ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, April 2, 2013

මුහුද යට අසිරිය - දෙවැනි කොටස..


කොයි තරම් වයසින් වැඩුනත් අපි තාමත් අපේ බොළඳ කම් වලට ආසයි කියලයි මට හිතෙන්නෙ...මට නම් එහෙමයි..අනිත් අයටත් එහෙම ඇති..
පාට පාට පුම්බපු බැළුන් සිය ගානක් පාවෙවී යද්දි ඒ අතරින් දුවලා යන්න...

දේදුන්නක පාට තියෙන  විවිධ හැඩයෙන් පේන සබන් බෝල දහස් ගානක් මැදින් දුවන්න..

පේන නොපෙනෙන තරමේ දුරට විහිදුනු මල් යායක් අතරේ දුවන් යන්න...

ඔය හීන හැමෝටම තියෙන හින්දා වෙන්න ඇති..චිත්‍රපටි වල එහෙම පෙම්වතා පෙම්වතී එක්ක සින්දුවක් කිය කියා නටද්දී අවට පරිසරය ඔය වගේ විචිත්‍ර නේක වර්න රටා වලින් වැහිලා යන්නෙ.. 


ඔය සේරම හීන නෙවෙයි..හීන වගේ තිබුනට සැබෑ කර ගන්න පුළුවන්..

බලන්නකො සිය දහස් ගානක් වෙච්ච ලස්සන ලස්සන මාළු රංචු අතරින් උන් වගේම පීනා ගෙන යන්න පුළුවන් උනහම හිතට දැනෙන සතුට වචන වලින් විස්තර කරන්න පුළුවන්ද ?

මොහොතක් ඔබට පුළුවන් නම් මේ ඡායාරූප වලින් පෙනෙන පරිසරයේ කිමිදෙන්න..

ඔබට දැනේවි..සහෘදය මා ලද ඒ චමත්කාර අත්දැකීම..







 මේ පරා මාළු රංචුවක්...

ඔව් මේ මාළු රංචු සේරම හික්කඩුවෙ කොරල් පර අතරෙදි දනක් ගැඹුරු මුහුදෙදි ගත්ත ඒවා..බොහෝ තැන් වලට ඔබට ඇවිද ගෙන යන්නම පුළුවන්..පීනන්න දැන ගන්න ඕනි නෑ..මේ මාළු රංචු අතරින් පීනා ගෙන යද්දි ඔබට හිතෙයි මෙයාලගෙ ඇඟේ හැප්පෙයි කියලා..පුදුමය කියන්නෙ කොයිතරම් උත්සාහ කලත් ඔබට මේ එකම මාළුවෙක් වත් අතින් අල්ලන්න බෑ..ඔවුන් වේගවත්..නමුත් ඔවුන් ඔබේ දෑස සමීපයෙන් ඔවුන්ගේ විශාල දෙඇස් ඔබ වෙත එල්ල කරමින් ඔබ වගේම ඔබ අවට පාවෙමින් ඉඳීවී..ගතින් ඈත් වූවත් මා මේ පරිසරයෙන්..අදටත් මගේ මනැසේ ඇඳෙන මේ විසිතුර මට කුමන මිහිරක් ගෙන දේ දැයි ඔබට සිතන්නට බැරි බව දනිමි..

එකවරක් පමණක් දුටු මේ මත්ස්‍යා නම් හරිම අපූරුයි..ඔහු කුඩා එකෙක් බවත් මෙම වර්ගයේ එවුන් මීට වඩා විශාල වන බවත් සමහර උන් කිලෝ 500 පමණ බර බවත් පසුව කොහේ හෝ කියෙව්වා මතකයි..

මෙලෙස මසුන් රංචු හරහා පීනමින් සිටීම පමණක් නොව..හොඳින් හිරු පායා ඇති විටෙක ජල තලය මත වැටෙන හිරු රැස් මෙලෙස මුහුදු පතුලේ අඳින නිමක් නොමැති නේක රටා බලා සිටීම කිසිදා එපා නොවන්නක් උනා..




අද වන විටත් අවසන් කර ගන්න පුළුවන් උන ඡායාරූප මෙපමණයි ඇත්තේ..

ඊළඟ පෝස්ටුවෙන් මා දුටු මසුන් එක් එක් වර්ගයාගේ සමීප රූපත්..ඔවුන්ගේ අපූරු චර්‍යා රටාවනුත් තවත් ලිපියකින් ගල් මල් නැත්නම් කොරල් ලෝකය වෙත ගෙන යන්නට මට ඉඩ දෙන්න..


