ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Tuesday, February 19, 2013
ඇට්ටර මගෝඩියෝ...
පින්තූරෙ ගත්තෙ..
http://www.amazingposts.com/2011/08/are-you-bully.html
පොඩි ඇටව් කාලෙ...හරි හරි පැටව් කාලෙ තමයි.. නැත්නම් කීප දෙනෙක්ම ඕකෙ අක්ෂර වින්යාසෙ හරි ගස්සන්න දඟලයි කතන්දරෙ කියවලා රස විඳින එක පැත්තකින් තියලා..
ඉතින් පොඩි පැටව් කාලෙ..ඒ කිව්වෙ අවුරුදු 6 යේ 7 ඉඳලා අවුරුදු 16 විතර වෙන කන්..ගමේ අපි තරම් හොඳ, ගුණ යහපත්, ආදර්ශමත් කොල්ලො රැලක් නොහිටිය බව මේ බ්ලොග් එකේ පරණ කතා කියවපු හැම කෙනෙක්ම දන්නවනෙ.. ආන්න ඒ කාලෙ වෙච්ච නැත්නම් සුපේශල හිතකාමී අපි බොහොම වැර වීරියෙන් කරපු හපන් කම් ටිකක් තමයි මේ කියන්න යන්නෙත්...
අපි හිතනවා මෑත කාලෙ තමයි මේ ඉස්කෝලවලට අළුතින් ළමෝ ආවහම සහ කැම්පස් එකේ අළුත් බැච් එකක් ආවහම තමයි පට්ට විදියට රැග් එක දෙන්නෙ කියලා.. අද වෙනකොට නම් බලෙන්ම ඔය කියන රැග් එක කැම්පස් එකෙන් නම් සෑහෙන්න පලවලා හැරලා නිසා..සහ ඉස්කෝලවලත් රැග් නිසා වෙච්ච අමිහිරි අත්දැකීම් නිසා එව්වා නැත්තටම නැති වෙලා ගිහින් වගේ තියෙනවා.. ඔව්වයෙ මුල් පටන් ගැන්ම කවදා කොහොම උනාද කියන එකට කතන්දර අනන්තවත් තියෙනවා උනත්..80 දශකයේ මුල් කාලෙ මේ සිද්ධි ටිකට දෙන්න පුළුවන් අර්ථකතනයක් රැග් එක ඇතුලෙ තියෙනවා කියලා හිටිහිච්ච නිසයි කතාවෙ පඳුරු තලන කොට ඔය රැග් එක ගැන කෑලි ටිකක් එළියට විසි උනේ..
ඔය කාලෙ අපේ ගමේ පදිංචියට ආවා එක පවුලක්..අපේ වයසෙම කොල්ලා අපි සංක කියමු..අවුරුදු 4කට විතර බාල මල්ලි කපිල..ඒ ගොල්ලන්ගෙ අම්මට තව බබෙක් හම්බ වෙන්න හිටියෙ..ඔය කාලෙ.. ඒ ගොල්ලන්ගෙ තාත්තා වැඩ කරපු ඔෆිස් එකෙන් අපේ ළඟ ටවුමෙ ඔෆිස් එකකට මාරු වීමක් ඇවිත්..ඒ ගොල්ලන්ගෙ මහ ගෙවල් අතෑරලා රැකියාව නිසාම මෙහෙ පදිංචියට එන්න උනා..ඒ ගොල්ලො ඇවිත් නතර උනේ අපේ ගෙවල් ළඟම තිබුනු ගෙදරක කුලියට..ඒ එක්කම සංකයි කපිලයි ළඟම ඉස්කෝලෙට දැම්මා..අපි ගියේ මේ ඉස්කෝලෙ නෙවෙයි ගමේම තිබ්බ ඉස්කෝලෙ..
