමේ. මම පොඩ්ඩි. :D:D

      Delete
    3. කමෙන්ට් පේස්ට් කිරීමේ වෙච්ච වැරැද්දක් පොඩ්ඩිට ලිව්ව එක ආයි ලියන්නම්..

      Delete
    4. එහෙනම් සියළුම කාන්තාවන්ට ප්‍රබල විදියට ආත්මාරක්ශක සටන් ක්‍රම උගනවන එක කරලා ඒ අය ශක්තිමත් කලහම හරි යයිද ? අර සිද්ධියේ වෙන්න තිබුන හොඳම දේ ඒ මහත්තයට තිබුනා නෝනව ඒ වැඩෙන් අයින් කරලා තියන්න..නෝනගේ චර්යාව දැන දැනම ඉඳලත්..
      ඔන්න ඔය තරහ පාලනය කරන්න කිසිම වැඩ පිලිවෙලක් නෑ නේද අද සමාජයේ...එ වෙනුවට තියෙන්නෙම තරහ වැඩිකරන සාධකම තමයි..

      Delete
    5. /*එ๧හන໦ ස๢ය໸ම ක๟න๞ත๟වන๞ට ප๫බල ໶ຩයට ආත๞ම๟රක๞ශක සටන๞ ක๫ම උගනවන එක කරල๟ ඒ අය ශක๞ත๢මත๞ කලහම හ໱ යය๢ද ?*/
      නැහැ. ඒත් සියලුම පිරිමින්ට ගෑනු අය කියන්නේ තමන්ට ඕනේ ඕනේ විදියට පාවිච්චි කරන්න පුළුවන් 'බඩු' නෙවයි කියල තේරුම් කරොත් නම් හරි යාවි.

      මට නම් හිතෙන්නේ ඔතන වෙන්න තිබුණ හොඳම දේ ඒ දුෂණය කරපු කෙනා තමන්ව පාලනය කර ගැනීම කියලා.

      ඔතන නපුරු නෝනා වෙනුවට නපුරු මහත්තයෙක් හිටිය නම් ඒ කෙනා මහත්තයව දුෂණය කරාවිද? නැත්නම් මහත්තයට ගහල මරල දාවිද?

      මෙතන උනේ ගෑනු කෙනෙක් ගෙන් බැනුම් අහන්න ඔය මනුස්සයට තියෙන අකමැත්ත. ඒ ගෑනු කෙනා ගොඩක් නපුරු ඇති. ඒත් හිතල බලන්න ඕනේ එයාට ඒ විදිහේ දෙයක් උනේ එයා නපුරු නිසාද, නැත්නම් එයා නපුරු ගෑනු කෙනෙක් උණු නිසාද කියන එක.

      Delete
    6. සියළුම පිරිමින් ගෑණු කියන්නෙ තමන්ට ඔනිම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් බඩු කියලා හිතා ගෙන ඉන්නවා කියන එක කාන්තාවො කියන කතාවක් නේද ? ඒක බහුතරයකට අදාල නෑ. සුළුතරයකෙහෙම ඇති. නීතියෙන් ලැබෙන දඬුවම් වලින් සහ සමාජයෙන් ලැබෙන තාඩන පීඩන වලින් ස්ත්‍රී දූෂණ වැලැක්වෙනවා නම් මේ වෙන කොට වෙච්ච දේවල් ඇති සියල්ලම අවසන් වෙන්න..ඒත් නැහැ.
      ගැහැනු සහ පිරිමි ආධිපත්‍යය හමුවේ සමානයි කියලා ඉදිරි පරම්පරාවට උගන්වලා තිබ්බොත් ඒක ඊට වඩා හොඳ නැද්ද..
      මගේ සිද්ධියෙදි නම් මට හිතෙන්නෙ ඇය මෝඩ උද්ධච්ච ගැහැණියක් විදියට. තමන්ගෙ ගේ අහ්ඩවා ගන්න එන අයට ඔවුන් කරවා ගන්නෙ මුදල් දීලා බව හැබෑව. ඒත් ඒ අයත් මිනිස්සු.

      Delete
    7. /*ස๢ය໸ම ප๢໱໧න๞ ග๡ණ๤ ක๢යන๞๧න තමන๞ට ඔන๢ම ๧වල๟වක ප๟໶๷๸ කරන๞න ප๤໸වන๞ බඩ๤ ක๢යල๟ හ๢ත๟ ๧ගන ඉන๞නව๟ ක๢යන එක ක๟න๞ත๟๧ව๟ ක๢යන කත๟වක๞ ๧න๞ද ? */
      අනේ නැහැ වෙනී. මම එහෙම දෙයක් නෙවෙයි අදහස් කරේ.

      මම කිව්වේ සියලුම පිරිමි අය ට එම ආකල්පය ඇති කරන්න ඕනේ කියන එක. ඔයා කියල තියෙන්නේ සියලුම ගැහුනුන්ට ආත්මාරක්ෂක පුහුණුව දෙන්න ඕනේ කියලා. ඒකෙන් ඔයා අදහස් කරේ නැහැනේ සියලුම ගැහුණු ආත්මාරක්ෂාව සලසා ගන්න දන්නේ නැතැයි කියලා. :)

      Delete
    8. බහුතරයක් පිරිමි කාන්තාවන්ට බොහොම ගෞරව කරන, ආදරය කරන පිරිසක් සොයුරිය..ඔබේ අදහස පැහැදිලියි..

      Delete
    9. ඔබේ කතාවට එකඟ යි පොඩ්ඩි.

      Delete
  5. ලිංගික තෘප්තිය අරමුණ කරගෙන ස්ත්රී දූෂණය සිදුකලත් කතාවෙ කියන විදිහටම ටික වෙලවක් යද්දි එපා වෙනව ගැහැනියගෙ ලිිංගික උත්තේජනයක් ඇති නොවන නිසා...

