ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Thursday, February 21, 2013
මධු සමය - Honeymoon
Photo courtesy form http://www.asia.com/travel-guide/asia-honeymoon/
මැදියම් රැයක් ගෙවෙන තුරු දවසේ නේක දෑ සමඟ පොර ඇල්ලූ නිසාවෙන්මදෝ එලාම් ඔරලෝසුව හඬ නගන තෙක්ම මා හට හොඳහැටි නින්ද ගොස් තිබිනි.
ශරීරය හා ගැටෙන මුදු සුමුදු පහස නිවසේ තරම්ම සුවපහසුවක් දනවයි.. වායු සමීකරණයෙන් නැගෙන වා රැලි අසලම ඇති සුවඳ විහිදුවනයෙන් නැගෙන සුවඳ සමඟ මිශ්‍ර වී නැගෙන්නේ සිත ප්රබෝධකරන ආශ්වාසයකි..
නින්ද අඩුවෙන් ලැබුවත් සිත හා ගත ප්‍රබෝධයෙන් ඇලලෙයි.
දැස් හැර බැලුවෙමි..මොහොතකට පෙර මා හා වෙලී නිදා හුන් ඈ නාන කාමරයේ විය යුතුය..
අසල කුඩා මේසය මත වූ බකාඩි බෝතලය ගෙන තව උගුරක් හිස් බඩම අතහැරිය මා නැවතත් දෑස වසා ගත්තේ..තව මොහොතකින් නැවතත් පටන් ගන්නා මහා යුද්ධයට සිත හා ගත සනසා ගැනීමේ පරම අදිටනනි..
"ඒයි බබා මේ..."
ඇගේ සුකුමල ලාලිත කටහඬ..
"ඇස් අරින්නකෝ බබා බඩුවක් පෙන්නන්න.."
"ඊයේ රෑ තිස්සෙ බැලුවෙ.."
"ඒක නෙවෙයි මේ.."
යාන්තම් දෑස විවර කලා මා දෙනෙත ගැටුනේ..කුමක්ද යන්න හොඳිනම් බලා ගැනීමට වහා දෙනෙත පුළුල් කලෙමි..
දුහුල් නිදන ඇඳුමෙන් යුතුව ඈ අත ඇත්තේ සුදු රෙද්දකි..
ඒ මත....
අප දෙදෙනාගේම පවුල් වලින් යෝජිත වූ විවාහයක කොටස් කාරියන් වූ අප දෙදෙනා මාස හයක් පමණ සුළු ඇසුරකින් පසු විවා දිවියට පත් වූයේ පෙර දිනයේයි..
හනිමුන් එක සඳහා සතියක්වත් පිට රටක යාම පසුවට කල් තැබුනේ..අධික ලෙස ජ්‍යෝතිෂය විශ්වාස කල අප දෙදෙනාගේම දෙමවුපියන්ගේ නැකත් සමඟ එකඟ වීමට අපට සිදු වූ බැවිනි.
පෙමින් වෙලී සිටි පෙම්වතියන් කීප දෙනෙකුටම සමු දී මේ විවාහයට එළඹීමට සිදු වූයේද අප දෙමව්පියන්ගේ ව්‍යාපාර ජාලය ශක්තිමත් පදනමකට ගෙන ඒමේ අති මහත් බලාපොරොත්තුවට සහායක් වීම විනා අන් කවරක්වත් මා සිත නොතිබුනි..
නමුත් මා සිත් ගත් යම් යම් ගතිගුණ ඈ සතු වීය..
දුහුල් නිදන ඇඳුමෙන් යුතුව ඈ අත ඇත්තේ සුදු රෙද්දකි..
ඒ මත....
හැඩයක් සිතා ගත නොහැකි කළු පැහැයට හුරු රත් පැහැ පැල්ලම් කීපයකි..
"මන් හරි නේ බබා..."
ඈ මා හට තවත් තුරුළු වෙමින් කොඳුරයි..
