ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, July 31, 2013

මට ඉන්නට බෑ...


   අද උදේ ...ඔව් ඔව් උදේ කිව්වට ඉතින් 9.45 විතර මම ගෙදරින් පිටවෙලා කාර්‍යාලයට එන්න බස් නැවතුම් පොළට ආවා. ඔය හරිය කිමි 1ක් විතර පයින් එන්න තියෙනවා. ආයි හවසට යනකොට කිමි 2ක් විතර තියෙනවා. කවුරු හරි ඇහුවොත් උදේ යන පාර රෑ වෙනකොට දික් වෙනවද කියලා..නෑ මම ආපහු එන්නෙ වෙනත් පාරකින්.. පාරෙ කිමි 2යි . එතකොට ඔය කිමි 3 ඇවිදින එක තමා මගේ දෛනික ව්‍යායාමය.ඉතින් ඔන්න ඔහොම බස් නැවතුමේ ඉන්න අතරෙ මම බෑග් එකට අත දෑවා..මල හත්තිලව්වේ කණ්නාඩි කුට්ටම ගෙදර ඇඳ උඩ. අනිත් කූට්ටමුත් ඇඳ උඩද මන්දා ..අත ගාලා බලලා සුවර් කරගෙනම..පාරෙ යන තුන් සක රියක් නවත්තාගෙන ආයි ගෙදරට ගිහින් කූට්ටම බෑග් එකට දමා ගත්තා

තුන් සක රියැදුරාට මගේ නොසැලකිල්ලේ දඩය රුපියල්ම හැත්තෑවක් ගෙවලා.. ළඟට එන බස් එකට නැග්ගා. බස් එක යනවා නෙවෙයි වලාමේ හැමනෙනවා..පාරේ යන බයිසිකල් කාරයොත් බස් එක ඕවර්ටේක් කර ගෙන යනවා.. උනාට මෙන්න බස් එකේ පට්ට සින්දු ටිකක් යනවා..කරුණාරත්න දිවුල්ගනේගෙ.. ආයි තවුසන්ඩ් ටයිම්ස් ඇහුවත් එපා වෙන්නෙ නැති ඒවනෙ..


ඕකෙන් ලස්සනම සින්දුවක පද වැල මම කලේ මුණු පොතේ ස්ටේටස් එක විදියට දැම්මා. සින්ග්ලිශ් වලින්..කාලෙකට ඉස්සර පත නයෙක් වෙච්ච ගැලක්සි එස් 2 එකෙන් සින්ග්‍රීසි තමයි කොටන්න වෙලා තිබ්බෙ.ඉතින් මම සින්ග්‍රීසි වලින් කෙටුවෙ

 
"
මට ඉන්නට බෑ කොළොම්තොටට වෙලා.."


කියන පදවැල විතරයි. හැමෝම සින්දුව අහල තියෙනවනෙ..මෙන්න වෙලාවෙ එතන හිටපු මගේ බොක්කවල් ටික කියන කතා සහ කවි..


\\
ඔව් ඉතිං කොස්ගහ යට ගෙදර සෝමයි.. පහල ඇල ගාව සුමනයි.. ඕවිටේ ගෙදර සීලවතියි මතක් වෙද්දි උඹට ඔහොම හිතෙනවා ඇති තමා.. ඔන්න ඔහේ ගමට පලයං අයියා... අරුන්දලට යන කලක් තියෙන්නත් එපෑ.. ගෙහුං පරණ පුරුදු විදියට සුදුවා ටිකක් පෙරාගෙන අග මුල අල්ලගෙන හිටහං...\\


මෙහෙම කීවෙ ඉතින් අපේ මාරස් තුමා තමයි. මම අර කසිප්පු පෙරපු කතාව මේ බ්ලොග් එකේ නොලියන්ඩයි තිබ්බෙ..නැත්නම් ඔය සුදුවා බිස්නස් කරපුවා කොහෙ අල්ලන්නද ? ලිව්ව එක මේ තියෙන්නෙ..කියෙව්වෙ නැති අය කියවලා එන්නකො..


