ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, July 11, 2013

3ත් ඉවරෙටම ඉවරයි (කිව්වට ඉවර තුනමද මන්දා ???)

බ්ලොග් එක ලියන්ඩ පටන් අරගෙන නම් අවුරුදු තුනක් ඉවරෙටම ඉවරයි..හරියටම ඊයෙට..

අද තමයි බ්ලොග් එකේ නව වසරේ පළමුවෙනි දවස..

ආපහු හැරිලා බලද්දි පෙනෙන්නෙ ලියපු පෝස්ට් ගානවත්, ලබපු කමෙන්ට් ගානවත් , හිට්ස්  ගානවත් නෙවෙයි...

සහෘදයාත්මකව හිත ලං වෙච්ච තවත් සොඳුරු සිත් ගොඩක් කිව්වොත් ටක්කෙටම හරි...

ලියන්න දේවල් දවසින් දවස ගොඩ ගැහෙන කොට...

ජීවිතේ සමහර විට මුළ ඉඳන්ම ආයි පටන් ගන්න වෙයි කියලා හිතෙන කොට...

මේ වෙනකොටත් මහ ලොකුවට හම්බ කරපු භෞතික දේවල් එකින් එක මට අහිමි වෙලා යනකොට..

හිතට සැනසිල්ලට ඉතුරු වෙන්නෙ මෙහෙම හරි හම්බ කර ගත්ත සොඳුරු සිත් රාශියක් කියන එක කොයි තරම් මහ මෙරක් වටිනවද ?

සිද්ධ උනොත් ආයිමත් ජීවිතේ බිංදුවෙන් පටන් ගන්න...කැඩිලා බිඳිලා විසිරිලා ගිය ජීවිතේ සුන්බුන් වලින් ඉතුරු වෙච්ච කෑලි ටික මතින් ඉඩ හසර ලැබෙන ලැබෙන විදියට සිංහල අකුරු කරන්නම් හිතේ තෙරපෙන දඟලන සිතුවිලි ගොන්න ආයිමත්..

එතකම්...

ප.ලි. 

තුන ඉවරයි කියලා උඩ පැන්නට..ඉවර තුන නෙවෙයිමයි කියලා දැනුනෙ..අපේ රාජ් සහෘදයගෙ කමෙන්ටුවෙන්... කතන්දර කියන විදියට නම් ගණන් ෆේල් පජාතෙටම..චෙහ්.. අර කිව්වහෙ තුන මෝදු උනා විතරයිනෙ බලන් යනකොට.. දෙකකට මේ මදැයි දෙයියනේ..

48 comments:

  1. Congrats and wish you all the best...!!!

    I dont have the lap with me now...

    ReplyDelete
  2. සුභපැතුම් වෙනී. දැං දැං ලියනව අඩු එකයි අවුල. අවුරුදු තුනකින් පස්සෙත් ගැම්මට බ්ලොග් ලියන්නන් බොහොම හිඟයි.

    ReplyDelete
    Replies
    1. අවුරුදු තුනයි කිව්වට තුනක් නෑ. දෙකයි නේද?

      Delete
    2. තුන පටාන් ගත්ත විතරයි බං. වෙනී අයියා බය වෙලා තුන ඉවරයි කියල. :)

      Delete
    3. නෑ නෑ තුන ඉවරයි.. වාදයක් තියමුද??? හැක්

      Delete
    4. හරි ... කාගෙ තුන ගැනද දැන් අපි වාද කරන්නෙ. :P

      Delete
    5. තුන ඉවරයි.. හතරෙ පළවෙනි දවස අද...

      Delete
    6. මූට පිස්සු, මුගෙ තුන ඉවර නෑ දෙකයි ඉවර වෙලා තියෙන්නෙ.. චැක් මාවත් මෙව්වා කොළා..තුන යාන්තම් මෝදු වුනා විතරයි..

      Delete
    7. අප්පේ ඇති යාන්තම්... වෙනියගේ තුන බේරිලා.

      උඹට සුබපැතුම් වෙනියෝ!!!

      Delete
    8. නෑ නෑ තුන ඉවරෙටම ඉවරයි.. ආයේ දෙකක් නෑ..

      Delete
    9. තුන ඉවර ඇති මචංලා. මොකද උඹලටත් මතක ඇති ඔයිට කලින් දෙක තැපැල් නයින්ටියක ලගේජ් එක අස්සේ ගිහින් ඉවර වුනා. මේ තුන තමයි.

      උණුසුම් සුභ පැතුම් වෙනී මචං. වැඩිය නොලියන එක තමයි අවුල.

      Delete
    10. එහෙනං තව එකයි නෙව ඉවර වෙන්ට තියෙන්නේ. ඒකත් කෑලි දෙකක් විදියට ඉවර වෙලා එහෙනං..

      Delete
    11. ස්තුතියි හෙන්රි මතක් කලාට. ඇත්ත නේන්නම් තව මුට නැතිවෙන්න තුනක් නැතිව ඇති.

