බ්ලොග් ලිපියකට කමෙන්ටුවක් දමන්නේ 99%ක්ම තවත් බ්ලොග් එකක් ලියන අයකු වීම සාමාන්‍ය සංසිද්ධියකි. නිර්මාණයන් ඇසුරු කෙරෙන්නේ තවත් නිර්මාණකරුවකු වීම බ්ලොග් රචකයකුගේ වාසනාවක්ද අවාසනාවක්ද යන්න නිශ්චය කිරීමට තවමත් කාලය එළඹී නැතිද යන්න විවාදාත්මක කරුණකි. සමාජයේ අන්තර්ජාලය පරිහරණය කරන්නන්ගේ සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යද්දී අන්තර්ජාලයේ සිංහල භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතයද ඉහළ යාම අනිවාර්යෙන්ම සිදු වේ. සිංහල බ්ලොග් නොලියන නමුත් කියවන්නන් පිරිස ඉහළ නංවා ගැනීමට යම් සාධනීය උත්සාහයක් දරා තිබේදැයි යන්න ගැන අදටත් සැක සහිත පරිසරයක් නිර්මාණය වී ඇත.
කාල හෝරාව ආපසු ගමන් අරඹයි..මා මීට පෙර ලිවූ කෙටිකතාවේ ප්‍රායෝගික හරය මෙයයි.
වෙසක් අසිරිය බලන්නට කැමරාවද අතැතිව රෑ පුරා කරක් ගැසූ මට එක් දිනක ගංගාරාම වෙසක් කලාපයේදී එහි වූ ගිනි කෙළි සන්දර්ශනයක් නරඹන්නට මොහොතක් ලැබිණි.
එය නරඹමින් සිටි උවැසියක් බඳු ඈ මා හා ගුප්ත ආරාධනාත්මක ලෙස සිනාසුණි..
මම ඇය නොහඳුනමි. කිසිදා හෝ දැක ඇති බවක හැඟීමක් සිත තුළ හට නගිද්දී ඈ සෙනඟ අතර නොපෙනී ගියාය.
ගණිකාවක් වෙන්න ඕනි..යන සිතුවිල්ලත් සමඟම මා හට සිතුණේ ඇයි කතාවක් නොලියන්නේ මේ වගේ..කතාවෙ සැකිල්ල හදවත පුරා ඇදී යද්දී..මා හට මා කියවා ඇති නොරත රති නව කථාවද සිතේ ඇඳී යන්නට වීය. ඔවුනුත් මිනිස්සු...හැඟීම් දැනීම් ඇති..ආදරයේ එක් ඵලයක් වූ රමණය ඔවුන් කරන්නේ අකමැත්තකින් ම විය හැකිද යන්න ගැන මට ඇත්තේ විමතියකි...
සම්පූර්ණ කතාවම හදවතේ ඇඳුණු නිර්මාණයක් මිස සත්‍ය කතාවක් නොවන බව ප්‍රකාශ කල හැක. කෙටිකතාවක් ලියන නිර්මාණකරුවකු තමන්ගේ පරිකල්පනය මෙහෙයවන්නේ කෙසේදැයි ඔවුන්ගේ නිර්මාණ දිවිය අරඹයා ලියූ කතන්දර ඇස ගැසී ඇති මට එය සිහි වේ.
මෙහි ඇති සත්‍ය සිද්ධීන් දෙක මා වෙසක් බැලීමට කැමරාවත් රැගෙන ගිය බව සහ ස්ට්‍රෝබෙරි මගේ ප්‍රියතම පලතුරක් බව පමණි.
මේ අළුත් එළිය සමඟ නැවත කියවා බලන්න...
දැනුණාද සමාජයක්ම ප්රසිද්ධීයේ පිළිකුල් කරන නමුත් ඈගේ හද ගැහෙන රාවය ?
------------------------------------------------------------------------------------------------------------
මුසාවාදා වේරමණී...
ඈ වෙනදාටත් වඩා ලස්සන යැයි මට සිතේ.
සුදු පැහැ චාම් ටී ෂර්ට් එකක් සමඟ හැඳි සුදු පැහැ දිගු සාය නිසා සංසාරයේ බොහෝ පෙරුම් පිරූ උවැසියකගේ ඡායාවක් මගේ දෑස කොනක දැවටේ.
"ඔයා සිල් ගන්න ගියේ නැද්ද"
"හ්හ්මුහ්...නෑ අපිට මොන සිල්ද. කනවා බොනවා, බුදියා ගන්නවා ආයි ආයි ඔය රෝදෙම තමයි කැරකෙන්නෙ"
"හෙමීට... හෙමීට..මේ වෙසක් දවස් ටිකේවත් ඔව්වා ටිකක් හෙමිහිට කියන්ඩකෝ. බලන්න අහල පහළ ඉන්න මිනිස්සුන්ටත් ඇහෙනවා මේ සෙනඟ අස්සෙ"
ඇගේ සුදුමැලි වත රතු වී ඇත. දෙකන් සහ නහය රතු වූ විට ඈ වඩාත් පියකරුය.
"කන්ඩකෝ ඔය අයිස් ක්‍රීම් එක. ඔන්න අත දිගේත් බේරෙනවා"
"ඉහ්...හිහ්...ඉහ්.."
ඈ පොඩි එකකු මෙන් හිනා සලමින් අයිස් ක්‍රීම් කෝන් එකම සෙමින් තම දෙතොල තුළින් මුව තුළ බහා එහි හිම කිරම සූප්පු කරයි.
මට සිනා පහළ වීය..
"ඇයි හිනා වෙන්නෙ?"
අයිස් ක්‍රීම් කෝණයේ කෙළවරක් සපමින් ඈ විමතියෙන මා දෙස බලන්නීය.
"ඔන්න කට දෙපැත්තෙ බේරෙනවා"
මම ඈගේ ලේන්සුව ගෙන ඈගේ මුව පිස දැම්මෙමි.
"ඇයි හිනා වුණේ "
තවමත් ඈ දෑස් තුළ විමතියේ ලකුණු..
"මට මතක් උණා අර කතාව අර සිස්ටර් කෙනෙකුයි, ගොනෙකුයි, බැඳපු ගෑනු කෙනෙකුයි අයිස් ක්‍රීම් කන විදියෙන් කොහොමද බැඳපු කෙනාව අඳුරා ගන්නෙ කියලා ඇම්ඩා අහපු කතාව"
මට උවමනා තරමටම ඈ මුව විළියෙන් රතු වීය..
"යන්ඩ යන්ඩ මම ඔය කතා ඕනි තරම් අහලා තියෙනවා. කී දෙනෙක් නම් ඔයි කතා කියනවද?..හැබැයි ඔයා හරි නරකයි"
"ඇයි?"
"මම ඔයිට ඉස්සෙල්ලත් කිව්වා අර වචනෙ අර ගොල්ලන්ට පාවිච්චි කරන්න එපා කියලා. ඇයි ඒ ගොල්ලො ඒක විකුණන් කෑවයි කියලා මිනිස්සු නෙවෙයිද ?"
ඈ මට පිටුපා ගොස් වැව් බැම්මේ තනා තුබූ තාප්පයට වැළමිටි වාරුව ගෙන ඈත නගන රැළි දෙස බලා සිටින්නීය..
මද සුළඟට ඈගේ කියඹු වැල් සැලෙන්නේ ඈගේ සිතුවිලි කැළඹෙන ආකාරයට යැයි මට සිතුණි..
මට මහත් දුකක් සිතුණි...මා සෑමවිටම මගේ සිත විස්සෝපයට ඇද දමන්නෙ මාගේ පාලනයක් නැති කට නිසාය..
මෙවන් විටෙක ඈට තනිවම සිටීමට ඉඩ දීම වඩා යෝග්‍ය බව මා අත්දැකීමෙන්ම දනිමි...
"මම අරෙහෙට යනවා තව ෆොටෝ ටිකක් ගන්න. මේ ට්‍රයිපොඩ් එක තියා ගන්න"
ඈ ට්රයිපොඩය ගෙන තම උකුලට තද කර ගෙන එයට වාරු වී..නිමක් නොපෙනෙන ජල තලයේ ඈත බලා හුන්නාය...
මා මොහොතකට ඈගෙන සමු ගත්තෙමි. මද අඳුර වැටී ගෙන එද්දී තැනින් තැන දර්ශනීය ආකාරයෙන් සකසා තිබූ වෙසක් පහන් කූඩු වල එකින් එක වූ විදුලි බුබුළු දැල්වෙන්නට පටන් ගති. අසල වූ ජල තලය මත විවිධ රටා අදිමින් වෙසක් කලාපය ආරම්භ කරන සංඥාව වූනෙක මල් වෙඩි සතර පැත්තකින් අහසට ඇදී ගොස් විවිධ හඬ නගමින් පුපුරා යන්නට වූයේ සියල්ලන්ගේම දෑස් ඒ දෙසට යොමු කරවාලමිනි.
මා මේ සියල්ලම කැමරා කාචයේ සටහන් කර ගනිමින් ආපසු ඈ වෙත පැමිණෙන විට ඈගේ සියලු අඳුරු මනෝභාවයන් ඈගෙන් ඉවත් වී නැවතත් සුපුරුදු සිනහව මුව අගට ලං කර ගෙන මා දෙස බලා සිටින්නීය.
"ඔය ෆොටෝ ටික සේරම මට සීඩී එකකට ලියලා දෙන්න..හෙමිහිට බලන්නම් නිවාඩු පාඩුවෙ.. මතක් කරන්න අද යන්න ඉස්සර වෙලා අර අවුරුදු උත්සවේ ෆොටෝ තියෙන සීඩී එක බලලා ඉවරයි මම ඒක දෙන්නම්"
ඈ ළදැරියක් මෙන් මාගේ එක් අතක එල්ලී ගෙන මුළු වෙසක් කලාපයේම වූ සෙනඟ අඩු කූඩූ සහ තොරන් සියල්ලම බැලුවාය.
මට ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය විටෙක නොමසුරුව මා අත වූ අමතර ලෙන්ෂයන් , බැටරි ආදි වූ බෑගය කරේ එල්ලා ගෙන මා දෙස නෙත් යොමා සිටියාය. මැදියම් රැය පහන් වෙද්දී අප ඈගේ නවාතැන වෙත පැමිණියෙමු.
සියල්ලෝම වෙසක් උත්සවය නිසාම තමන්ගේ ගම්බිම් බලා ගොස්ය..
උණුසුම් දිය දහරකින් ගත දොවා ගෙන සිහින් මධුවිතක් ආමාශ ගත වෙද්දී සන්ධ්‍යා කාලයේදී ගතට දුන් වෙහෙස සියල්ලම ගතින් මෙන්මසිතින්ද පහව ගොසිනි.
දන්සැල් වලින් සහ සෑමතැනම තුබූ ආපනශාලා වලින් විවිධ වූ දෑ කා තිබූ නිසා මද හෝ කුසගින්නක් නොදැනේ..
"යන්න ඉස්සර මම නූඩ්ලස් එකක් හදලා දෙන්නම්. නැත්නම් ගෙදර ගිහින් ඔයා බඩගින්නෙ නිදියයි"
වෙහෙස නිසාම නින්දක් යාමට ගොස් අසල වූ මාර්ගයේ මහ හඬ නගමින් ගමන් ගත් මෝටර් රථය නිසා මා හිස එසවූයෙමි.
"ඉඳලා උදෙන්ම යන්ඩකෝ..."
ඈ ආයාචනය කරන්නීය..
"බෑ බබා මට යන්ඩෝනි.."
"ඒ උණාට ඔයා බීලා ඔය බයික් එකේ යන කොට පොලිසියෙන් ඇල්ලුවොත්"
"ඔයා දන්නවනේ මගේ යාළුවො ගැන..කෝල් එකක් දීලා ෂේප් වෙන්නම්"
"මොකද්ද ඔයා ටිකකට ඉස්සෙල්ලා අර අද වෙසක් දවසේ ඇත්තම කියන්නම් කියලා කීවෙ?"
"මතකද මම ඔයාට කීවා මම මේ තත්වෙට වැටුණෙ කොහොමද කියලා"
"ඔව් මතකයි ඔයා එක එක සැරේට එක එක කතාවල් කීවා..තාත්තා අතින් උණ නිසා කීවා..අර ඉස්කෝලෙ සර්ගෙ කතාවක් කීවා.හාමුදුරුවො දහම් පාසලෙදි.."
"ඇති ඇති...ඒ බිව්ව වෙලාවට එහෙම කියන්න ඇති"
"ඉතින් ඇත්තම කතාව මොකද්ද ?"
"ඔය මොකක්වත් හේතු නෑ අනේ මම මේකට ආසයි"
"ආ ඒකද ඇත්තම කතාව?"
"ඔව් වෙසක් එකේ ඇයි මම බොරු කියන්නෙ?"
"හා ලබන ඉරිදා මොකද කරන්නෙ?"
"ලබන ඉරිදා බෑ සෙනසුරාදා අර බැංකුවෙ මහත්තයා එක්ක නුවර එළි යනවා..එන්නෙ සඳුදා උදේට"
"මට මොනවද ගේන්නෙ"
ඔයාට ඔයා කැමතිම ස්ට්‍රෝබෙරි ගේන්නම්"
විටින් විට ඇද හැළුණු දුවන වැසි නිසා මදක් තෙමී තිබුණු බයිසිකලය මත හිඳ ගත් මාගේ තුනටිය දිගේ මුළු ශරීරයම හිරි වට්ටන සීතලක් මොළය වෙත ඇදෙන්නටවීය..
සීතල වූ හෙල්මටය පැළඟ ගත් මා නැවත ඈ දෙස බැලූයෙමි.
මා දුටු සුන්දරම හදවත සතු කත ඇයයි...
දැනුනා නේන්නම්....
ReplyDeleteඅමරසිරි පීරිස්ගේ ළදුනේ සිංදුව මතක් වුනා....
ඔව් ඒ එක්කම ඔවුන් දිහා මානුෂිකව බැල්මක් හෙලපු බොහෝ නිර්මාණ මතක් උනා
Deleteදැන් ඉතින් මෙතන දායි. පව් අනේ. හරිම දුකයි, සංවේදී මතෘකාවක්. අපි අනුකම්පා කරන්න ඕන කියලා.
ReplyDeleteනමුත් ඇත්ත කතාව කතා කරලා ලීගලයිස් කරන්න ඕන කිව්වම. පට්ට වේසියෝ, සමාජ අපචාර. බ්ලොග් කාරයෝත් ගොඩක් දිව දෙකේ උන්...
ඇයි ඔබ බ්ලොග් කරුවන් ගැන තරහින් වගේ ? ඔව් ඔවුන් බ්ලොග් කරුවන් වෙන්න ඉස්සර වෙලා මිනිස්සු..ඔවුන් සමාජයෙන් කොටසක් නේද ප්‍රියන්ත ? මිනිස්සුන්ට දිවවල් දෙකකට වඩාත් තියෙනවා දැකලා නැද්ද ඔබ ?
Deleteඔවුන්ට අනුකම්පා කල යුතු නම් එයට පදනම ගණිකා වෘත්තිය නීතිගත කිරීමද ? නීතිගත කල යුතු පදනම නම් ඔවුන් වෙත ඇති අනුකම්පාව කියන එක නම් පිලි ගන්න අමාරුයි. ඒකට සමාජීය සාධක ගොඩක් තියෙනවා. මට මේ ප්‍රශ්ණයට පිළිතුරක් දෙන්න සොයුර ? ඔබට ඉන්නවද ගණිකා වෘත්තීයේ යෙදෙන ඔබ සමඟ එක් නොවන ඔබගේ හොඳම යෙහෙලියක් ? සමාජයේ හැම තලයකම අයට එවන් යෙහෙලියන් සිටින කාලයක අපිට කියන්න පුළුවන් සමාජය ඔවුන් ගැන අනුකම්පා කරනවා සහ ඔවුනුත් සමාජයේ කොටසක් ලෙස පිලි ගන්නවා කියලා එහෙම නේද ? මට හිතෙන්නේ නම් එහෙමයි
ප්‍රශ්ණය ගැටළු සහගතයි. කෙලින්ම ඇහුවනම් උත්තර දෙන්න පුළුවන්. ප්‍රශ්ණයේ පැති කීපයකින් බලන්න පුළුවන් ගතියක් තියෙනවා.. ඉහලින් තියෙන අදහ්සත් පැහැදිලි මදි.
Deleteමෙහෙමයි මචෝ මේක ලංකාවේ මෑත කාලයක නම් වන දෙයක් නොවෙයි. කොහොමත් අපේ අය පුහු සදාචාරවාදීන් නේ. ලෝකේ තියෙන දහජරා වැඩ කියන ඔක්කෝම තියෙනවා. ඒ උනාට ධර්මද්වීපය.
මට හිනා එනවා ඕයි... - ටෙනියගේ කෑල්ලක්.
ද ගණිකා වෘත්තීයේ යෙදෙන ඔබ සමඟ එක් නොවන ඔබගේ හොඳම යෙහෙලියක් ?
Deleteලිංගිකව එක් වීමේ අදහසක් තුන් හිතකවත් නැති නමුත් ඔබත් ඇයත් ඇයගේ වෘත්තිය කුමක්ද යන්න දන්නා ඔබගේ සහ ඔබගේ පවුලේ හොඳම මිතුරියක් සිටීද ?
ප්රශ්නය පැහැදිලියි.
අද සමාජයේ බහුතරයක් මගේ යාළුවො ඩොක්ටස්ලා, ප්‍රොක්ටර්ස්ලා කියන මානසිකත්වයක ඉන්නෙ.
අනේ නෑ.. උඹ මගේ දැන් රැකියාව මොකක්ද කියලා දන්නවනේ.. ඒ නිසා ඔබ මෙන්ම ඔවුන්ද මගේ මිතුරියන්. ඔවුන් සමග යනවද නැද්ද කියන එක මගේ පෞද්ගලිකත්වය..
Deleteලීගලයිස් කරලා ඔවුන්ව ලිස්ට් වලට දාලා තවත් සමාජ්යෙන් කොන් කරන්න හදන එකටයි මම අකමැති. ලීගලයිස් කරන්න ඕනිම නම් මගේ අකමැත්ත වැඩක් නෑ...ලීගලයිස් කරපු ඒවයෙ එහෙම නෑ කියන්න පුළුවන් උනාට..මෙහෙ මේ රකින්ඩ හදන පට්ට සදාචාරෙ එක්ක එහෙම වෙයි...සමාජශීලී කෙල්ලෙක් දිහාත් ඇඟිල්ල දික් කරන එකේ ආයෙ ඒක හෝදන්න දෙයක් නෑ !
Deleteකලින් කියවා රසය විඳි කතාවක්. දැන් එහි අරුත එයිටත් ගැඹුරටම ගෙන ගියා.
ReplyDeleteඔව් නලින් මම වෙලාව තියෙන විට ලිපි කීපවාරයක්ම කියවන්නෙ ඔය හේතුව නිසයි. එවිට තමයි නිර්මාණකරු කියන දෙය වඩා ගැඹුරට වැටහෙන්නේ..
Deleteඅපොයි මේකා කිවන කෙබර.. හැක් හැක්..
Deleteරසවත් නමුත් සංවේදි වීමයි හිතට අමාරු :(
ReplyDeleteනිර්මාණය, පරිකල්පනය හා අත්දැකීම් අතර සංසරණය වීමේ නියම අර්ථය ඔබ හදුනාගෙන සිටීම සතුටට කරුණක්. සාර්ථක නිර්මාණකරුවෙක් කියන්නේ ඒ වගේ කෙනෙකුටයි. හුගක් අයට නැත්තේ ඒකයි. නිර්මාණය එක්කෝ අත්දැකීම් වලින්ම පුරවනවා. නැත්නම් එකිනෙකට නොපෑහෙන පරිකල්පනයක් එකතු කරනවා. සමහය විට ඔබේ පසුගිය නිර්මාණ ගැනත් දැනුවත් කිරීමක් කරානං අත්දැකීම් කියන දේ කොයි තරං අඩුවෙන්ද එහි ගැබ් වෙන්නේ කියන එක කියවන්නාට පැහැදිලි වේවි. මම කොහොමත් වෙනියා හොද නිර්මාණ කරුවෙක් ලෙසටම තමා හදුනාගෙන ඉන්නේ.. ඒකනේ මං බොට ආදරේ... හැක් හැක්
ReplyDeleteමෙච්චර තමයි මටත් කියන්න තියෙන්නේ...
Deleteඑකිනෙකට සම්බන්ධ නොවූ විවිධ චරිත, නොයෙක් වර මාතෘකාවට ඈඳා ගනිමින් වෙනී අයියා ලියූ කතා කියවා ඇත්තෙමි. ඒවා ඔබගේ පරිකල්පනයන්ද, අත්දැකීම්ද යන්න ගැන සිතා ඇත්තෙමි. නමුත් එය දැන ගැනීම මගේ රස වින්දනය ඌණ පූර්ණ වෙනවාදැයි කියන එක නම් සැක සහිතයි. සමහර කතාවන්ට මෙය අදාළ විය හැකි අතර සමහර කතාවන්ට එය අදාළ නොවිය හැකියි. කියවන්නන් පිරිස ඉහල දමා ගැනීමට මෙයින් ලැබෙන අනුබලය කුමක්ද කියාත් පැහැදිලි නැහැ.
ReplyDeleteමොකක්ද යකෝ මේ වෙන්නෙ.
ReplyDeleteඔය 99% ගොඩට මම අයිති වෙන්නේ නැහැ
ReplyDeleteමම ඉන්නේ 1%
ඒ පොස්ට් එකට මගේ අවංක හැගිමන් කොමෙන්ටුවක් දාලා තියනවා
ReplyDeleteකතාවේ හරය මට දැන් තමයි තේරුනේ වෙනී. ඇත්තෙන්ම ඔය පසුබිම් කතාව නැතුව ඒක සෑහෙන අමාරු වුනා.
ReplyDeleteකවියක, ගීතයක, කතාවක නිර්මාණකරැවා තම නිර්මාණයට තමාටම පුද්ගලික වූ අත්දැකීම් හෝ බාහිර පරිසරයෙන් ලබාගන්නා අත්දැකීම් එකතු කිරීම අනිවාර්යෙන්ම සිදුවන්නක්. නිර්මාණකරැවෙකු තමාට අසන්න දකින්න විඳින්න සිදුවෙන දෑ දෙස සාමාන්‍ය කෙනෙකුට වඩා වෙනස් කෝණයකිනුයි බලන්නේ. අන්න එතනයි අපූර්වත්වය ඇත්තේ.
ReplyDeleteතමන්ගෙ දෙ විකුනල ජිවත් වෙන උන් නෙ ඈයි අපි බනින්නෙ
ReplyDeleteලිංගිකව එක්වීම මනුස්සයෙකුට තියෙන මූලික අවශ්‍යතාවයක්...ඒ වෙනුවෙම් උපරිම කැපවීමක් කරන ගණිකාවට සමාජයෙන් මීට වඩා තැනක් හම්බ වෙන්න ඕනා කියන තැනට සමාජය කවදා නම් එයිද කියන එක ප්‍රශ්ණයක්.....
ReplyDeleteසමාවන්න. සිංහල අකුරු කරන පරිහනකය ක්‍රියා විරහිතවීම නිසා මේ දින කිහිපය තුලම කමෙන්ට් වලට පිළිතුරු සැපයීමට නොහැකි විය. එය හැකි ඉක්මනින් යථා තත්වයට පත් කර ගැනීමට උත්සාහ දරමින් සිටිමි...
ReplyDelete