ප.ලි.

අපේ ආදරණීය සහෘදයෙක් වෙච්ච ඔබා අයියා අනුස්මරණය කරමින් අන්තිම පේලියෙ අපේ සෙට් එක ලේ දන් දීමේ මහඟු කර්තව්‍යයක් කරනවා වැල්ලවත්ත අප්‍රේල් 28 වෙනිදා..

ඔබත් එකතු වෙන්න..

අනේ ඔබා අයියෙ ඔබ අද අපි එක්ක හිටියා නම්..වෙනදාටත් වඩා ඔබ නැති අඩුව අපිට දැනෙනවා අයියෙ...






53 comments:

  1. කියල වැඩක් නෑ වෙනියෝ. මගේ ඇගේ මාළු නටනවා ඉරිසියාවේ... ලස්සන පින්තූර ටික... ඊටත් වඩා ආතල්ම අත්දැකීමක්.. ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හොඳම ටික තව ඉස්සරහට එන්න තියෙන්නෙ මල්ලි..මෙහෙ ආපු දවසක ගිහින් බලන්න..මේක අපූරු අත්දැකීමක් වෙයි..

      Delete
  2. අනේ වෙනි මාමේ අයියේ සීයේ මොන කෙහෙල් මලක්ද මේ මේ කාන්තාරේ ඉන්න අපිව පිස්සු වට්ටන්නේ. ඉරිසියාවේ බැහැ අවංකව. ලංකාවේ ඉන්න බැරි එක ගැන එක අතකින් දුකයි. නමුත් හෙට අනිද්දා එන්න ඉන්න නිසා ඒ ගැන හිතල හිත හදාගන්නවා. තව ෆොටෝ ටිකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. නිවාඩුවක් දාලා මෙහේ වරෙන් බන්, ෆොටෝ ටිකක් ගහමු.

      Delete
    2. අයිලාස් කියන්නැහේ..මේ සැරේ ආවහම හොඳ සංචාරයක් දාලා ෆොටෝත් ගන්න මල්ලි..

      Delete
  3. මේ අපේ රටේද කියලත් විශ්වාස කරන්න බැහැනේ

    ReplyDelete
    Replies
    1. අපේ රටේ නෙවේ බන්, අපේ රට වටේ තියෙන මුහුදේ....

      Delete
    2. ඔව් මල්ලි ගොඩක් අය තමන්ගෙ අවට තියෙන දේ ගැන වැඩි අවධානයක් නෑ...ඒ අර හැමදාම දකින් කුකුලගේ කරමලේ තියරිය නෙ යන්නෙ...

      Delete
  4. හරිම අපුරුයි වෙනි. +++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයිලාස් හොඳම ටික එන්න තියෙන්නෙ ඉස්සරහට..

      Delete
  5. හික්කඩුව ගම වෙච්චි. ඉතින් මෙව්ව මෙහෙම පෙන්නනකොට නිවාඩුව ඉකමන් කොරගන හිතෙන්නෙ නැද්ද බං. කොහොම උනත් මාත් මේ පාර වතුරෙ යට ගිහින් පින්තූර ටිකක් ගන්න බලන්න ඕන.

    ඔය ස්නෝක්ලින් කරන්න යනකොට මතක තියා ගන්න පොඩි උපදේස ටිකක් දෙන්නං.

    තමන් එක්ක යන යාළුව නසරාණියෙක් නං හරි ඌට නොදී තනියමම බලනවනං හරි ඌ ඔය ස්නෝකල් එකට වතුර දාන්න ඉඩ තියෙනව. එහෙම උනොත් ඉත් ලුණු වතුර ගිලිල අඹ සරණම තමයි.

    අනික ඔය වැඩේට හොඳ මම කලිනුත් කිව්ව වගේ දෙසැම්බර් ඉඳල අප්‍රේල් වෙනකල් කාලෙ උදේ ඉඳල දවල් එකොළහ විතර වෙනකල් තමා. ඉන් පස්සෙ වැළි ඇවිස්සිල, මුහුද සැර වෙලා පේන්නෙ නෑ.

