ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, February 7, 2013

කඩඉමක සේයා...


"අද පන්සලේ හාමුදුරුවන්ගෙ බණ ටික නම් මසුරන් ඒයි.."

'තග්' යන හඬින් ලී කොටය උඩ තැබූ මාළුවාට දුන් මන්නා පහරින් ඌ දෙකඩ වීය..

"හ්ම්ම්ම්"

"බලන් ඉන්න ආසයි ඒ හාමුදුරුවො බණ කියනවා. නෙලපු රූපයක් වගේ මූණ කට රත්තරන් පාටයි"

"බලන් ඉන්න ආසයි ?"

"නෑ මන් කිව්වෙ අහන් ඉන්න ආසයි බණ දේශනා කරන කොට කියලා"

කුණු ලේ පාට බඩ බොකු සියල්ලම ඇඟිලි වලින් අල්ලා එලියට ඇද අසල වූ මැටි කෝප්පයකට දමන ගමන් ඈ පවසයි.

"මේ ටික අර හොර බැළලි කන්ඩ ඉස්සර අර කෙසෙල් ගහ යට වලක් කපලා යට කරන්ඩකෝ"

"පස්සෙ බැරියැ"

"සේරම පස්සෙ බැරියැ..පස්සෙ බැරියැ තමයි..අනේ මන්දා ඔයා නම්.."

"හ්ම්"

මාළුවාගේ කොරපොතු සුද්ද කර ලේ වැකුණු කැබලි අසල වූ හට්ටියකට අඩුක් කරමින් නුරුස්සනා හඬකින් ,

"හ්ම්ම් හ්ම්ම්ම් ගාන්නෙ බකුස්සො..මොන වැඩේ පස්සට දැම්මත්  වැඩ දෙකක් නම් පස්සට දානෙ නෑ මොන යකා කීවත්"

"වැඩ දෙකක්?"

"ඔව් කන එකයි.."

"අනික?"

"අනික මන් මෙතන කියන්නෙ නෑ කන එක..."

"කියන්ඩකො ඉතින් ආයි ළමයි දෙන්නත් අම්මලාගෙ ගෙදර ගිහින්නෙ..හෙට නේද එනවා කිව්වෙ"

"නැතුව ආයි හෙට දිහා එයි..ඔය මාළු ටික දිහා භාවනා කරනවද? "

"නෑ"

"අමු මාළු දිහා බලන් ඉන්න එපා..පස්සෙ අප්පිරියා වෙයි කන්න.."

"හා"

"දන්නවද අද පන්සලේ හාමුදුරුවො බණට කීවෙ මොනාද කියලා?"

"නෑ"

"ඔව් ඉතින් කොහේ දැන ගන්නද ? පන්න්සලක් පැත්තෙ යන්නෙ නෑ..ඔයා ඔය කොළඹ වැඩ කරනවයි කියන කඩේ ඉන්නකොටවත් වැරදිලාවත් පන්සලකට යන්නෙ නැද්ද?"

"නෑ"

"මනුස්සයො දැන් අපි ඉතින් වල පයයි ගොඩ පයයි තියන් ඉන්න එකේ මලක් පානක් පත්තු කරලා ගාථාවක් දෙකක් කියලා..වෙලාවක් තියෙන වෙලාවකටවත් පන්සලක් පැත්තෙ ගියොත් නරකද මන් අහන්නෙ?"

"නරක නෑ"

"අපි මේ කුණු ශරීරෙට ආසා කරන්න හොඳ නෑ..ලස්සනට , සුදට , සුවඳට තිබ්බට මේක ඇතුල මහා කුණු ගොඩක්. අපි අන්න ඒ අනිත්‍යය තමයි නිතර සිහි කරන්න ඕනි. එතකොට අපි පිළිකුල් භාවනාව වඩන්න ඕනි. 
මේ කුණු ශරීරයේ තියෙන අස්ථීර බව මතක් කර කර.."

"අර හාමුදුරුවොද කීවෙ"

කොයි?"

"අර රත්තරන් පාට?"

