ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, February 27, 2013

Don't Disturb - කරදර කලොත් බලාගෙනයි !




http://live.prokhorenko.us/2009_06_01_archive.html

"උඹ කිව්වට  බං ඔව්වා කරන්න බයයි.  මාට්ටු උනොත් එහෙම වසලා හමාරයි"

"කොහෙ මාට්ටු වෙන්නද බං උඹලට සල්ලි නැද්ද ඔය ලොකු හෝටලේකට යන්ඩ ?"

"සල්ලි නම් අවුලක් නෑ.  අරයා දැනටමත් මොනාට හරි සැක කරලයි ඉන්නෙ ආව ගිය තැන් ගැන හරියට ප්‍රශ්ණ අහනවා ගිහින් ආවහම"

"හරි ඉතින් උඹේ කැරැට්ටුවත් එච්චරම හොඳ නෑනෙ"

"හරි බං ඒ ඒ කාලෙනෙ..දැන් බැඳලා හින්දා බෑ"

"බැඳලා කියලා වෙනසක් නෑ බං උඹ ඔච්චර සීරියස් වෙන්ඩ යන්ඩ එපා"

"ඔය බැඳපු එව්වන්ගෙ පවුල් කඩන්නෙ නැතුව හිටහන්"

අපේ සෙට් එකේ යාළුවො දෙන්නගේ කතාව අහන් ඉඳලා අහන් ඉඳලා මං අන්තිමේ කතාවට හොම්බ දැම්මා. අතීතයේ කරපු කොටු පැනිල්ල ගැන කියවා කියවා හිටිය අපි පහු ගිය කාලෙ බැන්ඳ සබා ට සෙට් වෙච්ච එකක් ගැනයි කතා කර කර හිටියෙ..ඌට ආසයි බයයි සීන් එකක් තියෙන්නෙ. පේරා සබාගෙ බය නැති කරන්ඩ දඟලනවා. 

"බය නම් නිකං හිටහන් . උඹ බයෙන් බයෙන් කරන්න යන එක ගෙදරට මාට්ටු වෙනවා අනිවාර්‍යෙන්ම "

මං සබාට අන්තිම අවවාදෙ දුන්නා.

"උඹ ඕක ස්ටාර් (Star) හෝටලේකට අරන් ගිහින් ඩෝන්ට් ඩිස්ටර්බ්  (Dont Disturb) බෝඩ් එක දාගෙන කාමරේ හිටහන් ආයි මොන යකෙක්වත් උඹලට ඩිස්ටර්බ් කරන්න එන්නෙ නෑ"

මට හිනා ගියේ බකස් ගාලා..

"ඇයි උඹ හිනා වෙන්නෙ ?"

"අනේ ඔය බෝඩ් කෙයාර් (care) කරන්නෙ කවුද බන් මේ ලංකාවෙ ? "

"උඹ හිතන්නෙ එහෙමද ?"

"ඇයි උඹ හිතන්නෙ වෙන විදියකටද ?"

හැමදාමත් මගේ මතයට විරුද්ධ මතයක් දරන පේරා මගෙන් ඇහුවෙ උපහාසයට වගේ.. උපහාසයට වගේ කියලා එක පාරටම හිතුනට එහෙම නෑ ඒ උගේ හැටි..අපි දෙන්නගේ විරුද්ධ මතයන් අපි දෙන්නා දරා ගෙන හිටියට ඒක අපේ මිතුරුකමට කවදාවත් බාධාවක් උනේ නෑ.

"එහෙනම් මචන් උඹලා දන්නෙ නෑ ඔය බෝඩ් එකේ වටිනාකම සිරාවටම"

"ඇත්තටම දන්නෙ නෑ පේරා කියපන්කො"

ඒ ගමන සබා බොහොම කුතුහලෙන් ඇහුවා.

ඕනිම හෝටලේක දොරේ එල්ලන්න ඔය බෝඩ් එක තියෙනවා දැකලා තියෙනවා උනත් එච්චරටම ඔය ගැන සීරියස් වට මමත් කවදාවත් හිතලා තිබ්බෙ නෑ.

