ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, April 29, 2013

වැඩේ සාර්ථකයි.. මේ තියෙන්නෙ සාක්කි,


වචනෙන් කියන්ඩ ඕනි සේරම දේවල් ඔය තියෙන්නෙ ෆොටෝ වලින්ම..මන් මක්කටෙයි සල්ලි ගන්නෙ අයියා නොවැ මහන්සි උනේ..සොරි ඒක නෙවෙයි කියන්ඩ ඕනි උනේ..මම මක්කටැයි වචන නාස්ති කරන්නෙ ?


























































































කොහේ හිටියත් ඔබා අයියා සතුටු වෙන්න ඇති ඊයෙ...

අන්තිම පේලියෙ වැඩ තවත් ගොඩක් තියෙනවා ඉස්සරහදිත්...

59 comments:

  1. එන්න බැරි වුනා.. :(
    ජය පතනවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශම්මි..

      Delete
  2. ඉතාමත් සාර්ථක වැඩපිළිවෙලක් මේ තරම් ලස්සනට කරන්න කැප වූ සැම සොයුරු සොයුරියකටම මගේ ආචාරය. වෙනි මේ පිංතුරවලට කැප්ෂන් ටිකකුත් දැම්මනම් යාලුවන් සේරම අදුනගන්නත් පහසු වෙනවා... බොහෝ දෙනෙක් දැක තිබුණට මේ කවුද කියන්න දන්නේ නැනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් නලීන් මන් කැප්ශන් දාන්නත් හිතලා නිකන් හිටියා. මූනුපොතේ නම් ටැග් කරලා තියෙනවනෙ. අද තත්වය වෙනස් නිසාත්..සැබවින්ම ඡායාරූපයක් හරහා කරන හඳුනාගැනීමකට වඩා හමුවී හඳුනා ගැනීම වඩාත් ඵලදායී නිසාත්..ෆොටෝ නම් කලේ නෑ. ඊළඟ කාර්යයට ඔබත් පැමිණේයයි සිතමි

      Delete
  3. ලේ දෙනවට වඩා මුන් සෙට් එක කන ෆොටෝස් නේ වැඩි :)
    බොහොම පින් වැඩක්!

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි නිශාන් මල්ලි, අපි කලේ ඔබා අයියා වෙනුවෙන් අපේ හිත තුල තිබ්බ ගෞරවනීය හැඟීම හිතවත්කම කලගුන සැලකීම වගේ හැඟීම් වලට මුල්තැන දීමක්. ගොඩක් අය නොදන්නවාත් ඇති අපිට මුලින්ම ඔබා අයියා මුණගැහෙන්නේ අන්තිම පේළිය හරහා. එතනින් තමයි ඒ හිතේෂිවන්තකම ගොඩනැගෙන්නේ...අපි කල වැඩේ උතුම් වගේම..අපි එතනට සෙට් උනේ (මම හැර අනිත් අය) තරුණ තරුණියන් පිරිසක්නෙ..ඒ වගේ තැනක ගොඩනැගෙන්නේ නැති ෆන් එක වෙන කොහේ ගොඩනැගෙන්නද ? මට තිබ්බා ලේදෙන සංවිධානය කරන බොහොම සීරියස් ෆොටෝ ටික විතරක් දාලා නිකන් ඉන්න. නමුත් මම කල්පනා කලේ..නෑ අපි වැඩේත් එක්කම ලබපු වින්දනයක් තිබ්බා. ඒටිකත් ඉස්මතු නොකරන්නේ ඇයි කියන එක..

      Delete
  4. මේ උතුම් කාර්යය ඔබා මාමාට පිනක්ම වේවා !

    ReplyDelete
    Replies
    1. මගේ පැතුමත් එයමයි.

      Delete
    2. හෙන්රි සහ සෑම් ස්තූතියි.. ඔබලාත් ඊළඟ කාර්‍යයට සහභාගි වෙන්න වාසනාවන්ත වේවා කියලා පතන්නම් !

