ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, July 26, 2013

ඇස් රතු උන විහිළුව..

මම සති පහක්ම ගමේ හිටියා කියලා හැමෝම දන්නවනෙ..මූණු පොතේ නම් විඩින් විඩේ මම දාපු ස්ටේටස් ඇහැ ගැටිච්ච අය දන්නවා.. ඔය අතරින් කීප දෙනෙක්ම දුරකථනයෙන් කතා කළා..සමහරු චැට් කළා. දැන් නම් අසනීප තත්වය හොඳ වෙමින් යනවා..

ගමේ ඉතින් මම හිටියෙ ලොකු අක්කලයෙ දිහා. අභීත,නුවන්, පූසා සහ රාමා සහ තව කීපදෙනෙක්ම එහෙ අම්මලගෙ මල ගෙදර ආපු නිසා තැන දන්නවා.. සුව වෙමින් ඉන්න මම දැන් ආයිමත් කොළඹ .

සති පහ ගෙවුණෙ ලොකු අක්කලයේ දිහා සහ චූටි අක්කලයෙ දිහා.. ගෙවෙන කාලයෙදි ගමේ කත ගොඩක් මතක් උණා


ඒවයෙන් සංවේදීම කතාවක් මම කියන්නම්..මේකෙන් අපිට ගන්න ලොකු පාඩමක් තියෙනවත් එක්ක.. ඔය ගම් වල ඉන්න අය ගොඩක් උගත් අය නම් නෙවෙයි. මැණික් කර්මාන්තය නිසා ඉස්කෝලෙ 8 පංතියට එහා යන්නෙ සීමිත පිරිසක් විතරයි. දැන නම් කාලය තාලය වෙනස් වෙලා.. අම්මලා තාත්තලා ළමයින්ට උගන්වන්න පටන් අරන්..මැනි සම්පත ඉවර වේගෙන යන නිසා..

ඉතින් මේ සිද්ධිය උණේ..90 දශකයේ මැද හරියෙ


අපි මෙයාට සිරිසේන කියමු..කවදාවත්ම ඉස්කෝලෙක ගිහින් නැති අයෙක් තමයි ඔහු. පතල් වල කුලියට වැඩ කරමින් හිටි මනුස්සයා ඒකෙන් තමයි දරු පවුල නඩත්තු කළේ..මෙයාගෙ මෝඩ චරියාව නිසා කඩ මණ්ඩියේ සහ පිරිසක් රැස් වෙන තැන් වලදි මෙයාව විහිළු තහළු වලට ලක් උණා.

හැමෝම හිනා වෙච්ච එක සිද්ධියක් තමයි..මේක වෙලා තියෙන්නෙ 70 අන්තිම හරියෙ.

තමන් වැඩ කරපු පතලෙන් වාසි වෙලා කියන්නෙ මැණික් හම්බු වෙලා මිනිහා ගෙදරට රේඩියො එකක් ගෙනාවලු..ඒක කඩෙන් අල්ලලා දීල තියෙන්නෙ දෙමළ චැනල් එකක්..මිනිහා දන්නෙත් නෑ මේකෙ චැනල් අල්ලන්න. අහල පහළ අය ඒක එච්චර ගණන් ගත්තෙ නෑලු..



"
මේක දෙමළ රේඩියෝවක් මහත්තයො මට සිංහල රේඩියෝවක් දෙන්න"