"ලංකාවෙ කොහොම කෙරෙනවද  මන්දා පිටරටවල් වල නම් මේ බෝඩ් එක හෝලි (Holy)  බෝඩ් එකක් විදියට සලකන්නෙ. මේ බෝඩ් එක දාලා තිබ්බොත් ආයි පොලීසිය හැර කිසිම කෙනෙක් ඩිස්ටර්බ් (disturb)  කරන්නෙ නෑ"

"එහෙමද ?"

"අහපන්කො මේ කතාව මේක උනේ මම අහලා තියෙන විදියට වියානා වල..."

අපි දෙන්නත් පේරාගෙ ලෝක සංචාරවල දැනුමින් එන කතාවකට ඇහුන්කන් දෙන්න කන් හතරම ඒ පැත්තට යොමු කලා.

"හස්බන්ඩ් ( Husband )වියානා වල සංචාරයකට ගිහින් ඉන්න අතරෙදි එයාගෙ වයිෆ්ට (Wife) ඕනි උනා මෙසේජ් (message) එකක් දෙන්න. අද වගේ මොබයිල් ෆෝන් නැති එච්චර ෆේමස් නැති කාලෙ එයා කලේ හස්බන්ඩා නැවතිලා හිටි හෝටලේ රිසෙප්සන් (Reception)  එකට පණිවිඩයක් තිබ්බා. ඊට ටික වෙලාවකට පස්සෙ එයා ආයි කථා කලාහෝටලේ රිසෙප්සන් එකට"

"මිනිහට පණිවිඩේ ලැබිලා ?"

අපි දෙන්නම කතාවට පොඩි සප් එකක් දුන්නෙ හිස් වෙච්ච වීදුරු දෙක ආයි පුරවා ගන්න ගමන්මයි...

"රිසෙප්සන් එකෙන් කීවා සොරි මැඩම් මහත්තයගෙ කාමරේ ඩෝන්ට් ඩිස්ටර්බ් කියලා බෝඩ් එක දාලා තියෙන්නෙ ඒ නිසා අපිට පණිවිඩේ දෙන්න විදියක් නෑ කියලා"

"සිංහලෙන්ද කීවෙ ?"

"නෑ !@@#$%^&&***(&* එකෙන්.."

"හරි හරි උඹ කියහන් බන් ඔය කතාව !"

සබා ආයිමත් පේරව නිව්වා..මොන වැදගත් කතාවක් ගියත් ඕකට මොනා හරි උදැල්ලක් නොදැම්මොත් ඉතින් අපිටත් නින්ද යන්නෙම නෑ..මේක මට එන්නෙ උත්පත්තියෙන්ම වෙන්න ඕනි.

"ඔහොම දවස් දෙකක් යනකම්ම මෙසේජ් තියපු වයිෆ් අන්තිමේ පොලීසියත් එක්කම හෝටලේට ආවා. එතකොටත් මිනිහා කාමරේ ඩෝන්ට් ඩිස්ටර්බ් බෝඩ් එක දාගෙන හිටියෙ. පොලීසියෙන් කාමරෙ ඇරියා"

"මිනිහා මාට්ටු උනා වෙන කෙනෙක් එක්ක ඉඳලා ???"

මටත් ඉවසන්නම බැරි තැන ඇහුවා,

"නෑ බන් මිනිහා කාමරේම මැරිලා වැටිලා හිටියා.."

"හරි දැන් ඔය කට වහ ගනින් ඕකට මැස්සො රිංගයි"

"මිනිහා මැරිලා තියෙන්නෙ හාට් ඇටෑක් එකකින්..දවස් දෙකකට කලින්. 
වයිෆ් හෝටලේට නඩුවක් දැම්මා තමන් මුලින්ම හෝටලේට කථා කරපු දවසේ කාමරේ ඇරලා බැලුව නම් තමන්ගේ සුවාමිපුරුෂයා අදටත් ජීවත් වෙනවා කියලා"

"ඇත්තනෙ බන් හෝටලෙ උන්ගෙ වැරැද්ද නිසයි මිනිහා මැරුනෙ ගෑණිට හොඳ වන්දියක් ගන්න පුළුවන් වෙන්න ඇති.."

ඒ සැරේ මැදට පැන්නෙ සබා,

"නෑ අධිකරණය තීරණය කලේ ඩෝන්ට් ඩිස්ටර්බ් බෝඩ් එකට ගරු කරපු හෝටලෙ නිවැරදියි කියලයි.."