"ඔව් ඔව්..නෑ.. කොයි හාමුදුරුවො දේශණා කලත් ඔය දේ තමයි .. අපි මේ රඟේට මෙහෙම හිටියට අපේ දෙතිස් කුණුපයම ජරාවයි අනිත්‍යයි.."

"එහෙමත් කීවද?"

"ඔව් ඉතින් ඔහේ කවද්ද මේ දර්මෙ ඇදහුවෙ ? අනේ මන්දා මලහම කොහෙ යයිද කියලා. ඔය රේඩියෝවෙ යන බණ පදයක් වත් අහලා මේ ජරා ජීර්ණ වෙච්ච දේවල් ගැන පොඩ්ඩක් හිත පහදවා ගෙන නිවන් අවබෝධ කර ගන්න පොඩියට හරි හිතා ගන්නවකො"

"හා"

"නැත්නම් මලහම ඔය වැඩ කරනවා කියන කඩේ මීයෙක් වෙයි නැත්නම් මේ ගෙදර මන් පස්සෙ එන පූසෙක්වත් වෙයි...බඩගිනිද ඈනුම් අරින්නෙ?"

"ඔව් මේක කන්න"

"නිකන් ඉන්නවකො තමුසෙට නම් එන්න එන්නම විසේ වැඩි වෙනවා..වයසට යනකොට හරි නම් තැන්පත් වෙන්ඩෝනි"

"තැන්පත් වෙමු රෑට කාලා"

"මගේ අහගන්නෙ නැතුව ඉන්නවා මුකුත්..ඕන් ඔය මාලු හොද්ද පොඩ්ඩක් බලලා ගින්දර අඩු කරන්ඩ මන් ඇඟ පත හෝදගෙන එන්නම්"

"හා"

කිරි කිරි හඬින් බාල්දිය දෙපසට වැනෙන හඬ දෙසවනින් ඈත්ව යයි..
ගොද ගොද හඬින් උතුරා යන මාළු හොද්ද සහිත ලිපේ ගින්දර අඩු කර ඉනේ ගසා සිටි සිගරට් පෙට්ටියේ වූ අවසන් සිගරට්ටුව පත්තු කර ගත්තෙමි. 

"උඹ ඔය කොලොම් පුරේ කඩ වල් වල බඩු කිර කිරා හිටපන්..සති දෙක තුනකට සැරයක් ගමට එන්නෙ..උඹ දන්නවද අර පහල ගෙදර කරුණෙ මේ ගෙවල් පැත්තෙ කැරකෙනවා හැම වෙලාවෙම කියලා"

මගේ විවාහයට පෙර සිටම විරුද්ධ වූ ලොකු අක්කා පහත් ස්වරයෙන් මුමුණයි. ඈට අවශ්‍ය වූයේ ඈගේ මිතුරියකගේ නැගණිය මා හට විවාහ කර දීමටය.

"උඹ ඕක පොරවෙන් කපන්න වෙනකම් තියා ගන්න එපා..නැත්නම් මෙච්චර ලොකු දරුවො ඉන්න ගෑණියෙකුට තියෙන්න ඕනි දාංගලයක්ද තියෙන්නෙ"

මා මුවින් නොදොඩා නැගී සිටියේ විසි පහක් තිහක් පමණ බලන්නට ආ සියළු මනමාලයන්ගේ කුමක් හෝ අඩුවක් දුටු ඈ ඒ හේතුවෙන්ම අවිවාහකව තම සොයුරු සොයුරියන්ගේ දරු කැලතට කරන සේවයට කරන කෘතගුණයක් ලෙසිනි.

රාත්‍රී ආහාරයෙන් පසුව,

"ආ ඔන්න ඔයාගේ බෑග් එක හරි ඉතින් හෙට උදෙන්ම යන්නත් එපාය නේ..මන් මාළු ඇඹුල් තියල් එක වෙනම දැම්මා.. දවස් දෙක තුනක්වත් තියා ගෙන කන්න හොඳේ"

ආහාර කිසයෙන් අනතුරුව මා ටවුමේ ෆාමසියෙන් ලබා ගත් පෙති 2 සමඟ වතුර උගුරු කීපයක් ගිල දමා නින්දට වූයෙමි..