      Delete
  5. ඔබා මාමටත් මේ කාරියට සම්බන්ධ උනු සියලු දෙනාටත් ලොකු පිනක් සිද්ද කරගෙන තියෙන්නේ . .

    ReplyDelete
    Replies
    1. ඔව් දුකා...අපිට ඒක දැනුනා වැඩේ යනකොටම..

      Delete
  6. වෙනී අයියේ, ප්‍රශ්ණයක්....

    උඹ දැන් මේකට ලියන්නා කියලා නම දාගන, ෆොටෝ එකක් වචන දාහයි ඒක හින්දා ෆොටෝ බලලා නිකන් හිටපල්ලා කියන ඒකෙ තියන සාධාරණත්වය මොකක්ද බන්ස්.. එහෙනම් නම් වෙනස් කරහන්.. ෆොටෝ ගන්නා කියලා..

    කරපු සද්කාර්යයට උඹලට පින්..

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නෙට උත්තරේ...ඔව් එහෙම වෙනස් කොරඥ්ඥං..
      ස්තූතියි

      Delete
  7. කෝ වෙනිය ලේ දෙන ෆොටෝ?
    මට නම් බොහෝම බය හිතුන අපායෙ යන්න. ඉස්සර අපාය නෙමේ දැන් තියෙන්නෙ. මහ ජරා වද දෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මට දෙන්න උනේ නෑ මල්ලි..අපාය බොහොම භයංකාරයි දැක්කා නොවැ !

      Delete
    2. මේ මනුස්සයට බයයිලු ලේ දෙන්න.. ;)

      Delete
  8. පින් සිද්ධ වෙන්න ඕනේ මේ දේවල් වලට වෙහෙස මහන්සි උන හැමෝටම ..



    ( අනේ වෙනි අයියේ අමිලයව ඉන්නවනම් පෙන්නනවද ..?)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි..ඊළඟ සැරේ එන්න. මන් ඔබට අමිලව හඳුන්වලාම දෙන්නම්කො. ෆොටෝ එකකින් දකිනවට වඩා සැබවින්ම දැක හඳුනා ගත යුතු පුද්ගලයෙක් !

      Delete
  9. මේ උතුම් පුණ්‍යකර්මයට සහභාගි වුනු හැමෝටම නිදුක් නීරෝගි සුව ලැබෙන්නත්, ඒ වගේම අපේ ඔබා මාමටත් ඒ පින් අනුමෝදන් වෙන්නත් කියල මමත් ප්‍රාර්ථනා කරනවා.

    මම නම් කවදාවත් ලේ දීල නෑ වෙනී අයියෙ, ලේ දැක්කත් කලන්තෙ වගේ නිසා ඒ වැඩේ නම් අනාගතේදිවත් කොහොම වෙයිද මන්ද.

    මෙයා මේ වැඩේ අස්සට අපායත් දාලා මාරයගෙ ෆොටෝසුත් දාලනේ.

    මේ ... අර කොලූගෙ පස්සා පැත්තත් ‘ලබ් ඩබ්‘ ගැනවද දන්නෙනෑ, නෙහ් ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි,
      ඒ ගත්ත ෆන් තමයි..මුන් සෙට් එක ඉන්න කන් ඉතින් කොහේ ගියත් වැඩේත් හරියට කරලා ගන්න ෆන් එකත් උපරිමයි !

      Delete
  10. වැඩේ නම් නියමෙට තිබුනා... :)

    ReplyDelete
    Replies
    1. සාතන් එහෙමත් ආපු එක කොයි තරම් නම් ලොකු දෙයක්ද ?

      Delete
  11. මාස අටක් විතර ලේ නොදුන්න නිසා එන්නමයි හිටියේ , ඒත් මහරගම පැමිනීම නිසා අභූත චෝදණාවකට ලක්වූ නිසා අදහස අත්හැරියා වෙනී අයියේ

    ඇත්තටම හිතට දුකයි

    ReplyDelete
    Replies
    1. කමක් නෑ බන් ඊළඟ වැඩේට සෙට් වෙමු. මේක අන්තිම පේළියෙ වැඩක්..මම සහභාගි උනෙත් බ්ලොග් කාරයෙක් විදියට නෙවෙයි. මුලින්ම මනුස්සෙක් විදියට ඊළඟට මම අන්තිම පේලියෙ තෙලැස්ට්‍රෝ thelastrow සාමාජිකයෙක් විදියට..