කියලා අර රේඩියෝව ආපහු ගත්ත කඩේටම දීලා.. එතන හිටි වෙළඳ සේවකයි තව ගාණක් කඩා ගෙන අර රේඩියෝ එකම සිංහල චැනල් එක අල්ලලා දීල මිනිහව ආපු එවලා..ඉතින් ඔන්න ඔහොමයි මිනිහගේ වැඩ.
මෙයාගේ බිරිඳ ආණ්ත්‍රා උණාට අවුරුද්දකට විතර පස්සෙ..දන්නෙ නැද්ද ඉතින් කොල්ලො සෙට් එක මෙයාට තව ගෑනු කෙනෙක් සෙට් කරලා..එක එක ඒවා කියනවලු ගෑනු කෙනා කියන දේවල්. ටෙලිෆෝන් එකෙනුත් කතා කරලා මෙයාත් දැන් හොඳටෝම කැමති වෙලා ඉඳලා තියෙන්නෙ. මාසයක් දෙකක් යනකොට දැන් සිරිසේනට හොඳටෝම උවමනා වෙලා ගෑනු කෙනාව හම්බ වෙන්න. මේ වෙනකොටත් අර ගෑනු කෙනාව සොයාලා දෙන්න උනන්දු වෙච්ච අයට සෑහෙන්න වියදම් කරලත් එක්ක..



"
හරි සිරිසේන අයියෙ ගෑනු කෙනා කැමතී අයියව හමු වෙන්න..ලබන සෙනසුරාදා..හරියටම හවස හතට උඩ මණ්ඩියේ තේ වත්තට එයි..උඹට තියෙන්නෙ ගිහින් කතා කරන්න"

සිරිසේනත් ඉහ වහා ගිය සතුටින් ඉඳලා තියෙන්නෙ..අර සෙට් එකටම හොඳට කන්ඩ බොන්නත් දීලා සතුට වැඩි කමටම..

සෙනසුරාදා වෙද්දි..හොඳට නාලා කරලා සැන් පවුඩර් දාලා දහසක් බලාපොරොත්තු මැද ගිහින් කීව ස්ථානයටම..යනකොට ඉන්නවලු සාරියක් ඇඳ ගත්ත කෙනෙක් අනිත් පැත්ත හැරිලා ඉඳ ගෙන. සිරිසේනත් ළඟටම ගිහින් කථා කරලා..කිසිම ප්‍රතිචාරයක් නැති හින්දා අතින් අල්ලලා තමන්ගෙ පැත්තට හරවලා බැලින්නම් අර යාළුවො සෙට් එකේ හිටිය කොල්ලෙක්මයි සාරියක් පොරව ගෙන ඉඳලා තියෙන්නෙ.. අහල පහළ තේ පඳුරු අස්සෙන් නැගිටපු එකා එකා හූ තිය තියා හිනා වෙනවලු..සිරිසේනට ඉහිලුම් නැතුව ගිහින් මේ කතන්දරේම සෙට් කළේ මුන් නිසා..සහ මෙච්චර කල් කිව්ව කතා සේරම බොරු නිසාත්...ඉනේ ගහ ගෙන හිටි පිහිය ඇදලා ඇරන්..සාරිය පොරවගෙන හිටි එකාගේ බඩ පපුව හරහා 2-3ක් සැරයක්ම ඇදලා..

කට්ටියම ගල් ගැහිලා බලා ඉඳලා වෙච්ච දේ අදහා ගන්න බැරුව..




අන්තිමේ මොනවා කරන්නද රෝහලට ගෙන ගියත් පිහි ඇනුම් කාපු හාදයා මළා..අසරණ උණේ ගොල්ලන්ගෙ බිරිඳටයි ළමයින්ටයි..සිරිසේන සහ තව කෙනෙක් එයා පපුවට අන්තිමට ඇනපු පිහිය ඇදලා ගත්ත එකට..හිරේ...

සිරිසේන අංසබාගෙ හැදිලා තාමත් හිරබත් කනවා.. අනිත් කෙනා නම් හිරෙන් නිදහස් වෙලා..
බලන්නකෝ ඉතින් දුර දිග නොබලා මොහොතේ විනෝදෙට කරපු විහිළුවක් ගිය දුර..


