ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, April 18, 2013

3D නයා මේන්.... කෝ පෙනේ ????


කාලෙකින් අර පැත්තෙ ගියේ නෑ නේද කියමින් සිටි නයා අවුරුද්දත් ඉවර වෙච්ච එකේ ඕන් ඔහේ යනවා කියලා හෙමිහිට හෙමිහිට ඒ පැත්තට ඇදිලා ගියා..

හුහ් අළුත් බඩු ගොඩක් ඇරන් තියෙන්නේ..දැන් තියෙන්නෙ ඉතින් මේ එකින් එක උඩින් බඩ ගාලා යන එක විතරයි කියලා හිතපු නයා මේස කකුල දිගේ මේසෙ උඩට බඩ ගාලා යනකොටම පැටලුනෙ එතන තිබ්බ රිමෝට් කන්ට්‍රෝල් දෙකක දඩ බඩාන් ගාලා ඒ දේකත් එක්කම නයා ආයිමත් බිම !

රිමෝට් දෙක බිම වැටෙන කොට හරි නයාගේ නැට්ට හැප්පිලා හරි මේන් මේසෙ උඩ තිබ්බ තඩි ටීවී එක වැඩ කරන්න ගත්තා..

නයාට හොඳට හුරු පුරුදු සංගීතයක් එක්ක...

අප්පට සිරි නාගීනා නේද ?

කියලා ටීවී එකේ තිරයට ඇස් දෙක යොමු කලත්..හෆොයි මහ බොඳ වෙච්ච දර්ශණ පෙලක් නොවැ ඒකෙ යන්නෙ !

රිමෝට් කන්ට්‍රොල් දෙක තිබ්බ පොතත් බිමට වැටිලා මේන් ඒක උඩ දරන ගහ ගන්න කොටයි නයා දැක්කෙ...

අප්පට සිරි 3D ටීවී එකක මැනුවල් එකක් නෙ මේ...

ආයිමත් මේසෙ උඩට බඩගාලා එතන තිබ්බ 3D බ්ලූරේ ප්ලේයරය උඩ තිබ්බ 3D කන්නාඩි කූට්ටමත් අරන් ආපහු ඉස්සරහ තිබ්බ පුටුව මත දරන ගහ ගත්ත නයා පොඩ්ඩක් ඇහැ දුන්නා ටීවී එකට අර කන්නාඩි කූට්ටම අස්සෙන්..

අප්පට සිරි..ශ්‍රී දේවී නයි රෑනක් එක්ක ටීවී ස්ක්‍රීන් එකෙන් එලියට ඇවිත් සාලෙ මැද නටනවා නේද ???

ගෙදර ඉඳන් 3D ටීවී බලන්න හිතන් ඉන්න අය ඉන්නවා නම් මන් වැටිච්ච අමාරුව සහ ඒක ගොඩ දාගන්න දඟලපු විදිය ගැන පොඩ්ඩක් කියන්නම්..කාට හරි ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා...
තාම ලංකාවෙ තියෙන්නෙ කන්ණාඩි දාලා බලන්න පුළුවන් 3D ටීවී විතරක් නිසා...ඒවයෙ ජාති දෙකක් තියෙනවා. එකක් තමයි අර කන්ණාඩිය ඕන් කරලා බලන්න ඕනි Active Shutter 3D system ජාතිය සහ සාමාන්‍ය අව්කන්ණාඩි යුගලක් වගේ වගේ තියෙන එක පාවිච්චි කරන  Passive or polarized 3D system  ජාතිය.. ඔය ජාති දෙකෙන් කොයි එකද ගන්න හොඳ කියලා ඇහුවනම්  ඔය දෙකේ තාක්ෂණික පැත්ත පැත්තකින් තියලා බැලුවොත් කියන්නෙ නම් දෙකටම ආවේනික වෙච්ච හොඳ සහ නරක තියෙනවා කියලයි..මුල්ම ප්‍රශ්නෙ තමයි තමුන් කොයි තරම් වෙලාවක් 3D ෆිල්ම් බලන්න හිතන් ඉන්නවද කියන එක ..හ්ම්ම්ම්ම් සෑහෙන්න වෙලාවක් තියේ නම්..හොඳ පෝලරයිස්ඩ් එකට යන එක තමයි..මොකද ඒකේ ඇක්ටිව් ශටර් ග්ලාස් වල තියෙන වීඩියෝ ෆ්ලිකර් වෙන සීන් එක නැති නිසාත්..අඳුරු ගතිය නැති නිසාත්ය කියලයි කියන්නෙ..මන් ළඟ තියෙන්නෙත් මේ ජාතිය..කන්ණාඩි කූට්ටම හරිම සැහැල්ලුයි..බැටරි නෑ..චාර්ජ් කිරිල්ලක් නෑ..දැම්මා බැලුවා..