මේ ගොල්ලො ඉස්සෙල්ලා හිටියෙ අගනුවරට කිට්ටුව සහ මේ අය ගිහින් තිබ්බෙ ලොකු ලොකු ඉස්කෝල වලට සහ ඒ ගොල්ලො හිටපු පරිසරය ටවුන් එක නිසා අපේ ගමේ බයියන්ට ගම ගැන තිබ්බ දැනුම ගෑවිලාවත් නොතිබිච්ච ටවුමෙ පියරු බාබාලා දෙන්නෙක් මේ දෙන්නා..ඔය කිව්වෙ ඒ ගොල්ලො ආපුම කාලෙ..
මේ ගොල්ලො ඇවිත් දවස් දෙක තුනක් යනකම් ඒ ගොල්ලොන්ටම උරුම වෙච්ච අපිට මැජික් වෙච්ච සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කර කර ඉඳලා..හෙමිහිට හෙමිහිට අපි එක්ක අර පොල් පිත්තෙන් කපපු බැට් එකෙන් රබර් බෝලෙන් එහෙම නැත්නම් ආර්පිකෝ බම්පි බම්පි බෝලෙන් අපිත් එක්ක ක්‍රිකට් ගහන්න සෙට් වෙන කාලෙ වෙන කොට...
ඔය කාලෙ ක්‍රිකට් වල තමයි අර බෝලෙ කැලේකට ගියොත් ආයි හම්බ වෙනකම්ම ලකුණු දුවන්න පුළුවන්.. ගස් වල , වහලේ දිගේ රූටලා එන බෝල ගස් කැච් වලටත් ගහන එකා අවුට් කරන්න පුළුවන්.. බෝලෙ තනි අතින් කැච් එකක් ඇල්ලුවොත් මුළු පිලම අවුට් කරන්න පුළුවන් ක්‍රිකට් ගහපු කාලෙ තමයි ඔය කියන්නෙ..
ඉතින් අපි සෙට් එක මුලින්ම කලේ,
ගහන්න බෝලයක් නැතුව ඉන්නක කොට.. ඊට ඉස්සර දවසක නැති වෙච්ච බෝලයක් හොය හොයා හිටියා..එතකොට අපේ සංකගේ අම්මා ඇවිත්,
"පුතාලා මේ අපේ පුතාල දෙන්නවත් ගන්නකො ඔය ගොල්ලන්ගෙ බෝල සෙල්ලමට"
"හා නැන්දෙ"
අපි එක හඬින් කිව්වා..ඔය වන ලන්දෙ අපි දැන් හැම තැනම බෝලෙ හොයනවා..
"සංක ඔය මල්ලිත් එක්ක අන්න අර පඳුරු ටික ඈත් මෑත් කරලා බලන්න..සමහර විට ඒ හරියෙ ඇති බෝලෙ.."
එහෙම උපදෙස් දුන්නෙ අපේ කණ්ඩායමේ හිටිය සුනිල්..
අපි හිනා තද කර ගෙන ඉද්දි..දෙන්නම අර පඳුරු ටික අතින් එහා මෙහා කර කර...කකුලින් පඳුරු ටික තල තලා..බෝලෙ හොයනවා...
අපිත් දැක්කෙ නෑ වගේ අපේ පාඩුවෙ බෝලෙ හොයනවා..විනඩි පහක් ගියේ නෑ..කපිල අත පය කස කසා අඬනවා..සංකත් ඒ සෙතේමයි..දෙන්නම අපිව දාලා ගෙදර දිව්වා..
කවදාවත් උනේ මොකද්ද කියලා නො අහපු සංකගේ අම්මා පහු ගිය දවසෙ දෙන්නවම අපේ සෙල්ලමට එව්වෙ..ඒ ගොල්ලො අතේ ගෙදර හදපු කෑම ජාතිත් එක්කමයි..එහ්ටකොටත් ඒ ගොල්ලන්ගෙ අත පය රතු වෙලා ගෙඩි ගැහිලා තිබ්බා,
මොකද දන්න අය දන්නවා කහඹිලියා පඳුරක් ඇඟේ ගෑවුනහම කසන කැසිල්ල..