"අපරාදෙ බබා ඔයා ඕකට කරපු වියදම.."
ඈ තුෂ්නිම්භූත වූවාක් මෙන් මා වෙතින් ක්ෂනයකින් ඉවත් වීය..
"මොකටද ?"
ඈගේ හඬ වෙව්ලයි.
"ඕකට"
තමන්ගේ දෑතට පොඩි වූ සුදු රෙදි කඩ වෙතට මා ඇඟිල්ලක් දිගු කලෙමි.
"කොහොමද ඔයා දන්නෙ ?"
ඈ කෙඳිරියක් නගයි..
"ඔයාට දැන ගන්නම ඕනෙද ?"
හඬක් නොනැගුවද මුහුනේ තිබෙන්නේ ඔව් යන්නයි..
"මාස එකහමාරකට උඩදි ක්‍රෙඩි කාඩ් කම්පැණිය ඔය වියදම හරි කියලා මගෙන් තමයි කන්ෆමේශන් ගත්තෙ..මන් විස්තර ඇහැව්වා..ඔයාගෙ මේකප් වලට යන වියදම් ප්‍රශ්ණයක් නොවුනට ඔය මෙඩිකල් සෙන්ටර් එකට යන ඔයි ලොකු ගාන ගැන මට පොඩි සැකයක් ඇති උනා..අනික එතන ඔය වැඩේටමනෙ ප්‍රසිද්ධ..ඉතින් මන් ඕකේ කලා..මන් ඔව්වා ගනන් ගන්නෙ නැති විත්තිය බබා දන්නවනෙ.."
මා ඈගේ කම්මුල කෙනිත්තුවෙමි..
"කොහොමත් ඕක පෙන්නන්න මගේ අම්මටයි ඔයාගෙ අම්මටයි දෙන්නටම...එතකොට කරපු වියදමට පොඩි හරි ප්‍රයෝජනයක් තියෙනවනෙ.."
"ඒ කියන්නෙ ඔයා දැනන් උන්නා..?"
"ඔව් ඔයාගෙ ප්‍රොපෝසල් එක ගෙදරින් ඇවිත් සතියකින් ඔයාගෙ හිටපු කුළුඳුල් ප්‍රේමවන්තයා..අර රොමේශ්ද මොකාද කියන එකා ඔයා මත්තෙම හැපිලා බීලා බීලා විනාශ උනේ...ඌ මාව හම්බ වෙලා ඔයා ගැන සේරම විස්තර කිව්වා. ෆොටෝත් පෙන්නුවා..ඊට පස්සෙ ඔයාගෙ අනික් එෆෙයාර් පහක් හයක් ගැනත් සේරම විස්තර කිව්වා..
ඇයි ඔය ඔයා අඬන්නෙ ?"
"සේරම දැනන් ඉඳලා මට කිව්වෙ නැතුව රැවැට්ටුවා..මමත් දන්නවා ඔයාගෙ.."
"හෝව් හෝව් හෝව්..මන් බබාව බැන්දෙ ඔය සේරම දැන ගෙන තමයි. මොකද අපි දෙන්නගෙ මැච් වෙන කොලිටීස් කීපයක් තියෙනවනෙ..ආන්න ඒ නිසා...මගේ එෆෙයාර්ස් තිබ්බා, තියෙනවා ඉස්සරහටත් තියෙයි..."
"එහෙනම් අපි දැන් මොකද කරන්නෙ?"
"මොනවා කරන්නද මීට පස්සෙවත් අපි නිකම් බොරුවට බොරු වහ ගෙන ඉන්නෙ නැතුව මේ ජීවිතේ අරන් යමුද ? අපි දෙන්නා බැන්ඳෙත් අපේ ෆැමිලි වල බිස්නස් නිසා මිසක් වෙන මොකටවත් නෙවෙයිනෙ..
