ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, November 4, 2013

හෙණ ගහපන් ගණන් බලපන් ! Past memories about Lightening..

Photo courtesy : http://www.fantasticviewpoint.com/amazing-photos-of-storms-and-lightning/lightening-storm-moon-2/


"ඔය බිල්ලො ගොරවන්නෙ මයෙ පුතා හබුන් නොකා ඉන්න හින්දා..ආ මේ කට කන්ඩකෝ..."

අපේ ආච්චි අම්මා රටේ ලෝකෙ, ස්වභාධර්මෙ සිද්ධ වෙන දේවල් සේරම තමන්ගෙ වාසියට හරවා ගෙන අපි ලව්වා අපි ආස නැති වැඩ කොරවා ගන්න හරිම දස්සයි..


ඒ දවස් වල බය, කුතුහලය, වගේම මහා ලොකු ගෞරවයක් දැනිච්ච සංසිද්ධියක් තමයි අකුණු ගහලා, ගොරවලා වහින එක..වහින එක නම් ඉතින් ගොරවලා අකුණු ගහන්නෙ නැතුවත් සිද්ධ වෙන නිසා ඔය තුනම වෙන කොට අපි පොඩි උන් කාලෙ ඉන්නෙ එක්කො ආච්චිගෙ තුරුලෙ, නැත්නම් අම්මගෙ තුරුලෙ ලිප ළඟ..


ඇස් ගිනි කන වැටිලා යනවත් එක්කම අපි මුලින්ම කරන්නෙ කන් දෙකේ ඇඟිලි ගහ ගන්න එක..කන් දෙකේ ඇඟිලි ගහ ගත්තත් සද්දෙ එච්චරම අඩුවෙන්නෙ නැටි උණත්..ඒක ඉබේම සිද්ධ වෙන දෙයක් උණා..ඇත්තටම කන් දෙකේ හරියට ඇඟිලි ගහ ගත්තොත් මුකුත්ම ඇහෙන්නෙ නෑ බව හැබෑව..අම්මා හරි , තාත්තා හරි, අයියා හරි මම මොනා හරි ලොකු වැරැද්දක් කරාට පස්සෙ ටොක්කක් ඇනලා නැත්නම් වේවැල් කසාය දීලා ඊට පස්සෙ දෙසන දේශනාව පටන් ගත්ත වෙලාවෙ ඉඳන්ම කොහෙ හරි මුල්ලකට වෙලා කන් දෙකේ හොඳට ඇඟිල්ල ගහන් උන්නට...ගොරෝන සද්දෙ අසිරිය අහන්න අපි එහෙම කළේ නෑ..
මුල් කාලෙම මම හිතුවෙ අහසෙ අපිට නොපෙනෙන්න තියේන මහ කළු ගල් පෙරළෙන සද්දෙ තමයි ඒ ඇහෙන්නෙ කියලා..පස්සෙන් පහු ඔව්වයෙ කරුණු කාරණා හරියටම සහසිද්දෙන් දැන ගත්තත්..
ඇයි අකුණු ගහන එකට ගෞරවයක් ඇති උණේ ?


අපේ ගමේ හිටිය ටිකක් නරක වැඩ කරන ආතා කෙනෙක් අපි ගොඩක්ම පොඩි කාලෙ මැරුණෙ අකුණක් ගහලා..


අපේ වැඩිහිටියො කිව්වෙ උන්දෑ කරපු පව් වැඩ හින්දා තමයි එහෙම උණේ කියලා..


ඒත් වෙලා තිබ්බෙ ඒ ආතා හේන ගහ ගහා වහින දවසක උළුවස්ස උඩ ඉඳන් මොකද්ද යකඩ කෑල්ලක් ද මොකද්ද අල්ලා ගෙන ඉඳලා..
පුංචි කාලෙම නරක වැඩ කළොත් හෙණ ගහනවා කියලා බය කරලා තිබ්බ නිසාම අපි හිතන් හිටියා අපි කරන හැම මගෝඩි වැඩක්ම අහස දන්නවා..දවසක අහස තමයි අපිට නිසි දඬුවම දෙන්නෙ කියලා.. ඒ වගේමයි අපේ වැඩිහිටියො තමන්ට වෙන දරා ගන්න බැරි අසාධාරණයක් ඉස්සරහ අහසට අත්දෙක උස්සලා ,


"ඕකුන්ට හෙණ හතම වැඩියන් "

කියලා ශාප කරලා හිත නිවා ගත්තා..ඒත් එහෙම හෙණ හත වැදිච්ච කෙනෙක් ගැන නම් මම අහලා තිබ්බෙම නෑ..