ඒත් මේකේ තියෙන අවුල මොකද්ද ? 
එහෙනම් ඇයි අනිත්වාත් හදන්නෙ ? 

මේකෙ තියෙන තාක්ෂණය නිසා කියන්නෙ වීඩියෝ වල ගුණත්වය අඩුයි කියලයි කියන්නෙ..අර ඇක්ටිව් ශටර් වල හයි ඩෙෆිනිශන් කියන එක උපරිමයට තියෙනවා..මොකද ඇස් දෙකට වෙන වෙනම එන පින්තූර දෙකම 1920 x 1080p නිසා..පෝලරයිස්ඩ් ඒවායෙ එන්නෙ ඒකෙන් භාගයයි කියලයි කියන්නෙ..

Active shutter glasses


Polarized glasses




අනේ මන්දා ටීවී විකුනන්න තියෙන තැන් වල මම චෙක් කරන කොට නම් ඔයි කියන තරම් කොලිටියෙ ලොකු වෙනසක් නම් පෙනුනෙ නෑ..හැබැයි පෝලරයිස්ඩ්  ඒවයෙ වීඩියො ඇහැට මෘදුයි..ආලෝකය වැඩී..අනිකෙ අඳුරු ගතිය වැඩී..එච්චරයි දැනුන වෙනස නම්..

ටීවී එකේ ස්ක්‍රීන් සයිස් එක නම් තමන්ගෙ බජට් එකේ යන්ඩ පුළුවන් උපරිමයට ගියා නම් හොඳයි  ඉතින්..අඟල් 32 ඉඳන් ඔය තියෙන්නෙ..
LCD සහ  LED කියන දෙකින් කොයිකට ගියත් කමක් නෑ කියන්ඩ බැරි උනත්..LED වලට යන්න පුළුවන් නම් සෑහෙන්න හොඳයි..සාපේක්ෂව ගාන නම් වැඩී හැබැයි...

හරි ඉතින් ටීවී එකක් ගත්තා කියමුකො..කෝ ඉතින් බලන්න 3D චිත්‍රපටි..හොඳම දේ තමයි පෙන් එකක් අරන් ගිහින් ටීවී එක ගන්න තැනින්ම ඒ ගොල්ලො ළඟ තියෙන 3D චිත්‍රපටි පුළුවන් තරම් කොපි කරලා ඉල්ලා ගන්න. මතක ඇතුව එතන 3D  ඩිමෝ ක්ලිප් ටිකත් දාගන්න..මොකද ඒ ටික තමයි හොඳම...

ඊට අමතරව තමන් ළඟ තියෙන ඕනිම හයි ඩෙෆිනිශන් ෆිල්ම් එකක් කොපි කරලා ටීවී එකට ගහලා ඒකෙ 2D වල ඉඳන් 3D  වලට පරිවර්තනය කරලා බලන්නත් පුළුවන්..ඒවයේ සහ චිත්‍රපටි වල ලොකු වෙනසක් තියෙනවා.