48 comments:

  1. මං පුංචි කාලෙ ක්ලාස් එකකට ගියා.
    ඒ ක්ලාස් එකේ ගෑනු ලමයෙක් මා එක්ක හිනා වෙවි හිටියා.
    ඒ ගෑනු ලමයා හරි ලස්සනයි.
    එයාගෙන් කීප දෙනෙක්ම කැමතියි කියලා අහල තිබුනා. ඒත් එයා අකමැති.

    ඉතිං ඒ ගෑනු ලමයාගේ නෑයො වෙන යාලුවෙක් හිටියා අපේ කොල්ලො අතර.
    එයා තමයි අනික් කොල්ලො කිව්වම ගිහිල්ල කැමතිද අහන්නෙ..
    ඉතිං අර කොල්ල ලව්ව මාත් ඇස්සුව කැමතිද කියාල...
    අනේ මන්දා ඌ කිව්ව විදියට කෙල්ල කැමතියිලු.. ඒත් පස්සෙ කියන්න්ම කියලා උත්තර දෙනවලු..

    කෙල්ල කැමති නං මොකටද තව කැටයං කියලා මං කෙල්ලට ලියුමක් දෙන්න ගියා.
    වැඩේ චාටර් වුනා.
    කෙල්ල මං ගැන හාංකවිසියක් දැනං ඉදලා නැහැ.
    මං එදායින් පස්සෙ ඒ ක්ලාස් එක සහ ඒ යාලුවො ඉන්න පැත්ත පලාතක වත් ගියෙ නැහැ..

    අදටත් මං අර මට ලනුව දීපු එකා එක්ක තරහයි.. සමහර විට කෙල්ලා දැනගෙන රගපෑවා වෙන්නත් පුලුවන්..එනිවේ මට ඒවෙලේ ඒවා ගැන එච්චර අවබෝධයක් තිබුනෙ නැහැ. ෆිල්ම් වල වගේ ඇහුව ගමන් කෙල්ල අහක බලාගෙන යයි කියල හිතුවෙ..

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට අමිල මල්ලි බ්‍රෝකරයට පිහියෙන් අනින්න නොගියේ..

      Delete
  2. මිනිස්සුන්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න හොඳනෑ.. අරූට ලැබෙන්න ඕනා දඬුවම ලැබිලා. ඒත් අහක හිටපු දරු පවුලකුයි ඒකට වන්දි ගෙවන්නෙ..

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත සෙන්නා...!!!

      Delete
    2. අපේ ගම් පලාත් වල වෙන්නෙ ඕකමයි..සෙන්නා ඒ ගොල්ලන්ට දුර දැක්මක් නෑ..ඒ වෙලාවෙ හිනා වෙන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. දැනට ඔය සිද්ධිය උනා කියලා පාඩමක් ඉගෙන ගන්නෙ නෑ..ඒ ට්‍රැක් එකේමයි යන්නෙ..ඒකයි කනගාටු.. තවමත් හිනා වෙන්නෙ අර සිරිසේනව අන්දවපු හැටි කියලා විතරයි...

      Delete
  3. අම්බෝ... අපිත් ඉස්කෝලේ යන කාලේ මේ වගේ විහිලු කලානේ. මේ වගේ දෙයක් වුනානම් එහෙම..... දෙයියනේ හිතනකොටත් ඇග හිරිවැටෙනවා.....

    ReplyDelete
    Replies
    1. මට මේක කියවද්දි මතක් වුනෙම බොලාව.. අර කරලා තියන අලුගුත්තේරු වැඩ හොඳටම ඇති මේ වගේ මිනියකින් කෙලවර වෙන්න.. වාසනාව වෙනමුකුත් නෙමේ වාසනාව.. :D

      Delete
    2. ඒක නම් සහතික ඇත්ත..අපිත් ඒ වෙලාවෙ ෆන් එකට මේ වගේ වැඩ කරනවා තමයි..ඉදිරියෙදි වෙන්නෙ මොකද්ද කියලා නොහිතා...ඒත් ඕනිම දෙයක් වෙන්න පුළුවන්..