    හොඳ කොරල් බල්ලන්න හික්කඩුවෙ සමූපකාරෙ ගාවින් මුහුදට බැහැල ඈත තියෙන පරේට යන්න වෙනව. ඒ ගමනෙදි කකුල් නොකැපෙන්න සහ පහසුවෙන් පීනන ඩයිවින් ෆින්ස් දෙකකුත් කුළියට ගත්තනම් හොඳයි. මොකද වැරදිලවත් කොරල් උඩ අඩිය තිබ්බොත් කැපෙන්න ඇහැකි.

    මුහුදට බහින්න කලින් එතන තියෙන වන ජීවී කාර්යාලෙ ගහල තියෙන පින්තූර අනුව මාළු ගැන අවභෝධයක් අරන් ගියොත් වැඩේට උත්තේජනයක් වෙයි.


    ප/ලි.

    ඔබ මේ කොරල් ඔබේ දරුවනුත් දකිනවට කැමතිනම්, ග්ලාස් බොටම් බෝට්ටුවල ඒවා නැරඹීමට නොයාම අගනේය.

    ReplyDelete
    Replies
    1. ඉන්දික, ග්ලාස් බොටම් කතාව පොඩ්ඩක් පැහැදිලි කරහන්කො.. ඒකෙන් කොරල් විනාශවීමක් වෙනවද ?

      Delete
    2. උපදෙස් ටික නම් මසුරන් ඉන්දික...
      ස්නෝකල් එක ඇටුලට නිතර වතුර යනවා නේද ඉන්දික..සමහර විට අර උඩ බටේ ඕනිවට වඩා වතුර යටට ගිහින් වතුර කටට එනවා..එතකොට ඒ වතුර ආපහු යවන්නෙ ඒ බටේ දිගේම නේද ?
      ඔව් මල්ලි මේ ඔයා කීව කාලෙ තමා
      ෆොටෝ සේරම ඔයා කියන ඒරියා එකෙන් මල්ලි..
      මන් පාවිච්චි කලේ සපත්තු කූට්ටමක්
      වනජීවී එක ! ආන්න මට මිස් වෙච්ච තැන..ඊළඟ සැරේ ..
      සෙන්නා කොයිතරම් තහනම් කරලා තිබ්බත් ඔය ග්ලාස් බෝට් යනවා අර කොරල් තියෙන හරියට බෝට්ටුවෙ හැපිලා කොරල් විනාෂ වෙනවා. එහෙම වෙච්ච එව්වා මන් ෆොටෝ වලින්ම දාන්නම්..දුක හිතෙයි..අනික බෝට්ටුවක් ඒ හරියෙ ගියාට පස්සෙ එන ඩීසල් ගඳ ටික වෙලාවක් යනකම් ඉන්න අමාරුයි

      Delete
  6. ඊලඟ සැරේ හික්කඩු ගියාම මමත් යන්න ඕන. ස්තූතියි පෝස්ට් එකට

    ReplyDelete
    Replies
    1. එහෙම ගියහම මාවත් මතක් කරන්න..

      Delete
  7. යන්න ඕනේ. ඉන්දික අයියගේ උපදෙස් ටිකත් වටිනවා...

    ReplyDelete
    Replies
    1. යන්න යන්න මාළුවව මාව මතක් කලා කියලත් කියන්න..

      Delete
  8. වැඩිහිටි නැමති ලේබලය නැත්නං අපි කවුද වෙනි මේ දේවල් කරන්න ආස නැත්තේ.පිංතූර ටික පංකාදුයි. සටහනත් එයිට දෙවෙනි නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් නලීන් ඒක නම් ඇත්ත තමා...

      Delete
  9. අපූරුයි වෙනිස් අයියා.. හැබැයි ෆොටෝ මදි.. ෆොටෝ දාහකින් තෝරලා මේ ෆොටෝ කෑලි දෙක තුනද අපිට පෙන්වන්නෙ.. මල පනිනවා හරිය..

    ReplyDelete
    Replies
    1. මල්ලි ෆොටෝ ගොඩක් තියෙනවා මේ මාළු රංචුව ඉන්න ෆොටෝ සෙට් එක..ඊළඟට තනි මාළු සහ ජෝඩු...ඉවසන් ඉන්නකෝ..

      Delete
  10. සුපිරි වැඩක් නොවැ...Try එකක් දීල බලන්න ඕනා..