මතක ඇතුව ඔය රෙද්ද අම්මලටම දෙන්න.. ඔය කඳුළු පිහිදන් ලෑස්ති වෙන්න දැන් ඉතින් ආයි මේකප් කාරයින්ගෙ දස වද බන්ධනයට මූන දෙන්න එපාය ! "
---------------------------------------------------------------------------
කතාව නිමි නැත..පටන් ගත්තා විතරයිනෙ...දෙවැනි කොටසක් නැත.
Subscribe to:
Post Comments (Atom)
නියමයි බං,අමුතුම කතාවක්.හිතුවෙ නැති විදියට ඉවර වුණේ
ReplyDeleteනිකන් නුදුරු අනාගතයෙදි මෙහෙම වෙයි වෙයි වගේ හිතලා තමයි ලිව්වෙ..
Deleteදැං බලන්න හසන්ත...
ReplyDeleteවෛද්‍ය විද්‍යාවේ හාස්කං නේ?????
හැබැයි අපරාදෙ සල්ලි නේ ?
Deleteඑන්ඩින් දෙකක් හිතුවා.. එකක් හරියට හරි ගියා... වෙනි අන්කල්.. ටූ ප්‍රෙඩික්ටබල්... ..
ReplyDeleteදෙකක් හිතං එකක් හරි ගියා නම් ටූ ප්‍රෙඩික්ටබල් තමා. මොකද දෙකෙන් එක නේ හරි :)
Deleteනියමයි..මගේ කතා ලියන ක්‍රමය අල්ලා ගන්න පුළුවන් කීපයක් ලියන කොට..
Deleteඅයියෝ ඇඩෙනවා!
ReplyDeleteඅඬන්න එපා මල්ලි ! :-D
Deleteස්වභාවික මධු සායම කෘතිමව .....
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Artificial_hymen
ReplyDeleteමේක ලංකාවෙ ගොඩක් ගනන් තමයි !
http://tinyurl.com/a2s3og8
Deleteඔය තියෙන්නෙ බඩු නේ ද රාමා ?
Deleteමාරම කතාවක් වෙනි අයියේ.....පස්ටයි...
ReplyDeleteමෙහෙම එව්වත් වෙයි ඉස්සරහදි මල්ලි මේ සිරි ලංකාවෙ ...
Deleteඅනේ මන්දා මේ ලියන්නා අයියත් කොරගන්න වැඩ :P
ReplyDeleteආයි ඉතින් මමයෑ ?
Deleteඅප දෙදෙනාගේම පවුල් වලින් යෝජිත වූ විවාහයක කොටස් කාරියන් වූ අප දෙදෙනා...
ReplyDeleteයෝජිත වූ විවාහයක කොටස් කාරියන්...
කොටස් කාරියන්...
කාරියන්...
lesbian ?
තිත් දෙකයි ඩී දාන්නත් හදලා politically incorrect වෙයි කියලා නිකා හිටියා. (කොරන්ඩ හොඳයි කියන්ඩනෙ නරක.)
:D :D :D
Deleteකාගෙන් ගැලවුනත් උඹෙන් ගැලවෙන්න බැහැ හෙන්ද්‍රි.
Deleteමාත් ආවෙ මේක කියන්ඩ..
Deleteමාත් නෝට් කලා! :)
Delete"O Henry" :-)
Deleteහපොයි ..
Deleteඅම්මපා හෙන්රියො බොලාටත් ඔය ඉස්පිල්ල ඇර මුකුත් නොපෙනුන හැටි..
Deleteදීකිරට සාක්කි කියන්න මේ ඉන්නෙ බලල්ලු පෝලිමක්ම !
:-D
හික් හික්... මමත් පෝලිමේ අගින් සිට ගතිමි.
Delete"ම්මපා හෙන්රියො බොලාටත් ඔය ඉස්පිල්ල ඇර මුකුත් නොපෙනුන හැටි.."
Deleteඉස්පිල්ල හැලුනොත් උන් කොලුකාරයොනෙ... :D
වෙනියට මළ පැන්නේ මොකද කියලා බැලුවා. මේකයි ඈ.
