ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, April 9, 2013

එක එකා වරෙව්... One by one ! මුහුදේ අසිරිය තවදුරටත්...


ඔබ දන්නවා විටෙක නිසල දිය තලයක් දිහා භාවනානුයෝගියකු ලෙස බලා සිටිමින් කාලය හා අවකාශය අමතක කර දමමින්..දැහැන් ගත වන්නට බහුතරයක් ලැදි බව..

මාත් ඉන් එකෙක්..

එලෙසම ඊට හාත් පසින්ම වෙනස්.. නිමක් නොමැතිව බිඳී බිඳී කැලතෙන, ගැටෙන, රළ ගෙඩි දිහා නෙත් යොමා ගෙන දෙසවන් සිඳුගේ හඬින් පුරවා ගෙන කාලය නොමැති මානයක තනි වන්නටත් මා හට තිබේ නම්..අන් සියල්ල එයට යට වන බැවි ඉඳුරාම දනිමි..

අෂ්ඨලෝක ධර්මයෙන් එන සියළු විඳීම් මදකට හැර දමා මෙසේ දැහැන් ගත වන්නට මා පින් කර ඇති සේය..

පසු ගිය ලිපියෙන් මත්ස්‍ය රංචු දෙස දෑස යොමා සිත සංතර්පනය කල මා..එයින් නොනැවතී..අලංකාර එක් එක් මත්ස්‍යයන් හා ඔවුන්ගේ හැසිරීම් රටා අතරේ ඔවුන් හා ඔවුන්ගේම පරිසරයේ තනි වන්නට වූයේ මෙලෙසිනි..

එන්න මා හා නැවතත් මා ඔබව ගෙන යන්නම් එක්කෝ ඔබ නොදුටු..නැතහොත් ඔබ දැක ඇති ඒ සොඳුරු ලොව වෙත..

මෙවන් වූ අසිරිමත් ජල තලයක් මත මාළුවකු මෙන් ඉතා සැහැල්ලුවෙන් පා වෙමින් මා ගත කල ඒ කාලය...අදටත් මා මනැස වෙත ගෙන එන්නේ කුමන නම් ආහ්ලාදයක්ද ?

මෙන්න මෙයා විතර මාව කුලමත් කරපු වෙන එක්කෙනෙක් වත් නෑ..දවසක්ම පස්සෙන් පාවෙවී හිටියා මෙයා පස්සෙ..එයාටත් ගානක් නෑ..ඔහේ තමන්ගෙ පාඩුවෙ කිසිම ලැජ්ජාවක් බයක් නැතුව ඔය මාත් එක්කම හිටියෙ..බලන්න මෙයාගෙ ලස්සන රටා සහ වර්ණ..





අපේ කතන්දර සූරින්ට මතක් වෙලා තිබ්බ Finding Ni mo ෆිල්ම් එකේ හිටියෙ මෙයා වගේ කෙනෙක්නෙ... මටත් මෙයාව දැක ගන්න වාසනාව තිබ්බෙ නෑ..මගේ මුහුදු ජීවී මාමණ්ඩියා තමයි එකම එක දවසක මෙයාව දැකලා තිබ්බෙ..ඊට පස්සෙ දවස් ගනනාවක් හෙව්වත් ම්හ්...ආඩම්බරකාරයා !



මෙයාව නම් ගොඩාක් අය දන්නවනෙ..මුහුදු ඉකිරියෙක්..කකුලෙ ඇනුනොත් එහෙම සොරිම තමයි..විසයි ! නමුත් සාමාන්‍යෙන් අපි මුහුදෙ ඇවිදිද්දි මෙයා කකුලෙ ඇනෙන්න වගේ ඉන්නෙ නෑ..සාමාන්‍යෙන් ඉන්නෙම ගල් ඇතුලේ..ඒත් නරක් වෙලාවට මෝල් ගහත් පත්තු වෙන රටේ..පරිස්සමෙන් ඕන්..