රාත්‍රිය පුරාම හතර වතාවක් ඇහැරුනු අතර උදෑසන හය වන විට මා මූණ කට සෝදා ගෙන ලෑස්ති වන විටත් ඈ කෙඳිරි ගාමින් නිදයි...

"ඒයි ඒයි තේ එකක් වක්කරනවකො"

"මට හරි අමාරුයි අනේ..
කොහෙද වලහා පහුරු ගහන්නා වගේ..තමුසෙ කංසා වත් කෑවද රෑ?"

"නෑ"

"නැති වෙන්න බෑ..මේ බලනවා...දැන් ඉතින් සතියක් වත් යන කන් ඉන්න බෑ අමාරුයි"

"තව සැරයක්?"

"බෑ බෑ...ඉන්නවා මන් තේ එකක් වක් කරලා දෙන්න..කෝ එහාට වෙනවකො"

"උඹ ඕකිට ගහලා බැනලා හරි ඔය දාංගලේ අඩු කර ගන්න කියපන්"

අක්කාගේ ගුප්ත කටහඬ මා හිස වටා කරකැවෙයි..

"තේ එපා මන් වතුර එකක් බීලා යන්නම්..ආයි එන්නෙ ලබන සතියෙනෙ.."

"අනේ නිකා ඉන්නවකෝ...ඊළඟ සැරේ එනකොටවත් ශරීරෙ පිලිකුල් භාවනාව වඩලා එනවකො..එතකොට ඔය විසේ අඩු වෙයි"

වෙනදාට වඩා නිවසින් ඒමට ප්‍රමාද වූ නිසා වැඩ පලට එනවිට තරමක් දහවල් වී තිබුනි..

නවාතැනේ කිසිවකුද නැත..නවාතැනද වැඩ පලට යාව ඇත. පැය විසිහතරම වැඩ කිරීමට සිදුවන නිසා අවම වශයෙන් රාත්‍රී මුරය කරන දෙදෙනකු හෝ මේ වනවිට නිදා සිටිය යුතු වූවද..

මෙයින් පැවසෙන්නේ හදිසියේ වැඩ අධික තත්වයක් පැමිණ සියළුම අය තවමත් වැඩ බවයි..

හ්ම්ම්ම්ම් ගමේ අය ගෙදර අය මා මෙවන් ස්ථානයක වැඩ කරන බව දන්නේ නම්...

සැඟවිය යුතු උපරිමය දක්වා සමහර විට ඔවුන්ගේ ජීවිත කාලය තුලම සැඟවී යන රහසක් ලෙස මෙය පවතිනු ඇත..
මා ඇඳුම් මාරු කර ගෙන වහා වැඩ පල වෙත අඩිය ඉක්මන් කලෙමි..

"උඹ පරක්කු මොකෝ ලියන්නයියෙ..ආන්න මැනේජර් මහත්තයා පරල වෙලා..උඹටත් කෑ ගහයි දැන්"

"ඇයි මොකද වෙලා තියෙන්නෙ"

"ඊයෙ නිමල් කරපු එකක් අප්සට් ගිහින් අද උදෙන්ම කම්ප්ලේන් ගොඩයි..අළුතින් පහක් නැත්නම් හයක් ආවා"

"නෑහ් ?!"

"නෑහ් නෙවෙයි හොව්..මැනේජර් කාරයා අපිට කෑගැහුවට උඹට මුකුත් කියන එකක් නෑ..උඹ ඉතින් වැඩර්නෙ..ඉක්මනට පලයන් උඹ දැක්කහම පාලයටයි සෝමයටයි හුස්ම ටිකක් වැටෙයි"

"හා මන් එහෙනම් ඉක්මනට යන්නම්"

"මන් මේ දෙක හිස් කරලා එන්නම්"

මා හනික ඇතුල්වීම තහනම් බෝඩ් එක එහාට කර කාමරය තුලට ඇතුල් උනෙමි.

පාල සහ සෝමෙ බරටම වැඩය..