      Delete
  4. විහිළුවෙත් සීමාවක් තියන්න එපැයි..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත චන්දන..ඒත් බලන්න පත්තර වල ගොඩක් මිනී මැරුම් තියෙනවා මේ වගේ විහිළුවල සීමාව නොදැන කරපු...

      Delete
  5. හරි .. ඒක එහෙම උනයි කියමුකෝ. හොඳට නාලා කරලා සැන් පවුඩර් දාලා දහසක් බලාපොරොත්තු එක්ක ගිය මිනිහා මොටද අයියා පිහියකුත් අරගෙන ගියේ. මේ පැතිවල මිනිස්සුන්ගෙ සාමාන්‍ය පුරුද්දක්ද පිහියක් ඉනේ ගහන් යන එක.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙන්න ඕනි..මිනිහා නිතරම පිහියක් ළඟ තියා ගෙන හිටියා වෙන්න ඕනි..නැත්නම් මේ සිද්ධිය උනේ අර ජරා විහිළුව වෙලා පසු කාලෙකද මන්දා ?

      Delete
  6. අනේ වෙනියෝ උඹ අසනීප වෙලා හිටිය බව දන්නේ නැහැ. මචං උඹ එදා හමුඋන දවසේ උඹේ ෆෝන් නම්බර් එක ඉල්ලගන්නවත් බැරි උනා මචං. මට උඹේ ෆෝන් නම්බර් එක මේල් කරලා එවපන් ayilas419@gmail.com වලට.

    විහිළුවල නම් සීමාවක් තියෙන්න ඕන. නැත්නම් ඉතින් මේ වගේ තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හරි මම එවන්නම් අයිලාස්... මේක තමයි ප්‍රතිපලේ..සීමාව නොදැන විහිළු කරපවහම.

      Delete
  7. ඔවා මහා සක්කිලි වැඩ. මම නඩු කාරයනම්. අර මිනිහව නිදහස් කරණවා..

    ReplyDelete
    Replies
    1. මටත් ලොකු සැකයක් තියෙනවා මේ කතාව උසාවියට යන්න නැතුව ඇති..ගියා නම් ජීවිතාන්තය දක්වා හිරේ යන්නෙ නෑනෙ..තාමත් හිරේ ...

      Delete
  8. විහිළු නම් හරිම පරිස්සමෙන් කරන්න ඕනෙ බං. විහිළු කරන්නේ කා එක්කද, මොනවගේ විහිළුද ගැලපෙන්නේ කියල හිතල බලන්න ඕනෙ වුනත් සමහර වෙලාවට අමතක වෙනවා

    ReplyDelete
    Replies
    1. උගත් කම සාමාන්‍ය බුද්ධිය නැති කට්ටියකට ඕක තේරුම් කරලා දෙන්න අමාරුයි හෙන්‍රි

      Delete
  9. මේ වෙනී අයියගෙ ගම් පලාත එතකොට රත්නපුරේ ද ?

    ReplyDelete
    Replies
    1. රත්නපුරේ නං මොනවා කරන්නන බැරිද :D

      Delete
    2. ඔව් මල්ලි රත්නපුරේ කිව්වට ඉතින් කි.මි. 25 කි විතර එහා..ඒ උනාට කියන්නෙ රත්නපුරේ කියලා..
      නැතුව නැතුව බුද්ධි මල්ලි...

      Delete
  10. සමහරුන් ඉන්නවා පිස්සු නට නට හිටියත් පොඩි පොඩි විහිළු තේරෙන්නේ නෑ... ඒ වගේ අයත් එක්ක විහිළු නොකර ඉන්න එක තමයි හොඳ.. අර අමිල කියලා තියෙනවා වගේ ලණු කොච්චර දීලා ඇද්ද ඒ කාලේ අපි.. ඒවා ගානට නවත්තගන්නත් පුළුවන්කම තියෙන්න ඕනෙ.. නැත්තං වැඩේ හබක්...