මෙයා කොයිතරම් හැඩකාරයෙක් උනත් ඔබ දුටුවෙ නෑ කිව්වොත් මම ඒක විශ්වාස කරනවා..අනේ අම්මේ..මෙයා දවස තිස්සෙම ඉන්නෙ නම් ගල් කුලක් අස්සටම වෙලා තමයි..යාන්තම් පෙඳයක් විතරක් පේන්න එළියට ඇවිත් ආයි ඇතුලට යනවා..ඒත් දවසක් අතටම අහු උනා මෙයා කොයිතරම් හැඩකාරයෙක්ද කියලා බලන්න..ඊළඟ තත්පරෙන් මෙයා ආයිත් අර ගල ඇතුලෙ !


මෙතන නම් ලොකු කතන්දරයක් සිද්ධ උනා..මෙයා අපි අනුමාන කලේ නම් බිත්තර දමන්න වෙන්න ඇතියි කියලයි...මෙතන තියෙන ලොකු ලොකු ගල් කැට සේරම තමන්ගෙ කටින් අරගෙන ගිහින් පූස් ගාලා වෙන තැනකට විසි කරලා එතන සුද්ද පවිත්‍ර කලා වරුවක්ම...අපිටත් ඊට වඩා මෙයා දිහා බලන් ඉන්න බැරි නිසා යන්න ගියා..ඊළඟ දවසෙ නම් හිටියෙ නෑ එතන..මෙයා තරමක ලොකු මාළුවෙක්..අපි වටේම පීන පීනා එයා දිහා බලන් හිටියත් , ෆොටෝ ගැහුවත් එයා නෙවෙයි තමන්ගෙ වැඩේට ඒක බාධාවක් කර ගත්තෙ..

මේ නම් මාත් එක්ක හිනා උනාද කොහෙද !












අපි හිතන් ඉන්නෙ සර්පයො ඉන්නෙ ගොඩබිම කියලා විතරක් නම්...මෙන්න මුහුදු සර්පයෙක්..මෙයාලා විස ඇති මයෙ හිතේ..මට දැක ගන්න වාසනාව නැති උනත්..මෙයා මාමණ්ඩිව දුටු සැනින් මෙන්න මෙහෙම හැංගිල තියෙන්නෙ..
3D නයෙකුත් ඉන්නවා ළඟදි පෙන්නන්න..ඉවසන් ඉන්ඩකෝ... මූනුපොතේ නම් පොඩියක් පෙන්නුවා !





මෙයාගෙන් පොඩියක් පරිස්සම් වෙන්න..මෙයා හපනවා..පාන් දෙන්න ගිය සැරේක අත හැපුවා..අර ගල් කුල අස්සෙ ඉන්න මාළුවන්ව බලන්න ගියහමත් කකුල හැපුවා..ඒ ගල් කුල ඇතුලෙ නම් එයාගෙ පොඩි පැටව් වගයක් හිටියා එයාලව පරිස්සම් කරන්න වෙන්න ඇති එහෙම කරන්න ඇත්තෙ..හැබැයි එයා අනිත් හැම වෙලාවෙම ඔහේ පීන පීනා හිටියා මිසක් පස්සෙන් පන්නා පන්නා හැපුවෙ නම් නෑ..

බලන්නකො මේ ගල ඇතුලෙ හැංගිලා ඉන්නෙ කවුද කියලා එහෙනම්..


මෙන්න සමීප දසුනක් එහෙනම්.. ඔව් කකුළුවෙක් එක්ක මේ ඉන්නෙ ෆයර් ෆිශ්  Fire fish කෙනෙක් එයාත් තරමක් භයානකයි කියලයි කියවෙන්නෙ නම්...

මෙතනින් පේනවනෙ එයා භයානක උනාට කොයිතරම් ලස්සනද කියලත්...