      Delete
  3. උණුසුම් සුභ පැතුම්....

    ReplyDelete
  4. සුබපැතුම් වෙනී අයියා. ඔයා දැන් දකින්නෙත් හදිසියෙන්. පුළු පුළුවන් වෙලාවට ටිකක් ලියන්න අනේ.

    ReplyDelete
  5. සුබ පැතුම් වෙනි......

    ජීවිතේ ඔහොම තමා බන්
    අනිත්‍යයි......
    භෞතික දේවල් ගැන වද වෙන එකේ තේරුමක් නෑ

    ReplyDelete
  6. සුබ පැතුම් වෙනී අයියා, ඔහොම යන්......මොකද දැන් වැඩිය පෙන්න නැත්තේ?

    ReplyDelete
  7. උණුසුම් සුබ පැතුම් වෙනි.. තුන් අවුරුද්දක් යන පොඩි කාලයක් නොව්. ජය වේවා= රසට තව ලියැවේවා.

    ReplyDelete
  8. මගෙනුත් සුබ පැතුම් .අවුරුදු තුනක් කියන්නෙ අත්දැකීම් අතින් හොද මට්ටමක තිබෙන බ්ලොග් එකක් තමයි

    ReplyDelete
  9. සුබ පැතුම් වෙනි... දිගින් දිගටම ලියන්න ශක්තිය ධෛර්යය සහ මෙව්වා එක ලැබේවා..!

    ReplyDelete
  10. සුභ පැතුම්! තව තවත් මේ වගේ රසවත් හරවත් ලිපි ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා!

    ReplyDelete
  11. සුබ පැතුම් වෙනී අයියා. තව දිගු ගමණක් යන්නට.


    හරි දැං ඒ සුබ පැතුමෙන් වැඩක් නෑ.
    මොන පිස්සුද මේ මනුස්සය දැං මේක ලියන්නෙ නෑනෙ. අතරමග නතරකරල දාපු කතා කීයක් කියල තියෙනවද. :D

    ReplyDelete
  12. අපි ඉතින් අන්තිම පේලියේ උන් නෙව වෙනී. අන්තිම පේලියෙන් යන්න වෙන්නෙ එලියටනෙ.. අවුරුදු තුනට සුබ පැතුම් !!

    ReplyDelete
  13. උණුසුම් සුභ පැතුම් වෙනි අන්කල්...... (සොරි අයියා..)

    ReplyDelete
  14. අපොයි යකඩ කෑලි කෑලි එකතු කරල තමා බං ඔය සුපිරි වාහන හැම එකක්ම හදන්නේ. ඒක නිසා ගනං ගන්න එපා.. බ්ලාස්ට් වෙලා කෑලි ටික විසිරුනත් හොයාගෙන හදාගන්න එකයි වටින්නේ.. ජය වේවා උඹ මේ ලෝකේ ඉන්න ඕනම එකෙක්..

    ReplyDelete
  15. මගෙනුත් සුබ පැතුම්.......!!! ^_^

    ReplyDelete
  16. සුබ පැතුම් වෙනි අන්කල්....

    ReplyDelete
    Replies
    1. අංකල් - කව්ද බොල අංකල්! :D

      Delete
  17. අන්න කෙල්ලො අඬනවලු මාතෘකාව විතරක් කියවල

    ReplyDelete
  18. තුන ඉවරවීම ගැන උණුසුම් සුබපැතුම් !!!

    ReplyDelete
  19. සුබ පැතුම් මිතුර , හමු වී නැතත්, ඩිගිටල් තරංගය ඔස්සේ හමුවූ ඔබේ අදහස් , මට දැනුමක් මෙන්ම සතුටක් ලබ දුන්නා මේ වසර කිහිපය පුරා  ,ඒ වෙනුවෙන් තුති , 

    ReplyDelete
  20. තුනේ පන්තියේ දී ගණං ෆේල් වෙයිද මන්දා? තුනට පාස් මිස, තුන ඉවර නෑනේ? ඔහේ ගේ දකෙ තමයි ඉවර!

    මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. අයියෝ නෑ මිනිහගේ තුනම ඉවරයි මේක නිසා.

      Delete
  21. සුබ පැතුම් වෙනී අක්කා! (මම මුලින් ම අඳුනා ගත්තේ ඔය විදිහටයි. මතකද?)

    ඇයි වැඩිය දැන් facebook එකේ නැත්තේ. එකේ නැති වුනාම නිකං අල්ලපු වැටේ එකා ට්‍රිප් එකක් ගියා වගේ...... කිසිම තොරතුරක් නැතිව යනවා.

    ReplyDelete
  22. දිගටම ලියන්න මගෙනුත් සුභ පැතුම් වෙනි අයියා. ජය !!