අපි පරිවර්තනය කරපු චිත්‍රපටියක ගැඹුර පේන්නෙ ටීවී තිරයේ ඉඳලා ඇතුලට. 3D විදියටම හදපු චිත්‍රපටියක විතරයි අර සමහර අදාල සිදුවීම් වෙන්නෙ රූපවාහිනි තිරයෙන් ඉස්සරහ කියලා පේන්නෙ..

ඔයිට අමතරව ඉතින් තවත් බ්ලූරේ  චිත්‍රපටි බලන්න ඕනිම නම්..ගන්න 3D බ්ලූරේ ධාවන යන්ත්‍රයකුත්..ඒක ගනිද්දි බලන්න ඕනි කාරනා කීපයක්ම තියෙනවා..ඒක එක්ක  HDMI කේබල් එකක් දෙනවද නැතිනම් තවත් රු. 1000ක් විතර දීලා වෙනම ගන්න වෙයිද කියන එක..

තමන් ගන්න ටීවී එක ස්මාර්ට් ටීවී එකක් නෙවෙයි නම්..ඒ කියන්නෙ සාමාන්‍ය ටීවී එකකට වඩා අන්තර්ජාල සම්බන්ධායක් ලබා දීලා අන්තර්ජාලය හා සම්බන්ධ වෙන්න හැකියාව තියෙන එකක් නෙවෙයි නම්..එහෙම ස්මාර්ට් ටීවී එකක් කරගන්න ඕනි නම්..ඒ පහසුකම තියෙන බ්ලූරේ ධාවකයක් ගන්නත් පුළුවන් මන් කලා වගේ..

ඊළඟට තමන් ළඟ තියෙන සවුන්ඩ් සිස්ටම් එක මේකට සම්බන්ධ කිරීම තමයි එන ප්‍රශ්නෙ..මන් ළඟ තිබුනෙ..ලොගිටෙක් Z623 සවුන්ඩ් සිස්ටම් එක. දැනට බ්ලූරේ එකෙන් එන සාමාන්‍ය සවුන්ඩ් අවුට්පුට් එක දුන්නට..තාම හරිහමන් Optical out එක අරන් Aux in  එකට දෙන්න පුළුවන් කේබල් එකක් හොයා ගන්න බැරි උනා..ඊළඟ සතියෙවත් හොයලා බලන්න ඕනි..එතකොට තමයි ශබ්දය හරියටම අහන්න පුළුවන් වෙන්නෙ..දැනට එන එකත් එච්චරම අවුලක් නැති උනත්...


ඊළඟට එන්නෙ 3D බ්ලූරේ තැටි හොයන එක..දැනට මෙහෙ  තරමක එකතුවක් තියෙනවා..ඒත් එක තැනකදි එන ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි සිනවියා එරර් Cinavia error එක එන එක..ඒ මක්කැයි ? කොපි රයිට් කරපු තැටි හොරෙන් කොපි කරපුවනෙ මෙහෙ තියෙන්නෙ වැඩියෙන්ම..ඔව්වයේ විනාඩි 10-15ක් විතර ගියතැන ශබ්දය නැතිවෙනවා ඊට පස්සෙ ඉතින් ඒ ෆිල්ම් එක බලන්න බෑ..ඒක තමයි සිනවියා එරර් එක..තියෙන එකම ක්‍රමේ තමයි එහෙම තැටියක් තියේනම්..විනාඩී කීපෙකට නවත්තලා ආයි නවත්තපු තැන ඉඳන් බලන්න ගන්න එක..අයි ටික වෙලාවකින් එනවා ලෙඩේ..ඔහොම නවත්ත නවත්තා තමයි බලන්න වෙන්නෙ..ඒ නිසා තැටි ගන්න තැනින් අහලා බලන්න සිනවියා එරර් එකක් එන තැටියක්ද කියලා ගන්න ඉස්සෙල්ලා...ගාන රුපියල් 300 උනාට ඉතින්...