ඔය පොඩි කාලෙ ඇති වෙන බය නැති කරන්න ජීවිත කාලෙම ගියත් බැරි නිසා වෙන්නැති..අදටත් මම නම් අකුණු ගහ ගහ වහින කොට එළියට බහින්න පොඩ්ඩක චකිතයක් තියෙනවා.. ඇයි හත් ඉලව්වේ කොහේ හරි යන අකුණක් මගේ ඔළුවට පාත් උණොත් රට්ටු මොන තරම් නම් කතා නොකියයිද ? අපි බොහොම ලැජ්ජා බයට හදිච්ච කොල්ලො උණත්...කරපු නොකරපු සේරම නොසන්ඩාල වැඩ ගැන කියලා එව්වයෙ ප්‍රතිඵලයක් විදියට තම්යි ඔය නම් හෙනේ වැදුනෙ කියලා කියනවට මෙන්න කැට..


මගේ ජීවිත කාලෙටම එකම එක වතාවක විතරයි අකුණක් ළඟින්ම වැදුණේ..


අපේ ඔය රුචා ගේ ලංකාගමනයක් වෙච්ච එක අවස්ථාවක..ගෙට් එකේ ඉඳලා කෙළින්ම ඔය සෙට් එකේ කීප දෙනෙක් අපේ ගෙදර එන්න කතා උණා..මමත් බොහොම සතුටින් පිලි ගත්තා මොකද හරියටම එදා රෑ අපේ ගේ ඉස්සරහා තිබුණු දේවාල භූමියෙ ගම්මඩුවක් තිබ්බ නිසා..


මම ඉක්මන්ට ගෙදර ඇවිත් පොඩ්ඩක් ගේ අස් පස් කරලා එහෙම ලැපා ළඟ වාඩි උණා..අහස කළුවර කරලා ගොරවා ගොරවා වහින්න ගත්තත් එච්චර අකුණු ගැහිල්ලක් නැති නිසා මම ඒක එච්චර තැකුවෙ නෑ..
දේවාල භූමියෙ ගම්මඩුවට අවශ්‍ය මූලික යාතිකා කීම පටන් අරගෙන තිබ්බා..


එක පාරටම මගේ ඇස් නිලංකාර කරගෙන යන තරමේ එළියක් වැටුණත් එක්කම..කණ අගුල් වැටෙන තරමේ සද්දයකින් මුළු පරිසරයම දෙදරන්න ගත්තා..මම මවුස් අල්ලගෙන හිටි අත දිගේ කරන්ට් එක මුළු ඇඟ දිගේම යනවා දැනුණා එක්කම මගේ මුළු ඇඟම හිරි වැටුණා..නැගිටින්න හැදුවත් වාරු නැතුව පුටුවත් පෙරළා ගෙන මාව බිමටම වැටුණා..


ඒ ක්ෂණයකින් මගේ හිතට දැනුණා අකුණක් වැදුණා තමයි කියලා..මම කළුවරේන දුවගෙන ගිහින් පැන්නා ඇඬ උඩට කකුල් දෙකත් ඇඬ උඩට ගත්තා..එහෙමම විනාඩි කීපයක් ඉන්න ඇති..හැම තැනම ලයිට් ගිහින් ඒත් ලැපාගේ එළියෙන් මගේ සාලෙ විතරක් අඳුර මැකුණා..


ඊළඟ අකුණ ගහන්න ඉස්සර ලැපාව ඕෆ් කරලා..වාසනාව කියන්නෙ ලැපාඨ මුකුත් උණේ නෑ..ඒත් මීයා නම් මැරිලා..තිබ්බෙ..


නිවිලා ගිය ට්‍රිප් සුවිචය දාපු ගමන් ආයි ලයිට් නම් හරි..එතකොටත් ගම්මඩුවෙ හිටිය කට්ටිය තුෂ්ණිම්භූත වෙලා..එහෙ මෙහෙ දුවනවා..ඒ එක්කම වැස්ස දෙන්න ගත්තා හිටගෙන පුක හෝදන්න පුළුවන් සයිස් එකට..


පස්සෙයි දන්නෙ..අකුණ ගහලා තියෙන්නෙ ගම්මඩුවට ගෙනාපු විදුලි උත්පාදක යන්ත්‍රය හෙවත් ජෙනියට..ඒක අටවලා තියෙන්නෙ පොල් ගහක් යට..පොල් ගහ ආකහෙන් භාගයක් උසයි..