    ඔන්න ලියන්නාගෙ තනියට මමත් ආවා

    මීට
    යටලියන්නා

    ReplyDelete
    Replies
    1. අඩේ Underwriter කියන්නෙ යටලියන්නටද ? :D

      Delete
    2. මගේ ක්‍රෝම් එකේ ට්‍රාන්ස්ලේටරයට පෙන්වන්නේ ප්‍රතිරක්ෂකයා කියලා.

      Delete
    3. ස්තූතියි යටලියන්නා..ඔබව සාදරයෙන් පිලි ගන්නවා...

      Delete
    4. බොහොම ස්තුතියි වෙනී

      @නිශාන්...ප්‍රතිරක්ෂක කියන එක වැරදියි
      ප්‍රතිරක්ෂක ට කියන්නෙ Reinsurer
      හරි වචනය ප්‍රාරක්ෂක/ප්‍රාරක්ෂකයා

      යටලියන්නා කතාව අපි කතාවට කියන එකක්
      Under -යට , Writer-ලියන්නා විදිහට සිංහලට හරවලා

      Delete
  11. ලංකාවෙ හිටියනම් අනිවාර්යයෙන් ලේ දෙන්න එනවා..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ඉන්න අය එයි මල්ලි...අපේ සෙට් එකම එතන එදාට...

      Delete
  12. හරිම අපූරු අත්දැකීමක්!!! බලන්ට ලස්සනයි. වෙනත්ම ලෝකෙකට ගිහින් වගේ.

    වෙනී ඔයා දියකිඳුරියෝ එහෙම දැක්කේ නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. හැම තැනම බැලුවා පොඩ්ඩි ඔහෙ නෑ..ඒත් රසියන්..එක්කො ඕනි නෑ..මාමණ්ඩි අහල පහල හිටි නිසා..ඒ දිය කිඳුරියො එක්ක කතා කරන්න බැරි උනා..හිනා වෙලා නිකන් හිටියා..

      Delete
  13. හික්ක්කඩුවෙ බෝට්‍ටුවකින් ගියාට කවදාවත් මේ වගෙ රස විඳින්න බැ. ඊරිසියා හිතෙනව වෙනී.

    ReplyDelete
    Replies
    1. බෝට්ටුවෙ ගියාට පේන දෙයක් නෑ සරත් අයියෙ..ආයි ලංකාවට ආපුවහම ගිහින් බලන්නකෝ එහෙනම්..

      Delete
  14. යන්තම් වතුරට බැහැලා ගත්ත පින්තූර ටිකක් හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. යන්තම් නෙවෙයි බන් හොඳටම බැස්සා :-D

      Delete
  15. නියමයි වෙනී අයියා ෆොටෝ ටික.

    එනකොට පරා මාලු දෙතුන්දෙනෙක් අල්ලං ආවෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේ හරියෙ මාළු අල්ලන්න තහනම් මල්ලි..පොලෝසියෙ ලගින්න තමයි වෙන්නෙ..ටවුන් එකේ අළුත්ම බඩු තියෙනවා..කිලෝ එකක් අරන් ආවා..

      Delete
  16. නියමයි මචං. උඹ දන්නවා මාලු ආකර්ෂනය කරගන්න හැටි. ඔය බිලී පිත්තකට වුනත් පණ තියෙන නලියන ඇමක් නෙව දාන්න ඕනෙ. එතකොට...

    ReplyDelete
    Replies
    1. අපොයි ලැජ්ජාවෙ බෑ..දැක්කෙ නැතෙයි..මන් ටීශර්ට් එකක් සහ කලසමක් ඇඳලා වතුරට බැස්සෙ ..

      Delete
  17. වෙනීට ගොඩක් පින් මේ ටික බෙදාගත්තට..අද දවසට මේ ලස්සන පින්තූර වැඩිත් වගේ..!!

    ඊළඟ ලිපිය එනකම් බලාගෙන ඉන්නවා..පුරුදු විදිහට මම අදත් එකක් හොරකම් කලා ඔන්න..

    ReplyDelete
    Replies
    1. කමක් නෑ රූ ගන්න ලස්සන ෆොටෝ තියෙනවනම්..බෙදා හදා ගන්න තරමටනෙ වටිනාකම වැඩි වෙන්නෙ..