ඉතින් එහෙනම් ඔන්න ඔහොම ඉඳගෙන බලන එකයි ඇත්තෙ..
අම්මට සිරි නාගිනා බල බල ඉඳලා නයාටත් පුටුව උඩම නින්ද ගිහින් නේද ???


පලි..
ලබන ඉරිදා ඒ කියන්නෙ 21 වෙනිදා සයිබර් සැනකෙලියට -  සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්මට -   එන්න..අපි නම් ඉන්නෙ හරිම ආශාවෙන් එන අයව මුන ගැහිලා වචනයක් දෙකක් හරි කථා කරන්න..




ඊළඟ ඉරිදා 28  එන්න වැල්ලවත්තෙ  අපේ අන්තිම පේලියෙන් සංවිධානය කරන  ඔබා අයියා සිහි කරලා ලේ දන් දෙන වැඩේට සහයක් දෙන්න..




35 comments:

  1. නියම නයෙක් තමයි වෙනියෝ.....

    ReplyDelete
    Replies
    1. හිකිස්...අයිලාස් එනවනේ 21 සහ 28 නේද ???

      Delete
  2. පට්ට නයා අපි ඉතින් කවදා ගන්නද ඕවා.කීයක් විතර යයිද කියලා කිව්වා නම් අයියේ??

    ReplyDelete
    Replies
    1. අද පත්තරයක් ගත්තොත් තියෙන ඇඩ් වලින් ගොඩක්ම තියෙන්නෙ ටීවී ගැන තමයි මල්ලි..

      Delete
  3. ඔය සේරෝම නියමයි....
    ගන්න සල්ලි තමයි නැත්තේ...


    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..එහෙනම් මොකෝ කරන්නෙ ?

      Delete
  4. 3 ඩී ටී.වී ගොඩක් ගනන් නේද. මිලේ හැටියට ප්‍රයෝජනයක් තියෙනවද? අනාගතේ ගත්තොත් නම් මේ ලිපිය හරි ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete
    Replies
    1. මිලේ හැටියට ප්‍රයෝජනයක් ???? තාම නම් නෑ ඇත්තටම...සාමාන්‍ය ටීවී වැඩසටහන් බලනවා විතරයි..

      Delete
  5. ඔක්කොම මතක තියාගත්තා....21 වෙනිදට අපිවත් මතක් කරන්ඩලා....ලංකාවෙ හිටියනං මුනුත් එනවනේ කියල.

    ReplyDelete
    Replies
    1. හා අයියෙ...ලංකාවට ආපු කාලෙක හමු වෙමුකො !

      Delete
  6. නයා කිව්වට හොඳ review එකක් කියලා මම හිතනවා.

    ඒත් යකෝ ඔච්චර තාක්ෂණය තිබිලත් උඹ බලනෙ අප්පට සිරි නාගීනානේ කියලා මට හිනා ගියා.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං දේශීයත්වයට තැන... :)

      Delete
    2. නයාට බලන්න ඔයිට වඩා එකක් තිබ්බෙ නෑ හෙන්රි...ඒකයි..

      Delete
  7. එක සැරයක් මමත් යාලුවෙක්ගෙ ගෙදරදි තුනඩී ටීවී එකක් බැලුවා... මට දිරෙව්වේ නෑ... කණ්නාඩි දාගෙන ඕක බලන එක මහ කරදරයක් වගේ කියලා මට හිතුනේ. අනිත් එක වෙඩි පාරවල්, බෝම්බ පාරවල් අපේ පැත්තට එද්දි එහාට මෙහාට නැමිලා බේරෙන්නයි, සමහර සීන් වලදි අල්ලලා බලන්න නොදැනුවත්වම අත යන එකයි චාටර්.