ඉතින් අකුණු නොඇද තියේයැ ?


ජෙනිය නම් සොරි වෙලා තිබ්බා..ටික වෙලාවක් යනකොට අපේ සෙට් එකත් නාගෙනම ආවා අපේ ගෙදර..


හැබැයි ඉතින් තියෙන තියෙන විදියකට කාලා බීලා ගම්මඩුවත් ටික වෙලාවක් බලලා මහ රෑ ජාමෙ ඒ ගොල්ලො පිටත් උණා..


පහු වෙනිදයි අකුණෙන් වෙච්ච හානිය ගැන දැන ගත්තෙ..ගොඩක් ගෙවල් වල විදුලි බුබුළු එහෙම පිච්චිලා ගිහින් තිබුණා..ගම් වල මිනිස්සුත් දන්නෙ නැද්ද ඉතින් කියන කතා නිසා වෙන්න ඇති...සාමාන්‍යෙන් ගම්මඩුව සලකන්නෙ ගමටම ශාන්තියක් ගෙනදෙන ශාන්තිකර්මයක් විදියට්..ඒකට හෙණයක් ගැහුවා කීවම..දන්නෙ නැද්ද..


ඒ අවුරුද්දෙ ඒ නිසාම ඒ ගම්මඩුව පැවැත්තුනෙත් නෑ..


මේ දවස් වලත් ඉතින් එක ඕසෙට හවසාට හවසට අකුණු ගහන නිසාවෙන් මේ සිද්ධිය මතක් උණත් මගේ හිතේ රැඳිලා තියෙන්නෙ අකුණු , හෙණ ගැන මෙන්න මේ වගේ අදහසක් තමයි..මේ අදහස මුලින්ම මම ගත්තෙ ඔය රීඩර්ස් ඩයිජස්ට් සඟරාවෙන් තමයි..


ඔළුවට හෙණ හත වැදුණත් ඉතුරු වෙලා තියෙනවා නම් දත් ටික..හිනා වෙන්න තියෙන්නෙ උඩ පැන පැන...


කොහොමද ධනාත්මක චින්තනය මේක ඇතුළෙ තියෙන..
ඒත් තාම එකක් වත් ඔළුවට වැදිලා නැති නිසා ඔන්න ඔහෙ ඉන්න විදියටම ඉන්නවා..


මේ අනිච්චං ලෝකෙ ඉතින් ආයි අද හෙට කියලද දන්නෙ නෑ හෙණයක් වදින්නෙ...දැන් ඉතින් කමක් නෑ ඒ ගැන ලියලා තියෙන හින්දා..
පත්තරේ වැටෙයි.


"තමන්ගේ මරණය කලින් දුටු අනාගත වක්තෘ"


කියලා.. ඒත් මදෑ !

40 comments:

  1. රුචා සම්බන්ධ නිසා මම හිතන්නෙ ඕකට රුචාගේ වාසනා මහිමය බලපාන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ඔය කියන දවසෙ ගෙට්ටුවෙ බොලාත් හිටියෙ..එන්න කීවට ආවෙ නෑනෙ..ආපු උන්ගෙන් කාගෙ වාසනා ගුණයද මන්දා ?

      Delete
  2. ලස්සන ලිපියක්! මම ආසම කෑල්ල තමයි" වැස්ස දෙන්න ගත්තා හිට ගෙන පුක හෝදන්න පුළුවන් සයිස් එකට" . වේදිකා නාට්‍යකට හොඳ දෙබස් කන්ඩයක්....

    ReplyDelete
    Replies
    1. හයියෙන් වහින හැම සැරේම අපි එහෙමයි කියන්නෙ !

      Delete
  3. මචෝ හෙන ගහන්න ඕන උන් පැත්තක ඉන්දැද්දි.. මේ ගහෙන් වැටිච්ච උන්ටම නේ ඒවත් වදින්නේ.. දෙයියෝ අල් වෙලාද මක්කා වෙලාද නම් නොදනී..

    මීයා මළායි කිව්වේ.. උඹේ මීයා නොවෙයිනේ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත..වදින්න ඕනි උන්ට කවදා වදීද මන්දා ? නෑ නෑ මගේ පරිගනක මූසිකය මලේ !

      Delete
    2. වෙනී අයියගේ කොයි මියටත් හරියට අපල නේද..?

      Delete
    3. ශාන්තිකර්මයක් කොරන්ඩ ඕනි බන්..