Deleteඅන්න ගෑනු. පොඩ්ඩක් විතර අනාගත්තට, සිස්ටම් එකයි මෙතඩ් එක දන්නවා.
ReplyDeleteකාලීනව අප්ඩේට් වෙච්ච ගෑණු !
Deleteඑතකොට වෙනී මාමා බැන්දේ ලගදිද??????? :0 :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නෑ රජෝ මන් තාම බැන්ඳෙම නෑ හිකිස් ! :-D
Deleteඅයියෝ සල්ලි...
ReplyDeleteකමක් නෑ..අම්මලා හරි සතුටු වෙයිනෙ නේද මාතලන් !
Deleteමං කැමති අවසානයක්...
ReplyDeleteඅවසන් නැහැයි කිව්ව එකටද මල්ලි කැමතී ?
Deleteඅන්න අවබෝධයද මොකක්ද එක..
ReplyDeleteජය !
ආන්න ඒකම තමයි සෑමා !
Delete//කතාව නිමි නැත..පටන් ගත්තා විතරයිනෙ...දෙවැනි කොටසක් නැත.//
ReplyDeleteතෙරුනේ නෑ ඔන්න ඔය කොටස...
ජීවිතේ ගැන ලියන කතාවල් නිමි කියලා ලියන්න බැහැනෙ තරු...මන් ලියලා ඉවර උනාට ඒ දෙන්නගෙ ජීවිත ඉස්සරහට ගලා ගෙන යනවා !
Deletehummmmmmmmmmmmm...
ReplyDelete:-D
Deleteඑලම තමා! මරු විවාහයක්!
ReplyDeleteකාලෙ හැටියට ඔහොම වෙනස් වෙන්නත් ඕනි අප්පේ !
Deleteමධුසමයටත් ගිහින් තියන කලක්!!!
ReplyDeleteකාලෙකදි මෙහෙම කලක් යාවි පොඩ්ඩියෙ මට හිතෙන විදියට..
Deleteහරි දෙවෙනි කොටස එපා.. මේකට කලින් කොටස දානවද...
ReplyDeleteඊඊ...ඒක 18+ නේ...
Deleteපට්ට කතාව.... අඩෙනවා තනි ඇහැට....
ReplyDeleteහකාස්..එහෙම වෙයි ඉස්සරහට..
Deleteක්‍රෙඩිට් කාඩ් ප්‍රවේශමෙන් භාවිතා කරනු.
ReplyDeleteආන්න ප්‍රසා...අතේ සල්ලි වල්ට කර ගත්ත නම් මේ වගේ වැඩ අහවරයිනෙ ! නේද ?
Deleteබල්ලාගේ පුකේ සිංහලනේ ලියලා තියෙන්නේ. එක්කෝ මම කියලා ලියනවා නැත්නම් මං කියලා ලියනවා. 'මන්' කියන්නේ හින්දිද? 'මා ....කෙනිත්තුවෙමි'. බල්ලාගේ පුකේ කියන්නේ ඒකයි. 'පෙමින් වෙලී සිටි පෙම්වතියන්' ඇයි යකෝ පෙම්වතිය කියන්නේ පෙමින් වෙලෙන්නේ නැතුව වෙන මොන මගුලක් කරන එකීටද? 'දෙදෙනාගේම දෙමවුපියන්ගේ නැකත්' ඉතින් දෙමවුපියන්ගේ නැකත් සහ තමන් දෙදෙපොල අතර සම්බන්ධය කුමක්ද? සිංහල නොදන්නාකම නිසයි මෙවැනි අමන සිංහල ලියවෙන්නේ.
ReplyDeleteකුණු ගොඩකට කුණු ගොඩක් එක්වීම කියලා ලිව්වනම් හොඳයි.
Certificate true !
DeleteMan sinhala dhanne nae !