      Delete
  18. ෂා.....
    නියමයි...
    අපූරුයි...
    මැක්සා...
    උපරිමයි...
    එක්සලන්ට්... ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩේ රජා මේ කමෙන්ටුවම දැක්කා කීප පොලකම..කම්මැලියා...
      වෙන වෙන කමෙන්ට් ලියන්න හිත් වේවා !
      කොපි ඇන්ඩ් පේස්ට් බටන් දෙක හැඳි ගෑවේවා !

      Delete
  19. මන් හිතන්නේ ඉන්දික කියන්නේ බොට්එකේ ගියහම බලන්න පුළුවන් සීමාවක් තියෙනවා, අනික හොදටම ගල්මල් පිහිටිතන්වලට බෝට්එක ලන්කරන්න අමාරුයි, එනිසා ස්නොකලින් කරන එකෙන් ලබන ආශ්වාදය ලබන්න අමාරුයි. මිට වසර 12කත පමණ කලින් ආ අල්මිනෝ වගේ නමක් තියෙන විෂ ජලදහරාවක් නිසා හික්කඩුවේ කොරල්පර 80%වඩා විනාශවුණා.
    2002, වර්ෂයේදී අපි මහාචාර්ය සුකී එකරත්නයන් සමග වැලිගම හා මිරිස්ස ප්‍රදේශ වලින් ජීවී කොරල් කොටස් කදාගේනවිත් විදුරු ටැංකිවල වර්ධනය කර කොන්ක්‍රීට් කොටස්වල ගැටගසා මුහුදුපතුලේ තැම්පත්කර නැවත වගා වියාපෘතියක් කළා, අද දකින්න තියෙන බොහොමයක් ඒ ලෙස අප විසින් ගත උත්සාහයේ ප්‍රතිපල කියල දන්නේ කීදෙනාද. වෙනි අයිය අයි ගියොත් හික්කඩුවේ ඉන්ටර්නැෂනල් ඩයිවින්ග් ස්කුල් එකේ සෝමදාස සිල්වා මහතා හමුවී මේ පිළිබද වැඩිවිස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම මුලින් මේ ගැන කතාකරලා එතනින් මාස් ෆින්ස් නොමිලේම ඉල්ලගන්නත් පුළුවන්.
    ඔබට හොදින් පිහිනීමේ හැකියාවක් ඇත්නම් ඔය දිගට තියෙන පරය"න් පිටතට ගිහින් බලන්න. හැබැයි අනතුරු දායකයි.
    Member
    (2002/2003 I.D.S. Hikkaduwa)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාව මාත් අහලා තිබ්බා පත්තර වල සහ මීඩියා වල ඒක ගියා..අදට නම් ඒක හැමෝටම අමතකයි..ස්තූතියි ඔබේ දැනුවත් කිරීමට..මන් පාවිච්චි කරන්නෙ මගේම ස්නෝකල් එකක් සහ උපකරන..
      අනේ මට තාම පීනන්න බැරි නිසා වතුර වැඩි දවසට කොරල් පර තියෙන හරියට යන්නෙත් නෑ..

      Delete
  20. ෆයින්ඩින් නීමෝ සිහිවුනා!

    ReplyDelete
    Replies
    1. මගෙත් ෆේවරිට්ම ෆිල්ම් එකක් තමා..කතන්දරට නම් ඔහෙ කොරල් බලන්න පුළුවන්නෙ හිතේ හැටියට...

      Delete
  21. ඇත්තම කිව්වොත් ඉරිසියා හිතෙනවා පොටෝ ටික දැක්කම

    ReplyDelete
    Replies
    1. ඉන්න අයියෙ තව ගොඩක් තියෙනවා..ඒ ටිකත් හරි ගස්සා ගෙන දාන්නම්...

      Delete
  22. //"මේ පරා මාළු රංචුවක්..."//...........පරව් මාලුද බං...! මාර ලස්සනයිනෙ.

    ReplyDelete
  23. කලින් එක දැම්ම වෙලේ විහිළු කලාට මොකද අද මේ දාලා තියෙන්නේ හොද පින්තූර ටිකක්.. තව ඒවා බලාපොරොත්තු වෙනවා වෙනී අයියේ..

    ReplyDelete
  24. ගම ගාල්ල වෙච්චි මගේ, කොග්ගල මඩොල් දූව ගෙවල් පිටිපස්සෙ වෙච්චි මගේ, යන්න වෙන්නෙ නැති එක ගැන මට එන දුක කියල නිම කරන්න බෑ...

    ReplyDelete