      Delete
  4. මම නම් අකුණු වලට තාමත් භයයි...අපේ නිවස වෙලක් අද්දරම තියෙන හින්දා කණ පුරවලා අකුණු ගහන්නෙ...කන් බෙරේ මෙච්චර කාලයක් බේරිලා තිබ්බ එකත් මදෑ....

    සිකේ....එතකොට දැන් මීයා නැද්ද.....

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම සමහර තැන් තියෙනවා..වැඩියෙන් අකුණු වදින..
      අපොයි පස්සෙන් පහු වෙනිදම කඩෙන් තව එකෙක් ගත්තා..

      Delete
  5. උඹේ මීයට සහ ඊට අදාල උපාංගවලට මහාම නරක කාලයක් ලබලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් බන්..ඒක නම් ඇත්ත..ඒත් දැන් මීයක්ගෙ ගනන් බැහැල හරියට..මම දුටුවා රු. 200ටත් කඩේ තිබ්බා..කොලිටි නම් අවුල් ඇති...

      Delete
  6. අකුණු වලට මම කෝමත් අකමැති හන්දා ඒ ගැන මුකුත් නොකියමි.. ඔය මීයටත් වෙන්නේ නැති දෙයක් නැහැනේ වෙනී අයියේ බලාගෙන යද්දී..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මටත් පුදුම ලැපාට මුකුත් නොවී කොහමද මීයා විතරක් මලේ කියලා..හැබැයි මීයව අල්ලන් හිටි අත දිගේ කරන්ට් එකක් යනවා නම් දැනුනා..

      Delete
    2. ලැපාට මුකුත් නොවී මීයා මගේ කොහොමද කියන එක පුදුම වෙන්න කාරණාවක්ද වෙනී අයියේ. දැන් බලහංකෝ ඒහෙමනං උඹ ඔය තාමත් යසට ඉන්නේ.. :D

      Delete
    3. ඒක නොවෙන්නම් !

      Delete
  7. මටත් එකක් ලාවට වැදිලා තියනවා.. ඒක වැහි නැති අකුණක්...

    උඹේ මීයාට සෑහෙන අපලයි..... නරකද සෙතක් සාන්තියක් කරලා නූලක් බැන්ද නම් එහෙම....

    ReplyDelete
    Replies
    1. දවස් හතක් බෝධි පූජාවක් තියන්න ඕනි..පූසන්ට දානයක් දෙන්න ඕනි.. ඕකට ඔරිමජිනල් නූලක් ආවා තිසර..කොහෙද තිබ්බ දාංගලේට ඒක කඩා ගත්තෙ ඒ කාලෙමයි ...

      Delete
  8. ලියන්නා පොඩි කාලේ ගැන ලියලා තියෙන හැටි හරිම ලස්සණයි. ආපහු පොඩි කාලෙට අපි හැමෝම ගෙනියනවා වගේ. පොඩ්ඩිත් අකුණු ගහනවට තාම බයයි. :)

    ReplyDelete
    Replies
    1. 99.9% කම අකුණු වලට බය ඇති පොඩ්ඩියෙ..පොඩි කාලෙ ඉඳන්මයි ඒ බය එන්නෙ..

      Delete
  9. කරන්ට් ලයින් එකෙන් සහ වතුර ලයින් එකෙන් දෙපාරක්ම මටත් ඔය වගේ වැදිල තියෙනව හෙණ.

    අපරාදෙ වෙනී අයියට තිබුණෙ කලිංම මීයට අකුණු සන්නායකයක් හයි කරගන්න. අර සහන්ට කිවුවනං වැඩේ ගොඩ දාගන්න තිබ්බ. :D

    ReplyDelete
    Replies
    1. ආ සහන් කිව්වෙ අපේ සයිලන් සහන්ද ? මිනිහා මීයන්ට අකුණු සන්නායක හයි කරනවලුද ? එහෙනම් ඕඩරයක් දාන්න ඕනි !

      Delete
  10. පොල් ගහ ආකහෙන් බාගයක් උසයි.. මරු උපමාව... අපේ පොඩි උනුත් එහෙමයි බං අකුණු ගහන කොට කකුල් දෙකත් අරන් ඇද උඩ පරිස්සමට තියාගන්නවා. උඹට මීයන්ගෙන් හරිම කරදර නේද???

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..මගේ මීයන්ට මාරකයක් ලබලද කොහෙද දේශකයා..

      Delete
  11. අකුණු ගහනවට ගොඩක්ම බය වැඩියෙන් පව් කරන කට්ටියලු .............