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක තමයි හැම පිරිම්යෙකුගෙම ඔළුව ඇතුලෙ පැල පොඩි කාලෙම පැල කරන්නෙ ඕනි පැලය. එහෙම උනොත් බාලාපරාධ, සහ ස්ත්‍රී දූෂණ බොහොමයක් අඩු වෙයි..අනෙකාගේ සම්පූර්ණ කැමැත්ත සහ අනුබලය නැතුව ලබන ලිංගික සතුටක් නෑ කියන එක හැමෝම තදින්ම දැන ගත්තොත්...

      Delete
  6. දූෂණය තුලින් මිහිරක් බලාපොරොත්තු වෙන්න දෙන්නටම බෑ. මොකද එක සම්පූර්ණයෙන්ම ඒ සඳහා අවශ්‍ය පූර්ව සූදානමකින් තොරව සිද්ධ වෙන දෙයක් නිසා. නමුත් මේ කියන කතාව හරහා කියන්නේ දූෂණයට ලක්වෙනකොට එකට කැමතිවෙන්න කියලද? how can i enjoy with the thing which is totally unwanted ? මේක තෘප්තියක් බලාපොරොත්තු වීමක් නෙවෙයි විකෘති මානසික තත්වයක් සංසින්දවාගනීමක්.
    දූෂණයට කැමතිවෙයන් කියන එක හරියට "තෝ වේසියක් වෙයන් " කියන එකම තමයි. මොකද දූෂණය වෙන වෙලාවට අකමැති මිනිහෙකුට කමතිවෙන්න පුළුවන් නම් ,තමන් කැමති පිරිමියෙක් දැක්කම ගිහිං එයත් එක්කත් එහෙම ඉන්නද නැත්තන් තමුන්ගේ ආසාව මැඩගෙන සද්ද නැතුව ඉන්නද?
    මේ හැමදේකින්ම යලි යලිත් මතුවෙන්නේ පුරුෂයා උත්ත්මයාය කියන පුරුශෝත්ත්මවාදය තහවුරු කරන්න මිසක් වෙන දෙයක් නෙවෙයි නේද?

    දැන් එතකොට අර කතාවේ කියන නෝනා කැමැත්තෙන් ඒ බාස් එක්ක හිටියනම් වැඩේ හරිද?

    ReplyDelete
    Replies
    1. අනුරාධ ඔය හැඟීම්බර වචන ටික ලියන්න ඉස්සරවෙලා ආයිමත් ලිපිය කියෙව්වා නම් හොඳයි නේද ? ඔබ අල්ලා ගෙන ඉන්නෙ එක වැරදි කොනකින් නෙවෙයි . වැරදි කොන් ගොඩකින්..ඕකට හේතුව වැඩ අධික කම වෙන්න ඇති ඔබ මුළු ලිපියම කියවලා තියෙන්නෙ උඩින් පල්ලෙන්..එහෙන් මෙහෙන් වචන ටිකක් අල්ලාගෙන ඒ වචන හරහා ඔබේ යම් කෝපයක් පිට කරලා. ඒක ඔප්පු වෙනවා අර බාස්ගෙ කතාවෙන් ඒ බාස්ට ඒ නෝනා එක්ක ලිංගිකව හැසිරෙන්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ..ඒක පැහැදිලී. එතන කොහොමවත ලිංගික ආරාධනාවක් තිබ්බෙ නෑ. මට කියන්න ඕනි උනේ අද වෙනකොට මොන තරම් නීතිමය ප්‍රතිපාදන සැලසිලා තිබ්බත් දූෂණ වැඩි වෙන්න හේතුව ඒ ප්‍රශ්නයේ නියම හේතුව හොයලා ඒකට පිලියම් යෙහ්ඩීම විනා වෙන යමක් නොවන එක..

      Delete
    2. මේකට නියම හේතු හොයන්න තරම් අපේ සමාජයේ මේ ගැන කතිකාවක්වත් සමාජීය පර්යේෂණවත් කෙරෙනවා අඩුවීම සහ කෙරුනත් ඒවයේ යෙදීම් අංශයේ අඩු පාඩු නිසා මේ තත්වයන් වල මුල හොයන් යන්න වෙලා තියෙන්නෙත් අපිට බටහිර කෙරුනු පර්යේෂන වල මූලාශ්‍ර වලටයි. මම කියෙව්ව පොතේ පර්යේෂන සියල්ලම ඇමරිකන් සමාජයේ කල දේවල්..හැබැයි මූලික මනෝමූල හේතුන් වල බැලූබැලමටත් සමානකම් තියෙනවා..

      Delete
    3. \\ ඒ කියන්නෙ අතේ පයේ හයියෙන් පිරිමි කම පෙන්වන්න යන ආකල්පයේ වෙනසක් විය යුතුයි. \\
      මේ තියෙන්නෙ ඉවාන් මට කතාවෙන්ම කියන්න ඕනි වෙච්ච දේ !

      Delete
    4. \\ ඒ ක๢යන๞๧න අ๧ත๞ ප๧ය๞ හය๢๧යන๞ ප๢໱໧ කම ๧පන๞වන๞න යන ආකල๞ප๧ය๞ ๧වනසක๞ ໶ය ය๤ත๩ය๢. \\
      ඔව් ඒක නම් ඇත්ත.
      ඔෆිස් එකකදී උනත් ගැහැණු කෙනෙක් ගෙන් 'ඕඩර්ස්' ගන්න අකමැති පිරිමි අය ඉන්නවා (හැමෝම නෙවෙයි හොඳේ). මෙතනදී ගෑනු, පිරිමි කියල මිනිස්සුන්ව බෙදල හිතන ආකල්පය වෙනස් වෙන්න ඕනේ.