      Delete
  12. කොතන ගියත් කෑම නම් තියෙනවානේ.... ලේ දීලා කන්න දුන්න එකත් පිනක් තමයි බලනකොට... හි හි....

    ReplyDelete
    Replies
    1. හි... හී
      හි... හී
      හි...හී

      Delete
    2. ඔන්න හිරු එක්කම එන ඇනොවෙක් ඉන්නවා වගෙයි..ඔව් හිරු කන්න දෙන එක ඉතින් සංවිධායක කමිටුවෙ තීරනයක්නෙ..

      Delete
  13. අගෙයි වැඩේ.... ලංකාවට ගොඩ බැහැපු වෙලාවක මේ වගේ දෙයක් තිබ්බොත් එන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. තිසර ඊළඟ වැඩේ තියෙන කාලෙක ලංකාවට ගොඩ බහින්න..

      Delete
  14. අපරාදේ ආවා නම් පිනකුත් කරගෙන, පින්තූරෙකුත් වෙනියට කියලා ගන්නවා ගන්ට තිබුනු අවස්ථාව....

    අර අනුරාධ චෙක් කරන්නේ මොනාද? හදවතේ ගැස්මද? :D

    කරපු වැඩේට නම් පින් සිද්ධවෙනවා වෙනියෝ ඔයාලා ඔක්කෝටම...

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි එන්න ඊළඟ සැරේ..
      අනුරාධ එහෙම කලේ ඉන්න අයව හිනැස්සෙව්ව එක..ඒ ෆන් එක නම් උපරිමයි ඉතින්...

      Delete
  15. ඉතා හොඳ වැඩක්.
    පින් සිදුවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කතන්දර...

      Delete
  16. ඇත්තටම වෙනී හොද වැඩක් කරල තියෙනව.... විශේෂ ස්තුතිය අන්තිම පේලියේ සහෝදරයන්ට..... මම අනිත් සැරේ සෙට් වෙන එක වෙනව....

    ReplyDelete
    Replies
    1. ඔව් අපි ඊළඟ වැඩේත් කල් ඇතුවම දැනුම් දෙන්නන්කො..එන්න

      Delete
  17. Replies
    1. ස්තූතියි අයිලාස්..එයි කියලත් හිතුවා...

      Delete
  18. මං කිව්වේ ඕවා තමා පින්.. නැතිව කන උන්ගේ පොටෝ ගහන එක නෙමෙයි... හැක්... ජය වේවා.. උතුම් වැඩක්...

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ගහන එකේ නම් කිසිම පිනක් නෑ දේශකයා.. මේ ලේ දන්දීමේ වැඩේ තමයි පින්...

      Delete
  19. නියම පිංඅතේ වැඩක්. ඔබා අයිය කොහේ හිටියත් මේකෙන් උපරිම පිනක් ලබාගන්න ඇති. මේක සංවිධානය කරපු ලාස්ට් රෝ කට්ටියට බොහොම ස්තුතියි.

    අපි කනහැටි මෙහෙමයි කියල බුකිය පුරා පින්තූර දාන මාරය මොකද වහගෙන කන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මල්ලි, කෑවෙත් එකම එක මාළු පාන් එකයි...

      Delete
  20. Replies
    1. ඊළඟ සැරේ එන්න සංජීව..

      Delete
  21. සහභාගි වෙන්න හිතන් හිටියත් දුශ්කර පලාතක හිටි නිසා එන්න බැරි උනා, අන්තිම පේලියෙ ඉදිරි වැඩවලට සහභාගි වෙමි.