මෙන්න මගේ ප්‍රියතම නිදියන මාළු රංචුවෙන් දෙන්නෙක්..නිදියන මාළු කිව්වෙ මමමයි..එයාලා මුහුදු පතුලටම ඇලිලා වගේ නොසෙල්වී ඉන්නවා ඇත්තටම නිදි නම් නෑ..ඒ උනාට නිදියාගෙන වගේ නිසොල්මනේ ඉන්නෙ..

මාත් එක්ක හිනා උනාද ? මාව දැකලා හිනා ගියාද කියන එකනම් දෙයියො තමයි දන්නෙ !


එහෙනම් අදට ඇතිනෙ..
පහු ගිය කාලෙ අරවා මේවා පෙරල ගෙන අඬලා දොඩලා මල විකාරයක් කරාට..මන් හිටියෙ මේ වගේ සුන්දර ලෝකෙක තනි වෙලා කියලා මට හිතෙන වාරයක් පාසාම මට ඇතිවෙන්නෙ කියන්ඩ බැරි තරමේ සතුටක්..



ඊළඟ පෝස්ට් එකෙන් 3D නයෙක් අරිනවද නැත්නම් තවත් මාළුවන්ව සහ මුහුද පෙන්නවද කියලයි මම හිතුවෙ..

55 comments:

  1. ඔය "නයා" කියන එකත් සාපේක්‍ෂ සංකල්පයක් නේද?

    ReplyDelete
    Replies
    1. මේ නයා ගැන නිදහස් සිතුවිලි වලදි මට හිතුන හැටි..

      -----

      මට හිතෙන්නෙ ඔය සංඛේතාත්මක නයා ත්‍රිවිධාකාරයි.

      1. සමහරු හිතලම තමන්ට නැති දේවල් මවලා පෙන්නලා ලොකු කමක් පෙන්වන්න නයාව අරිනවා..

      2. සමහරු ඇත්තටම තමන්ට තියන දේවල් පෙන්නලා / කියලා සමාජයේ කැපී පේන්න නයා අරිනවා. ( ඒක බොරුවක් නොවුනත් නිතර වාදනය වෙන පුරසාරමක් )

      3. සමහරු නොහිතම තමන්ට තියන දේවල් ගැන එදිනෙදා භාවිතයෙදි කතා කරනවා / පෙන්වනවා.. එතන නයා ඇරිමේ උවමනාවක් නොතිබුනත් ඔය උඩ ඉන්න දෙවර්ගය හින්දා මේ ගොල්ලො දිහාත් සමාජය බලන්නෙ නයා අරින කට්ටිය හැටියට. ( මේක තමන්ගෙ අවට වට පිටාවට සාපේක්ෂ වෙනවා. )

      -----

      Delete
    2. ඉතාමත් තාත්වික පැහැදිලි කිරීමක්.

      Delete
    3. නයා ගිය දුරක් ! මගේ නයා නම් දෙවැනි එකට අයිති නයෙක්ද මන්දා ?

      Delete
  2. පට්ට ෆොටෝ ටික
    මාළු ටික අයියට කින්ඩි හිනා දාපු එක තමා අවුල්.

    3D නයා ප්ලීස් ඊළඟට

    ReplyDelete
    Replies
    1. හා හා එහෙනම් ඌවම දාන්නම්කො මල්ලි...

      Delete
  3. හරි ඔන්න ආවා.....

    ReplyDelete
    Replies
    1. ආවනම් හත් අට පොලකින්ම වාඩි ගන්ඩකො රාජ්..කාලෙකට පස්සෙ නොවැ දැක්කෙත්..

      Delete
  4. its very nice Weni... good job. Well done.

    ReplyDelete
    Replies
    1. Thanks Ayilas, There are hundreds of photos from the fishes..also from corals too.

      Delete
  5. ‌ෂෝක් අප්පා.. දැන් මේක අහම්බෙන් වගේ අපේ මහත්තයා දැකලා මට මුල ඉඳලම විස්තරේ කියන්න උනා... හි හි....