ඊළඟට මගේ අවාසනාවට් දාපු එක දැක්කෙ ඇන්ඩා ලමය..ඔව් ඔව් සිකුරා තමයි..ඕකා ඉතින් දැක්කොත් අබ සරණයි..එසැනින් ඔන්න ලියලා දාපු කවිය.මඩ ගොඩක් උනත් පට්ටයි..නැද්ද මම කියන්නෙ

 
\\
වෙල් එලියේ වෑකන්දේ අතපත ගෑවාලූ
දෙවැට ලගම බිම දාගෙන *ලකුත් කැපුවාලූ
කොයි දේසේ හිටියත් එය මතක් කරල යාලූ
වෙනී අයිය *තේ ගහල වතුර යවනවාලූ \\


මගේ ස්ටේටස් එකටත් වඩා මේ වෙනකොට කයියට ලයික් වැදිලා තියෙන්නෙ..


අද රෑම ගෙදර ගිහුන් හිට..කාමරේ තියෙන වෙන්ටිලේශන් කවුළු ටිකයි..රෑට රෑට රස්නෙයි කියලා හායි ගාලා ඇරලා තියෙන ජනේල් ටිකයි වහලා දාන්න ඕනි..මුන් කනේ බලන් හිටියා වගේ මෙහෙම කයි පද බඳින්නෙ..


බත් මාළු වෑංජනත් කවියෙන් ලියන්න හැකි මාරස් තුමා ගමන් ෆෝම් වෙලා මෙහෙම කයියක් කියනවා

 
//
ගමේ ඉදන් පාත් උනත් හිටි හැටියේ         සිදාදියට..

තාමත් හිත ගමේ උන්නු කාලේ කොරපු කුප්ප වැඩට.. 
සෝමා..සුමනා සීලවතී එක්ක නටපු            යුගේට.. 
හිත යනකොට කොළඹ එපා වෙලා අපේ වෙනි අයියට.. \\
 අපි තරහ වෙයි කියලා හයියෙන් වචනයක් වත් නොදොඩන මනුස්පයෙක් වෙච්ච ලිශාන් මලයා මේන් බොලේ..ඔව් ඒකා නම් ඉතින් ඉඳලා ඉඳලා තමන්ගෙ බ්ලොග් එකේ ලියන නිර්මාණත් කලයක් රස විඳින්න පුළුවන් ඒවනෙ..

//
වෙල් එලියට වෑකන්දට මතකෙට මම ආසයි
එන්න කලින් කොළඹට මම *ලක් කැපුවේ ඒකයි
කොළඹ හතේ කොහෙද සැපක්, මමයි අතයි විතරයි
මම වෙනි වෙමි, අසරණ වෙමි, ගීත දැම්මේ ඒකයි //


අම්මපා මුන්දැලට තියෙන මේ කවි බැඳීමේ හැකියාවෙන් වැඩක නොගන්න හැටි කියලා හිතමින් මම ඇති පදමට හිනා උනා.. ඔයවට ඉතින් හතර වටෙන් පෝර දාන උදවිය සෙට් එකම හිටියා වටවෙලා..මේක බ්ලොග් පෝස්ට් එකකට රිංගවන්න හිතුනෙ..මූණු පොතේ තියෙන නිර්මාණ කාලයේ වැලිතලාවට වැහිලා ගියාට බ්ලොග් එකේ තියෙනවනෙ කියන සිතුවිල්ල එක්කයි.

50 comments:

  1. කවූද ඔය නොසන්ඩාල උන්, බලහල්ලකො රෙදි ගලෝල අතට දීලනෙ. D

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මුන් ටිකම තමයි ඉතින් සයිබර් අවකාශයෙ මගේ හොඳම යාළුවො ටික කියලා දුකට සැපට ඉන්නෙ..