      Delete
    5. වෙනි අයියේ //" වැරදි කොන් ගොඩකින්..ඕකට හේතුව වැඩ අධික කම වෙන්න ඇති ඔබ මුළු ලිපියම කියවලා තියෙන්නෙ උඩින් පල්ලෙන්..එහෙන් මෙහෙන් වචන ටිකක් අල්ලාගෙන ඒ වචන හරහා ඔබේ යම් කෝපයක් පිට කරලා."//
      මේ වචන ටිකට සම්පූර්ණයෙන් විරුද්ධයි මම. මම ලිපිය කියෙව්වා, මගේ කොමෙන්ටුව වැටුනේ ඔබේ ලිපියට පමණක් නොවේ. අල්කෙමියාගේ කොමෙන්ටුව හා ඔබේ එයට සැපයු පිළිතුරු කොමෙන්ටුවත් ඇතුළුව ඒ හැම දෙකටමයි.
      මම බ්ලොග් ඇතුලේ කේන්ති පිටකරන සයිබර් වීරයෙක් නෙවෙයි.

      Delete
    6. අනිත් එක තමයි උඩින් පල්ලෙන් කියවලා නම ලකුනුකරලා කොමෙන්ටුවක් දාන්න මට උවමනා නොවීම. එහෙම දැම්මනම්සහ එහෙම උඩින් පල්ලෙන් කියෙව්වනම් මම දන්නේ
      "ශා නියම ලිපිය වෙනියියේ . මාර දැනුමක් ලබා ගත්තා , ඔයා නම් මාරයි, ඔබගේ අදහස් වලට 100% ක් එකඟයි " කියලා . මම ලිපි උඩින් පල්ලෙන් කියවන කෙනෙකු ලෙස කල ඔබගේ තක්සේරුව ගැන දුක් වෙමි.

      Delete
    7. අහු වෙයන්කෝ වෙනියා මට සයිබර් මෙගා පාටියේදී ඔබනවා මුහුදේ කැමරාවත් එක්කම...:D

      Delete
    8. අන්න කරනවනං පින් අතේ වැඩ.. :D

      Delete
    9. ඇල්ගේ පිලිතුර...
      \\If you can not prevent rape, try to enjoy it කියලා.... එතකොට අවම වශයෙන් ජීවිතේ හරි බේරෙනවා..\\
      අවධානය යොමු කලානම් If you can not prevent// සහ \\අවම වශයෙන් \\ කියන එකට..හැමෝම අල්ලා ගන්නෙ enjoy කියන වචනෙට වීම නොමඟ යැවීමක් .
      මල්ලි, ඔයා අහලා තියෙන ප්‍රශ්න වලට සේරම පිළිතුර නෑ කියන එකයි. මගේ මේ ලිපි පෙලේම අරමුණ කාන්තා දූෂණයට එරෙහිව හඬ නැගිය යුත්තේ පිරිමි මිස ගැහැණු නොවෙයි කියන එකයි..

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. මල්ලි මෙතන බලල්ලු ලව්වා කොස් ඇට බාවන්න යන සීන් එකක් පෙන්නුම් කරනවා...දුටුවෙහිද ???

      Delete
    12. දුටුවෙමි දුටුවෙමි. හික් හික්.

      Delete
    13. ආයේ මොනවද ඉතිං වතුර ටික බොර උනානං... :D

      Delete
    14. නිරෝෂිනි ඔබ ප්‍රශ්න දිහා බලන්නෙ පුරුෂ විරෝධී ආකල්පයකින්.

      Delete
  7. මොනා කියන්නද වෙනියෝ....මට කියන්න තියෙන්නෙ.. ස්ත්‍රී දූශන කරන පාහරයො කරන්නෙ හිතල මතල.... වෙනියෝ පොඩ්ඩක් හිතන්න තමන්ගෙ ලේ තියෙන තමන් දුක් විදල උස් මහත් කරපු තමන්ගෙම දුව අවුරුදු ගනන් දූශනය කරන්න පුලුවන් තාත්තල අපේ රටේ ඉන්නව.... ඇයි ඒ... අනික දූශනය වෙනව කියන්න හරි ආතල් දෙයක්ද?? අනික ඔයා හිතනවද කිසිම හැගීමක් දැනීමක් නැතුව දූශනය කරන එකා කරාවි කියල.... ??

    ඕක හෙනට කතා කරන්න ඕන මාතෘකාවක් වෙනියෝ....

    ඕව කරන උන්ට මරණදඩුවම දෙන්න ඕන.... මගේ මතේ... නැත්තම් මතක හිටින දඩුවමක් දෙන්න ඕන... එතකොටවත් මේක නැති වෙලා හෝ අඩු වෙලා යාවි....


    ReplyDelete
    Replies
    1. නීතියෙන් මතක හිටීන දඬුව්ම් තමයි දෙන්නෙ ගාලු..දෙන අවුරුදු ගාන 30 එහා ගොඩක් වෙලාවකට..මරණ දඬුවම නම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන පාටක් පේන්න නැහැ. ඒ නිසා කරන්න ඕනි ආකල්පමය වෙනසක් තමයි

      Delete
  8. දුෂණය කියන්නේ පහත් හා අවමානසිකත්වය මතින් ඇතිවන සමාජ සංසිද්ධියක්. ඒක වලක්වන්න තරමක් අමාරුයි මොන සමාජයක උනත්... ඕකට බීමත් කම ආදියත් බලපානවා. මිනිස් සිත ක්‍රියාකරන ආකාරය තාම මොකාටවත් පාලනය කරන්න බැහැ. මොකද ඒක එක තත්පරයෙන් අමු පිස්සෙක් කරන්න පුළුවන් තරම් ප්‍රභල දෙයක්.. මනස පාලනය කර නොගන්නා අතින් මේ දේ වෙන්න පුළුවන් වගේම පාලනයක් ඇති අය අතිනුත් මේ දේ වෙන්න ඉඩ කඩ තියෙනවා පවතින වටපිටාව අනුව... සංකීර්ණ මානසික ක්‍රියාවලියක් තමා මේකෙදි මුල් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔය කියන සංකීර්ණ මානසික ක්‍රියාවලිය එකින් එක කඩලා අරගෙන ඒවට මූලික හේතුන් හොයලා පිලියම් යෙදීම තමයි කරන්න ඕනි. මේකෙන් එක කෑල්ලක් තමයි මම අර ගත්තෙ දෙශකයා..අනිත් කරුණුත් ලියන්නම්කො

      Delete
  9. මට පේන හැටියට මෙතන අර ගෑනු කෙනාගෙ පිරිමිය නෝන්ජල් විදියට ඉන්න නිසා ඒ මනුස්සය හැම පිරිමි කෙනෙක්ම ‍ඒ තත්වෙ ඇතියි කියල හිතල වැඩ කරනව වගෙයි.

    ඔය විදියට ඔය වැඩේට කැමැත්ත දීල ජීවිතේ බේරගත්තත් ලංකාව වගේ රටක මිනිස්සුත් එක්ක ඊට පස්සෙ ජීවත් වෙන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා අන්න ඒ සමාජයේ පිළිගැනීමත් වෙනස් කරන්න ඕනි..පොඩි පරම්පරාවෙ ඉඳන්ම..එතකොට ඒ අය ඕක කරගෙන යයි..

      Delete
  10. හා මස් සහ මී මස් ඉතා ලාභයට...

    පරීක්ෂණාගාරයකින් ඉවත් කරනු ලබන මස් අඩු මිලට විකිණිම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. හා මස් ගන්න නම් කට්ටිය පොර කකා එයි වගෙයි !

      Delete
  11. ස්ත්‍රී දුෂකයෙක්ගේ හැබෑ කතාවකට කන් දීල මෙහෙම කතා බහක් පටන් ගත්ත එක වටිනා වැඩක් වෙනි.. මට හිතෙන්නේ ඔබ ඔහු කී වචන ටිකෙන් නිගමනය කළා ඔහු කියන දේ සියයට සියයක් අවංකව කිව්වා කියලා. ඒත් මම දන්නා සමහර කතාවල හැටියට වරදකාරී හැන්ගීමෙන් ගැලවෙන්න මිනිස්සු කතාව ගොතා ගන්නවා. ගොඩක් වෙලාවට ඒක වෙන්නේ ඔහුටත් නොදැනීම.සිද්ධි පිළිවෙල බැලුවම තර්කානුකුලව හිතන්න පුළුවන් ඔහු කියන දේ හරිය කියලා. පලි ගැනීමක් සඳහා හෝ ක්ෂණික කෝපයක් නිසා ස්ත්‍රී දුෂණයක් සිද්ද වෙන්නේ අඩු ප්‍රතිශතයකින්. මම හිතන්නේ උඩු හිතෙන් හෝ යටි හිතෙන් මිනිස්සු කාලයක් සැලසුම් කරනවා මේ දේ . මනෝ විද්‍යාව ගැන මම ඒ හැටි දන්නේ නැති වුනත් මම කියවලා තියෙන හැටියට එම නිවසහිමි කාන්තාවගේ රැ වුම් ගෙරවුන් වුනත් මේ කියන පුද්ගලයාට ලිංගික ආකර්ෂණයක් ඇති කරවන්න පුළුවන්. මනස කියන්නේ පුදුමාකාර දෙයක්. ඉතින් මට හිතෙන්නේ කරන්න පුළුවන් එකම දේ ස්ත්‍රී දුෂණයක් වෙන්න පුළුවන් පරිසරය වලක්වන එක විතරයි. කාන්තාවන්ට අතිරේක ආරක්ෂාවක් හා දැනුවත් කමක් ලබා දීමෙන් මිසක් නීති වලින්වත් පිරිමින්ට හොඳ පුරුදු උගන්වලාවත් මේක කරන්න පුළුවන් වෙයි කියලා මට හිතෙන නෑ .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ කියන දේ ඇත්තක් තියෙනවා කෙනෙක් යමක් කියන කොට ඒ කොයිතරම් ඇත්තද කියන්න අපි දන්නෙ නැහැනෙ. ඔහු නම් අවු 20 ගානක හිර දඬුවමක් විඳලා තියෙන නිසා හිත සැහැල්ලු කර ගන්නම ඇත්තම කිව්වා වෙන්නත් පුළුවන්. ඔහු මටත් බොරු කියලා තවත් හංගා ගන්න දෙයක් නැති නිසා. ඔහුගේ මේ කතාවක් එක්ක මට පෑහුනේ අර පොතේ මම කියවලා තිබ්බ අර පර්යේෂණය ගැන කරුණු නිසායි මෙහෙම ඒ සම්බන්ධය ගැන ලියන්න හිතුනෙ..

      \\ස්ත්‍රී දුෂණයක් වෙන්න පුළුවන් පරිසරය වලක්වන එක විතරයි. කාන්තාවන්ට අතිරේක ආරක්ෂාවක් හා දැනුවත් කමක් ලබා දීමෙන්\\

      වටිනාම අදහස් යෝජනා දෙකක්..

      Delete
  12. මොන දේ උනත් ඔය දේට මම පුද්ගලිකව කැමති නැහැ.අපේ රටට වඩා ඉන්දියාවෙ ඔය වගේ කතන්දර බහුලව තියෙනව.අහවල් ව්‍යාපාරයත් මම හිතන්නෙ ඔය රටේ නීතිගත කරල තියෙනව.එහෙම තියෙනකොටත් ඔහොම දේවල් වෙනව.තවත් මොන කතාද?

    ReplyDelete
    Replies
    1. පුද්ගලිකව 99%ක්ම මේකට කමති නෑ රජවීදිය නමුත් ඒ අකමැත්ත නිසා දූෂණ සිද්ධීන් වල අඩුවක් තියෙනවද ? ඇයි එහෙම නම් ඒවා වැඩි වැඩියෙන් වෙන්නෙ ?

      Delete
  13. ෙමෙහමයි ෙවනී, අපිට එක් අෙයකුෙගන් හරියටම නිගමනය කරන්න බෑ. ෙම් කතාෙව නම් දූෂණය සිදුෙවන්ෙන ෙක්න්තිය පලිගැනීම නිසා. නමුත් තවත් කාරණා අනන්තවතක් තිෙයන්න පුළුවන්. ටිකක් ෙලාකු නියැදියක් අරෙගන කරන්න ඔ්න පරීක්ෂණයක් ෙම්ක.

    ReplyDelete
    Replies
    1. රාජ් මම මෙතන ලිව්ව සිද්ධිය එක් අයකුගේ නමුත් මම සඳහන් කල පොතේ තිබුනු කරුණු නම් ලොකු නියැදියකින් යුක්තව කරපු පර්යේෂණයක ප්‍රථිපල තමයි..මගේ එක සිද්ධියට හේතුව ඒ පර්යේෂනයේ එක හේතුවක් විදියට තිබුනු නිසා මට ඒක ක්ලික් උනා..

      Delete

  14. වෙනි මේක බොහොම වටිනා තොරතුරක්. අපි කවුරැවත් මේ කෝනයෙන් බලලම නෑනේ. ඕන වරදක් ඔය වගෙයි මට හිතෙන්නේ. හදිසි කෝපයට කරනවා. ඊට පස්සේ විඳවනවා. මම ඔය වගේ මිනීමරැවෙකුගේ සිතිවිල්ලක් ගැන නිසදැසක් ලිව්වා. වරදෙන් පස්සේ එයාලා හැමවෙලේම කල වරද විඳවමින් ඉන්නේ. වෙලාවක් තිබුනොත් සඳුන් සෙවනට ඇවිත් යන්න.
    http://sandunsevana.blogspot.com/2013/11/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන නීතියෙන් අවුරුදු ගානක් දඬුවම් වින්දත් ඒ අය ඉතුරු වෙලා තියෙන ජීවිත කාලෙත් විඳවනවා..

      Delete
  15. මම නඩු කාරයා නම් මූ එල්ලලා මරණවා.. පොන්න පිරිමි තමයි රේප් කේස් කරන්නේ.. මට නම් උන් පට්ට පොන්නයෝ..

    ReplyDelete
    Replies
    1. පළමු වෙනි තීන්දුවෙන්ම නඩුකාරයා මිනීමැරුම් චෝදනාවට හිරේ එහෙනම් !

      Delete
    2. වෙනි ලියපු ලිපියට නිවන් සුව :D

      Delete
  16. මට හිතෙන්නෙ ක්ෂණිකව ඇතිවෙන විකෘති මානසික තත්වයක ප්‍රතිඵලයක් කියලා...මොකද තමන්ට කියලා ගෑණියෙක් ගෙදර ඉද්දි අනුන්ගෙ ගෑණු රේප් කරපු උනුත් ඉන්නවා...මේ කථාවෙ කිව්වා වගේ...

    ReplyDelete
    Replies
    1. ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන් උනත් මානසික විකෘතියක් ක්ෂනිකව ඇති වෙන්න පුළුවන්ද කියලා හිතෙනවා සිරා මල්ලි..ක්ෂනිකව කාමාශාවක් හිතට එන්න පුළුවන් ඒත් ඒක මැඩ පවත්වන්න මානසික ප්‍රතිවිරෝධතාවයක් එන්න ඕනි ක්ෂනිකවම..

      Delete
  17. මොන පසුබිමක් යටතේ මොන හේතුවක් මත කලත් දූෂණය කියන්නෙ මනුස්සකමට නිගාදෙන තිරිසනෙක්වත් නොකරන පෙරේත යක්ෂ ක්‍රියාවක්.. ඊට සමානකලහැකි තවත් පහත් ක්‍රියාවක් මනුස්ස සංහතියට හිතන්නවත් බෑ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම තිරිසනුන්ගෙ අතරේ තමයි ඔය වගේ බලහත්කාරකම් කිරීමේ චාර්යාවක් තියෙන්නෙ සරත් අයියෙ..

      Delete
  18. වෙනියා... ගැඹුරු සංවේදී මාතෘකාවක්. කෙටියෙන් අදහස් දක්වන්න බෑ...

    මට පොඩ්ඩක් වෙනී කියන්න හදන දේත් පැහැදිලි මදි... පොඩි සංවාදයක් ඇති කර ගන්න මේ ටික පැහැදිලි කර දෙනවාද... ( තොපිට මේව තේරෙන්නෙ නෑ.. නිකන් කට වහගෙන දෙන දේ

    කාල වෙන දේ බලාගෙන හිටු වගේ උත්තරයක් වුනත් බාර ගන්න සූදානමෙනුයි අහන්නෙ ඕං .. :) ]

    1. // ඒ කියන්නෙ දූෂණය උනත් වඩා වැදගත් වෙන්නෙ තමන්ගෙ ජීවිතය බේරා ගැනීම නිසා..ඒ දෙය කර ගන්න පුළුවන් නම්...
    මේක ඇතුලේ අපේ අයටත් ගන්න පාඩමක් තියෙනවා නේද කියලත් හිතුනා.. //
    මෙතනදි අපේ අයට ගන්න තියෙන පාඩම යනුවෙන් වෙනී අදහස් කරන්නේ මොකක්ද...?

    අපිට අවාසනාවන්ත ලෙස පසුගිය කාලයේ නිතර අසන්න ලැබුන සිද්ධි වල තියෙන්නෙත් මේකම නේද... අහල පහල අය, මාමලා හෝ පියා විසින් දැරියන් දූෂණය කිරීමත් , මරණයට හෝ

    පීඩනයට බයේ අර දූෂණයට ලක්වෙමින් සිටීමත් නේද...?

    2. වෙනීගේ අදහසට අනුව වැඩි හරියක් දූෂකයන් ගේ අදහස බලය පෙන්වීම හෝ ශාරීරික පිඩනය එල්ල කිරීම බවත් , ලිංගික ක්‍රියාව ඒ සඳහා යොදාගන්නා ක්‍රමය පමනක් බවත් බව

    කියනවා... මට තේරෙන හැටියට වෙනී මේ තරම් ඩීටේල්ඩ් ලිපියක් ලියමින් උත්සාහ කරන්නේ ඒක එසේ නිසා
    අ.) දූෂකයාගේ ඒ අදහස තේරුම් ගෙන ඒ බලය පෙන්වීමට පොඩි යටත් බවක් පෙන්වීමෙන් අර ලිංගික බලාත්කාර කොටස වලක්වාගැනීමේ යම් ඉඩක් ඇති බව.
    ආ.)වෙන්ඩ දූෂකයින්ට මේ ගැන අවබෝධයක් ලබා දී බලය පෙන්වීම වැඩක් නැති ක්‍රියාවක් වැනි අදහසක් දීමෙන් ඒ පැත්තෙන් දූෂණ අවම කර ගත් හැකි බව.

    මම මේ කියව ගෙන තියෙන හැටි හරි නම්..මම මේ කරුණු දෙකටම විරුද්ධයි..
    වෙනී මේ ගැන ටිකක් කියවන්න ඇති කියා හිතනවා...එහෙමනම් ඔබ පිලිගන්නවා ඇති වැඩියෙන්ම සිදු වන දූෂණ Date Rape සහ Aquaintance Rapeකියන දෙක බව.

    ලංකාවේදී අනිවාර්යයෙන්ම එක වන්නේ Aquaintance Rape කියන වර්ගය. තමන්ගේ ඥාතීන් , වැඩිහිටියන් , හිතවතුන් (දන්නා කියන අය ) අතින් සිදුවන දූෂණ. මගේ මතය

    නම් මේවායේදී වන්නේ ලිංගික උවමනාව ඇතිවී එය ඉටුකර ගන්නට අනෙක් පාර්ශවය අකමැති වූ විට බලය යේදීම. එම නිසා දූෂණය වන්නා විසින් බලයට යම් යටත් වීමක් පෙන්වීමෙන් අර

    කාර්යය පහසු වීමක් සහ ධෛර්යය දිමක් තමයි වෙන්නෙ.ඒ වගේම වෙන්ඩ දූෂකයින් දැනුවත් සහ අධෛර්යය කල යුත්තේ බලෙන් ලබාගන්නා ලිංගික අත්දැකීම නොවටිනා දෙයක් බවට

    අවබෝධ කර දෙමින්.
    මේකට විය යුත්තේ ලංකාවේ ලිංගිකත්වය මේ තියෙන ටැබූ තත්වයෙන් ඉවත්කරගැනීම. ඒත් ඒක ක්‍රමවත් ලිංගික අධ්‍යාපනයත් සමඟ කල යුතු දෙයක්.

    මේ ටිකත් නොකිව්වොත් හිතට හරි නෑ... තමන්ගෙම ගමේ ලාබාල දැරියක් දූෂනය කරපු සාරුවා ට ඇප දුන්නම මල් මාල දාල පිලි අරන් පෙරහැරේ එක්ක ගිය මිනිස්සු ඉන්න රටක් මේක.ඉර

    හඳ පායනවත් පුදුමයි බං මේ රටට....

    ReplyDelete
    Replies
    1. සපා මගේ ඊළඟ ලිපියට හොඳම ප්‍රවේශය අරගෙන දීලා තියෙන්නෙ..එහෙනම් බලා ඉන්නෙ ඇයි..පෙළගස්සවගෙන ඉන්න කරුණු ටික ලියලා පබ්ලිශ් කරන්නම්. එතකොට ඔබට ඔබේ අපැහැදිලි තැන් මඟ හැරෙයි. ඔබේ මතය සහ අවබෝධ කර දීමට කල උත්සාහය ලංකාවේ පරිචය හරියට හරි සපා. මම ගලපන්න හැදුවෙ මම කනින් අහපු කතාව මම කියවලා තිබ්බ බටහිර රටක පර්යේෂනයක ප්‍රථිපල එක්කයි..එතකොට පෙරදිග පරිචය එක්ක යන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්..

      Delete
    2. දැන්ම එපා ... තව ටිකක් අදහස් එන්න දෙමු... තාම කාන්තා නියෝජනය මදි ... පොඩ්ඩක් ඉන්න මගෙ එෆ් බි එකේ ඉන්න හත් අට දෙනාට ආරාධනා කරන්න...

      Delete
  19. ස්ත්‍රී දූෂණය විග්‍රහ කිරීමේ දී ආකාර කිහිපයකින් දක්වන්න පුළුවන්.