    ඔබා අයියට මේ පිං අනුමෝදන් වේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ..අපේ ජිංජි මලයා හැමදාම එන්නෙ පැල්මඩුල්ලෙ ඉඳන්..ඔබත් එකතු වෙන්න !

      Delete
  22. අර අවුරුදු කුමාරයගෙ අත ඩොක්ටර් ගෙ තනේ ගෑවිලද මූන අමුත්වෙලා වගේ තීන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒ ෆොටෝ එක ගත්ත ඈංගල් එක නේද ? ඒ ඩොක්ට තමයි කට්ටියගෙන් ටොප් ප්‍රශ්ණ අහලා තිබ්බෙ !

      Delete
  23. අරන් සුවපත් වෙන්න
    නිරෝගිව වැජඹෙන්න
    මෙන්න...
    මගේ ජීවිතෙන් ටිකක්
    අරගන්න...

    ReplyDelete
    Replies
    1. නියම අදහස වචන පෙල ගැස්ම පරිකල්පන..

      Delete
  24. කට්ටියම ලොකු පුණ්‍යකර්මයක් කරලා තියන්නේ..හැමෝටම පින්, සුබ පතනවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩිලන්ත..අපිට සතුට දැනුනා එවෙලේම..

      Delete
  25. හරිම ලොකු පිනක් කට්ටිය කරගත්තේ . හොඳට විනෝද වෙලා ඇති බවත් පේනවා . දකින අපිටත් සතුටුයි

    ReplyDelete
    Replies
    1. ඔව් විනෝදය වගේම මේ අය හොඳටම සංවිධානය කරලා තිබ්බා බින්දි...

      Delete
  26. ඔය ලේ බිඳු අවශ්‍යම අයට ලැබෙනකොට ඒකෙන් ලැබෙන පින තව තව වැඩිවෙනවා.කට්ටියටම හදවතින්ම සුබ පතනවා තවත් මේ වගේ වැඩ කරන්න

    ReplyDelete
    Replies
    1. ඔව් ජනා ඒක නම් සහතික ඇත්ත...

      Delete
  27. සංවිධානය කරපු හැමෝටමත්, සහභාගී උණු හැමෝටමත්, ෆොටෝ ගත්ත වෙනි අයියටත් බොහෝම පිං සිද්ධ වෙනවා කරපු සද් කාර්‍යයට. මේ පිං ඔබා මාමට අනුමෝදන් වේවා!!

    1).පස්සේ "ලබ්ඩබ්" හොඳට වැඩද මන්දා...

    2).අවුරුදු කුමාරයාට ලේ දෙනකොට මිරිකන්න තියෙන බෝලේ මතක් වෙලාද මංදා ඩොක්ට ගාව හැසිරෙන්නේ... :D

    3)."නොමනා හැසිරීම් හා අනුන් බේද කිරීමේ විපාක" නියෝජනය කරන්න නියෝජිත මහත්තයෙකුත්(?) ඇවිල්ලා ඉන්නේ.... :D
    (ෆොටෝව අයිති සහෝදරයට පුංචි විහිළුවක් හොඳේ... වෙනියා ඕක ඇල්ලුවෙත් අපේ කටවල් අවුස්සන්න හිතාගෙනම තමයි. :D )

    ReplyDelete
    Replies
    1. 1. අනුරාධගෙන්ම අහන්න ඕනි.
      2.ආ ඒ බෝලෙට හැමෝම ආසා උනා
      3. මට තාම ටියුබ් ලයිට් කවුද කියලා..

      Delete
  28. එන්න හොඳටම උවමනාව තිබ්බත් හදිසි වැඩක් නිසා බැරි වුනා... පින් පතනවා හැමට. ඔබා අයියටත් අපි අතරම ඉපදෙන්න කියලා පතනවා....

    ඕනයා කොහොමද මන්දා අර ලේ දෙන්න කලින් පුරවන ෆෝම් එක පිරෙව්වේ....

    ReplyDelete
    Replies
    1. ඔව් අභීත,
      ඕනයා වගේම උඹටත් ඔය ගැටළුව එයි නේද ????

      Delete