      Delete
  2. හොකෑස්... ස්ටේටස් එකට මදි නොකියන්න කමෙන්ට් වැටිල තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් නේ..නිකමට දාපු ස්ටෙටස් එක..මදැයි ගිය දුර !

      Delete
  3. හෆ්ෆටසිලි ! වෙනී අයියා ත්‍රස්තවාදී ප්‍රහාරයකට ගොදුරු වෙලානේ.

    ඔහේ ‘ඇහැක් විදියට‘ කුට්ටම ගෙදර තියල ගියා නම් අහවරයි නෙව. හෙනං ඔය කඩප්පුලි කතා අහාන්ට වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අන්තරජාතික ත්‍රස්ත ප්‍රහාරයක් මල්ලි..හද්දෙයියනේ ඔය කූට්ටම නැතුව මම දෙයක් කියවන්නෙ කොහොමෙයි ? දැන් නම් උදෙන්ම කරන්නෙ කූට්ටම බෑග් එකට දමා ගන්නවා ..

      Delete
  4. මරු හිටිවන කවි කරයෝ ටික... හි හි

    ReplyDelete
    Replies
    1. ඔව් හිරුවො බලන්ඩකො හොඳ දේකට කවියක් තියා වචනයක් වත් නොදොඩන මුන් !

      Delete
  5. සෝමයි සුමනයි සීලයි වෙනියයි
    නැටූ නැටුම් නොම දන්නේ කවුරුයි
    කොලේ වහන්නට හදන්නේ අපටෙයි
    කුට්ටම ගෙවිලා නැත්තං පුදුමයි

    ReplyDelete
    Replies
    1. පට්ටයි ! ඔය ඉන්නෙ තව අංකුර කවියො !

      Delete
  6. පට්ටම පට්ටයි වෙනි පෝස්ටුවත් ඒ නිර්මාණත් කියල වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ගෞරවය හිමි වෙන්ඩ ඕනි ඔය කවි ලියපු ඈයොන්ටම තමයි නලින්..

      Delete
  7. //.අත ගාලා බලලා සුවර් කරගෙනම..පාරෙ යන තුන් සක රියක් නවත්තාගෙන ආයි ගෙදරට ගිහින් කූට්ටම බෑග් එකට දමා ගත්තා. //

    උඹේ ඔය කුට්ටම උඹට පුදුම කරදරයක් වෙලා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් බන් අයිලාස් සහතික ඇත්ත..

      Delete
  8. ඔය ගමේ කාන්තා නම් තුන දැක්කාම මට මතක් වුනේ මේ කවිය

    ලීලයි කමලයි චම්පයි රේඛයි
    භානුමතියි නයනයි සඳලේඛයි
    දිය ගෙනියන්නට එන ලිඳ මේකයි
    මේ ලිඳ ලඟ කවදත් අවිවේකයි

    ReplyDelete
    Replies
    1. ඔය ටියුන් එකට කවි හැදුවහැකි ගමකට කතන්දර...

      Delete
  9. [si="2"]පට්ටයි ඕයි[/si]
    [si="3"]පට්ටයි ඕයි[/si]
    [si="4"]පට්ටයි ඕයි[/si]
    [si="5"]පට්ටයි ඕයි[/si]
    [si="6"]පට්ටයි ඕයි[/si]
    [si="7"]පට්ටයි ඕයි[/si]

    වෙන මොනා කියන්නද මන්දා මේ ගැන.

    ටික කාලෙකින් මේ පැත්තේ එන්න ලැබුනේ. මුල හරිය කියවද්දී හිතුණා වෙනී අයියගේ රචනා විලාශය වෙනස් වෙලාවත්දෝ.. කියලා. මට අද උදේ නිකමට වගේ හිතුණා වෙනී අයියා අපේ පැත්තේ එන්නෙ නැත්තේ මොකෝ කියලා. ඔන්න ඔහේ මේන් මේ ගමට වෙලා බතක් බුලතක් කොරන් හිටහන් කොළුවෝ. ඔය ගිනි කාස්ටකේ ගෙන්දගම් පොළොවෙ කරවෙන්නැතුව.