අපේ ලංකාවෙ මේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද සහ නීති පරිචයේ මේ වගේ දේවල් වෙලා තියෙනවද කියන එක නම් මම නොදනිමි. නමුත් අපේ දේශකයා දැන් බ්ලොග් වර්ජනය අතෑරලා නම් අහ ගන්න පුළුවන්. 


එහෙම නැත්නම් ඔහොම හෝටල් වලට ගිය අයත් දන්නවා ඇති..


අපේ සුහද හමුවේ කතාව  කොහොම පටන් ගත්තත් අන්තිමේ ඉවර වෙන කොට සබා තීරණය කරලා තිබ්බා  බඳින්න කලින් ගත කරපු තමන්ගේ සල්ලාල ජීවිතේ නැවත පටන් ගන්නෙ නෑ කියලා. උගේ ජීවිතේ අකුරක් නෑරම දැනන් හිටි කීප දෙනාගෙන් දෙන්නෙක් වෙච්ච මමයි පේරයි දෙන්නම ඒකට සුබ පැතුවෙ බොක්කෙන්මයි..

බඳින්න ඉස්සර වෙලා කොහොම හිටියත් බැන්ඳට පස්සෙ වෙන්න ඕනි මෙහෙම තමයි සත්තකින්ම !

51 comments:

  1. අවංකවම පිළිපදින්න පුළුවන්නම් ඉතාම හොඳයි

    ReplyDelete
    Replies
    1. අවංකෙන්ම කීවොත් මට නම් බෑ..ටික කාලයක් පිලිපදියි..ඒ උනාට කවුරුහරි එහෙම කරන්න යනවා නම් බොක්කෙන්ම සප් !

      Delete
  2. [hi="yellow"].......//මොන වැදගත් කතාවක් ගියත් ඕකට මොනා හරි උදැල්ලක් නොදැම්මොත් ඉතින් අපිටත් නින්ද යන්නෙම නෑ..මේක මට එන්නෙ උත්පත්තියෙන්ම වෙන්න ඕනි.//..........[/hi]

    අෆ්ෆට සිරි. මෙන්න මගේ ලෙඩේ මූටත්!!

    ඕකනේ නිසි වයස ආවම දෙමවුපියෝ කියන්නේ "දැන් තැන්පත් වෙන්න කාලේ හරි" කියලා. කොයි දේ කොලත් කසාදෙන් පස්සේ නිවුන්නැත්නම් ඉතිං උසාවි ගානේ තමයි. ළමයින්ටත් පාරේ බැහැලා යන්න නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. කෝ අප්පා මං දාපු චන්දන?

      Delete
    2. තැන්පත් වෙන්න කාලෙ හරි තමයි කියලා නොවැ කියන්නෙ..
      ඕන් හැදුවා සෙටිංග්ස් ටික..දැන් දාන්න !

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. කෝ මේ වැඩ දාන උන් ටික.... වරෙල්ලා.............


      [card="blue"][co="yellow"]දාපල්ලා......[/co][/card]

      Delete
  3. මම මේ හිතුව වෙනියා කොටුවක් වත් පනින්න හදනවද කියලා.

    ReplyDelete
    Replies
    1. මන් වගේ බෝ පැලයක් ඔව්වා කොරයිද අයිලාස් ? බොරුනම් අහලා බලන්න..එක්කො එපා කාගෙන්වත් අහන්න මට ලෝකයා විශ්වාස නෑ අප්පා !

      Delete
  4. ඒක තමයි....!

    අර ජනතාවගේ මුදලින් රට සවාරි ගහන්න ගිය ලංකාවෙ ඇමතියෙක්ටත් ඔය ඩූ නොට් ඩිස්ටර්බ් කියන බෝඩ් එක නිසා දවස් දෙකක් බඩගින්නෙ ඉන්න වෙච්ච කතාවක් තිබුනනේ...

    ඒක උනේ මෙන්න මෙහෙම.....!

    හද්ද ගොඩේ බයියෙක් වෙලා හිටපු අපේ ඇමති තුමාත් ජහ මනයාගේ කරපිටෙන් කොහොම හරි පාර්ලිමේන්තුවට ගියා කියමුකෝ....!

    ඔන්න ඉතින් මන්ත්‍රී කම ලැබිලා වැඩි දවසක් යන්න කලින් අර වැඩමුළු, මේ වැඩමුළු කියලා බොරුවට නම ගහපු පිට රට විනෝද චාරිකාවක් යන්න පොරට සෙට් වෙලා....!

    ඉස් ඉස්සෙල්ලාම ප්ලේන් එකක කාරිය ගිහිල්ලා එහෙම ඒ රටේ ගොඩ බහිනකොට ගොඩක් රෑ වෙලා. කලින්ම මේ කට්ටිය වෙනුවෙන් ජහ මනයාගේ මුදලින් වෙන් කරලා තිබිච්ච හෝටලේකට සෙට් එක ගිහිල්ලා නැවතිලා. පහුවෙනිදා උදේ කට්ටිය උදේට කන්න යනකොට අපේ කතා නායක මන්ත්‍රී තුමා නෑ. දවල්ට කන්න කට්ටිය සෙට් වෙනකොටත් නෑ. ඔහොම ඔහොම දෙවෙනි දවසෙදිත් පොර ගැන කිසිම හාවක් හූවක් නැති නිසා බයවෙච්ච අනිත් මගෝඩිස් තුමාල සෙට් එක ගිහින් පොරගේ කාමරේට තට්ටු කරනවලු ඒත් දොර අරින්නෙ නෑළු.

    ඔන්න පස්සෙ හෝටලේ ක්ලීනින් බෝයි කෙනෙක්ට කියලා දොර ඇර ගෙන ඇතුලට ගිහිල්ලා බලනකොට අපේ කතානායක මන්ත්‍රී තුමා ඉන්නවළු හාමතේ හෙම්බත් වෙලා....

    "ඇයි මගෝඩිස් තුමෝ එළියට ආවෙ නැත්තෙ.... ඇයි දොර ඇරියෙ නැත්තෙ....?" කියලා අහපුවාම.....

    "කොහොමද ඕයි දොර අරින්නෙ......! ඒකේ 'Do not disturb' කියලා බෝඩ් එකක් ගහලා තියෙනවානේ..." කියලා කිව්වළු......

    ReplyDelete
    Replies
    1. යකෝ මේ දෙශපාලයා ඉන්ගිරිසි නං දන්න එකෙක්..

      Delete
    2. ඒකනෙ දුමී මලයා මෙච්චර කතා තියා ගෙන අරෙහෙ කට කහන එක වේලෙනවා !

      Delete
  5. akm malli man html weda karanna hadhannam. oyaage link eken kiyawalaa heta Thursday hadhannam. mata dhen pc ekak nae.
    weni

    ReplyDelete
    Replies
    1. [ma][hi="yellow"][co="red"]හොඳායි.....[/co][/hi][/ma]

      Delete
  6. ජීවිතේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මාතලන්..ඒත් විහින් විඳවන්න යනවා නම් ඇයි අපි ඕකට වල කපන්නෙ ?

      Delete
  7. ඕක කියද්දි මතක් උණේ.. මේ ඊයෙ පෙරේදා කසාද බැඳපු මගෙ යාළුවෙක් කිව්වා දඹුල්ල විල් උයන හොටෙල් එකට ගිහින් උදේට ටී එකවත් ලැබුන්නෑ කියලා. බලද්දි මුන් දෙන්නා ඩෝන්ට් ඩිස්ටර්බ් බෝර්ඩ් එක දාගෙන ඉඳලා තියෙන්නේ. ඒ නිසා ඉතින් හොටෙල් එකෙන් ඩිස්ටුර්බ් කරලා නෑ. තව ටිකෙන් බ්‍රෙක්ෆස්ට් එකත් නැතිවෙනවා.. :D

    ReplyDelete
    Replies
    1. ඕහ්..අර හෝටලේ විස්තර තියෙන පොතේ තියෙනවා ඔය වෙලාවල්..එහෙම නැත්නම් රිසෙප්ෂන් එකෙන් ඔය වෙලාවල් අහගෙන ගියහම වැඩේ මග ඇරෙන්නෙ නෑ..

      Delete
  8. බොඩ් එකේ කතාව නං සිරියස්ම මට වැදුනෙත් අද තමා...

    ReplyDelete
    Replies
    1. මන් දැනන් හිටියෙත් නෑ කාලයක්ම නලින්...