    ReplyDelete
  23. සුන්දර සිනහවකින් මුව සරසාගත්, සුන්දර නිහතමානි ද වෙනිවැල්. ඔබට මීට වඩා ලොකු තුනේ ඒවායින් සම්පූර්ණ කරන්න ලැබේවායි පතමි. අවුරුදු නම් කන්නද ? ලියන්නා කියන නමට ගලපෙන්නම දීපං මචං බ්ලොග් අවකාශේම ඉන්න එවුන්ට හූල්ලන්න.

    ReplyDelete
  24. හෙමින් හෙමින් වුනත් නොකඩවා ඉදිරියට යන එක තමයි හපන්කම. අපි මේ රටේ යුද්දේ දිනුවෙත් එහෙමනේ.

    මගෙන් උණුසුම් සුබපැතුම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  25. සුභ පැතුම් වේවා!!! තව තව ලියවෙවා!!!

    ReplyDelete
  26. වෙනීට පැත්තක ඉන්න මමත් සුභ වේ කියල පතනවා!.
    දෙකද ?තුනද?මට මට නම් ගැටලුයි.
    තුන නම් හැමෝම පරිස්සම් කොර ගන්නට ඕනි.
    තුන පහ උනොත් වැඩක් නැහැ.

    ReplyDelete
  27. තුනට කිරි ඉතිරේවා!!!

    ReplyDelete
  28. වෙනී සහෝදරයට තුන ඉවර උන ප්‍රීතියට මම දෙනවා උම්මා එකක් (අර ළඟ තියන සිහින උලෙලෙ පින්තූරෙන් අරගන්න ) හෙක් හෙක්

    …සුබපැතුම් සහෝ !

    ReplyDelete
  29. ඔයා අවුරුදු 3ක් ඉවරයි. මං තාම 3වැනි ලිපිය ලියන්න හදනවා.වාසනාවන්.
    ගොඩ වදින්න මේ පැත්තටත්

    ReplyDelete
  30. සුභ පැතුම් වෙනි. තවත් බොහෝ කාලයක් ලියන්නට වාසනා.

    ReplyDelete
  31. Suba pethum ek kala hemootama sthuuthiyi. Sinhala thibba pc eka upset welaa. Eka hari gassaa ganna kam Singlish thamayi.

    ReplyDelete
  32. පරක්කු උනා බොල වෙනියෝ.. පරක්කු උනා.. මොනවා කොරන්නද වැඩ වැඩි විල්ල හින්දා මේ ටිකේ බ්ලොග් කියවන්න වෙන්නේ එහෙමත් වෙලාවක තමයි.. ඒ මදිවට ගූගලාගේ රීඩරේට කෙල උනාට පස්සේ අල්ල ගත්ත රීඩරේ අර තරං කියවන්න ආස හිතෙන තත්තෙක නැහැ... මෙහෙම යද්දි තව මාස දෙක තුනක් යද්දි මගේ බ්ලොග් ලියන කියවන එක නැත්තටම නැති වෙලා යයි කියලත් මටම හිතෙනවා...

    හා හා කොහොම උනත් දෙක තලා ගත්තට .. මං කිව්වේ මේ දෙක ඉවර කරගත්තට මගේ සුභ පැතුම්.. ඔහොම යද්දී තුනටත් බඩු හරි යයි... මට මතක් වෙන්නෙම අර මුලින්ම ටයි පොල්ලක් දාලා නිකං හෙන බුවා වගේ පොරක් මට කඩ්ඩෙන්ද කොහේද කොටලා එවාපු මැසේජ් එක... කවුද හිතුවේ ඒ හිටිය දෙමළ නළු පෙනුමක් තිබුන කඩ්ඩෙන් විකාර කියෝන හාදයා මෙච්චර හොඳට සිංහලෙන් බ්ලොග් කොටාවි කියලා... :D

    කොහොම උනත් බොහොමත්ම සංතෝසයි උඹේ මේ දෙක ඉවර කර ගැනීම ගැන.. ඒ වගේම හොඳ මනුස්සයෙක් දැන හදුනගන්න ලැබීම ගැන... විශේෂයෙන්ම මොන තරං විහිළු කෙරුවත්..මඩ ගැහුවත් කවදාවත්ම කේන්ති නොගෙන හිනා වෙලා ඉන්න මැන්ටල් යකෙක් දැන හදුන ගන්න ලැබීම ගැන...

    ඔහොම යං දිගටම වෙනි අයියා.. හැකි ඉක්මනින් තුනත් තලා ගන්න හැකියාව වාසනාව ලැබේවා..! :D

    ReplyDelete
  33. මලේ උඹගෙ බ්ලොග් එක වගේම, ඉස්සෙල්ලාම දැකපු වෙලාවෙ හිනාවෙලා ඔලුව ඇල කරලා 'අය්යේ ...' කිව්වහම දැනුනු සහෘද බව කවදාවත් අමතක වෙන එකක් නෑ. සුබ පැතුම් ...!

    ReplyDelete
  34. සුබ පැතුම් ලියන්නෝ... :)

    ReplyDelete