මනේජර් මා දුටු විගස,

"උඹ යාන්තම් ආවද අනේ කොලුවො මේ හයම අද හවස වෙනකොට ගෙනියන්න එනවා කිව්වා..පටන් ගනින් පටන් ගනින් ඉක්මනට"

මා අදාල උපකරණ සියල්ලම ගෙන මේසය අසලට ගියෙමි..

"වහ ගහලා"




හිස ඔසවා මා දෙස නොබැලූ සෝමෙ මහ හඬින් කියයි

ඉතා තරුණ රූමත් තරුණියකගේ මල සිරුරක් මා ඉදිරියේ ඇත..


"අපි මේ කුණු ශරීරෙට ආසා කරන්න හොඳ නෑ..ලස්සනට , සුදට , සුවඳට තිබ්බට මේක ඇතුල මහා කුණු ගොඩක්. අපි අන්න ඒ අනිත්‍යය තමයි නිතර සිහි කරන්න ඕනි. එතකොට අපි පිළිකුල් භාවනාව වඩන්න ඕනි. 
මේ කුණු ශරීරයේ තියෙන අස්ථීර බව මතක් කර කර.."

බිරිඳගේ දෝංකාර දෙන හඬ මතක් වී මා මුවගේ සිනහවක් ඇඳී මැකී ගියේය..


සිත සිතා සිටීමට කාලයක් නැත..

හයක් කියන්නෙ කපලා කොටලා සේරම අයින් කරලා බෙහෙත් ගහලා සෙට් වෙන්න තියන්න වෙන කාලයක් එක්ක බැලුවහම කාලය එක්ක මාර ගේමක් දෙන්න වෙනවා..
-------------------------------------------------------------------------

අවසනක් නැති දිවියක ක්ෂිතිජයේ මායිමක් සොයා යන තවත් මොහොතක අවසනයයි මේ..

73 comments:

  1. මට නම් මෙලෝ මගුලක් තේරුනේ නැහැ මේ ඇත්ත කතාවක්ද? කොටස් කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ ඔබට වැටහුනු දේ ඔබ විශ්වාස කලේ නෑ.. ඒකයි මල්ලි උනේ..

      Delete
  2. Replies
    1. එකක් නෙවෙයි හයක් කපන්න උනා ඊට පස්සෙ..

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. "අපි මේ කුණු ශරීරෙට ආසා කරන්න හොඳ නෑ..ලස්සනට , සුදට , සුවඳට තිබ්බට මේක ඇතුල මහා කුණු ගොඩක්. අපි අන්න ඒ අනිත්‍යය තමයි නිතර සිහි කරන්න ඕනි. එතකොට අපි පිළිකුල් භාවනාව වඩන්න ඕනි.
    මේ කුණු ශරීරයේ තියෙන අස්ථීර බව මතක් කර කර.."

    ගෙදර අයට හොරෙන් මල් ශාලාවක වැඩ? කතාව ඉවර උනේ හිතුවෙවත් නැති පැත්තකට ගිහින්. මම හිතුවෙ ලියන්නා වයිෆ්ගෙ හොර අල්ලන්ඩ හදනවා කියලා :D :D

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ හොඳ කියවන්නියො...ඉතින් අපි කොහොම ලිව්වම මොකද ? :-D

      Delete
  5. අරවා මෙව්වා කියන්නේ මොකටද වෙනියෝ . සුපිරියි

    ReplyDelete
    Replies
    1. මේ අර පෙත්තේ නම දැම්මානං උඹට හෙනද

      Delete
    2. ඕනයා මේ පැත්තෙ ආවොත් පෙති ලිස්ට් එකකම නම් දායි අටමො :-D

      Delete
  6. Replies
    1. බොහොම කාලෙකට පස්සෙද මන්දා බීටල්ව දැක්කෙ...ලංකාවෙද ඉන්නෙ මේ දවස් වල ?

      Delete
  7. Replies
    1. නැතුව නැතුව ? මන් ළඟට එයි එහෙනම් !

      Delete
  8. මේක මරු! කුතුහලය කතාව ඉවර වෙනකම්ම! මම බලාගෙන හිටියා ගෑණිගේ හොරයක් මාට්ටු වෙනවකම්. අවසානයේ මිනිහගේ හොරයක් මාට්ටු උනේ. ඇයි ලියන්නා ගෑණිට හැදුනු කට කතා ගණන් නොගත්තේ කියන ප්‍රශ්නෙයි මට මුලින්ම ආවේ. අන්තිම විසඳූම ලැබුණා. ලැබුණා නෙමෙයි මම ම විසඳුමක් හදා ගත්තා. "මමත් එයාට බොරු කියන එකේ එයත් බොරු කළාම මොකද!"

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද? මටත් ඒකම හිතුන ..

      Delete
    2. පූසගේ හිතා ගැනිල්ලත් නරකම නෑ නේද හිරූ සහ කම්මල ?

      Delete
  9. මෙව්වා බ්ලොගකට සීමා වෙලා හරි යනවද ? රෝලර් කෝස්ටර් කෙටි කතා මාරයි..

    ReplyDelete
    Replies
    1. රෝලර් කෝස්ටර් කතා ? ආයි නමක් දැම්මද අරයා මීයො කිව්වා වගේ ? ඔව් රාමා දවසක පොතක් ගහනවා ...කවද හරි දවසක...

      Delete
  10. බය හිතෙන කතා ලියන්න එපා බුදු මලේ ...!

    ReplyDelete
    Replies
    1. කොල්ලා වගේ ඉන්න ගාමිණි අයියා මක්කටද බය වෙන්නෙ ?

      Delete
  11. මිනී කපන මෑන්ටද මේ පිළිකුල් බාවනාව කරන්න කියල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ සුජියා.. ඔය බණ කියන අය දන්නවා නම් බණ අහන අයගේ ගැඹුර..කියන අයට බහින්න ඕනි වලවල් වල ගැඹුර මටත් හිතා ගන්න බෑ...

      Delete
  12. අනේ අම්මේ අපේ රටේ බණ කියන තරම්, බණ අහන තරම්, දන් දෙන තරම්. නමුත් හොස්ස ලඟින් මැස්සා ගියගමන් පිහියා ඇනුමකින් තමයි කෙලවර වෙන්නේ. බණ අහනවා කියලා කරන බොරු සොබනේම ඇති කල්පයක් අපාගත වෙන්න.

    ඇත්ත තමයි, අන්තිමට බලනකොට මිනී එම්බාම් කරන එකා දකින යතාර්ථය අපි දකින්නේ නැහැ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. එළඹ සිටි සිහියෙන් කරනවා නම් මිනී කපන්නන් දැකිය යුතු ගැඹුරට අපිට ලං වෙන්නවත් බෑ

      Delete
  13. ආයේ ඉතිං කියන්න දෙයක් නෑ සුපිරියි....

    ReplyDelete
    Replies
    1. තැන්කූ තරියා..

      Delete
  14. සෑහෙන්න මීයෝ ඕන වෙලා වගේ...

    ReplyDelete
    Replies
    1. බණ අහන්න පන්සලට ගිය ගෑණි බණට වඩා බණ කියාපු හාමුදුරුවන්ගේ පෙනුමට ආස වෙලා ඉන්න ගමන් මිනිහට කියනවා ආසාවල් අඩු කරගන්න කියලා... ඒ අතරෙම අමු මාළු දිහා වැඩියෙන් බලං හිටියොත් කන්න අප්පිරියා වෙයි කියලත් කියනවා... හැමදාම මිනී අත පත ගාන එකාට ගෑණියෙක් දැක්ක පලියට නගින්නේ නැති ගානට ආවම ඌට ඒකටත් පෙති ඕන... මේකා මීයෝ ටික කොහේ කොහේ ගෙනියනවද මංදා...?

      Delete
    2. ඔය තියෙන්නෙ සාරාංශ කරලා මන් කොලාටත් වඩා හොඳට ..නියමයි..

      Delete
  15. මෙන්න නියම ලියන්නා. ජය....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රදීප් මල්ලි දැන් ලියන්නෙ අඩුවෙන්ද ? දැක්කෙ නෑ පහු ගිය කාලෙ

      Delete
    2. ලියන එක ටිකක් අඩු වුනා වෙනි අයියේ. ඉස්සරහට දිගටම ලියන්න පුළුවන් වෙයි.

      Delete
  16. නියමයි වෙනී අයියේ කතාව.. දෙබස් ගිය හැටිනම් හරි අපූරුයි.. මම මේකෙන් ඉගෙන ගත්තේ ඒකලු ඔන්න... :)

    ReplyDelete
    Replies
    1. හැඟීම් විස්තර කරන එක තමයි මට ටොයිස් වගේ...දෙබස් වලින්මත් කතාවක් ගෙනියන්න පුළුවන්..මන් ට්‍රයි කලේ ඒක දිනෙශ් මල්ලි...

      Delete
  17. ලියන්නගේ මම දැකපු ලස්සනම කතාව. කෙලින් නොකියා යමක් කිය හැකි විදියට බස හසුරුවලා තියන හැටි හරිම අපූරුයි.

    ලියන්නා ලියන කතා එන්ට, එන්ටම රසවත් වෙනවා.:)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා පොඩ්ඩියෙ ඔන්න ඔහේ ලියනවා..ඔය අස්සෙ ඉතින් තව පිස්සු කතාවල් ටිකකුත් තියේ..දාන්ඩ

      Delete
  18. මාර රේන්ජ් එකක කතා නෙ බං උඹ කියන්නෙ.....

    එක නෙමේ මෙන්න මේ කෑල්ල අවශ්‍ය වෙලවට ප්‍රයෝජනයට ගන්න... රෙපරන්ස් නැතුවම ගන්නවා හොඳේ...

    //"තැන්පත් වෙමු රෑට කාලා"//

    ReplyDelete
    Replies
    1. හිකිස්..ඒ කෑල්ල ගන්ඩ කමක් නෑ...

      Delete
  19. කතා ගොඩක් එක කතාවක ඔබලා.. ටිකක් ඇදලා නවකතාවක් ලියපන් මල්ලි..

    ReplyDelete
    Replies
    1. නවකතාවක් ලියන්නත් හිතේ තියෙනවා සරත් අයියෙ..නිවාඩු පාඩුවෙ පටන් ගන්න ඕනි..දැනට නම් ඉතින් කෙටි කතාම තමයි...

      Delete
  20. උබේ කතා වලින් මම කැමතිම කතා ගොඩට මේකත් වැටෙනවා... සුපිරියි... ඇත්තටම ගෑනි බොරු කරනවද ? ලියන්නා බොරු කරන නිසා වැරදි දෙක කැපෙනවද... මොනා උනත් සුපිරි

    ReplyDelete
    Replies
    1. ඔව් පිපමාත් ආයි ලියන්න පටන් අරන් තිබ්බා.. මන් කියෙව්වා..ලියමු ලියමු ආයි..ඔය මදැයි හනිමුන් ගත්තා..

      Delete
  21. මට කියන්න තියෙන්නෙ අතිවිශිෂ්ටයි කියල . නිමාව ගොඩක් ලස්සනයි . කුතුහලයත් එක්ක කතාව ලස්සනට ගලාගෙන යනව .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්

      Delete
  22. නියමෙට ලියල තියෙනවා වෙනී අයියෙ.
    උදේ ඉඳල රෑ වෙනකල් මිනී කපන එකාට ඕවයෙ ගානක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා..ඒ අයට වගේ අපිටත් ලෝකය දකින්න පුළුවන් නම්..ආශාව නිසා ඇතිවෙන අපරාධ ගොඩක් අඩු වෙයි කියලා හිතෙනවා...

      Delete
  23. මේකා ඕක ලියන්න මිනී කීයක් කපන්න ඇත්ද?? කියලා වැඩක් නෑ.. මට තේරෙන්නේ නැත්තේ කතාව යටින් දුවන සංධ්වනිය කොච්චර ලස්සනට හසුරුවල තියෙනවාද කියලායි... අම්මම මේකා ගිය ආත්මේ රුසියාවේ ඉන්න ඇත්තේ 1917 ට කලින්... අති විසිස්ටයි...

    ReplyDelete
    Replies
    1. හිතෙන් මිනී 5-6ක්ම කැපුවා...ඒවයේ ඇතුල දිහා බලන් භාවනා කලා... :-D

      Delete
  24. වෙනි මේක සුපිරියි. කියන්න ඕන හැම පැත්තක්ම මේකේ තියෙනවා. වෙන කියන්න දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයිලාස්...තාම ලියන්ඩ පුරුදු වෙනවා විතරයි අප්පේ...

      Delete
  25. මේක නම් මරු..කියවන්න ඕනිකමට කියෙව්වා නෙවෙයි,ඉබේ කියවුණා.
    කුතුහලය පිරුණු කථාවක්...
    සියුම් උපහාසක් එක්කම..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්දු ඔබ මේ පැත්තෙ දුටුවාමද කොහෙද !

      Delete
  26. අති විශිෂ්ටයි සේර් ..........

    ReplyDelete
    Replies
    1. සේර් ? අපොයි මට කවුරුවත් ඕම කියලා නෑ..එක්කො අයියා නැත්නම් අංකල්..

      Delete
  27. මේ ලියවිල්ල අපූරුයි වෙනි මහත්තයෝ
    බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව දැනේ
    ජය!

    ReplyDelete
    Replies
    1. මහත්තයො ??? ඇයි යකඩො මෙච්චර කල් මල්ලි කියපු මනුස්සයට ඔය ඩිංගට ඔය වචනෙ අමතක වෙච්ච හැටි අහු වෙයකො තිසා අයියා !

      Delete
  28. වෙනි අයියගේ සුපිරි ලියැවිල්ල මා අමන්දානන්දයට පත් කළා... පරිපූර්ණයි ලියමන..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්..ඔබේ දිරි ගැන්වීමට..

      Delete
  29. Replies
    1. සෙන්නා මේ දවස් වල බිසි වගෙයි නේද ?

      Delete
  30. කුතුහලය උපරිමයි.කතාව පරිපූර්ණයි...ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත්

      Delete
  31. මහිතෙ අරුන්දැ හෝමොටෙක්ස් දෙකක් කෙලින්න ඇත්තෙ, නැතුවත් බෑනෙ ඔය වයසට.....

    කතාව ඇතුළෙ කතා ගොඩාක් තියෙනවා, සුබ පැතුම්....!

    ReplyDelete
    Replies
    1. සුමිත් තව ජාති ගොඩක් තියෙනවා...හිකිස්

      Delete

  32. වෙනි
    හැමදාම කියවන මුත් කොමෙන්ට් කරන්නේ අද පලවෙනි වතාවට . අර ලොකු මොකක්දෝ එකක් ඕනේ කියු පොඩි එකාගේ කතාවෙන් පස්සේ කියෙව්වා හොඳම කතාව.
    දැනට තුන් සැරයක් කියෙව්වා . සිතුවිලි ගොඩක් කලඹලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජේපී..කමෙන්ට් එකක් දමපු නිසා ඔබගේ පැත්තටත් එබිකම් කරලා එන්න පුළුවන් උනා..

      Delete
  33. මල්ශාලාවක එම්බාම් කරන හින්දා වෙන්න ඇති මාළු කපද්දී බලාන හිටියේ. බඩවියත රැකගන්න මිනිස්සු කරන දේවල් දිහා බැලුවම මේවා නම්බුකාර රස්සාවල්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ක්සැන්ඩර්..අපිට කරන්න බැරි තරමේ අසීරු ඒත් ගරු කටයුතු රස්සාවක්...

      Delete
  34. මොකටද අර බෙහෙත් බිවුවේ ලියන්නෝ

    ReplyDelete
    Replies
    1. බොලා වගේ පොඩි එවුන්ට ඔව්වා තේරෙන්නෙ නෑ ඩිලා..තව අවුරුදු 20කින් විතර කියන්නම් !

      Delete
  35. වෙනීගේ ඇති සුපිරි ලිවීමේ හැකියාව කියවන අය උඩු යටිකුරු කරන්නට නම් සමත් බව නොකියාම බැරිය...

    ReplyDelete