    ReplyDelete
    Replies
    1. හ๢හ๢හ๢හ๢හ๢හ๢හ๢

      Delete
    2. ඔව් හිරු වැඩේ කියන්නෙ එහෙව් විහිළු නොදන්නා අයවමයි වැඩි පුරම විහිළු වලට භාජනය වෙන්නෙ..ඒකයි වැඩේ භයානක..පොඩ්ඩක් ඇති විහිළුව අනිත් පැත්තට ගහන්න..

      Delete
  11. නඩුකාරයා ඔබ ලියාඇති සටහන දැක්කනම් ඔහුට නිදහසක් ලැබෙන්නට තිබුනා

    ReplyDelete
    Replies
    1. ඔය ඇත්ත කතාව උසාවියට නොයන්න ඇති..ඒකයි නඩුවේ තීන්දුව ඔය විදියට උනේ...

      Delete
  12. විහිළුවක් උනත් කරනකොට මොන වගේ මානසික තත්වයක් තියෙන මනුස්සයෙක් එක්කද කරන්නෙ කියල පොඩ්ඩක් හිතල බලන්න ඕන. නැත්තං ඔය වගේ ඛේදවාචකයකින් කෙළ‍වර වෙන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා මල්ලි, නමුත් මේ පරම්පරාවෙ සෙට් එක ඉස්කෝලෙන් කට්ටි පැනපු නිසි අධ්‍යාපනයක් නොලබපු සෙට් එකක් නේ...

      Delete
  13. ඇස් රතුවන විහිලුවලට නං මාත් අකමැතියි වෙනී.....

    ReplyDelete
    Replies
    1. ඔව් නලීන්..මමත් එකහෙලාම විරුද්ධයි කෙනෙක්ව අපහසුතාවයට ලක් වෙන විහිලු වලට..ඒ උනාට වෙන්නෙම ඒවනෙ..

      Delete
  14. ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනිම නැහැ

    ReplyDelete
    Replies
    1. හරියට හරි සුදු මහත්තයා..නියම සාරාංශ වාක්‍යයක් ඒක...

      Delete
  15. දරුණුයි!

    අපේ ඉස්කෝලේ කාලේ ඔහොම බොරු ලියුං කේස් එකක් නිසා කොල්ලෙකුට පිස්සු හැදුණා!

    ඒත් ඇයි සිරිසේන පිහියක් අරං ගියේ?

    ReplyDelete
    Replies
    1. හැම වෙලාවෙම පිහියක් ළඟ තියෙන්න ඇති..ඔය අය ළඟ මොනා හරි ආයුධයක් තියෙනවා..ඒහෙම නැත්නම් පස්සෙ පිහියක් අරගෙන ඇවිත් ඇන්නද කියන එක පැහැදිලි නෑ මමත් ඔය විස්තරේ අහ ගත්ත එකක්..

      Delete
  16. විහිළු තේරුම් ගන්න පුළුවන් අය එක්ක විතරක් විහිළු කරන්න ඕනි.. අනිත් එක හැගීම් එක්ක විහිළු කරන එකනම් අන්තිම නරකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් නාඩියා.. එහෙම මිනිස්සුන්ව තේරුම් අර ගෙන විහිළු කරන්න තරම් දැනුම් තේරුම් තියෙන කට්ටියක් නෙවෙයි ඔය අය...

      Delete
  17. හැඟීම් රිදවීම.බලාපොරොත්තු සුන්වීම හිරේ යනවටත් වඩා අමාරුයි.මේ සෙල්ලම කරන පාහරයෝ තවත් ඉන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ පරම්පරාවෙ සෙට් එක තාමත් ඉන්නවා..ඒ අයට ඕක තේරුම් කරලා දෙන්න බෑ..තේරෙන්නෙ නෑ..ඔය සිදුවීමෙන් වත් පාඩමක් ඉගෙන ගෙන නෑ..ඒකයි කනගාටු !

      Delete
  18. මම ලගදි මුනුපොතෙ විඩියො එකක් දෑක්ක බඩු වගයක් අරගෙන ගෙට එන ගෑනුලමයෙකුට එයගෙම හස්බන්ඩ් හරි කොල්ල හරි මුනක් දාගෙන බය කරනව.කෙල්ල බයවුන පාර දුවගෙන ගෙදරින් එලියට දුවල එහෙම්ම පාරහරහා දුවනව.එතකොටම එන කාර් එකක් මෙ ලමයගෙ ඈග උඩින් ම යනව.විහිලු කරනකොට සෑහෙන්න කල්පනාවෙන් කරන්න ඔන.නෑත්තම් අඩල ඉවරයක් නෑතිවෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වගේ වීඩියො එකක් මමත් දුටුවා..පොඩ්ඩක් දුර දිග නොහිතා කරන දේවල් වල පලය ඕක තමයි...

      Delete
  19. වෙනී අයිය නෙමෙයි නේද අයිඩියා පාර දුන්නේ?

    ReplyDelete
    Replies
    1. නෑ මල්ලි මම ඔය කාලෙ වෙන කොට කොළඹ....

      Delete
  20. පව් ඒ මනුස්සයා. එයාගෙ මෝඩකම කියනවට වඩා, අනික් මිනිස්සුන්ගෙ තියෙන පහත් ගතියෙ ඒ අහිංසකයව රැවැට්ටුව එක. පුළුවන්කමක් තියෙන මනුස්සයෙක් වුණානම්, හදිසි කෝපය පිට කියලාවත් ඕකෙන් බේරෙයි. පව්.
    කතා මල්ලක් පුරවගෙන එන්න ඇති ගමෙන්, නේද?

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයගේ මෝඩ කම විහිළුවට ගත්ත අය අන්තිම පහත් නීච කට්ටියක්ම තමයි. පව් මටත් හිතා ගන්න බැරි මේ ඇත්තම සිද්ධිය උසාවියට යන්න නැතුව ඇති..
      ගමේ හිටිය කාලෙ ගොඩක් කතා වලට සැකිලි හොයා ගත්තා..

      Delete
  21. විහිලු ....මමත් ඔයිට සමාන සිදුවීමක් දැකල තියනවා.හැබැයි කෙල්ලෙක් සම්බන්ද දෙයක් ගැන නම් නෙමේ බිග් මැච් එකක උණ පොඩිම පොඩි සිදුවීමක්, පත්තු කරපු රතින්නයක් කකුල ලඟට දැම්ම කියල ඇති උණ රණ්ඩුව පිට්ටනියෙන් එළියේදී බෙර ගන්න ගිහින් මගේ හොදම යාලුවෙක් අදත් ඉනෙන් පහල පණ නැතිව එක අතක් ඉවත් කරලා ජිවත් වෙනවා.අපි උසස් පෙළ කරනකොට මේක උනේ...

    ReplyDelete
    Replies
    1. එහෙම බලන කොට මිනිස්සුන්ගෙ උගත් කම බුද්ධියට වඩා මේවා වෙන්න ඒ වෙලාවෙ තියෙන හේතු බලපානවා වගෙයි..කරුමෙ කියන්නෙ මේක වෙන්න ඇති..ඒක වලක්වන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ..

      Delete
  22. විහිලුවක් උනත් යායුතු දුරක් තියෙනවා. ඊට එහා ගියාම ඒක විහිළුවක් නෙවෙයි !

    ReplyDelete
  23. කුපාඩි විහිලු ,අර එකෙක් යාළුකමට තව එකෙක්ගේ පුකට හුලන් බටයක් ඇල්ලුව සිධ්දියත් පය වගේ තමා.

    ReplyDelete