    බලුරේ ඇන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක් තියන එක නම් හොඳා... පිචෑර් කොලිටිය මරු... ඒත් තුනඩී නං ඉඳලා හිටලා හෝල් එකකට ගිහින් බලනවා මිසක ගෙදරට නම් ඕනෙ නෑ කියලා මට හිතුනේ.

    ReplyDelete
    Replies
    1. 3D ටීවී එකක් ගෙදරට ඕනි නෑ කියන තර්කයට එකඟයි තිසර..හෝල් එකක බලනවා විතර ගතියක් නෑ..මන් වගේ ගැජට් පිස්සෙකුට ඉතින් ඕක ගෙදර නැත්නම් නින්ද යන්නෙ නෑ නොවැ ඒකයි ඇත්ත !

      Delete
    2. මම නම් ආසයි අනේ 3D එකකට, සල්ලි තමයි නැත්තේ. බැරිද කාට හරි ස්පොන්සර් කරන්න.

      Delete
  8. මේක සේව් කරගන්නව සල්ලි තියන කාලෙක උපදෙස් පිලිපදින්න හිතාගෙන.
    ඈ බං වෙනී අයියේ, අර අන්තිම පිංතූරෙ ඉන්නෙ අතුරුදහන් වෙච්ච අපේ කතන්දරකාරය නේද?

    ReplyDelete
    Replies
    1. හැබෑමයි... අර නිල් පාට ටී-ෂර්ට් එකත් තියෙන්නේ.. උඹේ පෙනීම නියමයිනේ...

      Delete
    2. හිකිස්..කතන්දර මාව මරයි..ඔය Jackass 3D ෆිල්ම් එකේ කෑල්ලක් !

      Delete
  9. Replies
    1. තව කාලයත් එක්ක එන කේස් අප්ඩේට් කරලා දාන්නම් !

      Delete
  10. පෝස්ට් එක ලියලා තියෙන විදියට මේකෙ "නයෙක්" නෑනෙ....

    ReplyDelete
    Replies
    1. නිකම් නයෙක් කරන්ඩ ගියා සුමිත්...

      Delete
  11. අප්පට සිරි මේක ටෙක්නිකල් නයෙක්නෙ.

    සල්ලි හොයාගත්ත දවසක ඔය නයා මේ පැත්තටත් එවන්න.

    21 එන්න තමයි හිතාන ඉන්නෙ. බලමු.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා මල්ලි..දැක්කා දැක්කා එනවයි කියලා මාක් කරලා තිබ්බා..එන්ඩ අප්පා !

      Delete
  12. අම්මෝ නයාගේ ලොකූඌඌඌඌඌ...ඒ උනාට ෂෝයි නයෙක් වෙනියෝ.
    ඉතින් ශ්‍රී දේවී එක්ක නැටුවද? :D

    ReplyDelete
    Replies
    1. හිකිස්...අනේ මන්දා..මන් නම් මේ දවස් වල වෙන වෙන ෆිල්ම් බල බලා ඉන්නවා...කෝ වෙලාවක් දැන් අවුරුදු උත්සවේට ලේස්ති වෙන්න එපාය !

      Delete
  13. හිතපු තරම් නයා නැගලා ගියේ නෑනේ..පඳුරු තලන්න ගිහිල්ලා නයා අමතක වුනා වගේ..

    ඒත නෙවී වෙනී ඔය වගේ කණ්නාඩි 5-6ක් ගෙනල්ලා අපිට පාටියක් දාලා ටීවි එක ගෙනාපු එක සමරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් රූ..ඉතින් කට්ටිය 5-6 ක් එකතු කර ගෙන අපේ ගෙදර එන්න..ගෙදරකට එනකොට හිස් අතින් එන එකක් නෑ නොවැ.. :-D

      Delete
  14. තුන ඩී නේ..
    හ්ං හ්ං...

    ReplyDelete
  15. නයි කයිද රෝස්පාන් කිව්වා

    ReplyDelete
  16. කකුල් උඩ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete