ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, February 21, 2013

මධු සමය - Honeymoon


Photo courtesy form http://www.asia.com/travel-guide/asia-honeymoon/

මැදියම් රැයක් ගෙවෙන තුරු දවසේ නේක දෑ සමඟ පොර ඇල්ලූ නිසාවෙන්මදෝ එලාම් ඔරලෝසුව හඬ නගන තෙක්ම මා හට හොඳහැටි නින්ද ගොස් තිබිනි. 

ශරීරය හා ගැටෙන මුදු සුමුදු පහස නිවසේ තරම්ම සුවපහසුවක් දනවයි.. වායු සමීකරණයෙන් නැගෙන වා රැලි අසලම ඇති සුවඳ විහිදුවනයෙන් නැගෙන සුවඳ සමඟ මිශ්‍ර වී නැගෙන්නේ සිත ප්‍රබෝධකරන ආශ්වාසයකි..
නින්ද අඩුවෙන් ලැබුවත්  සිත හා ගත ප්‍රබෝධයෙන් ඇලලෙයි. 

දැස් හැර බැලුවෙමි..මොහොතකට පෙර මා හා වෙලී නිදා හුන් ඈ නාන කාමරයේ විය යුතුය..

අසල කුඩා මේසය මත වූ බකාඩි බෝතලය ගෙන තව උගුරක් හිස් බඩම අතහැරිය මා නැවතත් දෑස වසා ගත්තේ..තව මොහොතකින් නැවතත් පටන් ගන්නා මහා යුද්ධයට සිත හා ගත සනසා ගැනීමේ පරම අදිටනනි..

"ඒයි බබා මේ..."

ඇගේ සුකුමල ලාලිත කටහඬ..

"ඇස් අරින්නකෝ බබා බඩුවක් පෙන්නන්න.."

"ඊයේ රෑ තිස්සෙ බැලුවෙ.."

"ඒක නෙවෙයි මේ.."

යාන්තම් දෑස විවර කලා මා දෙනෙත ගැටුනේ..කුමක්ද යන්න හොඳිනම් බලා ගැනීමට වහා දෙනෙත පුළුල් කලෙමි..

දුහුල් නිදන ඇඳුමෙන් යුතුව ඈ අත ඇත්තේ සුදු රෙද්දකි..

ඒ මත....

අප දෙදෙනාගේම පවුල් වලින් යෝජිත වූ විවාහයක කොටස් කාරියන් වූ අප දෙදෙනා මාස හයක් පමණ සුළු ඇසුරකින් පසු විවා දිවියට පත් වූයේ පෙර දිනයේයි..

හනිමුන් එක සඳහා සතියක්වත් පිට රටක යාම පසුවට කල් තැබුනේ..අධික ලෙස ජ්‍යෝතිෂය විශ්වාස කල අප දෙදෙනාගේම දෙමවුපියන්ගේ නැකත් සමඟ එකඟ වීමට අපට සිදු වූ බැවිනි.

පෙමින් වෙලී සිටි පෙම්වතියන් කීප දෙනෙකුටම සමු දී මේ විවාහයට එළඹීමට සිදු වූයේද අප දෙමව්පියන්ගේ ව්‍යාපාර ජාලය ශක්තිමත් පදනමකට ගෙන ඒමේ අති මහත් බලාපොරොත්තුවට සහායක් වීම විනා අන් කවරක්වත් මා සිත නොතිබුනි.. 

නමුත් මා සිත් ගත් යම් යම් ගතිගුණ ඈ සතු වීය..

දුහුල් නිදන ඇඳුමෙන් යුතුව ඈ අත ඇත්තේ සුදු රෙද්දකි..

ඒ මත....

හැඩයක් සිතා ගත නොහැකි කළු පැහැයට හුරු රත් පැහැ පැල්ලම් කීපයකි..

"මන් හරි නේ බබා..."

ඈ මා හට තවත් තුරුළු වෙමින් කොඳුරයි..

"අපරාදෙ බබා ඔයා ඕකට කරපු වියදම.."

ඈ තුෂ්නිම්භූත වූවාක් මෙන් මා වෙතින් ක්ෂනයකින් ඉවත් වීය..

"මොකටද ?"

ඈගේ හඬ වෙව්ලයි.

"ඕකට"

තමන්ගේ දෑතට පොඩි වූ සුදු රෙදි කඩ වෙතට මා ඇඟිල්ලක් දිගු කලෙමි.

"කොහොමද ඔයා දන්නෙ ?"

ඈ කෙඳිරියක් නගයි..

"ඔයාට දැන ගන්නම ඕනෙද ?"

හඬක් නොනැගුවද මුහුනේ තිබෙන්නේ ඔව් යන්නයි..

"මාස එකහමාරකට උඩදි ක්‍රෙඩි කාඩ් කම්පැණිය ඔය වියදම හරි කියලා මගෙන් තමයි කන්ෆමේශන් ගත්තෙ..මන් විස්තර ඇහැව්වා..ඔයාගෙ මේකප් වලට යන වියදම් ප්‍රශ්ණයක් නොවුනට ඔය මෙඩිකල් සෙන්ටර් එකට යන ඔයි ලොකු ගාන ගැන මට පොඩි සැකයක් ඇති උනා..අනික එතන ඔය වැඩේටමනෙ ප්‍රසිද්ධ..ඉතින් මන් ඕකේ කලා..මන් ඔව්වා ගනන් ගන්නෙ නැති විත්තිය බබා දන්නවනෙ.."

මා ඈගේ කම්මුල කෙනිත්තුවෙමි..

"කොහොමත් ඕක පෙන්නන්න මගේ අම්මටයි ඔයාගෙ අම්මටයි දෙන්නටම...එතකොට කරපු වියදමට පොඩි හරි ප්‍රයෝජනයක් තියෙනවනෙ.."

"ඒ කියන්නෙ ඔයා දැනන් උන්නා..?"

"ඔව් ඔයාගෙ ප්‍රොපෝසල් එක ගෙදරින් ඇවිත් සතියකින් ඔයාගෙ හිටපු කුළුඳුල් ප්‍රේමවන්තයා..අර රොමේශ්ද මොකාද කියන එකා ඔයා මත්තෙම හැපිලා බීලා බීලා විනාශ උනේ...ඌ මාව හම්බ වෙලා ඔයා ගැන සේරම විස්තර කිව්වා. ෆොටෝත් පෙන්නුවා..ඊට පස්සෙ ඔයාගෙ අනික් එෆෙයාර් පහක් හයක් ගැනත්  සේරම විස්තර කිව්වා..

ඇයි ඔය ඔයා අඬන්නෙ ?"

"සේරම දැනන් ඉඳලා මට කිව්වෙ නැතුව රැවැට්ටුවා..මමත් දන්නවා ඔයාගෙ.."

"හෝව් හෝව් හෝව්..මන් බබාව බැන්දෙ ඔය සේරම දැන ගෙන තමයි. මොකද අපි දෙන්නගෙ මැච් වෙන කොලිටීස් කීපයක් තියෙනවනෙ..ආන්න ඒ නිසා...මගේ එෆෙයාර්ස් තිබ්බා, තියෙනවා ඉස්සරහටත් තියෙයි..."

 "එහෙනම් අපි දැන් මොකද කරන්නෙ?"

"මොනවා කරන්නද මීට පස්සෙවත් අපි නිකම් බොරුවට බොරු වහ ගෙන ඉන්නෙ නැතුව මේ ජීවිතේ අරන් යමුද ? අපි දෙන්නා බැන්ඳෙත් අපේ ෆැමිලි වල බිස්නස් නිසා මිසක් වෙන මොකටවත් නෙවෙයිනෙ..
මතක ඇතුව ඔය රෙද්ද අම්මලටම දෙන්න.. ඔය කඳුළු පිහිදන් ලෑස්ති වෙන්න දැන් ඉතින් ආයි මේකප් කාරයින්ගෙ දස වද බන්ධනයට මූන දෙන්න එපාය ! "

---------------------------------------------------------------------------
කතාව නිමි නැත..පටන් ගත්තා විතරයිනෙ...දෙවැනි කොටසක් නැත.

76 comments:

  1. නියමයි බං,අමුතුම කතාවක්.හිතුවෙ නැති විදියට ඉවර වුණේ

    ReplyDelete
    Replies
    1. නිකන් නුදුරු අනාගතයෙදි මෙහෙම වෙයි වෙයි වගේ හිතලා තමයි ලිව්වෙ..

      Delete
  2. දැං බලන්න හසන්ත...
    වෛද්‍ය විද්‍යාවේ හාස්කං නේ?????

    ReplyDelete
    Replies
    1. හැබැයි අපරාදෙ සල්ලි නේ ?

      Delete
  3. එන්ඩින් දෙකක් හිතුවා.. එකක් හරියට හරි ගියා... වෙනි අන්කල්.. ටූ ප්‍රෙඩික්ටබල්... ..

    ReplyDelete
    Replies
    1. දෙකක් හිතං එකක් හරි ගියා නම් ටූ ප්‍රෙඩික්ටබල් තමා. මොකද දෙකෙන් එක නේ හරි :)

      Delete
    2. නියමයි..මගේ කතා ලියන ක්‍රමය අල්ලා ගන්න පුළුවන් කීපයක් ලියන කොට..

      Delete
  4. Replies
    1. අඬන්න එපා මල්ලි ! :-D

      Delete
  5. ස්වභාවික මධු සායම කෘතිමව .....

    ReplyDelete
  6. http://en.wikipedia.org/wiki/Artificial_hymen
    මේක ලංකාවෙ ගොඩක් ගනන් තමයි !

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ බඩු නේ ද රාමා ?

      Delete
  7. මාරම කතාවක් වෙනි අයියේ.....පස්ටයි...

    ReplyDelete
    Replies
    1. මෙහෙම එව්වත් වෙයි ඉස්සරහදි මල්ලි මේ සිරි ලංකාවෙ ...

      Delete
  8. අනේ මන්දා මේ ලියන්නා අයියත් කොරගන්න වැඩ :P

    ReplyDelete
  9. අප දෙදෙනාගේම පවුල් වලින් යෝජිත වූ විවාහයක කොටස් කාරියන් වූ අප දෙදෙනා...

    යෝජිත වූ විවාහයක කොටස් කාරියන්...

    කොටස් කාරියන්...

    කාරියන්...

    lesbian ?

    තිත් දෙකයි ඩී දාන්නත් හදලා politically incorrect වෙයි කියලා නිකා හිටියා. (කොරන්ඩ හොඳයි කියන්ඩනෙ නරක.)

    ReplyDelete
    Replies
    1. කාගෙන් ගැලවුනත් උඹෙන් ගැලවෙන්න බැහැ හෙන්ද්‍රි.

      Delete
    2. මාත් ආවෙ මේක කියන්ඩ..

      Delete
    3. මාත් නෝට් කලා! :)

      Delete
    4. අම්මපා හෙන්රියො බොලාටත් ඔය ඉස්පිල්ල ඇර මුකුත් නොපෙනුන හැටි..
      දීකිරට සාක්කි කියන්න මේ ඉන්නෙ බලල්ලු පෝලිමක්ම !
      :-D

      Delete
    5. හික් හික්... මමත් පෝලිමේ අගින් සිට ගතිමි.

      Delete
    6. "ම්මපා හෙන්රියො බොලාටත් ඔය ඉස්පිල්ල ඇර මුකුත් නොපෙනුන හැටි.."

      ඉස්පිල්ල හැලුනොත් උන් කොලුකාරයොනෙ... :D

      Delete
    7. වෙනියට මළ පැන්නේ මොකද කියලා බැලුවා. මේකයි ඈ.