Man blog eke kathaa liyanawaa misak nodhanna sinhala uganwanna noyami :-)
මන් මේක බුකියෙ ශෙයාර් කලා ඒක දැකපු අපේ එක සොයුරෙක් මෙහෙම ලිව්වා...\\මන් දැක්කේ "බල්ලගේ පුකේ සිංහලෙන් ලියලා තියෙන්නේ" වගේ මන් හිතුවා වෙනි දැන් ගෙවල් පැත්තේ ඉන්න බල්ලන්ගේ පුකේත් බ්ලොග් ලියනවා කියලා \\
Deleteමන් මේකට උත්තරයක් දෙන්නම් ඇනෝ..ඊළඟ පෝස්ට් එකෙන්..
හ්ම්ම් ... අමුතු විදියේ කථාවක් ...
ReplyDeleteඅමුතු උනාට..මේ වගේ දේවල් වෙනවා..
Deleteහෆෝයි ගැලෙවුව නේද රෙද්ද .. වෙනී කියන ඔය වගෙ දෙන්න දෙපැත්තෙ වැඩ කරං ඉන්න පවුලක් මං දැනං හිටියා. හැබැයි ඒ ගෑනු මනුස්සයා ලඟම යාලුවාටත් ඒ යාලුවා එයාගෙ ලඟම අනිත් යාලුවටයි රහස කීමෙන් ඒක හැමෝම දන්න රහසක් උනා.
ReplyDeleteඔව් සරත් අයියෙ..මටත් කනට ඇහුනා මේ වගේ නමුත් මේම නොවන කතා ගොඩක්..මේක මන් හැදුවා...
Deleteඅයියෝ කනට ගැහුවා වගේනේ..!!
ReplyDelete:-D
DeleteWවෙනියෝ කියල වැඩක් නෑ බන්, උපරිමයි.
ReplyDeleteරස වින්දා නම් සතුටුයි..අයිලාස්..
Deleteහෆ්ෆා...
ReplyDeleteඑකත් එහෙමයි නේද එහෙනම්..??
කතාව ගෙතුනෙ එහෙමයි ප්‍රමුදි...
Deleteශා මරු ලියවිල්ලක්. ලංකාවෙ වැඩිහරියක් විවාහවල රෙද්ද ගලවලා තියෙන්නේ.
ReplyDeleteඔව් බහුතරයකගෙ ඔහොම තමයි..
Deleteමගේ හිතේ ජෝඩුව තකට තක හිටීවි. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි අනවශ්‍ය කරදර නැතිව. තමන්ගෙ වැරදි වහන් අනිකගෙ වැරදි හොයන්න ගියහම තමයි වලි පටන් ගන්නෙ.
ReplyDeleteඔව් සල්ලි මත්තෙම නහින බහුතරයක් ජීවිත හොඳට ගෙනියනවා නම්...මෙව්වා හින්දා මරා ගන්නෙ නැතුව එච්චරයි අප්පේ !
Deleteඅපරාදේ වියදම් කරපු සල්ලි ටික..
ReplyDeleteඅන්තිම අපරාදයක් මල්ලි...ඒ මදිවට ණයට !
Deleteමේකේ කතා ගොඩක් එකතුකරල ලස්සනට ලියපු එකක්. නියමයි
ReplyDeleteඅපේ යාළු මිත්තරයො පෙන්නුව වැරදි ටිකත් හරි ගස්සන්..පොතට එකතු කලා මේ කතාවත්..
Deleteඒ වියදම් කල ගානෙන් දුප්පත් මිනිහෙක්ට කන්න බොන්න දුන්නනම් ඒක පිනක්.
ReplyDeleteදුප්පතුන්ව හූරන් කාලා දිඋනු වෙච්ච බිස්නස් කාරයින්ට කොහෙද බන් ආයි දුප්පත් අයව පේන්නෙ ? ලාභයක් පිටි පස්සෙ තිබ්බොත් නම් පෙනෙයි..
Deleteඔය කොහොම හැදුවත් වතුර පුරෝපු බැරල් එකකට බැස්සුවොත් පොඩ්ඩක් හරි බුබුලු දායි
ReplyDelete