    1. මූල්‍යමය - ද්‍රව්‍යමය හෝ මානසික අල්ලස් හරහා අපේක්ෂිත ස්ත්‍රිය අර්ධ වශයෙන් මෙල්ල කරගෙන කරන දූෂණය. මෙහිදී ස්ත්‍රිය ශාරීරික හිංසනයකට භාජනය නොකෙරේ. වරකට වඩා අපෙක්ෂා කරයි ( සමස්ථ පරමාර්ථය ලිංගික තෘප්තියමයි)
    2. අපේක්ෂිත ස්ත්‍රිය උපක්‍රමශීලීව කොටුකර තර්ජනයෙන් හෝ බියගැන්වීමෙන් දූෂණයට ලක්කරයි. වරකට වඩා අපේක්ෂාකරයි. ( මූලික පරමාර්ථය ලිංගික තෘප්තියයි/ මතු අවස්ථා අපේක්ෂාවෙන් හිංසාකාරී ආධිපථ්‍ය මුදාහරී. අවි හෝ බලය භාවිතාකර තර්ජනයෙන් සිද්ධිය යටපත් කරගනී)
    3. අපේක්ෂිත ස්ත්‍රියක් නැත. ක්ෂණික සිතුවිල්ලක් මත මෙල්ල කරගත හැකි ස්ත්‍රියක දූෂණයට ලක්කෙරේ. (දූෂණයට ලක්වන ස්ත්‍රිය නොහඳුනයි) නැවත වරක් අපේක්ෂා නොකරයි. දූෂණයෙන් පසු පැන යයි. (මූලික පරමාර්ථය ලිංගික තෘප්තියයි)
    4. අපේක්ෂිත ස්ත්‍රිය උපක්‍රමශීලීව කොටුකරගනී. (ඇය හඳුනයි). කෲර ලෙස දූෂණය කරයි. අනතුරුව ම්ලේඡ්ච ලෙස මරා දැමේ. (මූලික පරමාර්ථය පලිගැනීමයි. ලිංගික තෘප්තිය නොසැලකේ)
    5. අපෙක්ෂිත ස්ත්‍රියක් නැත. ක්ෂණික ආවේග මත ක්‍රියාකර, ස්ත්‍රියක කොටු කරගනී. කෲර ලෙස දූෂණය කරයි. අනතුරුව මරා දැමේ. (ලිංගික හෝ වෙනයම් පරමාර්ථයක් නැත. සිදුවීමෙන් පසු බෙහෙවින්ම පසුතැවිලි වේ).

    සමූහ දූෂණ මෙහිදී නොසලකා හැර ඇත.

    ReplyDelete
  20. ''මට අමතක වෙලා තිබිලා එකපාරටම මතක් වෙච්ච කාරනයක් උනේ අර ඉන්දියාවෙ සමූහ දූෂණ නඩුවේ එක තැනකදි මනෝවෛද්‍යවරයෙක්ද කොහෙද කියලා තිබ්බා මේ ගෑණු ළමයාට නොමැරී බේරෙන්න තිබුනා පොඩ්ඩක් මොලේ කල්පනා කලා නම් කියලා. දෙන්නටම සම්පූර්ණ සිද්ධියෙන්ම ගැලවෙන්න තිබුනා ඔයිට වඩා පොඩ්ඩක් කල්පනා කලා නම් කියලා. ඒ කියන්නෙ දූෂණය උනත් වඩා වැදගත් වෙන්නෙ තමන්ගෙ ජීවිතය බේරා ගැනීම නිසා..ඒ දෙය කර ගන්න පුළුවන් නම්.''

    අන්න ඒ ක්‍රමේ මොකක්ද කියල විස්තර කරමු බලන්න . ..ඕන වැඩේ කරගන්න දීලා සද්ද නැතුව ඉන්න එකද මේකෙන් අදහස් කරන්නේ . පන බේරන් ආවා කියමුකෝ.''ඕකි හතර පස් දෙනෙක් අතින් සල්ලං වෙලයි ඔය ඇවිත් ඉන්නේ '' ඔන්න ලේබලේ . ආයේ මලා නම් හොඳයි කියල ඊගාවට හිතෙයි.

    මේ කථවේ සිද්ධියත් අවුල් . මොකද ඔය දේ වුනේ පිරිමියෙක් අතින් නම් ගුටි ගහගන්නවා විතරයි . ගැහැනියක් නිසා අමතර වාසියකුත් ලබාගෙන .

    ඔය පොඩි එවුන් හෙම දුෂණය කරන්නේ මොකෝ දන්නේ නැහැ . හරි හමන් විදිහට ගැහැනියක් පොළඹවා ගන්න බැරි කම වෙන්න ඇති. .කොහොම කලත් සමාව දිය නොහැකි බරපතල වැරද්දක් ..අර සපා කිවා වගේ සාරුවා සුනිල් මල් මාල දාල පිළිගත්තු රටේ මේවා ගැන වැඩිය කතා කිරීම කාලය නාස්ති කිරීමක්.. අපේ දරුවෝ පරිස්සන් කරගැනීමයි පුළු පුළුවන් හැටියට කරන්න තියෙන්නේ .

    ReplyDelete
  21. පාර්ශව දෙකේම පැහැදිලි එකඟතාවයක් නැතුව ලිංගික ක්‍රියාවක් සිද්ද වෙනවා නම් ඒක තනිකරම දූෂණයක් . .

    ඒක මොනම හේතුවක් නිසා වත් සාධාරණීය කරණය කරන්න බෑ . . . බාසුන්නැහේගේ සිදුවීමේ තනිකරම තියෙන්නේ ක්ෂණික කෝපය වෙන්න ඕන. ඉලාස්ටික් එකක් ඇදලා ඇදලා ඉලාස්ටිටි එක නැති උනු වෙලාවක සිද්ද වෙච්චි සිදුවීමක් ඒක.

    දේශපාලකයෝ, පොලිස්කාරයෝ, ඔෆිස් වල ලොක්කෝ සහ පොඩ්ඩක් හරි බලය පෙන්වන්න පුලුවන් දූෂකයෝ රකින රටක් වෙච්චි අපේ රටේ දූෂකයන්ට ඉතාලියේ මාෆියා සංවිධාන වලින් (ගෝඩ් ෆාදර් වගේ වත්) දඬුවම් කලා වගේ මිනිස්සු හරි සංවිධානය වෙලා දඬුවම් දෙන්න ඕන . .