      Delete
  9. අවසාන නිගමනය හා එකඟයි..

    ReplyDelete
    Replies
    1. හා හා..හොඳයි හොඳයි ! එහෙමනෙ වෙන්න ඕනි..

      Delete
  10. මොකක්ද බං අද ජාත්‍යන්තර කො‍ටු පැනීමේ දිනේවත්ද? අර මාරයත් දාලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. එහෙව් එකක් වත් තියේ නම් කොයිතරම් නම් හොඳද නේ ?!

      Delete
  11. මදැයි හදිස්සියකට නිදාගන්ටත් බයයි දැන් ඔය බෝඩ් දාලා.:)

    ReplyDelete
    Replies
    1. හිකිස් ! එහෙම වෙන්නෙ නෑ හැම වෙලාවෙම පොඩ්ඩි..බය නොවී නිදා ගන්න ඔය බෝඩ් එක එල්ලලා..

      Delete
  12. මෙහේ කට්ටියකට පිස්සු හැදිලා වෙනියත් මෙන්න ලියනවා කො‍ටු කතාවක් ඒ අස්සෙ.. මේ හොඳට ඉන්න අපිටත් පිස්සු හදන්න..

    ReplyDelete
    Replies
    1. ආ ඔව් ඔව් මාත් ඒ පිස්සු පෝස්ට් ටික කියෙව්වා..ඒකෙත් එක රටාවක් තියේ සරත් අයියෙ !

      Delete
  13. මගෙත් හොඳම යාලුවෙක් බැඳල වෙඩින් එක ඉවර වෙලා හනිමූන් රූම් එකට උන් දෙන්නව දාලා ඔය කියන බෝඩ් කෑල්ල අපි එලියෙන් එල්ලල ගියා. මුන් දෙන්න කෑම පරක්කු හින්ද දොර අරල බලනකොට හොටෙල් එකෙන් ලිවුමක් තියල ගිහින් "ඩූ නොට් ඩිස්ටර්බ් හින්ද කරදර කරේ නෑ. ඩිනර් ගන්න බුෆේ එකට එන්න" කියල. ඒක දකිද්දි 11ට විතර ඇති. මොකද හැරෙන තැපෑලෙක් අපිට කෝල් කරල බැන්න

    ReplyDelete
    Replies
    1. අපොයි අර ජෝඩුවට වඩා හිතලා තියෙන්නෙ යාළුවො සෙට් එකනෙ එහෙනම් ! පව් අප්පා දෙන්නා බඩගින්නෙ නිදා ගන්න ඇති එහෙනම්...

      Delete
  14. මොකක්ද මේ වෙන්නේ ඈ? දකින දකින තැන කට්ටි කට්ටි සෙට් වෙලා..

    ReplyDelete
    Replies
    1. මම ඉතින් ඔය හැම කට්ටියෙම ඉන්නවා !

      Delete
  15. හෝටලේ තීරණය හරි කියලම කියන්න බෑ..දවස් දෙකක් මනුස්සයෙක් කාමරේට වෙලා හාවක් හූවක් නැතිව තියෙද්දි උඩ බලාන හිටපු එක වැරදියි..

    කොටු පැනිල්ල ගැන නම් මොනවත් කියන්න නෑ අප්පා..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ නම් ඊට වඩා හොයනවා මයෙ හිතේ..ඔය පිට රටවල් වල එච්චරම කෙනෙක් තව කෙනෙක් ගැන හොයන්නෙ බලන්නෙ නැතුවානෙ..

      Delete
  16. වෙනී අයියත් මේ දවස්වල ඩෝන්ට් ඩිස්ටර්බ් බෝඩ් එකක් හොයනව කියල ආරංචියි.

    ReplyDelete
    Replies
    1. තියෙන වැඩ කන්දරාවෙ හැටියට නම් එහෙම වෙන්න ඕනි ප්‍රසා මලයා..

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. අපි කාලයක් කොටු පැන්නා පොලවේ කොටු ඇඳලා වලන් කටු කෑලි කොටුව ඇතුලට දාලා.

    ReplyDelete
    Replies
    1. අසර් එහෙනම් පොඩි කාලෙ එහෙමයි කොටු පැනලා තියෙන්නෙ..අපි අඹ ඇටෙයක් ගත්තෙ බට්ටා පනිනවා කියලත් කීවා..