    ReplyDelete
    Replies
    1. හොඳයිනෙ හිරු එහෙනම් අපේ මහත්තයාත් හැමදාම මේක කියවාවි නේද ?

      Delete
  6. ගැඹුරු මුහුදේ මේ ආශ්වාදය ලබා ඇතත් එයට සරිලන කැමරාවක් නොමැති කමින් අදත් දුක් වෙමි.උන් ගත් පිංතුර ටික ගන්නත් බාත් 700ත් වත් ගෙවන්න වෙනවා. ඒ මුදල වෙන දේකට දැම්මා.

    ReplyDelete
    Replies
    1. ඔව් නලීන් හැමදාම වගේ මට නම් මේ ලක් එක කරකැවෙනවා උපරිමයටම ..

      Delete
  7. කැළණි ගගේනෙ බං මාළු ඉන්නෙ !

    ReplyDelete
    Replies
    1. උන් මෙහෙම පේන්නෙ නෑනෙ සෑමෝ..

      Delete
  8. මට මේ මාළුත් එක්ක පුදුම ඊරිසියාවක් ඇතිවුනේ... අර අන්තිම එක්කෙනාගෙ හිනාවනම් හරිම සීදෙවි හිනාව..

    ඔය කොච්චර විතර ගැඹුරෙද වෙනි අයියා....?

    ReplyDelete
    Replies
    1. සෙන්නා මේ තවමත් වතුර මට්ටම ගොඩක් පහල නමැවිදන් යන ගැඹුරෙ ඉන්න මාළු..වතුර පොඩ්ඩක් වැඩිනම් පීනන්න වෙනවා..

      Delete
  9. හරිම ලස්සනයි වෙනී...

    මම ඔයා නම් ආයේ ජීවිතේට ගොඩට එන්නේ නෑ. දිය කිඳුරියක් වගේ ඔය මාලුත් එක්ක දවසම පීන, පීන ඉන්නවා.:D

    සමහර මාලුන්ගේ විස තිබුනට එයාලා මිනිස්සු තරම් නපුරු නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම දවසම පීන පීනා හිටියා පොඩ්ඩි..ඒත් ඉතින් මේ බඩ රස්සාව කරන්න ආපහු එන්න එපාය !
      අපොයි මෙයාලා එච්චර විස නෑ කොහොම කීවත්..එයාලට අනතුරක් තිබ්බොත් විතරක් පොඩ්ඩක් හපනවා..නැත්නම් නිකන් නිස්කාරනේ නම් හපන්න එන්නෙ නෑ..

      Delete
  10. මාමාගේ ෆොටෝ වලට බෑනා කොපිරයිට් දාගන්න එක හරිද ?

    ReplyDelete
    Replies
    1. අපේ මාමට වත් නැති ප්‍රශ්ණ නොවැ රාමට තියෙන්නෙ ! දුවත් එක්කම එයාගෙ සේරම දේවල් මගේ තමයි..මේ කොපි රයිට් දාන අදහසත් එයාගෙ..

      Delete
  11. අර හිනා උන මාලුච්චි ගිය ආත්මෙ වෙනීගෙ නැන්දම්ම වෙන්න ඇති.. මෙන්න මූ මේ ආත්මෙත් මගෙ දුවම හොයනවා කියල හිතිල..

    ReplyDelete
    Replies
    1. හිටුකො ඊළඟ සැරේ මන් මූණටම අහන්න..සරත් අයියා කීවා කියලම තමයි අහන්නෙ ඕන් !

      Delete
  12. අර අන්තිමට ඉන්න මාලුවනං වෙනී අයිය දාල තිබ්බ 3ඩී ෆොටෝ එකේ මූන වගේමයි.

    මාර ලස්සනයිනෙ ‍ෆොටෝ ටික.

    ReplyDelete
    Replies
    1. ඊගාවට 3D නයා ගැන දාමු.