      Delete
  10. අන්න ගෑනු. පොඩ්ඩක් විතර අනාගත්තට, සිස්ටම් එකයි මෙතඩ් එක දන්නවා.

    ReplyDelete
    Replies
    1. කාලීනව අප්ඩේට් වෙච්ච ගෑණු !

      Delete
  11. එතකොට වෙනී මාමා බැන්දේ ලගදිද??????? :0 :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නෑ රජෝ මන් තාම බැන්ඳෙම නෑ හිකිස් ! :-D

      Delete
  12. Replies
    1. කමක් නෑ..අම්මලා හරි සතුටු වෙයිනෙ නේද මාතලන් !

      Delete
  13. Replies
    1. අවසන් නැහැයි කිව්ව එකටද මල්ලි කැමතී ?

      Delete
  14. අන්න අවබෝධයද මොකක්ද එක..

    ජය !

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකම තමයි සෑමා !

      Delete
  15. //කතාව නිමි නැත..පටන් ගත්තා විතරයිනෙ...දෙවැනි කොටසක් නැත.//
    තෙරුනේ නෑ ඔන්න ඔය කොටස...

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ගැන ලියන කතාවල් නිමි කියලා ලියන්න බැහැනෙ තරු...මන් ලියලා ඉවර උනාට ඒ දෙන්නගෙ ජීවිත ඉස්සරහට ගලා ගෙන යනවා !

      Delete
  16. එලම තමා! මරු විවාහයක්!

    ReplyDelete
    Replies
    1. කාලෙ හැටියට ඔහොම වෙනස් වෙන්නත් ඕනි අප්පේ !

      Delete
  17. මධුසමයටත් ගිහින් තියන කලක්!!!

    ReplyDelete
    Replies
    1. කාලෙකදි මෙහෙම කලක් යාවි පොඩ්ඩියෙ මට හිතෙන විදියට..

      Delete
  18. හරි දෙවෙනි කොටස එපා.. මේකට කලින් කොටස දානවද...

    ReplyDelete
  19. පට්ට කතාව.... අඩෙනවා තනි ඇහැට....

    ReplyDelete
    Replies
    1. හකාස්..එහෙම වෙයි ඉස්සරහට..

      Delete
  20. ක්‍රෙඩිට් කාඩ් ප්‍රවේශමෙන් භාවිතා කරනු.

    ReplyDelete
    Replies
    1. ආන්න ප්‍රසා...අතේ සල්ලි වල්ට කර ගත්ත නම් මේ වගේ වැඩ අහවරයිනෙ ! නේද ?

      Delete
  21. බල්ලාගේ පුකේ සිංහලනේ ලියලා තියෙන්නේ. එක්කෝ මම කියලා ලියනවා නැත්නම් මං කියලා ලියනවා. 'මන්' කියන්නේ හින්දිද? 'මා ....කෙනිත්තුවෙමි'. බල්ලාගේ පුකේ කියන්නේ ඒකයි. 'පෙමින් වෙලී සිටි පෙම්වතියන්' ඇයි යකෝ පෙම්වතිය කියන්නේ පෙමින් වෙලෙන්නේ නැතුව වෙන මොන මගුලක් කරන එකීටද? 'දෙදෙනාගේම දෙමවුපියන්ගේ නැකත්' ඉතින් දෙමවුපියන්ගේ නැකත් සහ තමන් දෙදෙපොල අතර සම්බන්ධය කුමක්ද? සිංහල නොදන්නාකම නිසයි මෙවැනි අමන සිංහල ලියවෙන්නේ.

    කුණු ගොඩකට කුණු ගොඩක් එක්වීම කියලා ලිව්වනම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. Certificate true !
      Man sinhala dhanne nae !
      Man blog eke kathaa liyanawaa misak nodhanna sinhala uganwanna noyami :-)

      Delete
    2. මන් මේක බුකියෙ ශෙයාර් කලා ඒක දැකපු අපේ එක සොයුරෙක් මෙහෙම ලිව්වා...\\මන් දැක්කේ "බල්ලගේ පුකේ සිංහලෙන් ලියලා තියෙන්නේ" වගේ මන් හිතුවා වෙනි දැන් ගෙවල් පැත්තේ ඉන්න බල්ලන්ගේ පුකේත් බ්ලොග් ලියනවා කියලා \\
      මන් මේකට උත්තරයක් දෙන්නම් ඇනෝ..ඊළඟ පෝස්ට් එකෙන්..