මේ දෙන්නටම ඊට පස්සෙ දවසක කවුරු හරි කියලා අර තුත්තිරි ගස් වල කොලයක් අරන ඇඟිලි දෙකට තියලා හයියෙන් අල්ලලා ඇද්දහම අත කොළ පාට වෙනවා කියලා.. ඇත්තටම වෙන්නෙ තුත්තිරි කොළය හරිම තියුණුයි..ඒකට අත කැපෙන්නෙ හරියට අළුත් බ්ලේඩ් තලේකට වගෙයි.. දෙන්නම ටික දවසක් යනකම් බත් කෑවෙ හැන්දෙන්..
අපි මුල කාලෙ හැංගිමුත්තම් කරන්න ගමේම තියෙන තේ වතු වලයි රබර් වතු වලයි රිංග ගෙන හැංගෙන කොට.. අපි එක දවසක් කපිලවයි සංකවයි හැංගුවෙ අර මානා එහෙම නැත්නම් පොඩිසිංඤොමරං කියන අකුලක් අස්සෙ.. ටික වෙලාවකින් මෙන්න දෙන්නම එනවා මුළු ඇඟම කහ කහ.. ඒ මානං ගස් වල මල් ඇඟට වැටුනහම ඇඟ කසන ගතියක් වගේම අර මානා කොලවලට අත පය කැපිලා සීරෙන ගතියක් තිබ්බා..
හැබැයි එක සැරයකින් පස්සෙ මේ ගොල්ලො මේ ගස් කොලන් ගැන දැන ගත්තා..ඊට පස්සෙ අහු උනේ නම් නෑ..
රබර් වතු වල රබර් ඇට වැටෙන කාල වලට කපිලගෙයි සංකගෙයි විතරක් නෙවෙයි අපෙත් ඇඟ හමතැනම පිච්චිච්ච කැලැල් තිබුනා..හැබැයි මේ දෙන්නා මුලින්ම මේ අත්දැකීම ලබා ගත්තේ නම් අපේ ගමෙන්ම තමයි.. රබර් ඇටයක් අරන් ගලක අතුල්ලලා අතුල්ලලා ගිණියම් උන හම ඕක ඇඟේ කොහෙ හරි තැනක තියලා අහු නොවෙන්න දුවන එක තරම් ජොලි වැඩක් තිබ්බෙම නෑ අපිට ඒ කාලෙ නම්...
අළුත් අවුරුදු කාලෙ එනකොට කොයි ගෙදරද කැවුම් නොහදන්නෙ ? ටවුමට හුරුවෙලා හිටපු මේ අය ගෙදර කේක් හදන කොට අපෙ ගෙවල් වල අය හැදුවෙ කැවුම්.. මුන් කැවුම් වඩන කොට ඕකෙ මැදට සැර කොච්චි කරලක් දාලා හදලා කපිට කවලා අපි හිනා උන තරම අදටත් මතකයි..
අන්තිමට වගේ මට මතක හැටියට...අපි කපිලලා ලවුවා කර ගත්ත මජිරිම වැඩේ තමා...
ගමේ ගොඩේ හක්කලන් කරන අපිට ගමේ රහසක් නොවිච්ච දෙයක් තිබ්බෙම නෑ..
කුඹුකෙ ගෙදර කුසුමෙ නැන්දගෙයි බැද්ද පාළුවෙ සමරෙ මාමගෙයි තිබ්බ මුකුළුව අපි දැනන් හිටියෙ ඕක කුසුමෙ නැන්දා බැඳලා හිටි මාමට ඔය හොරේ අහුවෙලා සමරේ මාමා උදළු පාරකුත් කාලා දුවන්ඩ අවුරුදු ගානකට ඉස්සර..
දවසක හැන්දෑ ජාමෙ සමරෙ මාමා සරමක් කෙටි කරගෙන හොර මීයා වගේ අපි බෝල ගහ ගහ හිටි තැනින් ඇදෙන කොටම අපි දන්නවා ඉතින් ඉතුරු කතන්දරේ..
අපිත් ටික වෙලාව්කින් බෝල ගහන සෙල්ලම නවත්තලා හැංගි මුත්තන් කරන්න පටන් ගත්තා.. එක එක්කෙනා ගම පුරාම හැංගිලා හොයන කෙනා අහු වෙන අහුවෙන කෙනා එක්ක අනිත් අයව හොයන එක තමා කරන්නෙ..
අපේ සුනිලා අහු උනා අපි තව දෙන්නෙක් එක්කම..කපිල අහු උන නිසා..
අපි තුන් දෙනා දැන් අනිත් අයව හොයනවා..
කුසුමෙ නැන්දගෙ ගෙවල් පේන මානෙට ආපු ගමන් සුනිල් කලේ..
"කපිල සුවර් එකටම අජියයි, කළුවයි කුසුමෙ නැන්දගෙ ගෙදර හැංගිලා ඇති.. අර දිරත් අඩ්වල් කරලා තියෙන්නෙ..
උඹ දොර ඇරන් ඇතුලට පලයන්..අපි කුස්සිය පැත්තෙන් එන්නම්"
කපිල අඩවල් කර ගෙන තිබ්බ දොරත් ඇරගෙන
"අඩෝ අජියෝ..අහු උනෝ..."
කියලා කෑ ගහ ගෙන ඇතුලට දුවගෙන ගිය පාරටම ආයි රිංගපු දොරින්ම එළියට ඇවිත් ආපහු ගෙදර දුවලා තිබ්බා..
අපි දැක්කෙ කුස්සියේ දොරින් ඊ ගහක වේගෙන සරමත් අතින් අරන් එහා පැත්තෙ තිබ්බ කැලේට දිව්වා සමරේ මාමව..
මුලින්ම මුකුත්ම දැක්කෙ නෑ කියලා දහ අතේ දිවුරපු කපිල පස්සෙ දැකපු එව්වා අතින් දාලා විස්තර කලේ..අපිත් එක්ක හොඳටම ෆිට් වෙච්ච කාලෙක..
දැන් මේක කියෙව්ව අය හිතනවා නම්
යකෝ මුන් වගේ පට්ට පඳුරු මගෝඩි ටිකක් පොඩි කාලෙ කියලා..
ඔව් නේන්නම්...
කියලා හිනා වෙනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නම් නෑ මට ඕන්..
කපිල සහ සංක අදටත් කලාතුරකින් උනත් සෙට් වෙන දවසකට කියන්නෙම,
"අනේ තොපිලා අපි ගමට ආවහම දීපු රැගක්"
කියලා මයි...
ඉතින් ඒ කාලෙ රැග් තිබ්බෙ නෑ කියලා කියන්ඩ පුළුවන් කාටද ?
රැග් කියන්නෙ RAG = Royal Academic Game ලු..
Subscribe to:
Post Comments (Atom)
mama 1 da :D
ReplyDeleteඅපි පොඩි කාලෙත් මේ වගේම මගෝඩි වැඩක් කළා මතකයි සුද්ද පැටියෙකුට. ඌ මහ සුද්දා එක්ක ලංකාවෙ නතර වෙලා හිටියෙ. ප්‍රොජෙක්ට් එකක වැඩ මහ සුද්දා. පැටිය සුද්දා අපිත් එක්ක හවසට ක්‍රිකට් ගහන්න සෙට් උනා. පොරත් මේ වගේම කහම්බිලිය ගාලක් අස්සෙ රිංගව්වේ. පස්සෙ ඌ මුලු රෑම බාත්ටබ් එකක බැහැල ඉඳල. උගේ මගෝඩි වෙඩත් කෙළවරක් නෑ.
Deleteඇනෝ එක නේන්නම් !
Deleteඅපොයි අර සුදු පැටියාට ලංකාව එපා නොවෙච්ච එකම මදැයි..
"යකෝ මුන් වගේ පට්ට පඳුරු මගෝඩි ටිකක් පොඩි කාලෙ කියලා.."
ReplyDeleteපොඩි කාලේ විතරද එහෙම ?
දැන් නම් ඉතින් රාමා උදේ හවා වදින්න පුළුහන් බෝ ගස් මෙව්වා කොටින්ම කිව්වොත් !
Deleteයකෝ ඇට්ටර රැග් නොවැ අරුන් දෙන්නට කන්න දීල තියෙන්නේ ...:p
ReplyDeleteඔව් බන් ඒත් අදටත් අපි සෙට් එක උන් දෙන්නත් එක්ක මාර ජොලියෙන් කතා කරන්නෙ ඒ කාලෙ ගැන..අද කාලෙ තරුණයො වගේ ඔව්ව ජීවිත කාලෙම තියන් ඉඳලා පැසෝලා පැසෝලා ගහ මරා ගන්න ගියේ නෑ..ඒකයි වෙනස !
Deleteපට්ට ආතල්. ඉස්කෝලේ යන කාලේ නම් අපිත් ඔය වගේ වැඩ නම් කළා අලුතෙන් ආපු උන්ට. පස්සේ ගොඩක්ම හිතවත් උනේ ඒ යම තමයි.
ReplyDeleteඔව් ඇපල්...ඇත්තටම කියනවනම් වැඩියෙන්ම ෆිට් උනේ උන්ද කොහෙද..අපිට රැග් කරපු උන් තමයි පස්සෙ අපිට මොනා හරි කරදරයක් වෙච්ච ගමන් බොක්ක පත්තු වෙලා දුව ගෙන එන්නෙ..
Deleteමගෝ ඩිගො ඩයි
ReplyDelete:-D
Deleteහාපෝ... ඔය වගේ රැග් නම් අපිත් දුන්නා තමයි... ඕවා ඉකිං දැන් මේ දෙන අඬු කැඩෙන රැග් වගේයැ..... හැබැයි ඒ අම්මට නම් තෑගි දෙන්න ඕනේ.. ඒ අම්මා පරල උනානම් ඉතිං අද රස කර කර ඔය වෙග් කතා කියන්න තරම් යාලුවෝ වෙන්නේ නෑ නේ කට්ටිය....
ReplyDeleteඋන් දෙන්නා දුන්නේ නැද්ද අනිත් කට්ටියට රැග් ඉතිං.. හි හි
ඔව් හිරු ඒ අම්මලත් අද කාලෙ තරම්ම ලද බොළඳ නම් නෑ..හරිම පරිනතයි..ළමයින්ගෙ වැඩ ළමයින්ගෙ ඇහින්ම දැක්කා මිසක්...
Deleteහෆොයි පස්සෙ උන් දෙන්නා තමයි අපේ සෙට් එකේ මරිසි වැඩ ගොඩක් ලීඩ් කලේ !
කහබිලියා ගෑවුනාම අහන්නත් දෙයක්ද ? අපේ අයියා කාරයා එක පාරක් කොළු රෑනක් එක්ක බට කපන්න ( සරුංගල් හදන්න ) ගිහින් කහබිලියා ගාහෙන කස කසා ගෙදර දුවන් ආපු හැටි මට දැන් මැවිලා පෙනුනා..හි හි හී
ReplyDeleteඉස්සර අපිත් තේ වත්තේ පල්ලි ගියාම රබර් ඇට අහුලාගෙන ඇවිත් ඔය වගේම ගලක අතුල්ලලා අත්වල තියලා දුවනවා...මේවා නම් ඉතින් මගෝඩි වැඩම තමා :D
ඔව් ලිහිණි ඒත් හම්බ උනොත් කහඹිලියා ටිකක් ගා ගෙන බලන්න..එතකොට තමයි තේරෙන්නෙ ඒකෙ තරම.. පොල්තෙල් ටිකක් ගෑවහම වේදනාව කැසිල්ල අඩු වෙනවා !
Deleteහොඳ ආදර්ශයක් දුන්නේ :)
ReplyDeleteඔව් නිශාන් මලය කරලා බලන්න ..විශේෂෙන් ඔය කහඹිලියා ටිකක් එහෙම පිටේ ගා ගෙන බලන්නකෝ !
Deleteඔය ඉතිං ටිකයි... කොල්ලන්ව පොඩිසිංඥමරං අකුල්වලට යවලා එයින් පස්සේ වෙනි වැල් අයියාත් ඒ පදුරු අස්සේ රිංගපු හරිය ලියන එකක් නැහැ මයෙ හිතේ.. :D
ReplyDeleteචික් මලයා බොට මොනා හරි රහසක් රකින්නයි කියලා කියපු පුද්ගලික දේවල් මෙහෙම ප්‍රසිද්ධියේ කියනවැයි ? :-D
Deleteඒ කාලෙ අපි සේරම එක වයසෙ බන් ..
ඕවා තමයි බන් අපිව ජීවත් කරවන්නේ. අද ඉන්න උන්ට කොහෙද ජීවිතයක්. උන්ගේ ජීවිත් අහිමි කරලා වැඩිහිටියෝ...
ReplyDeleteඔව් මාතලන් ඒක නම් ඇත්ත..ඒ මතකය..ඒ අත්දැකීම්..
Deleteහි හි මරු කතාව...ඒත් පවු නැද්ද අලුත් දෙන්නා?
ReplyDeleteපව් නම් තමා..ඒත් ඒ කාලෙ අපිටවත් උන් දෙන්නටවත් එහෙම නොහිතුන එක තමා පුදුම !
Deleteරැග් නෙමේ උන්ව ගානට ගමේ ජීවිතයට හැඩගස්සවලා කියලයි මටනම් හිතුනෙ.. කැම්පස්වල ඉන්න උන්ටත් මේ වගේ බුද්ධිමත්ව රැග් කරන්න පුලුවන්නම් ඒක හරිම වැදගත් පාඩමක් වෙයි නවකයන්ට..
ReplyDeleteඔව් සෙන්නා ඇත්තටම එහෙමත් උනා..කපිලයි සංකයි ඒ දේවල් ඒ මට්ටමෙන් තමයි ගත්තෙ... පස්සෙ අපි කහඹිලියා ගෑවුනහම පොල් තෙල් ගාන්න.. වගේ ප්‍රතිකර්ම කියලා දුන්නා !
Deleteපැහැදිලි ඉරිසියාව උඹලගේ.
ReplyDeleteඉතින් ඩොටේ එකා නගරෙට ගියාම ඕකෙ අනිත් පැත්ත වෙන එකෙත් වරදක් කියන්න බෑනේ? :D
අනේ නෑ හෙන් රි ඉරිසියාව කියන්නෙ මොකද්ද කියලවත් නොදැන හිටි ජොලියටම කරපු වැඩ ඔව්වා.. උන් එකෙන්ම අපි එක්ක බොක්කටම සෙට් උනා මිසක් තරහක් උනේ නම් නෑ...
Deleteමෙව්ව දකින ගමේ හැදිච්චි නැති අනූ ගණං වල අපේ පොඩි එවුන් ටිකට මොනවා හිතෙනවා ඇත්ද...ඔය හැම දිරච්ච ලණුවම අපේ පොඩි කාලෙත් අපේ ගමේ හරි හරියට තිබ්බා. තව එක්ක තිබ්බා මහපට ඇගිල්ලෙන් තද කරල 100 සැරයක් නලල ඇතිල්ලුවහම මොලේ පෑදෙනවා කියල. මගේ යාලුවෙක් ඉන්නවා මිනිහගේ තාම ඒ පිච්චිච්ච කැලල තියනවා. ඒත් මිනිහට මොලේ පෑදිලා නැති බව දැන ගත්තේ මිනිහ කසාද බදින්න තීරණය කලා කියල දැන ගත්ත දවසේ.
ReplyDeleteඅම්මපා සහතික ඇත්ත..ඔව් නියපොත්ත තියලා සිය සැරයක් නලලේ ඇතිල්ලුවහම මොලේ පෑදෙනවා කියලයි අපි කිව්වෙත්..
Deleteඅපිට අන්තයිනේ කරලා තියෙන වැඩ හෙහ් හෙහ්.
ReplyDeleteඔව් මල්ලි නසරානි වැඩ කොයි කාලෙටත් කොයි කොල්ලටත් පොදුයි...
Deleteහැහ්...
ReplyDelete//යකෝ මුන් වගේ පට්ට පඳුරු මගෝඩි ටිකක් පොඩි කාලෙ
දැනටත් එච්චරයි නේ??????
අනේ නෑ තරියා දැන් නම් බෝ ගස්...
Deleteවෙනි අයියා කොරල තියන වැඩ.. අපි නම් ඔව්ව කොරේ නෑ. :)
ReplyDeleteඅර රබර් ඇටේ සීන් එකට අපි ගන්නේ පරණ ටෝච් බල්බ් එකක්. එකේ ඊයම් ඩොට් එක බිම අතුල්ලලා ඇඟේ තිබ්බම අහ ගන්න පුළුවන් අමු හිංගල බාසාව.
ලස්සන අතීතයක් අයියේ. අහන කොටත් ලෝබ හිතෙනවා. ඔය වගේ දේවල් නිසා වෙන්න ඇති අපි හැමෝම ඒ කාලයට කැමති..
ඔව් චන්දන ඒ කාලෙ එච්චර ටෝච් බල්බ් තිබ්බෙ නෑ.. රබර් ඇට තමයි ...
Deleteඅනේ අනේ.. ඒ කාලේ ආයෙත් එනවා නම්..
ReplyDeleteසිතින් විතරයි බන් ඒ කාලෙ දැන් ජීවත් වෙන්න පුළුවන්...දුකයි !
Deleteඔය ලියන්නේ මේ දැන් ඉන්න ලියන්නා ගැනමද කියලා හිතනකොට පුදුමත් හිතෙනවා...:D
ReplyDeleteහිකිස්...ඌම නේන්නම් මේ ඉන්නෙත්..බෝ පැලෙයක් වගේ දැන්නම් !
Deleteඅර හොරෙන් ගෙට රිංගන එකත් ගම් වල ජයට කෙරුන වැඩක්.. මං හිතන්නෙ සද්ද නැතුව ඔහොම වෙන ඒවා ගත්තම නගර ගම්වලට පරාදයි.. අපූරුව කියන්නෙ ඔවුවා ඒතරම් බරපතල විදිහට නොගෙන අර පවුල්වල මිනිස්සු ඒ ගෑනුන් එක්කම ඔහේ දීග කාපු එකයි..
ReplyDeleteඔව් සරත් අයියෙ..හරියට තිබ්බා..ඒත් එව්වා අද කාලෙ වගේ දික්කසාද දක්වා දුර ගියේ නෑ.. අර සිද්ධියෙත් සමරෙ මාමා පස්සෙ පහු කාලෙක ඒ ගෙදරට ආයේ යන්න එන්න ගත්තා..කුසුමෙ නැන්දගෙ මාමගෙ හොඳම යාළුවෙක් උනා පහු කාලෙ ඒ මාමා අසනීප උනාට පස්සෙ..පොසි පොඩි සම්බන්ධකම් තිබ්බට මනුස්සකම් එක්ක එව්වා ලිහිලා ගිහින් අමුතු ආදරනීය සමබන්ධකම් වලට පෙරලුනා අපි දෑහිනම දැක්කා..අද කාලෙ නම් මිනීමැරුමකින් නෙ ඉවර වෙන්නෙ !
Deleteඅඩේ පොඩි කාලෙ ගැනනම් කතා කරල වැඩක් නෑ...
ReplyDeleteඒ උනාට කතා කරන්න තරම් දේවල් ගොඩක් තියෙන්නෙත් ඒ කාලෙම තමයි...
Deleteයකෝ මු මිනිහෙකුට හොරෙං ගෙදරකටවත් රිංගන්න දීල නෑනෙ.
ReplyDeleteඒ කාලෙනං වෙනී අයිය නියම ඇට්ටර මගෝඩියෙක් තමයි.
ඉතින් මන් විතරක්යෑ ? අපේ සෙට් එකම එහෙමයි.. එහෙම කරපු එව්වා වෙන්ඩෑ මේ මෙහෙම පල දෙන්නෙ නම් ප්‍රසා මල්ලි !
Deleteටික මගේ හඳවතට වැදුණා.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
මේ මොකද්ද ඇනෝ මේ ? ටියුබ් ලයිට්..
Deleteඅර ගෙට රිංගපු කේස් එක මන් හිතන්නේ :D
Delete//මුලින්ම මුකුත්ම දැක්කෙ නෑ කියලා දහ අතේ දිවුරපු කපිල පස්සෙ දැකපු එව්වා අතින් දාලා විස්තර කලේ..අපිත් එක්ක හොඳටම ෆිට් වෙච්ච කාලෙක//
ReplyDeleteඇත්තටම මොකක් ද බන් ඌ දැකලා තිබුනේ?
දෙන්නා එක පොදියට....
Deleteඅනේ අම්මපා මේ අයිලාස් ගොයියටත් තියෙන ප්‍රශ්ණ... තව පොඩ්ඩෙන් කියවෙනවා ... කතන්දරේම.. :-D
හපොයි මටත් ඔය රැග් කන ගතිය තිබුණා ඉස්සර ගමට ගියාම. හැබැයි ඔයවගේ නෙවෙයි. හැබැයි අරූ පොඩි කාලෙම ෆ්‍රී බ්ලු එකක් බලල. පට්ට ලක් කාරයා බොල මට වැදුනේ නැහැනේ ඔහොම චාන්ස් එකක්.
ReplyDeleteඔව් බන් අපි ඩබල් එව්වා ලයිව් බැලුවා හරියට ඒ කාලෙ..
Deleteදැන් ඉන්න උන් කහඹිළියා අදුන්නනෙ නෑ . අර රබර් ඇටේ අතුල්ලපු සෙල්ලම මරු නේද වෙනියො
ReplyDeleteඒක නම් ඇත්ත.. තාම මතකයි රබර් ඇටේට පිච්චෙන දැවිල්ල..
Deleteහරිම අපූරු ළමා කාලයක්.. :) දැන් කාලෙ අම්මලා ඔහොම ළමයින්ව සෙල්ලම් කරන්න යවනවා කියන්නෙ හීනයක්. උන්ට පංති යන්න මිසක් ගමේ ඉන්නෙ මොන මොන ළමයිද කියලා අඳුනගන්න වෙලාවක් කොහෙද...
ReplyDeleteඔව් අද අධ්‍යාපන තරඟෙයක්නෙ තියෙන්නෙ ඒකයි හේතුව !
Deleteඔහ්හ් මරු අෆ්ෆා මටත් මතක් උනා අපි පොඩ්ඩෝ කාලේ කරපු විකාර වැඩ ..
ReplyDeleteඉතින් කියන්ඩකො කියාගන්ඩ බැරි වෙන්ඩ විදියක් නෑ නොවැ !
Delete