      Delete
    2. අපොයි ප්‍රසා මල්ලි මං එච්චරටම සීදේවි පාටද ???
      හා එහෙනම් ඒ නයා දාන්නම්..

      Delete
  13. දොඩන්න මක්කවත් නෑ ඔහේ දාල තියෙන ඒවැට...

    ReplyDelete
    Replies
    1. අවාරෙද දොඩං නැත්තෙ දේශකයා ???

      Delete
  14. පට්ටම ලස්සනයි වෙනියෝ... මට ආසාව තිබුනට අපිට කොහින්ද සම්පත්....

    ReplyDelete
    Replies
    1. අපොයි මේකට එච්චර සම්පත් ඕනි නෑ අප්පා..මගේ මුල් ලිපියෙන් කියලා තිබ්බෙ ලේසිම ක්‍රමේ..

      Delete
  15. ඔය මුහුදු නයි හෙන විසලු නේද?

    ReplyDelete
    Replies
    1. මමත් අහල තියෙන්නෙ නම් එහෙමම තමයි...

      Delete
  16. පට්ට පට පට. :)

    මේ ෆෝටෝස් ගත්තේ ඒ දවස් වලනේ. මේ දවස් වල උඹ මොකද වහං වෙලා කරන්නේ? පතලක වත්ද? නැතිනම් මාරයත් කොළඹ ආපු හන්දා උඹ රත්නපුරේට මාරුවක් හදාගත්තද?

    ReplyDelete
    Replies
    1. ඔව්...හෙන් රි...
      මොන මාරු වීමද ? මේ දවස් වල වැඩ වල එරිලා ඉන්නෙ බන් අයියෙ..

      Delete
  17. beautiful ! ඇත්තටම ගොඩක් ලස්සනයි. ඒවගේම පුදුමයි. සාමාන්‍යයෙන් මාලුවෙක් වතුර කැලඹෙනකොට පීනලා ඈතට යනවනේ, නමුත් මෙයාලා කැමරා එක ළඟටම ඇවිත්. කැමරාකරණයේ දක්ෂතාවය වෙනන් ඕනෙ.. ස්තූතියි..වෙනි

    ReplyDelete
    Replies
    1. මේ අයට ගානක් වත් නෑ අනිත්කො...එයාල පුරුදු වෙලා ඇති..

      Delete
  18. නියමයි... කාලයක් මටත් ලොකු ආසාවක් තිබ්බා ගෙදර මේ කරදිය මාළු ඉන්න මාළු ටැංකියක් හදන්න... ඒවායේ ගනන් ඇහුවට පස්සේ හිතුණා නිදහසේ ඉන්න ඕනේ මේ මාළු ටැංකි වල හිරකරගෙන ඉන්න එක හරි පව් කියලා...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත බීටල්..මාත් අහලා තියෙනවා මේ මාළුත් ගෙවල් වල ඇති කරන්න පුළුවන් කියලා. හිර කරන් ඉන්න එක නම් අපරාදයක්..මේ අය ඉන්න නිදහස දුටුවම !

      Delete
    2. වෙනී උඹ දැක්කද ඇයි බීටලයට ඒ නිදහසේ ඉන්න ඕනේ මේ මාළු ටැංකි වල හිරකරගෙන ඉන්න එක හරි පව් කියල හිතුනේ ඇයි කියලා? :)

      Delete
    3. නෑ හෙන්රි දන්නෙ නෑ ! කියන්ඩකෝ !

      Delete
  19. හප්පේ ඔය දිය නයාද මොකාද එකා කෑවයි කිව්වේ? උන් විස තියෙන සර්පයෝ නෙවෙයිද? ඉකිනියෝ තමයි කේස් එක අම්බලන්ගොඩ මුහුදේදී අපේ මල්ලි කෙනෙක්ගේ ඇනුනා එතන හිටපු අන්කල් කෙනෙක් කැත නැතිව චූ කළා කකුලට, කෙම් ක්‍රමයක් කිව්වේ. ෆොටෝ ටික වෙනදා වගේම විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. මේ නයා කෑවෙ නෑ බන්..ඔය ඉකිරියො ඇනුනම මුත්‍රා කරන කෙම නම් මාත් අහලා තියෙනවා..තමයි..