      Delete
  22. හ්ම්ම් ... අමුතු විදියේ කථාවක් ...

    ReplyDelete
    Replies
    1. අමුතු උනාට..මේ වගේ දේවල් වෙනවා..

      Delete
  23. හෆෝයි ගැලෙවුව නේද රෙද්ද .. වෙනී කියන ඔය වගෙ දෙන්න දෙපැත්තෙ වැඩ කරං ඉන්න පවුලක් මං දැනං හිටියා. හැබැයි ඒ ගෑනු මනුස්සයා ලඟම යාලුවාටත් ඒ යාලුවා එයාගෙ ලඟම අනිත් යාලුවටයි රහස කීමෙන් ඒක හැමෝම දන්න රහසක් උනා.

    ReplyDelete
    Replies
    1. ඔව් සරත් අයියෙ..මටත් කනට ඇහුනා මේ වගේ නමුත් මේම නොවන කතා ගොඩක්..මේක මන් හැදුවා...

      Delete
  24. අයියෝ කනට ගැහුවා වගේනේ..!!

    ReplyDelete
  25. Wවෙනියෝ කියල වැඩක් නෑ බන්, උපරිමයි.

    ReplyDelete
    Replies
    1. රස වින්දා නම් සතුටුයි..අයිලාස්..

      Delete
  26. හෆ්ෆා...
    එකත් එහෙමයි නේද එහෙනම්..??

    ReplyDelete
    Replies
    1. කතාව ගෙතුනෙ එහෙමයි ප්‍රමුදි...

      Delete
  27. ශා මරු ලියවිල්ලක්. ලංකාවෙ වැඩිහරියක් විවාහවල රෙද්ද ගලවලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බහුතරයකගෙ ඔහොම තමයි..

      Delete
  28. මගේ හිතේ ජෝඩුව තකට තක හිටීවි. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි අනවශ්‍ය කරදර නැතිව. තමන්ගෙ වැරදි වහන් අනිකගෙ වැරදි හොයන්න ගියහම තමයි වලි පටන් ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් සල්ලි මත්තෙම නහින බහුතරයක් ජීවිත හොඳට ගෙනියනවා නම්...මෙව්වා හින්දා මරා ගන්නෙ නැතුව එච්චරයි අප්පේ !

      Delete
  29. අපරාදේ වියදම් කරපු සල්ලි ටික..

    ReplyDelete
    Replies
    1. අන්තිම අපරාදයක් මල්ලි...ඒ මදිවට ණයට !

      Delete
  30. මේකේ කතා ගොඩක් එකතුකරල ලස්සනට ලියපු එකක්. නියමයි

    ReplyDelete
    Replies
    1. අපේ යාළු මිත්තරයො පෙන්නුව වැරදි ටිකත් හරි ගස්සන්..පොතට එකතු කලා මේ කතාවත්..

      Delete
  31. ඒ වියදම් කල ගානෙන් දුප්පත් මිනිහෙක්ට කන්න බොන්න දුන්නනම් ඒක පිනක්.

    ReplyDelete
    Replies
    1. දුප්පතුන්ව හූරන් කාලා දිඋනු වෙච්ච බිස්නස් කාරයින්ට කොහෙද බන් ආයි දුප්පත් අයව පේන්නෙ ? ලාභයක් පිටි පස්සෙ තිබ්බොත් නම් පෙනෙයි..

      Delete
  32. ඔය කොහොම හැදුවත් වතුර පුරෝපු බැරල් එකකට බැස්සුවොත් පොඩ්ඩක් හරි බුබුලු දායි

    ReplyDelete