    ReplyDelete
    Replies
    1. ඒක නම් හොඳ අදහස අකමා..ඒත්..
      සති පහක්ම ගමේ ඉන්නකොට.. ඔහොම හිතිච්ච වාර ගණන අනන්තයි..

      Delete
  10. හපොයි උබත් නිකන් ඉන්න බෑරුව කරගන්න දෙවල්.හරි මෑන්ස්ල ටිකක් නෙ ඉන්නෙ.ඔන්න් එ අස්සෙ ඉවනුත් තව එකක් ලියල

    ReplyDelete
    Replies
    1. ඔව් දමිත් මල්ලි හොඳ වෙලාවට ඉවාන් මලයට මගේ ස්ටේටස් එක අහු වෙලා නොතිබ්බ..නැත්නම් එතනම පතුරු ගහනවා.. මුකුත් කියන්නෙ නෑ ඔය බොක්කවල් ටික ගැන නම්..

      Delete
  11. පට්ට කවි ටික ආ . හැක හැක හැක .....
    //ඒ උනාට මෙන්න බස් එකේ පට්ට සින්දු ටිකක් යනවා..//
    හෑ මොකක්ද බොලේ ඒ බස් එක ? .
    ඩ්‍රයිවර්ටයි කොන්දටයි මල් තියන්න ඕන .

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා ! ඔය 174 බස් එකනෙ මල්ලි..මගේ සුපුරුදු බස් එක..

      Delete

  12. [si="8"]චීයා වල් කොල්ලෝ![/si]

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත හෙන්රි.. හොඳ වෙලාවට හෙන්රි සර් මූණු පොතේ කරක් නොගහන්නෙ.. නැත්නම් ඉතින් අපි නොදන්න චෙස් !

      Delete
  13. වෙලාවට ඕක දැකල මම සද්ද නැතිව හිටියේ. එහෙනං මුං කවි කියන ඒවා දිහා බල බල මට නිකං ඉන්නයි තිබ්බේ.. රස හිටි කවි.. ලීෂාන්ගේ එක නං එළ

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ! බොලත් ඉතින් මට නම් අන්විශ්වාසබල් තමයි..
      ඔව් බන් කවි ටික මාත් රස වින්දා..හිනා වෙන එක බෙදා ගමු කියලයි මෙතන දැම්මෙ..

      Delete
  14. මොනවා උනත් වැනි ඔය උදවිය ඇත්ත ඇති සැටියෙන් කියල තියනවා කියන එක තමා මට නම් තේරුනේ ඔන්න ...

    ReplyDelete
    Replies
    1. ළඟ ඉඳන් බලන් හිටියා වගේනෙ කියලා තියෙන්නෙ..මට කෑගැස්සුනා පුදුමෙට කොටින්ම !

      Delete
  15. හෆොයි වෙනී අයියේ බොට අහල පහලක ගෙදරක රෙදි වැලක් වත් නැද්ද බන් එල්ලිලා මැරෙන්න . . හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. ආයි අහලා මල්ලි..දැන් මම කොහොමෙයි ලෝකෙට මූණ දෙන්නෙ බලහන්කෝ !

      Delete
  16. ‍අපොයි කුට්ටමක් හන්ද වෙනී අයිය අහගෙන තියෙන කතා ටිකක්.

    පැල්මඩුල්ල පැත්තෙ ඉඳං කොළඹ ආපු වෙනි අයියට
    කොළඹ හතේ හෝටල්වල කෑලි දිරව ගන්න බැරුව
    ගමේ තියෙන වැල වරකා මතක් කරන් හොඳ පදමට
    බ්ලූ (රේ) සීඩී දාගෙන අත මරනව රෑට රෑට

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ ප්‍රසා අයියගෙන් කයියක්... හෑ.... :o

      Delete
    2. ඔව් බලහන්කො මු සෙට් එක හිමිජ්ජො වගේ හිටියට මඩකට කවි ලියවෙන්නෙ උණ බඩ ඇදෙන ගානට !

      Delete
  17. ඔකේ තනිකරම වැරැද්ද කන්නාඩි කුට්ටමේ....

    කුට්ටම අරගෙන දෙකට පලාලා බේරේ වැවට දාපං
    පරණ සිංදු ගිය අර බස් රථයට හෙන හතක්ම වැදියං
    තුන්සක රියදුරු යනේන හැම තැනම හයර් ගලාන වරෙං
    දෙවිරැකවරනින් අපේ වෙනි අයියට ගමේ යන්ට ලැබියං

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අපොයි කූට්ටම පරිස්සම් කරන්නෙ හරියටම ඇස් දෙක වගේ රාජ් ! ඕක නැති උනොත් මොනාවත් කියවලා හමාරයි..

      Delete
  18. ගලක් කපපු කාලයක් මතක නැහැ.තැන්ක් යු මතක් කරාට.

    ReplyDelete
    Replies
    1. තව මොනා අමතක වෙලාද දන්නෙ නෑ බොටත්..කී වර්ඩ්ස් ටිකක් එවන්නද මේල් එකකට !

      Delete
  19. කූට්ටම් කවි...:D

    යස කවි ටික..

    ReplyDelete
  20. මට නං තේරෙන්නෙ නෑ .. ඒ කියන්නෙ ඉසුරුමුණියෙ ගල් කැටයං කැපුවෙ වෙනීමද ?

    ReplyDelete
    Replies
    1. අනේ එච්චර ලොකු ගල් කපන්න තරම් එකෙක් යෑ සරත් අයියෙ මම ?
      බොලා බබා ! හුහ් !

      Delete
  21. මම ස්පෑම් එකට කමෙන්ටුවක් එව්වෙමි..

    ReplyDelete
    Replies
    1. හරියටම ඒකට ඔබන හැටි උඹ දන්නව වගේ.. හොරා...

      Delete
    2. ඒ ක්‍රමය ඉබේම අහුවුනා මට. කියල දෙන්නෙ නම් නෑ.. :p

      මේ දවස් වල මං දාන සමහර කමෙන්ට් පබ්ලිෂ් වෙලා ස්පෑම් වෙනව. :(

      Delete
    3. චන්දන මල්ලි මම බලලා නොට් ස්පෑම් කියලා තෝරන්නම් ..සොරි වෙන්ඩ ඕනි..දැන් ජාලගත වෙන්නෙ බොහොම ටික වෙලාවයි..ඒකයි

      Delete
  22. Replies
    1. සික් තව දෙතිස් දන්ත කල්‍යාණෙම දාලා හිනා වෙන අපූරුව !

      Delete
  23. පට්ට පට පට,වෙනියගෙ කවි ටික

    ReplyDelete
    Replies
    1. හැලප අයියෙ ඔය මම ගැන අනුන් කිව්ව කවි ටිකක් ..බොලත් ඉතින් දීකිරට සාක්කි කියයි..මම නොදන්නවද ඉතින් !

      Delete
  24. \\වෙල් එලියේ වෑකන්දේ අතපත ගෑවාලූ
    දෙවැට ලගම බිම දාගෙන *ලකුත් කැපුවාලූ //

    පරණ කතන්දර හැටක් විතර මතක් උනා මලේ ...!

    ReplyDelete
    Replies
    1. හා හා අයියෙ..
      ඔය මතක් වෙච්ච ඒවා ලියලා දාන්ඩ අප්පා..

      Delete