      Delete
  19. මමත් අපේ ගෙදර එකක් හයි කරන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඈහ් ! ඒ මොකෝ සුජියා මේ දවස් වල වැඩ අධිකද ?

      Delete
  20. අපිට නම් ඕවායේ අත්දැකීම් නැහැ නොවෑ.අයියලා කියන ඒවා තමා අහලා අනාගතේ ක්‍රියාත්මක කරන්න ඕන :D

    ReplyDelete
    Replies
    1. අප්පේ මෙව්වා අහලා නිශාන් මලයා මොකින් මොකක් කර ගනෙද මන්දා අනාගතේ !?

      Delete
  21. :D මාත් කොටු පැනලා තියෙනවා! හැබැයි පොඩි කාලේ :D

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් පනින්නෙ නැත්ද සාබිත් මලයා ?

      Delete
  22. කතාව ඇත්ත. ලංකාවේ සමාජය ඔය ඩොන්ට් ඩිස්ටර්බ් බෝඩ් එකට කලින් ඉදලම ඒ වගේ බෝඩ් ගහගෙන හිටියා නෙව ඈත අතීතයේ ඉදලම. ඒවා ගැන කියන් ඕනද කියල අහන්න වෙනවා. මොකද අපි දන්න දේවල්.. බෝවෙන රෝගයක් හැදුනම ගෙයි දොරකඩ ළග කොහොඹ අත්ත එල්ලනවා. හාමිනේ මහත්තයගේ රස විදින කොට මොකක්ද එකක් තියනව නේද අනිත් පැත්ත හරවලා. ඒකත් ඩෝන්ට් ඩිස්ටර්බ් කියලා..

    ලොකු හෝටල් හුගක් ඒවයේ එහෙම තමා වෙන්නේ. මොකද ඒවත් පාලනය වෙන්නේ පිටරට වල නිලධාරීන් අතින් අපේ උං වැඩ කරාට. ඉතාම හදිසී නම් ඇර බාධා කරන්නේ නෑ.. හැබැයි හොද හෝටලේක උනත් එහෙම ගහල තියෙනව දැක්කොත් මටත් හිතෙන්නේ එතන මක්කවත් නෙමෙයි බඩුම තමා කියල. ඒක හැටියක්. නමුත් වැදගත් තැනක ඩෝන්ට් ඩිස්ටර්බ් කියන්නේ ඊට එහා ගිය දෙයක්. සමහර විට පොතක් කියවනව වෙන්නත් පුළුවන්.

    හරි ඒවා ඇත්තෙයි කියමුකෝ මොකෝ වෙනියෝ මේ දේශකයාව අමාරුවේ දාන්න නීති ගෙනැල්ල තියෙන්නේ.. අඩේ මම දන්න එකම නීතිය තමා ලයිසොන් එක ගන්න පාඩං කොරපු ටික.. හැක්...

    ReplyDelete
    Replies
    1. අපි නම් ඔය බෝඩ් එක දැක්කහම හිතන්නෙම හරි ඇතුලේ බඩුම තමයි කියලයි ! චික් වල් හිත ! ඒත් ඇතුලෙ ඉඳන් පොතක් කියවනවා වෙන්නත් පුළුවන්..
      නෑ ඉතින් දේශකයා පහු ගිය කාලෙ දුක් නොදී කොටු පැන්න සීන් එකක් ලියලා තිබ්බා නොවෙද ? මන් හිතුවා ඉතින් ඔය නීති දන්නවා ඇති කියලා ?

      Delete
  23. ඩෝන්ට් ඩිස්ටර්බ් බෝඩ් එක කාමරේ ඇතුල් පැත්තේ තියනව දැකපු අලුත් රූම් බෝයි කෙනෙක් කාමරෙන් එළියට යන්නෙ නැතුව දොර ලඟ බලං හිටිය කියන කථාවකුත් මාතලන්ද කොහෙද ලියල තිබ්බ..

    ReplyDelete
    Replies
    1. ඔව් තිසා මාතලන් ට ඉතින් ඔය සම්බන්ධ කතාන්දර ගොඩක් ඇති. මොකද ඉතින් සංචාරක ක්ෂේත්‍රයෙනෙ !

      Delete