      Delete
  20. නිලාවෙලි සහ ට්‍රින්කො ටවුන් එකේ කොනේශ්වරම් කෝවිල ඉදිරිපිට මුහුද 1980 වෙදි වගේනම් රෑටත් මම පුදුම සතුටක් ලැබුව කස්ටිය එක්ක.
    සමර් එකේ නම් සමහර කාලවලට මුහුද අයිනෙ කෑම්ප් ගහගෙන දවස් දෙක තුනක් ලුණු වතුර එක්ක සැප ගන්නව පවුල් කීපයක් සමග එකතු වී.
    ඔබගේ ලිපිය සහ පින්තුර ටික බැලුවම හිතාගන්න පුළුවන් ඔබගේ මෙයට තිබෙන කැමැත්ත.මොකද මම දැකල තියෙනව අපි කන බොන ඒවාට යොමු වෙලා ඉද්දි කිමිදිලා පින්තුර ගන්න වෙහෙසෙන අය.

    ReplyDelete
    Replies
    1. ඔව් කෙන්ජි කිමිදිලා ෆොටෝ ගන්න එක සාමාන්‍යෙන් ගොඩබිම ඉඳන් ෆොටෝ ගන්නවට වඩා තරමක් දුශ්කරයි..මන් නම් වතුරෙ ඇවිදලා ගත්ත ෆොටෝ මෙව්වා..

      Delete
  21. මුහුදු සර්පයෝ තමයි අන්තිම මාරාන්තික ..මාරාන්තික කියන්නේ
    උපරිම මාරාන්තික ..ආයේ කතා කරන්න දෙයක් නැහැ ..කෑවොත්
    එහෙම විනාඩි දෙකක් වගේ ඇතුලත මරණය ...
    මුදු සර්පයන්ගෙන් 90% කටත් වඩා උඝ්‍රම විස ...බලාගෙන කිට්ටු
    වෙන්නේ ..ඒත් මට පුදුම ඔබව ඇයි ඒ ගැන දැනුවත් කර නැත්තේ කියල...

    ReplyDelete
    Replies
    1. මුහුදු සර්පයෝ විෂයි කියලා නම් දන්නවා..ඒත් ඒ අයට අපි හිරිහැර නොකලොත් හපන්නෙ නෑ..මෙයාත් සැනින් වැලිඅතරෙ හැංගිලා තියෙන්නෙ

      Delete
  22. මාර ලස්සනයිනේ. විස්තර ලියා තියෙන විදිහ දැක්කම මට මතක් වුනේ ලස්සන මාළුවෝ කියන රුසියන් පොත.

    ReplyDelete
    Replies
    1. ඒ පොත් කියවලා තියෙන ආභාෂය වෙන්න ඕනි මෙහෙම ලියන්න හිතුනෙ බින්දි !

      Delete
  23. මමත් හරි ආසයි බං මුදු මාළුන්ට..එක සැරයක් try කළා ගිනි මහ කෙනෙක් එහෙම ගෙනල්ලා හදන්න!
    එල ෆොටෝ ටික ඈ!
    මාමාට පින්!

    ReplyDelete
    Replies
    1. එයාලා ගෙවල් වල හදන්න අමාරු ඇති මයෙ හිතේ !

      Delete
  24. මාළුවන් අතරේ ටිකක් හරි කල් ගෙවන්න තිබුනානම් කියලා හිතුනා..
    ස්තුතියි වෙනී..

    ReplyDelete
  25. ලස්සන ෆොටො ටික වෙනී අයියේ..

    3D නයාවනම් ටිකක් දැක්කා මුණු පොතේ..

    ReplyDelete