    ReplyDelete
    Replies
    1. මැලේ, වැඩිය ඔය නිවිති, හාල්මැස්සෝ, කතුරු මුරුංගා කන්න හොඳ නෑ අකුණු ගහන කාලෙට. :D

      Delete
    2. කවුද මැලේ පව් කරන්නෙ නැත්තෙ නම් !?
      අදම ගිහින් ගෙදර තියෙන නිවිති වැල ගලවලා දාන්ඩෝනි හෙන්‍රි..අකුණු ගහන්නෙ නැති කාලෙක අයි වවා ගන්නවා..

      Delete
    3. නිවිති, කතුරු මුරුන්ගානම් කන්නෙම නැති ගානයි....... හාල්මැස්සෝ නම් මෙහෙ ජාතික ආහාරේ වගේනේ.... හෙන්රි දන්නවද හාල්මස්සට ඉංග්‍රීසියෙන් කියන නම "රයිස් ෆ්ලයි" ලංකාවේ එකෙක් ගිහින් කඩෙන් ඉල්ලලා

      Delete
    4. Black fat rice flies arithmetic.
      කළුතර හාල්මැස්සෝ ගණං.

      Delete
  12. "ඊළඟ අකුණ ගහන්න ඉස්සර ලැපාව ඕෆ් කරලා..වාසනාව කියන්නෙ ලැපාඨ මුකුත් උණේ නෑ..ඒත් මීයා නම් මැරිලා..තිබ්බෙ." එක නිසාද වෙනි අයියේ "මගේ මල්ලී ගැන කෙටි රචනාවක් " පොස්ටුව ලිව්වේ

    ReplyDelete
    Replies
    1. ආ ඒ මල්ලි ගැනනෙ..මේ මීයා ගැන..බොලාටත් හරි ඕනි කමක් තියේ ඕකට මොනා හරි වෙනවා නම් !

      Delete
  13. මටත් එකක් වදින්න තියෙනවා ලගදිම :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ කොහොමද රජෝ ඉස්සරහදි වදින්න යන ඒවා හොයා ගන්නෙ ? අපිටත් කියකෝ..

      Delete
  14. අඩේ අකුණ උඹව තමා හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ පොඩ්ඩක් ටාර්ගට් අප්සෙට් ගිහිල්ලා මේ කොහෙද යන පොල් ගහක් නිසා :-)
    //ඒත් එහෙම හෙණ හත වැදිච්ච කෙනෙක් ගැන නම් මම අහලා තිබ්බෙම නෑ
    හෙණ හතට වැඩිය වැදුන/තාමත් වැදෙන තැන් තියනවා වෙනි අයියේ, ඉන්නකොට කරපු අවලං වැඩ නිසා මැරිලා වලලපු තැනටත් තාම හෙණ වදිනවා කියලා මිනිස්සු විස්වාස කරන තැන් දෙකක් මේ සිරි ලංකාවේ තියනවා.එකක් නුවර එළියේ මේජර් Thomas William Rogers ගේ සොහොන, අනෙක යාල ගල්ගේ J.P. Ireshan ගේ ස්මාරකය.මිනිස්සු කියන්නේ විනෝදයට අලි මරපු සාපය නිසා කියලා.

    ReplyDelete
  15. කියවල ගියා පස්සෙ කමෙන්ට් කරන්නං කියල,දැනුයි මතක් වුණේ.
    මේ දවස්වල පොඩ්ඩක් පරිස්සමින් පාරෙ පලයන්,අකුණු අනතුරු තියනව කියල මම පත්තරෙත් දැක්කා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හැලපේ අයියෙ..මේ දවස් වල හරියට අකුණු අනතුරු වෙනවා නම් තමයි..

      Delete
  16. මීයට අපලයි වගේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් ඒක නේන්නම්..ඌට හැමදාම අපලයි බන්..

      Delete
  17. අකුණු වැදිලා මැරෙන මිනිස්සු ගැන ....මැරුනට පස්සේ කියන්නෙත් ...හෙණ ගහලා මැරිච්ච එකාගේ ගෙදර කියලා.....මම දන්න කොල්ලෙක්ගේ තාත්තා මලේ එහෙමයි. කාටවත් කරදරයක් නැති මිනිස්සු. කොල්ලාට මාර අප්සට් අර වචන වලට.

    ReplyDelete
    Replies
    1. ආ ඒකතාවත් ඇත්තම තමයි අරූ..අර ගෙදරටත් කාලයක් යනකන් කීවෙ හෙන ගහපු ගෙදර කියලයි..

      Delete