    එතකොට අතවර වෙන එකේ ජීවිතය බේර ගන්න හිතලා අතවරේ ආතල් ගන්න සීන් එකක් කර ගන්න එක කෙසේ වෙතත් එකෙක් දෙන්නෙක් හරි උසාවියෙන් දඬුවම් නොලැබුනත් ගමේ උන්ගෙන් බඩු බනිස් වෙයි කියල වත් බයට දූෂකයෝ නිවී ඉඳී . .

    ReplyDelete
  22. මෙතන අධිකරන වෛද්‍ය විද්‍යාව පැත්තෙන් බලලා වෙනම පෝස්ට් මාලාවක්ම ලියන්න පුලුවන්. මෙතනදි දූෂනය සහ දූෂකයා කියන එක ගැන පැහැදිලි අවබෝධයක් තිබීම වැදගත්. කොටින්ම තමන්ගේ භාර්‍යයාව පවා දූෂණය කල හැකියි සහ ඒ පුද්ගලයාත් ස්ත්‍රී දූෂකයෙක් කියන එක අපි ගොඩ දෙනෙක් දන්නේ නෑ. ඒවා පැත්තක තියලා මේ පෝස්ට් එකට එනවා නම් මං හිතන්නේ දූෂනය කියන එක පිටිපස්සෙ තියෙන කොන්ටෙක්ස්ට් එක එහෙම නැත්නම් සන්දර්භය වැදගත්. මගේ පෞද්ගලික මතය නම් ඒ ඒ සන්දර්භය වෙන වෙනම සලකා (case by case) දඩුවම් නීර්ණය කිරීම සාදාරණයි.
    දූෂකයා විවිධ විදිහට වර්ග කරනවා. මේ තියෙන්නේ එහෙම කරපු වර්ග කිරීමක්.
    Power Reassurance Rapist -
    Power Assertive Rapist -
    Anger Hostility Rapist -
    Anger Excitation Rapist -
    Opportunistic Rapist -
    මේ වර්ග කිරීම දිහා බැලුවම පැහැදිලිවම අපි බහුතරයක් හිතනවා වගේ දූෂනය කියන්නේ හුදු තෘප්තිය අරමුණු කරගත් එකක්ම නෙවෙයි. ඇතැම් විටෙක තෘප්තිය ඔහුගේ හිතේ කොතැනකවත් නොතියෙන්න පුලුවන්. ඒ නිසයි සන්දර්භය සලකා දඩුවම් පැමිනවිය යුතුයැයි මං කිව්වේ!මේ බව බොහෝ දෙනෙක් දන්නෙ නෑ සහ මේ කොමෙන්ට් තුලින් මේ ගැන දැනගන්න පාථකයන්ට පුලුවන්. ඒ නිසා මේ පෝස්ට් එක සෑහෙන්න වැදගත්.

    ReplyDelete
    Replies
    1. අනේ තෝ මෙතන පොර වෙන්නෙ නැතිව හිටපිය තෝ නයා අරිනව කියල ඔක්කොටම තේරෙනව.විකිපීඩියා එකෙන් ඉංග්‍රීසි කෑලි අරන් කොපි පේස්ට් කරල

      Delete
  23. මුලින්ම මෙතන මේ කාන්තාව විසින් බාස්ට එරෙහිව වාචික හිංසනයක් කර තිබෙනවා.කාන්තා සංවිධානකාරයන්ගෙ වචන වලින්මයි කියන්නෙ.ඒකට මේ කාන්තාව දඩුවම් ලැබිය යුතුයි.එම වාචික හිංසනයට එරෙහිව කාන්තාව ශාරීරික හිංසනයට හා ලිංගික හිංසනයට ලක් වෙලා.මේ ප්‍රශ්න දිහා පිරිමින් බලන්න ඕන තමන්ගෙ ඔළුවෙ දාල තිබෙන කටු ඔටුනු ගලවලයි.මෙතන පස්සෙ කරපු වැරදි දෙකට විතරක් දඩුවම් ලැබිල

    මම මෙහෙම කිව්වෙ නිරෝෂිනි අන්තවාදී විදියට කතා කළ නිසයි.ස්ත්‍රී දූෂනය බරපතල වරදක්.ඊට දඩුවම් ලැබිය යුතුයි.

    මේ ලිපිය සහ කොමෙන්ට් ඕනෑකමින් කියවනකොට තේරෙන දෙයක් තමයි කාන්තාවන් තමන්ගෙ කාන්තා සීමාව තුල ඉදල යමක් කරනවනම් දෙගොල්ලටම ගැටළුවක් නෑ කියන එක. දැන් මේ කතාවෙ ගෑණු කෙනා වගෙ ගෑණු ඉන්නව.අර මනුස්සය වැඩ කරල පඩි දෙන්නෙ නැතිව බැනුනුත් අහනවනම් ඒක සාධාරනද? මේ වගෙ මිනිස්සු මාස් පඩි කාරයො නොවෙයි.අනික ඔය ගෑනුකෙනා එක්ක වාදෙට ගියා නම් අනික් පැත්තට පොලීසි ගිහින් අතවර කරන්න හැඳුව කියල බොරු පැමිනිලි දමයි.

    පොඩ්ඩිගෙ කතාව ඇත්ත.නිරෝශිනි අන්තවාදී විදියට අදහස් දක්වල.එයා ගැටුමකට යන්න වගෙ හඳන කෙනෙක්.අන්තවාදී කාන්තා සංවිධාන මේ ප්‍රශ්න අවුල් කරනව.

    තමන් යම් වැඩක් කරපුවම ඒ අයගෙ මහන්සිය ගන්න මොනවහරි ක්‍රමයක් අවශ්ය බවයි මම හිතන්නෙ.අනික මේ වගෙ මිනිස්සුන්ගෙ ( semi skilled and non-skilled ) අයිතිවාසිකම් වෙනුවෙන් මොනව හරි දෙයක් කරන්න ඕන.

    ReplyDelete