ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, April 27, 2013

සොබාදමේ අණ


සොබා දම් මෑණියන් තරම් තවත් අපූරු ආශ්චර්යයක් මේ මිහිපිට නැති බව ඔබත් මමත් ඉඳුරා දනිමු. එහි නීති රීති පද්ධතියට හසු නොවන කිසිවකුත් නොමැත. මිනිසා යනු එහි උත්කෘෂ්ටම නිර්මාණයක් වන්නා සේම...මිනිසාගේ පාලනය කල නොහැකි හැඟීම් සමුදාය මතින් තාඩනයට පීඩනයට ලක් වන සොබා දහම තවමත් විශ්මයකි. විටෙක දාර්ශනිකයින්ගේ චින්තනයට හසුව විවිධව අර්ථකතනයන් ලදත්...තවමත් අපව පාලනය කරන්නේ සොබා දහම වීම අප ලද පරාජයක් නොවන්නේද ? මිනිස් ජීවිතය ලද ක්ෂණිකව විනාශ වී යාහැකි බව තුල අප සොබාදහම ඉදිරියේ කොතරම් නම් ලදරුවන්දැයි යන්න ඔප්පු වන එක සාධකයකි.

මේ ක්ෂණයේ උඩට ඇද ගන්නා හුස්ම පොද නැවත පහල හෙලීමටවත් අවකාශයක් නොතබා ඔබව මෙන්ම මාවද මේ පද්ධතියෙන් ඉවත් කල හැකි බලයක් තිබෙන්නේ නම්..ඒ තවත් සත්වයකුට නොවේ ..ඒ සොබා දහමටම පමණි..වෛද්‍ය විද්‍යාව කෙතරම් කෙල පැමිණුනත්..මරණය නැවැත්විය නොහැකිය..නමුත් එය කල් දැමිය හැකි තත්වයකට පත්ව කර ඇත. විවිධ ඖෂධ වර්ග, ක්‍රමෝපායන් ඔස්සේ එය කරන ආකාරයද විස්මිතය. ඖෂධ වර්ග කෘතීමව සාදා ගත්තද එක් දෙයක් කෘතීමව සාදා ගත නොහැකිය. එමෙන්ම එයට විකල්පයක්ද නොමැත.

එසේම එය අත්‍යාවශ්‍යය..

ඒ රුධිරයයි..

එය අප ළඟ තිබෙන අප වැනිම තවෙකකුට දිය හැකි..මහඟුම තෑග්ගකි. එය ලබන්නේ කවුද යන්න අප නොදනී..කිසිම දෙයක් ආපසු ලැබීමේ බලාපොරොත්තුවක් නොමැතිව දිය හැකි ඉතා මහඟු තෑග්ගක් වන එය ලබා දීමට අපි ඔබට මෙසේ ආරාධනා කරන්නෙමු. මෙය සොබා දහම විසින් මිනිසාට ලබා දී තිබෙන දෙවන අවස්ථාවක් second chance for life ලෙස සිතිය හැකිය.

සයිබර් අවකාශයෙන්ම අපගෙ සහෘදයකු වූ සනත් - ඔබා - ඔබ්සර්වර් අයියා සොබා දම් මෑණියන්ගේ තුරුලට වන්ව අවුරුද්දක් ගත වන මේ මොහොතේ..

ඔහු සිහි කරමින් මෙම කර්ත්ව්‍යය ඉටු කරන්නේ අන්තිම පේළිය  The Last Row or thelastrow සයිබර් එකමුතුව විසිනි. සැබැවින්ම අන්තිම පේළිය තුලින් මුලින්ම අප හදවත් තුල කාන්දු වූ මේ උතුම් මනුස්සයා සිහි කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු. 





ෆොටෝ ටික තැනින් තැන හොයන කොට මේන් අපේ ලිෂාන් මලයගෙ පෝස්ට් එක දැක්කා..ගෙඩිය පිටින් ඉස්සුවා..මුකුත් කියන එකක් නෑ ඒකට !

දිනය - ලබන ඉරිදා එනම් අප්‍රේල් 28

තැන - වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පෙ.ව. 9 සිට ප.ව. 3 දක්වා 


ඔබ හා ඔබගේ මිතුරු කැල හා එන්න අප හා එක්වන්න මේ මහඟු කර්ත්ව්‍යයට..


16 comments:

  1. මොන උලව්වකට නාවත් මේකට එනවා මම ලංකාවෙ හිටියනම්.. එන්න බැරිවීම ගැන අවංකවම කණගාටුයි..මේක දිගටම කෙරෙණ වැඩක් වෙයි කියලා හිතනවා..

    ReplyDelete
  2. මේ උතුම් අරමුණ ජයගන්නට උඹලාට ශක්තිය හා ධෛර්යය ලැබේවා.

    ReplyDelete
  3. මේ කර්තව්‍යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල පතනවා.

    ReplyDelete
  4. අප්‍රේල් 29 නෙවෙයි වෙනි අයියේ අප්‍රේල් 28 ඉරිදා

    ReplyDelete
    Replies
    1. හරි මල්ලි හැදුවා..

      Delete
  5. වෙනියෝ මේවා තමා උතුම් වැඩ.මෙතැන තියන්නෙත් මේ ගැනමයි
    http://dinamina.lk/epaper/art.asp?id=2013/04/27/pg04x_16&pt=p&h=

    ReplyDelete
    Replies
    1. නලී යන්නෙ නැතෙයි?ඩොකා ලේවල ඇල්කොහොල් වැඩියි කිව්වොත් කොල්ලො සෙට් එකක්වත් අරන් ගියොත් ලොකු දෙයක්.
      ඒ පැත්තෙ සුළං වැදි වැදි ෂොට් එකක් දානවනම් වාඩිය තමයි.[දැන් තියෙනවද දන්නේ නැහැ]එක සැරයක් එතන බොද්දි ඕඩර් කරපු බැදපු පොඩි මාළු වල තෙල් ගතියක් දැනුනේම නැහැ.
      ඔබා සහෝදරයා වෙනුවෙන් ඔබට කල හැකි ලේ බිදක් දන් දී ඔහුට පින් අනුමෝදන් කරන ලෙස කරුණාවෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

      Delete
  6. ඕවා තමා පින් කියන්නේ..

    ReplyDelete
  7. ඒමට නොහැකිවීම ගැන කණගාටුයි. කටයුත්ත සාර්ථක වේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. ආවත් වැඩක් නෑ. වැම්පයර්ලගේ ලේ ගන්නෑ ඉස්පිරිතාලවලට... හික්...

      Delete
  8. එන්න කෝම හරි ට්‍රයි එකක් දෙනවා!

    ReplyDelete
  9. මුලින්ම එන්න හිතන් හිටියත්, පසුව මතක් වුනේ වෙනත් වැඩක් එදින දිලා තිබුන බව.

    ReplyDelete
  10. ඕකට සහභාගී වෙන්නනම් මටත් වෙන්නේ නෑ. ඒත් කටයුත්ත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම පතනවා. කොහොමත් මේ වගේ පිං කටයුතු වැඩක් අපේ සහෘදයෙක් වෙනුවෙන් පැවැත්වීම ගැන ලාස්ට් රෝ එකට මගේ හද පිරි ප්‍රනාමයත් පල කරනවා.

    ReplyDelete
  11. පිටස්තර අපි බලං ඉන්නෙ වැඩේ හරියට ගියාය කියල කියවල සතු‍ටුවෙන්න..

    ReplyDelete